My YOU ( Sinhala | BL | Compl...

KimSuuah tarafından

11.2K 1.3K 619

එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල... Daha Fazla

INTRO 🌱
CHAPTER 1 🌱
CHAPTER 2 🌱
CHAPTER 3 🌱
CHAPTER 4 🌱
CHAPTER 5 🌱
CHAPTER 6 🌱
CHAPTER 7 🌱
CHAPTER 8 🌱
CHAPTER 9 🌱
CHAPTER 10 🌱
CHAPTER 12 🌱
CHAPTER 13 🌱
CHAPTER 14 🌱
CHAPTER 15 🌱
CHAPTER 16 🌱
CHAPTER 17 🌱
CHAPTER 18 🌱
CHAPTER 19 🌱
CHAPTER 20 🌱
CHAPTER 21 🌱
CHAPTER 22 🌱
CHAPTER 23 🌱
CHAPTER 24 🌱
THANK YOU NOTE 🌱💗

CHAPTER 11 🌱

450 56 23
KimSuuah tarafından

" හෙලෝ සසින් කියන්න.. "

" මගේ මැනික.. නිසල්.. "

" හසී.. "

" මගේ නිසල්... කොහෙද මගේ කොල්ලෝ ඉන්නේ.. මාව දාලා කොහෙද නිසල් හැන්ගිලා හිටියේ.. ඔයත් අන්තිමට මාව තනිකරලා දාලා ගියා නේද වස්තුව "

" හසීහ්.. "

මට ඇඩුනා.. මට හොදටම ඇඩුනා.. මම හසී මට ආදරෙන් කතා කරනවා අහපු පලවෙනි වතාව ඒක.. මට මැනික මැනික කියන හැම මොහොතකම මගේ හදවත පුදුමාකාර වේගයෙන් ගැහෙන්න ගන්නවා..

" මගේ වස්තුව ඇයි මට කතාවත් නොකරේ "

" හසී.. මම ජරා කොල්ලෙක් නෙවෙයි හසී.. එදා රෑ ගැන මට සමාවෙන්න හසී.. "

" නිසල්.. තාමත් ඔයා ඒක ගැනද හිතන්නේ.. දෙවියනේ එදා රෑ ඔයා නෙවෙයි මායි ඔයා එක්ක ඒක කරන්න පටන් ගත්තේ.. මම ඔයා මට කැමැත්තෙන් ඉන්නවා කියලා දැනන් හිටපු නිසායි ඒක කරේ.. ඔයා උදේ බය වුන විදිහට මට මන් ගැන ලැජ්ජාවක් ආවා.. ඒකයි කේන්ති ගිහින් වැරදි දෙයක් කියවුනේ.. මට සමාවෙන්න නිසල්.. "

" මට ඔයාව ගොඩක් මතක් වුනා හසී.. "

" මටත් මගේ මැනික.. ඔයා එනකන් හැමදාම මම මග බලන් ඉන්නවා නිසල්.. ඔයාලගේ වහලා තියෙන දොර ලග ඉදන් මම දවස් කීයක් රැයවල් කීයක් ඔයා එනකන් බලන් හිටියද කියලා ඔයාට හිතාගන්නවත් බෑ.. මැනික එන්නකෝ මන් ලගට "

" හසී.. ඔයාට බැරිද මාව බලන්න එන්න සසින් එක්ක.. "

" ඇයි මැනික ඔයා ලංකාවට එන්නේ නැද්ද ආපහු.. "

" එනවා මේ ටිකේ මන් අසනීපෙන් ඉන්නේ ටිකක්.. එන්න බැයිද සසින් එක්ක.. "

" එන්නම් මැනික.. මම එන්නම්.. මැනික මොකක්ද ලෙඩේ.. ඔයාට අවුලක් නෑ නේද.. "

" ඔයා පරක්කු වුනොත් නම් ලෙඩේ බරපතල වෙයි.. උපරිම දවස් තුනක් දෙන්න එනවද මාව බලන්න.. "

" එන්නම් මැනික එන්නම්.. මැනික එහෙනම් විවේක ගන්න.. මම ඔයාව බලන්න එනවමයි.. පොරොන්දු වෙනවා.. පරිස්සමෙන් ඉන්න මගේ වස්තුව.. "

" හරි හසී.. මන් බලන් ඉන්නවා.. "

" නිසල්.. "

" ඕඕහ් ? "

" මම ඔයාට පනටත් වඩා ආදරෙයි මගේ මැනික "

" මමත් ආදරෙයි මගේ හසී.. බලන් ඉන්නවා ඉක්මනින් එන්න.. "

මගේ චන්ඩි පැංචා අප්පච්චිගේ කටහඩ අහල එලියට එන්න අරගල කරනවා.. මට පයින් ගගහා එක විකාරයයි..

' ආහ්හ්..පුතු මගේ.. ඉන්නකෝ වස්තුව ඉවසලා.. අප්පච්චිව දකිනකන් අම්මට පුතුව එලියට ගන්න බෑ මගේ වස්තුව.. පුතුට අම්මි නැතත් අප්පච්චි හරි ඉන්නවනේ කියලා දකිනකන් මට මගේ මැනිකව එලියට ගන්න බෑ රත්තරනේ.. '

මම පුදුමාකාර අමාරුවෙන් ඇදෙන් බැස්සේ කකුලුත් ඉදිමිලා තුන්ටියෙනුත් ආපු වේදනාව ටිකක් අඩු කරගන්න.. අම්මා කෙනෙක්ගේ ඒ වේදනාව හිතාගන්නවත් බැරි දරුනුයි කියලා මට තේරුනේ මාත් අම්මා කෙනෙක් වෙන්න හිටපු නිසා.. ඇග ඇතුලේ මස් නහර අමු අමුවෙම ඉරාගෙන එන ඒ වේදනාව එක්ක චූටි පැටියා එලියට එන්න කරන අරගලයත් ඉවසන් රස කෑමක් කන්න පිරියක් නැති වෙද්දි පැංචා වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරන්න ඒ එන හැගීම හරිම පුදුමාකාරයි..

මගේ අම්මා මගේ බන්ඩියේ ඔලිව් ඔයිල් ගගා හරිම පරිස්සමින් අතගාද්දි අප්පච්චිත් අනේ ඇවිත් බන්ඩියට කන තියාගෙන පුංචි පුතුගේ දාංගලේ අහන් ඉන්නවා.. අනේ මගේ හසීටත් මේ අත්දැකීම ගන්න තිබ්බනම්.. මම නිසා ඒ හීනේ එයාට ජීවත් වෙන්න බැරි වුනා කියලා දැනෙද්දි ඇත්තමයි මගේ පපුව කීරි ගැහුනා..

.
.
.

හසී සසින් දෙන්නම එනවා කිව්වට දවස් තුනක් ගිහිල්ලත් ඒ දෙන්නා ආවේ නැති නිසා මම හිටියේ ඇත්තටම දුකින් ඒවගේම බයෙන්.. මොකද දරුවා හම්බෙන්නම ඇත්තටම ගොඩක් ලන් වෙලා කියලා මට දැනෙන්න අරන් තිබ්බේ.. මගේ බ්ලඩ් ප්‍රෙශර් වල ඉදන්ම වැඩිවෙලා මම හිටියේ ඩොක්ටර්ස්ල කිව්වා වගේම හොද තත්වෙක නෙවෙයි.. හැම වෙලේම මගේ ලග එක්කෙනෙක් හරි තනියට හිටියෙම මට කොයි මොහොතෙ කොයිවගේ තත්වෙකට මූන දෙයිද කියලා විශ්වාස නැති නිසා..

" ආහ් අම්මේ.. "

" පුතේ ඇයි රත්තරනේ.. "

" අනේ මේ කොලුවා දගයි අම්මේ.. දැන්නම් මට ඉන්න අමාරුයි අප්පා.. "

" තව ටික දවසයිනේ රත්තරනේ.. අනේ මගේ වස්තුවත් මගේ බන්ඩියේදි ඔහොමමයි.. දුන්න දස වදයක්.. "

මම ඇදේ කකුල් දෙකත් පලල් කරන් බෙඩ් ශීට් එකෙන් විතරක් වහන් හිටියේ මේ වෙලාවෙ මගේ ඇගේ පැටලෙන රෙදි කෑල්ල බවා මට පුදුම කරදරයක් විදිහට දැනෙද්දි.. සැහැල්ලුම සැහැල්ලු ටී ශර්ට් එකත් බන්ඩියෙන් උඩට දාගෙන හිටියේ අම්ම බන්ඩිය අත ගගා මාව සනසද්දි...

ඒත් එක්කම මගේ ෆෝන් එකට අදුරන්නේ නැති නම්බර් එකකින් කෝල් එකක් ආවා..

" හෙලෝ... කවුද මේ.. "

" වස්තුව මම.. අපි ආවා රත්තරනේ.. මැනික කොහෙද ඉන්නේ.. "

" මම හොස්පිට්ල් එකේ හසී.. ***** හොස්පිට්ල් එකේ.. 7 වෙනි වෝඩ් එකේ රූම් නම්බර් 14 "

" හරි මැනික මම එන්නම්..මැනිකට මොනවහරි ගේන්න ඕනිද "

ඒක ඇහුවා විතරයි මේ මාස ගානටම කන්න මෙලෝ දෙයක් ආසාවට ආපු නැති මට එකම එක දෙයක් කන්න ආස හිතුනා..

" හසී ස්ට්‍රෝබෙරි ගේන්නකෝ පුලුවන්නම්.. ෆ්‍රෙෂ් ඒවා.. "

" හරි වස්තුව.. මම ගේන්නම්.. ඉක්මනින් මන් ඔතන මගේ මැනික.. "

" පරිස්සමෙන් එන්න හසී.. බුදු සරණයි.. "

" බුදු සරණයි මැනික.. "

මට දැනුන සතුට මට වචන කරගන්න බැරුව හිටියේ.. හැමදාම වගේ මගේ කොල්ලා අප්පච්චිගේ කටහඩට පිස්සු නටද්දි ඒක දරාගන්න මම ඇද රෙද්ද මිරිකන් හිටියේ..

' අනේ කොල්ලෝ බල්ටි ගහපන් එලියට ඇවිත්.. මට අමාරුයි බන්.. '

බැරිම තැනක මට තරවටු කරන්නත් වුනා මගේ පැංචාට..

කෝල් එකෙන් පස්සේ මම බලාහිටියෙම දොරෙන් ඒ ඇස් මතුවෙනකන්.. පැයකටත් වඩා මම එක දිගට බලන් හිටියා ඒත් එයාව පේන්න නැති වෙද්දි මට දුක හිතුනා..

' අප්පච්චි පරක්කුයිනේ පැටියෝ '

හිතේ දුක අහන්නෙත් මගේ පැටියාම නිසා මම බන්ඩිය අත ගගා එයාට දුක කිව්වා.. ඒත් එක්කම දොර ඇරුනා..

" නිසල්.. "

ඇතුලට එන්නේ නැතුවම දොර ලග ඉදන් සසින් වගෙම හසීත් මන් දිහා පුදුමෙන් බලන් ඉන්නවා.. ඔව් එහෙම වෙන්න එපැයිනේ මේ බැරි වෙලාවත් දකින්න හම්බෙන දසුනක් නෙවෙයිනේ.. ඊටත් වඩා මාව මේ විදිහට එයාලා බලාපොරොත්තු වුනේ නෑනේ..

" හසී.. සසින් එන්න ඇතුලට.. "

එකම එක වචනයක්වත් නොකියා තාමත් මන් දිහා බලන් හිම්ට ඇතුලට ආවා.. මමත් අමාරුවෙන් ඉනෙන් ඉස්සිලා ඇදේ ඉදගන්න හදද්දි හසී ටග්ගාලා ලගට ඇවිත් මාව අල්ලගත්තා..

" මැ..මැනික.. පරි..පරිස්සමෙන්.. "

එයාට වචන පිටවෙන්නෙත් නෑ.. ඒ ඇස් වල කදුලු පිරිලා.. ඒ අස්සේ අප්පච්චිගේ කටහඩට පැංචා චූන් වෙලා..

" ආහ්හ්හ්.. "

" මැනික.. ඇයි මේ.. "

මම එයාගේ අත අරන් මගේ බන්ඩිය උඩින් තිබ්බා.. පැංචගේ දැගලිලි එයාට දැනුනා.. හිතන්නෙවත් නැති විදිහට එයාගේ ඇස්වල කදුලු වැක්කෙරෙද්දි ඒ කදුලු අස්සෙන්ම එයා මගේ නලලෙන් හාදුවක් තිබ්බා..

" නිසල්.. සොරි බන් මෙහෙම කිව්වට.. ප්ලීස් මට මේ සිටුවේශන් එක පැහැදිලි කරපන්කෝ.. ප්‍රෑන්ක් එකක් වත් කරනවද උබ යූටියුබ් දාන්න.. "

මෝඩ සසින් වට පිට බල බල කැමරා හොයනවා ප්‍රෑන්ක් එකක්ද කරන්නේ අහ අහ..

" ප්‍රෑන්ක් නෙවෙයි සසින්.. මම ප්‍රෙග්නන්ට් "

" මැනික ඔයා ට්‍රාන්ස් ජෙන්ඩර් ද "

" නෑ හසී.. මම උපදුනේ මේ විදිහට.. ඔයාලට හැන්ගුවට මේක තමා මගේ ඇත්ත විදිහ.. මම උපදුනේ පිරිමි ලමයෙක් විදිහට හැබැයි මට ඕනිනම් තෝරාගැනීමක් කරන්න පුලුවන් මට ඉන්න ඕනි කවුරු විදිහටද කියලා.. "

" අඩෝ නිසල් දැන් තෝ කියන්නේ මේ උබේ ඇත්තම බඩ කියලද?? රබර් බඩක් නෙවෙයි ඇත්තම බඩ ? බඩ ඇතුලේ බබෙක් ඉන්නවා කියලද ?? "

" අනේ ඇත්තමයි මේ ගොනාගේ කටනම්.. වහගනින් ඔය වක්කඩ කට සසින්.. "

" සසින්.. එන්න.. ඇවිත් අල්ලලා බලන්න.. එයාව දැනෙනවා.. "

මම සසින්ට අඩ ගැහුවම එයා බයෙන් වගේ මගේ ලගට ඇවිත් මගේ බඩ උඩින් ඇගිල්ලක් තිබ්බා..

" මෙහෙම අත තියන්න.. "

මම හරියට අත අරන් මගේ බන්ඩියේ තියලා අල්ලන් හිටියම හසී වගේමයි එයාගේ ඇස් වලත් කදුලු පිරුනා.. සසින් කියන්නේ පිස්සු කෙලියට හරිම සංවේදී මනුස්සයෙක්.. එයා හරිම අහිංසකයි.. යාලුවෝ දෙන්නා වෙනුවෙන් මැරෙන්න වුනත් පුලුවන් තරම් ආදරයක් ඒ හිතේ තියෙනවා..

" මැනික.. බබා කෙල්ලෙක්ද කොල්ලෙක්ද "

" කවුරු කියලද හිතන්නේ ?? නෑ නෑ කවුරු වෙනවටද කැමති ? "

" මම කැමති කොල්ලෙක් වෙනවනම්.. ඔයා වගේ කොල්ලෙක් වෙනවට.. කෙල්ලෙක් වුනත් කමක් නෑ ඒත් ඔයා වගේ වෙනවනම්.. "

" මගේ වගේ වෙයිද කියන්න දන්නේ නෑනේ.. දරුවගේ අප්පච්චි වගේ වුනොත්.. "

ඒ ඇස් ගැස්සුනා.. ඔව් සසින් වගේම මගේ හසීත් ඒක කිව්වම ටිකක් කලබල වුනා.. සසින් මගේ දිහා බලන් ඉද්දි හසීගේ ඇස් දෙකෙන් ආපහු කදුලු වැක්කෙරෙන්න ගත්තා..

" හසී ඇයි මේ අඩන්නේ.. "

" නෑ නෑ සතුටට.. ඔයා අම්මා කෙනෙක් වෙන්නනේ යන්නේ මට සතුටුයි.. "

" මම අම්මා කෙනෙක් වෙන එක විතරද සතූටු.. ඔයා අප්පච්චි කෙනෙක් වෙන එකට සතුටු නැද්ද "

" නෑ නෑ ඒකටත් සතුටුයි.. ඈහ් !! මොකක් !! මම කවුරු වෙනවා !!! "

" ඇයි මේ පුදුම වෙලා.. මම දරුවගේ අම්මානම් දරුවට අප්පච්චි කෙනෙකුත් ඉන්න එපැයිනේ.. නැතුව බඩට ලමයෙක් එන්නේ නෑනේ.. "

" නිසල් උබ කියන්නේ හසී බබාගේ අප්පච්චි කියලද.. මේ අපේ ශෙහානයා "

" ඔව් ඔව් අපේ ශෙහානයා එදා කරපුවයේ හපන්කම් තමා.. "

" මැනික.. විහිලු කරන්න එපා මගේ මැනික.. මගේ පපුව පැලෙන්න වගේ.. "

" දුකටද සතුටට ද "

" සතුටට මගේ රත්තරනේ.. උබ දන්නවා මගේ හීනේ.. උබ දන්නවනේ රත්තරනේ මගේ ඒ හීනේ.. "

" හසී.. මේ ඉන්නේ අපේ දරුවා.. "

මම එයාගේ අත අරන් මගේ බන්ඩිය උඩින් තිබ්බා.. අනේ හසී හොදටම අඩනවා.. ඒ අස්සේ සසිනුත් අඩනවා..

" මගේ වස්තුව මම ආදරෙයි මගේ පන.. මගේ නිසල් උබට පින් බන් මගේ හීනේට පන දුන්නට.. "

" හසී.. මට සමාවෙන්න දාලා ආවට.. මම හිතුවේ ඔයා එදා රෑ ගැන පසුතැවුනා කියලා.. මාව ජරා කොල්ලෙක් විදිහට දකි කියලා.. "

" මගේ වස්තුව මම ඔයාව නැති වෙද්දි පසුතැවුනා.. මම ඒක නොකරනම් ඔයා මගේ ලග කලින් වගේම ඉන්නවනෙව් කියලා.. ඒත් වස්තුව අපේ මේ චූටි වස්තුව අපි අතරට ආවේ ඒ දවස නිසානේ.. බලාපොරොත්තු අතෑරුන රැයක් වෙච්ච අපිට ඒ රාත්‍රියෙන්ම ඇතිවුන පුංචි බලාපොරොත්තුව මේ චූටි වස්තුව වෙද්දි කොහොමද අපි පසුතැවෙන්නේ.. "

" අනේහ් ඔයා කතා කරන්න එපා.. මේ දග මල්ල ඔයාගේ කටහඩ ඇහිච්ච ගමන් මට එලොව තරු පෙන්නනවා.. "

" දග මල්ල ?? මැනික එයා පුතෙක්ද "

" ආහ් ඒක කියන්න අමතක වුනානේ.. ඔව් ඔව් චූටි ජුන්ඩෙක් තමා.. "

" අනේ දෙවියනේ.. "

එයාව මාව බදාගත්තා.. මාව තුරුල් කරන් එයා හොදටම ඇඩුවා..

පැයක් දෙකක් දෙන්නා එක්ක මගෙන් එක එක ප්‍රශ්න අහන් මගේ බන්ඩියටත් ඇන ඇන පොඩි එකාටත් වඩා දස වදයක් දුන්නේ.. ගෙනාපු ස්ට්‍රෝබෙරි හෝදලා කවලා මාව ඉබ ඉබ හසී එක මොහොතක්වත් මගෙන් අහකට වුනේ නෑ..

" මේ ඔහොම ඉන්න මම වොශ් රූම් ගිහින් එන්නම්.. බබා එක්ක සැරෙන් සැරේ යන්න ඕනි.. "

මම බැරි බැරි ගාතෙ ඇගේ පටලන් හිටපු රෙද්ද අල්ලන් නැගිටින්න හදද්දි හසී ටග්ගලා ඇවිත් මාව අල්ලාගත්තා..

" මේ ශෙහාන් මම පොඩ්ඩක් එලියෙන් ඉන්නම්.. උබලා දෙන්න ඉන්න ටිකක් කතා කර කර.. "

සසින් එලියට ගියේ ඇයි කියන්න මම දන්නවා.. අපි කොල්ලොම තුන් දෙනෙක් විදිහට ඔහේ හෙලුවෙන් දගලලා ඇති ඕනි තරම්.. ඒත් සසින් දැන් මාව කොල්ලෙක් විදිහට දකිනවට වඩා මාව අම්මා කෙනෙක් විදිහට දකින්න අරන්.. කොලු කමට කෙල්ලෙක්ගේ නිරුවතක් බැලුවට කොල්ලෝ කවදාවත් බඩ දරු අම්මෙක්ගේ නිරුවතකට අගෞරව කරේ නෑ.. තනේ එලියෙ දාලා පැටියට කිරි දෙද්දේ කොල්ලෙක් ඒ තන දිහා වලත්තකමින් බලන්නේ නෑ.. අන්න ඒ ගෞරවය දැනෙන දේටයි අම්මා කියන්නේ.. ලිංගික අසහානකරයක් නොවන ඕනිම කෙනෙක් බඩ දරු අම්මෙක්ට වගේම කිරි දෙන අම්මෙක්ට කොටින්ම කිව්වොත් ගෞරවය ලබන්න සුදුසු හැම අම්මෙක්ටම ගෞරව කරා.. සසින්ගෙන් මට දැන් ලැබුනෙත් අම්මෙක්ට ලැබෙන ඒ ගෞරවය..

සසින් එලියට ගිය නිසාම මම රෙද්ද අතෑරලා අමාරුවෙන් ඇදෙන් බැස්සේ හසීගේ අතේ එල්ලිලා.. හසී මාව පරිස්සමෙන් අල්ලන් වොශ් රූම් එකට ඇවිත් මාව අල්ලන් හිටියේ මම කරන්න ඕනි දේ කරනකන්..

" අනේ මගේ රත්තරනේ උබ හරිම ලස්සනයි බන්.. මගේ පැංචව දරාගෙන හිටියත් එදා වගේම උබ හරිම හැඩයි.. "

" අනේ ඉන්න බොරු නොකියා.. මම කැත වෙලා දැන්.. බබා හම්බුනාම ඊටත් වඩා කැත වෙයි.. "

" පිස්සුද දැනුත් ලස්සනයි බබා හම්බෙලා කිරි දෙද්දී ඊටත් වඩා ලස්සනයි.. "

" ඔයා කොහොමද දන්නේ කිරි දෙන කතාව.. මගේ කුක්කු ඒවා ගොඩක් පේනවද "

" මැනික.. උබට කිරි එරිලා.. "

එතකන් මම දැක්කේ නෑ මට කිරි එරිලා කියලා.. මගේ සුදු ටී ශර්ට් එක තෙත් වෙලා..

" උබට ගොඩක් අමාරු ඇති නේ මගේ වස්තුව.. පැංචා එන්න ගොඩක් ලග පාටයි.. "

" ඔව් තව දවස් තුනයි තියෙන්නේ.. ඒත් මටනම් හිතෙන්නේ මේ පැංචා ඊට කලින් එයි වගේ.. "

" අනේ මගේ රත්තරනේ.. මට සමාවෙන්න උබට ඕනිම කාලේ ලග ඉන්න බැරි වුනාට.. "

" හසී මට ඕනිම කාලේ ඔයා ලග ඉන්නවනේ.. මම ගොඩක් බයෙන් හිටියේ හසී මේ ටිකේ.. ඒත් ඔයා ආවට පස්සේ මට පුදුමාකාර සැහැල්ලුවක් දැනුනේ.. හසි මාව අම්මෙක් කරාට තැන්ක්‍යූ "

" මගේ ලෙයට පන දුන්නට උබට පින් මගේ පන.. එන්න යන් දැන් ඇති කතා කරා.. දොයියගන්න මගේ වස්තුව දැන්.. "

හසී මාව ඇදෙන් හාන්සි කරලා මගේ යට හරිය රෙද්දෙන් වැහුවා.. මට නිදාගන්න ලෝබයි.. මොකද මම ඇත්තටම දන්නේ නෑ මට හසීගේ ආදරේ අවංකවම තව දවස් කීයක් විදින්න ලැබෙයිද කියලා.. මම ඇස් පියාගන්නේ නතුව එයා දිහාම බලන් හිටියා.. එයාත් හරිම ලස්සනට ලා හිනාවක් මුනේ තියාගෙන මන් දිහා බලාගෙනම මගේ ඔලුව අතගගා හිටියා.. එයා ලග ඉන්න නිසා දැනුන සනීපෙටමද මන්දා මට හරි ඉක්මනින්ම නින්ද ගියා..

" මම ඔයාට මගේ පනටත් වඩා ආදරෙයි "

.
.
.
.
.

හායියූ ~

ඔන්න අද දවසට දීපු තුන් වෙනි එක 😮‍💨
ඒකත් දිගට දුන්නා.. 😌🔥

හෙට පැමිණීම නම් ශුවර් නෑ ලමයි මට අනිද්දට එක්සෑම් එකක්.. 🥲💔

අදහස් කියන් යන්න මැනිකෙලා..

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Okumaya devam et

Bunları da Beğeneceksin

710 66 14
Two families in China .One is Famous mafia family .Another one is respectable royal family .Hate to each other .Are they fallen love ? Yizhan Sinhal...
340K 9.4K 158
"Everyone has a goal or a dream that they want to make a reality. Most people want to be famous, most people just want power, and some people even wa...
939K 83.9K 39
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
848 206 19
°|01/01|° ගිනියම් වූ යුධ බිමේ ආදර අරුමැසිය Written by author KYH~😼💕