psycho Surgeon ||Short Story...

By shanu6rj

49 18 1

තමන්ගේ සැපට අනුන්ගේ විපත සොයන කූර මිනිසෙක් ලේ වගුරු වල කිදා බැස සමට පෙම් පදින අමානුෂික ලෙඩෙක් මොහුව සොයා ම... More

හැදින්වීම
Chapter 2
Chapter 3 (END)

Chapter 1

11 4 0
By shanu6rj

"නෝනේ මන් අද Night වැඩ දොරවල් හොදට වහලා නිදා ගන්න හොදද "

"හොදයි ජැක් කෑම ටික ගත්තනෙ පරිස්සමට ගිහින් එන්න "

"ඔව් ගත්තා ඔයත් පරිස්සමට ඉන්න කවුරු හරි තට්ටු කලොත් දොර අරින්න එපා හොදද "

"හොදයි "

"මන් යන්නම් එහෙනම් "

මේ තමයි ජැක් වැලන්ටීනා සහා ඇලිස් වැලන්ටීනා බැදලා අවුරුදු 2ක් වෙනවා හරිම ආදරනීය Couple එකක් අලුත බැදපු දෙන්නෙක් වගේ හැමදාම ආදරෙන් ඉන්නේ දෙන්නා ඉන්නෙ එයාලගෙ මහ ගෙදරින් ගොඩක් දුර තියෙන ගෙයක නැවතිලා අද ජැක් එන්න පරක්කු වෙන නිසයි දොරවල් වහන් ඉන්න කියලා කිව්වේ ඇලිස් දොරවල් ඔක්කොම වහලා tv දාගෙන සාලේ වාඩි වෙලා ඉද්දි දොරට තට්ටු කරන සද්දයක් ආවා

"කවුද මේ වෙලාවෙ කාටවත් එන්න කිව්වෙ නෑනේ කො බලමු "

ඇලිස් ගෙදර දොරේ Cam එකෙන් එලියෙ ඉන්නෙ කවුද කියලා බැලුවා එලියෙ ඉන්නෙ එයාලගෙ අල්ලපු ගෙදර ඩෙෆ්නි දරුවා

"මේ ඩෙෆ්නි නෙ ලමයා විතරද ඇවිත් තියෙන්නෙ "

ඇලිස් එලියෙ ඉන්නෙ ඩෙෆ්නි නිසා ජැක් දොර අරින්න එපා කිව්ව එක අමතක කරලා දොර ඇරියා විතරයි..........

Next Morning

ඊලග දවසෙ උදෙන්ම ජැක් ගෙදර ආවා දොරට තට්ටු කලාට ඇලිස් නම් දොර ඇරියේ නැහැ ඉතින් ජැක් එයා ලග තියෙන් අනිත් යතුර අරන් දොර ඇරලා ඇතුලට ගියා ඔහු දැක්ක දෙයින්නම් එච්චර සතුටු වුනේ නැහැ

" දෙයියනේ මේ මොකද වෙලා තියෙන්නෙ ඇලිස්! ඇලිස් ! "

ජැක් ඇලිස්ගෙ නම කියාගෙන මුලු ගෙදරම සෝදිසි කලත් ඇලිස්ව නෙවෙ හම්බුනේ

"මේ කෙල්ල කොහේ ගිහින්ද ඇයි මේ ගේ හැඩි වෙලා මන් කොහොමද ඒක දැනගන්නෙ ඔහොම ඉන්න කැම් එක "

ජැක් දුවලා ගිහින් දොරේ කැම් එක බලද්දි ඒකේ වයර් ඔක්කොම පිහියකින් කපලා දාලා කියලා දැක්කා

"ශිට් මේ මොකද පොලිස්සියට කෝල් කරමු "

ඔහු විගස පොලිස්සියට කෝල් කර දැනුම් දී ඇලිස් ගියා කියලා හිතෙන තැන් වලටත් කෝල් කරලා විමසුවා

"අනේ ඇලිස් ඔයා කොහෙද හොදින් නේද කිසි කරදරයක් නම් වෙන්න එපා "

පොලිස්සිය ගෙදර එනකොටත් ජැක් හොදටම බය වෙලා හිටියේ

"ම් ජැක් මහත්තයො ඔයාලගෙ නිවසෙ ඉදන් වෙන තැන් වලට කැමරා තියෙනවද "

"අ මේ පාරෙන් යනකොට කොනේම ගෙදර තියෙනවා සර්"

"අපි ගෙවල් වල කඩ වල CCTV ටික චෙක් කරලා එන්නම් කිසියම් හෝඩුවාවක් තිබ්බොත් "

"හරි සර් මාත් එන්නම් මටත් දැනගන්න ඕනේ "

"නෝනගෙ පිංතූරයක් දෙන්න අනිත් පොලිස් ස්තාන වලට යවන්න "

ජැක් ඇලිස්ගෙ photo එකක් පොලිස් නිලදාරියට දුන්නා

"ඔහොම ඉන්න මේ ඇලිස් වැලන්ටීනා නේද Famous Model "

"ඔව් සර්"

" මේ වගේ ජනප්‍රිය කෙනෙක් එකපාර අතුරු දහන් වුන එක පුදුන වෙන්න දෙයක් නෙවේ අපි මේක ගැන බලන්නම් ඉක්මනට "

"බොහොම ස්තූතියි සර් "

පොලිස්සිය එම නිවසින් පිටව ගියා ඔවුන් පිටව ගොස් දවස් 4ක් යනකම් ඇලිස් ගැන කිසිම හෝඩුවාවක් හම්බෙලා නැහැ ජැක් හොදටම බය වෙලා ඉන්නේ ඔහු පොලිස්සියට ගොස් කෑ ගහලා පිස්සුවකුත් නටල ඇවිත් ගෙදරට වෙලා තනියෙන් ඉන්නෙ ඇලිස් හොදින් ඇති කියලා හිත හිත

"අනේ ඇලිස් ඔයා කෝ "

අනිත් පැත්තෙ

අවුරුදු 20 වගේ වයසක් ඇති තරුන ගුරුතුමියක් පාරෙ දිගේ යනවිට ඇයගෙ පසුපසින් මාස්ක් එකක් දාගත් පුද්ගලයෙක් පැමින ඇයව සිහිසුන් කර වෑන් එකකට දමාගෙන පැහැරගෙන ගියා ඒ මොහොතට පසුව පැය 4කින් වාගෙ එම විස්තරය News වලට පවා ගියේ එම පාරෙම මේ වයස් වල තරුනියන් දිගින් දිගටම අතුරුදහන් වෙන එක ගැන විමර්ශනය කිරීමට පොලිස්සිය දැඩි සේ බලපාවමින්

🙎‍♀️ මෙන්න දැන් ලැබුනු පුවතක් මීට පැය 4ක කලින් නැවතත් අප මේ දවස් ටිකේම දැනුම් දුන් මාර්ග සීමාවේ තරුණියකගේ අතුරුදහන් වීමක් සිදුවී ඇත මේ පිලිබදව අපේ නාලීකාවෙන් දැනුම් දුන්නද පොලිස්සිය මේ ගැන බරපතලව සලකා නොබලපු නිසා නැවතත් තරුනියක් අතුරුදහන් විය මෙ වැනි අවුරුදු 20 සහ 29 අතර තරුනියන් එම මාර්ගයේ දිගින් දිගටම අතුරුදහන් වන්නෙ ඇයි දැයි ඉක්මනට විමර්ශනය කර බලන මෙන් මාද්‍ය සහ ජනතාව ඉල්ලා සිටිමි මීට ×××××÷× චැනල් එක

Tv එකේ ගිය මේ News එකත් සමගම ජැක් ගෙ බය වැඩි වුනේ පොලිස්සිය මේ ගැන හොයන්නැත්තෙ ඔවුනුත් මේ වැඩ වලට සම්බන්දද ඔහුගේ ඇලිස්ට කුමක් හෝ සිදුවී ඇත්ද යන සිතුවිල්ලෙන්

"මේ පොලිස්කාරයො කරන මගුලක් නැ මන්වත් හොයන් යන්න ඕනේ ඇලිස්ව මොකක්ද අර කිව්ව පාර ×××× නේද අ ඔව් ඔව් මට මතක විදිහට ඒකමයි මන් ගිහින් බලන්න ඕනේ "

ජැක් ඉක්මනට tv off කර ඔහුගෙ කෝට් එකයි කැප් එකයි මාස්ක් එකයි අරන් දොරවල් වහලා පිටව ගියේ කෙසේ හෝ ඇලිස් ගැන කුඩා හෝ දෙයක් සොයා ගැනීමටය

ජැක් මෙසේ කෙලින්ම ගියේ ඔහුයි ඇලිසුයි විතරක් දන්න ඇලිස් යන දිහාවකට හැබැයි ඔහුව පුදුම කරමින් එතන පැත්තකින් අවුරුදු 60 ක් 65 ක් අතර සිටින සල්ලිකාර Couple එකක් සුටියා ඔහු ඔවුන්ව මග හැර යෑමට සිතුවක් එම ගැහැනියගේ මූණ දැක ඔහු විගස ඇය දිහා බැලුවෙ හරියට ඔහු කුමක් හෝ මිරිගුවකට රැවටුනාද යන්න විශ්වාස කරමින්

ජැක් Pov

මේ ගැහැනු කෙනාගෙ මූණ ඇලිස් වගේනේ කවුද මේ අහමුද මෙයාලගෙන් ගැහැනු කෙනානම් හරියට Surgery එකක් කරලා වගේ කැපුම් පාර තාම රෙදි කැබලි ටිකක් මූණේ මොනා වුනත් මට ඒක දැනගන්න ඕනේ මොකද මේ වයසක මැලෑනි වෙච්ච ගැහැනු කෙනාට මෙච්චර නවීන නැවුම් මූණක් කොහොමද ගත්තෙ කියලා

" Excuse Me Sir and Mam මට ටිකක් කතා කරන්න පුලුවන්ද "

"ඔව් කියන්න "

" මෑම් ඔයාගෙ නම මොකක්ද "

"ඇයි අහන්නෙ "

"කියන්නකො "

"තමුන්ට මොකද "

Couple එක එතනින් යන්න හදද්දි ජැක් ඒ ගැහැනු කෙනාගෙ අතයි බෑග් එකයි අල්ල ගත්තා එතන හිටිය ඔහුගේ සැමියා ජැක්ව තල්ලු කරලා දැන්මා

"උබ කොහොමද මගෙ වයිෆ් ව අල්ලන්නෙ අ"

"ඇයි මෙයාට නම කියන්න බැරි ඇයි මෙයාගෙ මගෙ වයිෆ් වගේ ඉන්නේ තමුන්ලා මොනා හරි එයාට කලාද ආ "

"උබට පිස්සුද ආ මේ මගෙ වයිෆ් අපි අවුරුදු 20ක් එකට හිටියෙ උබේ වයිෆ් වගේ වෙන්නෙ කොහොමද මේ මූණමයි මෙයාට ඉස්සර ඉදන් තිබ්බෙ මගෙ වෆිෆ්ට අවුරුදු 60යි මන් හිතන්නැ මේ ඉලන්දාරියා වයසක කෙනෙක්ට කැමති වෙයි කියලා "

වයසක කෙනා බයෙනුයි Hint එකක් ගැහුවා වගෙත් ජැක්ට කින්ඩියට එක එක දේවක් කියන්න ගත්තා ඒත් ජැක් ප්‍රශ්න අහන එක නැවැත්තුවෙ නැ

"වෙන්න බැ මෙයා අවුරුදු 60 ක් නම් ඇයි පෙනුම 23ක් වගේ තියෙන්නෙ"

"ඒක එයාගෙ ස්භහවය අනික මොකටද අපි ඒවා තමුන්ට කියන්නෙ ඔයාට වැඩක් නැහැනෙ ඉලන්දාරියා මෙතනින් යන්න "

"කියන්න මන් පොලිස්සියට කියන්න කලින් ඔයාගෙ වයිෆ් ගෙ පෙනුම හරියටම මගෙ අතුරුදහන් වුන වයිෆ් වගේ ඒ කොහොමද මට දැනගන්න ඕනෙ ඔයාලගෙ පරණ photo තියෙනවනම් මට පෙන්නන්න මෙයත් මග්‍ර් වයිෆ්ගෙ පෙනුමමනම් මන් මුකුත් කියන්නැහැ"

ජැක් දිගින් දිගටම කියවන්න ගත්ත නිසා වයසක මිනිහා ජැක්ව තල්ලු කලා ජැක් ගෑනු කෙනාගෙ බෑග් එක අල්ලන් හිටිය නිසා එයා වැටුන ගමන් බෑග් එකේ තියෙන සෙරම දේවල් වැටුනා වයසක ඩබල ඉක්මනට දුවලා ගියා

ජැක් නැගිටලා බෑග් එකේ තිබ්බ ඒවා හොයලා බලද්දි පුදුම හිතෙන දෙයක් දැක්කා ඒ තමයි ඇලිස්ගෙ photos එයාගෙ Id එක පොඩිකාලෙ photos දැන් ගහපුවා ලේ වර්ග සේරම දේවල් තියෙන ෆයිල් එකක්

"ඇලිස්ගෙ ඒවා මොකටද මෙයාලා තියන් ඉන්නේ මොනා හරි කරදරයක්වත් කරන්නද "

ජැක් ඒ ගැන සැක කරලා ඒ ගෑනු කෙනාගෙ බෑග් එකෙන් වැටිච්ච ඒවා අහුල අහුල ඉද්දි එක කාඩ් එකක් දැක්කා

"මොකක්ද මේ අ Surgery For Elders යකො කොහේ එකක්ද මේ Address එක තියෙනවනෙ ගිහින් බලන්න ඕනේ ඇලිස් ගැන තොරතුරක් ලැබෙයිනේ"

ජැක් ඒ තැනට යන්න තියා හිතන්නවත් බැහැ මොකද ඒක සාමාන්‍යෙන් ලොකු කම්පැනි එකක් අනික පාලු පාරක තියෙන්නෙ  Security ගොඩක් ඉන්නවා මොකද එතනට එන්නෙ ලොකු ලොක්කො සල්ලිකාරයො හැබැයි සේරම 60 පැනපු අය

"මේ වගේ තැනක මොකට මෙහෙම මිනිස්සු එනවද මන්දා ඇයි අප්පා ගෙදර ඉදන් අන්තිම කාලෙ සතුටෙන් ඉන්නැතුව ඉන්ජක්ශන් ගහ ගන්න එන්නේ "

ජැක් තනියෙන් කියව කියව හොරෙන් ඒ ආයතනේට යන්න උත්සහ කලත් ඔහුට යෑමට හැකි වුනේ නැහැ ජැක්ට මහන්සි වගේ දැනුන නිසා ඔහු එතනින් මදක් ඈත තියෙන කඩේකට ගොස් ආහාර ගැනීමට සූදානම් වෙද්දි නොසිතූ ලෙස දෙදෙනෙක් අතර වෙන සාකච්චාවක් ඔහුට ඇහෙන්න ගත්තා

"අඩො බන් අදත් කෙල්ලෙක් සෙට් වුනා පට්ට කෑල්ල ඒකිගෙ Skin එකනම් අර BisnnesMan ගෙ Wife ට හොදටම ගැලපෙනවා "

"එහෙනම් උබට Doctor සලකයි "

"ම්....හොදට කන්න පුලුවන් "

ජැක් pov

මොකක්ද ඒකේ තේරුම Skin එක Bisnnes man , Doctor මට මේක ගැන හොයා ගන්න වෙනවා මගෙ ඇලිසුත් මේ අතරෙ ඉන්නවද දන්නෙ නැහැනෙ හැබැයි මුන් මගෙ ඇලිස්ට මොනා හරි කරලා තියෙනවනම් මුන්ව මරනවා

ජැක් තනියෙන් කතා කර කර ඉද්දි ඔහු ඉදිරියෙන් සාකච්චාවෙ හිටිය තරුනයො දෙන්නා නැගිටලා ගියා ජැක් ඉක්මනට ඔවුන්ගෙ පිටුපස ගියේ කඩේ එයාට කෑම ගෙන්න ගිය Waiter ගෙ බැනුමුත් එක්ක

"යකො මේ මිනිහා කෑම ඉල්ලලා සල්ලි නොදී ගියා පෝසත් මිනිස්සු ඔහොම්මයි"

Waiter එසේ කිය කිය ඉදලා ජැක් හිටිය මේසෙ අස් කරද්දි එතන මුදල් තියයා තිබෙන බව දැක හිනාවක් දමා අතක ගත්තා

"හැම පෝසත් කෙනෙක්ම එහෙම නැහැ"

ඔහු පිටව ගියා අනිත් පැත්තෙන් ජැක් හෙමින් සැරේ ඔවුන්ගේ පිටුපස් ගියේ කෙසේ හෝ ඇත්ත දැනගන්න





කොහොමද පලවෙනි එක කොටස් 3යි තියෙන්නේ ආසවෙයි කියලා හිතනො Like , Comments , Share කරන්න🌝❤

Author Shanu

Continue Reading

You'll Also Like

150K 27.3K 102
English Name After the little crybaby enters the nightmare cycle Author(s) 菊长大人 Status in COO 127 chapters Associated Names Sau Khi Túi Khóc Nhỏ Tiế...
130K 10.5K 33
က်ိန္စာဆိုးမ်ားႏွင့္ျပည့္ႏွက္ေနေသာ ေၾကာက္မက္ဖြယ္ဝိညာဥ္ဆိုးမ်ားျဖင့္ ဆာေလာင္မြတ္သိပ္ေနေသာ "ျမနန္းစံေတာ္" အတိတ္ဘဝရန္ၿငိဳးေတြႏွင့္.. အမုန္းတရားေတြျပည့္...
562K 90.2K 186
Title : Modu/Slient Reading Author: Priest MC: Luo Wenzhou × Feidu myanmar translation Chapters 180+5 extras
32.9K 6.6K 58
"Do you think betrayal never gonna pay back?" Come on let's go and seek it! One line ⬇️ It's a crime thriller love story. All based on 2 best frien...