My Mafia Man

Mrs_wang_kavi द्वारा

15 2 2

Fanfiction Min Yoongi × Girl अधिक

1. stranger

2. he is not okay

4 1 1
Mrs_wang_kavi द्वारा

ජූවොන් උදේ අට වෙනකල්ම නින්දගියෙ ඊයෙ රෑ එලි වෙනකල් සැරෙන් සැරේ සුගාගෙ උණ එක්ක ඔට්ටුවෙලා. කෙල්ල නැගිටිද්දිත් සුගාට තාම සිහිය ඇවිත් තිබ්බෙ නෑ. කෙල්ලහෙ හිත සුගාව හොස්පිටල් එක්කන් යන්න කිව්වත් ආයෙ අනික් අතට හිතන්න ගත්තෙ ඊයෙ එයාව මරන්න ආව මිනිස්සු ආයෙම සුගාට කරදර කළොත් කියල. ඒත් ජූවොන් දන්නව නම්? අපි ඒ ගැන දැන්ම කතා නොකර ඉමු! ජූවොන් නැගිටල සුගා දිහා බැලුව හොඳටම ඇඟ රස්නෙයි. බෙහෙත් ටිකක් ඉන්ජෙක්ට් කරල ශීට් එකත් හොඳට පොරවල කෙල්ල ගියෙ වොශ් එකක් දාන් එන්න. එහෙම්ම ඇවිත් උයන්න කිචන් එකට වෙලා එලෝලු කපද්දි කාමරේ දිහයින් කෙල්ලට ඇහුනෙ බඩු පෙරලන සද්දයක්...


එයා නැගිටලද?


කෙල්ල ඉක්මනට දුවගෙන කාමරේට යද්දි සුගා නැගිටල අමාරුවෙන් ඇඳෙන් බහින්න දඟලනව. ඒ ඩිංගට කොල්ලට දාඩියත් දාල. කෙල්ලව දැක්ක ගමන් සුගා අමාරු පිට උනත් මහ දරුනු බැල්මක් දැම්මෙ කෙල්ලට කෙළ ගිලෙද්දි. 


මට ඔරවන්නෙපා. මං තමයි ඊයෙ ඔයාව බේරගත්තෙ. මං ජූවොන් ඔයාව මුණගැසීම සතුටක්


කෙල්ල සුගාව අමාරුවෙන් ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු කරල කියෝගෙන කියෝගෙන ගියා. සුගා හොඳට අහන් ඉඳියෙ කෙල්ල බොරු කියනවද ඇත්ත කියනවද කියල කල්පනා කරන ගමන්. කෙල්ල හිනාවෙද්දි පුංචි වෙන ඇස්. කතා කරද්දි හෙලවෙන රෝස තොල් වලට කොල්ලගෙ අවධානෙ යනවත් එක්කම කොල්ල ඉක්මනට අහක බලාගත්තා. 


මාව බේරගත්ත හේතුව මොකද්ද?


මං ඩොක්ට කෙනෙක් ඉතින් මට බෑ මැරෙන්න වැටිල ඉන්න මනුස්සයෙක් දාල එන්න


මේ-මට ඔයා කවුද කියනවද?


මනුස්සයෙක්. තුවාල හොඳවෙන්න කොච්චර කල් යයිද?


අපෝ ලොකුකම, ඔය තුවාල අඩු වෙන්නම සතියක්වත් යයි. මට බෙහෙත් කරන්න පුළුවන් ඔයාට


ඊයෙ බේරගත්තට ගොඩාක් ස්තූතී මිස්-?


ජූවොන්


ඔව් ජූවොන්, මට දැන්ම මෙහෙන් යන්න ඕනෙ. ඒ නිසා මං මගෙ යාලුවට කතා කරාට කමක් නැද්ද මෙහෙට?


ඒත් ඔයාගෙ තුවාල හොඳ නෑනෙ?


ඒක ප්‍රශ්නයක් නෑ. කොහොමත් ඔයා මං ගැන දැනගත්තොත් මාව එලියටම ඇදල දාවි



සුගා හිනාවක් දාන් ඇස් පොඩි කරන් මාර සියුම්ව කතා කරන දිහා කෙල්ල බලන් ඉඳියා. මාරම නපුරුපාට හැන්ඩ්සම් ගතියක් එයාගෙන් පෙනෙද්දි කෙල්ලගෙ හිත අමුතුවට නටන්නගත්තා. 



හරි එහෙනම්, ප්‍රශ්නයක් උනොත් එන්න මං බෙහෙත් කරන්නම්.


කෙල්ල හිනා වෙලා පපුවත් අල්ලන් ශේප් එකේ කිචන් එකට ගිහින් ටිකක් වැඩියෙනුත් කෑම හදන්න ගත්ත. යාලුවො එනවලුනෙ කාල ගියොත් එහෙමයි නැත්තං ඒත් එහෙමයි. කෙල්ල එයාටම කියාගත්ත. 



ටිකක් දවල් වෙද්දිම වගේ කෙල්ලට ඇහුනෙ ගෙදර ඩෝ බෙල් එක රිං වෙන සද්දෙ. 

ඉන්න එනවා!

ලෙහිල තිබ්බ කොණ්ඩෙ ගැටගහගන්න ගමන් කෙල්ල දොර අරින්න දිව්ව. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ටාර් ගාල දොර ඇරපු කෙල්ල දැක්කෙ ලස්සනට හිනා වීගෙන එතන කොල්ලො තුන්දෙනෙක් ඉන්නව.


හායි!


තුන්දෙනාම එක හඬින් හරියට මොන්ටිසෝරි ළමයි වගේ කියද්දි කෙල්ල උඩ විසික් උනා. එතනිං එක්කෙනෙක් ඇස් හුච්චං වෙලා පේන්නැති වෙන්නම හිනාවක් දාන් හිටිය, අනිත් එක්කෙනා මහ අමුතු පෙට්ටි හිනාවක් දාගෙන හිටිය, එතකොට අනිත් එක්කෙනා හයිය හත්තිය තියන පෙනුමක් තිබ්බට තනිකර කියුට් පෙනුමක් තිබ්බෙ, එයා ඉස්සරහ පොල් දත් දෙක්කුත් දාන් හිනා වෙලා හිටිය.


හ්-හෙලෝ කවුද ඔ-යාල?


අපි ආවෙ යුන්ගී හ්‍යෝං එක්කං යන්න.


යුන්ගි? ආහ් සුගා


කෙල්ල නම කියනවත් එක්කම කොල්ලො තුන්දෙනාගෙ මූනවල් ටිකේ තිබ්බ හිනාව නැති වෙලා ගියා. කොහොමද කෙල්ල එයාගෙ මාෆියා නම දන්නෙ? දැනගෙනත් කෙල්ල ගේ අස්සෙ දාගෙන බෙහෙත් කරයිද එහෙනං?


ඔයා කොහොමද ඒ නම දන්නෙ ඔන්නි?


ආහ් ඊයෙ මං එයාව පාරෙ දැකල අරං ආවයින් පස්සෙ....................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................



ආහ් එහෙනං එහෙමයි උනේ එතකොට එයා අපි ඔක්කොම නැතුව හ්‍යෝං තනි වෙන වෙලාවක් බලන් හිටියා එහෙමයි නේද ජිමින් හ්‍යෝං?


මං හිතන්නෙ එහෙමයි. අපි යුන්ගියව මෙහෙන් අරන් යං ඉක්මනට ඒක මෙයාටත් හොඳ නෑ. එහෙම කියල ඉඳන් ඉඳපු කට්ටිය සුගාව ගන්න නැගිටිද්දි කෙල්ල ආයිමත් කතා කරා


මේ- එයා උදේට කාලත් නෑ, පුළුවන්නම් කට්ටිය ඔක්කොම කාල යනවද?


හරි අපි හ්‍යෝං එක්කං එන්නං ඉන්නකො, එහෙම කියල ජිමින් ටේ ඩබල ගියෙ ජන්කුක්ව කෙල්ල එක්ක තියල. 


ඔන්නි මේ ගැන කිසිම විස්තරයක් පිටට දෙන්නෙපා හරිද? පුළුවන් නම් සුගා කියල කෙනෙක් නොදන්න විදියට හැසිරෙන්න. 


කුකියා ෆෝන් එකේ නම්බර් එකක් ඩයල් කරල කනේ ගහගත්තා


යොබොසෙයෝ ලූකස්. ඊයෙ බොස් හැප්පුන තැන ඉඳන් මං දැන් මෙ ඉන්න බිල්ඩින් එක ගාවට වෙනකල් තියෙන කැමරා වල ඩීටෙල්ස් සේරම මිසිං කරපන්


එතකොටම ටේ ජිමින් දෙන්න එක්ක ආවෙ යුන්ගි අම්බානක තුවාල වෙලා තිබ්බට කොල්ලගෙ මූණෙ නපුරුපාට නැතිවෙලා තිබ්බෙ නෑ. කන්න චොප්ස්ටික් අතට ගත්තත් උරිස්සට පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබුන නිසා ආයෙම පණ නැතුව ඒක වැටුනම කෙල්ල අඩියට දෙකට සුගාට කිට්ටු කලා


ම්-මං කවන්නද?


ම්ම්- හා කියන්න සුගා ඔලුව වනද්දි කෙල්ල චොප්ස්ටික් එක අරන් අරුන් ඉස්සරහම සුගාට කවන්න ගත්තෙ තුන් දෙනා කින්ඩියට හිනා වෙලා සුගා දිහා බලද්දි. තුන් දෙනාටම රවපු සුගා ආයෙම පාඩුවෙ කන්න ගත්තා



~



අම්මෝ ජූවෝනා නෑම නං මරු.


ආයෙ දවසක එන්නංකො ඈ


අනේ එන්න ඔප්පා එහෙම ප්‍රශ්නයක් නෑ


අපි යමුද?


කෝලං බලන් ඉන්න බැරි තැන හිතට නුපුරුදු ඊරිසියාවක් දැනිච්ච සුගා කෑගැහුව


ආපෝ යුංගි හ්‍යෝං යං යං


එහෙම කියල කුකියයි ටේයි දෙන්න සුගාව අල්ලගන්න සුගා ගාවට ආව. ජිමින් කෙල්ල එක්ක හොඳට කතා කරල සුගාල එක්කම එලියට ආව. 


යුංගියා! පරිස්සමට යන්න ආයිමත් තුවාල කරගන්නෙපා. පුළුවන්නම් මොනාකරි පේන් කිලර්ස් අරන් යන්න


කෙල්ල කෑගහල කියද්දි කොල්ලො ටිකට හිනා. සුගා ඔලුව වනල යන්න යද්දි කෙල්ලත් කෙල්ලගෙ නයිට් ශිෆ්ට් එකට ඕන කරන බඩු ලෑස්ති කරන්න ගත්තා.



ගෙදර ඉඳපු පැය කීපය යුංගි හිටියෙ සිහියක් නැතුව උනත් කෙල්ලට ඉන් පස්සෙ ලොකුවටම පාලු හිතෙන්න ගත්තා. යුංගි උනත් එයාගෙ විශාල මැන්ශන් එකට වෙලා ඊයෙ ලාවට දැකපු කෙල්ලව හිතෙන් මතක් කරන්න ගත්තෙ හිත කියන්නෙ මොනවද කියල තේරුම් ගන්න බැරිවෙද්දි



"මට පරිස්සම් වෙන්න කියපු පළවෙනි මනුස්සයා"



~



හායී........


මං ආව. ලියල තිබ්බ කතා ඩිලීට් වෙලා අනේ. එපිසෝඩ් සේව් කල්ලා ගියාම මගුලක් වෙලා, මලපැනල ලිව්වෙ ඔයාලට මොනා හිතෙනවද දන්නෑ, කම්මැලී වගේද මට තාම වලි ශීන් ලියාගන්න බැරි උනා එකපාර බෑනෙ සුම්ටක් ඉන්ටලකෝ


पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

Doors open. ash द्वारा

फैनफिक्शन

579K 8.9K 86
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
2.8K 472 31
ආදරේ කියා පෑවත් බිදෙන හිත්නම් කොතෙකුත් ඇතිද නොකියා කරන මේ ආදරේ ට මොනවා නන් වෙන්න බැයිද සීනිබෝලෙට මන් තරම් වෙන ආදරේ වෙන කෙනෙක් ඉන්නවා ද අසම්මතයක් වී ද...
4.1K 70 11
She was just a girl who moved from a small city of New Jersey and moved to L.A. with her mom. She settles in uneasily missing her old home. She then...
1.9K 356 11
ඉතා අෑත අතීතයේ බෙක්දු කන්දේ වාසය කලා දරැණු යක්ෂයෙක්....එ් මුහුණ දුටු කිසි කෙනෙක් නැවත හුස්ම ගත්තෙ නෑ. එහෙනං එ්ක නිකංම හීනයක් නෙවෙයි.... කලින් මා පැ...