4 කොටස

115 14 2
                                    

ජිවිතේ තව තව අමාරු වුනා මං තව ලොකු වෙද්දී... 17..එයාට 19.... එයා අාදරේ කරනවා ලොකෙටම පේන්න....
මං එයාට අාදරේ කරනවා ලොකෙටම හොරෙන්...

"කුක්කෝ!!!!! මට බඩගිනි නේ... "

"මටත් හලෝ... "

"අැන්ටි මැණික මං ඉල්ලුවොත් දෙයි... "

"හුම් හුම්.. එක්කෝ අපි දෙන්නව ඉපදුනු වෙලාවේ මාරු වෙලා... බලහන්කෝ බෙට්ටියේ... අපේ අම්මා තවුසෙට අාඩලේ... මට, නෙමෙයි... "

"එ්වට තමා බබා පින කියන්නේ... "

එදා මම එයාලගේ ගෙදර ගියේ පාඩම් කරන්න...  අපිට ඒ ලෙවල් උත් ලඟ නිසා...එයා හිටියේ කාමරේට වෙලා...මම එයාගේ කාමරේ ගාවින් යද්දි ඇහුණා එයා කාත් එක්ක හරි කථා කරනවා...අනිවාරෙන් එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්. නැත්නම් වෙන කාටද එයා එච්චර අාදරෙන් කතා කරන්නේ...මොකෝ මේ ගේ අැතුලෙ ඉන්න අැන්ටි එක්ක ෆෝන් එකෙන් කතා කරන්න මෙයාට පිස්සු නෑනේ.. මම ඇහුන්නෑ වගේ කුස්සියට ගියා...

අැන්ටි මට අයියගේ තේක ගිහින් දෙන්නලු... දෙයියනේ! අැයි මම ම?
යකු එ මිනිහා ලගින් ගියත් මට, ඔරවනවා!

අයි.. අයියේ?

එයා හැරුනා... ෆක්... එයා උඩට අැදලා නැ.... මගේ හිත ඩීජේ දැම්මා...ඉතින් දැන් තමයි මට කුනුහරුප මතක් වෙන්නේ... මං එයා ටී එක ඉන්නැතුව ඉඳලා තියනවා ඕන තරම් දැකල තියෙනවා නේ...  ඇයි අද මේ ...

මේ..මට ..ඔයාගේ තේක...ඇන්ටි මට...ඔයාගෙ..

කියනවා ගොතනොගහා!

තේක අැන්ටි දෙන්න කිව්වා ඔයාට!

මොකා?

දැනුන ලැජ්ජාවට මං පැනපු ගමන් එයාගේ තේක මේස උඩින් තිබ්බා... එතකොටයි දැක්කේ... එයා මෙච්චර වෙලා ඉදලා තියෙන්නේ වීඩියෝ කෝල් එහෙක! එයාගේ නෝනාහාමු මං දිහා පිච්චිලා යන බැල්මක් දාන් ඉන්නවා!
මං අාපු බයට අායිත් වත්තටම දිව්වා!

මට 19....එයාට 21...එයා පාර්ට්ටයිම් ජොබ් එකක් හොයාගෙන... කැම්පස් යන නිසා... මාත් a/l නිසා හිර වෙලා... මං හිටියේ යුහන්සා ගේ ගෙදර පාඩම් කරන්න නැවතිලා...එකපාරටම රෑ පාඩම් කරද්දි කෝල් එකක් අාවා සෙනංශා ගෙන්... අයියා අැක්සිඩන්ට් වෙලා...







අළු හෝ ශේෂ නොව දැවෙනා සේ කපුරූ
දුටුවද සඵල නොමවේ ස්වප්නය නපුරූ
ඉඳහිට ගිලිහුනද දෙනෙතින් බොල් රුහිරූ
අවපස කුසට තිර උරුමය ඝන අඳුරූ

රිසි සේ සරන නෙක බැමි නොතකනා සිත
රසමුසු මතක සිහිකර තළුමරන  සිත
රහසින් හඬා නිරතුරු විඳවනා සිත
නවතිනු මහන්සියි මට දැන් කුරිරු සිත

සිහිනෙන් සුසුම් දියකර කඳුලැලි අතර
අතොරක් නොමැති සිතුවිලි සිහි වෙයි නිතර
සිටියත් සහස් ගව්වක් මතෙකින් එතෙර
සැනසුම ක්ෂිතිජයකි වසනා තුරු සසර

_ lilly_

සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now