π‡πžπšπ«π­π₯𝐞𝐬𝐬 | 𝐓𝐀 βœ”

By Frosty_Lv

15.7K 1.9K 442

π‡πž 𝐒𝐬 𝐛π₯𝐒𝐧𝐝𝐞𝐝 𝐛𝐲 𝐑𝐒𝐬 𝐫𝐞𝐯𝐞𝐧𝐠𝐞 Please note ⚠️️ ONLY names and photos of idols are m... More

Introduction
Chapter one
Chapter Two
Chapter three
Chapter four
Chapter five
Chapter six
Chapter seven
Chapter eight
Chapter nine
Chapter ten
Chapter eleven
Chapter twelve
Chapter thirteen
Chapter fourteen
Chapter fifteen
Chapter sixteen
Chapter seventeen
Chapter eighteen
Chapter nineteen
Explanation
Chapter twenty one
Chapter twenty two
Chapter twenty three
Chapter twenty four
Chapter twenty five
Chapter twenty six
Last chapter
Epilogue
New story

Chapter twenty

415 59 13
By Frosty_Lv

අතේ තියන ඩිවෝස් පේපර් දිහා ජන්කුක් මුකුත්ම නොකියා බලාගෙන හිටියා.

"ඕක සයින් කරලා තමුන්ට පුළුවන් මෙහෙන් යන්න. ආයේ මට පේන්නවත් එන්න එපා ජන්කුක්. මගෙ හිත වෙනස් උනොත් මං මොනවා කරයිද කියන්න මං වත් දන්නේ නැහැ. "

ටේහ්‍යුන් කෝල්ඩ් වොයිස් එකකින් කියද්දි ෆයිල් එක දිහා බලාගෙනම ජන්කුක් දෙතුන් පාරක් ඔළුව වැනුවා. ජන්කුක්ටත් නොදැනිම එයා එයාගේ ලිප්ස් ගොඩක් තදින් හපාගත්තා. ඒත් ජන්කුක් දන්නේ නැහැ එයාගේ ඇස් වලට කඳුළු පිරුන හේතුව. ඇස් පිල්ලම් ගහන ගමන් ජන්කුක් උත්සහ කරා එයාගේ කඳුළු පාලනය කරගන්න.

ඇස් පිල්ලම් දෙක තුනක් ගැහුවට පස්සේ ඔළුව උස්සලා ජන්කුක් ටේහ්‍යුන් දිහා බැලුවා. ටේහ්‍යුන්ගෙ හැඟීමක් නැති ඇස් යොමු වෙලා තිබුනේ ජන්කුක් දිහාවට. ඒත් හරියටම ජන්කුක්ගෙ හපලා රතු වුන චෙරි ලිප්ස් දිහාවට. ජන්කුක්ගෙ සෙක්සිනස් එක ගැන ආයෙත් අමුතුවෙන් කතා කරන්න දෙයක් නැති වෙද්දි ටේහ්‍යුන්ට ඕන වුනා ඒ චෙරි ලිප්ස් තවත් රතු වෙන්නම හපලා දාන්න. ඒත් ඒ චෙරි ලිප්ස් වලින් ඇස් අහකට ගත්ත ටේහ්‍යුන් හැදුවේ රූම් එක ඇතුලට යන්න වුනත් සෙක්සි ජන්කුක් ඉස්සරහ ටේහ්‍යුන්ට එයාගේ ලස්ට්ෆුල් කැරැක්ටර් එක එලියට එන එක නවත්තගන්න පුළුවන් වුනේ නැහැ.

ඉස්සරහට තිබ්බ අඩිය ආපහු පස්සට ගත්ත ටේහ්‍යුන් තව විනාඩියක්වත් පරක්කු නොකර ජන්කුක්ව බැල්කනි ඩෝර් එකට තද කරන් ඒ චෙරි ලිප්ස් සක් කරන්න ගත්තා. ඒක තනිකරම ලස්ට්ෆුල් කිස් එකක් විතරක් වෙද්දි ජන්කුක්ගෙ ලිප්ස් වලට ලේ රහක් දැනුනා. ඒත් ජන්කුක්ට බැහැ ටේහ්‍යුන් ඒ කිස් එක බ්‍රේක් කරනකන් ටේහ්‍යුන්ගෙන් ඈත් වෙන්න. මොකද ටේහ්‍යුන්ගෙ එක අතක් ජන්කුක්ගෙ බෙල්ල පිටිපස්සෙන් ඉස්සරහට තද කරද්දි ඔළුව හොලවන්නවත් ජන්කුක්ට පුලුවන් වුනේ නැහැ.
ටේහ්‍යුන්ගෙ ස්පීඩ් එකට ජන්කුක් ටේහ්‍යුන්ගෙ ශර්ට් එක ඇඟිලි වලට තද කරගත්තා. ජන්කුක්ගෙන් කිසිම රිඇක්ශන් එකක් නැති වෙද්දි ටේහ්‍යුන් ඒ ලිප්ස් තදින් හැපුවා. "ම්හ්හ්~" ජන්කුක්ගෙ කටින් පොඩි කෙදිරිල්ලක් පිටවෙද්දි ජන්කුක්ගෙ ඈත් වුන ලිප්ස් අතරින් දිව අරන් ගිය ටේහ්‍යුන් කිස් එක තවත් ඩීප් කරා.
ඒත් විනාඩි දෙකක්වත් කන්ටිනිව් නොකර කිස් එක බ්‍රේක් කරපු ටේහ්‍යුන් ජන්කුක්ව තල්ලු කරලා දැම්මේ ජන්කුක් රූම් එක ඇතුලට තල්ලු වෙලා ගිහින් නොවැටී බේරෙද්දි.

"ආයිශ්!!! "

"යනවා මෙතනින්!! "

අත මිට මොලවලා බිත්තියට ගහන ගමන් ටේහ්‍යුන් කෑගැහුවේ අත් පවා තරහෙන් වෙව්ලන්න ගනිද්දි. ඒ ඇස් රතු වෙලා දිලිසෙන්න ගත්තා. ෆයිල් එක අතට ගුලි කරගත්ත ජන්කුක් තවත් රැදෙන්නේ නැතුව රූම් එකෙන් එලියට දිව්වේ එයාගේ ඇස් දෙක පිහදාන ගමන්.

ෆයිල් එකත් අරගෙන ජන්කුක් කෙලින්ම දුවගෙන ආවේ ගාඩ්න් එකට. ඒ ඇවිත් ස්වින්ග් චෙයා එකෙන් ඉදගෙන අතේ තියන ෆයිල් එක දිහා ජන්කුක් ඔහේ බලාගෙන හිටියා. දැනටමත් ටේහ්‍යුන්ගේ සයින් එක ඒ පේපස් වල තියෙද්දි එතනට අඩු වුනේ ජන්කුක්ගෙ සයින් එක විතරයි. ජන්කුක් හිතට දැනුනේ ලොකු බර ගතියක්. හරියට ලෝකේ තියන අමාරුම තීරණය අරගන්න හදන අවස්ථාවක වගේ.

.

.

ස්වින්ග් චෙයා එකේ ඉදගෙන ජන්කුක් කල්පනා කරද්දි බැල්කනි එකේ ඉදන් තවත් කෙනෙක් ජන්කුක් දිහා බලාගෙන හිටියේ තමන් ගැනම ඇති වෙලා තියන වරදකාරි හැඟීමකින්. ඒ වෙන කවුරුත් නෙමෙයි. කිම් ටේහ්‍යුන්.

ගෙවුන මාස දෙක පුරාවටම ටේහ්‍යුන් හිටියේ බුසාන් වල, එයාගේම තවත් මැන්ශන් එකක. ඒ ඉන්න අතරේ ජියොන් ගැන විස්තර හොයනවට අමතරව ටේහ්‍යුන් එයාගේ ඉතුරු මුළු කාලෙම යෙදෙව්වේ කල්පනා කරන්න.

එදා කිම් මැන්ශන් එකෙන් එද්දිම ජන්කුක්ට එයාගේ නිදහස දෙන්න ටේහ්‍යුන් තීරණය කරා. මොකද ඒ වෙද්දිත් ටේහ්‍යුන් හරි වැරැද්ද ගැන හිතන්න පටන් අරන් ඉවරයි. මොන විදිහේ මනුස්සයෙක් වුනත් ටේහ්‍යුන්ට බැරි වුනා එයා ගොඩක් ආදරේ කරපු එයාගේ අප්පාගේ වචන නොසලකා හරින්න. ඒ නිසාම කාලෙකට කලින් මැරිලා ගියපු ටේහ්‍යුන්ගෙ හෘදසාක්ෂියට ආයෙත් පණ දෙන්න ටේහ්‍යුන් දෙපාරක් හිතුවේ නැහැ.

කාලයත් එක්ක ඕනම මනුස්සයෙක් වෙනස් වෙනවා. සමහරවිට විට ඒකට හේතු වෙන්නේ කෙනෙක්ගේ එක පොඩි වචනයක්, එක සිදුවීමක් හෝ එක පොඩි මතකයක් විතරක් වෙන්න පුළුවන්. ඒත් ඒක බොහොම පොඩි දෙයක් උනත් මනුස්සයෙක් හිතන දේ පවා කනපිට ගහන්න පුළුවන් නම්?

ඉතින් ටේහ්‍යුන්ටත් ඒ හැම කරුණක්ම අදාල වෙද්දි ටේහ්‍යුන් කියන්නෙත් වෙනස් විදිහට හිතන චරිතයක් වෙලා. මොලෙන් ගන්න තීරණේ හදවතින් ප්‍රශ්න කරන්න ගෙවුන මාස දෙක ඇතුලත පුරුදු වුන ටේහ්‍යුන් ජන්කුක්ව හැමදාටම එයාගේ පලිගැනීමෙන් ඈත් කරලා තියන්න තීරණය කරා.
.

.

.

පැය බාගයකටත් වැඩිය ස්වින්ග් චෙයා එකට වෙලා කල්පනා කරන ජන්කුක් දිහා ටේහ්‍යුනුත් බලාගෙන හිටියා. පලවෙනිම වතාවට ටේහ්‍යුන්ට කෙනෙක් ගැන දුක හිතුනා නම්. ඒ ජන්කුක් ගැන. ඒත් ඒ දැනුනු දුක පසුතැවීමක් දක්වා ගෙනියන්න තරම් ටේහ්‍යුන්ට කිසිම වුවමනාවක් තිබුනේ නැහැ. ටේහ්‍යුන් ජන්කුක් ගැන දුක් වුනා විතරයි. එතනින් එහා කිසිම දෙයක් හිතන්න ටේහ්‍යුන් එක තත්පරයක්වත් වෙන් කරේ නැහැ. මොකද ටේහ්‍යුන්ට අනුව ජන්කුක්ට මේ වෙද්දිත් දීලා තිබුනේ බොහොම පොඩි වේදනාවක්. ඒ පොඩි දේ වෙනුවෙන් කිම් ටේහ්‍යුන් පසුතැවෙන එක..? ඒක වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි.

______________________________________

පැය ගානකට පස්සෙ ජන්කුක් එක තීරණයකට ආවා. ෆයිල් එකත් අරන් බර අඩි තියන ගමන් ජන්කුක් මැන්ශන් එක ඇතුලට ගියේ ටේහ්‍යුන්ව හොයාගෙන. කෙලින්ම රූම් එකට ගියපු ජන්කුක් දැක්කේ සෝෆා එකට වෙලා කකුල් දෙකත් පුළුවන් තරම් ඈත් කරන්, වැලමිට ළඟට නවලා තියන ශර්ට් එකේ බට්න්ස් තුනකුත් ගලවගෙන, බියර් ග්ලාස් එක හොලවන ගමන් ඉන්න ටේහ්‍යුන්ව.
ටේහ්‍යුන් සුපර් හොට්, සුපර් හැන්ඩ්සම්! ජන්කුක් එකපාරම නැවතුනා.

හැන්ඩ්ල් එකට අත තියාගෙන ජන්කුක් ටේහ්‍යුන් දිහා එක එල්ලේ බලාගෙන ඉද්දි ටේහ්‍යුන් එයාගේ අතේ තිබුන බියර් ග්ලාස් එක ආපහු ටේබල් උඩින් තිබ්බා. ඒ ගමන්ම ටේහ්‍යුන් නැගිටලා ජන්කුක් ළඟට ආවේ පොකට් එක අස්සට අතකුත් දාගන්න ගමන්. ජන්කුක් එයාගේ ඇස් දෙක බෝල කරන් ටේහ්‍යුන් දිහා බැලුවා.

"ඇයි!? මෙච්චර ඉක්මනට සයින් කරාද? ගොඩක් හදිස්සිද මගේ ප්‍රිටි රෝස්ට මාව ඩිවෝස් කරන්න. ම්ම්? "

ටේහ්‍යුන් ස්මර්ක් කරා. ටේහ්‍යුන්ට ලොකු විශ්වාසයක් තිබුනා අනිවාර්යයෙන්ම ජන්කුක් එයාගෙන් ඈතකට යන බව. මොකද ජන්කුක්ට ටේහ්‍යුන් ළඟ රැදෙන්න කිසිම හේතුවක් නැහැ.

ටේහ්‍යුන් අහද්දි ජන්කුක් බිම බැලුවේ ලොකු හුස්මක් අරගෙන.

"ඔව්. ඔව් මං කැමතියි. මං මේක සයින් කරන්නම්. එතකොට මටයි මාම්ටයි නිදහසේ ඉන්න පුළුවන්. "

ජන්කුක් එයාගේ අතේ තිබුන පෑනේ ක්ලිප් එක ගැලෙව්වා.
ටේහ්‍යුන් ඉස්සරහම ඩිවෝස් පේපස් සයින් කරන්න හැදුවත්...

"බොස්! "

නොහිතපු වෙලාවක එලියෙන් ඇහුන කලබල වුන කටහඬක් ජන්කුක්ව නැවැත්තුවා.




























































ජන්කුක්ගෙ කකුල් දෙක ළඟ වැටිලා තිබුනේ ඩෙඩ් බොඩි එකක්. ඒ දිහා බලාගෙන ජන්කුක් හිටියේ ඔනාවටත් වඩා ලොකු ශොක් එකක. ඒත් මැරිලා ඉන්න කෙනාගේ බෙල්ලෙන් වගේම පපුවෙන් ගලාගෙන යන ලේ ටික සම්පූර්ණයෙන්ම සුදු ටයිල් පොලොව උඩ ගලාගෙන යද්දි ජන්කුක්ට බැරි වුනා තවදුරටත් එතන හිටගෙන ඉන්න.

.

.

.

.

.

"ම්..මාම් "

ලේ ගලන සියාගේ ඩෙඩ් බොඩි එක ඉස්සරහ ජන්කුක්ට දණගැස්සුනා.
ටිකෙන් ටික ජන්කුක් මුළු ඇඟම වෙව්ලන්න ගද්දි මේ තරම් වෙලාවක් වැටෙන්න පොර කාපු කඳුළු ටික නැවතීමක් නැතිවම ජන්කුක්ගෙ ඇස් වලින් කඩාගෙන වැටුනා

වැඩි වෙලාවක් නොයාම මැරිලා ඉන්න සියාව බදාගෙන ජන්කුක් කෑගහලා අඩන්න ගත්තා. උගුර ලේ රහ වෙන්නම ජන්කුක් කෑගැහුවා. ඒ අඬන විදිහට එතන හිටපු ජිමින්, ජින් වගේම ටේහ්‍යුන්ගෙ බොඩිගාඩ්ස්ලා දෙන්නෙකුත් හොරෙන්ම එයාලගේ ඇස් පිහදාගද්දි අත් දෙක බැදන් ජන්කුක්ට පිටිපස්සෙන් හිටගෙන ඉන්න ටේහ්‍යුන්ගේ ඇස් හීනි වෙලා තිබුනා. කෑගගහා අඬන ජන්කුක් දිහාත් එයා බදාගෙන ඉන්න සියාගේ ඩෙඩ් බොඩි එකත් දිහාත් ටේහ්‍යුන්ගෙ හැඟීමක් නැති ඇස් බලාගෙන හිටියා. සියාත් එක්කම සියාගේ වැඩට හිටපු සර්වන්ට් ලේඩිවත් එකපාරම මරලා දාලා තියෙද්දි අනිවාරෙන් ඒ ජියොන්ගේ වැඩක් බව තේරුම් ගන්න ටේහ්‍යුන්ට අපහසු වුනේ නැහැ.
මොකද හැම මාෆියා ලීඩර් කෙනෙක්ටම තමන්ගේම කියලා සයින් එකක් තියෙද්දි ජියොන් ගැන්ග් එකේ ටයිගර් සයින් එක සියාගේම ලේ වලින් බිත්තියේ ඇදලා තිබුනේ ටේහ්‍යුන්ට කරපු ඩෙත් වෝනින් එකකුත් එක්කමයි.
.

.

.

"ජන්කුක්.. ජන්කුක් ප්ලීස් දැන් ඇති. බොඩි එක දැන් ගෙනියන්න ඕනේ දරුවෝ. "

"නැහැ!! මගේ මාම් කොහෙවත් යන්නේ නැහැ. ජින් හියුන් ප්ලීස්.. මගෙ මාම්ව ගෙනියන්න එපා..!"

ජන්කුක් සියාව තවත් බදාගත්තා. කිම් හොස්පිට්ල් එකේ ඇටෙන්ඩන්ට්ස්ලා බෙඩ් බොඩි එක අරගෙන යන්න හැදුවත් ජන්කුක් කරේ තවත් හයියෙන් කෑගහලා අඩන ගමන් සියාව තද කරලා බදාගත්ත එක. ජන්කුක්ගෙ ඇඳුම් සේරම සියාගේ ලේ වලින් තෙත් වෙලා තිබුනා. ඒත් ජන්කුක් තවත් සියාව තද කරලා බදාගත්තේ ඇටෙන්ඩන්ට්ස්ලා පවා ජන්කුක්ව ඈත් කරන්න උත්සහ කරද්දි.

විනාඩි දෙක තුනක් එකම විදිහට ගෙවිලා යද්දි තවත් බලන් ඉන්න බැරි තැන ටේහ්‍යුන් ජන්කුක්ගෙ අත් යටින් අත දාලා එයාව ඇදලා අරගත්තා.

ජන්කුක් කෑගහන අතරෙම ඇටෙන්ඩන්ට්ස්ලා ටික සියාගේ ඩෙඩ් බොඩි එක රූම් එකෙන් එලියට අරන් ගියා. ඒ දිහා බලන් හිටපු ජන්කුක් ටේහ්‍යුන්ගෙ අත් වලින් ගැලවෙන්න දැගලුවේ සියා ළඟට යන්න. ටේහ්‍යුන්ගෙ අත් කොච්චර තද වුනත් ජන්කුක්ට ඒ දේ දැනුනේවත් නැති තරම්.

.

.

.

.

"ම්..මට මට යන්න ඕනේ හියුන්.. මට මාම් ළඟට යන්න ඕනේ. මාම්ට මාව මෙහෙම දාලා යන්න බැහැ.. එයාට ආපහු එන්න කියන්න. එයාට එන්න කියන්න හියුන්.... ... "

ටේහ්‍යුන්ගෙ ශර්ට් එක ඇඟිලි වලට තද කරන් ටේහ්‍යුන්ගෙ පපුවට ඔළුව ගහගෙන ජන්කුක් ඉකි ගගහා අඩනවා. ටේහ්‍යුන්ගෙ එක අතක් ජන්කුක්ගෙ ඉණ වටේන් වගේම අනිත් අත පිට හරහා තද කරලා අල්ලගෙන හිටියේ ජන්කුක් සම්පූර්ණයෙන්ම ටේහ්‍යුන්ගෙ ඇඟට බර වෙලා ඉද්දි. ජන්කුක්ගෙ කඳුළු ටේහ්‍යුන්ගෙ ශර්ට් එක සම්පූර්ණයෙන්ම තෙත් කෙරුවා. තෙත් වුන ශර්ට් එක ඇඟටම ඇලෙද්දි ටේහ්‍යුන්ට මතක් වුනා එයාගේ ඔම්මා එයාලාව දාලා ගිහින් කියද්දි පුංචි ජිමින් අඩපු විදිහ.
ටේහ්‍යුන්ගෙ පපුව අස්සේ ඔළුව ගහගෙන ජිමිනුත් ජන්කුක් වගේම කෑගහලා ඇඩුවා. එකම අත්දැකීමට ටේහ්‍යුන් දෙපාරක් මූන දෙද්දි ටේහ්‍යුන්ගෙ පපුවත් ටිකෙන් ටික හිරි වැටිලා ගියා.

"ජන්කුක්..."

ජන්කුක්ගෙ පිට හරහා එතිලා තියන අතින් ටේහ්‍යුන් හිමීට ජන්කුක්ගෙ පිට අතගාන්න ගත්තා. කවදාවත් නැති විදිහට ටේහ්‍යුන්ගෙ කටහඬ ගොඩක් සොෆ්ට්.

"අපි යමු."

"ජන්කුක්!"

"ජන්කුක්! කියන දේ අහන්න! "

බලෙන්ම ජන්කුක්ව ඈත් කරලා ජන්කුක්ගෙ උරහිසේ දෙකෙන් ටේහ්‍යුන් තද කරලා අල්ලගනිද්දි පන නැති ගානට ජන්කුක් ටේහ්‍යුන් දිහා බැලුවා.

"ක්..කවුද ඒ? ක්..කවුද මගෙ මාම්ට මෙහෙම කරේ? "

වෙව්ලන කටහඬකින් ජන්කුක් අහද්දි ටේහ්‍යුන් මුකුත්ම නොකියා බිත්තිය දිහා බැලුවා.

"හ්ම්ම්.. ජන්කුක් මේ ලෝගෝ එක ගැන දන්නවද? මේක අයිති ජියොන් ගැන්ග් එකට. ඒ කියන්නේ ඔයාගේ ඩෑඩ්ට. "

"ඩ්..ඩෑඩ්? "

"හ්ම්ම්... එයා තමයි ඔයාගේ මාම්ව මරලා තියෙන්නේ. සෝ-- "

"එපා! ඇති! මට තව මුකුත් අහන්න ඕනේ නැහැ. එයා ඩෑඩ් කියන නමටවත් සුදුසු නැහැ! ඔව්.. ඔව් එයා ඒකට සුදුසු නැහැ!! ඔයා.. ඔයා එයාට කැමති දෙයක් කරන්න. මට තවදුරටත් ඩෑඩ් කෙනෙක් ඕනේ නැහැ! ජස්ට්.. ජස්ට් කිල් හිම් එයාට ජීවත් වෙන්න අයිතියක් නැහැ! ඒ වගේ අමනුස්සයෙක් තවත් ජීවත් වෙන්න ඕනේ නැහැ!! "

ටේහ්‍යුන්ගෙ ශර්ට් එකෙන් අල්ලගෙන ජන්කුක් කෑගහද්දි ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවේ එයා කියපු දේවල් ගැන විශ්වාස කරන්න බැරුව. ආපහු මැන්ශන් එකට ආවට පස්සේ ජන්කුක්ගේ වෙනසක් ටේහ්‍යුන් දැක්කත් මේ තරම් ලොකු වෙනසක් ටේහ්‍යුන් කීයටවත් බලාපොරොත්තු වුනේ නැහැ. ඩෑඩ්ගේ ජීවිතේ ඉල්ලලා වැද වැටුන ජන්කුක්ම අද එයාගේම ඩෑඩ්ව මරලා දාන්න කියද්දි ටේහ්‍යුන් ඇත්තටම පුදුම වුනා.

ජන්කුක්ගෙ අඬලා රතු වුන ඇස් දිහා බලපු ටේහ්‍යුන් දැක්කේ වේදනාවත් එක්ක එකතු වුනු තරහක්. ඒ ඇති වෙලා තියන තරහා අනිවාර්යයෙන්ම ජියොන් නිසා. ඒ බව හිතෙද්දි ටේහ්‍යුන්ගෙ යටි හිත ගොඩක් සතුටු වුනා. මොකද
ටේහ්‍යුන් එයාගේ සම්පූර්ණ ප්ලෑන් එකම කනපිට ගැහුවත් ආපහු හිටපු ට්‍රැක් එකටම මේ වෙද්දි ටේහ්‍යුන්ට එන්න ලොකු අවස්ථාවක් හම්බෙලා තිබුනේ නොහිතපු විදිහට.

.

.

ජන්කුක් ටේහ්‍යුන්ගෙ ශර්ට් එක අල්ලගෙන තාමත් ඉකි ගහනවා. ටේහ්‍යුන් ජන්කුක්ගෙ උරහිස් වලින් තද කරලා අල්ලගෙන ඉන්න නිසා විතරක් ජන්කුක් කෙලින් හිටගෙන ඉන්නවා ඇරෙන්න ජන්කුක්ගෙ කකුල් පවා එක දිගට වෙව්ලන්න ගත්තා.

.

.

.

.

.

ජන්කුක් එක්ක ටේහ්‍යුන් විතරක් රූම් එකේ ඉද්දි හෙමින් රූම් එක ඇතුලට ආපු ජිමින් ටේහ්‍යුන් ළඟට ආවා.

"හියුන්.. ෆියුනරල් එකේ වැඩ ටික ඇරේන්ජ් කරන්න කියලා කට්ටියට කියන්නද? "

"හ්ම්ම්. කට්ටියට කියලා වැඩ ටික බලන්න. මට දැන් වැඩක් තියනවා. මෙයාවත් එක්කගෙන යන්න."

ජන්කුක්ව ජිමින්ට භාර දුන්න ටේහ්‍යුන් ආයෙත් ජන්කුක් දිහා නොබලාම රූම් ඒකෙන් එලියට ගියා.

***

යුන්ගිත් එක්ක කෙලින්ම බුසාන් වල එයාගේ මැන්ශන් එකට ගියපු ටේහ්‍යුන් කිසිම දෙයක් නොවුන ගානට සිඟරට් එකක් බොන ගමන් බැල්කනි එකට පේන බීච් එක දිහා බලාගෙන හිටියා.

ඒත් පිටතට නොපෙනුනාට ටේහ්‍යුන්ගෙ ඔළුව ඇතුලේ වැඩ කරේ වෙනමම දෙයක්. සැරින් සැරේ මූනට එන කට කොනේ හිනාවෙන් ටේහ්‍යුන් හිතන්නෙ මොන වගේ දරුණු දෙයක්ද කියන එක තේරුම් ගන්න කාටවත් පුළුවන්කමක් නැති වෙන්නේ නැහැ.

"දැන් මොකද්ද කරන්න හිතන් ඉන්නේ ටේහ්‍යුන්? ජියොන් සියාවත් මැරුවා කියන්නේ ඌට උගෙ පවුලෙන් තවත් වැඩක් නෑ කියන එකනේ.. "

"හ්ම්ම්.. කොහොමත් තව කල් ගන්න එකේ තේරුමක් නෑ යුන්ගියා. ජියොන්ගේ ටාගට් එක කොහොමත් මමනේ. ඊට කලින් ජියොන් මැරෙන්න ඕනේ. ඊටපස්සේ.. ඉතුරු වැඩ ටික බලමු."

ටේහ්‍යුන් කියද්දි යුන්ගි දුන්නේ පොඩි හිනාවක් විතරයි. ඒත් ඒ හිනාව ඇතුලේ තිබුනේ ලොකු සෑහීමකට පත් වුන බවක්.

ටේහ්‍යුන් සිගරට් එක ඈශ් ට්‍රේ එකෙන් දාලා ආපහු එයාගේ අවධානේ දුන්නේ ඈතින් පේන්න තියන බීච් එකට.

"කොල්ලෝ ටික ලෑස්ති කරන්න. අනිද්දාට තියන වෙපන් ඩීල් එකෙන් පස්සේ වැඩේට බහින්න ඕනේ."

"ඒවා ඔක්කොම හරි. එතකොට ජන්කුක්? උඹලාගේ ඩිවෝස් එකට මොකද වෙන්නේ? "

"මං ඒක තීරණය කරලා ඉවරයි. ඌ උගේ පාඩුවේ ඉදී. උඹෙයි ජින් හියුන්ගෙයි වචනේ නිසයි මං ජන්කුක්ව අත ඇරියේ කියලා උඹ දන්නවනේ . අනික මගේ අප්පාගේ වචන මට අහක දාන්නත් බැහැ."

"හ්ම්ම්.. අපේ වචනෙට ගරු කරලා හරි උඹ ඔය ගත්ත තීරණේ ගැන මං සතුටු වෙනවා."

"ඒත් උඹ දන්නවා මේ ඉන්න අමනුස්සයාට සම්පූර්ණයෙන්ම මනුස්සයෙක් වෙන්න දැන් පරක්කු වැඩියි කියන එක. මට ආයේ හැරෙන්න බෑ යුන්ගියා. මට සැනසීමක් හම්බෙන්නේ අර පාහරයාගේ මලකඳ දැක්ක දවසට! "

ටේහ්‍යුන්ගෙ අත් මිට මෙලවුනා. ජියොන් ගැන මතක් වෙන වාරයක් ගානේ ටේහ්‍යුන්ගෙ ඇඟේ ලේ රත් වුනා. ගෙවෙන තත්පරයක් තත්පරයක් ගානේ ටේහ්‍යුන් ඇඟිලි ගැන්නේ ජියොන්ගේ අවසානේ වෙනුවෙන් විතරයි.

ඇස් වහගෙන ලොකු හුස්මක් අරන් සන්සුන් වුන ටේහ්‍යුන් ආපහු යුන්ගිගේ පැත්තට හැරුනා.

"ආපහු මැන්ශන් එකට යමු. මං හිතන්නේ කට්ටිය දැන් සියාගේ ෆියුනරල් එකට ලෑස්ති වෙනවා ඇති. "

"ඔව් ඒක හොඳයි. ජන්කුක් උනත් තාම හොටු පෙරාගෙන ඇති. අනේ මන්දා බන් ජින් හියුන් මොනා බලාපොරොත්තුවෙන් ජන්කුක්ට ඒ වගේ දෙයක් කරාද කියලා. ඊයේ කිව්ව විදිහට නං ටිකක් අවුල් දේකට ජන්කුක්ට මතක තියෙන්නේ ඌට නැගිටගන්න බැරි වෙන්නම වැඩේ දුන්නා කියන එකයි ආයේ උඹ පිස්සු බල්ලා වගේ ජියොන්ව මරන්න හදන එකයි තමා. "

"හ්ම්ම්.. අපි බලමුකො. "

යුන්ගිත් එක්කම පහලට ආපු ටේහ්‍යුන් යුන්ගිට දුන්නේ බොහොම පොඩි උත්තරයක්. ඒ උත්තරේ යුන්ගිට ප්‍රමාණවත් නොවුනත් මීට වඩා දෙයක් ටේහ්‍යුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි බව දන්න නිසාම යුන්ගි ආයේත් මුකුත් අහන්නේ නැතුවම ටේහ්‍යුන්ගෙ පස්සෙන් වාහනේ ළඟට ගියා.
වැඩි වෙලාවක් යන්නේ නැතුවම ටේහ්‍යුන් බුසාන් වලින් සෝල් වලට යන්න පිටත් වුනා.

පැය තුනකට ආසන්න වෙලාවකට පස්සේ ටේහ්‍යුන් ආපහු කිම් මැන්ශන් එකට ආවා. ඒ එද්දිත් ජන්කුක් හිටියේ අඬන ගමන්. හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා කකුල් දෙක අස්සේ මූන ගහගෙන ජන්කුක් ඉකි ගහද්දි ටේහ්‍යුන් ජන්කුක්ට අවධානයක් නොදී බැල්කනි එකට යන්න හැදුවත් ටේහ්‍යුන්ගෙ කකුල් කෙලින්ම ඇදුනේ ජන්කුක් ළඟට.

ජන්කුක් ළඟට ගිහින් ටේහ්‍යුන් ජන්කුක්ට එහා පැත්තෙ ඉදගත්තා. කවුරුහරි ආපු බව දැනෙද්දි ජන්කුක් හෙමින් ඔළුව උස්සලා බැලුවත්, ඒ වෙද්දිත් ටේහ්‍යුන් හිටියේ ජන්කුක් දිහා බලාගෙන. ඒත් වෙනදා පුරුදු විදිහටම ටේහ්‍යුන්ට තිබුනේ සම්පූර්ණයෙන්ම හිස් බැල්මක්.
තත්පර කීපයක් ජන්කුක් දිහා බලන් ඉදලා ටේහ්‍යුන් හැදුවේ එතනින් නැගිටලා යන්න.
ඒත්...
ජන්කුක්ගෙ සීතල අතක් ටේහ්‍යුන්ගෙ එක අතක් තද කරලා අල්ලගනිද්දි ටේහ්‍යුන් ආපහු ජන්කුක් දිහා බැලුවා.

"ඇයි!? "

ටේහ්‍යුන් අහද්දි ජන්කුක් එයා අල්ලන් ඉන්න ටේහ්‍යුන්ගෙ අත දිහා බැලුවා. ටේහ්‍යුන්ගෙ අත හිමින් අත ඇරපු ජන්කුක්...

"ම්..මට මෙහෙ ඉන්න ද්..දෙන්න.. මට අ..ආයෙත් යන්න තැනක් නැහැනෙ.. ප්ලීස් ම්..මට.. මට ඔයා එ..එක්ක ඉන්න ඕනේ.."

______________________________________
***
















Sry for the late 🙂💔

So.. චැප්ටර් එක ගැන අදහස් කියන්න. හොඳ හෝ නරක.

ආ.. තව මට පොඩි ගිෆ්ට් එකක් හම්බවුනා. 🥺 Killer_Vantae නංගාගෙන් 🥺❤

ඒ වීඩියෝ එක මේකේ දාන්න විදිහක් නැහැ මේ වට්පෑඩ් එක පිස්සු නටනවනෙ 😒💔  So, I'm really sorry and Thank you once again my little Rose ❤

කමෙන්ට් කරන වෝට් කරන හැමෝටම ආදරෙයි. 🥺❤

27/04/2024

Continue Reading

You'll Also Like

1.8M 44.1K 42
(*Completed*) Diana Shade was just a strong, smart girl living with her foster parents and brother. She didn't know that soon she was going to be tak...
12M 407K 63
Eliana Snow is a sweet, innocent young woman who's about to inherit the family fortune at age 21. Right now her parents' company, bank accounts, and...
1.3M 57.6K 46
Jungkook is a little, he's lonely and self conscious. All he wants is a life he can enjoy, instead of being scared of what's to come. All he wants is...
1.6M 71.5K 38
"Hahh." A deep sigh escaped Namae's mouth as soon as she realized that she got transmigrated inside that crazy book she just read earlier. The story...