My YOU ( Sinhala | BL | Compl...

Par KimSuuah

11.2K 1.3K 619

එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල... Plus

INTRO 🌱
CHAPTER 1 🌱
CHAPTER 2 🌱
CHAPTER 3 🌱
CHAPTER 4 🌱
CHAPTER 5 🌱
CHAPTER 6 🌱
CHAPTER 7 🌱
CHAPTER 8 🌱
CHAPTER 9 🌱
CHAPTER 10 🌱
CHAPTER 11 🌱
CHAPTER 12 🌱
CHAPTER 13 🌱
CHAPTER 15 🌱
CHAPTER 16 🌱
CHAPTER 17 🌱
CHAPTER 18 🌱
CHAPTER 19 🌱
CHAPTER 20 🌱
CHAPTER 21 🌱
CHAPTER 22 🌱
CHAPTER 23 🌱
CHAPTER 24 🌱
THANK YOU NOTE 🌱💗

CHAPTER 14 🌱

537 52 26
Par KimSuuah

" මැනික.. "

" ශ්ශ්ශ්.. හසී සද්ද නොකර එන්න.. "

හොස්පිට්ල් එකෙන් ගෙදර ඇවිත් දැන් සතියක් වෙනවා.. නිසල්ගේ ගෙදර මායි සසින් දෙන්නම නැවතිලා හිටියේ..

" මගේ හොර ගෙඩියා බලන්නකෝ මෙච්චර වෙලා යුද්ද කරලා දැන් ඉන්න හැටි.. "

" අප්පච්චි වගේම නැතෑ.. "

නින්දෙන්ම අම්මගේ තනේ එල්ලිලා උරනවා..

" මැනික.. මම බැලුවේ මෙහෙන් අපිට ගෙයක් ගන්න.. "

" හසී ඔයාට එච්චර සල්ලි නෑනේ.. "

" අනේ මෝඩ අලේ මමයි අප්පච්චිගේ මෙහෙ තියන බිස්නස් ඒදවස් වලත් හැන්ඩ්ල් කරේ.. මම අප්පච්චි එක්ක කතා කරා මම මෙහෙ නිසා මට මෙහෙ තියෙන එයාගෙ බිස්නස් ටික ඔක්කොම දීල තියෙන්නේ.. අනික මැනික අපිට ඔයලාගේ අම්මා අප්පච්චිට හැමදාම කරදර කරන්න බෑනේ.. "

" ඔව් ඒක ඇත්ත.. මාත් ටික කාලයක් ඉදලා අපේ අප්පච්චිගේ බිස්නස් වලට ජොයින් වෙන්නම්.. "

" නෑ නෑ මොන ජොබ්ද ඔයාට.. ඔයා ගෙදර ඉන්න.. මට පුලුවන් ඔයාවයි දරුවවයි බලාගන්න.. ආවා මෙතන ජොබ් කරන්න.. "

" ඇයි ඉතින් බයින්නේ.. "

" බයිනවා නෙවෙයි රත්තරනේ.. ඔයා දැන් අම්මා කෙනෙක්.. මගේ පැටියාට අම්මා ඕනි ලගට.. ඔයා මගේ පැංචා බලාගෙන ඉන්න ඒ ඇති.. ඔයා මහන්සි වෙන්න එපා.. මට පුලුවන්නේ මයෙ අම්මවයි මයෙ පැංචවයි බලාගන්න.. "

" හ්ම්ම්ම්.. "

" මැනික.. පුතාව තියලා එන්නකෝ.. අපි කමු.. "

" තනේ ගන්න ලෝබයි හසී.. බලන්නකෝ නින්දෙනුත් උරනවනේ.. "

ඇත්ත.. මට පුදුමාකාර ලෝබ කමක් දැන්නේ ඒ දත් නැති පුංචි කටින් නිසල්ගේ මුලු තන පුඩුවම කටේ ඔබාගෙන උරනවා දකිද්දි.. නිසල් වුනත් දැන් කිරි දෙන අම්මෙක් නිසාද මන්දා හරිම හැඩයි.. නෙරාපු බන්ඩිය නැති වෙද්දි ඒ වෙනුවට බන්ඩියේ යට කැපුම් පාර තවම තිබ්බා.. හැඩ උකුල එක්ක කිරි වලින් බර වෙච්ච තන් දෙක නිසල්ට පුදුමාකාර ලස්සනක් ගෙනාවා..

තන පුඩුවෙන් දරුවව නොදැනෙන්න අයින් කරපු නිසල් හරි හෙමීට නැගිටලා ටී ශර්ට් එකක් දාගෙන මගේ අතේ එල්ලුනා.. තාමත් ඇවිදින්නේ අමාරුවෙන්.. වේදනයිලු තවමත් එයාට මුලු ඇගම.. මම එයාව හරිම හෙමින් අල්ලන් එක්කන් ආවා.. වඩාගන්න බයයි වැරදිලාවත් මැහුම් කැඩුනොත් කියලා...

" මැනික.. වාඩි වෙලා ඉන්නකෝ මෙතනින් මම කවන්නම්.. "

" මම කන්නම් හසී මට පුලුවන්... "

" මැනික මට කවන්න දෙන්නකෝ.. මට ඔයා බඩින් ඉද්දි කරන්න බැරි වෙච්ච දේවල් දැන්වත් කරන්න ඉඩ දෙන්නකෝ.. මම දන්නවා ඔයාට කන්න පුලුවන් කියලා.. ඒත් මම ආසයිනේ ඔයාට කවන්න.. "

" අනේ හසී.. "

" ඔහොම ඉන්න... මම කෑම අරන් එන්නම්.. "

මම බත් පිගානක් ගෙනල්ලා එයාට කැව්වා.. දඹල තෙල් දාලා බිත්තර තම්බලා පරිප්පු අද මම හදපු මෙනූ එකේ තිබ්බේ.. ලොකු දේවල් උයන්න දන්නේ නැති නිසා එයා ආස දෙක තුන උයන්න මම පුරුදු වුනා..

" හසී.. මට දෙයක් අහන්න තියෙනවා.. "

" ඔව් කියන්න මැනික.. "

" මට ඔයා දන්නවා වගේම ගෑනු කෙනෙක් විදිහට ඉන්නත් පුලුවන් පිරිම් කෙනෙක් විදිහට ඉන්නත් පුලුවන්.. ඒත් මැනික මට මේ දෙකෙන් එකක් තෝර ගන්න වෙනවා.. "

" ඒ කිව්වේ?? ඇයි ඒ ?? "

" මට ඔයාට කියන්න බැරි වුනා.. මම මෙහෙට ඇවිල්ලා මාසෙන් ගියා හොස්පිට්ල් සර්ජරි එක කරන්න.. ඩොක්ටර්ස්ල මාව දවස් දෙකක් නවත්තන් ගොඩක් ටෙස්ට්ස් කරලා මට කිව්වා දෙකෙන් දුර්වලම එක අයින් කරන්න ඕනි කියලා.. ඒත් ඔයා දන්නවද මගේ ටෙස්ට් වලින් දුර්වලම එක විදිහට ආවේ ෆීමේල් ඕර්ගන්ස්.. ඒත් ඔයා දන්නවද සර්ජරි එක කරන්න පුලුවන් කමක් නෑ මගේ පැටියා ඒ වෙද්දිත් මගේ ලගට ඇවිල්ලා ඉවරයි.. "

" අනේ දෙයියනේ.. "

" ඩොක්ටර්ස්ල ඔක්කොම මට දරුවා හදන්න එපා කිව්වා.. හදන්න තීරනේ කරත් දරුවා ගෑනු කෙනෙක්ගේ බඩේ වගේ හැදෙන එකක් නෑ කිව්වා හැදුනත් මම දරුවා වදද්දි නැති වෙන්න වුනත් පුලුවන් කිව්වා.. "

" ඒකද ඔයා එදා මට අරහෙම කතාවක් කිව්වේ.. "

" ඔව් හසී.. මම ප්‍රෙග්නන්ට් දවස් වල ඔයා මාව ඒ දැක්ක දවසෙ වගේ මම හිටියේ නෑ.. ඔයා දැක්කනම් පපුව පැලිලා මැරෙයි හසී.. මම කෝටු කෑල්ලක් වගේ.. බඩයි ඔලුවයි විතරයි ලොකුවට තිබ්බේ අතපය ඔක්කොම කෝටු වෙලා.. කිසිම දෙයක් කන්න බෑ සේලයින් විතරයි මාව කෙලින් තිබ්බේ.. ඒ දවස් වල මට ඔයාව ගොඩක් මතක් වුනා හසී.. ඔයා ලග හිටියනම් මට ඒ ඇති කිය කිය මම හීල්ලුවා.. "

" මට එක කෝල් එකක් දුන්නනම් මගේ මැනික.. "

" මට බය හිතුනා.. මම ආදරේ කරාට ඔයා ආදරේ කරේ නෑනේ හසී.. ඊටත් වඩා එදා රෑ මම හිතුවේ මම බීලා ඔයා එක්ක බලෙන් හිටියා කියලා.. ඔයා එහෙමනේ උදේ කිව්වෙ.. ඉතින් ඒ අස්සේ ඔයාගෙන් දරුවෙකුත් ඉන්නවා කියද්දි ඔයා මට වෛර කරයි කියලා මම බය වුනා.. ඒකයි කොච්චර ඕනි වුනත් මට ඔයාට කියන්න බැරි වුනේ.. "

" මට සමාවෙන්න නිසල්.. සමාවෙන්න කියන්නත් මම සුදුසු නෑ මැනික.. "

" එහෙම නෑ.එහෙම හිතන්නවත් එපා.. මට කියන්න ඕනි වුනේ ඒක නෙවෙයි.. ඉතින් එදා මම ජීවිත අවදානම අරන් තෝරා ගත්තේ ඔයා මට දීපු වටිනම තෑග්ග නිසා මට ඒ සර්ජරි එක කරන්න බැරි වුනානේ.. ඒත් මට දැන් ඒ සර්ජරි එක ආපහු කරන්න වෙයි ඉක්මනටම.. ඉතින් මම අහන්නේ ඔයාට මාව දකින්න ඕනි දරුවගේ අම්මා විදිහටද නැත්නම් ඔයාගේ නිසල් විදිහටද.. "

" නිසල්.. ඒත් ඔයා කිව්වා නේද ඔයාගේ වීක්ම ෆීමේල් ඔර්ගන්ස් කියලා.. ඉතින් එතකොට ඔයා අයින් කරන්න ඕනි ඒක නෙවෙයිද.. "

" ඒක තමා වීක්ම.. ඒත් අයින් නොකර ඉන්නත් පුලුවන්.. දෙකම තියන් ඉන්න එකයි අවදානම්"

" අවදානම් !? "

" ම්ම්ම්.. කැන්සර්ස් වුනත් එන්න පුලුවන්ලු.. "

" නිසල් !! ඔයා දැන්ද මට ඒක කියන්නේ.. ඔක්කොටම වඩා මෙච්චරකල් ඔයා හිටියේ ඕවා දැනගෙනද "

" ඔව් ඉතින්.. මට ඕනි වුනේ දවසක ඔයා කැමති කෙනා විදිහට ඉන්න.. "

" දෙවියනේ මට ඔච්චර ආදරේ කරන්න එපා නිසල්.. මට මාව දැනෙන්නේ පහත් මනුස්සයෙක් වගේ නිසල්.. මම නිසා ඒ වගේ අවදානමක් අරන් ජීවත් වෙලා මම නිසාම ජීවිත අවදානම අරන් මගේ ලේ වලට පන දෙන්න තරම්.. ඒ තරම් ආදරේ කරේ ඇයි බන් මන් වගේ එකෙක්ට.. මාව ලැබෙයිද කියලාවත් නොහිතා.. "

" හසී.. ඒක මගේ තීරණයක්.. මම මගේ සතුට වෙනුවෙන් ගත්තු තීරන මිසක් ඔයා වෙනුවෙන් ගත්තු තීරන නෙවෙයි.. මම මගේ තීරන වලට ඔයාවත් ඔයාට හොරෙන් හවුල් කරගත්ත බව ඇත්ත ඒත් ඒවා ඔක්කොම මගේ තීරන හසී.. ඒ නිසා මම වැඩියෙන් ආදරේ ඔයා අඩුවෙන් ආදරේ ඒවගේ ඒවා හිතන්න එපා.. මිනිස්සු හිත අස්සේ ආදරේ පුරෝගෙන දෝරේ ගලන තරම් ආදරේ කරත් ඒවා පෙන්නන විදි වෙනස්.. සමහර අය අනිත් කෙනාටත් නොදැනෙන්න ඔහේ ආදරේ කරනවා සමහර අය කියලා පේන්න ආදරේ කරනවා සමහර අය ජීවිතේ දෙන්නම හරි ආදරේ කරනවා ඒ අතර සමහරක් අය ඉන්නවා ආදරේ පරක්කු වෙලා තේරුම් අරන් ඉතුරු කාලෙම ආදරෙන් බලාගෙන ආදරේ කරනවා.. මේ මොන එක වුනත් මිනිස්සුන්ගේ පපුව අස්සේ තියෙන්නේ ආදරේ.. ඒවා මනින්නත් එපා ඒවා සසදන්නත් එපා.. ආදරේ කියන්නේ ආදරේට මිසක් මිනුමකට නෙවෙයි..

ඉතින් ඒ නිසා මම කරපු ආදරේ එක්ක ඔයාගේ ආදරේ සසදන්න එපා මගේ හසී.. ඔයා එහෙම කරලා දුක් වෙනවට මම ආස නෑ.. තව කෙනෙක්ට බෑ කවදාවත් වෙන දෙන්නෙක්ගේ ආදරේ මනින්න.. මොකද අපි දෙන්නා දෙන්නෙක් අපි දෙන්නා ආදරේ කරන්නේ දෙවිදියකට.. තේරුනාද ? "

" හ්ම්ම්ම්... "

" ඉතින් දැන් මන් අහපු එකට උත්තරේ දෙන්නකෝ.. ඔයා ආස මම කවුරු විදිහට දකින්නද "

" අවංකවම ? "

" ඔව් මට අවංක වෙන්න.. "

" අවංකවම මම මේ දෙකටම ආසයි නිසල්.. මගේ පැංචා තනේ එල්ලිලා කිරි බොද්දි ඒ අම්මාගේ රූපෙටයි මගේ ඇගට යට වුන මගේ නිසල්ගේ රූපෙටයි මම ඒ දෙකටම කැමති.. සමහර විට මම බයිසෙක්ෂුවල් නිසා වෙන්නැති.. ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද මට වැඩක් නෑ ඒ ඔයානම් මට ඒ ඇති.. "

" අනේ ඉතින්.. "

" අනේ නෙවෙයි මැනික.. අපි මේක ඩොක්ටර්ස්ලට බාර දෙමු.. මට ඕනි විදිහටවත් ඔයාට ඕනිවිදිහටවත් නෙවෙයි හොදම විදිහට අපි ජීවත් වෙමු.. කොහොමත් දරුවාට අවුරුදු දෙකක් තුනක් වෙනකන් අපිට ඕක කරන්න බෑනේ මැනික.. "

" හරි හසී.. අපි එහෙම කරමු.. "

මම එයාගේ නලලින් හාදුවක් තියලා එයා එක්කම කාමරේට දුවලා ආවේ අපේ දගයා නිදි අතරෙ තියෙන වැඩ ටික කරගන්න.. මේ පැංචා කරන්නෙම අම්මා කුක්කු බිබී යටින් ඒවා අරින එක වෙද්දි ඒ පුංචි ඇගට පැම්පර්ස් හිර කරන්න දෙන්න මම අකමැති වුනා.. දරුවා ලග අම්මාව තියලා මම ගියා මගේ පැටව් දෙන්නගෙම රෙදි සෝදන්න..

දන්නවද තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන්නම් වෙනදට කරන්න අකමැති දේවල් වුනත් කරන්න හිතෙනවා.. රෙදි හෝදන්න උයන්න මේ දේවල් මම් කවදාවත් කරපුවා නෙවෙයි... ඒත් ඒ දරාගැනිම් වේදනා එක්ක අපි මේකවත් නොකරොත් මොකටද පිරිමිකම ?

වැඩ ටික ඉවර කරලා මාත් වොශ් එකක් දාගෙන සද්ද නොකරම කාමරේට යද්දි අනේ මගේ හදවත පුපුරන්න තරම්.. වේදනාවට නෙවෙයි ආදරේ වැඩි කමට..

මගේ පැංචා අම්මගේ කුක්කු බිලා නින්ද ගිහින් තියෙද්දි මගේ මැනිකටත් පැටියව තුරුල් කරන්ම නින්ද ගිහින්..

මම ගිහින් පැටියගේ පැත්තෙන් කොට්ට වටේටම තියලා දෙන්නවම වැහෙන්න රෙද්දකින් පොරවල මැනිකට නලලටත් හොරෙන්ම පුංචි හාදුවක් තියලා එලියට ආවේ ඒ දෙන්නාව ඇහරවන්න බැරි නිසා..



හායියූ ~

හිහී අදහස් කියන් යන්න 👉👈

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Continuer la Lecture

Vous Aimerez Aussi

340K 9.4K 158
"Everyone has a goal or a dream that they want to make a reality. Most people want to be famous, most people just want power, and some people even wa...
1.1M 38.2K 41
"Look outside the box my friend, your heart's been dead since who knows when." The Umbrella Academy Season One No. 5 (1) Lotus (2) Golden (3) I Know...
39K 2.7K 13
ထိုယောကျ်ားကိုမှ သဘောကျခဲ့မိပြီ ထိုေယာက်္ားကိုမွ သေဘာက်ခဲ့မိၿပီ
506 154 22
රිදෙන හිත පෑරීමට තවත් එක් උත්සාහයක්...