blessing for me ( yizhan )

By nowtyhashi

32.6K 3.7K 567

හැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න ක... More

Introduction
🌸 01 ❤
🌸02❤
🌸03❤
🌸04❤
🌸05❤
🌸06❤
🌸07❤
🌸08❤
🌸09❤ (Bonus )
🌸10❤
🌸11❤
🌸12❤
🌸13❤
🌸14❤
🌸15❤
🌸16❤
🌸17❤
🌸18❤
🌸19❤
🌸20❤
🌸21❤
🌸22❤
🌸23❤
🌸24❤
🌸25❤
🌸26❤
🌸27❤
🌸28❤
🌸30❤
🌸31❤
🌸32❤
🌸33❤
🌸34❤
🌸35❤
🌸36❤
🌸37❤
🌸38❤
🌸39❤(බෝනස් )
🌸40❤
🌸41❤
🌸42❤
🌸43❤
🌸44❤
🌸45❤
🌸46❤
🌸47❤ ( බෝනස් )
🌸48❤
🌸49❤ ( බෝනස් )
🌸50❤
A/N
🌸 අවසානය.❤

🌸29❤

477 60 7
By nowtyhashi

මගේ නිදහස කියන එක දැන් මට නැ.මට තියෙන්නේ දුවන්න ...මගේ ටාගට් පස්සේ දුවන්න...මම දැන් බිස්නස් මැනේජ්මන්ට් ඉගන ගන්නවා...මගෙ අකිදු මගේ ලගට ගන්න අවස්ථාවක් තිබ්බොත් මට එයාට ලන් වෙන්න පුලුවන් ලෙසිම පාර බිස්නස් ...ආරංචි විදිහට නැන්දාට දැන් ඔනේ සල්ලි විතරමයි ලු...මගේ කොල්ලා බලු දුක් විදිනවලු...මගේ කොල්ලට දැන් අවුරුදු 16 ක් වෙනවා...මට 22ක් ....තව ටික කාලයක් දිපන් මේ සුදු අයියාට උබ ලගට එන්න...

"පුතා මට ටිකක් කතා කරන්න ඔනේ..."

"කියන්න අප්පච්චි "

"තාම අකිදුට ආදරේ කරනවද..."

"මම කවද්ද අප්පච්චි එයාට ආදරේ නොකර හිටියේ...මම මේ හැම දුකක්ම හැම කට්ටක්ම කන්නේ එයා වෙනුවෙන් කියලා අප්පච්චි දන්නවනේ...සුදු මල්ලි නැති ජිවිතයක් මට නැ...."

"හ්ම්...එහෙනම්...ඉක්මනට ඔය එක් ඉවර කරලා මගේ බිස්නස් බාර ගන්න...මම හිතන්නේ ඔය එක්සැම් එකත් එක්කම කරදරයක් නැත්තම් යස්මින් පුතා එක්කම හෙට ඉදන් ඔෆිස් ආවානම් හොදයි."

" මම යසියා එක්ක කතා කරලා අප්පච්චිට කියන්නම්..."

කාලය හිසැරක් වේගයෙන් ගෙවිලා ගියාත් මටනම් දැන් මානසික ආතතිය කියන එක උපරිම වෙලා. මේ මගුල් ආදරයක් බිසා මම විදින දුකක්...ඇත්තමයි අකිදු තෝව මට ලැබුනේ නැත්තම් මම උබවත් මරලා මැරෙනවා යකෝ...මම විදනවා....

අනිත් උන් ලව් කරනකොට වෙන එවුන් කේල්ලෝ කොල්ලො එක්ක අතල ගන්නකොට ම්ම උබ නැතුව උබලට ලව් කර කර ඉන්නවා...මට දුකයි..මේ මගේ ජිවිතේ හොදම කාලේ...උබ මන් ලග ඉන්න ඔනෙම කාලේ...අපි වෙන් කරපු වුන්ට හොදක් වෙන්න එපා....

දැන් මට හරියටම 25ක් වෙනවා..මගේ අකිදුට 19ක් වෙනවා...අද මම ලංකාවට යනවා...මම විතරක් නෙවෙයි අපි හැමොම ලංකාවේ පදිංචියට යන්නේ අයේ මෙහේ එන්න බාගෙනම් නෙවෙයි ...

මම ප්‍රාර්ථනා කරන්නේ මට අකිදු මගේලගට ගන්න පොඩි ඉඩක් හරි ලැබෙන්න කියලා...එයාට මාව තමා මතක නැතිව ඇති...එදා ඩොක්ට කිව්වේ එයා මතකය සදාකාලික හීන විමක් කියලා...ඒ මතක ආයේ එන්න ඉඩ තියෙන්නේ 1% ප්‍රතිශතයක් .බර හුස්මක් අරන් පිට කරපු මම එහෙන්ම ෂිට් එකට ඔලුව තියා ගත්තේ දෙවියන්ට හිතින් යැද යැද.....

" ඒ මම යනවා....අපි හෙට ඔෆිස් එකෙදි මිට වෙමු..."

"හරි මචන්...පරිස්සමෙන් "

යස්මින් ගෙදර ගියේ අවුරුදු ගානකින් ඒකා එකාගේ අම්මා බලන්න යන්නේ.අපි අද ලංකාවට එනවා කියලා කවුරුත් දන්නේ නැ...අඩුම දහම් අංකල් වත් දන්නේ නැ...

" අප්පච්චි යන ගමන් අකිදු බලාගෙන යන්ද...."

"අනේ ඔව් අප්පච්චි මටත් දැන් අයියාගේ මුණ මතක නැ..."

"හරි..හැබැයි පාරේ ඉදන්..."

මම අකිදු බලන්න සතුටින් ආවා වුනත් මගේ බඩ පපුව හොස ගාලා ගියේ ඒකා ඇදන් හිටපු ඇදුම දැකලා වගෙම නැන්දා එකාට කතා කරපු විදිහ ඇහිලා...

" ඇ කාළකණ්ණියෝ අද දවසම ඔය වැඩේ කර කර ඉන්නද හදන්නෙ..උයන්නේ කවුද .... උබලගේ අම්මා වලෙන් නැගිටලා ඇවිත් උයනවද ....ඉක්මන් කරපන්..."

මගේ සුදු මල්ලි බිම පොල්කුඩු දලා මදිනවා...ඒ ඇදන් ඉන්න ඇදුම තැනින් තන් පුස් කාලා ....අනේ මගේ රත්තරන් ඇයි පන මෙහෙම වුනේ....

" අම්මා....!!,ඒ නැගිටින්න සුදු මල්ලි...පලයන් ඇතුලට . "

"පුතා..."

"අම්මා මේ ...මේ කොල්ලා මරාගෙන කන්න එපා ඒකා උදේ ඉදන් නැහෙනවා...අර ගෙට වෙලා ඉන්න උඩැක්කි වෙකට කියලා වැඩ කර ගන්නකෝ...ඇයි යකෝ අර පොඩි කොල්ලව කන්න හදන්නේ රෙද්ද"

ඒ යුමෙත් ....උබට විතරද බන් මගේ කොල්ලව රැක ගන්න පුලුවන් ...ටික දවසක් හිටපන්...මම එන්නම් උබව හම්බෙන්න...ගෙදර යන්න කියලා ආවා වුනත් අප්පච්චි ගෙදර නොයා ආවේ AkI &Yu එකට . ඒ තමයි සුරි අංකල් ගේ ඔෆිස් එක...ඒක සැහෙන්න වෙනස් වෙලා...මේ තරම් දෙවල් තියන් ඇයි මගේ කොල්ලා දුක් විදින්නේ...

" අප්පච්චි ඇයි අපි මෙතනට ආවේ..."

"පොඩ්ඩක් හිටපන් ...ආ...අන්න එනවා...."

ප්‍රසන්න අංකල් එනවා..හරි කලබලෙන් වගේ...

" සේනේ.....උබලා එහෙනම් ආවා නේද..."

"හ්ම්..ආවානම් තමා හැබැයඅගේ හිත කැඩුනා බන්...මට එක දෙයක් උබෙන් දැන ගන්න ඔනේ එකයි අපි මෙතනට ආවේ."

"උබලා අපේ ගෙදර ගියාද...."

"නැ..පාරේ හිටියේ..."

"මගේ ගැනිට අකිදු පෙන්න බැ බන්..මාව වුනත් මරාගෙන කන්න හදනවා...ලොකු ඒකාට විතරක් පොඩ්ඩක් සැලෙන්ඩර් අපේ ගැනි...මම මිනිහා කියලා මටවත් ගරු කරන්නේ නැති එකේ උබට අයේ කියන්න ඔනේ නැනේ..."

අප්පච්චි වගෙම අම්මාත් බර හුස්මක් පිට කරේ නැන්දාගේ හැටි එයාලා හොදටම දන්න නිසා වෙන්න ඇති...එයාලා පුංචිලා එක්ක තරහා වෙලා...අකිදුට එයාලව හම්බෙන්නවත් ඉඩක් දෙන්නේ නැලු..හැබැයි හොරෙන් හොරෙන් ගේ ලගට ඇවිත් සත්‍යානි පුංචි වගේ ම බාප්පාත් බලලා යනවලු..නිතේශ් තමයිලු හොදම යාලුවා මගේ පනගේ...

" සේනේට මොකක්ද මගෙන් දැන ගන්න තියෙන්නෙ..."

"අයේ වංගු ඔනේ නැ..කෙලින්ම අහන්නම්...අකිදුට කොල්ලෙක් හරි කෙල්ලෙක් හාරි ඉන්නවද ඒ කියන්නේ කා එක්ක හාරි සම්බන්ධයක් තියෙනවද..."

" මගේ කොල්ලට හුස්ම ගන්නවත් වෙලාවක් නැතුව කොහෙන්ද බන් සම්බන්ධයක් ඇති කර ගන්න වෙලාවක්..ඒ කොල්ලා දුක් විද විද තව කාට හාරි ආදරේ කරන්න පුලුවන් ද....ඒකා තමා තනිකඩයි..."

"පුතා කල්ප ඇහුනානේ .කරන දෙයක් ඉක්මනට කරපන්..."

"අංකල් අවුරුදු දවසේ රැ කැමට අපේ ගෙදර එන්න...තව දවස් තියේ එත් කමක් නැ...දැනම දිනේ වෙන් කර ගන්න..."

අංකල්ට සමු දිලා ගෙද ආවේ අකිදු ගැන මගේ හිතේ ඇති වෙච්ච දුක වගෙම මන් ගැන මට නැගුන වරද කාරි හැගිම එක්ක...ඒදා ලංකාවට ආපු දවසේ මට තිබ්බා එයා ගැන එක පාරක් හරි ගිහින් හොයලා බලන්න...ඒත් මම මගේ ටාගට් එක පස්සේ දිව්වා මිසක් අකිදු බලන්න ආවේ නැත්තේ මගේ හිත හදා ගන්න බැරි වෙයි කියලා බයට නිසා ..

ඒත් දැන් මගේ කොල්ලා විදවනවා....මගේ පන තව ටික දවසක් දරාගෙන හිටපන්.මා උබව මොන විදිහට හාරි මගේ ලගට ගන්නවා ...උබ දුක් වින්දා ඇති...

ලංකාවට ඇවිත් සති දෙකක් ගෙවිලා ගියා..මම ආපු ගමන් ගැහුව ගේම නිසා අපේ කම්පැනි එක වගෙම මගේ නමත් ටග්ගලා පැතිරිලා ගියා...හෙට අවුරුදු ..හෙට මගේ මැනික මට ලගටම බලා ගන්න පුලුවන් ...මම මේ දවස එනලන් කොච්චර ඇගිලි ගැන්නද ..

" මම එන්නද...."

මම පියපි සිහියට ආවේ ඔෆිස් එකේ දොරෙන් බෙල්ල ඇතුලට දාගෙන කැ ගහන යුමෙත් හින්දා.....

" අඩෝ යුමෙත් අයියා..."

"පල යන්න ලංකාවට ආවා මහා ලොකුවට ආවද අපිව බලන්න අපිම එන්න ඔනේ .උබලගේ බොරු ආදරේ "

"ඒ මම ආවා කියලා මගේ පන මාව අදුර ගන්නේ නැනේ...ඒකෙන් වෙන්නේ අපි දෙන්නගෙම හිත රිදෙන එක..."

"ඒයි උබ තමා මගේ මල්ලි ගැන හිතේ තියාගෙනද ඉන්නේ..."

"ඒකාව කවද්ද මම හිතෙන් අයින් කරේ...මා තාමත් පන ඇරලා ඒකාට ආදරෙයි ලොකු...."

" හ්ම්..."

"කෝල් එකක් ගන්නවකෝ එයි අකිදුට ..මට ආසයි ඒ කටහඩ අහන්න ඔයි .."

අවුරුදු ගානකට පස්සේ එයාගේ කටහඩ අහන්න යන්නේ මම...අනේ මම පව් දෙවියනේ ..ලව් කරලා අතල් එකේ ඉන්න ඔනේ කලේ මම විදවනවා..යුමෙත් අයියා කෝල් එකක් ගන්නවා ...අනේ එයා අන්සර් කරා...

"හෙලෝ...ලොකූ "

අනේ මගේ කොල්ලගේ කටහඬ නිවිලා...ඉස්සර දගකාර කටහඩ වෙනුවට දැන් තියෙන්නේ නිවිච්ච කටහඩක්...නැ...නැ...ඒ අඩපු කටහඩක්....මගේ කොල්ලා අඩලා...මගේ මුලු මුණම අදුරු වෙන්න ඇති....යුමෙත් මගේ අත අල්ල ගත්තා

"පොඩි උබ ඇඩුවද ඇත්ත කියපන් .මම එන්න කලින්...."

"අනේ ලොකු මට ඉන්න බැ...මාත් කොල්ලෙක් මටත් ආසයි ඇවිදින්න යන්න...මම නිතේශ් එක්ක අද බිච් ගියා....එන්න පපරක්කු වුනා කියලා ..හික්....නැන්දා පලු හිටින්න ගැහුවා අනේ ලොකු මාව කොහෙට හාරි අරින්නකෝ....මාව රටවත්....ඊයේ පාස්පෝට් හදපු එකේ...."

එයා පාස්පොට් හදලා....මම බැලුවේ යුමෙත් දිහා...ඒකාත් වෙව්ලනවා...

" මම ගෙදර එනකන් ඉන්නවා.. අවුරුදු ඉවර වුන ගමන් මම උබව කොහෙට හාරි යවන්නම්...."

යුමෙත් කොල් එක කට් කරේ තරහා පිට කියලා ඒකාගේ මුනෙන්ම තේරෙනවා..

" පාස්පොට් කතාව මොකක්ද "

"උබ අයේ එන එකක් නැ කියලා හිතුවේ ඉතින්..."

"ඇති...හෙට මගේ කොල්ලව මගේ ගෙදර අරන් වරෙන්..."

"ඊට පස්සේ උබ මොනවද මල්ලි කරන්න හිතන් ඉන්නේ..."

"හිරුට ප්‍රෙපෝස් කරන්න...."

"මොනවද හුත්....තෝ මොනවද කියවන්නේ...තෝ ආදරේ කිව්වේ මගේ මල්ලිට ...දැන් මගේ නංගි බදින්න හදන්නේ ආ...මම හිතුවේ උබ අපේ විශ්වාසේ රකි කියලා...."

"ඒයි....කට පරිස්සම් කරන් කතා කරපන් අයියේ...මම අවංකයි තමා යකෝ...උබ දන්නවද මම මගේ පන වෙනුවෙන් මොනවද නොකලේ කියලා....දන්නේ නැනේ...යකෝ තෝව පවා එදා මරන් ගිය වෙලාවේ බේර ගත්ත කලු ජැකට් කාරයා මම යකෝ...

උබට හිතන්න පුලුවන් ද අද වෙනකන් උබලා පස්සෙන් ඉදන් අකිදුවේ පරිස්සමෙන් බලා ගත්තේ කවුද කියලා ....මම යකෝ මම..."

ලොකු මම දිහා පුදුමෙන් වගේ බලන් ඉන්නවා....

" ඒ කියන්නේ ඒදා අවිනාශ්,ප්‍රභුගේ ගැනි...ප්‍රභූ තුන් දෙනවා මැරෙන්න හේතුව උබද මල්ලි....ඒත් උන් මැරුනා වුනත් තාම අකිදු පස්සේ කට්ටියක් පන්නනවා ඒ කවුද. .."

"ඒකනම් මාත් තාම හියනවා හම්බුන දවසක් වුනුත් සුරි අප්පච්චි ගාවට තමා..."

"හරි ඒක පැත්තකට දාපන්...මොකක්ද අර හිරුගේ කතාව..."

"ඒකිට යෝජනාව ගේනවට පොරුවට නගින්න ඔනේ මගේ අකිදු .....මම හැමදෙම ලැස්ති කරන්නේ එයාට...මගේ කොල්ලව මට ඔනේ...හිතලා බලලා උත්තරයක් දිපන්..මම පුංචි හම්බෙලා කතා කරන්නම්...මට ඔක්කොටම කලින් උබෙන් උත්තරයක් ඔනේ..."

"මට හිතන්න දිපන් .."

හිතන්න කල් ඉල්ලපු යුමෙත් යන්න ගියාම මම ඔෆිස් එක ඇතුලේ තනි වුනා...

අද අලුත් අවුරුද්ද ..හවසට මගේ පන ගෙදර එනවා..උදේ චාරිත්‍ර ඉවර කරලා දවල් වෙලා නංගි එක්ක ටවුන් එකට ආවේ අකිදු මොනා හාරි ගන්න හිතාගෙන වෙනකොට අහාම්බෙන් වගේ මට එයාව හම්බුනා...දෙවියනේ එයා මගේපන ලස්සනයි ගොඩක් ...

ඒ දැනුන හැගිම වචන කරන්න බැ...හරියට සහරා කාන්තාරේට වැස්සා වගේ.....

පියවි ලෝකෙට එමු .....

Akindhu pov ......

ඇග හරියට රිදෙනවා....එහෙනම් බෙහෙත් ගදයි හැමතැනම ..ඇස් බරයි ගොඩක්.....මම හරියටම ඉන්න තැන වුනේ මොකක්ද කියලා තේරුම් ගන්න මට ටිකක් වෙලා යනකොට මට මතක් වුනේ මගේ පැටව් දෙන්නා..අනේ එයාලට කරදරක් නම් වෙන්න එපා...

මම හිමිට මගේ කුස ඇල්ලුවා....ඒක තියෙනවා...මම ඇස් වහගෙම අල්ලලා බැලුවේ මගේ හිතේ තිබ්බ බයත් එක්ක...මම අමාරුවෙන් ඇස් ඇරලා බලද්දී අනේ දෙයියන්ගේ පිහිටින් මගේ දරු ගැප පරිස්සම් වෙලා තිබ්බා...මම එහෙන්ම බැලුවේ මගේ ළග පුටුවක් තියාගෙන ඒකේ ඇන්දට හේත්තු වෙලා ඉන්න මගේ මහාත්තයා දිහා .පව් නින්ද ගිහින්...සද්ද නොකර ඉන්න ගියත් බඩේ ඉන්න චන්ඩියෙක් ගහපු පාරකට මට උන් හිටි තැන් අමතක වුනා..

" ආ...ව්....."

"වස්තුව.....මගේ පන...දෙයියනේ ...."

එයා කලබල වෙලා...අනේ පව් දෙයියනේ මගේ පන...එයා ඩොක්ට කෙනෙක්ට කතා කරලා මාව චෙක් කරෙව්වා...

" වෙලාව හොද කමට දරුවෝ දෙන්නම කරදරයක් නැතුව ඉන්නවා...අම්මා මිට වඩා පරිස්සම් වෙන්න ඔනේ...දැන් ඉතින් ඔය තුවල හොද වෙනකන් වැඩිය දගලන්න එපා..මොකද බෙහෙත් බොන්න දෙන්න අමාරුයි ඔයා ඉන්න තත්වේ එක්ක...ඉතින් පරිස්සම් වෙන්න..."

"තැන්කිව් ඩොක්ට "

එයා ඩොක්ට එක්ක එලිට ගිහින් දැන් විනාඩි දහය්ක් වෙනවා...මම කුස අත ගගා හිටියේ එයාලා කියන විදුහට මම සම්පුර්ණ පැය 24 ක් සිහිය නැතුව ඉදලා..එත් මට මේ වගෙම දෙයක් මතක් වෙනවා...මම හිතන්නේ මම පොඩි ..

කවුරු හරි කට්ටියක් මාව මරන්න ආවා ..ඒත් කොහෙන්ද ඉදලා ආපු පොඩි අයියා කෙනෙක් මාව බේර ගත්තා..මට ගහපු පිහි පාරක් එයාගේ උරහිස හිල් කරන් ඇතුලට ගියා...අනේ ඒයා කවුද ....කවුරු වුනත් එයාත් මගේ මහාත්තයා වගේ මට ආදරේ කරපු මගේ අයියා කෙනෙක් වෙන්න ඇති ....එත් ආසයි දවසක එයාව දකින්න...

මට මම එයාට කතා කරපු නම මතක නැනේ අනේ...ශික් ...මොකක්ද අප්පා මතක් වෙන්නකෝ....සු....සු.....සුදු.අයියා.....ඔව්...මාඅඒයාට කතා කරේ සුදු අයියා කියලා...එත් පොඩ්ඩක් ඉන්න ඒ වගේ කැපුම් පැල්ලමක් මම කාගේ හාරි පිටේ දැක්කා මතක නැනේ....

" අකිදු......මොනවද තනියෙම කියවන්නේ..."

"මහාත්තයා...ඔයා හොදින් නේද ..."

"හොදින්...එහෙම පෙනවද ......යකෝ මම මැරුනේ නැති ටික විතරයි..ඇයි එහෙම කරේ ...යකෝ මගේ දරුවෝ දෙන්න ඔය බඩේ තියාගෙන ඇයි එහෙම කරේ..."

"මට ඔයා නැතුව වැඩක් නැති නිසා...දරුවෝ හිටියට ඔයා නැති ජිවිතයක් මට එපා...ඔහොම බලන්න එපා...හදිසියේ මට ඔහොම වුනනම් ඔයත් දෙපාරක් හිතන් නැතුව පයිනවා නේද මගේ මහාත්තයෝ ඉතින් ඒ ආදරේම තමා මාත් ඔයාට දෙන්නේ...ඒ වේලාවේ මම කවුද මම බඩදරු අම්මා කෙනෙක්ද කියන ඒවා මත මතක නැ...මට මේ ලෝකේ ඉන්න වැදගත් වගෙම වටිනම කෙනා ඔයා වෙච්ච කොට මට මාව අමතක වෙන එක සාධාරණ නැද්ද "

"මගේපන උබ යකෝ...උබට මොනා හාරි වුනානම්...කොහොමද මම ඉවසන්නේ...මමත් නිකන්ම මැරිලා යයි...."

එයා මාව පරිස්සමෙන් ේ පපුවට තුරුල් කර ගත්තා.මගේ නලලට ,මුණට...අත පයට ..මගේ බඩට හාදු කෝටියක් විතර එයා තියද්දි මම එකම එක හාදුවක් ඒ නළලට තිබ්බා..එයා හරි පරිස්සමෙන් මගේ කුස අත ගගා මගේ දරුවෝ එක්ක කතා කරනවා...අනේ මහාත්තයා මට බයයි ඔයා ගැන...

"මහාත්තයා අපිට ගෙදර යන්න්ද් බැරිද...මට මෙහෙම ඉන්න අමාරුයි අනේ..."

"හ්ම්...මම ඩොක්ට එක්ක කතා කරන්නම්..."

එයා කොහොම හාරි ඩොක්ටගෙන් පර්මිශන් ගත්තා ගෙදර යන්න...එයා මාව හරි පරිස්සමෙන් ගෙදර එක්කන් එනකොට මගේ ලොකු පැටියා අම්මා අතේ ඔහේ ඉන්නවා...පව් මගේ දරුවට සාංකාවද මන්දා...

"මගේ පුතේ....අම්මා ආවා "

අනේ මගේ දරුවා හිනා වෙනවා...ලෝබ කමේ බැ..මේ පුංචි හිනාව දකින කොට...

"කෝ දෙන්න අම්මා දරුවා..අකිදු එක්ක ඇදෙන් තියන්නම්...එතකිට හතර දෙනාට ඉන්න පුලුවනේ ..."

"අකිදු පුතේ....පරිස්සමෙන් මගේ දරුවෝ...."

"අම්මා....අඩන්න එපා අනේ මම හොදින් මේ අපේ පැටව්ත් හොදින් ඉන්නවා.."

අම්මාට හිනවක් දිලා ඇදට ආව මගේ ලගින් දරුවා තියලා ඊට එහා පැත්තෙන් එයා ඉද ගත්තා.මගේ දරුවා මගේ අත අල්ලන් හරි හරියට මොනවද කියවනවා...මගේ චන්ඩි පැටියා...අම්මාගේ වස්තුව....

පුතාට නින්ද ගියාට පස්සේ එයාව තොටිල්ලෙන් තිබ්බ මහාත්තයා ෆොන් එක අරන් එලියට ගියේ එයාට කෝල් එකක් ආව නිසා වෙනකොට...මගේ හිතේ මේ වෙනකොට හොල්මන් කරන කෙනෙක් හිටියා...ඒ සුදු අයියා කවුද ..එයා දැන් කොහෙද ....

ඒ කැපුන් පාර මම දැක්කේ කාගෙද...මට ඒ කපුන් පාර හොදටම මතකයි...මොකද මම පොඩි කාලේ ඒ කැපුන් පාර දිහා සැහෙන වෙලා බලන් හිටිය මතකයක් තියෙනවා ..නිතේශ් එයාට මතක ඇති සුදු අයියාව...

ඒත් දැන් සුදු අයියෙක් හොයන්න ගිහින් මගේ මිනිහා මාව දලා යයිද දන්නේ නැ...එක්කො කාටවත් නොකියා හොයලා බලනවා..කොයි සුදු අයියාලාටත් වඩා මට වටින්නේ මගේ මහාත්තයා ...

මම එහෙනම ටිකක් ඇසි පියා ගත්තේ ඇගට එන තෙහෙට්ටු ගතිය නිසා...

"අපි සිංදුවක් කියන්නකෝ සුදු අයියේ...."

"ඒයි මගේ සුදු අයියට සද්දේ දන්න එපා හරිද...එයා මගේ...."

"ඔබේ අතින් අල්ලා .....හදේ මැදින් තියලා......මගේ පනයි කියලා....රැක ගන්නම් මියෙනා තුරා......"

"එයා කියනවනේ ඉතින් සුදු අයියාගේ පන මම කියලා"

"කො එන්න මගේ සුදු මල්ලි අයියා ගාවට..මේ ඉන්නේ මගේ පන ටිකනේ..."

මම ඉක්මනට ඇස් ඇරියා....කවුද ඒ කවුද මේ සුදු අයියා .මගේ හිනවලත් ඉන්නවා එයා...එතන නිතේශ් තව අයියා කෙනෙක් වගෙම තව මගේ අප්පච්චි ගොඩක් අය හිටියා...මම ඉදන් හිටියේ අර සුදු අයියා කියන කෙනාගේ ඔක්කේ....ඒතරම් ලන් වෙලා හිටිය කෙනෙක් හිටියා නම් කෝ එයා...ඇයි එයාව මතක් වෙන වාරයක් ගනේ මගේ පපුව මගේ මහාත්තයා ලග හැහෙනවා වගේ වෙගෙන් ගැහෙන්නේ...හිතම පිරෙන හැගිමක් එන්නේ...අනේ එහෙම හැගිම් මේ හිතට එන්න එපා...මට සුදු අයියා කෙනෙක් ඔනේ නැ...මට මගේ මහාත්තයා ඇති.....

" පන ඇයි මේ...."

"මොකුත් නැ...මම ඔයාට තුරුල් වෙන්නද..."

"මට හංගන දෙයක් තියෙනවද අකිදු .මට තමුසේ ගැන සැකයි...කියනවා හිතේ තියෙන දේ....මම බලාගෙන දැන් සතියක් තිස්සේ ...තමුසේ හොස්පිටල් එකේ ඉදන් ආපු දවසේ ඉදන් රැ මැද හිනෙන් නැගිටිනවා...කියන්න ඇයි මේ...මගේ ලමයි වද දෙනවද මගේ අම්මාට..."

අනේ මම කොහොම කියන්නද කොහෙද ඉන්න සුදු අයියා කෙනෙක් මගේ නින්ද හොරකම් කරනවා කියලා ..

"එහෙම නැ මහාත්තයා .මට අර සිද්දිය මතක් වෙනවා..."

"කෝ එන්න...."

එයා මාව ඒ පපුවට තුරුල් කර ගත්තේ හරි පරිස්සමෙන් ...එතෙක දිගට මට සුදු අයියා කියන කෙනාම මතක් වෙනවා...ඒ පෙන මතක බොදයි..ඒ කටහඩ විතරක් හරියට ඇහෙනවා..එයා හැමවෙලාවෙම කිව්වේ මම එයාගේ පන කියලා...

අපි ට්‍රිප් ගියා...එයා මට කනවනවා...අපි සිංදු කියනවා..මම එයාට කේක් කවනව...එයා මට හාදු තියනවා....කවුද මේ සුදු අයියා..ඔයා කොයි තරම් හොද කෙනෙක් වුනත් කමක් නැ.මමයි මගේ මහාත්තයායි අතරට නම් එන්න එපා.....

..............................................................

අන්න සුදු අයියාට එයාලා අතරට එන්න එපාලු.....


කවුද දන්නේ නැ නේ තමත් අකිදුට වෛර කරන කෙනා.....ඔයාල හිතන්නේ කවුරු කියලද.....

කියවලා බලන්නකෝ .....

අයෙත් හමුවෙමු


හිනාවෙලා සතුටින් ඉන්න


😊❤ming ji



Continue Reading

You'll Also Like

1.3M 52.8K 55
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
921 123 12
සමාවෙයන් දේව් මට, උබට තරම් හයියක් නෑ මට සම්මතයෙන් පිටයන්න... ( මියොන් අශිංශ)
602K 21.7K 96
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
46.6K 6.3K 50
🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ මසිත සුවඳින් මත් කලා ලෝකයේ රුදු නෙත් වස...