My YOU ( Sinhala | BL | Compl...

By KimSuuah

14.6K 1.6K 680

එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල... More

INTRO 🌱
CHAPTER 1 🌱
CHAPTER 2 🌱
CHAPTER 3 🌱
CHAPTER 4 🌱
CHAPTER 5 🌱
CHAPTER 6 🌱
CHAPTER 7 🌱
CHAPTER 8 🌱
CHAPTER 10 🌱
CHAPTER 11 🌱
CHAPTER 12 🌱
CHAPTER 13 🌱
CHAPTER 14 🌱
CHAPTER 15 🌱
CHAPTER 16 🌱
CHAPTER 17 🌱
CHAPTER 18 🌱
CHAPTER 19 🌱
CHAPTER 20 🌱
CHAPTER 21 🌱
CHAPTER 22 🌱
CHAPTER 23 🌱
CHAPTER 24 🌱
THANK YOU NOTE 🌱💗

CHAPTER 9 🌱

535 63 20
By KimSuuah

ඉන්ග්ලන්ඩ් වල එයාර්පෝර්ට් එකෙන් මන් බහිද්දි දවල් 2ත් පහු වෙලා.. විශ්මි නන්ගි මන් එනකන් එයාර්පෝර්ට් එකේ ඉන්නවා දැකපු නිසා මම ටග්ගලා එයා ලගට ගියා..

" නන්ගි... "

" අයියේ.. ගොඩ කාලෙකින්.. ඔයාට කොහොමද "

" අනේ මගේ පොඩි කෙල්ල දැන් ලොකු වෙලානේ සෑහෙන්න.. අවුරුදු කීයකින්ද අනේ මේ දැක්කේ... "

" ඒකනේ මට අයියාව මතක පොඩි එකෙක්ගේ මූනකින්.. වීඩියෝ කෝල්ස් නිසයි අදුනගත්තේ.. එච්චරට වෙනස් වෙලා.. "

" මෝඩ කෙල්ල.. ඔයත් එහෙම තමා.. මේහ් අපේ අම්මට කෝල් එකක් ගන්නකෝ ඒයි මට ෆෝන් එකක් නෑ බන් ගන්න ඕනි.. "

" ආහ් ඉන්න.. "

නන්ගි අම්මට කෝල් එකක් අරන් දුන්නා.. පරිස්සමෙන් මෙහෙට ආවා නන්ගි ඉන්නවා නන්ගි එක්කම යන තැනක යන්නම් කියලා පොරොන්දු වෙලා මම කෝල් එක කට් කරා.. අම බයයි මම සුයිසයිඩ් කරගනී කියලා.. මොකද එදා මම හොස්පිට්ල් එකේ එයාලව බදාගෙන අඩපු දවසේ ඉදන්ම එයාලා හිටියේ මන් ගැන වද වෙලා.. එහෙම වෙලාවක ඊයේ උදේම මම ගෙදරට ආපු හැටි මතක් වෙද්දි අම්මලා අවංකවම පව් කියලා හිතුනා..

එයාලගේ එකම ලමයා මම වගේම එයාලා මාව හම්බෙන්නත් රට පුරා තියෙන හැම දේවාලෙකටම ගිහින් ඉන්න හැම දෙවි කෙනෙක්ගෙන්ම වැද වැටිලා ඉල්ලුවලු.. එහෙම හදාගත්තු මාව එයාලා අවංකවම මලක් වගේ හැදුවේ.. කිසිම දෙයකින් මට හිත රිද්දලා නෑ මගේ අම්මයි අප්පච්චි.. මම ඉල්ලන හැමදේම මට ඕනි හැමදේම කරන්න එයාලා උදව් කරනවා.. අවුරුදු 25ක් වුනත් මම හැමදාමත් එයාලගේ අතට ආපු ඒ පුංචි මැනික විදිහටයි අදටත් මට සලකන්නේ..

එහෙම හොද අම්ම කෙනෙක්ට අප්පච්චි කෙනෙක්ට මම වගේ දරුවෙක් නැතුව හොද සාමාන්‍ය කොල්ලෙක් හම්බෙන්න තිබ්බේ.. මගේ ජීවිතේ එයාලා ආඩම්බරෙන් තියන්න කිසි දෙයක් මට කරන්න බැරි වුනා.. අද මේ ආපු ගමන් වුනත් එයාලගේ හිත කොච්චරක් රිද්ද්නවා ඇතිද.. මාව එයාලට නැතිවෙයි කියලා බයෙන් මේ සතිය ගෙවෙනකන් එයාලා දින ගනිනවා ඇති මන් ලගට එන්න..

" අයියා එහෙනම් අපි යමු ගෙදර.. යන ගමන් ඕන්නම් ෆෝන් එකක් ගමු.. "

" හරි පැටියො.. ශොප් එකකින් නවත්තන්නකො.. "

විශ්මිගේ කාර් එකේ ගෙදර යන ගමන් එයා ෆෝන් ශොප් එකක් ලගින් නැවැත්තුවේ ෆෝන් එකක් ගන්න.. ෆෝන් එකක් අරන් අම්මට ආපහු කෝල් එකක් දුන්නේ අලුත් නම්බර් එක සේව් කරගන්න කියන්න..

.
.
.

ඉන්ග්ලන්ඩ් ඇවිල්ලා දින සති ගෙවිලා මාසයක්ම වුනා මට දැනුනෙවත් නෑ.. හසී ගැන සසින් ගැන මම හොයන්න ගියේ නෑ මොකද මම මගේ හදවත දම්වැල් දාලා ඉබ්බෙක් දාලා ලොක් කරලා තියෙන්නෙ.. මගේ හදවතට හැඟීම් කියන දේ දැන් නොදැනෙන ගානයි.. අම්මා අප්පච්චි වෙනුවෙන් හිනා වෙලා ඉන්න උතසහ කරන ජීවිතයක් නිසා මම ඒ දෙන්න හින්දා විතරක් ජීවිතේ ගැන හිතන්න ගත්තා..මම නැති වුනොත් ඒ දෙන්නා තනි වෙනවා කියන දේ නිසාම මම ජීවිතේ පලවෙනි වතාවට මන් ගැන හිතුවා..

අප්පච්චිට ඉන්ග්ලන්ඩ් වල ලොකු බිස්නස් එකක් තියෙන නිසා මම හිතුවා මෙහෙ ඉදන් අප්පච්චිගේ ඒ වැඩ වලට උදව් කරන්න..

" අප්පච්චි.. මම අප්පච්චිගේ කම්පැනි එකේ වැඩට එන්නද "

" පුතා කැමතිද "

" ඔව්.. මම එන්නම් අප්පච්චි.. මට මෙහෙ ජොබ් හොය හොය ඉන්නවට වඩා ඒක හොද නැද්ද "

" පුතා එහෙනම් එන්න.. මම ඔයාට වැඩ ලෑස්ති කරලා දෙන්නම්.. ආහ් පුතා... තව දෙයක්.. "

" ඔව් කියන්න අප්පච්චි "

" අම්මයි මායි කතා වුනේ ඔයාගේ සර්ජරි එක ගැන.. පුතා මම දන්නවා ඒ තීරනේ ගැන ඔයාගේ මතේ.. ඒත් මගේ කොල්ලෝ උබට මොනාහරි වුනොත් කියලා මට බයයි බන්.. "

" මට තේරෙනවා අප්පච්චි.. අපි ආපහු ඩොක්ටර්ව හම්බෙලා චෙක් කරලා හොදම තීරනේ ගමු.. "

" හරී.. මම ඩොක්ටර්ව චැනල් කරන්නම්.. "

ඇත්ත මෙච්චර කාලයක් මම හිතේ තිබ්බ විකාර බලාපොරොත්තු නිසා කල් දාපු ඒ තීරනේ මට දැන් ගන්න කාලේ ඇවිල්ලා.. මගේ ජීවිතේ අවදානමේ තියාගෙනත් මම අන්තිම වෙනකන්ම හිත ඇතුලේ තියාගත්තු බලාපොරොත්තු දැන් වලලන්න කාලේ ඇවිල්ලා.. මගේ ජීවිතේ වෙනුවෙන් මගේ අම්මා අප්පච්චි වෙනුවෙන් මන් දැන් ඒ තීරනේ ගන්න ඕනි..

සතියකට පස්සේ මගේ මෙඩිකල් චෙකප් එකට දින වැටෙද්දි මට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න වුනා.. ස්කෑන්ස් එක්ස්‍රේ බල්ඩ් ටෙස්ට් එකි මෙකී නොකී ටෙස්ට් ගොඩකට පස්සේ ඩොක්ටර් අපිට මගේ කන්ඩිශන් එක කියන්න රූම් එකට ආවා..

" ඩොක්ටර්.. මොකද ඩොක්ටර් පුතාගේ තත්වෙ.. "

" මිසිස් ඒකනායක ඔයාලා ඇත්තටම ලංකාවෙන් ආපු එකනම් ලොකු දෙයක්.. "

" ඇයි ඩොක්ටර් එහෙම කියන්නේ.. "

" නෑ නිසල් ඉන්න කන්ඩිශන් එක ටිකක් ස්පෙශල්.. ඇත්තටම කිව්වොත් අපිට තව කාලයක් යනකන් එයාට සර්ජරි එකක් කරන්න බෑ.. "

" ඒ කිව්වේ ඩොක්ටර්.. ඇයි අපි තවත් බලන් ඉන්න ඕනි.. "

" නෑ ඇත්තටම අපි පරක්කු වැඩි.. අපිට ගන්න තිබ්බ හොදම තීරනේ ගන්න අපි දැන් පරක්කු වැඩි.. නිසල් දැනටමත් ප්‍රෙග්නන්ට්.. "

" මොකක් !? "

මට ඇහිච්ච දේ මට හිතාගන්න බැරි වුනා...

" ඔව්.. ඔයා දැනටමත් ප්‍රෙග්නන්ට් නිසල්.. ඒත් මට ඔයාට සුභ පතන්න අමාරුයි ඇත්තටම.. ඔයා දැනන් හිටියා වගේම ඔයා කියන්නේ Persistent Müllerian duct syndrome එක තියෙන කෙනෙක්.. ඔයාට ගැහැනු ප්‍රජනක පද්ධතියක් එක්ක පිරිම් ප්‍රජනක පද්ධතියක් තියෙන කෙනෙක්.. එහෙම සංකූලතාවය ඇත්තටම ලෝකේ හොයාගන්න බැරි තරම්ම දුර්ලබයි.. ඉතින් එහෙම වෙද්දි ඒ සංකූලතාවයම ලොකු ලොකු ලෙඩවල් වලට එන්න පුලුවන්.. කැන්සර් එකකට වුනත්.. ඒනිසයි සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවේදි ඒ සංකූලතා තියෙන කෙනාව පරීක්ෂණ කරලා වඩාත් දුර්වලම ප්‍රජනක අවයවයන් ඉවත් කරන්නේ.. දෙකම තියන් ඉන්න ගියාම වෙන්නේ ප්‍රජනක පද්ධති දෙකම අඩපන වෙලා අර කිව්වා වගේ පිලිකා තත්වයන්ට එන එක..ඉතින් අපි ඔයාගේ පරීක්ෂණ ගොඩක් කරා..එතනදි ඔයාගේ අභ්‍යන්තරයේ පිහිටලා තියෙන වෙනම කුටීරයක් එහෙමත් නැත්නම් පටක වලින් හැදුන මල්ලක් වගේ තැනක පිහිටලා තියෙන ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඔයාගේ පුරුෂ ප්‍රජනක පද්ධතියට සාපේක්ෂව දුර්වලයි කියලා හොයාගත්තා.. ඒත් සර්ජරි එකකින් ඒක ඉවත් කරන්න බැහැ දැනටමත් කලලයක් වර්ධනය වෙලා නිසා.. "

" දැන් අපි මොකක්ද කරන්නේ ඩොක්ටර්.. මගේ පුතාට මේක අවදානමක් නෙවෙයිද "

" දැඩි අවදානමක් මිස්ටර් ඒකනායක.. මොකද මේ සංකූලතාවය හදුනා ගෙන තියෙන පිරිමි කිසි කෙනෙක්ට කලලයක් පිහිටුනේවත් නෑ.. ඒ නිසාම ඒ අයගේ ස්ත්‍රී ප්‍රජනක අවයව අපට පහසුවෙන් ඉවත් කරන්න පුලුවන් වුනා.. ඒත් නිසල්ට දැනටමත් කලලයක් පිහිටලා වගේම ඒ කලලයට සති 4ක් විතර වෙනවා.. ඉතින් ඇත්තටම මේ වෙද්දි අපිට තීරණේකට එන්නම වෙනවා මිස්ටර් ඒකනායක.. ඔයාලට මට දෙන්න පුලුවන් එකම ඔප්ශන් එක ඇබෝශන් එකකට ගිහින් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඉවත් කරමු කියන එක විතරයි "

මට දැනුන හැඟීම වචන කරගන්න මට ඇත්තටම බෑ.. මම මට මේ දේ තියෙනවා කියලා දැනගත්තේ අවුරුදු 18 දී.. දරාගන්න බැරි බඩේ කැක්කුමක් එක්ක මට බ්ලීඩ් වුනා දවසක්.. එදා හොස්පිට්ල් හිහින් මම සති දෙකක් නැවතිලයි හොයාගත්තේ මට මේ කන්ඩිශන් එක තියෙනවා කියලා.. එදා මට ගෙදර අය බලකරා තීරණයක් ගන්න කියල.. ඒත් මට ඕනි වුනේ හසී මගේ වෙච්ච දවසක එයාට මාව දකින්න ඕනි කෙනා විදිහට එයාගෙන් අහලා තීරනේ කරනවා කියන එක.. එයා කෙල්ලොන්ට කැමති නිසා මට එයා වෙනුවෙන් කෙල්ලෙක් වෙන්න පුලුවන් කියන්න ඕනි නිසයි මම එදා ඉදන් සර්ජරි එක නොකර කල් දැම්මේ.. එයාට මාව මේ ඉන්න නිසල් කොල්ලා වගේද නැත්නම් කෙල්ලොන්ට කැමති නිසා කෙල්ලෙක් විදිහට හරි දකින්න පුලුවන් නිසා ඒ තෝරාගැනීම එයාගේ කැමැත්ත එක්ක මට කරන්න ඕනි වුනේ..

ඒත් අද මටවත් තේරීමක් ගන්න ඉතුරු නොකර නිසල්ගේ ලෙයින්ම දරු පැටියෙක් මගේ බඩේ ඉන්නවා කියන එක ඇහුනම මට දැනුනේ පුදුමාකාර සතුටක්.. අනේ එයාගේ හීනේ එයාගේ අප්පච්චි කෙනෙක් වෙන හීනේ මම කරානේ කියන.. ඒත් ඩොක්ටර් මට ඇබෝශන් කරන්න කිව්වම මට දැනුනේ කවුරුහරි මම හදපු වැලි මාලිගාව කඩලා දැම්මා වගේ වේදනාවක්..

මගේ චූටි පැටියාට මාසෙකුත් වෙලා තියෙද්දි මම මගේ ආදරේට ලෙයින් පන දෙද්දි ඒ අහිංසකයාව මම නැති කරන්නේ කොහොමද.. කොල්ලෙක් වුන මාව දවසකට හරි අම්මා කෙනෙක් කරපු මගේ මේ පුංචි ලේ කැටියව මරලා දාන්න හිතන්නෙවත් කොහොමද ???












හායියූ ~

සරපරායිස් වුනා නේත 😌👉👈

ඇත්තටම ලෝකේ එහෙම සංකූලතාවයක් තියෙනවා.. හැබැයි බින්දුවයි දශම බින්දු ගොඩකට පස්සෙ එක්කට තමා ඔහොම තත්වයක් වෙන්නේ.. ඉතින් මම ඒ සංකූලතාවය ගැන 100%ක් දන්නේ නෑ.. හැබැයි මේක ප්‍රබන්ධයක් මනඃකල්පිතයක් නිසා මට ඒ කොටස මගේ කතාවට දාන්න හිතුනා...

මේල් ප්‍රෙග්නසි අකමැති කෙනෙක්ට නම් කතාව අවුල් වගේ දැනෙනවා ඇති.. ඒත් ඒ සංකුලතාවය බොරුවක් නොවන නිසයි මම දැම්මේ.. මොකද අහසින් පාත් වුනා වගේ දරුවෙක් දෙන්න බෑනේ 🙂👉👈

ඉතින් මොකද හිතන්නේ ඒක ගැන.. අවුල් වගේද 🥺

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Continue Reading

You'll Also Like

4M 168K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
1.4M 33.9K 46
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
1.2M 63.1K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
4.2M 268K 102
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...