♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡...

Por lakmeekavindya

1.4K 119 24

අවුරුදු ගානක් තමන්ගේ පළවෙනි ආදරය පරිස්සම් කරන. ඒ ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන. ගොඩක් ලොකු වේදනාවක් හිතේ ති... Más

𝓝𝓮𝔀 𝓢𝓽𝓸𝓻𝔂.....♥︎♡︎
Chapter 01💚💜️
Chapter 02💜️💚
Chapter 03💚💜️
Chapter 04💜️💚
Chapter 05💚💜️
chapter 06💜️💚
Chapter 07 💚💜️
Chapter 09 💚💜
Chapter 10 💜💚
Chapter 11 💚💜
Chapter 12 💜💚
Chapter 13 💚💜
Chapter 14 💜💚

Chapter 08 💜💚

62 7 0
Por lakmeekavindya

සතියකට පසු...

Taehyung Pov :

හ්ම්ම්ම්ම් මේ ගෙවුනු සතිය ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ ආපු නරකම දවස් වෙන්න පුලුවන්.. මිස් සෝහී කිව්වා වගේ මාව එයාගේ ක්ලාස් එකටවත් ජීමිනාව මගේ ක්ලාස් එකටවත් තාම මාරු කලේ නෑ. ඒත් අපේ ක්ලාස් එකේ ඉන්න වෙන ළමයි ජීමිනාගේ ක්ලාස් එකටත් එයාගේ එකේ ළමයි අපේ එකටත් මාරු වෙලා ආවා. මේ ගෙවුණු සතියේ මම ගොඩක් හිතින් වැටිලයි හිටියේ. හැබැයි එක සැනසිලි වචනයක් මගේ හිත හැදෙන්න ජීමිනා කිව්වේ නෑ.. එයාට මාව ඕන නැද්ද ? මට විතරද එයාව ඕන වෙලා තියෙන්නේ. මට ඒක නිතරම හිතෙන්න ගත්‍තා.

මම අද ඉක්මනට ස්කූල් එකට ගිහින් ජීමිනාව හම්බෙන්න එයාගේ ක්ලාස් එකට ගියා. හැබයි මම ගියේ නැත්නම් හොදයි කියලා මට හිතුනා. හ්ම්ම්ම් මම යනකොට මුලින්ම බැලුවේ එයා ඉන්න තැන මට ඉන්න ඉඩක් තියෙනවද කියලා. ඒත් ඒ ක්ලාස් එකේ පිරෙන්නම ළමයි හිටියා. ජීමිනා හිටපු තැන එයාගේ දෙපැත්තෙම ළමයි හිටියා. ඕ.... එයාගේ ළග හිටපු ළමයි දෙන්නා එයා එක්ක ගොඩක් ෆිට් වෙලා හිටියේ. ඒ දෙන්න විතරක් නෙමේ. එයාගේ වටේ ඉන්න ඔක්කෝම එක්ක වගේ එයා ගොඩක් හොදින් ඉන්නවා කියලා මට තේරුනා. මං නිකන් එතනට අයිති නෑ කියලා මට තේරුනා. ජීමිනා මං එතනට ආවත් වැඩිය මාව ගනන් ගත්තේ නෑ. එයාට මාත් එක්ක කතා කරන්නවත් වෙලාවක් නෑ. මට ගොඩක් දුක හිතුනා. එයයි මායි වෙන්නවෙලා සතියයි හිටියේ. ඒ ටිකට එයාට ගොඩක් යාලුවෝ හම්බෙලා. ඒත් මං එයා වෙනුවෙන් මගේ එහා පැත්තේ ඩෙස්ක් එක වෙන ළමයින්ට දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා. ජීමිනාට දැන් මගේන් වැඩක් නෑ කියලා මට දැනෙන්න ගත්තා.

ජීමිනා ඔයාට යාලුවොත් හම්බෙලා නේද ගොඩක් ..

ආ ටේහියුන් ඔයා කොයි වෙලේද ආවේ.. මං දැක්කෙත් නෑනේ..

(පේන්නේ කොහොමද ඔයාට දැන් ගොඩක් යාලුවෝ හම්බෙලානේ. මට වඩා එයාලා හොදයි වගේ ඔයාට. හ්ම්ම්)

දැන් ටිකක් වෙලා ජිමින්.. කෝ soo yoon.. එයා ඔයා එක්ක නෙමේද ඉන්නේ..

ආ එයා අතන එයාගේ යාලුවෝ එක්ක ඉන්නේ..

ආ එහෙමද.. එතකොට ඔයාට යාලුවෙක් නැද්ද .

එහෙම එකක් නෑ ඉතින් . මේකේ ඉන්න හැමෝම යාලුවෝ තමයි.

ම්ම්ම් එහෙමද..😊

ආ ටේ ඔයා ආවද? මාව බලන්නත් එන්නකෝ ජිමින් ලගම ඉන්නේ..😐

හී හායි soo yoon... අනේ එහෙම නෑ අනේ. මං මේ ඔයා ගැන ජීමිනාගෙන් ඇහුවා විතරයි. මං ඔයා ලගටත් එන්න හැදුවේ.

ම්ම්ම් මං ගැන මොනාද..

ඔයා ජිමිනා එක්ක නෙමේද ඉන්නේ. මං හිතුවේ ඔය දෙන්න එකට කියලා.

ආ නෑ ටේ. ජිමින්ට දැන් අලුත් යාලුවෝ ඉන්නවනේ.

හේ... බ්‍රෝ... ජිමිනා..☺️ ගුඩ් මෝර්නිග්..

ආ woojin ඔයා ආවද? ගුඩ් මෝර්නිග් ☺️

ඕ මේ කවුද ජීමිනා..

ආ මේ ඉන්නේ ටේහියුන් මගේ යාලුවා . එහා ක්ලාස් එකේ ඉන්නේ..

ආ ඔයාද ටේහියුන් කියන්නේ. මට ජිමින් ඔයා ගැන කිව්වා. ඔයා ජිමින්ව එයාගේ ක්ලාස් එකට ගන්න නේ හදන්නේ.. ඒ කියන්නේ ඔයා යනවද ජිමිනා.. හයියෝ මං හිතුවේ මට යාලුවෙක් ඉන්නවා කියලා. 😐

ම්ම්ම් බලමුකෝ මටත් එහෙම ආසාවක් නෑ ඒකට යන්න.

ළමයී... හැමෝම අහන්න. මට ඇහුනා මිස්ලා අපේ ට්‍රිප් එක ගැන කතා වෙනවා..

මොකක්... ඕ යේ නියමයිනේ.. මම වැටුනෙනම් සුපිරි ක්ලාස් එකකට.. මේ woojin අපි දෙන්න එකට යං හොදද ට්‍රිප් එක. 😅😅 මරුවට තියේවී.. අපි දෙන්නට සිංදු කිය කිය යන්න පුලුවන් වෙයි... ඒ මාත් එක්ක යං හොදද..

හා හා අපි දෙන්නා යං..🤣😅

මම ක්ලාස් එකට යනවා Soo yoon. 🥺😐 බායි..

ටේ ඔයා කොහෙද යන්නේ ටේ.. ටේ..🥺 අනේ ටේ..

හරිද ඔයාගේ ආසාව ජිමින්.. ඒ කොල්ලගේ හිත රිද්දන එක ඔයාට සෙල්ලමක්ද. ඔයා අලුත් යාලුවෝ හොයාගෙන ඒ මදිවට ඒ කොල්ලගේ ඉස්සර ට්‍රිප් එකක් ගැනත් කියවනවා.. ඔයා මහ ජරා යාලුවෙක් ජීමින්..😑

ඒ ඒ soo yoon මං මොකක්ද කලේ..😐 මොකක්ද මට කියන්නේ එයා විතරක් මගේ යාලුවා කරගන්න කියලාද.. මේ ක මාර වැඩක්නේ.. මට කැමති කෙනෙක් එක්ක මං ඉන්නවා..

ඔයා ඕන කෙනෙක් එක්ක ඉන්ම ජිමින් මට කිසිම අවුලක්. නෑ.. අඩුම තරමේ අර කොල්ලගේ ඉස්සරහවත් ඒ කොල්ලා එක්ක ඉන්නවා. ඒ කොල්ලා ඒ ක්ලාස් එකට ඔයාව ගන්න කොච්චර දගලනවද.. ඔයාට ගානක්වත් නෑ එයා නෑ කියලා.

අනේ මටනම් බෑ ඒ ක්ලාස් එකට යන්න.. එකේ ළමයි හරි අමුතුයි. එයාට ඕන නම් මේකට එන්න කියන්න..

මං නම් හිතන්නේ නෑ ටේ ආයේ මේකට එයි කියලා. ඔයාගේ අලුත් යාලුවෝ එක්කම ඉන්න එකයි ඇත්තේ.. මං යනවා.

කො ටේහියුන් කොහෙද ගියේ.. දැන් මෙතන හිටියනේ..

එයා ක්ලාස් එකට ගියා. ඔයා දකින්න තියා එයාව ගනන්වත් ගත්තද? 😒

ගියත් එක්කද මට කිව්වෙත් නෑ..😐

😑😒

Taehyung Pov :

ජීමින් ඔයා කොහොමද ඔච්චර වෙනස් උනේ.. අපි දෙන්නට හිටියේ අපි දෙන්න විතරයි.. මං ඔයා වෙනුවෙන් මම කිසිම යාලුවෙක් හදාගත්තේ නෑ.. ඔයාට මගේ එහා පැත්තේ තැන හිටන් අල්ලන් ඉන්නවා. ඔයාවයි මාවයි එකම ක්ලාස් එකකට ගන්න මං හැමදාම මිස්ලා ඉස්සරහ වැද වැටෙනවා. ඒත් ඔයාට මං ලගට එන්න ගානක්වත් නෑ. මං නෑ කියලා ඔයා ගොඩක් සතුටින් ඉන්නවා. ඒ මදිවට ඔයා යාලුවෝ ගොඩක් හදාගෙන. ඇයි ජීමින් ඔයාට මාව ආයේ ඕන නැද්ද. මේ අවුරුදු දෙකත් ඔයාට මාත් එක්ක ගෙවන්න ඕන නැද්ද.. මට විතරද ඔයාව ඕන වෙලා තියෙන්නේ ජීමින්.. මට විතරද🥺 මම එතනින් ආවේ මට ඔයා කියන ඒවා තවත් අහන් ඉන්න බැරි කමට. මට ගොඩක් රිදෙනවා ජීමින්.. 💔

ඔයා මාවම යාලුවෙක් විදිහට ආශ්‍රය කරන්නම ඕන නෑ.. ඔයාට තව යාලුවෝ හදාගන්න පුලුවන්.. මං ඒකට මුකුත් කියන්නේ නෑ.. ඒත් මං ඔයාගේ හොදම යාලුවා නෙමේද ජිමින්.. මං විතරද හිතන් ඉන්නේ ඔයා මගේ හොදම යාලුවා කියලා. එහෙම හිතෙන්නේ මට විතරද.. හැමදාම ඔයාව ඕන උනේ මට විතරද. ඔයාට එහෙම මාව ඕන නැද්ද ජිමින්..😔 මං ඔයා එක්ක එකම ක්ලාස් එකට වැටුනාම එකට ට්‍රිප් එක යන්න හිතන් හිටියේ.. ඒත් ඔයා මොකක්ද කලේ ඔයා අලුතින් හම්බුන යාලුවා එක්ක එකට ට්‍රිප් හිටන් යන්න ප්ලෑන් කරනවා.. මට මේව බලන් ඉන්න බෑ ජීමින්.. ඔයා ගොඩක් මගෙන් ඈත් වෙලා.. මට ගොඩක් දුකයි ජීමින්.. 😔😔💔 මම එතනින් ජිමිනාට නොකියා soo yeonට විතරක් කියලා එතනින් ආවා. ජිමින්ට කිව්වත් ඒක එයාට ඇහෙන්නෙත් නැතිවෙයි. දෙවියෝ මගේ වටිනාම වස්තුව වෙන කෙනෙක්ට දුන්නා. දැන් මට ඉතුරු උන අන්තිම වස්තුවත් මගෙන් ඈත් කරන්න හදන්නේ... 😔

Taehyung pov end..

මම එදා දවසම ගොඩක් අවුලෙන් හිටියේ.. මගේ එහා පැත්තේ හිටිය යාලුවා මගෙන් ඇයි අවුලින් ඉන්නේ කියලා ඇහුවාම මම එයාට මුකුත් කියන්න ගියේ නෑ.. ඒත් එයා දන්නවා මං ඇයි අවුලින් ඉන්නේ කියලා.. ම්ම්ම්

මං ඔයාලට එයා ගැන කිව්වේ නෑනේ.. එයව මට හම්බුනේ ස්කූල් පටන් ගත්ත දවසට පස්සේ දවසේ. එයාටත් කවුරුත් යාලුවෝ හිටියේ නෑ. මට ඇරෙන්න අනික් හැම ලමයෙක්ටම වගේ යාලුවෝ හිටියා.. මං විතරක් තනියම ඉන්න නිසා එයා මගෙන් ඇවිල්ලා ඇහුවා ඔයාගේ ලග කවුරුත් නැත්නම් එයා එන්නද කියලා.

Cho gun woo
18 years old
Good, smart, friendly
Taehyung new friend




හායි මෙතන කවුරු හරි ඉන්නවද.. වෙන තැන් වල ඉඩ නැති නිසා මං ඔයාගෙන් ඇහුවේ..

හායි... ම්ම්ම් එහා පැත්තේ කොනේ නම් කවුරුත් නෑ.. මෙතන නම් මං මගේ යාලුවෙක්ට අල්ලන් ඉන්නේ. කමක් නෑ.. ඔයා මෙතනින් ඉදගන්න.. 😊

ඕ එහෙමද ටැන්ක්‍යු..☺️

ඒක නෙමේ මං gunwoo... cho gun woo.😊 එතකොට ඔයා කවුද ?

ආ හදුනාගන්න ලැබුන එක සතුටක් gunwoo.😊 මම kim taehyung.

☺️ මටත් ඔයාව හදුනා ගන්න ලැබුන එක සතුටක් ටේහියුන්..

😊😊😊😊

ඉතින් ටේහියුන් ඔයාගේ යාලුවා අද එන්නේ නෑ කිව්වද..

ආ නෑ නෑ එයා ඇවිල්ලා ඉන්නේ..

ඕ තාම ක්ලාස් එකට ඇවිල්ලා නැද්ද ..

නෑ ඇවිල්ලා ඉන්නේ..

කෝ එහෙනම් එලියට ගිහින්ද..

නෑ එයා අද ආවා. ඒ උනාට එයා ඉන්නේ එහා ක්ලාස් එකේ. අපි දෙන්නවා ක්ලාස් දෙකකට වැටුනේ. 😐 ඒ උනාට ක්ලාස් එක බාර මිස් කිව්වා එයාව මගේ එකට දාන්නම් කියලා.

ඕ එහෙමද. මං හිතන්නේ ඒකෙන් කවුරු හරි මේකට එන්න කැමති උනොත් ඒ ආපු කෙනාගේ අඩුව පුරවන්න මෙහෙන් එක්කනෙක් දානවා ඇත්තේ.

ම්ම් එහෙනමද. ගොඩක් ලමයි දැන් මාරු වෙලා අනික් ක්ලාස් එකට ගියා.

එහෙනම් ඔයත් අහලා බලන්න ඉතින්.

මං අහලා බැලුවා. බලලා පස්සේ කියන්නම් කිව්වා මිස්..

ම්ම්ම් එහෙම යන්න පුලුවන් උනොත් මං කියන්නම් මගේ යාලුවට මේකට එන්න කියලා. එතකොට ඔයාට පුලුවන් එයාගෙ අඩුව පුරවන්න යන්න.

ඔයාගේ යාලුවා ඉන්නෙත් එහා ක්ලාස් එකේද😐

ම්ම්ම් ඔව්නේ.

අපි දෙන්නටම එකම දේ වෙලා තියෙන්නේ.😐

ම්ම්ම් ඔව්... ඉතින් ඔයාගේ යාලුවා මේකට එන්න කැමතිද..

ඔව් ඉතින් අකමැති වෙන්න විදිහක් නෑනේ..

ම්ම් බලමුකෝ.. එයා ඒවී අනිවාරෙන්.. කෝ දැන් හිනාවෙලා ඉන්න ටේ...☺️☺️

ම්ම්ම්ම්...

🐣🐻🐣🐻🐣🐻🐣🐻🐣🐻🐣🐻🐣🐻🐣🐻🐣🐻🐣🐻






මාසයක් නොදැනීම ගත උනා.. ජීමිනා මාව කොච්චර රිද්දුවත්.. මං එයාගේ පස්සෙන්ම හිටියා වෙනදා වගේ.. ඒත් මට එහෙම හැමවෙලේම ඉන්න බැරි උනා. මොක්ද අපි දෙන්නට එකට හම්බෙන්න පුලුවන් සයන්ස් පීරියඩ් එකේදී විතරයි. අපේ ක්ලාස් එකටයි ජීමිනාගේ ක්ලාස් එකටයි සයන්ස් ඉගැන්නුවේ ජීමිනාගෙ ක්ලාස් බාර harin මිස්.. මට ඒ වෙලාවට විතරක් ජීමිනා ලගින් ඉදන් ඉන්න හම්බුනා. අපි දෙන්නගේ ඕප දූප එහෙම කතා කරන්න උනේ එ වෙලාවෙදී විතරයි. Harin මිසුත් එහෙම මුකුත් කිව්වේ නෑ. Harin මිස් දන්නවනේ අපි දෙන්නට මීට් වෙන්න පුලුවන් ඒ වෙලාවෙදි විතරයි කියලා. ඒත් harin මිස් අපිට උගන්නන්න එන්නේ සමහර දවස් වලට ටිකක් පරක්කු වෙලා ඒ වගේ දවස් වල මටයි ජීමිනාටයි කතා කරන්න පුලුවන්.. ඒත් ජීමිනා වෙනදා වගේ නෑ.. එයා ඔහේ බලාගෙන ඉන්නවා අඩුම තරමේ මං දිහා බලලා ඔයාට කොහොමද ටේ කියලවත් මගෙන් අහන්නේ නෑ.. මං දවසක් බැරිම තැන ජීමිනාගෙන් ඇහුවා.....

ටේ ඇයි ඔයා මාත් එක්ක කතා කරන්නේවත් නැත්තේ..

ආ එහෙම එකක් නෑ ඉතින්.. මට ඔයා එක්ක කියන්න විශේෂ මුකුත් නෑ ඉතින්..

ම්ම් එහෙමද.. හා හා..

ළමයි දැන් ඇති කතා කලා පොත් ගන්න දැන්....


එතනින් අපේ කතාව නැවතුනා.. මං ජීමිනා දිහා බලන කොට එයා ඉක්මනට පොත් අරන් ලියන්න පෑනත් අතට ගත්තා.. ඒත් මං එයාගේ පොත් දැක්කාම මගේ හිත තවත් පෑරුනා. 😔 මං දැක්කා ජීමිනා එයාගේ පොත් වලට ලස්සනට කවර දාලා ඒකේ එයාගේ නමයි ක්ලාස් එකයි ලියලා තියෙනවා. මට ගොඩක් දුක හිතුනා. එයා එයාගේ ක්ලාස් එක මේක කියලා එයා පිළි අරන් තියෙන්නේ කියලා මට තේරුනා. ඒකනේ එයා ක්ලාස් එකත් හැම පොතේම ලියලා තියෙන්නේ.. ඒත් මං මගේ පොත් දිහා බැලුවාම ඒවගේ අඩුම තරමේ මගේ නම තියා ක්ලාස් එකවත් දාලා තිබ්බේ නෑ.. අඩුම පිටකවරයක්වත්.. 😐 මට ශූවර් එකක් තිබ්බේ නෑ මගේ ක්ලාස් එක මොකක්ද කියලා. අපි දෙන්නම එකම ක්ලාස් එකකට වැටුනාම මං ඒ හැමදේම කරන්නයි හිතන් හිටියේ.. ඒත් ජීමිනා එයා දැනටමත් හැමදේම කරලා ඉවරයි. එයා මේ උන දේවල් පිළිගෙන. එයාට මට වගේ ඒක වෙනස් කරන්න ඕන කමක් නෑ..

ටික දවසක් ගියාම මං දැනගත්තා ජීමිනා එදා ට්‍රිප් එක යන්න හදපු කොල්ලා දැන් එයාගේ ලගම යාලුවෙක් කියලා. මං එයාගැන හොයලා බැලුවා. ඒත් මට එයාව දැක්කත් පේන්නම බැරුව ගියා. එයා නිසා තමයි මේ හැමදේම උනේ කියලා මං එයාව අප්පිරිය කරන්න ගත්තා. එයා තමයි මගේ යාලුවාව මගෙන් උදුර ගන්න හදන්නේ.. මං එයා ගැන soon yoon ගෙන් දවසක් අහගත්තා..

Kang woo jin
18 years old
Friendly , good
Singing
Jimin new friend



හායි soo yoon... 😊

හායි ටේ... මොකෝ මේ උදේම..

මට මේ ඔයාගෙන් දෙයක් දැනගන්න තියෙනවා yoon..

මොනා හරි උදව්වක් ඕන උනාම තමයි ඉතිම් හැමෝටම මාව මතක් වෙන්නේ.. 😒

අනේ එහෙම නෑ yoon 😐..

හරි හරි මං දන්නවා. ඒකට කමක් නෑ.. මොකක්ද ඔයාට දැනගන්න ඕන මගෙන් ම්ම්ම්...

ම්ම්ම්ම් මට දැන ගන්න ඕන ජිමින්ගේ අලුත් යාලුවා ගැන yoon..

ජිමින්ගේ අලුත් යාලුවා🤔 ආ අපේ woojin ගැනද..?

මට නම මතක නෑ.. අර පිස්සු මලවිකාරේ. කොයි වෙලේ බැලුවත් ජීමිනාගේ ඇගේ ඇලිලාමයි ඉන්නේ. 😒 මම් හැමවෙලේම දකිනවා දෙන්නා එක්ක එහාට මෙහාට යනවා මගේ ක්ලාස් එක ඉස්සරහින්.

ම්ම්ම් මියුසික් රූම් එකට වෙන්න ඇති.

එයත් මියුසික්ද කරන්නේ..

එයා අලුතින් මාරු වෙලා ආපු කෙනෙක් අපේ එකට. එයා මියුසික් කරන කෙනෙක්. ජිමිනාත් මියුසික්නේ කරන්නේ. ඉතින්දෙන්නා හැමවෙලේම ඉන්නේ එකට. ජිමිනා මාත් එක්කත් වැඩිය කතා කරන්නේ නෑ දැන්. කොයි වෙලේ බැලුවත් එයා එක්ක ඉන්නේ..

හ්ම්ම් එහෙමද..

උනාටකොල්ලා හරි හොදයි ටේ.. එයාගේ වරදක් පෙන්නේ නෑ මටනම්..☺️

ම්ම්ම් එහෙමද. ටැන්ක්‍යු yoon විස්තර වලට. මං එහෙනම් යන්නම්..

හරි ටේ... බායි..

බායි.

....................................................


ටේහියුන්... මෙහෙ එන්න පුතේ...

කියන්න මිස්..

අද අපි හැමෝම තීරණයක් ගත්තා.. ඔයාගේ යාලුවාව අපේ ක්ලාස් එකට දාන්න. ☺️

ඔන්න ආයේ දුකින් ඉන්න ඕනි නෑ ඔයා.. කෝ ඉක්මනට ගිහින් ඔයාගේ යාලුවාව අඩගහගෙන එන්නකෝ..

ඔය ඇත්තමද මිස්.. අනේ මට ගොඩක් සතුටුයි මිස්.. ටැන්ක්‍යු 🥺

හරී මං කිව්වනේ ටේහියුන් ඔයාට මං කොහොම හරි ඔයාගෙ ප්‍රශ්නයට විසදුමක් දෙනවා කියලා. කෝ ඉක්මනට යන්න. ගිහින් යාලුවාව එක්කන් එන්න..

හරි මිස් soohee

ජීමිනා.. එන්නකෝ ටිකක්.. මිස් අඩගහනවා ඔයාට..

මොකටද..

එන්නකෝ..

ම්ම්ම්ම්

ඇයි මිස් මට කතා කලේ..

ඔන්න අපි ඔය දෙන්න ගැන හිතාලා තීරණයක් ගත්තා.

මො... මො..ක්ද මිස්..🙄

ජිමින් ඔයාට ටේහියුන්ගේ ක්ලාස් එකට එන්න පුලුවන් ☺️☺️

මො.. කක්..

ජීමින් දැන් අපි දෙන්නට එකට ඉන්න පුලුවන් ආයෙමත්.☺️

ඒත් ඒත්...🥺🥺🥺 මිස් ... මට🥺...

මම ජීමින් දිහා බලන කොට එයා හොදටම අඩන්න ගත්තා.. 🙄😐.... ඇයි එයා අඩන්නේ..

---------------------------------------------------------------------------------
----------------------------💚💛

ජීමිනාට මොකක්ද උනේ ළමයි..😐 ඇයි එයා අඩන්න ගත්තේ.. 🤔

එහෙනම් ඒක ලබන සතියේ එපියෙන් බලමු ටේකුකර්ස්😚💚💜️ ලව් යූ එනම්..




මම මේක ඔයාලට කියන්නමයි හිටියේ ළමයි.. මම කතා දෙකක් පබ්ලිශ් කරලා තියෙනවා. මගේ පළවෙනි කතාව "Cold ceo dad fell in love with coffee boy" කියන කතාවට ගොඩක් රීඩස්ලා ඉන්නවා.. ඒත් මේ කතාවට ගොඩක් අඩුයි.. ඒත් කියවන ටික දෙනා හරි නිකන් කතාව කියවන් යනවද නැත්නම් බාගෙට කියවලා නවත්නවද කියලා මං දන්නේ නෑ..

මේ කතාව කියවන සයිලන්ට් රීඩස්ලටයි මං කියන්නේ.. ඔයාලට මේ කතාව ටිකක් හරි හොදයිනම්. ප්ලීස් අඩුම තරමේ වෝට් එකක්වත් දාගෙන යන්න පුලුවන්ද.. නැත්නම් ඔයාලගේ අදහසක් හරි කමෙන්ට් එකකින් කියන්න. මං මේ කතාව දුන්නේ එක රීඩර් කෙනෙක් මගෙන් ඉල්ලපු ඉල්ලීමකටයි. එයාට ටොප් ජන්ග්කුක් කතාවක් ඕන කියපු නිසයි මං මේ කතාව ඔයාලට දෙන්න ගත්තේ. අඩුම තරමේ කතාව ඉල්ලපු කෙනාවත් මට පුංචි කමෙන්ට් එකකින් හරි මේ කතාව ඉස්සරහට ලියන් යන්න සහයෝගයක් දෙන්න පුලුවන්ද.. මං දන්නේ නෑ එයා මේක කියවනවද කියලවත්.

ඔයාලා මේ කතාවට අකමැති කියලා හරි කියන්න කැමති නැත්නම්. එහෙම උනොත් මං මේ කතාව ලියන එක නතර කරනවා. ඔයාලගේ කිසිම ප්‍රතිචාරයක් වත් නැතුව මේ කතාව මං ලියලා වැඩක් නෑනේ.. මට එහෙම උනාම ලියන්න හිතෙන්නෙත් නෑ. මං ඒකයි මේ කතාව ගොඩක් කල් නොලියා අප්ඩේට් දෙන එක නතර කරලා තිබ්බේ.. ඒත් මං ඒක ආයෙත් පටන් ගත්තා. මං මේ මාසෙත් මේක හැම සතියෙම එපිසෝඩ් එකක් දීලා බලනවා. ඒත් මේහෙම උනොත් මං මේ කතාව අන්පබ්ලිශ් කරනවා..

කතාව කියවන හැමෝටම ගොඩක් ස්තූතියි... 💜️💚






Jeon Hwan🐰
03.02.24

💚🐣🐻💛

Seguir leyendo

También te gustarán

2.8K 845 20
මන් ගොඩ ගහගත්තු එයා එක්ක ආදරණිය හින හැම එකක්ම එක තප්පරෙකට කඩන් වැටුනා..
2.8K 408 9
( Sinhala ff) "𝙷𝚎𝚢 𝚋𝚊𝚋𝚢𝚋𝚘𝚢 𝚢𝚘𝚞'𝚛 𝚜𝚘 𝚑𝚘𝚝" "𝙾𝚑 𝚖𝚢 𝚑𝚘𝚛𝚗𝚎𝚢 𝚋𝚘𝚢𝚏𝚒" 𝘛𝘢𝘦𝘬𝘰𝘰𝘬~<3 Top - ? Bottom - ? I have no idea😌...
1.2M 63.5K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
11K 1.7K 28
💜️- ඒයී කොල්ලෝ කොහෙ බලාගෙනද තමුසෙ යන්නෙ මැරෙන්න ආසයි නම් අනුන්ට වදයක් නොවී ගිහින් මුහුදට පයිනවා.😡 💚- ස්...සොර්..රි..මි..ස්...ට..ර්..😥 💜️- හ්ම්ම්...