ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓

נכתב על ידי Miss_Mint_Choco

52.7K 8.1K 1.2K

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ එකමත් එක අඳුරු රාත්‍රියක, පාලු පාරකදී අහම්බෙන් වගේ කිම් යේරින්ට මුණගැහෙනවා ජොන් ජොන්ග්කුක්... עוד

©️Copyright
💕Teaser💕
💕Episode 01💕
💕Episode 02💕
💕Episode 03💕
💕Episode 04💕
💕Episode 05💕
💕Episode 06💕
💕Episode 07💕
💕Episode 08💕
💕Episode 09💕
💕Episode 10💕
💕Episode 11💕
💕Episode 12💕
💕Episode 13💕
💕Episode 14💕
💕Episode 15💕
💕sᴘᴇᴄɪᴀʟ: 01💕
💕Episode 17💕
💕Episode 18💕
💕Episode 19💕
💕Episode 20💕
💕Episode 21💕
💕Episode 22💕
💕Episode 23💕
💕Episode 24💕
💕Episode 25💕
💕Episode 26💕
💕Episode 27💕
💕Episode 28💕
💕Episode 29💕
💕Episode 30💕
💕Episode 31💕
💕Episode 32💕
💕Episode 33💕
💕Episode 34💕
💕sᴘᴇᴄɪᴀʟ: 02💕
💕Episode 35💕
💕Episode 36💕
💕sᴘᴇᴄɪᴀʟ: 03 ᴘʀᴇᴠɪᴇᴡ💕
💕Episode 37💕
💕Episode 38💕
💕Episode 39💕
💕sᴘᴇᴄɪᴀʟ: 03💕
💕Episode 40 (Last Episode)💕
💕Invitation💕
💕ᴏⁿᵉ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕
💕sᴘᴇᴄɪᴀʟ: 04💕
💕sᵉᶜᵒⁿᵈ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕
💕 Posters 💕
Watt_Cafe Editor's Choice: The Best Books

💕Episode 16💕

871 152 13
נכתב על ידי Miss_Mint_Choco

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 04
sʜᴏᴘᴘɪɴɢ ᴛɪᴍᴇ?
ᴘᴀʀᴛ 01

වේලාව : ෂොපින් ටයිම්?
ස්ථානය : මාර්කට් එක

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

මම Jungkook ව එදා Yoongi ව හම්බෙන්න ආව දවසට පස්සේ ඉඳන් දැක්කේ ම නැහැ. අනික Yoongi ත‍් ගොඩක් සද්ද නැතුව ඉන්න කෙනෙක් නේ. ඉතින් එයත් Jungkook ගැන මොකුත් ම මාත් එක්ක කිව්වේ නැහැ. හැබැයි ඉතින් සමහර වෙලාවට Jungkook ගැන යි මන් ගැන යි විකාර නම් කියවනවා. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ඒවත් නවතිනවා කස්ටමර් ලා එන නිසා.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

ඒ තමයි මගේ නිවාඩු දවස ගොඩ කාලෙකට පස්සෙ. කාළගුණෙත් ගොඩක් හොඳ හින්දා මම පොඩ්ඩක් ඇවිදින්න කියලා එලියට ආවා. අනික ගෙදරින් එලියට වෙලා ඉන්න තියෙනව කියන්නෙ කොච්චර දෙයක් ද? පුදුම ගතියක් දැනුනේ.

මොකක්ද එ ඇහෙන සද්දෙ? ආහ්.. හරි මන් මේ මාර්කට් එක පැත්ත නේ. හ්ම්ම්... කෑම සුවඳ නිකන් නහය විදගෙන යනවා වගේ දැනුනේ. හ්ම්ම්ම්.... මම නිදහසේ ඔක්කොම කෑම සුවඳ වින්දා.

"හලෝ Yerin-ah, ඔයා මොකද මෙහේ කරන්නේ?" කවුරුහරි මගේ උරහිසට තට්ටු කරල ඇහුව. ඒ කටහඩ ආවේ මගේ පිටිපස්සෙන්. මම එ පැත්තට හැරුණ.

"ඔයා!?" වාව්! මම පුදුම උනා.

"ඔව් මම තමයි. ඔයා ගෙදරට බඩු ගන්නද ආවේ?" එයා මගෙන් ඇහුවා. මොකක්? ආහ් ඔව් එයා හිතනවා ඇති මම ගෙදරට බඩු ගන්න ආවා කියලා මොකද මම හිටගෙන හිටියේ හරියට ම මාර්කට් එකට ඇතුලු වෙන තැන නේ.

"ආ! නැහැ Jungkook, මම මේ නිකං ඇවිදින්න ආවා. මම කවදාවත් හිතුවෙ නැහැ මට ඔයාව මෙතැනදී මුණ ගැහෙයි කියලා" මම ඇත්තම කිව්වා.

Jungkook හිනා උනා විතරයි.

"ඒයි පොඩ්ඩක් ඉන්න! ඔයා කොහොමද මගේ නම දන්නේ? මට ඒක ඇහුන විදිහ හරි නේද? ඔයා මට කතා කලේ මගේ නමින් නේ. නේ?" මට එ වෙලාවෙ තමයි මතක් උනේ Jungkook මට කතා කලේ මගේ නම කියලා කියලා.

"ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් ද? ඔයා Jin hyung ව, Yoongi hyung ව Hoseok hyung ව අදුරනවා. මම ඉන්නෙ එයාලත් එක්ක. ඉතින් ඔයාගෙ නම දන්න එක අහන්නත් දෙයක්ද?" හහ්?

Hoseok? එ කවුද ඒ?

"Hoseok කියන්නේ කාටද? මන් එහෙම කෙනෙක් ව අදුරන්නෙ නැහැනේ"

ආ... අන්න එයාගෙ මූණ වෙනස් උනා. "හරි හරි hyung ඔයාව දන්නවා උනාට ඔයා hyung ව දන්නේ නැහැ නේ. ඒක අමතක කරලා දාන්න අනික.."

ඒ කියන්නේ මෙයාල ගෙදරදී මන් ගැන කතා කරනවා ද?

"මේක නම් මාර අවුලක්. ඔයා කියන්නෙ දැන් ඔයාල මන් ගැන කතා කරනවා කියලා ද?" මම කෙලින්ම මූණ ට ම ඇහුවා.

ආපහු මේ jungkook හිනා වෙන්න ගත්තා.

" ඔයා නම් පුදුම අමුතු කෙනෙක් තමයි. ඔයා හිතන්නේ අපි මුළු දවසම ඔයා ගැන කතා කර කර ඉන්නවා කියලද? අපි නිකන් ඔයා ගැන ටිකක් කතා කළා එච්චරයි" එයා කිව්වා. අයියෝ පුදුම ලැජ්ජාවක් තමයි උනේ. ඒ අස්සේ මේ Jungkook මගේ ඔළුවට ඇඟිල්ලකින් ඇන්න. මේ Jungkook නම් පුදුම වදයක්.

Aish....!

හැබැයි මන් හිතන්නේ මමත් ඒකට කැමති උනා. නැත්නම් අැයි මම එයාව නතර කළේ නැත්තේ?

අනේ මන්දා...

"හරි හරි දැන් එකෙන් වැඩක් නැහැ. ඒක නෙවෙයි ඔයා තනියෙන් ද ආවේ?" මම ඇහුවා. ආහ්! මෙයාට මොකද මේ වෙලා තියෙන්නේ? එයා මන් දිහා දිහා බලන් ඉන්න විදිහ මාව නිකන් පිස්සු වට්ටනවා වගේ. එයාගෙ මූණේ තියෙන ඒ පුංචි හිනාව..... ආ..... හ් මේ හිනාව නිසා මම නිකම් කාන්දමක් වගේ එයා ට ඇදිලා යනවා.

මේක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. Yerin-Ah ඔයාව පාළනය කර ගන්න.

ඔව් මට මාව පාළනය කර ගන්න පුළුවන්.

"ඔව් මම තනියම ආවේ" එයා නිකන් ඒක කිව්වේ තනියම ආපු එකට එයා කැමති නැහැ වගේ. මම අැස් කරකවලා බැලුවා.

"ඉතින් ඔයා බඩු අරගෙන ඉවර ද?" මම ඇහුවා. මටත් ඉතින් ඔක්කොම ඕපා දූප හොයන්න ඕනේ උනානේ.

"හ්ම්ම්.... නැහැ ඇත්තටම මන් දන්නේ නැහැ මේ දේවල් කොහොම ගන්නද කියලා. Jin hyung මට ලොකු ලිස්ට් එකක් දුන්නා නේ" ආපහු Jungkook කිව්වේ එයාගෙ දුක හිතෙන කටහඬින්. මට හිනාවකුත් ආවා. එයා බඩු ලිස්ට් එක පෙන්නුවේ නිකන් Jin oppa එයා ට යුද්දෙට එන්න කියලා ලියුමක් ලියලා වගේ. මම එයාගෙ අතින් කොලේ අරන් අනික් පැත්ත හැරුණ. මන් ට්‍රයි කලේ Jin hyung ගෙ ලිස්ට් එක කියවන්න.

අම්මෝ එ අකුරු නම් පුදුම වේගෙකින් ලියලා තියෙන්නේ. මෙලෝ දෙයක් කියව ගන්න බැහැ. මම පුළුවන් තරම් ට්‍රයි කළා කියවන්න.

"මොකක්ද මේ ලියලා තියෙන්නේ? යං... යං... මොකක්ද ඉතුරු ටික?" දෙයියනේ මට දැනුනේ වත් නැහැ මම තනියම කියවලා. අනික මට අමතක උනා Jungkook ත‍් එතැන ඉන්නවා කියලා.

"ඒ යංබෙචු (양배추)" අම්මෝ දෙය්යනේ මන් බය උනා තරමක්. ආහ්! Jungkook එකපාරටම කොලේ ට එබුණා මගේ දකුණු පැත්තෙන් ඔලුව දාලා. ආආආහ්!

"ඔයා බය උනාද?" එයා ඇහුවා... බය උනා? මම? පිස්සු ද? තව ඩිංගෙන් හාර්ට් ඇටෑක් එකක් හැදෙනව.

"අ... මන් දැනගෙන හිටියේ නැහැනේ Jin oppa ගෙ අත් අකුරු මෙච්චර අවුල් කියලා" මම කෙලින්ම මාතෘකාව වෙනස් කළා. "ආ ඔව් Jin hyung ට සනීප නැහැ" Jungkook ලිස්ට් එක තිබ්බ කොලේ මගේ අතින් ගත්ත.

"මොකක්? එයාට සනීප නැහැ? ඒ කොහොමද?" මම ගොඩක් පුදුම උනා. එයා ගොඩක් හොඳ සනීපෙන් හිටියනේ. කොහොමද සනීප නැති උනේ. එයා තමයි එකම කෙනා මට තුවාල උනාම බෙහෙත් කරන්න හිටිය. එයා ට සනීප නැති උනේ කොහොමද?

"මන් හිතන්නේ hyung ගොඩක් වැඩ කරලා වැඩියි. ඒ නිසා තමයි අසනීප වෙලා ඇත්තේ" Jungkook කිව්වේ ගොඩක් දුක හිතෙන විදිහට. හරි එයා දුකින් ඉන්නවා ඇත්තේ තාම එයා ට ජොබ් එකක් හොයා ගන්න බැරි උනා කියල මට Yoongi කිව්වා.

"Yaaaaa.... මෙන්න මෙහෙ එන්න. ඔයා ඔය ලිස්ට් එකේ තියෙන දේවල් අද ගන්නේ නැද්ද?" Jungkook ට තට්ටුවක් දාගෙන ම මම මාර්කට් එක ඇතුලට ගියා එයා වත් පාස් කරගෙන. මට ඕනෙ උනේ එයාගෙ මූඩ් එක චේන්ජ් කරන්න. "ඒ කියන්නේ ඔයා මට උදවු කරනව ද? ඔයාට ෂුවර් ද?" එක පාරටම මගේ මූණට එබිලා ඇහුවා.

ආආආහ්.... මොකද මෙයා මට හැමවෙලේම පිස්සු හදන්නේ? ආ..... හ්! මම හැමවෙලේම මාව පාළනය කර ගන්න ට්‍රයි කරනව. හැබැයි මෙයා හැමවෙලේම මට පිස්සු හදවනවා. ආහ්! කොහොමහරි සාමාන්‍ය විදිහට රිඇක්ට් කරන්න ඕනේ. නැත්නම් මෙයා හිතයි මන් මෙයාට කැමතියි කියලා.

"යනවා යන්න Pabo.... මම මේ ඔයා ට උදවු කරන්නේ Seokjin oppa හින්දා. එයා මට ගොඩක් උදවු කරලා තියෙනවා. අනික ඔයා මොනව අරන් යයි ද දන්නේ නැහැනේ" එයා නිකන් ම මන් කියපු දේට ඔලුව වැනුවා මිසක් කිසිම දෙයක් කිව්වේ නැහැ. හැබැයි පුංචි හුරතල් හිනාවක් නම් කට කොනේ තිබ්බ.

හුරතල්? ආ.... හ් මට නම් දැන් පිස්සු හැදී ගෙන යනවා වගේ.

" ඒක නෙවෙයි අද ඔයා වැඩ කරන දවසක් නෙවෙයි ද? Yoongi hyung අද වැඩට ගියා නේ" එයා ඇහුවා.

"ආ ඔව් අද මට නිවාඩුවක් ගන්න පුළුවන් උනා. හැබැයි මිස්ටර් Yoongi ට නිවාඩු නැහැ. මම කාලෙකින් කිසිම නිවාඩුවක් ගත්තෙ නැහැ. අන්න ඒ නිසා මට අවුලක් නැහැ" අද නම් Yoongi ට ගොඩක් මහන්සි දවසක් වෙන්න ඇති. මමත් නැහැ නේ. දැන් ඉතින් මගේ අගේ තේරෙයි. සමහරවිට ෂොප් එක අයිති කෙනා හරි එයාගෙ දුව Ji Sun හරි හෙල්ප් කරනවා ඇති Yoongi ට.

අපි නිකන්ම ඇවිද්දා. කෝ මේ Jungkook ට කිසිම දෙයක් ගන්න උවමනාවක් නැ වගේ නේ.

"ඔයා ට ඔය කොලේ තියෙන දේවල් කියවන්න පුළුවන් ද? අනේ ඔන්න ඕක කියවලා කියන්නකෝ මොනාද ගන්න ඕනේ කියලා" මම කෙලින්ම Jungkook ට අණ කළා.

"Aye Aye captain" jungkook මට සැලියුට් කරලා කිව්වා. හහ්! මෙයා නම්..... මම නිකන් හිනා උනා විතරයි. දැන් නිකන් අපි දෙන්න හොඳ යාළුවෝ උනා වගේ තමයි දැනුනේ. ඒක නම් ෂෝයි. මොකද ඉතින් මට යාළුවෝ කවුරුත් නැහැ නේ.

හ්ම්ම් ලොකු ලිස්ට් එකක් කිව්වට එහෙම ලොකුවට ගන්න දේවල් නම් Seokjin oppa ලියලා තිබ්බේ නැහැ. ඒ කොලේ තිබ්බේ පොඩි ලිස්ට් එකක්. අම්මෝ අන්තිමේ ලිස්ට් එකේ තිබ්බ අන්තිම දේ ත‍් මම ගත්ත.

ඒත් මේ Jungkook කොහෙද අතරමං උනේ. මන් හැමතැනම එයාව හෙව්වා. එයා මෙතන නේ හිටියේ. මට එයාව හොයා ගන්න බැහැ. අනේ එයා කොහෙද? මම මිනිස්සු අතර අැස් යවලා හැමතැනම බැලුවා. අනේ...... එයා කොහෙවත් නැහැ..... මට ලොකු බයක් දැනුනා. අනේ මම මෙතන තනියම ද?

මට නම් ගොඩක් බයයි.... ගොඩාරියක්...

මගේ දකුණු පැත්තේ ගොඩක් මිනිස්සු ඉන්නවා... අනේ ඒත් එයා නැහැ නේ... මට ගොඩක් බයයි.... මට මතක් උනා මන් පලවෙනි පාරට අතරමං උනා වතාව.

අනේ එයා කොහෙද? කොහොමහරි එයාව හොයාගන්න ඕනෙ.

මට මේ වගේ මිනිස්සු ගොඩක් ඉන්න තැන් වල ඉන්න බැහැ. ඒත්..... මම එයාට උදවු කරන්න ඕනේ නිසා ආවේ....

ආ....... හ් මට ගොඩක් බයයි.

මන් කවදාවත් හිතුවේ නැහැ එයා මාව දාලා යයි කියලා මෙහෙම.

නැ සමහරවිට එයා මෙහෙ කොහේ හරි ඉන්න ඕනේ.

මම අනික් පැත්ත හැරුණ.

අම්මෝ දෙය්යනේ මෙන්න මෙයා මගේ ළඟ.

"අම්මෝ ඔයා මාව බය කළා..." මම මගේ පපුව අල්ල ගත්තා. නිකන් හාර්ට් ඇටෑක් වගේ. ඕඕඕහ්හ්හ්....

"අ... ඔයා හොඳින් ද?" එයා නිකන් මන් ගැන වද වෙනවා වගේ මූඩ් එකකුත් එක්ක වේගෙන් ඇහුවා. "ආආආආහ්හ්හ්.... ඔයා දන්නවද මම කොච්චර බය උනාද කියලා?... මම හිතුවෙ මම අතරමං උනා කියල" මගේ අැස් වලට කදුළු ත‍් ආවා.

"ඔයා කොහොමද එහෙම මාව දාලා ගියේ?" මම එයාට බැනගෙන ගියා.

ඔව්.....,

එයාගෙ වැරද්ද. එයා කොහොමද එහෙම මාව දාලා ගියේ?

⋘⋘↻⋙⋙

ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

ආආහ්... දැන් මන් hyung ලත් එක්ක ඉන්න ඇවිත් සති දෙක තුනක් ම උනා. තාම ඉතින් ජොබ් එකක් හොයනවා. හැබැයි පේන විදියට මම එච්චර ම ලකී නැහැ වගේ..

ඒත් ඒකට කමක් නෑ මම hyung ලත් එක්ක නේ ඉන්නේ

*✲゚*。✧*✲゚*

(අද කතාව)

"Jin hyung, මොකද උනේ? ඔයාට සනීප නැද්ද? ඔයා හොඳින් ද?" පේන විදියට නම් Jin hyung ට අසනීපයි.

Jin hyung ඔලුව වැනුවා.. හැබැයි එයාගෙ අැස් දෙකත් එක්ක මහන්සියෙන් තිබ්බේ කියලා පෙනුනා. "ඔයා මොකුත් කෑවේ නැද්ද? ඔයාට ගොඩක් මහන්සියි වගේ. හරි නේ ඉතින් මේ දවස් ටිකේම ඔයා ගොඩක් නයිට් ඩියුටි කලානේ. ආ.... හ් hyung පොඩ්ඩක් ඉන්නකෝ. මමත් ජොබ් එකක් හොයා ගන්නකං. එතකොට hyung ට පුළුවන් ටිකක් රෙස්ට් කරන්න" මම සීරියස් මූඩ් එකෙන් කිව්වා.

"ආ... හ් මට ටිකක් නිදා ගන්න දෙන්නකෝ. මෙක අඩු වෙයි මම ටිකක් නිදා ගත්තම" hyung එහෙම කිව්වට එයාගෙ වොයිස් එකේ නම් තිබ්බේ පුදුම මහන්සියක්. Hyung නිදා ගන්න අැස් දෙක පියා ගත්තා. මම කෙලින්ම කුස්සියට ගියා.

"yaaaaaa Jungkook-ah!!" අම්මෝ මන් ගැස්සුණා. මොකද මේ Jin hyung හිටි හැටියේ කෑ ගහන්න ගත්තෙ?

"අැයි අැයි අැයි? Hyung?" මම hyung ළඟට ගියා. "Jungkook මට මාර්කට් එකට යන්න තියෙනව... ගෙදර මොකුත් කන්න නැහැ නේද? මට අමතක උනා නේ මේ පාර කලින් බඩු ගෙනත් තියන්න. Yoongi ගාව ත‍් මොකුත්ම නැතුව ඇති" මොකක්?

"මොනාද hyung කියවන්නේ? ඔයා කොහොමද මාර්කට් එකට යන්නෙ? ඔයාට නැගිට ගන්නවත් පණ නැහැ" මම ලොකු හුස්මක් ගත්තා."කියන්නකෝ මොනාද ඕනේ කියලා මම ගිහින් අරන් එන්නම්" දැන් නම් ආපහු Jin hyung පරණ මූඩ් එකට ඇවිත් වගේ." ඕහ්! හරි අපිට ඕනෙ...... මන් හිතන්නේ මට ලිස්ට් එකක් ලියන්න වෙයි වගේ" ඕහ් ඇත්තට? පොඩි දේවල් නෙවෙයි ද ඕනේ? ලිස්ට් එකක් ලියන්න තරම් දේවල් තියෙනව ද? මම Jin hyung ට කොලේකූයි පෑනකුයි දුන්නා." එහෙනම් ඔයා ලියන්න hyung මම වොෂ් එකක් දාගෙන එන්නම්"

මම වොෂ් එකක් දාලා, ෆ්‍රෙෂ් වෙලා ආව. Jin hyung මට ලිස්ට් එක දුන්නා." ඔයා ට මේවා ගන්න පුළුවන් නේ? සුපර් මාකට් එකට නෙවෙයි යන්න ඕනේ හොදේ. නෝමල් මාකට් එකට. පුළුවන් නේද?" Jin hyung ඇහුවා. මට Jin hyung ට බැහැ කියන්න බැරි නිසා මම ඔලුව වැනුවා. ඊටපස්සේ මම ගෙදරින් එලියට ආවා.

මාකට් එක තිබ්බේ මට ඇවිදගෙන යන්න පුළුවන් දුරක. හැමෝම තම තමන්ගේ ජොබ් වලට ගිහින් හිටපු නිසා අද ගෙදර හිටියේ මම යි Jin hyung යි විතරයි. අඩු තරමේ Jimin hyung වත් හිටියා නම් මට තිබ්බ පොඩි හෙල්ප් එකක් ගන්න.

අන්තිමේ මාකට් එකට ආවා.

"හ්ම්ම්ම්.... අර ගෑනු ලමයා? එයාගෙ ඇඳුම.... හරියට නිකන් කවුරු හරි මන් දන්න කෙනෙක් වගේ" මම මගෙන් ම ඇහුවා. ඔව් ඒ කෙනා ගොඩක් හුරුපුරුදු යි වගේ තමා. හැබැයි මට එයාගෙ මූණ පේන්නේ නැහැනේ. හැබැයි මන් දන්නවා මේ නම් ෂුවර් එකටම Kim Yerin තමයි. ඔව් එයා තමයි. අර එදා රෑ ඇඳන් හිටපු ඇඳුම මයි ඇඳන් ඉන්නෙ.

"හලෝ Yerin-ah, ඔයා මොකද මෙහේ කරන්නේ?" මම ගාණක් නැතුවම එයා ට කතා කළා. එයා වේගෙන් මගේ පැත්තට හැරුණ. ඕ.... එදා වගේම එයාගෙ පෙනුම තිබ්බේ. හරිම තියුණු අැස්.

"ඔයා!?" මට පිස්සු හැදිල ද? මට දැනුනේ එයාගෙ වොයිස් එකත් නිකන් අලුත් පණක් ගෙනාවා වගේ. පේන හැටියට මට හොඳ පිස්සුවක් හැදී ගෙන එනවා වගේ.

"ඔව් මම තමයි. ඔයා ගෙදරට බඩු ගන්නද ආවේ?" ආහ්... මේ පාර නම් මම මගේ හිත ලේසියෙන්ම යන්න දෙන්නේ නැහැ කෙල්ලෙක් ට. Yerin ත‍් අරයා වගේ කෙනෙක් නම්..... මන් මොළේ පාවිච්චි කරන්න ඕනේ.

"ආ! නැහැ Jungkook, මම මේ නිකං ඇවිදින්න ආවා. මම කවදාවත් හිතුවෙ නැහැ මට ඔයාව මෙතැනදී මුණ ගැහෙයි කියලා" හැබැයි මේ Yerin නම් අරයා වගේ නෙවෙයි වගේ. අරයා හැමවෙලේම කියුට් දේවල් කරලා මාව එයා ට තවත් ලං කර ගන්න හැදුවේ. හැබැයි Yerin කොයි වෙලේ බැලුවත් බෝම්බ ගහනවා වගේ දේවල් තමයි කියන්නෙ.

"ඒයි පොඩ්ඩක් ඉන්න! ඔයා කොහොමද මගේ නම දන්නේ? මට ඒක ඇහුන විදිහ හරි නේද? ඔයා මට කතා කලේ මගේ නමින් නේ. නේ?" මොකක්? මෙයාගෙ නම? මන් කොහොමද දන්නේ? ආ... හ් හරි හරි මන් hyung ලත් එක්ක ඉන්න ආපු පලවෙනි දවසේ අපි මෙයා ගැන ටිකක් කතා කලානේ.

"ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් ද? ඔයා Jin hyung ව, Yoongi hyung ව Hoseok hyung ව අදුරනවා. මම ඉන්නෙ එයාලත් එක්ක. ඉතින් ඔයාගෙ නම දන්න එක අහන්නත් දෙයක්ද?" මෙයාට නම් පිස්සුද කොහෙද? හැබැයි... එයා හරි... අපි එයා ගැන ටිකක් කතා කළා.

"Hoseok කියන්නේ කාටද? මන් එහෙම කෙනෙක් ව අදුරන්නෙ නැහැනේ" ආ..... Yoongi hyung Hoseok hyung ව Yerin ට introduce කරලා දීලා නැද්ද?

"හරි හරි hyung ඔයාව දන්නවා උනාට ඔයා hyung ව දන්නේ නැහැ නේ. ඒක අමතක කරලා දාන්න අනික" කොහෙද මේ කෙල්ල මැද්දෙන් පනිනවා නේ.

"මේක නම් මාර අවුලක්. ඔයා කියන්නෙ දැන් ඔයාල මන් ගැන කතා කරනවා කියලා ද?" මේ කෙල්ල නම් මාර අමුතුයි. හැමදේම මූණ ට ම අහනවා. මට හිනාවකුත් ගියා.

" ඔයා නම් පුදුම අමුතු කෙනෙක් තමයි. ඔයා හිතන්නේ අපි මුළු දවසම ඔයා ගැන කතා කර කර ඉන්නවා කියලද? අපි නිකන් ඔයා ගැන ටිකක් කතා කළා එච්චරයි" මන් විහිළුවට ත‍් එක්ක එයාගෙ ඔලුවට ඇඟිල්ලකින් ඇන්න. මේ පිස්සු කෙල්ලට නම් හොඳටම පිස්සු. දැන් මට ඒක තේරෙනවා.

"හරි හරි දැන් එකෙන් වැඩක් නැහැ. ඒක නෙවෙයි ඔයා තනියෙන් ද ආවේ?" හා හා හා මෙයා අද මොකක්හරි ප්‍රශ්න පත්තරයක් කියවලා ද ඇවිත් තියෙන්නේ? ප්‍රශ්න අහනවා ඉවරයක් නැහැ නේ.

"ඔව් මම තනියම ආවේ" එපා වෙනවා ඉතින් තනියම මොනා කරන්නද? "ඉතින් ඔයා බඩු අරගෙන ඉවර ද?" මම හරි මෙයා නම් අද මොනා කාලා ද මන්දා. පොලිසියෙන් පැනල වගේ නේ ප්‍රශ්න අහන්නේ. හැබැයි ඉතින් වෙලාවකට එකත් හොඳයි කියලා හිතෙනවා.

"හ්ම්ම්.... නැහැ ඇත්තටම මන් දන්නේ නැහැ මේ දේවල් කොහොම ගන්නද කියලා. Jin hyung මට ලොකු ලිස්ට් එකක් දුන්නා නේ" මට මෙයාගෙන් හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයිද? ආ.... හ් හරි නැහැ නේ එහෙම අහන එක! අපි දෙන්න වැඩිය අදුරන්නෙත් නැහැ නේ. මෙන්න මෙයා මගේ අතේ තිබ්බ බඩු ලිස්ට් එක අරගෙන අනික් පැත්ත හැරුණ? ඒක නිකන්ම ගෙදරට ගේන බඩු ලිස්ට් එකක් විතරයි. මෙයා ඒක නිකං කියවන්නේ ලව් ලෙටර් එකක් වගේ නේ. හැබැයි ඉතින් මෙයා නිකන් හංගලා වගේ කියවන්න හැදුවට මට ඔක්කොම පේනවා මොකද ඉතින් මම මෙයාට වඩා උසයි නේ.

හ්ම්ම්ම් Jin hyung ගෙ ග්‍රැෆික් ඩිසයින් කරපු අකුරු Yerin ට කියවගන්න බැහැ වගේ.

"මධබධපධබමේ ලැනමන චැධේණධ? යං... යං... මකචඡ ඉඔබ ඉඒ?" හා හා හා මට ඇහෙනවා මෙයා අමාරුවෙන් කියවන්න ට්‍රයි එකක් දෙනව. මම එයා ළඟට නැමිලා කොලේ බැලුවා.

"ඒ යංබෙචු (양배추)" එයා පුදුම උනා වගේ. ඒක පාරටම මගේ පැත්තට හැරුණ විදිහට නම් ඒ වගේ තමා. අනික එයා දාගෙන හිටිය දිග පෝනි ටේල් එක මගේ නිකටෙත් වැදුන. ආහ්... ඒක නිකං වේවැල් පාරක් වගේ රිදෙනව.

"ඔයා බය උනාද?" මම නිකන් අහල බැලුව.

"අ... මන් දැනගෙන හිටියේ නැහැනේ Jin oppa ගෙ අත් අකුරු මෙච්චර අවුල් කියලා" මේ මොකද මේ? මෙයා හිතන් ඉන්නේ Jin hyung ඒන්ජල් කෙනෙක් කියලා ද? අැයි Jin hyung ගෙ අකුරු පොඩ්ඩක් කැත උනාම මොනා වෙනවද? අහ්! බැරිවෙලාවත් මෙය Jin hyung ට කැමතියි ද? නැ.... එහෙම වෙන්න බැහැ.... පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕනේ.

"ආ ඔව් Jin hyung ට සනීප නැහැ" මට මෙයාගෙ රිඇක්ෂන් එක බලාගන්න ඕනේ උනා.

"මොකක්? එයාට සනීප නැහැ? ඒ කොහොමද?" හ්ම්ම්ම් ඔව් ඒක නම් හොඳ ප්‍රශ්නයක් තමයි. කොහොමද hyung අසනීප උනේ...?

මේ ඔක්කොම එයා නොකඩවා මහන්සි වෙලා වැඩ කරපු නිසා.

"මන් හිතන්නේ hyung ගොඩක් වැඩ කරලා වැඩියි. ඒ නිසා තමයි අසනීප වෙලා ඇත්තේ" මට මන් ගැනම කලකිරුණ. මමත් ජොබ් එකක් හොයා ගන්න ඕනේ ඉක්මනටම. මම බිම බලාගත්තා. මට Yerin ගෙ මූණ දිහා බලන්නවත් හිතුනේ නැහැ.

"Yaaaaa.... මෙන්න මෙහෙ එන්න. ඔයා ඔය ලිස්ට් එකේ තියෙන දේවල් අද ගන්නේ නැද්ද?" මොකක්? එයා එ මට ගහ ගෙනද ගියේ? හරි එයාට මට උදවු කරන්න ඕනේ වෙලා වගේ.

"ඒ කියන්නේ ඔයා මට උදවු කරනව ද? ඔයාට ෂුවර් ද?" මට දැනුනා අද එයා වෙනස් වගේ එදා රෑ ට වඩා. හරි එදා ඉතින් අපි අදුරන්නෙවත් නැහැනේ. හැබැයි ඉතින් දැන් එය මාව දන්නවා නේ.... ටිකක් විතර......

"යනවා යන්න Pabo.... මම මේ ඔයා ට උදවු කරන්නේ Seokjin oppa හින්දා. එයා මට ගොඩක් උදවු කරලා තියෙනවා. අනික ඔයා මොනව අරන් යයි ද දන්නේ නැහැනේ" අපෝ මේ කෙල්ල කොයි වෙලේත‍් මට informal වලින් මයි කතා කරන්නේ. ආ... හ්... හැබැයි ඒකෙන් මට දැනෙනවා එ එයාගෙ ඇත්තටම ස්වරූපය කියලා. එහෙම නැතුව බොරුවට රඟපානවා නෙවෙයි.. මම ඉතින් ඔලුව වැනුවා.

ආහ්? අද මෙයා වැඩට ගිහින් නැද්ද?

" ඒක නෙවෙයි අද ඔයා වැඩ කරන දවසක් නෙවෙයි ද? Yoongi hyung අද වැඩට ගියා නේ" මම එසැනින් ඇහුවා. මෙයත් එක්ක කතා කරද්දී හරිම නිදහසක් තමයි දැනෙන්නේ. මොකද අපි හරියට ම අදුරන්න නැහැනේ.

"ආ ඔව් අද මට නිවාඩුවක් ගන්න පුළුවන් උනා. හැබැයි මිස්ටර් Yoongi ට නිවාඩු නැහැ. මම කාලෙකින් කිසිම නිවාඩුවක් ගත්තෙ නැහැ. අන්න ඒ නිසා මට අවුලක් නැහැ" Yoongi hyung ත‍් ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා ඇති අද.

හ්ම්ම් අපි නිකන් ඇවිද්දා මාකට් එකේ... මම එයා දිහා බැලුවා.... එයා හරිම සන්සුන් විදිහට තමයි දැන් නම් හිටියේ.... මට නිකන් දැනුනා එයත් මාත් එක්ක එ වෙලාවෙ හිටපු එක හොඳයි කියලා.

"ඔයා ට ඔය කොලේ තියෙන දේවල් කියවන්න පුළුවන් ද? අනේ ඔන්න ඕක කියවලා කියන්නකෝ මොනාද ගන්න ඕනේ කියලා" හා හා හා මෙයා දැන් මට මේ අණ දුන්නා නේද? Yoongi hyung කිව්ව විදිහට නම් මෙයා මට වඩා බාලයි. අැයි මෙයා අඩු තරමේ මට oppa කියලවත් කියන්නේ නැත්තේ? මෙයාට Jin hyung ට නම් oppa කියන්න පුළුවන්.

ඒකත් කමක් නැහැ. මෙහෙම නෝමල් කතා කරද්දී හරි නිදහස්. හරියට යාළුවෝ වගේ? ඔව් අපි දැන් යාළුවෝ වගේ.

"Aye Aye captain" මම එයාට සැලියුට් කළා. එයා නිකන් ෂිප් එකක කැප්ටන් කෙනෙක් වගේ. මගේ සැලියුට් එකට එයා හිනා උනා. ඒක ඇත්තම හිනාවක්. රඟපෑමක් නෙවෙයි.

ඉතින් අපි ලිස්ට් එකේ තිබ්බ දේවල් එකින් එක ගත්ත. එයා හොඳට දන්නවා හොඳම දේවල් තෝරලා ගන්න. ලිස්ට් එකේ තිබ්බ දේවල් ගන්න කලින්ම එයා මගෙන් ඇහුවා මාත් එක්ක කී දෙනෙක් ඉන්නවද කියලා. එහෙම අහද්දී මන් හිතුවේ එයා ඕපදූප හොයනවා වැඩියි කියලා, හැබැයි දැන් තමයි තේරෙන්නේ ඒ ලිස්ට් එකේ තිබ්බ දේවල් ගන්න ඕනේ නිසා කියලා.

එයා දිහා බලන් ඉන්න එකත් හරි ජොලි වැඩක්. එයා නිකන් ප්‍රොෆෙෂනල් හවුස් වයිෆ් කෙනෙක් වගේ... හහ්! මොනාද මන් මේ හිතන්නේ?

මට පිස්සු හැදිලා ද කොහෙද.

ආ.. හ් අර මොනාද අර? අනේ ඒ ෆිෂ් කේක් නේද? වාව්! නියමයි.

මේව ගෙ නම් රස බලන්නම ඕනේ. Yerin ටත් ඕනෙද දන්නේ නැහැ... එයා නම් තාම බඩු ගන්නවා. බඩු අරන් ඉවර උනාම එයාටත් අරන් දෙන්න පුළුවන්.

මම ෆිෂ් කේක් ගන්න ගියා. අම්මෝ ඒවා දිහා බලන් ඉන්නත් බැහැ. නිකන් රස බේරෙනවා වගේ. "ස්තූතියි" මම ෆිෂ් කේක් එකක් ගන්න ගමන් කඩේ කෙනාට ස්තූති කළා. ඒක කාලා ඉවර වෙලා මම Yerin ළඟට ගියා. එයාටත් ඕනෙද කියලා අහන්න එපැයි.

හැබැයි...

හ්ම්ම් එයා මොනා හරි හොයනව ද? ඔව් අරගෙන මෙහෙ බලනව. හ්ම්ම්... තව මොනාහරි ගන්න කඩයක් හොයනවා ඇති. මට එයාගෙ මූණ පේන්නේ නම් නැහැ මොකද මම ඉන්නේ පිටිපස්සේ නේ. හැබැයි මට නිකන් තේරෙනවා එයා නිකන් ගොඩක් කලබල වෙලා වගේ... අැයි මොකද උනේ?

මම නිකන් එයා දිහාම බලන් හිටියා. කවුද දන්නේ මොනා වෙලාද කියලා. තරහ ගිහින් අතේ තියෙන බෑග් එකකින් හරි දුන්නොත් ඉවරයි.

එයා මොනා හොයනව ද මන්දා? අදුරන කාව හරි දැකල ද? මමත් එයා බලන පැත්තම බැලුවා ඇඟිලි තුඩු වලින් ඉස්සිලා. කෝ එහෙම නම් විශේෂ දෙයක් පේන්න නැහැ.

අම්මෝ එහෙම බල බල ඉද්දි මෙන්න මෙයා එකපාරටම මගේ පැත්තට හැරුණ.

ඕහ්! එයා මාව දැකල පුදුම උනා!

"අම්මෝ ඔයා මාව බය කළා..." එයා පපුවත් අල්ල ගත්තා.

හා.......? මොකද උනේ? මෙයාට හාර්ට්ස් ඇටෑක් එකක්වත් ආවද?

දෙය්යනේ.....

"අ... ඔයා හොඳින් ද?" මම වේගෙන් ඇහුවා... මට ඉක්මනටම දැනගන්න ඕනෙ උනේ එයා හොඳින් ද කියලා.

"ආආආආහ්හ්හ්.... ඔයා දන්නවද මම කොච්චර බය උනාද කියලා?... මම හිතුවෙ මම අතරමං උනා කියල" මෙන්න මෙයා මාත් එක්ක තරහ වෙලා. මන් මොනා කලාට ද? අනික අැස් පුරාම කදුළු...

අැයි මේ මෙය අඬන්නේ?

◦•●◉✿[ මතුසම්බන්ධයි ]✿◉●•◦

✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄

Writer's Note:

Hello,

මේ episode එක කොහොමද?

המשך קריאה

You'll Also Like

673 93 15
වෛරයෙන් ඇරඹුනු ඒ ආදරේ ..........❤️❤️❤️❤️ කෙල්ලෝ දෙන්නට ම ලොකු හයියක්..........💕ඒ හතර දෙනාගේ බැදීම මහමෙරක්.....ඒ ඔක්කෝම පිටිපස්සේ දැවැන්ත හෙවනැල්ලක්...
1.1M 49.2K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1K 210 14
It's ok.. Please love me again in my next life without hating...🙂✨️💔 Started date - 2022/01/01❤️🍁✨️
2.3K 694 12
" අපිට උණු කෝපි කෝප්ප දෙකක් දාන්න... " " මාත් එක්ක කෝපි බොන්න.. " " ඔව්.. ඔයත් එක්ක.. " එයාට හිනා ඉතින්.. මගෙ හුස්ම හිරවෙනවා.. ...