kawaii

Av tae_tao

3.1K 687 160

"මා...ව.. එකම එක පාරක් කිස් කරන්න... මගෙ පළවෙනි හාදුව ඔයා වෙන්න.." ජිමින් මගේ දිහාව බැලුවෙ අසරණ පාට ඇස්වලින්... Mer

01. කවායි!
02. හුරුබුහුටි ඇස්, හුරතල් කටහඬ
03. එයත් හුරතල් බබෙක්
04. මම ඔයාට කැමතියි
05. ජිමින්ගෙ ඉල්ලීම
06. පළමු හාදුව
07. නිශ්ශබ්දතාවය
08. පුංචි ලෝකෙ
09. තුවාල කැළැල්
10. කෝ ටේහ්‍යුන්?
11. හුස්ම
12. එක හුස්මක්
13. කදුළු කැට
14 . ඉදිමුනු කම්මුල්
16. පැනල යමු
17. අතුරුදහන් වීම
A/N

15. ගැඹුරු තැන්

53 12 1
Av tae_tao

" මට සමාවෙන්න ටේ.." නම්ජුන් හීනෙන් වගේ කියෙව්වා. " මෙච්චර කාලයක් ගත්තට සමාවෙන්න."

නම්ජුන් කිව්වත් ටේහ්‍යුන්ග් කලේ නම්ජුන්ට තුරුල් වෙලා දිගටම අඩපු එක. එයාගෙ ඇහැ කොනකින් බිම වැටිල ඉන්න වයසක මනුස්සයව දකිද්දි ටේහ්‍යුන්ග් ඉකිගහන ගමන් නම්ජුන්ගෙ පපුව උඩම අනික් පැත්තට මූණ හරවගත්තා.

" මම පොරොන්දුවක් වුනා හ්‍යුන්ග්. මම ඒක රකින්න ඕන. "

" කමෝන් ටේ.. ඔයා පොරොන්දුවක් වුන බව ඇත්ත. ඒත් ඔයා ඔයාවත් පරදුවට තියල පොරොන්දු රකින්න ඕන නෑ. ඔයාගෙ අම්ම වුනත් මේ දේවල් දැක්කනම් එයා මොනව කියයි කියලද හිතෙන්නෙ?"
නම්ජුන් ටේහ්‍යුන්ග්ව ඈත් කරල ටේහ්‍යුන්ගෙ අඩලම ඉදිමුනු කම්මුල් දෝතට ගත්තා.

අතොරක් නැතුව කදුලුවලින් දිලිසෙන ඇස් දිහා නම්ජුන් ටිකක් වෙලා බලන් හිටියා. "ඔයා මලක් වගේ මගෙ ටේහ්‍යුන්ග්. මෙහෙම තැලිලා පොඩි වෙන්න ඕන නෑ. ඒ මනුස්සය තාත්තා බව ඇත්ත ඒත් එයා ඔයාවයි එයාවයි ටිකෙන් ටික විනාශ කරගන්නවා. ඒක මරණෙටත් වඩා බයානකයි.. මම කියන එක තේරෙනවද?"

ටේහ්‍යුන්ග්ට පේන ඒ නම්ජුන්ගෙ රූපෙ බොදවෙලා යද්දි එයා ඇහිපිල්ලම් ගහල හිමින් ඔලුව වැනුවා.
නම්ජුන් මොන දේ කිව්වත් ටේහ්‍යුන්ග් ඒ දවසට විතරක් නම්ජුන්ව එහෙන් යවාගත්තා. හැබැයි නම්ජුන්ට ඕන වුනේ ටේහ්‍යුන්ග්ව එයත් එක්ක අරන් යන්න. නම්ජුන් ගියෙ ටේහ්‍යුන්ගෙන් පොරොදුවක් අරගෙන. ටේහ්‍යුන්ග් පොරොන්දු වුනා අද නැතත් දවසක නම්ජුන් එක්ක එනව කියල

නම්ජුන් ගියාට පස්සෙ කාමරේට ගිය ටේහ්‍යුන් ඒ අව්ල්ජාලයක් වගේ තැන දිහා බලන් හිටියා. නම්ජුන්ව හන්ගපු තැන දැක්කම එයා එවෙලේ මොකක් කලාද කියල ආයෙ හිතල බලද්දි ටේහ්‍යුන්ට හිනාවක් ආවා. එයා කදුලු පිහදගෙන ඒ ටික අස් කරල පියානො එක දිහාවට හැරුනා. අවුරුදු ගානක් පරන වුනත් ඒකෙ දිස්නෙ අඩුවක් වෙලා තිබ්බෙ නෑ. ටේහ්‍යුන්ග් ඒ සුදු පාට කලු පාට යතුරු දිගේ එයාගෙ ඇගිලි අරන් ගියා. ඒත් එක්කම එයා ඇස් පියාගත්තෙ එයාගෙ අම්මගෙ හිනාව මතක් කරගන්න ගමන්. ඉස්සර එයාගෙ අම්මා පියානෝ එක ප්ලේ කරන ගමන් ලස්සනට හිනා වෙන විදිහ එයාගෙ හදවතේ ගැඹුරු තැනක සටහන් වෙලා තිබ්බා.
ඉතින් ටේහ්‍යුන්ග් ඒ ගැඹුරු තැනක හිරවෙලා තියෙන මතකයෙන් ඇහුවා." මම මොකක්ද කරන්න ඕන අම්මේ.."

විනාඩි ගානක් පියානෝ එක ළඟ හිටපු ටේහ්‍යුන්ග් එයාගෙ තාත්ත ළගට ගිහින් හිටගෙන තත්පර කිහිපයක් ඒ මලානික ඇස් පියවුන මුහුණ දිහා බලන් හිටියා. දිග හුස්මක් ගත්ත ටේහ්‍යුන්ග් තාත්තගෙ ඔලුව යටින් කොට්ටයක් තියල ඇග වැහෙන්න රෙද්දක් පොරවල පල්ලෙහට ගියා.

ටේහ්‍යුන්ට සාලෙ සැටිය උඩ නින්ද ගියේ මැදියම පහුවෙද්දි වගේම නම්ජුන්ගෙ වචන හීනෙන් වගේ එයාට ආයෙම ඇහෙන්න ගනිද්දි.


Fortsätt läs

Du kommer också att gilla

572K 12.8K 40
In wich a one night stand turns out to be a lot more than that.
5.5K 2.2K 28
"ජන්කුක්.... කො මගේ රොස බබාලා ටික" "හේ හේ එවා මේ දන්නැද්ද ඉතින් ජිමික්කී"
620K 37.8K 102
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...