kawaii

By tae_tao

3.1K 687 160

"මා...ව.. එකම එක පාරක් කිස් කරන්න... මගෙ පළවෙනි හාදුව ඔයා වෙන්න.." ජිමින් මගේ දිහාව බැලුවෙ අසරණ පාට ඇස්වලින්... More

01. කවායි!
02. හුරුබුහුටි ඇස්, හුරතල් කටහඬ
03. එයත් හුරතල් බබෙක්
04. මම ඔයාට කැමතියි
05. ජිමින්ගෙ ඉල්ලීම
06. පළමු හාදුව
07. නිශ්ශබ්දතාවය
08. පුංචි ලෝකෙ
09. තුවාල කැළැල්
10. කෝ ටේහ්‍යුන්?
11. හුස්ම
12. එක හුස්මක්
13. කදුළු කැට
15. ගැඹුරු තැන්
16. පැනල යමු
17. අතුරුදහන් වීම
A/N

14 . ඉදිමුනු කම්මුල්

67 13 1
By tae_tao

"මොනවද බලාපොරොත්තු වුනේ නෑ කියන්නෙ?"
නම්ජුන් ඇහුවෙ ටේහ්‍යුන්ගෙ උරහිසින් අල්ලල තමන්ගෙ පැත්තට හරවගන්න ගමන්. ඒත් ටේහ්‍යුන්ග් හිටියෙ බිම බලාගෙන.

" ටේහ්‍යුන්ග්..."

නම්ජුන් බොහොම හිමින් කතා කළා.

" මට ආදරේ නැද්ද?"

නම්ජුන් ඇහුවෙ තවත් ටේහ්‍යුන්ග්ට ළං වෙලා. ටේහ්‍යුන්ගෙ හුස්ම ගන්න වේගෙ වැඩි වුනා.

" මෙහෙන් යන්න.."

ටේහ්‍යුන් මිමිණුවා.

" මම යන්නෙ නෑ..."

"ඇයි ඇයි ඇයි..." ටේහ්‍යුන්ග් අත් දෙකෙන්ම ඔලුව බදාගෙන ඇහුවා.

"මොකද මට එහෙම හිතෙන්නෙ නෑ. ඔයා ඇයි මට යන්න කියන්නෙ.."

"මං වගේ කෙනෙක්ට ළං වෙලා ජීවිතේ විනාස කරගන්නද ඕනෙ. ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි. මට මේ ජීවිතේ හුරුයි."

ටේහ්‍යුන්ග් නම්ජුන්ගෙන් ඈතට ගියා.

" බෙල්ට් පාරවල් කාලද? .... මං හිතනවා ඊට වඩා දෙයක් මේ මිනිහා ඔයාට කරන්න නැතුව ඇතියි කියල.."

ටේහ්‍යුන්ග් යටිතොල හපාගත්තා. "ඒ මගෙ තාත්තා .."

"ඔව් මට ඒක පේනවා ටේහ්‍යුන්ග්.."

" මං පොරොන්දු වුනා එයාව බලාගන්නව කියල.." ටේහ්‍යුන්ග් අඩන්න පටන් ගත්තා. ඉතින් එයාගෙ කටහඬත් හුගක් වෙනස් වෙලයි තිබ්බෙ..

"කාටද...?" නම්ජුන් අහනවත් එක්කම ටේහ්‍යුන්ග් පියානෝ එකේ කොනකින් අල්ලන් නම්ජුන්ගෙන් ඈත් වුනා.

" ඔයා මේකට මැදිහත් වෙන්න ඕන නෑ .. ප්ලීස්.." ටේහ්‍යුන්ග් කියද්දි නම්ජුන් ටේහ්‍යුන්ග් ළඟට ගිහින් ටේහ්‍යුන්ගෙ ඉනෙන් අල්ලල ළගට ඇදල ගත්තා. ඒ ඇදපු පාරට ටේහ්‍යුන්ග් නම්ජුන්ගෙ පපුවෙ වැදුනා.

"ටේහ්‍යුන්ග් මට කියන්න.. මට හැමදේම කියන්න. මට පුලුවන් අහන් ඉන්න."
නම්ජුන් ටේහ්‍යුන්ගෙ මූණට වැටුනු කොන්ඩෙ ඇගිලි අස්සෙන් යන විදිහට පස්සට අතින් පීරල ටේහ්‍යුන්ගෙ නළල ඉම්බෙ ටේහ්‍යුන්ගෙ ඇස් වැහිල යද්දි.

ටේහ්‍යුන්ග් ලොකු හුස්මක් ගත්තා.
" අපි මෙහෙට ආවෙ මට අවුරුදු 7 දි විතර.. අපි සතුටින් හිටියා. මෙහෙට ඇවිල්ල මාස කීපෙකින් තාත්තගෙ බිස්නස් එකත් ගොඩක් සරු වුනා. ඒ අතරෙ අම්ම ආයෙ ප්‍රෙග්නන්ට් වුනා. මම ගොඩක් සතුටින් හිටියා මට සෙල්ලම් කරන්න කවුරු හරි හම්බෙන එකට.
හම්බෙන්න හිටියෙ පිරිමි ලමයෙක්. බබාට මාස අට වෙද්දි එයාලා ක්ලිනික් ගිහින් ආපු දවසක අම්මගෙයි තාත්තගෙයි මූණු තිබ්බෙ අමුතුවට. මම කවදාවත් එයාලව එහෙම දැකල තිබ්බෙ නෑ. අම්මගෙ කම්මුල් ඉදිමිලා ඇස් රතුවෙලා තිබ්බා. අම්මා මගෙ දිහා බලල අසරණව හිනා වුනා. මම පුංචි නිසා එයා කිව්වෙ බබා නිසා අමාරුයි කියල වුනත් ඒක බොරුවක් කියල මට තේරුනේ දවසක් රෑ එයාව හොස්පිට්ල් ගෙනියද්දියි.

ඊට පස්සෙ අම්මා මාසයක් ගෙදර ආවෙ නෑ. මාව මාමා කියල කෙනෙක්ගෙ ගෙදර නැවැත්තුවා. ඊටත් මාසෙකට විතර පස්සෙ අම්මා ගෙදර ආව නිසා මාත් ගෙදර ආවා. හැබැයි අම්මා ආවෙ එයාගේ ලොකු වුන බඩ නැතුව. ඒත් බඩේ හිටිය බබා ගෙදර ආවෙත් නෑ. මම එදා ඉදන් කලේ බබාව ඉල්ලලා ාඩන එක"


"මගෙ ඇඩිල්ල දරාගන්න බැරුව අම්මත් අඩන නිසා තාත්තට තරහ ගිහිල්ල මට හොදටම ගැහුවා . අම්මා මාව බේරගන්න මැදට පැනපු නිසා එයාටත් සමහර පාරවල් වැදුනා."

ටේහ්‍යුන්ග් මෙච්චර වෙලා නම්ජුන්ගෙ පපුවට තද කරන් හිටිය ඔලුව උස්සලා ඒ කදුලු පිරුන ඈස් වලින් ටේහ්‍යුන් එයා දිහා බලද්දි නම්ජුන්ගෙ පපුව හීනියට රිදුම් දුන්නා. නම්ජුන්ගෙ ශර්ට් එක්ක අත් දෙකට මිරිකගත්ත ටේහ්‍යුන්ග් ආයෙම කතා කලේ නම්ජුන් එයාව සනස්සන්න හිමින් පිට අතගාද්දි.

"අම්මා ඊට පස්සෙ මා එක්ක හිටියෙ දවස් දෙකයි හ්‍යුන්ග්
එයා මැරුනා. එයා මැරුනෙ හවස් වරුවක. හරියටම අදුරයි එලියයි අතරමැද වෙලාවක. එයාගෙ අවසාන මොහොතෙ තාත්තා හිටියෙ නෑ. එයා කඩාවැටිච්ච බිස්නස් එක විකුනලා සල්ලි අරන් එන්න ගිය දවස ඒ. ඉතින් අම්මගෙ අවසාන මොහොතෙ ළඟ හිටියෙ මම විතරයි. එයාගෙ හුස්ම යාගෙන එද්දි එයා මට කතා කළා. එයා කිව්වා.. එයා කිව්වා.. තාත්තව බලාගන්න කියල. මොනදේ වුනත් තනි කරන්න එපා කිව්වා. මං එයාට පොරොන්දු වුනා.

අම්මා නැතිවෙලා තිබ්බෙ ගර්භාශෙ පිලිකාවකින්. බබා පිලිසදගන්නත් කලින් තිබිලා තියෙනවා. බබා බඩේදිම ඒක නිසා නැති වුනා කියල මාමාගෙ වයිෆ් මට කිව්වා.

තාත්තා අම්ම නැති වුනාට පස්සෙ වෙනස් වුනා. එයා මම දිහා බැලුවෙවත් නෑ. එයා මට වෛර කරන්න පටන් ගත්තා. එයා රස්සාවක් නැතුව ඉබාගාතෙ ගියා. මම ගොඩක් වෙලාවට හිටියෙ මාමගෙ ගෙදර. ඒත් මගෙ අවසනාවකට වගේ මාව අම්ම වගේම බලාගත්ත නැන්දා හදිස්සියෙ අතුරුදහන් වුනා. මම අදටත් දන්නෙ නෑ එයාට මොකක්ද වුනේ කියල.

කාලෙ ගෙවෙද්දි මම දැනගත්තා තාත්තා ඩ්‍රග්ස් වලට ඇබ්බැහිවෙලා ඉන්නෙ කියල. එයා ඒ වගේ වෙලාවට සමහර වෙලාවට මට පුතේ කියල ආදරෙන් ළගට ගන්නවා. සමහර වෙලාවට මගෙන් එයාගෙ තරහ පිට කලා.."

Continue Reading

You'll Also Like

309K 6.8K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
243K 6K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
43.8K 6.9K 53
ලෝකෙම හොල්ලපු කොල්ලෝ 7ක්... එයාලා අතරින් හිංසනයට ලක්වෙන අහිංසක කොල්ලෙක්.... ඒ කොල්ලත් එක්ක ආදරෙන් බැදෙන කන්ඩායමේ බාලයා.... ඔවුන් අතර ගෙතුනු කතාවයි මේ...