ප්‍රයිස් ගිවින් එක වෙද්දි අපි ආය යාලු වෙලා හිටියේ. තිබුනු තරහවල් සේරම අමතක කරලා දාලා අපි අපේ ඇස් දිහා බලන් හුඟක් අයට හොරෙන් ආදරේ කලා. සාමාන්‍යයෙන් රණ්ඩුවකට පස්සේ ආදරය කරන දෙන්නෙක් අතර බැඳීම තවත් ශක්තිමත් වෙනවා කියලා කියන එක ඇත්ත. අර එපා කරපු වේදනාවට පස්සේ අපි දෙන්නටම දැනුනා... ඇත්තටම අපි දෙන්නට දෙන්නව මොන තරම් ඕනෙද.. කියලා. ඒ හැඟීම් කොච්චර හදවත පිස්සු වට්ටනවද කියලා...
ප්‍රයිස් ගිවින් එකේදි.. හනික වරෙව් කොල්ලනේ එකට තෝරගත්තු කොල්ලො ටික නටන්න ලෑස්ති උනේ තනි කලු ඇඳුම්වලට උඩින් කොස් කොළ වගේ අරවා මේවා කොළ අතුවලින් හදපු සායකුත් ඇදගෙනමයි. මූණ පුරා කලු පාටට මේක්අප් තවරගෙන.. බොරු කොන්ඩා දාගෙන.. ඒක තනිකරම විකාරයක්.. ආය ඉතින් කියන්න දෙයක් නැහැ.. නියම යක්කයෝ තමා.. තියන විසේ එක්ක ඒ සිංදුවට උපරිම සාධාරණයක් කලා කිව්වැකි.
අපි කිරිල්ලියො එකට ලෑස්ති වෙද්දි අපි හැමෝම එක එක පාට චීත්ත ගවුම් ඇදලා කොන්ඩේ ගොතන්නැතුව අර ඔලුව උඩින් මල් දෙකක් දාලා වගේ කොන්ඩ දෙකක් දාගෙන ගවුමේ පාටට රිබන් ගැට ගැහුවා. කොන්ඩ දිග නිසා එහෙම දාද්දි අමුතු ලුක් එකක් තියනවා. අනික ලාවට මේක්අප් කරලා අයිලයිනර් ඇදලා.. ගවුමේ පාටට වළලුත් දැම්මා ම ලස්සනයි ඉතින්. මගේ ගවුම තැඹිලි පාටයි.. ගවුම පුරාම පාට පාට චුටි බෝල තිබුනා. ඒක කොටු කර දාලා මහපු ගවුමක්.. පිටිපස්සෙන් හතරැස්.. පොඩි ඕපන් එකක් එක්ක ගැටගහන්න හිනි පටියක් තිබුන.. ගවුමට ඉන මැදටත් පටියක් තිබුනා. දනිස්ස පේන නොපෙනෙන ගානට ගවුමේ දිග තිබුනේ. මේක්අප් කරන අතරතුරේදි.. මතීෂගේ අම්මා ඇවිත් මං දිහා කන්න වගේ බලන් ඉන්න ගත්තා. හේතුවකුත් නැතුව.. එකපාරම.. එදා ඉතින් හැමෝගෙම අම්මලා තාත්තලා පුලුවන් විදියට කොහොමත් ඉස්කෝලේට එනවා.
මතීෂගේ අම්මා ඇදන් හිටියේ තද මේරැන් පාට ඔසරියක්. මතීෂගේ අම්මා එක්ක හිනාවෙලා කතා කරලා තියනවා උනත් දැන් තත්වය වෙනස් නේ... එයාගේ මැද සුදු කොලුවා.. මගේ බෝයිපෙන් වෙලා. දෙයියනේ එතකොට නැන්දම්මා දැන්ම මං දිහා රවන් වගේ බලන් ඉද්දි මගේ බොක්කේ ඉදන් කූල් වෙලා ගියා. ඒ නිසා මම මේක්අප් කරන අක්කාට ඕන දෙයක් කරගන්න කියලා ඇස් දෙක වහගත්තා. මගේ අත් වෙව්ලන්න ගත්ත නිසා මට මගේ අත් දෙක තදින් අල්ලගන්න උනා. අනේ මන්දා මතීෂගේ අම්මා මං දිහා බලන් ඉන්න විදියට මට සෑහෙන්න බය හිතුනා. පුදුමයක් නැහැ මතීෂට අච්චර නපුරු වෙන්න පුලුවන් ඇයි කියලා.. මතීෂ තනිකරම එයාගේ අම්මා වගේ.
ඒත් මතීෂගේ අම්මා තලෙලුයි.. මං වගෙම මතීෂට ලොකු අයියෙකුයි.. තව මල්ලියෙකුයි ඉන්නවා. මතීෂ එක්ක ඒ සහෝදරයො තිබ්බම එයාලා තුන්දෙනාටම තිබුනේ එකම ශේප් කට් එක. වෙනස තිබුනේ මෙයා වැඩිමලා.. මෙයා දෙවනියා.. මෙයා බාලයා කියලා.. තුන්දෙනාම උසයි.. සුදුයි.. එයාලගේ තාත්තා වගේ. හැබැයි දැන් වෙද්දි මතීෂ තමයි හැමෝටම වඩා උසින් වැඩි බිග් බ්‍රදර් වගේ වෙලා ඉන්නේ.
එදා මතීෂගේ අම්මා මං දිහා එහෙම බලන් ඉදලා නිකම්ම යන්න ගියා ඉතින්. ඊට පස්සේ.. අපේ අයිටම්ස් ගැන කතා කලොත්... ඒක මාරයි.. මම සාමාන්‍යයෙන් නටන්න කැමති. අපි අපේ අයිටම් එක හොඳට කලා. අනික පිරිමි ළමයිගේ හනික වරෙව් එකත් සුපිරියටම නැගලා ගියා. ඒක කොයි තරම් නම් හිට් උනාද කියනවා නම් ලොකු හෝල් එකේ හිටපු හැමෝම ඒක හෙල්ලිලා යන්න අත්පොඩි විසිල් ගහන ගමන් ඒක එන්ජෝයි කලා. ඒක ඉතින් එතන නටපු වගේම නැටුමට සිංදුවට ගැළපෙන විදියට මුහුණේ හැඟීම් ප්‍රකාශ කරපු කොල්ලොන්ගේ දක්ෂ කම.
උත්සවේ හවස් වෙනකල් තිබුනා ප්‍රයිස් ගිවින් එකත් තියන නිසා. අන්තිම වාරේ වෙනියා තාම දන්නෙත් නැහැ... රිපෝට් දෙන්නේ හෙට නිසා. ඒත් අද ඉතින් දැන ගන්න පුලුවන් වෙනියා ගැන.. මොකද සෙක්ශන් වල වැඩිම ලකුණු ගත්ත ළමයින්ගේ නම් වලින් ඕක හිතාගන්න පුලුවන්. මම හිටියේ පන්තිභාර මැඩම් දුන්න නම් ලිස්ට් වගයක් චෙක් කරන ගමන්.. පන්තියේ. හැම ළමයෙක්ටම තෑග්ගක් ගානේ තියනවා. ඒක සාමාන්‍යයෙන් පන්ති භාර මැඩම් අපිට අවුරැද්දේ අන්තිමට දෙන තෑග්ග.. එහෙමත් නැත්නම් මතක සටහන. ඒ ටික හරිද බලලා එන්නයි මට කිව්වේ. පන්තියේ තනියම හිටපු මාව ගැස්සිලා ගියේ එකපාරම මගේ දකුණු කනට කවුද පිම්ඹ නිසා. අපත නයෙක් ඇවිල්ලා.. මං වටේ නාග සලං ඩාන්ස් එකක් දාන්න...
" ම..තීෂ...!! "
" කෑ ගහන්නේ ඇයි...? "
" කෑ ගහන්නේ ඇයි කියන්නේ...බය උනා..මං.."
" ඔයා ඇයි මට බය.. අප්පා.. ඔන්න මම තමයි මේ ලොකු මැඩම්ට බය වෙන්න ඕන... මෙතන අහිංසකයා මම නේ... අමන්දා.. "
" අනේ මේ විකාර කියවන්නැතුව යනවා.."
මතීෂ හිටියේ.. ඇදුම් මාරු කරගෙන. සුදු අත් දිග ශර්ට් එකට... සුදු දිග කලිසම ඇදලා.. බ්ලෙසර් එකත් දාලා. මම නම් ගවුම මාරු කලේ නැහැ.. තවමත් කිරිල්ලි ටයිප් එකට හිටියේ. මම ආපහු නම් ලිස්ට් එක චෙක් කරන ගමන් මට ඉස්සරහින් මේසේට අත් දෙක තියන් බර වෙලා හිටපු මතීෂට පොඩ්ඩක් රැව්වා. එයා කලේ පුරුදු විදියට හිනාවුන එක... මදිපාඩුවට ඇහැකුත් ගැහුවා.
" ආ.. මේ ඔයාලැ අම්මා අද මං දිහා කන්න වගේ බලන් හිටියා නේ.. අම්මා මොනා හරි දන්නවද.. මතීෂ...? "
" අහ්හහ මේ මට කියන්න බැරි උනා නේ..."
එකපාරම දෙයක් මතක් උනා වගේ මතීෂ ටිකක් අමුතු වෙලා කොන්ඩේ චුට්ටක් අවුල් කරගෙන මං දිහා බලලා හිනාඋනා. ඒ හිනාව බලෙන් මවාගත්ත එකක්.... මම දන්නවා නේ ඉතින් මයේ මනුස්සයට තියන හිනාවන් ගැන.
" මොකක්ද...? "
" ඔයා දීපු ලියුම අම්මට අහු උනා නේ..."
" මොකා...!!! මතීෂ..මතීෂ ඔහොම ඉන්නවා...!! ඒකවත් හංගගන්න බැරි උනා..ද... ඔයා.."
" හරි හරි අයියො..අවුලක් නැ.. මම අම්මට කිව්වා.. මට ඔයාව ඕන කියලා...! "
ඒක හරිම බය හිතෙන විදිහේ ශොක් එකක්. මෙච්චර ඉක්මනින්.. හැමෝම දැනගෙන.. මං කියන්නේ අපි වටේ ඉන්න බහුතරයක් අය මේක ගැන දැන් දන්නවා. යාලුවෙලා මාස දෙකක් නැහැ... අපේ අම්මා ඉතින් කොහොමත් දැනගත්තා... දැන් මතීෂගේ අම්මා.. මතීෂ හිනාවෙලා කියාගෙන පන්තියෙන් එළියට ගියත් මට මහ අමුතු හැඟීමක් දැනුනේ... මතීෂගේ අම්මා දන්නවා.. හොදයි මට දැනෙන දේ සියට සීයක්ම හරි..
මතීෂගේ අම්මා කොහෙත්ම මට කැමති නැහැ.. හරියට මගේ අම්මට මතීෂව පෙන්නන බැහැ වගේ..
අඩුම තරමේ ඒ නිසාවත් මේක හරියන්නැති වෙයි කියලා හිතන්න තරම් දැනුමක් අපිට තිබුනේ නැහැ.. ඊටත් වඩා අපි දෙන්නා.. එකිනෙකා වෙනුවෙන් පිස්සු වැටෙන්න පටන් අරන් තිබුනේ.. ඒ නිසා අපිට ඔය කිසිම දෙයක් ගැන ගානක් තිබුනේ නැහැ.
කොහොමත් ආදරේ කියන කෙලවරක් නැති හැඟීම හරිම තැනටම කිඳා බැස්සම.. අපි ආදරේ කරන මනුස්සයා.. කවුද..? මොනවා කරනවද..? මොන පාටද..? මොන ආගමද..? මොන ජාතියද..? කියන එක අදාළ ම නැතුව යනවා. ආදරේ කියන්නෙම.. පාටක් හැඩයක්.. පෙනුමක්.. තියා අල්ලන්නවත් බැරි හැඟීමක් වෙද්දි.. අපිට පුලුවන්ද.. ආදරේට සීමා මායිම්.. අදාළ කරගන්න...
එහෙව් හැඟීමක් දැනෙන්න ගත්තම මිනිස්සු උන්මත්තක වෙන එක ලෝක ස්වභාවයක්..
ආදරේ කරද්දි ඇයි මෙච්චර බොළඳ වෙලා මෝඩ තීරණ ගන්නේ කියලා.. කාගෙන්වත් අහන්න යන්න එපා.. මොකද.. දවසක ඔයාටත් හරියටම ආදරේ කියන හැඟීම දැනුනොත්... ඔයත් ලෝක ස්වභාවයට.. යටත් වෙයි... උන්මත්තක වෙයි.. මොකද ඔයාටත් තියන්නේ හැම මිනිහෙක්ටම වගේ ඇහුකන් දුන්නොත් සද්දෙට ඇහෙන ගැහෙන හදවතක්...
ඒ හදවත ආදරේ එක්ක එකම තනුවකට ගැහෙන්න ගත්තම ඔයාට දැනෙයි.. හැමදෙයක්ම මොන තරම් ලස්සනද කියලා. ආදරේ කියන හැඟීම අපේ හිතට හැමදෙයක්ම ලස්සන කරවනවා.. හැබැයි ඒ හරිම කෙනා ඔයාට ලැබුනොත් විතරයි..
මම ඒ හැඟීම වින්දා.. ඔයාටත් ඒ හැඟීම ඇත්තටම විදින්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්.. හරිම කෙනත් එක්ක...
එදා මම සෙක්ශන් ෆස්ට් ප්ලේස් එක ගනිද්දි.. මගේ අම්මාගේ ඇස්.. සතුටු කඳුලු වලින් වැහිලා තිබුනේ. මං වෙනුවෙන් එදා සතුටු උනේ අම්මා විතරක්ම නෙමෙයි.. මගේ නොවුනත්.. මට අයිති අර ලස්සන දුඹුරැ පාට ඇස්.. හෝල් එකේ කෙලවර ඉදන් දිලිසෙන හිනාවක් එක්ක ස්ටේජ් එක උඩ මෙඩ්ල් එක ගත්ත මං දිහා බලන් හිටියා. අපේ ඇස් එකට යාවෙද්දි.. මේඩ්ල් එක ගත්තටත් වඩා ලොකු සතුටකින් මගේ හිත පිරිලා ගියා.
ඒක ඇත්තටම වචනවලින් විස්තර කරන්න බැරි ලොකු සතුටක් හිර උන හැඟීමක්...
තමන්ට හදවතින්ම ආදරේ කරන මිනිස්සු.. ඔයා ඉස්සරහට යද්දි.. අවංකවම ඇස්වල සතුටු කඳුලු පුරවන් හිනාවෙලා ඔයා දිහා බලන් ඉන්නවා කියන එක...... ඒක ජීවිතේ විදින්න ලැබෙන ලස්සනම හැඟීමක්. ඒ හැඟීම ඇත්තටම දැනුනොත්.. ඔයාට හිතෙයි.. ඇත්තටම ඔයා ජීවත් වෙනවා කියලා.
.
.
.
.
.
.
.
.
එදා මොන තරම් සතුටින් හිටියත්.. පහුවෙනිදා අර මූඩ් එක චකබ්ලාස්ට් වෙලාම ගියා. මොකද වෙනියා ඒම කියලා.. අපේ වැරදි අරවා මේවත් කියවලා.. රිපෝට් අතට දෙද්දි අපේ අම්මා බෝම්භයක් අතඇරියා වගේ වැඩක් කලේ. අපේ අම්මා මැඩම්ට කිව්වා නේ මගෙයි මතීෂගෙයි සම්බන්ධයක් තිබුනා.. ෆෝන් වලින් මැසේජ් කරන් විකාරයක් කලා කියලා. හරිම සතුටුයි.. මැඩම් අපි දෙන්නා දිහා රව රව බලන් හිටියා. මැඩම්ටත් ඒක විශ්වාස නෑලු.. අපි දෙන්නා මරාගත්ත විදියට...
" හරිම පුදුමයි අම්මා... මේ දෙන්නා එහෙමයි කියලා හිතන්නවත් බැහැ.. එක ගෘප් එකකට දානවටත් කැමති...නැ... කොයි වෙලෙත් රණ්ඩු වෙවි හිටියේ.. සපත්තු මේස් බෑග් හංගගෙන.. බොතල් පර්ස් කඩාගෙන..."
මටත් පුදුමයි හැබැයි.. ඔහොම වෙලා... දැන් මෙහෙම ඉන්නෙක ගැන. අපි දෙන්නම මැඩම්ට කිව්වා ඉතින් දැන් එහෙම එකක් නෑ කියලා. හැබැයි ඉතින්.. ඒක ඇත්ත නෙමෙයි. මැඩම් ඉතින්.. අපෙන් ඇත්තටම ද...? කියලා ප්‍රශ්න කලේ නැහැ නේ.
පන්ති කවයේ වැඩ ඔක්කොම ඉවර උනාම අන්තිමට හැමෝම විසිරිලා යන්න ලෑස්ති උනේ දෙසැම්බර් නිවාඩුවට. ඒ යන්න කලින් මට මතීෂ විනාඩි පහකට අපි ඩියුටි බලන පන්ති පිටිපස්සේ තිබුන ලොකු ඉද්ද ගහ ගාවට එන්න කිව්වා. හිතට බරයි.. ෆෝන් එක හම්බෙයිද.. දන්නැ... දැන් මාසයක් විතර.. දකින්න වෙන්නැ කියලා මතක් වෙද්දි..
යන්න හදිස්සි උනත් මම ඉක්මනින් භාව්‍යා එක්ක ඒ පැත්තට ආවා. අපි එද්දි චිරාන් ඒ අවට කැරකි කැරකි හිටියේ.. එයා තමයි ඉතින් ඔත්තු බලන්නා... භාව්‍යත් මග නැවතුනාම මම ඉක්මනින් බිල්ඩින් එක කෙලවරේ ඩාන්සින් රෑම් එකත් එක්ක තිබුන පටු තීරැවෙන් අර පන්ති පිටිපස්සට ආවා. මතීෂ මං එනකල් සිමෙන්ති කණ්ඩිය උඩ වාඩි වෙලා හිටියේ.. ඉද්ද මලකුත් අතේ තියාගෙන. මං ආවම එයා හිනාවෙලා මට ඒ මල දික් කරා.
" ළඟට ඇවිත් මේක ගන්නවා..."
" ඇයි... එන්න කිව්වේ...? "
" දැන් ආයේ කවදා දකිද.. දන්නෙත් නැ.. මට ලෝබයි ඕයි.. තමුසෙට යන්න දෙන්න.."
මතීෂගේ අල්ල උඩ තිබුන ඉද්ද මල මම ගද්දිම වගේ මතීෂ මගේ අත අල්ලගත්තා. එයා මගේ අත අල්ලගෙන මගේ ඇස් දිහාම බලන් හිටියා. ලස්සන හිනාවක් එක්ක.. ඒක අර මනමාල හිනාව නෙමෙයි.. ඇස්වල හැඟීම් පිරැනු.. ආදරේ පිරැනු හිනාවක්.
කටින් ආදරේ කියන්නම ඕනේ නැහැ.. ඇස් කතා කරන්න ගත්තම ඒ හැඟීම හදවතේ ගැඹුරකටම කිඳා බහිනවා. හරියට මුහුදු පතුළක් හොයන් යන යකඩ නැංගුරමක් වගේ. මගේ හදවත.. පිස්සුවෙන් වගේ ගැහෙන්න ගත්තා.
" ම.. මතීෂ...."
මගේ හුස්ම හිරඋනේ අල්ලගෙන හිටපු මගේ අතේ පිට අල්ල උඩ මතීෂගේ ලා රෝස පාට තොල් තද වෙද්දියි. ඒක උණුසුම් ඒත් සීතල හැඟීමක්.... මම කතා කරන්න වචන අහුලන ගමන් හුස්ම හිර කරගනිද්දි මතීෂ මගේ ඒ අතම එයාගේ පපුව උඩින් තිබ්බා.
" දැනෙනවද.. අමන්දා...? එයා ඔයාට ආදරෙයි කියනවා..."
මතීෂගේ දුඹුරැ පාට ඇස් කොච්චර ලස්සනයි කියන්න මට වචන නැහැ.. ඒ ඇස් මේ තරම් නිවිලා තියනවා මම කවදාවත් දැකලා තිබුනේ නැහැ. එයා හිනාඋනේ නැහැ.. ඒත් එයාගේ ඇස් එයාටත් හොරෙන්ම හිනාවෙවි දිලිසෙනවා.
" මාව දාලා යන්නැ නේද...? "
" ආ...? අමන්දා.. මාව දාලා යන්න එපා.. මම ඔයාට ආදරේ කරන නිසා.. දැන් මාව දාලා යන්න හිතන්නවත් එපා.. මට දරාගන්න බැරි වෙයි...."
" ම...මතීෂ...."
" කියන්න.. දාලා යන්නැ නේ....? "
" අඩොහ්.. මතීෂ.. අමන්දලැ අම්මා අමන්දාව හොයනවා වගේ.. ඉක්මනින් වරෙන්...! "
අපි දෙන්නා හිටියේ හැඟීම් වලින් සංවේදි උන අවස්ථාවක තමයි.. ඒත් ඒක හරිම විදියට විදගන්න තරම් වසනාවක් නැහැ. අපිට හැමතිස්සෙම ලැබුනේ හරිම කෙටි කාලයක්.. අනික ඒකත් බයෙන්.. හැංගිලා.. පෙරුම් පුරලා ලබාගන්න හරිම කෙටි කාලයක්. මොකද සමාජේ ඉස්සරහා ආදර කතා සුනද්දූලි වෙලා යන්න ගත වෙන්නේ තත්පරයයි.. මතීෂට ඒක ගැන මොන වගේ හැඟීමක් තිබුනද දන්නැ.. ඒත් මම අපි දෙන්නව සමාජෙන් වහන් වෙලා තියනවට කැමති. මම හැමතිස්සෙම ඒකට උත්සහා කලා.
" දාලා යන්නැ.. මතීෂ.. මං දැන් යන්නම්... අම්මා හොයනවා කිව්වා නේ..."
" දාලා යන්නැ කිව්වට.. දැනුත් යන්න නේ හදන්නේ..."
" මතීෂ...."
" හරි... හරි යන්න දෙන්නම්.. මටත් ආදරෙයි කියලා කියනවාකො... ලියලා දෙන්න මැඩම්ට පුලුවන් උනාට කියන්න බැයිද... ඇයි..? "
" ම..මතීෂ..."
" කියනකල් අත අතඅරින්නැ.. යන්න දෙන්නෙත් නැහැ..."
මතීෂ මගේ අත තවත් තදින් අල්ලගෙන ඉදගෙන හිටපු කණ්ඩිය උඩින් නැගිට්ටා. මේ මනුස්සයා හෙන උසයි.. නේ.. දැන් බෙල්ල උඩට කරලා බලන්න වෙන්නේ.. ඇත්තටම මං කොච්චර ආදරෙයිද.. ඒත් ඒක කියාන්න අමාරැ ඇයි මට මෙච්චර... මම මතීෂගේ ඇස් දිහා බලන් හිතුවා. ඒ ඇස් දිහා බලන් ඉද්දි මට තවත් හුස්ම ගන්න අමාරැයි වගේ... මතීෂගේ ඩියුඩ්රන්ඩ් එකේ සුවඳත් මාව හොල්මන් කරනවා.. අපි ඒ තරමට ළඟින් ඉන්නේ..
" ආද..රෙයි..! "
" ඔයා හිතනවටත් වඩා මම ඔයාට ආදරෙයි... මතීෂ...."
යන්න තිබුනු හදිස්සියද වෙන මොකක්ද මන්දා.. ඒත් හදවතට දැනුන ලොකු ආවේගය එක්ක මං මතීෂගේ ඇස් දිහාම බලන් කිව්වා. සමහරවිට ඒකට හේතුව මතීෂ ආයමත් මගේ අත වේගෙන් ගැහුනු එයාගේ පපුව උඩින් තියාගත්තු එක වෙන්නත් පුලුවන්.
එයා හිනාඋනා.... නිදහස් හුස්මක් අතඅරින ගමන් හරිම සැහැල්ලුවෙන් හිනාවුනා..
" අහ්හ ඇතියන්තම්... හරි හරි දැන් යන්න.."
" අමන්දා...."
මතීෂ දිහා තවත් තත්පර කිහිපයක් බලන් ඉදලා එයා මගේ අත අතඇරියම ම එන්න හැරැනත් එයා ආයමත් මට කතා කලා.
" මාව දාලා යන්න එපා.. හරිද..."
මම එයා දිහා බැලුවම.. එයා ආයමත් කිව්වා. මාව දාලා යන්න එපා... හරිද... ඔය වචන හතර පහ.. අපේ ආදරේ කරපු අවුරැදු හතරෙන් වැඩිම වාර ගාණක් එයා කියන්න ඇති.
මොකද මම උඹට ආදරෙයි.. නේ.. ඒ නිසා මාව දාලා යන්න එපා..
ඔයා මට ආදරෙයි.. නේ.. මං දන්නවා ඒ නිසා ඔයා මාව දාලා යන්නැ කියලා..
ආදරෙයි කියන වචනේ ගාවන හැමතැනකදිම මතීෂ ඒ වචන හතර පහත් එකට ඇමිණුවා. ඒ නිසා ඒ වචනත් වැඩිම වාරගණනක් එයා මට කිව්ව දේවල් ගොඩට එකතු කරන්න පුලුවන්..
පළවෙනි එක.. මතීෂ මට කොච්චර ආදරෙයි ද කියන එක.........
දෙවනි එක.. ආදරේ නිසාම.. මතීෂව තනි නොකර.. එයාව දාලා නොයා එයා ළඟින්ම ඉන්නයි කියන එක.....
_Ayo_
___________________________________