ෂොක්ජින්ට හුස්ම ගන්නත් අමතක උනා කුමාරයාගේ ඇස්වල තිබුන බැල්මට.. කුමාරයා සොක්ජින්ගේ රෝස පාට පිරුණු තොල් දිහාත් කදුලු පටලෙකින් දිලිසෙන කලු පාට ඇස් දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා.. ඒත් මොකක්ද මතක් උනා වගේ ඔහු නැගිට්ටා..
"ආයිශ්.. නැගිටින්න... මං විහිලුවක් කලේ.."
"කුමරුනී.."
සොක්ජින් කීවේ කුමාරයාගේ විහිලු නිසා තව පොඩ්ඩෙන් හදවත නවතින්න වගේ උන නිසා බොරු තරහක් අරගෙන.. තරහකට වඩා එය මැසිවිල්ලක්..
එක්වරම පොත්ගුලේ දොරට ගහන සද්දෙට දෙදෙනාම ඒ පැත්ත බැලුවේ ඉබේමයි..
"ගුරුතුමනී, රාජකීය විමර්ශන සෙබලුන් මෙහි පැමිනිලා.."
කුමරුගේ පාලකතුමා සොක්ජින්ගේ කනට කරලා කියනකොට කුමරු දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේ මොකුත් හිතා ගන්න බැරිව..
"කුමරුනී.. ඔබතුමා මට ඇත්ත කියන්න.. දැන් මොකක්ද කලේ?"
"කීපදෙනෙක්ගේ හිස කදින් වෙන් කලා.."
"කුමරුනී..."
සොක්ජින් වගේම පාලකතුමාත් එක් වරම කීවේ කුමරුගේ මේ වචන නිසා ඔහු කරදරයක් කර ගනී කියන බයට...
"මෙන්න මේ කඩුවෙන්.."
ඔහු තම කඩුවේ මුවහත දිගේ සෙමින් ඇගිල්ල යවන විට ඔහුගේ ඇගිල්ල කැපි තලය මත ලේ බිදු ගලා ගියා..
"කුමරුනී.. ඔබට පිස්සුද?"
සොක්ජින් ඉක්මනටම කඩුව ඔහු අතට අරගෙන බිමට විසි කර තම සක්කුවෙන් ගත් සුදු පැහැ සේද ලේන්සුවෙන් කුමරුගේ තුවාලය බැන්දා..
"සොක්ජින්.. කවදා වෙනකම් ඔබ මාව රැකගන්නද?"
"ඔබතුමාට තවදුරටත් මාව ඕනී නැති දවසක් එනකම්.."
ඒ එක්කම කඩා වැදුන විමර්ශන නිලධාරීන් කුමරුව ඔහුගේ මාලිගයේම හිර අඩස්සියට දමන ලෙස කෙරුනු ආඥාව කියවා ඔහුව මාලිගයට රැගෙන ගියා..
ඒ අතර සොක්ජින් තම පියා හමුවීමට ඔහුගේ කාර්යාලයට ඉක්මනීන් දිව ගියා..
"පියානනී.. කුමාරයා.."
සොක්ජින් ගේ කතාවට අගමැති කිම් ආයෙත් පුටුවට වැටුනා..
"මේක අනිවාර්යයෙන්ම පාක් ඇමතිගේ පාර්ශ්වයේ කුමන්ත්‍රණයක්.. ඔබ බය වෙන්න එපා මා එය බලාගන්නම්..."
සොක්ජින්ගේ පියාට අවශ්‍ය උනේ කොහොමහරි මින් කුමරුව ඔටුන්නට පත් කිරිම.. ඊට ඔහූ ඕනෑම දෙයක් කරන්න සුදානමින් සිටියා..
වෙහෙසකර දිනයකට පසු සොක්ජින් සෙමින් රාත්‍රියේ පහන් එලි මැදින් ඇවිදගෙන ගියේ එයත් හන්සොන්ග්ත් හමුවෙන පොකුන ලගට..
ලස්සනට හද පායලා.. සොක්ජින් අහස දිහා බලලා වතුරට වැටි ඇති එහි ඡායාව දිහා බලාගෙන ලග තිබුන ගලක් උඩ ඉදගත්තා..
පොකුන වටේට තියන චෙරි ගස් පිසගෙන ආව හුලගත් එක්ක ඔහුට හුරු පුරුදු හන්සොන්ග් ගේ සුවදත් දැනුනා.. ඇස් දෙක පියාගෙනම ඒ සුවද වින්ද සොක්ජින්ට දැනුනේ තමන්ගේ පිටට කවුරුහරි බර වෙනවා..
මුලින් කලබල උනත් ඒ හුස්ම ගන්න විදිය, බද වටේ යන ඒ අතැගිලි වෙන කාගෙවත් නෙමෙයි හන්සොන්ග් ගේ කියලා දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..
"පොගොෂිප්පායෝ.."
"නාදෝ.."
හන්සොන්ග් සොක්ජින්ගේ පිටට හේත්තු වෙලා කියලා තවත් තද කරලා ඔහුව තුරුල් කරගත්තා..
"යා.. මේ රෑ එලියට ආවේ කොහොමද?"
සොක්ජින් කලබලෙන් ඇහුවත් හන්සොන්ග් බලෙන්ම ආයෙත් තුරුල් උනා..
"ඔයා දන්නවා නේද කිම් ඇමතිතුමාගේ මුනුපුරා?"
"සුහෝ??"
"නේ.. එයාගේ කාමරේ අය හොරෙන් ප්‍රාකාරයෙන් පැනලා ආවා.. ඉතින් මාත් එයාලාට හොරෙන් එතනින් ආවා.. හ්‍යොන්ග් බලන්න.."
"ආහ්හ්හ් චොම්මල්.."
සොක්ජින් ටිකක් තරහෙන් කියලා පිටි පස්සේ හිටිය හන්සොන්ග්ව එයා ඉස්සරහට ඇදලා ගත්තා.. හන්සොන්ග් ඇවිත් සොක්ජින්ගේ කකුල් දෙක උඩින් ඉදගෙන අඩ අදුරේ පේන සොක්ජින්ගේ තරු වගේ ඇස් දිහා බලන් ඉන්නකොට සොක්ජින්ට එයාගේ තරහත් අමතක උනා..
"වේ??"
"අනි.. හ්‍යොන්ග් කලුවරේ උනත් ගොඩක් කඩවසම්.. මට ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ.."
ඒකට ලාවට හිනා වෙලා ඔහු හන්සොන්ග්ගේ කම්මුල චුටි හාදුවක් දුන්නා..
"ඒත් මට නම් මේ ලෝකේ ලස්සනම.. කඩවසම්ම මගේ ආදරනීය හන්සොන්ග්.."
සොක්ජින් හන්සොන්ග්ගේ කම්මුලක් අල්ලගෙන කීවේ ඔහුගේ ඇස් දෙක දිහා බලාගෙන.. හන්සොන්ග් හෙමින් සොක්ජින්ගේ බෙල්ලේ පැත්තකින් අත යවනකොට සොක්ජින්ගේ ඇස් ගැස්සුනේ එයාගේ බෙල්ලෙන් දැනුන සියුම් වේදනාවට.. ඒක දැනුන හන්සොන්ග් ඉක්මනට අත අරන් බැලුවේ ඔහුගේ බෙල්ල දිහා..
"හ්‍යොන්ග්.. මොකද උනේ? ඔයාගේ බෙල්ල තුවාල වෙලා..."
"චින්චා?? දැන් ඔයා අල්ලනකම් මට දැනුනේ නෑ.."
එතකොටයි මතක් උනේ දවල් කුමාරයා ඔහුගේ බෙල්ලට කඩුව තියපු හැටි..
"හ්‍යොන්ග්... කඩු සටන් පුහුණු උනාද?"
"ආහ්හ්හ් නේ.."
ඔහු බොරුවක් කීවේ හන්සොන්ග් බයවෙයි කියලා...
"මීට වඩා පරිස්සම් වෙන්න.."
හන්සොන්ග් එයාගේ සීතල තොල් දෙක සොක්ජින්ගේ බෙල්ලේ තුවාලේ උඩින් තියනකොට සියුම් වේදනාවක් එක්ක ඇග ඇතුලෙන් විදුලියක් යනවා වගේ සොක්ජින්‍ට දැනුනේ...
හන්සොන්ග් එයාගේ පහස වැඩි කරනකොට සොක්ජින්ට ඉබේම සුසුමක් පිට උනා.. ටිකක් වෙලා අඩ අදුරේ හද එලිය යට ගෙවුන රාත්‍රියකට පස්සේ හන්සොන්ග් ආයෙත් හ්වරන්ග් පාසලට යන්න පිටත් උනේ සොක්ජින්ගේ රෝස පාට තොල් රතු වෙනකම් සිපගෙනමයි...
යනකම් හන්සොන්ග්ට තනියම හිනා..
"හන්සොන්ග්.."
සුහෝ ලගට දුවගෙන එනකොට හන්සොන්ග් ගැස්සුනා..
"ඔයා මොකද මෙහේ?"
"මං හ්‍යොන්ග්ලා පස්සෙන් පැනලා ආවා 😁"
ඒ එක්කම සුහෝගේ ඇස් ගියේ හන්සොන්ග්ගේ රතු උන තොල් දෙකත්, හන්බොක් එකට බාගෙට වැසුනු බෙල්ලේ තිබුන රතු පාට සලකුණට.. ඒකට සුහෝට තනියම හිනා..
"ඔයා නම් රෑ හොදට විනෝද වෙලා වගේ.. කාජා.."
සුහෝගේ හිනාවවත් කතාවවත් තේරුම් ගන්න බැරි උන හන්සොන්ග් අමුතු විදියට සුහෝ දිහා බලන ගමන් හ්වරන්ග් පාසලට ගියා...
ඒ අතරේ සොක්ජින් ගියේ කඩ විදියේ කවුරුත් නැති පැත්තකට.. ඔහු වටපිට බලමින් එක් කුඩා වසා දැමු කඩයක් ඇතුලට ගියේ තම කඩුව තදින් අතින් අල්ලගෙනමයි..
"ස්වාමීනී,"
කලු පාටම මූනත් වහගත්ත කෙනෙක් අදුරු මුල්ලක ඉදන් එලියට ආවේ සොක්ජින්ට ආචාර කරන ගමන්.. ඔහු ටිකක් උස හීන්දෑරි පුද්ගලයෙක්..
"මං කියපු වැඩේට මොකද උනේ?"
"ඔබතුමා හිතුවා හරි, ඒ ඝාතනය වෙලා තියෙන්නේ පෙර අගබිසව මරනයට පත්වූ කැරැල්ලේ ප්‍රධානියෙක්.. ඒ වගේම අධිකරණ අමාත්‍යතුමාගෙන් ඒ පුද්ගලයා මීට පෙර මුදල් ලබාගත් බවට සාධක තිබෙනවා.."
ඒක අහපු සොක්ජින්ගේ මූනේ ඇදුනේ ජයග්‍රාහී සිනාවක්..
"සමාවෙන්න ඔබේ සංචාරය නිම වූ වහාම මෙලෙස වෙහෙස කරවන්න වුවාට නම්ජුන්.."
නම්ජුන් සොක්ජින්ගේ සමීපතම සගයෙක් වගේම විස්වාසවන්ත ඔත්තුකරුවෙක්.. නම්ජුන් ඔහුගේ මුහුනු ආවරනය ඉවත් කර වසර ගනනාවකට පසු මුනගැසුනු ඔහුගේ මිතුරාට කම්මුල් වලගැසෙන සිනාවකින් සංග්‍රහ කලා..
"ඔබ හිටියටත් වඩා කඩවසම් වෙලා වගේ.."
ඒකට නම් සොක්ජින්ගේ කම්මුල් දෙකත් රතු උනා..
"සොක්ජින්.. ඔබට තුවාල වෙලා.. "
නම්ජුන් සොක්ජින්ගේ බෙල්ලේ තිබුන කුඩා කැපුම පෙන්නලා කීවා..
"ආහ්හ් ඒක කුමරුගේ සරදමක් නිසා උන දෙයක්.."
නම්ජුන් ඔහු දිහා බැලුවේ මොකුත් හිතාගන්න බැරිව.. ඔවුන් දෙදෙනාම සොක්ජින්ගේ නිවසට යන පාර දිගේ ඇවිදගෙන යන ගමන් සොක්ජින් තුවාල උන විදිය නම්ජුන්ට කීවා..
"හන්සොන්ග් හ්වරන්ග් පාසලට ඇතුල් උනා කියලා ආරංචි උනා.."
"ඔබ කොහොමද ඒක දන්නේ..?"
"සොක්ජින්, හන්සොන්ග්, මින් යුන්ගි මේ කඩවසම් කුමාරවරු තුන්දෙනා ගැන කටකතා හරි ඉක්මනට පැතිරෙනවා..."
දෙන්නාම හිනා වෙවිම නිවසට ආවා.. සොක්ජින් නම්ජුන්ට ඔහුගේ කාමරය පෙන්වා තම කාමරයට ආවා.. ඔහු තම හන්බොක් එක ගලවා ඉවත් කරනකොට දැක්කේ ලා රෝස පාට සේද රෙද්දේ තිබුන රතු පාට සලකුන.. ඔහු එහි සුවද බැලුවා.. ස්ට්‍රෝබෙරි.. හන්සොන්ග් ගේ තොල්.. සොක්ජින්ට තනියම හිනා..
- මතුසම්බන්ධයි -
😉 මං ඉදලා හිටලා මේ වගේ Surprise දෙනවා