විලන් (Yizhan)

By ShanuDG

95K 14.2K 27.2K

උඹ කිව්වා වගේම කතාවක චරිත තුනක් ඉන්නවා අගා.. වීරයායි.. කෙල්ලයි.. දුෂ්ටයායි.. ඒත් මේ කතාවට වීරයෙක් නෑ.. ඉන්නෙ... More

📖️
01📖️
02📖️
03📖️
04📖️
05📖️
06📖️
07📖️
08📖️
09📖️
10📖️
12📖️
13📖️
14📖️
15📖️
16📖️
17📖️
18📖️

11📖️

4K 750 1.3K
By ShanuDG

"මින්දීර්ර්ර්...."

එයාගෙ කොට්ටෙ බිමට විසි කරලා තියෙනවා දැකපු පොලිෂ් අණ්ණා වහලෙ උලු උඩ යන්න කෑගැහුවාත් මං මට නෙමෙයි වගේ බිත්තිය පැත්තට හැරිලා ඉදන් ඇස් දෙක තද කරලා පියාගත්තා..

බලෙන් ගෙදර නතර කරගත්තා නම් උඹ නිදියපන් බිම..

"වංශෙ කබල් ගෑවාට මොකද අරූ මූව හදලා තියෙන විදිහ නම් කමකට නෑ.."

කුලු මීමා අරූ කියන්නේ අපෙ අයියාට ද..

උඹ දන්න පකක් නෑ බං.. මාව හදන්න කලින් ඒ යකා හැදිලා ඉන්න එපැයි..

අපෙ එක්කෙනාගෙ මල්ලිටවත් බැරි වෙයිද දන්නෙ නෑ අපෙ අයියකාරයාව හදලා ගන්න..

නැත්නම් මස්සිනාටත් මගෙ මිනිහාගෙ සෙතේම අත් වෙයිද..

පොඩ්ඩක් ඔහොම හිටාන් භානුවෝ..

උඹලා මුන් දෙන්නා ළගට ආවෙ පලිගන්නද නැත්නම් පවුල් කන්නද..

උඹටත් ඕන නැති රෙද්දක් නෑනෙ.. අනවශ්‍ය දේවල්මයි හිතන්නේ..

මගෙ හිත දුර ගියා වැඩියි කියලා තේරෙද්දි මං මගෙම හිතට බැනගත්තා..

"මේ විදිහට මූත් එක්ක පවුල් කෑම කෙසේ වෙතත් මට වෙන්නෙ මරාගන්න.. ඉඳලා ඉඳලා මාත් ආදරෙයි කියලා පූරුවෙ කරුමෙකට කර ගැහුවාද මන්ද.."

කවුද යකෝ කරුමෙ.. මේ අහිංසක මලක් වගෙ ඉන්න මම ද කරුමෙ..

මං කියන්නේ බොරුද..

උඹ දිව දෙකේ කබරයා..

මම ඇහැරිලා ඉද්දි නම් උඹ කියන්නේ කොහොමද.. ඔයා ආදරේ කරේ නැති උනාට කමක් නැ මම පණ වගේ ආදරෙයි.. මගෙ ආදරේ අපි දෙන්නාටම ඇති.. ලුණුයි බතුයි කාලා මුහුද මැද පැලක් අටවන් අපි දෙන්නා මැරෙනකන් ජීවත් වෙමු..

අන්තිම එක මං අතින් දැම්මාද මන්දා..

"අත පය හතර ඇඳ පුරා.. මින්දීර්.. ඕයි.. එහාට පලයන්.. මාත් නිදාගන්න ඕන.."

ඉතිං නිදාගනින් මම අල්ලගත්තා ද..

නින්දෙන් කෙඳිරිගානවා වගෙ කෙඳිරි ගාලා මම කකුලකුයි අතකුයි එයාට ඇඳේ හාන්සි වෙන්න බැරි වෙන්න ඇඳ හරහා දැම්මෙ ඔලුවත් එයාගෙ පැත්තට හරවන ගමන්..

"ඔක්කොම එලියෙ දාගෙන නිදන් ඉන්න කැත විතරක්.."

එයාගෙ අතින් මගෙ පස්සට වැදුන පාරත් එක්ක මම දිව හපාගත්තා..

මූ හිතලාමයි ගැහුවේ.. වලත්තයා..

හිටපන්කො දෙන්නම් උඹට..

තත්පර ගානකට පස්සෙ ඇඳ බර වෙනවා දැනෙද්දී එයා මගෙ කකුලයි අතයි එහාට තල්ලු කරලා මගෙ එහා පැත්තෙන් ඇඳේ දිගා උනේ මාව බිත්තියටයි එයාගෙ ඇඟටයි මැදි වෙද්දී..

ඇඳේ දෙන්නෙක්ට නිදාගන්න ඉඩ මදි නිසාම මම ඉඳියෙ එයාගෙ හුස්ම මගෙ මූණට වැටෙන දුරින් වෙද්දී අගස්ත්‍ය මගෙ නළලට වැටිලා තිබුණ කොණ්ඩගස් කීපයක් අතින් අහකට කරා..

"පොඩි එකෙක් වගෙ.. කටත් උල් කරන් ඉන්න හැටි.."

මේ යකා මගෙ මූණට ලං වෙනවා නේද..

චුප් චුප්.. එහාට වෙලා ඉදපන්.. මොකටද ළගට එන්නෙ..

ඇස් අරින්න ඕන උනාත් මගෙ යටි හිත කිව්වෙම එපා කියලා වෙද්දී ටිකකින් මට දැනුනා එයාගෙ තොල් මගෙ පියවිලා තිබුණ ඇස් කොනක නතර වෙනවා..

"උඹ මාව පිස්සෙක් කරලා.."

එයාගෙ ඇඟිලි තුඩක් මගේ තොල් පිරිමදිද්දි මට බය හිතුණා පපුව ගැහෙන සද්දෙ එයාටත් ඇහෙයිදෝ කියලා..

"මං ආදරේ දෙද්දී මුරණ්ඩුකම් කරලා මාව නැති කරගන්න එපා මින්දීර්.. උඹටම තමයි අන්තිමේ පසුතැවෙන්න වෙන්නෙ.."

පහත් හඬින් මුමුනපු එයාගෙ හුස්ම මගෙන් ඈතට යද්දී මම ලාවට එක ඇහැක් ඇරලා එයා දිහා බැලුවා..

කොට්ටෙ උඩ අතක් තියන් ඒ අත උඩ ඔලුව තියාගෙන ඉදපු එයා බලාගෙන ඉඳියෙ තටු කරකැවෙන ෆෑන් එක දිහා වෙද්දී එයා ඈතින් ඉන්නවාට අකමැති නිසාම නින්දෙන් දඟලනවා වගේ මම එයාට ලං උනේ එයාගෙ ඇඟට කකුලක් දාලා පපුව උඩින් ඔලුව තියාගන්න ගමන්..

එයා ළඟ උණුහුමයිනෙ..

ඒ රලු පිරිමි පපුවෙ උණුහුම මගෙ කම්මුලට දැනෙද්දී මම තව තවත් එයාට ලං වුණා..

මගෙම තාත්තාගෙ ආදරේ කවදාවත් විඳලා නැති මං දැනගෙන ඉඳියෙ මාව හදාගත්ත තාත්තාගෙ පපුවෙ උණුහුම විතරක් වෙද්දී ඒකත් ටිකෙන් ටික ලොකු වෙද්දී මට මග ඇරිලා ගියා.. ඒ නිසාමද මන්දා අගස්ත්‍ය ළගදි මගෙ හිතට අමුතු හැඟීමක් ආරක්ෂාවක් දැනුණා..

සමහරවිට ඒ අපි අතර ලොකු ඒජ් ගැප් එකක් තියෙන නිසා වෙන්න ඇති..

කල්පනා ලෝකෙ ඉදපු මට අවසානෙ නින්ද යද්දී එයාගෙ අතක් මගෙ ඉන වටේ පැටලුනෙ ඒ නිකට මගෙ ඔලුව උඩ නතර වෙද්දී..

පහුවදා උදේ මට ඇහැරෙද්දි එයා ඇඳ උඩ ඉඳියෙ නෑ වගේම මං ඈනුමක් අරින ගමන් කිචන් එකට ඇවිදන් ගියා..

තේ හදලා නෑනෙ..

අද එයා තේ හදලා නෑ කියලා දකිද්දී මගෙ මූණ ඇද උනා..

අයියා බාත්රූම් එකේද කොහෙද..

කම්මැලි හිතුනාත් හැමදාම එයාට කියලා තේ හදාගන්න ඕන නෑ කියලා හිතුන නිසාම මම කෙට්ල් එක රත් වෙන්න තියලා පිටියි සීනියි දාලා තේ හදන්න ලෑස්ති උනේ කලවම් කරපු සීනි පිටියි අහුරක් මගෙ අතට දාගන්න ගමන්..

තේ හදලා බොනවාට වැඩිය මෙහෙම කද්දී රසයි..

තේ දෙක හදලා පැන්ට්‍රි එක උඩින් තියපු මම එයා උයලාත් නැති නිසා කොත්තු මී දෙකක් හැදෙන්න ලිපේ තිබ්බා..

පණ්ඩිතකමට හදන්න ගත්තා වගේ නෙමෙයි කන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ..වතුර වැඩි උනොත් අර යකා මගෙ ඔලුව කයි..

"තමුසෙ මොකද කරන්නෙ.."

එකසැරේටම එයාගෙ කටහඬ ඇහෙද්දී මම හැරිලා බැලුවාත් හැරුන වේගෙන්ම ආපිට හැරුණා..

"අ.... මේ.. මම තේ හැදුවා.. ඔයා ගිහින් ඇඳුමක් දාගෙන එන්න.."

"ඒ මොකද.. ටවල් එක පිටින් ඉඳියා කියලා හෙන ගහන්නෙ නෑනෙ.. මම ඉන්නෙ මගෙ ගෙදර.."

උඹට හෙන ගැහුවෙ නැති උනාට මගෙ ඇස් වලට හෙන ගහනවානෙ..

"තේ එක බොන්න පුලුවන් වෙයිද.."

"බොන්න බැරි නම් තියනවා.. ඒකත් මං බොන්නම්.."

"පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑනෙ.. කෙක්ක වගෙ පැටලෙන්නමයි එන්නෙ.."

මගේ පිටිපස්සෙන් හිටගෙන කනට මුමුනපු එයා පැන්ට්‍රි එක උඩ තිබුණ එයාගෙ මග් එක අතට ගත්තෙ මගෙ බෙල්ල පිටිපස්සට තොල් තද කරන ගමන්..

"මම කිව්වා නේද මාව අ.........."

"ගුඩ් මෝර්නින්.."

එයා දිහා බලලා රවපු මට කතා කරන්න ඉඩක් නොතියාම එයා ආයෙත් මගෙ කම්මුලක් ඇතුළට එබෙන්නම හාදුවක් තියලා තේ කෝප්පෙ තොල් අතරට ලං කරගත්තා..

"අගස්ත්‍ය තමුසෙ......"

ආයිෂ්.. මේ මිනිහා උදේ පාන්දර මාව කේන්ති ගස්සනවා..

කේන්තිගස්සනවා කිව්වාට මොකද මේ වෙද්දී මම රතු වෙලා ඇති..

අත් දෙකෙන්ම කම්මුල් වලට තට්ටු කරගත්ත මං තේ එක බොන්න ගත්තෙ එයා මට කතා කරද්දී..

"තමුසෙ මේකට සීනි දැම්මා ද බබා.."

"කවුද තමුසෙගෙ බබා.. අනික සීනි නොදා තේ බොන්නෙ කවුද.."

"මම.."

"සීනි නොදාද තේ බොන්නෙ.."

"මම පැණිරසට වැඩිය ආස නෑ.."

"බොන්න බැරි නම් ඇද කියන්නේ නැතුව ඕක විසි කරලා වෙන තේ එකක් හදාගන්නවා.."

"කමක් නෑ.. මම පුරුදු වෙන්නම්.."

"මොකටද.."

"ඔයා හදන තේ බොන්න.."

එයා හිනා වෙලා කියද්දී මම ඇහිපිය නොගහා එයා දිහා බලන් ඉඳියා..

ඇයි බං අයියෙ උඹ මට මෙච්චර ආදරේ කරන්නෙ..

උඹ ඔහොම කරද්දී මම කොහොමද උඹට රිද්දන්න හිත හදාගන්නෙ කියපන්කො..

මෙහෙම ගියොත් හැමදෙයක්ම අන්තිමට උඹට නෙමෙයි මටයි අඬන්න සිද්ද වෙන්නෙ..

"මින්දීර්.."

"ම්..?"

"අපර්ණාට කලින් තමුසෙ වෙන කාටහරි ආදරේ කරලා තියෙද.."

එයා අහපු ප්‍රශ්නෙත් එක්ක මම අත් දෙකෙන්ම මග් එක මිරිකගත්තා..

"ඇයි අහන්නේ.."

"මට දැනගන්න අයිතියක් නැද්ද.. මං තමුසෙගෙ හස්බන්ඩ්.."

"මගෙ අතීතෙන් කාටවත් වැඩක් නෑ.. අනික මම උඹෙන් ඇහුවෙත් නෑනෙ මට කලින් වෙන කාටහරි ආදරෙ කරලා තියෙද කියලා.."

"තමුසෙ කලබල වෙන විදිහෙන්ම තේරෙනවා හිතේ මොකක්හරි හොරයක් තියෙනවා කියලා.. උඹට කියන්න බැරි නම් කමක් නෑ.. මං හොයාගන්නම්කො.."

"හොයාගනියි........... මං කියන්නේ නෑ උඹට... මං ගැන පැත්තකට දානවාකෝ.. අර බූන්දි තමුසෙට ගිහින් බලන්න කියපු කෙල්ල මොකීද.."

මම පැන්ට්‍රියට හේත්තු වෙලා නොරිස්සුමෙන් අහද්දී එයා ඇහිබැමක් උඩට ඉස්සුවා..

"වෙරි උනාම කරන කියන කිසිම දෙයක් තමුසෙට මතක නෑ කිව්වාට මොකද ඔය හොඳට මතක තියෙන්නේ.."

"ඒක නෙමෙයිනෙ මං අහපු ප්‍රශ්නෙට උත්තරේ.."

"ඒ ගැන තමුසෙ දැනගන්න ඕන නෑ.."

"ඇයි මං දැනගන්න ඕන නැත්තෙ.. ඇත්ත කියපන්.. තමුසෙට හොර ගෑනියෙක්වත් ඉන්නවාද.."

"උඹ තියාගෙන විඳින කට්ට මදිවාට තව එකියක් ගන්න හිතුවාද මගෙ ඔලුව කොහෙ හරි වැදිලා කියලා.."

"එහෙනම් කවුද ඒ කෙල්ල.."

"හරි වෙලාව ආවාම උඹ දැනගනී.."

එයා එහෙම කියද්දී මම එයාට ගස්සගෙන අනිත් පැත්ත හැරුනෙ එයා ඇවිත් මගෙ පිටිපස්සෙන් හිට ගනිද්දී..

"මොකද දැන් රවන්නෙ ආ.."

මගෙ ඇඟ දෙපැත්තෙන් පැන්ට්‍රිය උඩ අත් තියපු එයා කනට ලං වෙලා අහද්දී මම ආයෙත් ඔලුව පැත්තට හරවලා එයාට රැව්වෙ මැද ඇඟිල්ල පෙන්නන ගමන් වෙද්දී එයාට සද්දෙන් හිනා ගියා..

"මොනවා උනාත් මුරුගා මට ගැළපෙනම කෙනාව තෝරලා තියෙනවා.."

"ඇඟේ ඇලෙන්න එන්නෙ නැතුව එහාට යනවාද.."

"උඹේ ඇඟේ ඇලෙන්නෙ නැතුව මම වෙන කාගෙ ඇඟේ ඇලෙන්නද.."

"ඇයි අර බූන්දි ඉන්නෙ.. පලයන් ඒකි ළගට.."

"ඇයි ඊයෙ වගේ තව වීදුරුවක් දෙකක් බිඳලා දාන්නද.. හිතේ එකක් තියන් කටින් තව එකක් කියන්න එපා බං.. පිළිගනින් උඹට ඉරිසියාව.."

"අපෝ වැඩේමයි මට ඉරිසියා කරන්න.. ම.... ඒයි මොකක්ද කරන්නෙ... අනේඒ.. එපා යකෝ.. මට කිතියි.."

"තාමත් කියන්නේ උඹට ඉරිසියා නෑ කියලාද ආ.."

එයා මට කිති කවද්දි මම හිනා වීගෙන එයාගෙන් ගැළවෙන්න දැඟලුවා..

"අ..නේඒඒ.. අයියෙ... එපා.. අහ්.."

මට කිති කවපු එයාම අන්තිමට මාව උස්සලා පැන්ට්‍රි එක උඩින් වාඩි කරේ මගෙ කකුල් අතරට එන ගමන්..

"දැන් මොකද කියන්නේ ම්ම්..."

"කිති කවන්න ඔට්ටු නෑ.. ආයෙ කිති කැව්වොත් මම තමුසෙගෙ තුවාය කඩනවා.."

මම එයා ඇඳගෙන ඉදපු කලු පාට ටවල් එක දිහා බලලා කියද්දී එයා කට කොනකින් හිනා වුණා..

"ඔයා කැමති නම් මගේ කිසිම අකමැත්තක් නෑ.."

"උඹ... උඹ... ලැජ්ජාවක් කියලා නාමයක්වත් තමුසෙ අඳුරන්නෙ නැද්ද ඕයි.."

"කසාද බැන්ඳාට පස්සෙ ලැජ්ජා වෙලා බෑනෙ බබෝ.. අපිට කරන්න කොච්චර දේවල් තියෙද.."

"මං යනවා අෆ්ෆා යන්න.. නැත්නම් තමුසෙගෙ කුනුහරුප කතා අහන් ඉදලා මම මෙතන බඩ වෙයි.."

මම බිමට බහින්න හැදුවාත් එයා මට ඉඩ දුන්නෙ නැ..

"කොහෙ යන්නද ඔහොම ඉදපං ටිකක් ආශ්‍රය කරන්න.."

"නැතුවට කමක් නෑ.. අත ගන්නවා එහාට.."

මුල් ටික දත් විරිත්තලා හිනාවක් දාලා කියපු මම අග ටික කිව්වෙ කට ඇද කරන ගමන්..

"බෑ මගේනෙ.."

අගස්ත්‍ය එයාගෙ කම්මුලක් මගෙ කම්මුලට තෙරපුවෙ මං ඇඳගෙන ඉදපු ටී ෂර්ට් එක ඇතුළෙන් අත දාලා පිට පිරිමදින ගමන්..

"අගස්ත්‍ය එපා.."

මම එපා කිව්වාත් සිගරට් බීලාම කලු ගැහුන එයාගෙ තොල් මගෙ බෙල්ල පුරා දුවද්දී මගෙ අත් වලට එයාගෙ උරහිස් මිරිකුනා.. ආයෙත් එයාගෙ උරහිසට මම වෙඩි තිබ්බා කියලා මතක් ඒ පැත්තෙ උරෙන් අත අහකට ගත්ත මං එයාගෙ පපුවෙන් අත තියාගත්තා..

එයාගෙ චූටි රැවුල් කොට මගෙ බෙල්ලෙ ඇනෙද්දි ඒ තොල් වල පහස දරාගන්න බැරි තැන මම මගෙ ඇස් අඩවන් කරගත්තේ යටි තොල හපාගන්න ගමන්..

බෙල්ල පුරා දුවපු තොල් මගෙ මූණට එද්දී මම ආයෙත් එයාගෙ ඇස් මග ඇරියාම එයා මගෙ නිකටින් අල්ලගෙන මූණට එබුණා..

"දැන්වත් උඹට ම⁣ට මගෙ අයිතිය දෙන්න බැරිද මින්දීර්.."

"නොලැබෙන දේවල් ගැන හීන දකින්න එපා කාලන්.. උඹ ඒ හීනෙ ඇතුළෙ අතරමං වෙයි.."

මම කාලන් කියපු සැනින් එයාගෙ මූණ අඳුරු වෙලා ගියා..

"මම උඹට කලිනුත් කියලා තියෙනවා නේද මට ඔය නමින් කතා කරන්න එපා කියලා.."

"ඇයි එපා කියන්නේ.. ඒක ඔයාගෙ නමනෙ.."

"වෙන මොකා මට එහෙම කතා කරත් කමක් නෑ.. උඹ කතා කරන්න එපා.."

"හේතුව.."

"මං කැමති නෑ යකෝ.. කිව්වාම තේරුම් ගනින්.. මම කැමති නෑ.. එච්චරයි.."

එයා කේන්තියෙන්ම කෑගහද්දී මම එයාගෙ කම්මුල් දෙපැත්තට අත් තියලා අල්ලගත්තා..

"ෂ්.. දැන් ඇති.. මම ආයෙ එහෙම කියන්නේ නෑ.. ප්‍රොමිස්.."

සමහර වෙලාවට එයාට එයාගෙ කේන්තිය පාලනයක් නෑ කියලා දන්න නිසාම මම එයාව සන්සුන් කරගන්න උත්සාහ කරේ මගෙ පපුවට තුරුලු කරන් වෙද්දී එයා පොඩි එකෙක් වගෙ මගේ උණුසුම හෙව්වා..

වෙලාවකට පව් කියලාත් හිතෙනවා.. අම්මා තාත්තාගෙ ආදරේවත් නැතුව හැදුන එයා අද මෙහෙම කේන්තිකාරයෙක් උන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..

ඒත් වැඩි වෙලා අපිට එහෙම ඉන්න උනේ නෑ.. කර ගඳක් දැනෙද්දී මම එයාවත් තල්ලු කරන් බිමට පැන්නෙ ගැලවෙන්න ගිය ටවල් එක එයා කුනුහරුපෙකුත් කියන ගමන් අල්ලගනිද්දී..

"මොන මගුලක් ද බං කරන්නෙ.."

"මගුල ව⁣ගේ ද මිනිහෝ කෑම.. බලපන් උඹව හුරතල් කරන්න ගිහින් මගෙ නූඩ්ල්ස් එකත් ඉවරයි.."

"ඒක ලිපේ තිබ්බා කියලාවත් උඹට සිහියක් තිබ්බාද.."

"සිහියක් තියන් තමුසෙ මට ඉන්න දුන්නාද.."

"දැන් එතකොට ඒකෙ වරදත් මගෙද.."

"උඹේ නැතුව මගෙද ඕයි.. අත පය තියන් ඉන්න බෑ.. මාව දැක්ක ගමන් නලියන්න ගන්නවා.. අම්මපා අද මට මේක කන්න බැරි උනොත් මම උඹව කනවා දැනගනින්.."

මම එයාට රවද්දී මුකුත් නොකියා තත්පර කීපයක් මගෙ දිහා බලන් ඉදපු එයා නොරිස්සුමෙන් ඔලුව දෙපැත්තට වැනුවා..

"එහාට වෙයන්.."

"යට ටික විතරයි අඩිය අල්ලලා ඇත්තෙ.. පිඟානකට දාගෙන කාපන්.."

"තනියම කන්න නෙමෙයිනෙ හැදුවෙ.."

මං අහක බලන් කියද්දී එයා පුදුමයෙන් මගෙ දිහා බැලුවා..

"මටත් එක්කද.."

එයා ඇඟිල්ලකින් එයාව පෙන්නලා අහද්දී මම එයාට උත්තරයක් නොදී පිඟාන් දෙකකට නූඩ්ල්ස් සමානව බෙදුවා.. එයාට හැදි දෙකයි.. මට හැදි තුනයි..

"මොනවාද බලන්නෙ.."

අපි දෙන්නා මූණට මූණ වාඩි වෙලා කෑම කන ගමන් ඉඳිද්දී එයා සැරින් සැරේ මගෙ දිහා බලනවා මම දැක්කා..

"තමුසෙගෙ බෙල්ල රතු වෙලා.."

"රතු නොවී තියෙයිද.. පිස්සු බල්ලෙක් මාව හැපුවානෙ.."

"කමක් නෑ.. කොහොමත් තමුසෙ ආසම පාට රතුනෙ.."

එයාගෙ කට කොනක් උඩට ඉස්සෙද්දි සුපුරුදු විදිහට අදත් කීවෙනි වතාවටද මන්දා මම එයාට ආයෙ ආයෙත් රැව්වා..

"මම ඔයාගෙන් දෙයක් අහන්න ද.."

"මොකක්ද.."

"ඔයායි ආදේව්යි තාත්තලා දෙන්නෙක්ගෙලුනෙ.. ඔයාව අත් ඇරලා අම්මා එයාව විතරක් අරන් ගියාට ඔයා එයා එක්ක තරහා නැද්ද.."

"අම්මා එක්ක ද නැත්නම් ආදේව් එක්කද.."

"දෙන්නා එක්කම.."

"තරහා උනා කියලා ගෙවිලා ගිය අවුරුදු විසි පහ මට එයාලා ළග ඉන්න පුලුවන් වෙනවාද.."

එහෙම කියපු එයා පිඟාන දිහා බැලුවා..

"හුස්ම ඇල්ලුව පලියට මිනිස්සු ජීවත් වෙන්නෙ නෑ බං.. මාත් හරියට ඒ වගේ.. මගේම උන් මාව තිරිසනෙක් කරන්න පාර කැපුවා.. තවත් උන් මගෙ ජීවිතේ ඉඳියාත් නැතත් වෙනසක් වෙන්නෙ නෑ.."

එයා පිට කරේ දිග හුස්මක්..

"එතකොට මගෙ මසියා අපේ වංශ ගැන මුකුත්ම දන්නෙ නැද්ද.."

"මොකා.."

"මගෙ මස්සිනා අනේ.. ඔයාගෙ මල්ලී.. අපෙ අයියාගෙ මිනිහා.."

"කවුද දන්නෙ.. මනා සේ දැනගෙන ගොනා සේ රගපෑමත් කලාවක්ලුනෙ.. සමහරවිට ඌ දන්නවා ඇති.. නැත්නම් දන්නෙ නැතුව ඇති.. ඒත් මං එක දෙයක් නම් හොඳට දන්නවා.."

එයා කියද්දී මම ඇහිබැමක් උඩට ඉස්සුවා..

"ඒ මොකක්ද.."

"උඹ මාව ගොනාට අන්දලා මගෙන් විස්තර දැනගන්න හැදුවාට එච්චර ලේසියෙන් උඹට මාව රවට්ටන්න බෑ මින්දීර්.."

එයා කින්ඩියට වගේ හිනා වෙද්දී මම අතක් මිට මොලවගත්තා..

"මම පොලිස් ස්ටේෂන් එකට යන්න ඕන.. කාලා ගෙදර යනවා නම් යනවා.. නැත්නම් මං එනකම් මෙහේ ඉන්නවා.."

එහෙම කියපු එයා පුටුවත් පස්සට තල්ලු කරගෙන නැගිටලා මගෙ ළගට ඇවිත් මගෙ උඩු තොලෙ රැදිලා තිබුණ නූඩ්ල්ස් කෑල්ලක් දිවෙන් අරන් මට ඇහැක් ගැහුවේ මම ඇස් දෙක ලොකු කරන් බලාගෙන ඉඳිද්දී................



                         ☀️☀️☀️

"දෙන දෙයියෝ ගේ ඇතුළටම ගෙනත් දෙනවා කියලා කියන්නේ මේවාට තමයි.."

අගස්ත්‍ය යන්න ගියාට පස්සෙ වොෂ් එකක් දාගෙන සාලෙ තිබුණ සෝපා එකේ හාන්සි වෙලා ගේම් එකක් ගහන ගමන් ඉදපු මම රයන්ගෙ කටහ⁣ඬින් ෆෝන් එකෙන් ඔලුව අහකට ගත්තෙ හිනා වීගෙන ගේ ඇතුළට ආපු ඌ දොර වහලා දාද්දී..

රයන්ව දැක්කාත් හරි මූ නිසා අපර්ණාට නිකරුනෙ ජීවිතෙන් වන්දි ගෙවන්න උනා කියලා මට ආයෙත් මතක් වුණා..

"අගා උඹව ගේ අස්සෙම දාගෙන ඉන්නෙ උඹ රෑට රෑට ඌට හොඳ සැපක් දෙන නිසා වෙන්න ඇතිනෙ.."

"එහෙම නොවී බෑනෙ.. නැත්නම් ආසාවටවත් කෙල්ලෙක් දිහා උවමනාවෙන් නොබලන ඌ උඹ වෙනුවෙන් මෙච්චර නහින්න හදයිද.."

රයන් උගේ රැවුල අතගාන ගමන් හිනා වීගෙන මගෙ ළගට ඇවිදන් එද්දී මම සෝපා එකේ ඉදගත්තෙ අත් බැඳගන්න ගමන්..

"ඔව් ඉතිං කොහොමත් එයා තමුසෙ වගෙ දකින දකින හැම ගහටම කොටන්නෙ නෑනෙ.. අනික මගෙ හස්බන්ඩ්ට මං සැප නොදී උඹ ඇවිත් සැප දෙන්නද.."

මගෙ වචන ඉස්සරහා රයන්ගෙ මූණ අඳුරු වෙලා ගියා..

"හැබැයි මම මෙහෙම කතාවකුත් අහලා තියෙනවා.. කොට්ටෝරුවා හැම ගහටම කොට කොට ගියාට කෙහෙල් ගහට කොටපු දාට තමයි උගේ හොට පැටලෙන්නෙ.."

මං එහෙම කිව්වාම සද්දෙන් හිනා උන රයන් ⁣තාමත් සෝපා එකේ වාඩි වෙලා ඉදපු මගෙ මූණට එබුණා..

"මේ ගහටත් කොටලාම බලන්නද හොට පැටලෙයිද නැද්ද කියලා.."

දිව අගින් යටි තොල තෙත් කරන ගමන් රයන් අහද්දී මගෙ මූණට මහ නපුරු හිනාවක් ආවා වගේම මම එහෙම්මම උගේ ඔලුව අල්ලලා සෝෆා ටේබල් එකේ වීදුරුවෙ ගැහුවෙ ඌට හිතන්නවත් ඉඩක් නොතියා..

"ආර්හ්හ්..."

රයන්ගේ ඔලුවෙන් ගලපු ලේ පොලව තෙත් කරද්දී මගෙ ඇස් සතුටින් දිලිසෙන්න ගත්තා..

"සමහරවිට උඹ දන්නෙ නැතුව ඇති.. ඒ නිසා හොඳට කන් ඇරලා අහගෙන අමතක නොකර මතක තියාගනින්.. මං ආසම පාට රතු.. කැමතිම කොඩිය සුදු.."

වේදනාවෙන් කෙඳිරි ගාන රයන්ගෙ මූණට එබිලා පහත් හඬින් කියපු මම ඌව අත් ඇරලා සද්දෙන් හිනා උනේ ඌ බිමට ඇදගෙන වැටෙද්දී..

"මගෙ අයියා කිව්වා වගේ මේ තෝරු මෝරු අස්සෙ උඹ වගේ හාල්මැස්සෙක්ට ඉඩ නෑ රයන්.."

"ආර්හ්.. මගෙ අත... අගා... මාව බේරගනින් අගා.."

බිම වැටුන රයන්ගෙ අතක ඇඟිලි මගෙ කකුලට පෑ⁣ගෙද්දි ඌ වේදනාවෙන් කෑගහන්න පටන්ගත්තා..

"හැමදාම මගෙ මිනිහාගෙ රෙද්ද අස්සෙ හැංගිලා බේරෙන්න හිතන් ඉන්නවා නම් ඒක එච්චර ලේසි වෙන එකක් නෑ රයන්.. හරි වෙලාව ආවාම මං මගේ අත් දෙකෙන්ම උඹව ඉවරයක් කරනවා.. අන්න එදාට මාව නතර කරන්න අගස්ත්‍යටවත් පුලුවන් වෙන එකක් නෑ.."

වේදනාවෙන් කෑගහන රයන් එතනම දාලා මම ගෙදරින් එලියට බැස්සේ අගස්ත්‍යට මැසේජ් එකක් දාන ගමන් වෙද්දී ආයෙ අපර්ණාගෙ ගෙදර යන්න හිතුනාත් මම ඒ කෙල්ලගෙ ආදරේටත් වංචාවක් කරාදෝ කියලා හිතුන නිසා ඔහේ හිස් හැඟීමකින් වෙරල දිගෙ ඉස්සරහට ඇවිදන් ගියා..

මං දන්නවා අපර්ණා ඔයා මාත් එක්ක තරහින් ඇත්තෙ කියලා..

ඒත් පොරොන්දු උනා වගේම මම ඔයාගෙ මරණෙට සාධාරණයක් ඉෂ්ට කරනවා.. නීතියෙන් නැතත් මගෙ විදිහට හරි..

කල්පනා ලෝකෙ ගිලිලා ඉදපු මම එකසැරේටම ⁣කෙනෙක්ගෙ ඇඟේ හැප්පෙද්දි ඒ මිනිහාට බනින්න ඔලුව ඉස්සුවාත් ඒ සුපුරුදු ඇස් ඉස්සරහා මගෙ හිත ගැස්සුනා..

"මින්දීර්.."

එයාගෙ ගැඹුරු කටහ⁣ඬින් මගෙ නම කියවෙද්දි පවා ජීවිතේට කිසිම කෙනෙක් ළගදි ඇති නොවුන තැති ගැනීමක් මගෙ හිතේ ඇති වුණා..

"මතක නැද්ද මාව.. අශ්විද.. ඊයෙ පොලිස් ස්ටේෂන් එකේදි හම්බුනෙ.."

සාමාන්‍යයෙන් වෙරි වෙලා ඉඳිද්දී කරන කියන දේවල් ගැන මගෙ හිතේ එහෙම ලොකුවට මතකයක් නොවුනත් මේ ඇස්වත් ඒ නමවත් මගෙ මතකයෙන් අයින් උනේ නැහැ..

අශ්විදට උත්තරයක් නොදී යන්තමින් ඔලුව වනපු මම එතනින් යන්න හැදුවාත් එයා මගෙ අතින් අල්ලගත්තේ මං එයා අල්ලගෙන ඉදපු මගෙ අත දිහා බලලා ආයෙත් එයාගෙ මූණ දිහා බලද්දී..

"පරිස්සමෙන්.."

"හාහ්..?"

"අඩිය තියද්දී පරිස්සමෙන් කියලා කිව්වෙ.."

බිම තිබුණ කලු ගල් පතුරක් ඔලුවෙන් පෙන්නන ගමන් කියපු එයාගෙන් මම බලෙන්ම වගෙ මගේ අත නිදහස් කරගත්තා..

"තෑන්ක්ස්.."

"හ්ම්.. අපි ආයෙත් හම්බවේවි.."

එහෙම කියාගෙන දිගට වැවිලා තිබුණ කොන්ඩෙ එකතු කරලා දාපු බූල් එක ගලවන ගමන් මිනිහා යන්න යද්දී මම එයා යන දිහා බලාගෙන ඉඳියා..

මහ අමුතු මනුස්සයෙක්..

ඒත් ඇයිද මන්දා ඒ ඇස් දැක්කාම මට මහ මූසල හැඟීමක් දැනෙන්නෙ..


Mn thamuseta ayeth kiynne na.. Inna thanakin me danma gedra waren..


පැයකට වැඩිය වැල්ලට වෙලා ඉදපු මට අගස්ත්‍යගෙන් කෝල්ස් ආවාත් මම ඒ එකකටවත් ආන්සර් නොකරද්දී අන්තිමට එයා කේන්තියෙන් ගෙදර එන්න කියලා මට මැසේජ් එකක් දාලා තිබුණා..

මැසේජ් එක සීන් කරලා රිප්ලයි නොදාම ෆෝන් එක කලිසම් සාක්කුවට දාගන්න හදලාත් මම ආයෙත් රුද්‍රට කෝල් එකක් ගත්තා..

"හෙලෝ බොසා.."

"අද රෑට ලෑස්ති වෙලා ඉදපන්.. කාලන්ගෙ වැල්ලෙ පලවෙනි ගිනි පුපුර අද රෑට පත්තු වෙයි.."

මේ දේවල් මෙච්චර ඉක්මනට කරන්න හිතාගෙන ඉඳියෙ නැතත් රයන්ව ඉවරයක් කරලා දාපන් කියලා යටි හිත මට බල කරද්දී ඊට කලින් වැල්ල මගෙ අතට අරගන්න ඕන උනා..

රුද්‍ර එක්ක කතා කරලා ඉවර වෙලා පිටිපස්සෙ දොරෙන් ගේ ඇතුළට ආවාත් සාලෙ වාඩි වෙලා ඉදපු පහන්දිව දැකලා මගෙ හිතේ ඇති උනේ නොරිස්සුමක්..

මේකි මොන රෙද්දකටද මෙහේ රිංගන්නෙ..

"තමුන් මොකද මෙහේ.."

මම අහද්දී එයා මගෙ දිහා බැලුවේ හිස් හැඟීමකින්..

"මම මැරි කරන්න ඉන්න කෙනාගෙ ගෙදරට එන්න මට කාගෙන්වත් අවසර ගන්න උමනාවක් නෑනෙ.. විශේෂයෙන්ම තමුන් වගේ කෙනෙක්ගෙන්.."

කෙල්ලගෙ වචන ඉස්සරහා මගෙ කට කොනක් උඩට ඉස්සෙද්දි මම ඇවිත් එයාගෙ ඉස්සරහා තිබුණ පුටුවෙන් කකුලක් පිට කකුලක් දාගෙන සැහැල්ලුවෙන් වාඩි වුණා..

"මගෙ අයියාව බඳින්න හිතාගෙන ඉන්නෙ මට මෙහෙම සලකලාද මගෙ නෑනෙ.."

"කවුද තමුසෙගෙ නෑනා.. අනික තමුන් හිතාගෙන ඉන්නෙ මම ඊයෙ අගස්ත්‍ය ඉස්සරහා කියපු හැමදෙයක්ම ඇත්ත කියලාද.."

කෙල්ල එහෙම අහද්දී මම එයා දිහා බැලුවේ ඇහිබැමි හීනි කරලා..

"ඒ නැතත් තමුසෙව හිතවත් කරගන්න එක මගෙ ප්ලෑන් එකේ කොටසක් නෙමෙයි.."

මම ඇහිපිය නොගහා පහන්දි දිහා හොඳට බලාගෙන ඉඳියා..

පිටින් අහිංසකයි වගේ පෙනුනාට ඇතුළෙන් මේකි තනිකර හැපින්නක් වගේ..

මට තාම තේරුම්ගන්න බැරි එක දෙයයි.. මේකි ඇත්තටම කාගෙ පස්සෙන්ද යන්නෙ..

අයියාගෙද..

නැත්නම් අගස්ත්‍යගෙ ද..

වංශ දෙකේ නායකයන්ට ලං වෙන්න මේකිට තියෙන යටි අරමුණ මොකක්ද..

උඹ ඇත්තටම කවුද පහන්දි..

"බාත්රූම් එක කොහෙද තියෙන්නේ.."

"ඇතුළට ගිහින් දකුණු පැත්තට හැරෙනවා.."

අද පහන්දි ඇදගෙන ඉඳියෙ රතු පාට ගවුමක් වෙද්දී ඒකි රතු ඇඳන් ඉන්නවා දැකපු වෙලාවෙ ඉදන් මට හිතුනෙම ඒකිගෙ නමින් සුදු කොඩියක් එල්ලන්න..

"මින්දීර්.."

පහන්දි යනවාත් එක්කම කොහෙදෝ ඉදන් ගේ ඇතුළට ආපු අගස්ත්‍ය මගෙ දිහා බැලුවේ කේන්තියෙන්..

"තමුසෙ මොකක්ද ඕයි අර කරේ.."

"මොකක්ද.."

"මොකක්ද අහන්නේ මොන මගුලකටද උඹ රයන්ට ගැහුවේ.."

"ඔව් මං ඌට ගැහුවා තමයි.. ඇයි මොකද තමුසෙට රිදෙනවාද.."

"උඹ මගෙන් කුනුහරුප අහගන්නෙ නැතුව ඉදපන් මින්දීර්.. මම උඹට තේරෙන සිංහලෙන් කිව්වා මරනවා නම් ඌව එකසැරේ මරලා දාපන් කියල⁣.. එහෙම නැතුව උඹ මෙහෙම ඌට තුවාල කරලා අත් ඇරියාම උගේ මහ එකා මට කෝල් කරලා මගෙ ඔලුව කන්න හදනවා උගේ පුතාට ගහපු එකා හොයලා ඉවරයක් කරපන් ගගා.. ඔක්කොටම කලින් මට කියපන් උඹ මොකක් කරන්නද මේ කුරුමානම් අල්ලන්නෙ ආ.."

"මගේ දේවල් ගැන උඹ වදවෙන්න ඕන නෑ අගස්ත්‍ය.. මට මං ගැන බලාගන්න පුලුවන්.. ඒ වගේම මං ගැන බලන්න තව ඕනතරම් අය ඉන්නවා.."

"තව ඕන තරම් එවුන් ඉඳියි.. ඒත් ඒ කවුරුත් මං වගේ උඹව රකින එකක් නෑ.."

එයා මගෙ දිහා බලන් කියද්දී එක තත්පරේකට මට කතා කරගන්න පවා අමතක වුණා..

"මොකටද ආ.. මොකටද උඹ මාව රකින්නෙ.. කියපන් අගස්ත්‍ය එහෙම කරන්න තරම් උඹ මගේ කවුද.. මම උඹේ කවුද.."

හිතක් පපුවක් නැති එකෙක් වගේ මම අහද්දී ඒ ඇස් වේදනාවෙන් පිරිලා ගියා...

"සමහර වෙලාවට හිතලා හෝ නොහිතා උඹ කියන වචන මාව පණ පිටින් පුච්චනවා මින්දීර්.."

එහෙම කියපු එයා අත් දෙකෙන්ම මූණ පිරිමදින ගමන් සාලෙ තිබුණ පුටුවක් උඩින් වාඩි උනා..

"ආදරේ ගැන පාඩම් ඉගෙනගන්න ඕන නම් උඹට අංශුමාත්‍රයක්වත් ආදරේ නොකරන එකෙක්ට ලව් කරලා බලපන්.. අද මට දැනෙන හැඟීම උඹටත් එහෙම්ම දැනෙයි.."

"අපේ වංශ අතර මේ යුද්ධෙ කොහෙන් කෙලවර වෙයිද කියලා මට තාමත් හිතාගන්න බෑ.. එක්කො මම යුද්ධෙ ඉවර කරයි.. නැත්නම් යුද්ධෙ මාව ඉවර කරයි.. ඔය දෙකෙන් ඔිනම එකක් වෙන්න පුලුවන්.."

එයාගෙ වචන හැඟීම්බර වෙද්දී මම එයාට උත්තරයක් දෙන්න ගියාත් ඒත් එක්කම සෝෆා එක උඩ තිබුණ පහන්දිගෙ ෆෝන් එක රින්ග් උනේ මායි අගස්ත්‍යයි දෙන්නාම ඒ දිහා බලද්දී..

Adev

ඩිස්ප්ලේ එකේ වැටුන නම දැකපු සැනින් මට එයා දිහා බැලෙද්දි එයා තාමත් ඇස් අහකට ගන්නෙ නැතුව ෆෝන් එක දිහා බලන් ඉඳියා..

දෙසැරයක් නොහිතාම මම කෝල් එකට ආන්සර් කරද්දී අගස්ත්‍ය මගෙ දිහා බැලුවේ බය වෙලා වගේ..

"හෙලෝ සුදූ තමුසෙ කොහෙද ඉන්නෙ.."

"බලනවා මම කෝල්ස් කීයක් නම් ගත්තාද කියලා.. එකකටවත් ආන්සර් කරේ නෑ.."

"හෙලෝ.."

"සුදූ.."

"සුදු අක්කෙ තමුසෙ අහගෙනද ඉන්නෙ.."

එහා පැත්තෙන් ආදේව්ගෙ කටහඬ ඇහෙද්දී මම බලාගෙන ඉඳිද්දීම අගස්ත්‍යගෙ ඇස් කොන් රතු වෙලා අත් මිට මෙලවුනා වගේම එයා මගෙ අතින් ෆෝන් එක උදුරලා අරන් කෝල් එක කට් කරලා දැම්මා..

"උඹ ආයෙ මෙහෙම දෙයක් කරොත් ඔක්කොටම කලින් මම උඹේ කන පලනවා.. ඒක මතක තියාගනින්.."

"ඔච්චරටම කේන්තිගන්න දෙයක් මම කරාද.. ඒ තමුන්ගෙ මල්ලී.."

"මට ඇති මල්ලී කෙනෙක් නෑ යකෝ.. මට කවුරුත්ම නෑ.. මම අනාථයෙක්.."

එයා කේන්තියෙන් කියලා පෙන්නන්න හැදුවාත් ඒ හිතේ තියෙන වේදනාව තේරුම්ගන්න මට අපහසු උනේ නැහැ..

මගෙයි අයියාගෙයි බැඳීමත් එක්ක බලද්දී අගස්ත්‍යයි ආදේව්යි අහසයි පොලවයි වගේ..

ඒකම තමයි අපේ වාසියට හේතු වෙන්නෙත්..

රාධව් කියන්න වගේ මේ දෙන්නා වෙන් වෙලා ඉන්න තාක් කල් විනාග්‍රයන්ගෙ දිනුම නතර කරන්න කාටවත් බැහැ.............




                             ☀️☀️☀️

චටාස්..

එයාගෙ අත පළවෙනි වතාවට මගේ කම්මුල උඩ නතර වෙද්දී සිද්ද වෙච්ච දේ විශ්වාස කරගන්න බැරුව මං එයා දිහා බලන් ඉඳියාත් මට වචනයක්වත් නොකියා එයා එතනින් යන්න ගියේ මං ශිවා එක්ක තනිවෙද්දී..

"ප්‍රශ්නයක් උනාම කෑගහලා බැනගෙන විසඳගන්න එකාට වැඩිය නිශ්ශබ්ද වෙන එකාගෙන් තමයි පරිස්සම් වෙන්න ඕන.. මොකද එහෙම උන් ඇරියස් කවර් කරන්නෙ වෙනස්ම විදිහකට.."

ශිවා කිව්වෙ අගස්ත්‍ය යන දිහා බලාගෙන උනාත් එයා මට අත ඉස්සුවා කියන දේ ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන හිතන්න සිහියක් මට ඒ වෙලාවෙ තිබුණේ නැහැ..

"එයා... එයා මට අත ඉස්සුවා.."

මටත් නොදැනීම මගේ ඇස් වලට කඳුලු උනද්දී මම තොල හපාගත්තෙ කඳුලු පිටට එන එක නතර කරන්න උත්සාහ කරන අතරේ වෙද්දී ශිවා ඇවිත් මගේ උරහිස උඩින් අතක් තිබ්බෙ දිග හුස්මක් පිට ගමන්..

"අගා උඹට අත ඉස්සුවෙ ඇයි කියන්න මං වගේම උඹත් හොඳටම දන්නවානෙ.."

"ඌට ජීවිතෙ එපා වෙන්න උඹත් හේතුවක් වෙන්න එපා මල්ලී.. අඬනවා නම් අඬන්න ඌට හේතු දාහක් තිබුණාත් ඌ අද වෙනකම් ඒ හැමදෙයක්ම දරාගත්තා.. ඒත් මෙතනින් එහාට ඌට දරාගන්න බැරි උනොත් ඒකට එක හේතුවයි තියෙන්නේ.. ඒ උඹ.."..........................

______________________________________

අද චැපිය කොටයි.. අපිලා බුජිමතයි.. ගුඩ්නයිට්.. කරවිලයා එක්ක එන්නම්..

Vote & Comment ❤️

Continue Reading

You'll Also Like

82.3K 10.9K 40
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
37K 7.8K 33
නුඹේ ප්‍රේමය හමුවේ මම ඇද වැටෙමි... ඒකත් නුඹ තුළටම......❤️❤️
4.2K 995 23
හිත හීන හොයාගෙන යන ගමනේ සන්තාප මැදින්.... සන්සාර පුරුද්දට නැවතුනි මා ඔය රූපේ ලගින්..... ආත්ම ගානක් පතාගෙන එන අපූරු ආදර කතාවක දිගහැරුම....
1.2K 155 16
ජිවිතේ රේස් එකක් උන ඒ හදවත නිවන්න ආපු ලා පොද වැස්ස .....