'' අහ් ජන්කුක් අයින් වෙන්නකෝ..'' ජිමින් බෙරිහන් දුන්නෙ මන් එයාගෙ බඩ වටේට අත් යවල බදාගන්නකොට.
''සුවදයි'' මම කිව්වෙ එයාගෙ ඔලුව ඉබින ගමන්
මට පිටුපාල හිටිය ජිමින් මගේ පැත්ත හැරිලා මගෙ නලලට තට්ටුවක් දැම්මා. '' කෝලම් කරන්න එපා ජන්කුක් .. මම අව්ලෙන් ඉන්නෙ''එහෙම කියපු එයා මගෙන් ඈතට ගිහින් ඇද උඩින් ඉදගත්තා. මම මේ ඉන්නෙ එයාගෙ ගෙදර .ඇත්තටම කිව්වොත් ඉතින් මගේ ගෙදර තමයි. මොකද ඉතින් මං නැන්දම්මව දපනෙ දානෙ ඉන්නෙ.
මමත් ශේප් එකේ ගිහින් ජිමින් ළගින් වාඩි වුනා.
''ඒ ටේහ්‍යුන් ගැනද? '' මම ඇහුවෙ යන්තම් එයාගෙ අතින් අල්ලගේන.
''ටේහ්‍යුනුයි නම්ජුන් හ්‍යුන්.. ඒ දෙන්නම ගැන. එයාල හොදින්ද කියලවත් මම දන්නෙ නෑ.''
ඇත්තටම මීට මාසෙකට විතර කලින් ටේහ්‍යුන්ග් නම්ජුන් හ්‍යුන්ග් දෙන්නම අතුරුදහන් වෙලා තිබ්බා. අපේ ඉස්කෝලෙ මිස්ලා සර්ලා පවා ඒ දෙන්නව සතියක් තිස්සෙ හෙව්වත් පස්සෙ එයාලා අතරෙ රිලේශන්ශිප් එකක් තිබ්බයි කියල කටකතාවක් පැතිරෙද්දි එයාලා ඒ එක්කම ඒක නව්වත්තල දැම්මෙ ඒ දෙන්න පැනල ගියා කියල ගොඩක් කට්ටිය කියද්දි. කොටින්ම නම්ජුන්ගෙ තාත්තට කොච්චර කන්ටෑක්ට්ස් ,සල්ලි තිබ්බත් එයත් හ්‍යුන්ග්ව අතඇරල තිබ්බෙ එයාල අතුරුදහන් වෙන්න දවසකට කලින් හ්‍යුන්ග් ලොකු රන්ඩුවක් දාගෙන ගෙදරින් ඇවිල්ල තිබ්බ නිසා. හ්‍යුන්ග් ගිහින් තිබ්බෙ ඔක්කොම අතඇරලා. එයාගෙ මුලු පව්ලමයි එයාට අයිති වෙන්න තිබ්බ දේපලයි, බිස්නසුයි ඔක්කොම අතඇරලා.
ටේහ්‍යුන්ග් ගැන කියනවනම් එයාගෙ කියල හිටපු එකම කෙනා එයාගෙ තාත්තා; පුනරුත්තාපන මද්‍යස්තානෙකට ගෙනිහින් තියෙන්නෙ ටේහ්‍යුන්ග්ට එයාගෙන් සෑහෙන්න කරදර වුන නිසා කියල තමා කටකතා පැතිරුනේ.
ඒ විදිහට ගේ කපල් එකක් එයාලගෙ ෆැමිලිවල තිබ්බ ඒ ප්‍රශ්නත් එක්ක අතුරුදහන් වුනාම ඒ සිද්දිය තවමත් උනු කැවුම් වගේ ඉස්කෝලෙ ඔක්කොම කතා වෙනවා.
ඒ සිද්දියත් එක්ක මට ජිමින්ව කන්ට්‍රෝල් කරගන්න ගොඩක් අමාරු වුනා. එයා ඉස්කෝලෙ හිටියෙ අඩ අඩ. කොටින්ම ගෙදරත්. ඉතින් එයාගෙ අම්ම මට කතා කරලා මාව මෙහෙ නවත්තගත්තෙ ජිමින් මගෙ ලග ටිකක් හරි කන්ට්‍රෝල් වෙන නිසා. ඉතින් මම දැන් මෙහේ නැවතිලා මාසෙකට කිට්ටුයි.
මම පැත්තක් බලාගෙන කලකිරුන මූනක් හදාගෙන ඉන්න ජිමින්ව මගෙ තුරුලට ගත්තා. එයා දැන් මම කියන එක අහලම අඩන එක ගොඩක් දුරට අඩුවෙලා තිබ්බා.
විනාඩි පහක් විතර එහෙම හිටපු මට එවෙලේ කෝල් එකක් ආවා. ජිමින් ළග ඉද්දිම මම ඒක අන්ස්වර් කරල කනේ තියාගත්තා.
එහා පැත්තෙන් ඇහුන ඒ ගැඹූරු කටහඩට ඇත්තටම මම පුදුම වුනා . ජිමිනුත් මගෙ තුරුලෙන් ඈත්වෙලා මගෙ මූන දිහා බලන් හිටියෙ කෝල් එක අරනුත් සෑහෙන වෙලා මම මුකුත්ම නොකියපු නිසා වෙන්න ඇති.
ජිමින්ගෙ ඒ බබෙක්ගෙ වගේ මූන දැකල මට හිනා යද්දි මම එයාගෙ අතින් අල්ලන්ම කතා කලා.
'' හ්‍යුන්ග්....''
''ටේ...''
.
.
.
.
.
.
......THE END......
.
.