♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡...

By lakmeekavindya

1.4K 119 24

අවුරුදු ගානක් තමන්ගේ පළවෙනි ආදරය පරිස්සම් කරන. ඒ ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන. ගොඩක් ලොකු වේදනාවක් හිතේ ති... More

𝓝𝓮𝔀 𝓢𝓽𝓸𝓻𝔂.....♥︎♡︎
Chapter 01💚💜️
Chapter 02💜️💚
Chapter 03💚💜️
Chapter 04💜️💚
Chapter 05💚💜️
chapter 06💜️💚
Chapter 08 💜💚
Chapter 09 💚💜
Chapter 10 💜💚
Chapter 11 💚💜
Chapter 12 💜💚
Chapter 13 💚💜
Chapter 14 💜💚

Chapter 07 💚💜️

71 9 0
By lakmeekavindya


හ්ම්ම්ම් හැමදේම වෙනස් වෙලා දැන්... ජීමිනාගේ සම්බන්ධය එයාගේ ගෙදරට අහු උන දවසේ ඉදන් එයාට  වගේම මටත් ගොඩක් කරදර වලට මුහුණ දෙන්න උනා. අපි දෙන්නා දැන් ඉස්සර වගේ පැය ගනන් කතා කර කර ඉන්නේ නෑ.. කතා කලත් වෙනදා වගේ නිදහසේ අපිට කතා කරන්න උනේ නෑ. ඒක නිසා අපි දෙන්නා කතාබහ කරන එක එන්න එන්න අඩු උනා. එයා සමහර වෙලාවට මාව මගහරින්න ගත්තා.  ඒත් මොන දේ උනත් මං එයා එක්ක හැමවෙලේම හිටියා. එයාට දැන් එයාගේ ප්‍රශ්න කියන්න කවුරුත් නෑ. එයාගේ මල්ලිත් දැන් එයාට කිසි දේකට උදව් කරන්නේ නෑ. ඒක නිසා ජීමින් වගේම මාත් ගොඩක් තනිවුනා.

ඒ වගේම මගේ ජීවිතය ගැන කිව්වොත් වෙනදා වගේම සාමාන්‍ය විදිහට ගත උනා. මම දැන් ජන්ග්කුක් හියුන්ගෙයි, chohee නූනගෙයි සම්බන්ධය ගැන ලොකුවට හිතලා දුක් වෙන්න ගියේ නෑ. මම එයාලගේ සම්බන්ධය පිළිගන්න ගත්තා. මගේ හිතින් ටික ටික ජන්ග්කුක් හියුන්ව අයින් කරගත්තා. දැන් එයා මගේ හොද හියුන් කෙනෙක් විතරයි.. ඔව් මම මගේ එකම ආදරේට give up කරනවා. එයාලා දෙන්නා ඉස්සරහට බදින්නයි ඉන්නේ. ඉතින් මට හියුන්ව කවදාවත් අයිති වෙන්නෙත් නෑ. ඒක හීනයක් විතරයි. ඒත් මම හැමදාම එයාට ගොඩක් ආදරෙයි. හියුන් කවදාවත් මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට ආදරය කරන්නෙත් නෑ. එයා මට ආදරෙයි. ඒ එයාගේ පුංචි මල්ලී කෙනෙක් විදිහට විතරයි.

කාලය ටික ටික ගෙවිලා ගියා. මම දැන්  ස්කූල් එකේ සීනිය කෙනෙක්. තව අවුරුද්දකින් මම ග්‍රැඩුලේට් වෙනවා. මට දැන් වයස 18ක්.

අද තමයි ස්කූල් එකේ අලුත් වාරය. සීනීය කෙනෙක් විදිහට මම ස්කූල් යන පලවෙනි දවස අදයි. මට ලොකු හීනයක්නම් නෑ ජීමින්ට වගේ.. ඒත් මම ගොඩක් ආසාවෙන් හිටියේ vet කෙනෙක් වෙන්න. ඒත් ඒ හීනෙට යන්න මට හොද රිසාල්ට් එකක් නම් තිබ්බේ නෑ. ඒත් මට වඩා හොදට ජීමිනා පාස් වෙලා තිබ්බා. ඒක නිසා මම ඒ හීනේ හිතේ විතරක් තියා ගත්තා.

අද උදේම මම ස්කූල් එකට ගියා. මම ගොඩක් ආසවෙන් චිත්‍ර ඇදපු කෙනෙක්. මම හිතාගෙන හිටියේ ඉස්සරහට Art පැත්තෙන් ඉස්සරහට යන්න.. ඒත් ඒකත් මට ජීමිනා නිසා give up කරන්න උනා.. හ්ම්ම්ම් අපේ ඔම්මා ආස උනේ නෑ මං Art කරනවට. එතකොට අපි දෙන්නව ආයෙමත් එකම ක්ලාස් එකට වැටේවී කියලා එයා ගොඩක් බය උනා. එයා ආස උනේ නෑ මං ආයෙමත් ජීමින් එක්ක ඉන්නවට. ඔම්මා මට Art තෝරගන්න දුන්නේ නෑ. එහෙම උනොත් අපි දෙන්නව එකම ක්ලාස් එක්ට වැටෙයිලු. ඒක නිසා මට Art කරන්න හම්බුනේ නෑ.

මම උදේම ගිහින් මගෙයි ජීමිනාගෙයි නම් හෙව්වා නෝටිස් බෝඩ් එකේ. මං බැලුවේ ජීමිනයි මායි මේ පාරත් එකම ක්ලාස් එකේද කියලා. මං අපි දෙන්නගේ නම් හොයාගෙන යන කොට මගේ නම ලිස්ට් එකේ අන්තිම හරියේ තිබිලා හම්බුනා.. ඒත් ඒ ලිස්ට් එකේ ජීමිනාගේ නම තිබ්බේ නෑ. මගේ පපුව හිමීට රිදෙන්න ගත්තා. මං අනික් ක්ලාස් එකේ ලිස්ට් එකේ ජිමිනාගේ නම හෙව්වා.. හ්ම්ම් ඒ ලිස්ට් එකේ ජීමිනාගේ නම තිබ්බා. අන්තිමට අපි දෙන්නව දෙවියෝ ක්ලාස් දෙකකට දාලා. මට ගොඩක් දුක හිතුනා.. මට ජීමිනා නැතුව ඉන්න බෑ කියලා හිතුනා. මට ඇඩෙන්න ආවා. ඒත් මං ඇඩුවේ නෑ. මට හිතුනා ජීමිනා තාම මේ ගැන දන්නේ නැතුව ඇති කියලා. එයාටත් මට වගේ දුක හිතේවී කියලා මට හිතුනා. මං මගේ ක්ලාස් එකටවත් නොයා ඉක්මනට ගියේ ජීමිනාව හොයාගෙන. එයා එයාගේ ක්ලාස් එකේ ඉදගෙන ඉන්නවා මං දැක්කා. ඒත් මං තරම් කලබල නෑ කියලා මට තේරුනා. මං එයා ලගට ගියා..

අනේ ජීමිනා බලන්නකෝ අපි දෙන්නා ක්ලාස් දෙකකට වැටිලානේ. අනේ මට බෑ තනියම ඉන්න.. ඔයත් එන්නකෝ මගේ එකට. අපි ක්ලාස් මිස්ට කියලා මාරු වෙමුකෝ..🥺

ටේ එහෙම මාරු වෙන්න බෑනේ. එයාලා දාපු විදිහටනේ ඉන්න වෙන්නේ.. කරන්න දෙයක් නෑනේ ටේහියුන් දැන් අපිට මෙහෙම තමයි ඉන්න වෙන්නේ.. මටත් තනියම ඉන්න බෑ.

හායි ටේ ඔයත් මේකෙද?

ඕ හායි dohyun.. නෑ මං අනික් ක්ලාස් එකෙනේ.. ඔයත් මේකේද? 🥺

ඕ ඔයා අනික් එකේද? අපරාදේනේ.. ඔයාගේ යාලුවා ඉන්නේ මේකේනේ.. ජිමින්.. එතකොට ඔය දෙන්න ක්ලාස් දෙකකද.. ? හයියෝ අපරාදෙනේ.. මිස්ට කියලා මාරු වෙන්න බලන්න.. එයා මාරු කරාවී..

එහෙම පුලුවන්ද dohyun.. අනේ මටත් මේකට එන්න ඕන. මගේ ගොඩක් යාලුවෝ ඉන්නේ මේකේ. අනික් එකේ ඉන්න අයව මං එච්චර දන්නෙත් නෑ. 😐

ඔව් බලන්නකෝ.. ගොඩක් යාලුවෝ කැඩිලා වෙන වෙන ක්ලාස් වලට. මං දැක්කා සමහර අය ක්ලාස් බාර මිස්ගෙන් මාරු වෙන්න බැරිද අහනවා. ඔයත් බලන්නකෝ කියලා.

මං බලන්නම්.. ටැන්ක්‍යු dohyun..

හී... ඕක මොකක්ද..☺️

ආ ලමයි දෙන්න ගුඩ් මෝර්නිග් ඉතිම්..🙃🙃

ඕ soo yoon ඔයත් මේකේද...

Lee soo yoon
18 years old
Jimin and Taehyung friend
Friendly, cute, good
and lovely

හී හී ඔව් ජිමිනී මාත් මේකේ.. 

හම්මේ ඇති යන්තන් මට යාලුවෙක් ඉන්නවා.. මං හිතුවේ මට තනියම ඉන්න වෙයි කියලා.

ටේ ඔයා අනික් ක්ලාස් එකේ නේද? 😐 අපරාදේ ඔයත් මේකට වැටුනනම් අපි තුන් දෙනාටම එකට ඉන්න තිබ්බා..

හ්ම්ම්ම් ඔව් yoon.. ඒත් මං ජීමිනාව අපේ එකට ගන්න බලන්නම්..

අනේ එතකොට ජිමිනා යනවද.. ඔයා එන්නකෝ ඉතිම් අපේ එකට. එතකොට හරිනේ...

හ්ම්ම්ම් බලමුකෝ..

ඔයා මේකට එන්න බලන්න ටේ... මිස්ගෙන් අහලා බලන්න.. ඔයාලගේ මිස් සැර පාටයි.. ඔයා අහලා බලන්නකෝ.

හ්ම්ම් ඔය දෙනාව දාලා තිබ්බේ kwan සර් මේ ක්ලාස් එකට නේද.. ඉතින් මාවත් එයාමනේ interview කලේ. එයා කිව්වා මාවත් එයාගේ එකටම ගන්නම් කියලා.. ඒත් ඇයි මාව විතරක් අනික් එකට වැටිලා තියෙන්නේ.. හ්ම්ම්ම් මං යනවා මිස් එක්ක කතා කරන්න ජිමින්..

හ්ම්ම් හරි ටේ...

එයා පව් ජිමින්... අපරාදේ එයාවත් අපේ එකට වැටෙන්න තිබ්බේ... 😐😐

හ්ම්ම්ම් මොනා කරන්නද yoon... මං නම් ආස නෑ එයගේ ක්ලාස් එකට යන්න.. මේක හොදයි මට නම්..

ඇයි ඔයා එහෙම කියන්නේ. ඔයාට ටේහියුන්ගේ එකට යන්න ඕන නැද්ද..

එහෙම නෙමේ එයාව අපේ එකට ගමු..

හ්ම්ම්ම් ඕන එකක්..

මම ඉක්මනට මගේ ක්ලාස් එක බාර මිස්ව හම්බෙන්න ගියා. මම යන කොට එක ලමයෙක් kwan සර් එක්ක කතා කරනවා මං දැක්කා.. ඕ ඒ ලමයටත් වෙලා තියෙන්නේ මට උන දේමයි.. එයාව ජිමින්ගේ ක්ලාස් එකට මාරු කරන්න kwan සර් කැමති උනා.. අනේ මාවත් දාන්නකෝ..😐 මම ඉස්සරහට යන කොට මගේ ක්ලාස් එක ඉස්සරහ මිස් කෙනෙක් හිටන් ඉන්නවා දැක්කා. ම්ම්ම් එයා වෙන්න ඇති මගේ ක්ලාස් එකේ ටීච.. මම එයා ගාවට ගියා..

Excuse me miss

ඕ කියන්න දරුවෝ..

මිස් මේ... මේ... මට අනික් ක්ලාස් එකට මාරු වෙන්න පුලුවන්ද ? 😐

ආ.. ඒ මොකද ලමයෝ.. ඔයාට මගේ ක්ලාස් එක හොද නැද්ද ?

අනේ එහෙම නෙමේ මිස්. මගේ යාලුවා අනික් ක්ලාස් එකට වැටිලා තියෙන්නේ.

ඕ එහෙමද.. ඇයි ඔයාට වෙන යාලුවෝ නැද්ද ?

එහෙම නෙමේ.. මායි එයයි එකටමයි හිටියේ ඒකයි.. ඕනනම් එයාව මේ ක්ලාස් එකට හරි දාලා දෙන්නකෝ මිස්..

ම්ම්ම්... ඉන්නකෝ බලන්න.. ලමයි ගොඩක් ඇහුවා දැන් මගෙන් මාරු වෙන්න.. ඉන්න මං මිස් harin ගෙන් අහලා බලන්නම්කෝ..

හරි මිස්.😐

...........................................🐻🐣

Excuse me miss harin..

කියන්න මිස් so-hee.

මේ මගේ ක්ලාස් එකේ ළමයෙක් ඔයාගේ ක්ලාස් එකට මාරු වෙන්න බැරිද අහනවා..

ඕ ඒ මොකෝ... මිස් සෝහි නරක කෙනෙක් නෙමේ පැටියෝ..😊

අනේ එහෙම නෙමේ මිස්..

එහෙනම් මොකද ළමයෝ..

ආ එයාගේ යාලුවා ඉන්නේ ඔයාගේ ක්ලාස් එකේලුනේ..

ඕ ඇයි ඔයාට වෙන යාලුවෝ නැද්ද.. එයා විතරද ඉන්නේ..

මං එයා එක්ක විතරනේ ඉන්නේ මිස්.

ඔයා මේ ස්කූල් එකට අලුතින්ද ආවේ පුතේ..

අනේ නෑ මිස් මං පොඩි කාලේ ඉදන් මේකේ හිටියේ..

හානේ.. එහෙමනම් ඔයාට ඉන්නේ එක යාලුවෙක් විතරද.. ඒ මොකද ඒ..

😐😐😐

හරි හරී අපි බලමුකෝ... මං kwan සර්ට කියලා බලන්නම් සෝහී.. මගේ ක්ලාස් එකටමයි ඔක්කොම එන්න අහන්නේ.. ගොඩක් ලමයි ඇහුවා මගෙන් දැන් මාරු කරන්න පුලුවන්ද කියලා. බලමුකෝ මං කියන්නම් හොදද.. කෝ ඔයාගේ යාලුවා කවුද කියලා පෙන්නන්න බලන්න...

අර අතන කොනේ ඉන්නේ මිස්.. එයා ජීමින්..

ආ එයාද... ජීමින් පුතා මෙහේ එන්න ටිකක්..

ඇයි මිස්..

ජීමින් නේද නම?

ඔව් මිස්.

ම්ම්ම්ම් මේ ඔයාගේ යාලුවා.... මොකක්ද පුතේ නම ඔයාගේ

මගේද... මං ටේහියුන් මිස්..

ම්ම්ම් ඔයාගෙව් යාලුවා ටේහියුන් පුතා ඔයාව ඕන කියලා මට කියනවා. ඔය දෙන්න හොද යාලුවෝ නිසා මං පොඩ්ඩක් kwan සර්ගෙන් අහලා බලන්නම් හොදද..

මගේ ක්ලාස් එකේ ළමයි වැඩී.. සමහර විට සෝහී මිස්ගේ ක්ලාස් එකට ජිමින්වත් දාන්න පුලුවන් වෙයි..බලමුකෝ.. මං බලලා ඔය දෙන්නට කියලන්නම්..

හරි මිස්..

හරි දැන් දෙන්නම ක්ලාස් වලට යන්නකෝ.

දේ මිස්..😐

Taehyung pov :

මම මගේ ක්ලාස් එකට ගිහින් මට ඉදගන්න තැනක් හෙව්වා.. අන්තිම පෝලීමේ හිස් ඩෙස් තුනක් තියෙනවා දැකලා මම එතනට ගියා.. හැම ළමයෙක්ටම වගේ යාලුවෝ හිටියා.. එයාලා දැනටමත් යාලුවෝ හදාගෙන ඉන්නවා මං දැක්කා.. මම හිතලමයි කවුරුත් නැති තැනකින් ඉදගත්තේ.. මොකද මට ඕන උනේ නෑ ජිමින් ඇරෙන්න වෙන යාලුවෙක් හොයාගන්න.. මං මගේ එහා පැත්තේ ඩෙස් එක ජීමින්ට අල්ල ගත්තා.. හොද වෙලාවට මේ ක්ලාස් එකේ ළමයි අඩුයි..  ජීමින් මගේ ක්ලාස් එකට ගත්තාම අපි දෙන්නට කලින් වගේම එකට ඉන්න පුලුවන් වෙයි.. ☺️ එකක් මතක තියාගෙන ඉන්න ටේහියුන් ජීමින් ඇරෙන්න වෙන කිසිම විශේෂ යාලුවෙක් හදාගන්න එපා හොදට මතක තියා ගන්න ඒක.. 😐
හරී ටේහියුන් එහෙනම් ඔයාගේ පළවෙනි දවසේ වැඩ පටන් ගමු... ෆයිටීන්..🙃

Taehyung pov end...

අද දවසේ පලවෙනි පීලියඩ් එක කරන්නේ අපේ ක්ලාස් එක බාර සෝහී ටීච...☺️



ගුඩ් මෝර්නිග් ළමයි..😊

ගුඩ් මෝර්නිග් මිස්..

මම තමයි ඔයාලගේ ක්ලාස් එක බාර ටීච.. මගේ නම තමයි Min so-hee.. එතකොට මං තමයි ඔයාලට  History  Subject එක උගන්නන්නේ.. ඉතින් මං හිතනවා ඔයාලා හොදට ඔයාලගේ වැඩ කර ගනි කියලා.. එහෙනම් ලමයි.. good luck..  අපි අද වැඩ පටන් ගමු..

මුලින්ම අපි තම තමන්ගේ නම් එහෙම එහෙම කියලා එකිනෙකාව හදුන ගමු.. ඒ වගේම ක්ලාස් එකට මොනිටස්ලා පත් කරගන්නත් ඕන..

එහෙනම් මුලින්ම ඔතනින් පටන් ගන්නකෝ..

හායි... මං කිම් වූබින්... මම................

Taehyung Pov :

හ්ම්ම්ම්ම් තවත් දිග දවසක්... මං කොහොමත් මෙයාලව අදුර ගත්තට වැඩක් නෑනේ.. මං එක්කෝ අනික් ක්ලාස් එකට යනවා.. නැත්නම් ජිමිනාව මේකට ගන්නවා..මේකේ ඉන්නවට වඩා ජිමිනාගේ එක හොදයි වගේ..ඒකේ මගේ ගොඩක් යාලුවෝ ඉන්නවා... Yoon ඉන්නෙත් ඒකෙනේ.. අපිට කලින් වගේ ඉන්න පුලුවන් වෙයි.😊






_____________________________________________________
__________________💚💜️

හායී ලමයි... ඔන්න මං කිව්වා වගේම ඔයාලට අලුත් එපියක් දුන්නා...

ටේහියුන්ගේ අද ඉදන් ජීවිතය ලොකු වෙනසක් වෙන්නයි යන්නේ.. අපි බලමු ජීමින් ටේහියුන්ගේ ක්ලාස් එකට ගන්න පුලුවන් වෙයිද කියලා.. නැත්නම් ටේහියුන්ට ජීමින්ගේ එකට යන්න පුලුවන් වෙයිද කියලා.. එහෙනම් ඊලග එපියෙන් හම්බවෙමු...

බායි ටේකුකර්ස්😚💚💜️ ලව් යූ 😊

Jeon Hwan🐰
25.02.24

Continue Reading

You'll Also Like

2.9M 67.1K 21
"Stop trying to act like my fiancée because I don't give a damn about you!" His words echoed through the room breaking my remaining hopes - Alizeh (...
17.9K 2.6K 25
ඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්‍යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද?
1.1M 62K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
1.3M 120K 43
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...