My YOU ( Sinhala | BL | Compl...

Par KimSuuah

13K 1.4K 680

එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල... Plus

INTRO 🌱
CHAPTER 1 🌱
CHAPTER 2 🌱
CHAPTER 3 🌱
CHAPTER 4 🌱
CHAPTER 5 🌱
CHAPTER 6 🌱
CHAPTER 7 🌱
CHAPTER 8 🌱
CHAPTER 9 🌱
CHAPTER 11 🌱
CHAPTER 12 🌱
CHAPTER 13 🌱
CHAPTER 14 🌱
CHAPTER 15 🌱
CHAPTER 16 🌱
CHAPTER 17 🌱
CHAPTER 18 🌱
CHAPTER 19 🌱
CHAPTER 20 🌱
CHAPTER 21 🌱
CHAPTER 22 🌱
CHAPTER 23 🌱
CHAPTER 24 🌱
THANK YOU NOTE 🌱💗

CHAPTER 10 🌱

496 63 23
Par KimSuuah

" පුතා.. "

" අම්මා මන් දිහා ඔහොම බලන්න එපා.. මට බෑ.. මට බෑ මගේ පැටියව නැති කරන්න.. "

" මගේ වස්තුව.. ඔයාට අසනීප වෙයි මැනික.. ඩොක්ටර් කිව්වා ඇහුනේ නැද්ද ඕක ඔයාට අවදානමක් මගේ පුතේ.. "

" අම්මා ඔයා මන් ඉන්න තැන ඉන්නවනම්.. ඔයාගේ බඩ ඇතුලේ මන් ඉන්න කාලේ ඔයාට මේම වුනානම් ඔයා ඒත් මාව නැති කරලා දානවද ?? "

" පුතා.. "

" අම්මා.. මාත් කොල්ලෙක් වුනාට දැන් මන් අම්මා කෙනෙක්.. අම්මා, මගේ ලේ කැටියාව මරන්නේ නැහැ අම්මා මම මට මොනා වුනත් "

" පුතා ඔයාට බෑ දරුවෙක් වදන්න.. අනික ඉපදෙන දරුවටත් සංකූලතා එන්න පුලුවන්.. "

" අම්මා.. මගේ සංකූලතාවය මම දකින්නේ ආශිර්වාදයක් විදිහට.. පිරිමියෙක්ට දරන්න බැරි මව් පදවිය මට ලැබුනා.. ඒ නිසා තවත් අසුභ කතා කියන්න එපා.. "

" අම්මා ඕක නවත්තන්න.. පුතා තීරණයක් අරන් ඉවරයි.. මොන දේ වුනත් ප්‍රානයක් නසන්න කියලා අපිට කටක් ඇරලා කියන්න  අයිතියක් නෑ.. පුතා ඔයා දරුවාව වදන්න තීරනේ කරත් ඔයා දන්නවා දරුවා වැඩෙන එකත් අස්ථිරයි කියලා.. ඔයා මෙතන අද ගන්න තීරනෙන් වෙන හැමදෙයකම වගකිම ගන්න ලෑස්තිද ? "

" ඔව් අප්පච්චි.. දරුවා නිරෝගිව ඉපදෙයිද ඉපදෙන්න වාසනාවක් නැතුව යයිද මට ජීවත් වෙන්න ලැබෙයිද නැද්ද මේ කිසිම දෙයක් අදාල නෑ.. මට බෑ මගේ පැටියව නැති කරන්න.. "

" හරි මම ඩොක්ටර්ව එක්කන් එන්නම්.. ඔයාම ඔයාගේ තීරනේ කියන්න.. "

අම්මා මන් ලග ඉදන් හෝ ගාලා අඩද්දි අප්පච්චි හිත ඇතුලෙන් අඩන ගමන් මන් වෙනුවෙන් පෙනී හිටියා.. දරුවගේ අප්පා කවුද උබ පිරිමියෙක් මොන ලමයි වැදිලිද ඒ වගේ සක්කිලි කතා නොකියන දෙවියන් වටින අප්පච්චි කෙනෙක් මට හිටපු නිසා දරුවා වදලා මම මැරුනත් මට බය නෑ කියන තැන මම හිටියෙ.. මොකද මම දන්නවා මගේ අප්පච්චි මගේ දරුවට මට කවුරු නැති වුනත් ලග ඉන්නවා කියලා..

" නිසල්.. මිස්ටර් ඒකනායක මට ඔයාගේ තීරනේ කිව්වා.. ඔයාට විශ්වාසද "

" ඔව් ඩොක්ටර්.. මට ඇබෝශන් එකකට යන්න බෑ.. මට මගේ දරුවා ඕනි.. "

" හරි නිසල්.. එහෙනම් මෙහෙමයි මම ඔයාව ස්පෙශල් කේස් එකක් නිසා අපේ ටීම් එකටම බාර දෙනවා.. ඔයා සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනි වගේම ඔයා දරුවා වර්ධනය වෙන්න අවශ්‍ය හැම පෝෂනයක්ම ලබා දෙන්න ඕනි.. අපි අපේ උපරිමය උත්සහ කරමු ඔයා බලාපොරොත්තු වෙන දේ ලබලා දෙන්න"

" තැන්ක්‍යූ ඩොක්ටර් "

" ඕකේ.. නිසල්ගේ අම්මයි අප්පච්චි මගේ රූම් එකට එන්න නිසල්ව බලාගන්න හැටි මම විස්තර දෙන්නම්.. "

අම්මා අප්පච්චි ඩොක්ටර් එක්ක රූම් එකට යද්දි මම මගේ යන්තම්වත් එලියට නෙරලා නැති මගේ බන්ඩිය දිහා බලන් අත ගෑවා..

' මගේ වස්තුව.. ඔයා පරිස්සමෙන් කොහොමහරි ලොකු වෙන්න ඕනි මගේ මැනික.. ඔයාට ගොඩාක් ස්තූතියි මගේ බන්ඩියට ආවට මගේ පන.. අම්මා ජීවත් වෙන්න හේතු හොය හොය ඉන්න වෙලාවේ ඒ හේතුව ඔයා වුන එකට ගොඩක් ස්තූතියි.. '

හැඩයක් රූපයක් නමක් නැති ලේ කුට්ටිය මගේ ජීවිතේ මට ලැබුන ලොකුම සතුට වෙද්දි මට දැනුනේ එයාව දෙවියන් මට එවපු තෑග්ගක් විදිහට.. හසී අප්පච්චි කෙනෙක් වෙන්න හීන දැක්කත් ඒ හීනේ මන් වගේ කෙනෙක්ගෙන් ඉශ්ට වෙනවට එයා කැමති නැතුව ඇති.. මට විශ්වාසයි එයා දැනගත්තොත් මේ එයාගේ දරුවා කියලා එයා අනිවාරෙන්ම එදා රෑ ගැන පසුතැවෙනවා..

මගේ චූටි පැටියට අප්පච්චි කෙනෙක් නැති වුනාට කමක් නෑ මට බය නැතුව උබේ අම්මයි අප්පච්චියි දෙන්නම වෙන්න පුලුවන් කියලා කටක් ඇරලා කියන්න පුලුවන්කම තිබ්බ නිසාම මම ගොඩක් සතුටු වුනා..

                              ...........

" අනේ අම්මා මටනම් බෑ තවත්.. අම්මේ මට වමනෙට එනවා අම්මේ.. "

" මගේ වස්තුව කාපන් මයේ රත්තරන්.. දරු පැටියට කෝ මැනිකේ පෝශනේ.. අනේ බලන්නකෝ ඔයත් ඇට ගැහිලා.. ඔහොම කරන්න බෑනේ මැනික.. "

යන්තමින් බඩට මාස දෙකක් වෙච්ච දවසේ ඉදන් බඩට වැටෙන හැම කෑම කටක්ම වමනෙ වෙවී එලියට යද්දි දැන්නම් මට ඇති කියලා නවත්තන්න තරම් මන් තෙහෙට්ටුවෙන් හිටියේ.. බොන වතුර පොදේ ඉදන්ම මට වමනේ වෙද්දි එ දිහා බලන් හිටපු අම්මා අප්පච්චි පන පිටින් මැරුනා කියලා මන් දැනගත්තා.. වමනේ නාගෙන මගේ පිට පපුව අතගාන අප්පච්චියි මගේ වමනේ ඇද ඇද මුලු රෑම මන් ලග නිදි මරන අම්මායි නිසා මම නොමැරී හිටියා වුනාට මගේ බන්ඩියේ ඉන්න පැටියට වගේ වගක් නැති හැඩැයි එයා සාමාන්‍ය විදිහට ලොකු වෙනවා..

හසීට කතා කරලා බලන්න අනන්තවත් හිතුනට් ඒ කටින් මොනවා පිටවෙයිද කියන බය නිසාම මම ගොඩක් ඉවසුවා.. ආසයි ඒ තුරුලට වෙලා ඉන්න.. එයාගේ අතින් කවන බත්කටක් කන්න.. ආසයි මගේ බන්ඩිය අත ගගා දරුවට කතා කරනවා අහන්න.. ඒත් මම ඒ තරම් වාසනාවන්ත නැද්ද කොහෙද..

                            ............

බඩට මාස නමයකට කිට්ටු වෙලා බඩ නෙරලා එලියට ඇවිත් තියෙද්දි මගේ පෙනුම ගොඩක් වෙනස් වුනා.. ගැහැනියෙක්ගේ තරම් නොවුනත් මගේ තන් දෙකත් කිරටද මන්දා පුංචි ගැට දෙකක් වෙලා තිබ්බා.. මගේ බන්ඩියේ ඉන්නේ චන්ඩි පුතු පැටියෙක් කියලා දැනගත්‍තු දවසේ ඉදන් මේ පැංචාගේ පහරවල් ඉවසන් නිදි නැති රැයවල් ගනන් කරන්න බැරි තරම් වෙද්දිත් මම සතුටු වුනා මගේ පැංචා නිරෝගීව වැඩෙන නිසා..

පහුගිය කාල සීමාව මට කියාගන්න බැරි තරම් වේදනාත්මක මාස ගානක් වුනේ මගේ පැංචා එන්න ඔන්න මෙන්න තියලා මගේ බ්ලඩ් වල හිමොග්ලොබින් කවුන්ට් එක ගොඩක් අඩුවෙලා මාව හොස්පිට්ල් ඇඩ්මිට් කරද්දි.. මට පිටින් බ්ල්ඩ් දිලා සෑහෙන්න අමාරු කාලයක් මන් ගත කරද්දි මම හිටපු මානසික මට්ටමත් කියාගන්න බැරි තරම් නරක පැත්තක තිබ්බේ.. මම තනිවෙලා කියන එක දැනෙද්දි මට කලින්ටත් වඩා හසීව ඕනි වෙද්දි මට බයක් දැනුනා දරුවා ඉපදෙද්දි මම ජීවතුන් අතර ඉදීවිද කියලා.. මොකද අම්මා අප්පච්චි ඇගෙව්වේ නැති වුනාට මම ගොඩක් වෙලාවට ඩොක්ටර් එයාලා එක්ක කතා කරන ඒව හොරෙන් අහන් ඉන්න පුරුදු වුනා.. මගේ මේ කන්ඩිශන් එකත් එක්ක මම ෆිසිකලි ගොඩක් වීක් නිසා වගේම දරුවා ලැබෙද්දි වෙන බ්ලඩ් ලොස්ට් එකත් එක්ක හරිම අවදානම් තත්වයක මම ඉන්නේ කියන එක ඩොක්ටර් පුන පුනා කිව්වා..

දරුවා ලැබෙන්න දීපු දිනේට සතියක් තියෙද්දි මේ හැමදේම එක්ක මම හිටියේ ගොඩාක් මානසිකව වැටිලා.. මට දරුවාට කිසිම කරදරයක් නැතුව මේ ලෝකේ දකින්න ඉඩ දෙන්න පුලුවන් වේවිද කියලත් ලොකු සැකයක් මගේ හිත ඇතුලේ තිබ්බා.. මට ඒ සැකය නිසාම මම මැරුනොත් හරි මගේ පුංචි පුතු පැටියා එයාගේ අප්පච්චි ගැන දැනගනීද කියලත් මට හිතුනා..

ගොඩක් වෙලා කල්පනා කරලා මම අමාරුවෙන් තීරනේ කරා සසින්ට කෝල් එකක් ගන්න..

" හෙලෝ.. කවුද මේ.. "

" සසින්.. "

" මගේ නිසල්.. නිසල්.. උබ කොහෙද බන් ඉන්නේ.. නිසල් උබ හොදින් නේද.. "

" සසින්... "

මට ඇඩුනා.. කිසිම වචනයක් කියාගන්න කලින්ම මට ඇඩුනා..

" අනේ නිසල් අඩන්න එපා.. ඇයි මේ.. ඔයා අසනීපෙන්ද... "

" සසින්... ඔයාට පුලුවන්ද අන්තිමපාරට මාව බලන්න එයා එක්ක එන්න.. "

" නිසල්.. මොකක්ද උබ මේ කියන්නේ.. "

" සසින්.. මම ජීවත් වෙන අන්තිම දවස් කීපය මේ ටික වෙන්න පුලුවන්.. මට එක පාරකට උබලා දෙන්නව බලන්න ඕනි බන්.. "

" නිසල්.. අනේ මගේ කොල්ලෝ උබ මොනවද මේ කියවන්නේ.. උබ මැරෙන කතා කියවන්නෙ ඇයි.. "

" සසින්.. මම ඉන්නේ හොස්පිට්ල්.. මම දන්නේ නෑ හසී මගේ මූනවත් බලන්න කැමති වෙයිද කියලා.. ඒත් මට මැරෙන්න මොහොතකට කලින්හරි ඒ දිලිසෙන බෝල ඇස් දෙක බලන්න ඕනි බන්.. "

" නිසල්.. හසි උබට ආදරෙයි බන්.. උබට මේවා කියාගන්න බැරුව මම නොවිදපු දුකක් නෑ.. උබලා මෙහෙන් යන්න ගියාමයි ආගිය අතක් හොයාගන්න නැති වුනා.. මා ඉන්ග්ලන්ඩ් වලට ඇවිල්ලත් උබව හොයන්න ට්‍රයි කරා.. "

" සසින් ඔයා මොකක්ද ඒ කිව්වේ "

" ඔව් හසී උබට ආදරෙයි.. උබ වගේම ඌත් උබට ආදරෙයි.. ඌ පිස්සෙක් වෙලා නිසල්.. උබ එනකන් බලන් ඉදලම ඌ පිස්සෙක් වෙලා.. "

" සසින්.. මගේ අන්‍තිම ඉල්ලිම.. හසි එක්ක එන්න බැයිද මාව බලලා යන්න..මට වැඩි කාලයක් ඉතුරු වෙලා නෑ.. මේ බව හසීට නොකියා එනවද මාව බලන්න "

" මම එන්නම් මගේ කොල්ලො.. මම හසී එක්ක එන්නම් ඔයාව බලන්න.. තව ටිකක් ඉවසපන් රත්තරනේ අපි එන්නම් ඉක්මනටම "

මට දැනුනේ පුදුමාකාර සතුටක්.. දෙවියනෙ මම කලින්ම කතා කරානම් සසින්ට.. මගේ හසී මට ආදරේ බව කලින්ම දැනගත්තනම්.. මගේ පුංචි පුතු පැටියාගේ අප්පච්චි එයා කියලා දැනගත්තනම්.. මම මහ මෝඩයෙක් දෙවියනේ.. මගේ පපුව පුදුමාකාර විදිහට රිදුම් දෙද්දි මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා..

" හෙලෝ සසින් කියන්න.. "

" මගේ මැනික.. නිසල්.. "

" හසී.. "

.
.
.
.
.


හායියූ ~

පුතු පැටියෙක්ලු ඒයි හම්බෙන්න ඉන්නේ 🥹💙
හසී වගේ වෙයිද නිසල් වගේ වෙයිද 👉👈

නිසල්ට කරදරයක් නැතුව දරුවා බිහි කරන්න පුලුවන් වෙයිද 🥹

අදහස් කියන් යන්නෝ 👉👈

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Continuer la Lecture

Vous Aimerez Aussi

1.1M 82.1K 39
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
775 105 6
Wang Yibo Xiao Zhan FF bl male pregnancy
3.9M 162K 62
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
2.1K 279 13
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ග...