මානස (Completed)

Por NirMad238

59K 11.3K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... Más

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

65

461 99 120
Por NirMad238

ඉතින් අපේ ඒ ලස්සනම ලස්සන පළවෙනි දවස එහෙම ගෙවිලා ගියා.
එදා මං කොහොම නිදාගත්තද කියලා මට මතකත් නෑ.
මං හිතන්නෙ අයියත් එක්ක කතා කර කර ඉන්න අතරෙ ඉබේම නින්ද යන්නැති.

කොහොම වුනත් පහුවදා උදේ පාන්දරින්ම මට ඇහැරුනා.
ඉතින් පොත් ටිකත් මෙට්ටෙ උඩටම ඇදලා අරන් මං වැඩ කරන්න පටන් ගත්තා.

මෙහෙම අයියගෙ ලඟ ඉඳන් වැඩ කරද්දි මාරම සනීපයි. එයාගෙ ඇඟේ හොඳටම ගෑවෙන විදියට මං තවත් ටිකක් එයාට හේත්තු වුනා.
අයියා නින්දෙන්මද කොහෙද අතක් මගේ ඉණ වටේට දාගෙන මාව තුරුල් කරගත්තා.
මගේ ඉනට සීතල තොල් දෙකකුත් තද වුනා.
දිව්‍ය ලෝක සැප කියන්නෙ මෙන්න මේවට!!!
මොනවා නැතත් මොකද හැමදාමත් මගේ angel එක්ක මෙහෙම ඉන්න තියෙනවා නම්.

"Living in a world so cold
You are there to warm my soul
You came to mend a broken heart
You gave my life a brand new start and now
I'm in love

You took my heart away
When my whole world was gray
You gave me everything
And a little bit more
And when it's cold at night
And you sleep by my side
You become the meaning of my life

Holding your hand
I won't fear tomorrow
Here were we stand
We'll never be alone"

Phone එකේ ඇහෙන නෑහෙන ගානට සින්දුවකුත් දාගෙන ඒකත් මුමුණ මුමුණම මං ගණන් හදන්න පටන් ගත්තා.

මගේ angel මෙන්න මෙහෙම මගේ ලඟම ඉද්දි මට බය වෙන්න දෙයක් නෑ තමයි.
වෙනදට පොතක් අල්ලන්න කම්මැලිකමේ ඔහේ මොකාද වගේ බලාගෙන ඉන්න මං,
මේ උදේ පාන්දරම නැගිටගෙන පොත් ගොඩකුත් බදාගෙන ඉන්නවා කියන එක මටම අදහගන්නත් අමාරුයි.
ඒත් ඉතින් මගේ angel, ඔයා වෙනුවෙන් මං ඕනෙම දෙයක් කරනවා.

අනික තමයි, ඔයා වෙනුවෙන් කරන දේවල් එහෙම කම්මැලිකමෙන් එපා වෙලා වගේ කරන්න ඕනෙත් නෑ.
ඔය හිනාව දකිද්දි ඕනෙම දෙයක් කරන්න ආස හිතෙනවා.
ඕනෙම දෙයක් කරන්න පුදුම හයියකුත් ලැබෙනවා.
ඉතින් පහුගිය කාල ගැන හිත හිත දුක් වෙන්න දෙයක් නෑ.
අපි දෙන්නම එකතු වෙලා අපේ හීන වලට අනිවාර්යයෙන් යනවම තමයි.

මගේ ලස්සන angelගෙ නලල, කම්මුල්, ඇඟිලි, හැමතැනම සැරින් සැරේ kiss කරන අතරෙම මං පාඩමත් කරගෙන ගියා.
ටිකකින් angelත් නැගිටලා මට තේ හදාගෙන ආවා.
එයාගෙ ඉණ වටේට අත දාලා එයාව තුරුල් කරගත්තම ඊයෙ වගේම අදත් මට එයා තේ එක පෙව්වා.
සැපයි දෙයියනේ!!!
හැමදාම මෙහෙම ජීවත් වෙන්න ලැබෙනවා නම් කොච්චර පාඩම් කරන්න වුනත්, කොච්චර විභාග තිබුනත් කමක් නෑ.
මං කිසිම මැසිවිල්ලක් නැතුව ඒ සේරම කරනවා.

ඉතින් ඔන්න උදේටත් අයියා මට කැව්වා.
ඊට පස්සෙ එයත් ඇවිත් මෙට්ටෙ උඩින් වාඩි වුනා.

"Snowdrop,
Shall we go home?"

මොකක්?

"Home??"

"Yes.
Your parents place!"

"What??
Today?"

"No!
Tomorrow?"

"But why?
Can't we wait a bit more?

අයියා ලොකු හුස්මක් ගත්තා.
ලොකු කතාවක් කියන්න වගේ හරි බරි ගැහිලා එහෙම වාඩි වුනා.

"I don't want to scare you.
But patiyo,
I think those thugs know we are somewhere here.
That day we did our best to avoid them.
But they aren't fools.
They must have gotten to know the area we live in.

The day I went to bring stuff for your birthday, I might have seen some of them.
But I'm not 100% sure.
But unknown bikes have been going here and there in the village.
People are a bit worried about them.
So.......
You know...
We might have to start running again.

"But why?
Why are they coming behind me this much?"

"Well...
I think they believe you are behind Wilson's death and all.
Meera doesn't seem like someone who could do such a thing.
So......
Everything gets to you."

"Oh!!!"

ඇත්ත තමයිනෙ.
මීරා ලව්වා මේ සේරම කලේ මං කියලා ජොනා හිතනවා ඇත්තෙ.
හපෝ ඉතින්!
මේ ප්‍රශ්න වලින් කවදා කියලා ගැලවෙන්නද?

"Ayye..
What are we gonna do?
Can't we leave soon?
Now I'm 18.
So no one can stop us!"

"Yes.
That's what I was thinking too.
But...
You know...
It doesn't seem right to me, if we don't go and meet your parents before we leave.
We might never come back Snowdrop.
And it's wrong to leave them in such a misery.
Their everything is you patiyo.
Just like me,
They also love you a lot!"

අයියා මාරම හොඳයි.
එයා ඔච්චර මගේ අම්මයි තාත්තයි ගැන හිතුවට ඇත්තටම මට නම් ඒ දෙන්නව මතක් වෙන්නෙත් නැති තරම්.
සමහරවිට ඒ ඉස්සර ඉඳන්ම මං හැදුනෙ තනියෙම නිසාත් වෙන්නැති.
හැමදාම ඒ දෙන්නා වැඩ අස්සෙම ගිලිලනෙ හිටියෙ.

ඒත් ඉතින් අයියටත් එහෙම තමයි.
එයාගෙ අම්මයි තාත්තයි අපේ අම්මලා තරම්වත් ගෙදර නෑ.
ඒත් අයියා මං වගේ නෑ.
තාමත් ගෙදර මිනිස්සුන්ට ආදරෙයි.
එයාට බනින අපහාස කරන අපේ ගෙදර මිනිස්සුන්ටත් ආදරෙයි.
මට නම් කවදාවත්ම ඔයා තරම් හොඳ වෙන්න බැරි වෙයි අයියෙ.
ඒත් ඉතින් ඔයා වෙනුවෙන් ඔයා ඉල්ලන දෙයක් ඕනම දෙයක් කරන්න මට පුළුවන්.

"Ok!
If you want me to meet them I would.
No problem!
But if they start forcing me again I'm leaving!"

"Ok!
Sure!
I just want them to know you are fine."

"Hm...
I'm doing all this for you ayye.
Actually I don't even want to see their faces again.
I hate them for leaving me with that monster.
He could have even killed me!!!"

"I know!
I know!
That was wrong.
But we all take wrong decisions sometimes Snowdrop.
So let's have some mercy for them.
And I'd never ever let anything like that happen again.
I promise.
Now you are mine and I'm going to protect you all the time!"

"Me too!!!"

අයියා පැටියව බදාගෙන දෙපැත්තට පැද්දෙන ගමන් මං එයාගෙ බෙල්ලට දිගම දිග kiss එකක් දුන්නා.

"Ayye..
So is there any point in studying for O/Ls?"

එකපාරටම ඉතින් ගණ දෙවි නුවණ පහල වෙලා මට සෑහෙන්නම වැදගත් දෙයක් මතක් වුනේ.
අපි ඉක්මනටම යනවා නම් O/L කරන්න වෙන්නෙ නෑනෙ.

"Let's see.
Don't stop studying.
Wherever we go it's easy to climb up if you have the basic qualifications.
So I'm trying my best to stay till the exam.
But, unexpected things could always happen.
We should be ready for anything."

"Hmmm...
But aren't we wasting our precious time my angel.
If I won't be doing O/Ls why can't we continue what we started yesterday night?"

අයියගෙ t shirt එක යටින් හෙමීට අත අරන් යන ගමන් මං ඇහුවෙ.
මගේ ඇස් දෙකත් පිය වෙනවා.
පිස්සු හැදිලා ආයෙම හැදෙනවා.
අයියා නම් හිතාගන්නවත් බැරි තරමේ magic එකක් දෙවියනේ!!!

"ආ..හ්!!"

ආයෙම ගැහුවනෙ එකක් ඉතින්!
Angel වුනාට වැඩක් නෑ.
මෙයා මහ නපුරෙක්!

"Thambaru!!!
I'm doing my best to wait till your exam.
We are leaving only if things start going out of hand.
So don't stop studying.
And even if we had to go suddenly.
You'd have to do similar exams in the UK.
Without the basics we can't reach our dreams.
Therefore study well and make me proud Snowdrop.
I'm keeping all my hopes on you."

"Hmmm
Ok!
Anything for you.
But can we do that everyday?
At least in the nights?
Yesterday was wonderful.
But that isn't enough.
Still we aren't completely one.
ආ...හ්!!!
අයියේ...
What's wrong with you?
I'm an adult now and we are a couple.
Why can't we discuss it??"

මේ නපුරත් එක්ක නම් කොහොම ඉහ ගහගෙන ඉන්නද මන්දා!!!
වචනයක් කතා කරන්න නෑනෙ මට!

"Ok ok!
I'm sorry.
We can talk about anything and everything.
But you can't wander off Snowdrop.
You have to concentrate well and do your part.
And I have to do mine.
Meanwhile, without forgetting our goals we can do whatever we like."

"Hmm...
Ok.
So can we do it now?"

"No!
Not now.
It makes both of us tired.
So once we have finished everything, in the night,
Yes!
But Snowdrop, you have to give your best in the studies ok?
I trust you with my whole heart.
Please make me proud!"

"I will my angel!
I will!
I'll do anything for you!"

අයියගෙ කම්මුලකට kiss එකක් දීලා එයාවත් තුරුල් කරගෙනම මං ආයෙත් පාඩම් කරන්න පටන් ගත්තා.
ඇත්තටම ඉතින් එයා කියනවා නම් ඇවිලෙන ගින්නකට වුනත් පනිනවා මං දෙපාරක් නොහිතා.
එච්චරටම ආදරෙයිනෙ මං මගේ ලස්සන හා පැටියට!

ඉතින් අයියට ඕනෙ විදියටම එදා දවසෙම මං පාඩම් කලා.
ඇත්තටම කලින්ටත් වඩා මහන්සි වෙලා පාඩම් කලා.
දැන් මාත් ලොකු කොල්ලෙක්නෙ.
ඒ නිසා පිස්සු නටන්න හොඳ නෑ.
අයියට හයියක් වෙන්න ඕනෙ.

ඊට පස්සෙ එදා රෑත් ලස්සනම ලස්සනම ලස්සන අර පිස්සු හැදිලා ආයෙත් හැදි හැදීම තියෙන හැඟීමත් වින්දා.
අයියගෙ තොල් කියන්නෙ මාරම මාර magic එකක්.
ඒ තොල්වල සනීපෙ මගේ ඇඟේ හැමතැතනකටම විඳින්න ලැබෙනවා කියන්නෙ හිතාගන්නවත් බැරි තරමෙ පිස්සුවක්.
ඒත් ඒ පිස්සුව දරාගන්න තාමත් මට හරියකට බෑනෙ.

කලින් දවසෙ රෑ වෙච්ච දේ ඒ විදියටම එදා රෑත් සිද්ද වුනා.
අයියා ඇල්ලුවා විතරයි මටයි මල්ලි බබාටයි දෙන්නටම ෆිට් එක හැදුනා.
ඉතින් එච්චරයි!
සෙම කෙල පෙරාගෙනම මල්ලි බබා මැරිලා ගියා.

ඒකට කමක් නෑ නේද අයියෙ?
ඔයාට දුකයිද ඔයාගෙ boyfriendට තාම ඒකවත් හරියට කරගන්න බැරි එක ගැන.
ඒත් ඉතින් මං කොහොම හරි ඔය වැඩේ ගැන හරියටම ඉගෙනගන්නම්කො.
Theory මිසක් practical පාඩමක experience ලැබිලා තිබුනෙ නෑනෙ මට මෙච්චර කල්!
දැන් කොහොමත් ඔයා වගේ perfect teacher කෙනෙක් එක්ක practicals කරන්න ලැබෙද්දි ආයි මොනාටවත් බය වෙන්න දෙයක් නෑ.

ඉතින් එදත් සේරම ඉවර කරලා අයියම මාව නෑව්වා.
මේ පාර නම් bedsheets විනාස නොවෙන්න අපි ලස්සනට වැඩේ කරපු නිසා ඒ කරදරේ තිබුනෙ නෑ.
ඒක ලොකු දෙයක්!
නැත්තම් ඔහොම bedsheet හෝද හෝද දඟලන්න පුළුවන්ද හැමදාම!
ඊට ලේසියි පත්තර කොල එලාගෙන බිම නිදියනවා!

පහුවදා පාන්දරම ඇහැරිලා අපි පිටත් වුනා.
අයියා කිව්වෙ bus එකේ යමු කියලා.
ඒක හොඳයි.
මොකද Bike එකේ යන එක ඇත්තටම භයානකයිනෙ මේ තියෙන තත්වෙ හැටියට.
Bus එකේ නම් තව මිනිස්සු ඉන්න නිසා කවුරුවුනත් කරදරයක් කරන්න කලින් දෙපාරක් හිතයි.
අනික ගෙදර යනවා කියන්නෙ සෑහෙන දුර ගමනක්. අයියට එච්චර දුරක් තනියෙම ride කරන්න අමාරුයි.

සාමාන්‍යයෙන් බස් එක ගන්න තැනින් නෙමෙයි, ඊට එහාට threewheeler එකකින් ගිහින් තමයි අපි bus එකට නැග්ගෙ.
අරුන් අපි ගැන අවධානෙන් ඉන්නවා නම් හොයාගන්න අමාරු වෙන්න එහෙම කලේ.
අපි දෙන්නත් ඇඟට ලොකු ඇඳුම් ඇඳලා, cap, mask එහෙම දාලා ඉන්න නිසා අඳුරගන්න කොහොමත් අමාරුයි.
ඒත් ඉතින් ප්‍රතිවාදියව කවදාවත් අවතක්සේරු කරන්න හොඳ නෑ.
සෑහෙන පරිස්සමින්, සෑහෙන විමසිල්ලෙන් අපි මේ ගමන යන්න ඕනෙ.

අපි බැස්සෙත් ගෙවල් වලට ලඟ town එකෙන් නෙමෙයි. ඊට කලින්  එකෙන්.
මොකද අපේ town එකෙත් අරුන් ඉන්නවද දන්නෑනෙ.
බැස්ස තැන ඉඳන් ගෙදරට යන්න නම් කරදරයක් වුනේ නෑ.
අයියගෙ යාළුවෙක් ආවා car එකක.
හම්මෝ!!!
ගමන පටන් ගත්තට පස්සෙම සැනසිල්ලෙ හුස්මක් ගත්තෙ දැන්ද කොහෙදෝ මං.

ඇත්තටම අයියටත් පිස්සුද මන්දා මෙච්චර risk අරන් ගෙදර එන්න.
ඒත් ඉතින් එයා හැමදේම ගැන හිතනවනෙ.
අම්මලාගෙ හිතට පොඩි හරි සතුටක් දෙන එක වැදගත් කියලා එයාට හිතෙනවා ඇති.

අන්තිමේදි අපි ගෙදර ආවා.
මේ පැත්ත දකිද්දිත් මට හරිම අමුතුයි.
ඉස්සර මේ ගහක් ගලක් ගානෙ,
තාප්පයක් තාප්පයක් ගානෙ මං බඩගාලා ඇති.
කොච්චර සෙල්ලම් කලාද මේ පාර පුරා!
අයියා එනකල් මග බලාගෙන හිටියා.
අයියත් එක්ක රෝන්ද ගහන්න ගියා.
මහ රෑට එයාගෙ කාමරේට රිංගුවා.
අනේ ඉතින් මතක කීයක් ඔළුව ඇතුලෙන් උඩට තෙරපීගෙන එනවද කියලා මටවත් තේරෙන්නෙ නෑ.

ඇස් වල කඳුළුත් පිරීගෙන එද්දි මං හෙමීට හැරිලා අයියා දිහා බැලුවා.
අයියා මාව එයාගෙ ඇඟට තුරුල් කරගෙනම නලලට kiss එකක් දුන්නා.
ඇත්තටම අයියා එහෙම කරයි කියලා මං හිතුවෙ නෑ.
එයාගෙ යාළුවත් ඉද්දි?
ඒ කියන්නෙ අයියගෙ යාළුවා අපි ගැන දන්නවා ඇතිද?
අනිත් අය අපි ගැන දැනගත්තට අයියට කමක් නැතුව ඇතිද?
අපිට අසහනකාරයො නොකිය අපේ ආදරේ තේරුම් ගන්න මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා ඇතිද?

"Ayye..
Is it ok?
Is it ok to cuddle you?"

අයියව බදාගෙනමයි මං ඇහුවෙ.
ඇත්තටම මට ගෙදර ලඟදි දැනෙන හැඟීම ගැන විස්තර කරන්න තේරෙන්නෙ නෑ.
ලස්සන මතක!
ආදරණීය මතක!
පිස්සු වැඩවල මතක!
අඳුරු මතක!
තනිවීමේ මතක!
පාවාදීම්වල මතක!
මේ හැමදේම එකට පැටලිලා.
ඒ හැම මතකයක්ම මාව රිද්දනවා.

"Of course patiyo!
Why not!
You can always do anything with me!"

මගේ ලස්සනම ලස්සන angel!
ආයෙමත් මගේ ඔළුවට එයාගෙ තොල් දෙක තද වෙනවා මට දැනෙනවා.

එයාව මට මුලින්ම ලැබුනෙත් මෙහේදිම තමයිනෙ.
එදා, අද, හෙට, හැමදාම,
අනික් හැමදේකටම වඩා,
ප්‍රබලම, වටිනාකමින් වැඩිම මතකය තමයි එයා.
ඉතින් එයා මගේ ලඟින් ඉන්නවා නම් වෙන කිසිම දේකට මාව රිද්දන්න බෑ.

"Shall we get down?"

අයියා අහද්දි මං එයාගෙ අතේ එල්ලිලාම එලියට බැස්සා.
අයියා එයාගෙ යාළුවා එක්ක කතා කරලා ඉවර වෙනකල් මගේම ගෙදර ගේට්ටුව ගාව යන එන මං නැති අනාථයෙක් වගේ බලාගෙන හිටියා.
අයියත් එක්ක පාරෙ ගහක් යට හිටියත් දැනෙන මගේනෙ කියන හැඟීම මේ ගෙදර ලඟදි මට දැනෙන්නෙ නැත්තෙ ඇයි කියල මං දන්නෙ නෑ.
සමහරවිට ඇත්තටම මං මේ ලෝකෙට එන්න ඇත්තෙ අයියා වෙනුවෙන් විතරයි වෙන්නැති.
ඒ නිසා වෙන කිසිම දෙයක්, කිසිම කෙනෙක් එයාව තරම් තදින් මට දැනෙන්නෙ නැතුව ඇති.

"Do you want me to come in?"

අයියා මගෙන් අහනවා.

"Of course!"

"But....
But Snowdrop,
They only need you.
If I come in, they might go berserk!"

"So be it.
I don't care.
I only came for you ayye.
And you are my everything.
If they need me, they have to accept you as well!"

අයියගෙ අතේ ඇඟිලි අස්සට මගේ ඇඟිලි ටික ඔබාගෙන එයාව තද කරලා අල්ලගන්න ගමන් මං කිව්වෙ.

"Well..
I want you to have a nice reunion patiyo.
But if you insist..
Ok!
I'll come with you."

ඉතින් ගේට්ටුවත් ඇරගෙන අපි දෙන්නා මිදුලට අඩිය තිබ්බා.
මගේ පපුවට මෝටරයක් හයි කරලා වගේ දැනෙන්නෙ.
ඒක බයක්ද, ආසාවක්ද, වේදනාවක්ද, තරහක්ද, මොකද්ද කියලා මට තේරෙන්නෙ නෑ.
ඒත් අයියා මගේ ලඟ ඉන්නවනෙ.
ඒ නිසා මොකක් වුනත් කමක් නෑ.

"කවුද...???"

ගේ ඇතුලෙන් ඇහුනෙ අම්මගෙ කටහඬ.
මං අයියව තවත් ටිකක් තද කරලම අල්ල ගත්තා.

ඉස්සරහා දොරත් ඇරගෙන අම්මා එනවා මට ඇහෙනවා.
බෑ!
බෑ!
මං එයාට කැමති නෑ.
මට ආයෙම එයාව දකින්න ඕනෙ නෑ.

මං අයියගෙ පිටිපස්සෙ හැංගුනා.

"ධ්‍යාන්!!??
මොකද්ද ඔය ළමයා මෙහේ කරන්නෙ?"

ඔන්න ඉතින්!
ඕකනෙ වැඩේ!
අයියම නිසා ඉවසනවා මිසක් මං එහෙම නම් ඕන මගුලක් නටා ගනින් කියලා යන්න ගිහින්.

"Snowdrop!
Come out!"

අයියා මාව ඇදලා ගනිද්දි මං එයාටම තවත් ටිකක් තුරුල් වුනා.
අයියගෙන් මාව ඈත් කරන්න මං කාටවත්ම ඉඩ දෙන්නෙ නෑ.

"ත.. තරූ???
පුතා???"

අම්මා මට කතා කරනවා මට ඇහෙනවා.
ඒත් මට එයා දිහා බලන්න ඕනෙ නෑ.
දැන් මගේ ඔළුවෙ වැඩ කරන්නෙ එකම එක දෙයයි.
මේ මිනිස්සු ආයෙම අයියවයි මාවයි වෙන් කරන්න හදයිද?
බෑ! බෑ!
ඒක නම් කීයටවත් වෙන්න දෙන්න බෑ.

"Ayye..
You can't leave me!
You can't leave me ok?"

"පුතා???"

අම්මා මගේ අතින් අදිනවා.
අනේ බෑ!
එයාට නම් මාව ගන්න දෙන්න බෑ.
මං අයියව අත් දෙකෙන්ම බදාගත්තා.

"Ayye..
Please..
Stay with me.
I want nothing but you!"

"I know Snowdrop!
I know.
Don't panic.
I'm not going anywhere!
I'm always staying with you!"

අයියා මගේ අතින් අල්ලගෙනම අම්මගෙ පැත්තට හැරෙව්වා.

"අ... අනේ...
තේමිය!!!
තේමිය!!!"

අම්මා කෑගහනවා.
එයා අඬනවද කොහෙදෝ..
ඒ කටහඬ අමුතු වෙලා.

"ඇයි?
ඇයි??"

ඒ තාත්තා!
එයත් කොහේදෝ ඉඳලා දුවගෙන ආවා.
මාව දැකලා එකපාරටම ගල් ගැහුනා.

"පු.. පුතා!!!?"

"අනේ අයියේ!!!"

මං වඳුරු පැටියෙක් වගේ අයියගෙ ඇඟ දිගේ බඩගාන්න හැදුවා.
මේ දෙන්නව මට පොඩ්ඩක්වත් විශ්වාස නෑ.
හැබැයි අයියව මගෙන් වෙන් කරන්න හැදුවොත්  නම් මම මොන විදිහෙ මාරයෙක් වෙයිද කියලා මමවත් දන්නෙ නෑ.

"පුතා!!!"

එකපාරටම තාත්තා දුවගෙන ඇවිත් මාව බදාගත්තා.
ඊලඟට අම්මා!
අයියගෙ අතින් තද කරලා අල්ලගෙන මං ගහක් ගලක් වගේම හිටියා.

මං ආස නෑ.
එයාලා මාව බදාගන්නවට මං ආසම නෑ.
ඒක මට වදයක්!
මං ආස අයියා මාව බදාගන්නවට විතරයි.

මං දඟලලා දඟලලා අමාරුවෙන් ඒ දෙන්නගෙන් එලියට ඇවිත් අයියට තුරුල් වුනා.

"අනේ පුතේ කොහෙද මෙච්චර කල් හිටියෙ?
කොහොමද ජීවත් වුනේ?
අපි කොච්චර හෙව්වද?
මොකද රත්තරනේ උඹට වුනේ??"

අම්මයි තාත්තයි තරඟෙට අඬනවා.
ඒත් මට පොඩ්ඩක්වත් දුක හිතෙන්නෙ නෑ.
මට ඇත්තටම දැන් ඕන කරන්නෙ මෙතනින් යන්න.

"Teacher,
අපි ගේ ඇතුලට ගිහින් කතා කරමුද?"

අයියා පලවෙනිම පාරට කතා කලා.
අම්මයි තාත්තයි පුදුමෙන් වගේ අයියා දිහා බැලුවා.
හරියට එයා කියලා කෙනෙක් මෙතන ඉන්නවා කියලා දැනගත්තෙත් දැන් වගේ.

"තරූ...
එන්න පුතේ,
අපි යමු ගෙට!"

අම්මා මගේ අතින් ඇදගෙන ගෙට යනවා.
මං අයියගෙ අතින් ඇදගෙන අම්මගෙ පස්සෙන් යනවා.
ඒත් ඇත්තටම මට යන්න ඕනෙ නෑ.
මට ඕනෙ අයියත් එක්ක ගහක් යට හරි කමක් නෑ නිදහසේ ජීවත් වෙන්න.

"පුතාට මොනවද ඕනෙ?
තේ හදන්නද?
නැත්තම් බත් කනවද?"

අම්මෝ ඉතින් ආදරේ!
කලින් මාව අර රාස්සයෙක් ගාවට යවද්දි ඔය ආදරේ කොහේද දන්නෙ නෑ තිබුනෙ?
මං කතා කලේ නෑ.
අයියා ලඟටම වෙලා ඔහේ බලාගෙන හිටියා.

ටිකක් වෙලා මගෙ දිහා බලාගෙන ඉඳලා අම්මා කුස්සියට ගියා.

"වාඩිවෙන්න පුතා!"

ඒ තාත්තා.
ඉතින් අයියයි මමයි දෙන්නම වාඩි වුනා.

"කොහේද පුතේ මෙච්චර කල් හිටියෙ?"

තාත්තා ආයෙම අහනවා.
මං අයියා දිහා බැලුවා.

"තඹරු පන්සලක නැවතිලා ඉඳලා අංකල්."

අයියා කටේ තොලේ නොගෑවී ලස්සනට බොරු කියනවා.

"අර පන්සලෙන් තවත් එකකට ගිහිල්ලද?"

අයියා මගේ දිහා බැලුවා.
මං අයියගෙ දිහා බැලුවා.

"ඔව් අංකල්.
ආරණ්‍ය සේනාසනයක් වගේ තැනක නැවතිලා ඉඳලා තියෙන්නෙ."

"එතකොට පුතාට කොහොමද මෙයාව මුණ ගැහුනෙ?"

"යාළුවෙක් එක්ක දානෙකට එහේ ගිය වෙලේ අහම්බෙන් වගේ දැක්කෙ."

අනේ ඉතින් මේ මිනිහා බොරු කියන ලස්සන.
මං හිතුවෙ මට විතරයි ඔහොම කටේ තොලේ නොගැවී බොරු කියන්න පුළුවන් කියලා.
බලද්දි මෙයා මටත් එහානෙ!

ඔය අස්සෙ අම්මා හැමෝටම තේ හදාගෙනත් ආවා.
දෙන්නම මේ වෙනකල් අයියට වෙනසක් කලේ නම් නෑ එහෙම.
ඒකත් ලොකු දෙයක්.

"තරූ...
දැන් ආයෙම යන්නෙ නෑ නේද?
අම්මත් එක්ක ඉන්නවා නේද?"

ඔන්න ඒ පාර අම්මත් කතාවට enter වුනා.
මං ආයෙම අයියා දිහා බැලුවා.
අයියා මගේ දිහා බැලුවා.

"Would you like to stay?"

"No!!!"

"Teacher,
තඹරු මේ දවස් ටිකේම හිටියෙ මාත් එක්ක.
එයා මේ පාර exam ලියන්න පාඩම් කරනවා.
ඉතින් පොත් එහෙම ඔක්කොම තියෙන්නෙ එහේ."

"ධ්‍යාන්!
ඉස්සර කරපු මෝඩ වැඩ දැන් අතෑරලා නේද ඉන්නෙ?
තේරුමක් නැතුව ඔය ළමයි දෙන්නගෙම ජීවිත විනාස කරගන්න නම් එපා!

පාඩම් කරනවා නම් පොත් ටික මෙහේ ගෙනල්ලා පාඩම් කරන්න පුළුවන්නෙ!"

ඔන්න ඉතින් පටන් ගත්තා.
මොන මල කරුමයක්ද මේ??

"තරූ..
ආයෙම පිස්සු නටන්න හදන්න නම් එපා පුතා.
ගෙදර ඇවිල්ලා ලස්සනට වැඩ ටික කරගන්න.
ඊට පස්සෙ පුළුවන් අනික් දේවල් ගැනත් බලන්න.
බොරුවට එක එක අසහනකාරයොන්ගෙ ඉත්තො වෙන්න එපා.
අපි පුතාගෙ දෙමව්පියෝ!
දෙමව්පියෝ කවදාවත්ම දරුවොන්ට නරකක් වෙන දෙයක් කරන්නෙ නෑ..."

අම්මගෙ කතාවට මගේ ඇඟේ ලේ ටික සේරම බුබුළු දදා නටන්න පටන්ගත්තා!
ඉස්මුදුනෙන් පටන් ගත්ත අහස් කූරක් වගේ එකක් ඔළුව පලාගෙන උඩට ඇදිලා ගිහින් පුපුරලා ගියා!

"බෑ!!
මට බෑ!!!
මං ඉන්නෙ අයියා ඉන්න තැනක විතරයි.
මොකද එයා තමයි මගේ හැමදේම!

අයියා කිව්වෙ බොරු!
මං හිටියෙ පන්සලක නෙමෙයි.
මං හිටියෙ මුඩුක්කුවක!
මැරයෙක් වෙලා!
කුඩුකාරයෙක් වෙලා!
අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව!
කාණුවක් අස්සෙ බල්ලෙක් වගේ මැරිලා යන්න බලාගෙන!

මෙයා!
මෙන්න මේ දැන් ටිකකට කලින් අම්මා අසහනකාරයා කිව්ව කොල්ලා තමයි මාව හොයාගත්තෙ.
වෙඩි කාගෙන මාව ඒ මැරයොන්ගෙන් බේරගත්තෙ.
බලන්න!
මේ බලන්න මේ පිටේ තියෙන තුවාල පාරවල් ගොඩ!
මේ සේරම මං නිසා.
මාව බේරගන්න කරපු දේවල් නිසා.

ඒ විතරක් නෙමෙයි,
මේ ලෝකෙ කිසිම මිනිහෙකුට අහගෙන ඉන්න බැරි තරමෙ ජරා කතා මගේ කටින්ම අහගෙන මාව කුඩු වලින් සම්පූර්ණයෙන්ම ගලවගත්තෙත් මෙයාම තමයි.
විභාගෙ ලියලා ජීවිතේ ඉස්සරහටම යන්න කියලා මට පාර පෙන්නුවෙත් මෙයාමයි.

ඔයාලා හැම කෙනෙකුටම වඩා හැමදාමත් මට ආදරේ කලේ මගේ අයියම විතරයි.
බැරි වෙලාවත් මං කුඩුකාරයෙක් විදියට ගෙදර ආවා නම් ඔයාලා මාව පිලිගන්නවද?
නෑ!!
ඔයාලා කවදාවත්ම මාව පිලිගන්නෙ නෑ.
එහෙනම් අර එදා වගේම කොහේ හරි ගිහිල්ලා දායි මාව.
එච්චරයිනෙ ඔයාලා දන්නෙ.

ඒත් මගේ ධානු,
මගේ අයියා!
එයා දෙවි කෙනෙක්.
එයා කවදාවත්ම එක වචනෙකින්වත් මාව කඩා වැටෙන්න දුන්නෙ නෑ.
හෙවන ඕනෙ තැනදි මට හෙවන දුන්නා.
එලිය ඕනෙ තැනදි එලිය දුන්නා.
වාරු ඕනෙ තැනදි වාරු දුන්නා.

ඉතින් කවදාවත්ම මගේ හිතේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ.
මගේ ආදරේ වෙනසක් වෙන්නෙත් නෑ.
එයාට කවුරු වුනත් අපහාස කරන එක මං ඉවසගෙන ඉන්නෙත් නෑ.

මොකද මේ තමයි මගේ හැමදේම!!!
තඹරුගෙ ගෙදර, තඹරුගෙ ජීවිතේ, තඹරුගෙ මුළු ලෝකෙම හැමදාමත් ධ්‍යාන්ම විතරයි!!!"

යකෙක් වගේ උගුර ලේ රහ වෙනකල්ම කෑගහපු මං අයියගෙ අතිනුත් ඇදගෙන ගෙදරින් එලියට බැහැලා එන්න පටන් ගත්තා.

................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Seguir leyendo

También te gustarán

56.8K 14.1K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...
6K 604 11
තවමත් නුබ නමින් .. ✨️❤ රශේනයා කිව්වා වගේ මලක් හැබැයි කැලෑ මලක් නෙමේ පින්න මලක් .. - රොන් ... ඒ නපුරු ඇස් ... ආඩම්බරයි , සෙල්ලක්කාර යි ... ඒ නපුරා වග...
18.5K 2.7K 21
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
18.7K 3.5K 25
එන්න මාත් එක්ක මගේ ආදරය හොයාගෙන යන්න.......... මම වන්ග් ඊබෝ........ මගේ mateව මට හොයා ගන්න ඕනෙ මගේ pack එකේ අනාගත lunaව මං ඉක්මනට ගේන්න ඕං මගේ pack...