Mr. Cigarette & His Little Li...

By Jeon_aaru

2.7K 327 77

"ඔයා කියන්නෙ මම හාවෙක් වගේ කියලද මිස්ටර් සිගී? 😓" " පළවෙනි එක, ඔව් තමුසෙ හාවෙක් වගේ නෙවෙයි , තනිකරම හාවෙක්... More

|01|🌷
|02|🌷
|03|🌷
|04|🌷
|05|🌷
|06|🌷
|08| 🌷
|09| 🌷

|07|🌷

257 37 9
By Jeon_aaru

"Hey Lilly"

කාලා ඉවර වෙලා කාමරේට ඇවිත් ඇඳට පැනලා මම  ඉන්ස්ට එක පැත්තේ ගියේ මට ආපු මැසේජ් එක මොකක්ද බලන්න. ඉතින් ඔන්න ඔය ලබ්බෙ මැසේජ් එක තමයි ඇවිත් තිබුනේ. user name එක k_taeeeee ඔන්න ඔහොම මොකක්ද මඟුලක්. කියෝ ගන්නත් බෑ. හැබැයි පොර මගෙ ෆ්ලෝවින්ග් ලිස්ට් එකෙයි ෆ්ලෝවර් ලිස්ට් එකෙයි දෙකේම ඉන්නවා. කවදා ආවද කොහෙන් ආවද දන්නෑ ඉතින් කෝමත් මම එන එන එක ගන්නවනෙ. එන එන එක කිව්වෙ රික්වෙස්ට් හරිත 😾

ඔය ඔක්කොම පැත්තකින් තියමුකො. මොකාද මේ ලිලී ? මම කෙල්ලෙක් උනා නම් ඔන්න කමක් නෑ ලිලී කියලා ආදරේට කියනවා කියලා හිතන්න බැරියෑ. යකෝ මම කොල්ලෙක්නෙ. සමහර විට මේක දාපු ඩයල් එකට මිස්ටේක් එකක් වෙලාත දන්නෑනෙ. අනික මේකා පෝස්ට් එකක්වත් දාලා නෑ. ප්‍රොෆයිල් පික් එකෙත් තියෙන්නෙ කළු පාට මූණවහ ගත්ත බයික් කාරයෙක්ගෙ ෆොටෝ එකක්. ඉතින් මම ඒක සීන් කරල විතරක් නිකන් හිටියා. ඔච්චර එකේ මිස්ට සිගියා මගෙ මැසේජස් සීන් කරලවත් නෑනෙ ඩෙයියනේ  😒

***
"මිස්ට සිගීඊඊඊ.. ඔයා කෑවද අහ්?"

ඇවිදගන්න පුළුවන් තරම් තුවාල හොඳ උන පළවෙනි දවසෙම යුනි එකට ඇවිත් උදේ පාන්දර කැෆටේරියා එක වන්දනා කරන්න ගියාම මම දැක්කේ කෙලවරේම ටේබල් එකක ඉඳන් ෆෝන් එක අස්සෙ කිමිදිලා ඉන්න මිස්ට සිගීව. ඉතින් ඒ හින්දම කෑමයි මා එක්ක ආව හිඹුටු ගෙඩියවයි දෙකම දාලා මම එක පිම්මේ දිව්වෙ එයා ගාවට.. මගෙ සද්දෙ කොච්චර අඩුද කියනවා නම් මිස්ට සිගී ශොක් වෙච්ච පාර එයාගෙ ෆෝන් එකත් තව පොඩ්ඩෙන් උඩින් යනවා බායි කියාගෙන.. ඒ මදිවට කැෆටේරියා එක අස්සටම වගේ අතු ඇවිත් තියෙන නමක් නොදන්න තඩිගහේ හිටිය කුරුලු ජෝඩුවකුත් මට කුණුහබ්බ දෙකක් කියාගෙන ඉගිලිලා යනවා මං දැක්කා😗

"ආයිශ් ජියෝන් ජන්කුක් !! ආ යූ ක්‍රේසි ? කෑ ගහන්නෙ මොකද ඔච්චර අහ්? මල වදයක් උනානෙ උදේ පාන්දර.."

මම ආසාවෙන් එයා ගාවට දුවන් ආවට මම ආව එකට එයා නම් ආස නැද්ද කොහෙද.. ඉස්සර නම් මං එයාට වද දුන්නට එයා වචනයක්වත් කිව්වෙ නෑ . ඒත් මේ ළඟකදි ඉඳන්... හිත රිදෙන වචන ගොඩයි.. ඒත් මම ඒ හැඟීම් එකක්වත් මූණෙන් පෙන්නන්නෙ නැතුව මං ළඟ තියෙන ලොකුම හිනාව එයාට දීලා හිතින් විතරක් ඇඬුවා.. ඇත්තටම මං ගැන පොඩිවත් ආදරයක් දැනෙන්නෙ නැද්ද මිස්ට සිගී..?

"හයියෝ අනේ.. උදේ පාන්දර මාව දැක්කම වෙන අය නම් කියන්නෙ දවසම සුභයි කියලා.. ඔයා තමා ඔන්න වදයක් කිව්ව මුල්ම කෙනා.. ඒකෙත් අමුතු එකක් තියෙනවා ඒයි.."

එහෙම කියලා මම එයා බිබී හිටපු ස්ට්‍රෝබෙරි ස්මූති එක අරන් බොන්න ගත්තා. මිස්ට සිගී මං දිහා වට්ද පක් බැල්මකින් බලන් හිටියට කවුද අනේ ඕවා ගනන් ගන්නෙ...

"හපෝ කෙහෙල් කිරි එකේ තියෙන ගතිය මේකෙ නෑනෙ අනේ "

උගුරක් බීලා රස සෙට් වෙච්ච නැති හින්දා මම ස්මූති එක ආයෙම මිස්ට සිගී දිහාවට තල්ලු කරා. හැබැයි වුනේ මම හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක්. ස්මූති ග්ලාස් එක එහෙමම බිමටම තල්ලු කරපු මිස්ට සිගී මේසෙටත් සද්දෙන් ගහල ඉඳන් හිටිය තැනින් නැගිට්ටෙ මුළු කැෆටේරියා එකේම අවධානෙ අපිට අරන් දීලා.. එකපාරටම වුන දේට බය හිතුන නිසාම මාවත් ඉබේම නැගිට්ට වුනේ ජිමිනත් මා ගාවට දුවන් එනවා ඇහේ කොනට පෙනෙද්දි..

*චටාස්..*

දෙයියනේ... එයා... එයා මට ගැහුවා.. මිස්ට සිගී !! ඇයි.. ඇයි එහෙම...

වෙච්ච දේ හින්දා මම කොච්චර ශොක් වුනාද කියනවා නම් පුංචි සද්දයක්වත් නැති කැෆටේරියා එකේ එයා ගහපු පාරේ සැරට මාව බිම වැටුණු විදියටම හිටියා..

"දෙයියනේ කුකීඊඊ..."

ජිමිනත් දැන්ද කොහෙද සිහියට ඇවිත් තියෙන්නෙ..

"අනේ නැගිටපන් බං... උඹේ අතත් කැපිලා.. 🥺"

මටත් කලින් මේකා අඬන්න පටන් අරන්.. ඌ කියද්දී දැක්කේ මම වැටිලා තියෙන්නෙ එයා බිඳපු වීදුරුවෙ කටුගොඩ උඩට කියලා..

"තමුසෙට මම ආයෙ මෙහෙම නෙවෙයි කියන්නෙ ජියෝන් ජන්කුක්!! කරුණාකරලා මගෙන් ඈත් වෙලා ඉන්නවා.."

මට ඇඟිල්ලකුත් දික් කරන ගමන් තර්ජනය කරලා මිස්ට සිගී එළියට යද්දි කොයි වෙලාවෙ ආවද කියලා දන්නෙ නැති ශොක් වෙලා වගේ අපි දිහා බලන් හිටිය යුන්ගි හ්‍යුන්ග් එයාගෙ පස්සෙන් ගියේ ජෝශු හ්‍යුන්ග් මා ගාවට දුවල එනකොට.. ජිමිනා නම් අඬ අඬ මාව නැගිට්ටවනවා.. හැබැයි පුංචි සීරීමක් උනත් බෙරිහන් දීලා අඬන මම තාමත් එයා ගිය දිහා බලන් ඉන්නවා..

***

"දුකයි නම් අඬපන් බං.. ඔහොම ඉන්නෙ නැතුව.."

කීවෙනි පාරටද කියලා නොදන්නවා උනාට ජිමිනා ඔය වාක්‍ය කියන හැමවෙලාවකම ඇස්වල කඳුළු පුරවගන්නවා මටත් එක්කම.. අනේ මගෙ හිඹුටු ගෙඩිය.. උඹ විතරයි බං මට ආදරේ..

අපි හිටියේ බිච් එකේ.. උදේ වෙච්ච දේ හින්දා ලෙක්චස් ඉන්න බෑ කියලා නහයෙන් අඬුවෙත් මූ.. ඒ කරලා මාවත් ඇදන් බීච් ආව පාර මේ.. මෙච්චර වෙලා ඉවසගෙන හිටියට මම හිටියේ ඇතුලෙන් පිච්චි පිච්චි.. කුකී බබා දඟ ළමයෙක් තමයි.. හැමවෙලාවෙම හිනාවෙලා කුකීගෙ පපා වගේම හැමෝටම විටමින් එකක් වෙලා ඉන්නත් ආසයි තමයි.. ඒත් කුකී බබාටත් දුක හිතෙනවනෙ 🥺 ඇයි මිස්ට සිගී මට ආදරේ නැත්තේ? මම කොල්ලෙක් නිසාද.. නැත්නම් මම ලස්සන මදිද...

"අනේ මිනී...🥺"

අන්තිමට මම ජිමිනා කිව්වා වගේම ඇඬුවා.. ඌව පුළුවන් තරම් තදට බදාගෙන කෑගහල ඇඬුවා.. ඌ කරේ වචනයක්වත් නොකියා මාව තුරුල් කරන් ඔළුව අතගාපු එක විතරයි 💜

***

"Lilly ඔහොම අඬන්න එපා.. ඔය මූණට ගැලපෙන්නෙ හිනාව මිසක් කඳුළු නෙවෙයි"

අඬල අඬල හෙම්බිරිස්සාවත් හදාගෙන මම ගෙදර එද්දී හතරත් පහු වෙලා.. ආව ගමන් නාලා කාලා මම ඇඳට ආවෙ සේරම අමතක කරලා ඩ්‍රාමා එකක් බලන්න කියලා හිතාගෙන.. දවසටම කෑවෙ රෑ තමා.. ඕක ස්කිප් කරොත් ගෙදර ඉඳලත් ඉවරයි හේතු අහ අහ.. අපේ ගෙදර මිනිස්සුන්ට ලෝක පුදුමයක් තමා මම නොකා නොබී ඉන්නවා කියන්නෙ.. ඊටත් කෑවෙ නෑ කියලා ප්‍රශ්න විසඳෙන්නෙ නෑනෙ. ඒක පොඩි කනේ පාරක්. කම්මුල පොඩ්ඩක් ඉදිමිලා අල්ල තුවාල වුන එක වෙනම කතාවක්. වෙලාවට හැමදාම ආබාධ එක්ක ගෙදර එන නිසා නිවැසියන්ට අරුමයක් නෙවෙයි මේවා.. නැත්නම් ඉඳලා ඉවරයි..

කෝමහරි ලැප් එකත් ඔන් කරන් ඇඳට ආවා විතරයි ඉන්ස්ට නොටිෆි එකක් ආවෙ අර කලින් මැසේජ් එකක් ආව හාදයගෙන්. තිබුණ මැසේජ් එක දැක්කම මාව කන්ෆියුස් උන්ගා බුන්ගා වුනා. මම ඇඬුවා කියලා දන්න කෙනෙක් ? ඒ කියන්නෙ අනිවාර්යයෙන් කැම්පස් එකේ කෙනෙක් වෙන්න ඕනෙ.. නැත්නම් මං ගැන ඔත්තු බලන කෙනෙක්වත්ද ? යාහ් ජියෝන් ජන්කුක් ඔහේ සෙලිබ්‍රෙටි ෆැමිලි එකක උනාට ඔයා සෙලිබ්‍රෙටි කෙනෙක් නෙවෙයිනෙ.. 🥲 මිනිස්සුන්ට වෙන වැඩ නැතුවට ඔහේගෙ පස්සෙන් එන්නයෑ 😒

"Who is this.?"

රිප්ලයි නොකරම බැරි මැසේජ් එකක් නිසා මම ඒකට රිප්ලයි කරා..

"Your destiny.."

ආපිට ආවෙ එහෙම මැසේජ් එකක්.. මගෙ දෛවය ? මගෙ දෛවය ලිව්ව එකාම කෝමත් මම හොය හොය හිටියේ.. පම්කයා.. ඕකා තමා මාව කෑවෙ.. එක අතකට මේකා කිව්වෙ මූ මගේ දෛවය කියලා මිසක් දෛවය ලිව්ව එකා කියලා නෙමෙයිනෙ..

"Really ? Then Bye.. Because I hate my destiny 🙌"

රිප්ලයි එක දාපු ගමන් ෆෝන් එකත් ඕෆ් කරල ලැප් එකත් ඕෆ් කරල ඇඳේ ඇලවෙලා මම ඔළුවෙ ඉඳන් පොරවගත්තේ හිත යට හැංඟිලා තිබුන දුක කඳුළු වෙලා ආයෙමත් එළියට එද්දි... ජිමිනා අද මා එක්ක ඉන්න එන්නම් කිව්වම එළවන්නෙ නැතුව ඉන්න තිබුනේ. එහෙනම් ඌ මට ආයෙ අඬන්න දෙන්නෙ නෑ 🥺

***

"කුකී පැටියෝ.. හිත රිද්දගන්නෙ නැත්නම් දෙයක් කියන්නද.."

අද කැෆටේරියා එකටවත් නොයා මම කෙලින්ම ලෙක්ච හෝල් එකට ආවෙ ඊයෙ දවසෙම අඬලා තෑගි විදියට හම්බ උන ඔළුවෙ කැක්කුමත් අරගෙන.. ඉතින් සුපුරුදු විදියට අන්තිම පේලියෙන් වාඩිවෙලා මේසෙන් ඔළුව තියන් ජිමිනා එනකන් බලන් ඉද්දි ඊට කලින් මාව හොයන් ආවෙ ජෝශු හ්‍යුන්ග්.. හිත රිද්ද ගන්න එපා කියන්නෙ අනිවාර්යයෙන් මට රිදෙන දෙයක් තමයි එතකොට එයා කියන්න හදන්නේ. කෝකත් එකයි දැන් මට..

"ඕන දෙයක් කියන්න ජෝශු හ්‍යුන්ග්..මට ප්‍රශ්නයක් නෑ.."

මම හිනාවෙලා එහෙම කිව්වම හ්‍යුන්ග් කරේ බර හුස්මක් අතඇරල මගෙ ඔළුව අතගාපු එක..

" පැටියෝ.. ටේව අමතක කරන්න රත්තරන්.."

"හ..හ්‍යුන්ග්.. ඒක.. ඒක කරන්න බෑ.."

ඒ ඩිංගට මගෙ ඇස්වලට කඳුළු උනලා.. ජරා ලුණුරස වතුර බිංදු.. එළියට එන්නමයි බලන් ඉන්නෙ..

"එහෙම කියලා බෑ කුකී.. ඔයා නොදන්නවා වුනාට............. ටේ එන්ගේජ් වෙලා ඉන්නෙ.."

නවත්ත නවත්ත වුනත් ජෝශු හ්‍යුන්ග් කිව්ව දේට මම පුදුම උනේ නෑ.. මොකද මම ඒක දැනන් හිටියා.. නෑ ඇත්තටම එයාම ඒක මට කිව්වා.. මුලින්ම මම එයා මගෙ ක්‍රශ් එක කිව්ව දවසෙ.. එයා මට කිව්වා මේ ගැන.. ඉතින් දැන දැනමයි මං ආදරේ කරන්න ගත්තේ.. කොහොමද මම අමතක කරන්නෙ එතකොට..

"මම ඒක දන්නවා ජෝශු හ්‍යුන්ග්.. එයාව අමතක කරන්න තරම් හේතුවක් නෙවෙයි ඒක මට.."

මම හිනාවෙලා ජෝශු හ්‍යුන්ග්ට එහෙම කිව්වම හ්‍යුන්ග් කරේ මුකුත්ම නොකියා මාව හග් කරපු එක...

***

To be continued 🌷💕

***

#ආරු 🦋

***

Continue Reading

You'll Also Like

1.8M 127K 45
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
4.1M 170K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
2.8M 162K 50
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
10.8K 1.7K 16
🐯 " තවුසේ කොහෙන්ද මේ කොල්ලව ගෙනාවේ ජියෝන්.. 😫" 🐰" මන් ආවේ ඔම්මගේ බඩින් තවුසේ වගේම 😌😏.." 🐯" ආශ්ශ්....😫" | Taekook| Tae Top kook Bottom Funny...