අපූර්ව ✔️

By TaraNemeth9

95.6K 16.7K 2.9K

මියැදුණු සෙනෙහසක නැවත පුනරාගමනය.....🌼 More

හැදින්වීම...🌻
පළමු දිගහැරුම ❄️
දෙවනි දිගහැරුම ❄️
තුන්වෙනි දිගහැරුම ❄️
හතරවෙනි දිගහැරුම ❄️
පස්වෙනි දිගහැරුම ❄️
හයවෙනි දිගහැරුම
හත්වෙනි දිගහැරුම ❄️
අටවෙනි දිගහැරුම ❄️
නවවෙනි දිගහැරුම ❄️
දහවෙනි දිගහැරුම ❄️
එකොලොස් වෙනි දිගහැරුම ❄️
දොළොස් වෙනි දිගහැරුම ❄️
දහතුන් වෙනි දිගහැරුම ❄️
දාහතරවෙනි දිගහැරුම ❄️
පහළොස් වන දිගහැරුම ❄️
දාසය වෙනි දිගහැරුම ❄️
දා හත්වෙනි දිගහැරුම ❄️
දහ අටවෙනි දිගහැරුම ❄️
දහ නවවෙනි දිගහැරුම ❄️
විසිවෙනි දිගහැරුම ❄️
විසි එක්වෙනි දිගහැරුම ❄️
විසි දෙවෙනි දිගහැරුම ❄️
විසි තුන්වෙනි දිගහැරුම ❄️
විසි හතරවෙනි දිගහැරුම ❄️
විසි පස්වෙනි දිගහැරුම ❄️
විසි හයවෙනි දිගහැරුම ❄️
විසි හත්වෙනි දිගහැරුම ❄️
විසි අටවෙනි දිගහැරුම ❄️
විසි නවවෙනි දිගහැරුම ❄️
තිස්වෙනි දිගහැරුම ❄️
තිස් එක්වෙනි දිගහැරුම ❄️
තිස් දෙවෙනි දිගහැරුම ❄️
තිස් තුන්වෙනි දිගහැරුම ❄️
තිස් හතරවෙනි දිගහැරුම ❄️
තිස් පස්වෙනි දිගහැරුම ❄️
තිස් හයවෙනි දිගහැරුම ❄️
තිස් හත්වෙනි දිගහැරුම ❄️
තිස් අටවෙනි දිගහැරුම ❄️
තිස් නවවෙනි දිගහැරුම ❄️
හතලිස් වෙනි දිගහැරුම ❄️
හතලිස් එක්වෙනි දිගහැරුම ❄️
හතලිස් දෙවනි දිගහැරුම ❄️
හතලිස් තුන්වෙනි දිගහැරුම ❄️
හතලිස් හතරවෙනි දිගහැරුම ❄️
හතලිස් පස්වෙනි දිගහැරුම ❄️
හතලිස් හත්වෙනි දිගහැරුම ❄️
හතලිස් අටවෙනි දිගහැරුම
49. special chapter ( අනාගතෙන් එක දවසක්)

හතලිස් හයවෙනි දිගහැරුම ❄️

1.6K 311 44
By TaraNemeth9

භාතිය එයා පිටිපස්සෙන් ඇවිදගෙන ආපු උස රූප තුනට පාර පෙන්නන ගමන්ම ඒදණ්ඩට කකුල තියලා සීරුවට ඇවිදගෙන යන්න පටන් ගත්තා...

"පරිස්සමෙන් එන්න... ලිස්සනවා හොදේ.....වැටුණොත් ඉතිං ඇළේ තමා
..."

භාතියගෙ හිත කලින්ට වඩා සන්සුන් වෙලා... මෙච්චර දවස් ගෙදරට වෙලා හිටියත් එයාගෙ හිත තිබුණේ එයා කවදාවත් ආයෙ යන්නෙ නෑ කියලා හිතාගෙන ආව තැන නතර වෙලා...

නොසෑහෙන්න රිදිලා රිදිලම පදම් වුණු හිත ආයෙත් පාරගන්න උවමනාවක් නැති නිසාම භාතිය ආයෙත් ෆැක්ටරියෙ වැඩට නොයා අම්මා එක්ක පේෂ කර්මාන්ත ශාලාවේ වැඩට ගියේ සල්ලි හොයන්න ඕනවටත් වඩා  දවසම වැඩ කරලා කාර්යබහුල වෙලා හැමදේම අමතක කරන්න ඕනකමට.....

ශාධිත්‍ය මහත්තයයි වතිල මහත්තයයි එක්ක එයාගෙ හීන වල අයිතිකාරයා ආපහු ආව එක ගැන භාතියට සතුටුයි...

ඒත් එකපාර සමාව නං දෙන්නෙ නෑ...
බෙලෙක් කටා මගෙන් තමා පාඩමක් ඉගෙන ගන්නෙ....
ඔහොම යංකො... ඔක්කොම ඉවසන්න පුලුවන්... ඒ ජරා කට තමා ඉවසන්න බැරි....
ඒත් ඉතිං හිත ගිය තැන මාළිගාවලුනෙ...භාතියට නෙහාන්ගෙන් එහා කෙනෙක්ව දකින්න බැරිතරමට එයාට හිතෙන් බැදිලා...

හිතේ ප්‍රශ්න මහ ගොඩක් තියෙනවා...
භාතිය ගැන හැමදේම දැනගත්තොත් නෙහාන් එයාව අප්‍රිය කරාවිද?? නැත්තං අනුකම්පා කරාවිද??

දැනට භාතිය එයාගෙ හිත අස්සෙ තිබ්බ ඔක්කොම ප්‍රශ්න ටික අමතක කරලා කට්ටියව නාන්න එක්කන් ගියේ එයාලගෙ ගම අයිනෙ තියෙන දිය ඇල්ලකට....

ඒ දිය ඇල්ලට කියන්නෙ බෝබුරු ඇල්ල කියලා... ඇළ පාර දිගේ දිගටම ගිහාම බෝබුරු ඇල්ලෙ සද්දෙ ඇහෙන්න ගන්නවා...

"සුදු අයියෙ පරිස්සමෙන්.... මං අල්ලන් ඉන්නෙ.. හෙමීට යං... "

ශාධිත්‍ය මහත්තයා කියනවා භාතියට ඇහෙනවා...

"මම බබෙක් නෙවේ ඕයි... යං යං.. මාව වැටෙන්නෑ....."

වතිල මහත්තයා තරහෙන් අනිත් පැත්තට කියද්දි භාතියට හිනාවකුත් යනවා...

ඒ ජෝඩුව දිහා බලන කොට භාතියට හරි අමුතු ලස්සන හැගීමක් දැනෙනවා...

"භාතිය... මාව වැටෙයි මිනිහො... අල්ලගන්නවකො මාවත්... "

නෙහාන් ට ඒදණ්ඩෙ ගිහින්  හුරු නෑ...
ඉතිං එයාගෙ අත් දෙකෙන්ම භාතියගෙ උරහිස් බදාගෙන......
එයාගෙ නිකට භාතියගෙ ඔලුවට තද කරගෙන.....

"නෙහාන් මහත්තයා...දගලන්න එපා... අපි දෙන්නම ඇළට වැටෙයි...
ගහගෙන ගියොත් ඉතිං ගියාම තමයි.."

භාතිය කියද්දි නෙහාන් ගෙ අත වෙව්ලනවා...

" ඉක්මනට යංකො...!! "

"බයගුල්ලා... කට විතරයි වැඩ නෑ... මහලොකුවට කීවෙ කොහෙමද...මට ඕන දෙයක් පුලුවන් ...බ්ලා බ්ලා බ්ලා.."

"කට වහගන්නවකො ඕයි... මම මේ බයේ ඉන්නවා.. තමුසෙ මගුලක් කතා කරනවා..."

නෙහාන් කෑ ගැහද්දි භාතියට හිනායනවා...හරියට පරණ දවස් වගේ දැනෙන්න ගන්නවා.....

කොහොමහරි ආපදාවක් නැතුව කට්ටිය ඇල්ල ළගට ආවා...

හතරදෙනාම ෂෝර්ට් ඇදන් ... භාතිය විතරක් උඩට අත් නැති ටී ෂර්ට් එකකූත් ඇදගෙන..

"ඕක ගලවන්න ළමයෝ... ඔහොම ඇදන් නාන්න පුලුවනැයි..."

වතිල කියද්දි භාතිය ඔලුව හෙලෙව්වා....
අනිත් අය ඉස්සරහා එහෙම ඉන්න එක එයාට අපහසුවක්.....

"ෂාහ්!!! ලස්සන...."

වතිලට බෝබුරු ඇල්ල දැක්ක ගමන්ම කියවුණා.....
වතුර වැටෙන සද්දෙ විතරක් ඈතට ඇහෙද්දි හැමතැනම නිශ්ශබ්දයි.......
කන්ද උඩ ඉදලා පහළට වැටෙන ලොකු ජලකද ගල් පරවල වැදිලා මිලියන ගාණක් පුංචි වතුර බිංදු වලට විසිරිලා යන්නෙ හරියට මීදුමක් වගේ
.....

දිය ඇල්ල පහළ තටාකයක් වගේ හැදිලා තියෙන්නෙ නාන්න පුලුවන් විදිහට.... දිය ඇල්ලෙන් විසිවෙන වතුර බිංදු වැටෙන්නෙ හරියට පිණි වැස්සක් වහිනවා වගේ.....

මේ සතියෙ දවසක හැන්දෑ වරුවක් නිසා මේ ගොල්ලො හැර වෙන කවුරුත් ඇත්තෙත් නෑ......
භාතිය නං නංගියි මල්ලියි එක්ක නිතර මෙතනට එනවා.....
ඒ නිසා එයාට ගල්පර ,ගැඹුරු තැන්  ඔක්කොම හොදට පුරුදුයි.....

හතරදෙනාම තවත් කල් නොයවා වතුරට බැස්සා....
එතකොටත් මතුවුණේ කලින් මතුවුණ  ප්‍රශ්නෙම තමා...

භාතිය වගේම ශාධිත්‍යත් මේ වගේ තැන් වලට හුරුයි...
ඒත් වතිලවත් නෙහාන්වත් වැරදිලාවත් ගමේ ඇලවල් වල බැහැලා නෑව මිනිස්සු නෙවෙයි..

ශාධිත්‍ය වතිලව අල්ලගෙන ඉන්නවා...... ඒ දෙන්නම එක උස මහත නිසා ලොකු අවුලක් නෑ.....

ඒත් නෙහාන් භාතියගෙ ඇගේ එල්ලෙද්දි භාතියට නෙහාන්ගෙ බර දරාගන්න අමාරුයි....

"ශාද්... මාව අතෑරලා අර ගොං වහන්සේව අල්ලගන්න... ඌට යටවෙලා භාතිය දැන් ගිලිලා මැරෙන්නෙ.... "

වතිල විහිලු කරද්දි නෙහාන් වතිලට රැව්වා...

"මේ... උඹ අපි දෙන්නට බාධා නොකර ඉන්න... ඉදලා ඉදලා ලව් එකක් සෙට් වුණාම උඹ ඒකටත් උදලු දානවා..."

භාතිය රතුවුණා... නෙහාන් එයා ගැන තියෙන හැගීම ගැන කෙලින්ම කියන කොට එයාට ලැජ්ජයි.....

නෙහාන්ගෙ ඉණ අල්ලන් හිටිය භාතියගෙ අත් තවත් තදවුණා... නෙහාන් භාතියගෙ මූණ එයාගෙ පපුවට තද කරගෙන හිස් මුදුනට හාද්දක් දෙද්දි එයා මූණ හංගගත්තෙ අනිත් අයට එයාගෙ ඇස් වලට ළාවට ආව කදුළු පෙනේවි කියලා බයේ වගේ...

"උඹේ ලව් එක තියාගනිම්.. අපිට එපා උඹෙ බට්ටව.... තෝ ඌව ගිල්ලලා මැරුවෙ නැත්තං එච්චරයි.... "

නෙහාන් වතුරෙ වැටෙන්න ගිය පාර භාතියව අල්ලගන්න ගිහින් දෙන්නම වතුරෙ වැටුණා... ඒත් දෙන්නම හිනාවෙලා ආයෙ නැගිට්ටෙ  ඔලුවත් තෙමාගෙන වතුර ගලද්දි.....

වතිල ශාධිත්‍ය ගෙ පිටේ එල්ලිලා එයාගෙ බෙල්ල වටේ පිටිපස්සෙන් අත් දාගෙන...
ශාධිත්‍ය එයාවත් තියාගෙන පීනනවා.....
දෙන්නම හිනාවෙවී විනෝද වෙනවා...

"අපිට නං ඕක කරන්න වෙන්නෑ... මම තව ටිකක් උස වුණානං එහෙම කරන්න තිබ්බා.... "

භාතිය කීවෙ එයාව පපුවට තද කරන් ඉන්න මූණ දිහා හැරිලා බලලා....

නෙහාන්ගෙ අතක් වතුරෙන් උඩට ඇවිත් භාතියගෙ කම්මුල අතගෑවා..

" නෑ ..ඒකට කමක් නෑ.....මමත් පීනන්න පුරුදු වෙලා ඔයාව කරේ තියන් යන්නංකො... "

භාතියට ඒ කීව කතාවට හිනාගියා..

"හැමදාම ඉතිං කටින් හිටවන බතල විතරයි.... වැඩ නෑනෙ....."

"හිටපියකො තමුසෙට වැඩ පෙන්නන්න...."

නෙහාන් භාතියට වතුර පාරක් ගැහුවත් ඒක වැදුණේ වතිලට....

වතිලත් අනිත් පැත්තට නෙහාන්ට ලොකු වතුර පාරක් ගහද්දි  නෙහාන් භාතියව අතෑරලා වතිලගෙ කරේ එල්ලුණා...

වතිලත් අතෑරියේ නෑ... නෙහාන්ව පෙරලන්න උපරිම ට්‍රයි එක දුන්නා....
දෙන්නම වතුර පෙරල පෙරල හරියට පීනගන්නත් බැරුව වතුර ගහගත්තෙ හරියට යෝධ බබාලා දෙන්නෙක් වගේ....

"ගොං පොර දැකලා නැත්තං බලාගන්න භාති..."

භාතියයි ශාධිත්‍යයි දෙන්නා පැත්තක ඉදන් හිනාවුණේ දෙන්නගෙ විනෝදෙ දිහා බලලා....

ශාධිත්‍ය භාතිය ළගට ඇවිත් වතුර අස්සෙන්ම අතදාලා භාතියගෙ කකුලෙන් අදිද්දි භාතිව වතුරෙ ඉන්දවුණා...

"ශාධිත්‍ය මහත්තයා!!! නවත්තන්නකො... "

ශාධිත්‍ය භාතියව නැගිට්ටවලා එයාව ගිලෙන්නෙ නැතිවෙන්න කෙලින් කරා...
භාතියට පීනලා හුරුයි... ඒත් අනිත් තුන්දෙනාට සාපේක්ෂව එයාගෙ උස අඩු නිසා ඉක්මනට ගිලෙනවා...

ශාධිත්‍ය වතිලව කරේ එල්ලගත්තා වගේ භාතියටත් එයාගෙ කර වටේ එතිලා ඉන්න ඉඩ දුන්නා...

භාතියට ශාධිත්‍ය ළගදි දැනෙන්නෙ නෙහාන් ළගදි දැනෙනවට වඩා හරි වෙනස් හැගීමක්...
ඒකට ආදරය කියන්න බෑ...
ඒක හරියට ලොකු ආරක්ෂිත හැගීමක් එක්ක ලෙංගතුකමක් වගේ...

සමහර විට ලොකු අයියා කෙනෙක් ඉන්නකොට දැනෙන්නෙ ඒ වගේ වෙන්න ඇති...

හතරදෙනාම හිතේ හැටියට සෙල්ලම් කරලා ගොඩට එද්දි හයත් පහුවෙලා.....

භාතිය අදින්න ගෙනාව ඇදුනුත් අරගෙන ගල්පරයක් අයිනට ගිහින් ඇදුම් මාරු කරන්න ගත්තා..

"භාති.. බට්ටෝ.. කොහෙද... "

නෙහාන් දැක්ක පාර භාතිය ඇස් ලොකු කරගෙන සාලුවෙන් ඇග වහගත්තා...

"මේ මොකද... ගෑනු ළමයෙක් වගේ පපුව වහගන්නෙ... ඇයි වෙනස් මොනාහරි තියෙනවද... "

නෙහාන් ඇවිත් සාලුව උදුරලා ගනිද්දි භාතිය ෂෝර්ට් එක විතරක් ඇදගෙන සීතලට වෙව්ලුවා...

භාතිය අත් දෙකෙන්ම එයාගෙ ඇග මුවා කර ගත්තෙ නෙහාන්ට රවලා..

" සාලුව දෙනවා... "

නෙහාන් අමුතුවට බැලුවා....

" තමුසෙ වෙලාවකට මහ අමුතුයිනෙ..
මොකටද ඔක්කොම වහගන්නෙ.....
අර ශාධිත්‍යයි වතිලයි දෙන්නට ඔය ප්‍රශ්න නෑනෙ...."

නෙහාන් අත දික් කරලා පෙන්නුවේ ෂෝර්ට් එකත් ගලවලා  යට ඇදුමක් විතරක් ඇදන් ශාධිත්‍ය පස්සෙන් එලව එලව හිටිය වතිලව පෙන්නලා.....

භාතිය එහා පැත්ත හැරුණා...

"කෙනෙක් කීවා.. මාව..මාව දැක්කම පිරිමින්ගෙ හැගීම් ඇවිස්සෙනවලු....
ඊට පස්සේ එ..එයාලා මට කරන දේවල් වල වගකීම ගන්න බෑලු... මොකද ඔ.ඔක්කොම එළියෙ දාන් ඉදියෙ මම නිසා ඒක මගේ වරද...."

"භාති... ළමයෝ.. මේ පැත්ත හැරෙන්නකෝ... "

නෙහාන්ගෙ කටහඩ හරි මෘදුයි...

භාතිය හැරුණේ නැති පාර එයා භාතියව එයා පැත්තට හරවගත්තා...

"ඔයාගෙ ඇග දැක්කම කාගෙහරි හැගීම් ඇවිස්සෙනවා නං ඒක ඒ කෙනාගෙ ප්‍රශ්නයක්නෙ.... එයාලට අයිතියක් නෑ ඔයාට මුකුත් කරන්න....ඔයාව ළං කරගන්න.... ඔයාව අල්ලන්න අවසර තියෙන්නෙ ඔයා එහෙම කරනවට කැමති කෙනෙක්ට විතරයි...."

නෙහාන්ගෙ අත් භාතියගෙ නිරුවත් උරහිස් උඩ රැදෙද්දි භාතිය වෙව්ලලා ගියා...

" ඔයා අකමැතිද මම ඔයාව අල්ලනවට... "

" නෑ.... අකමැති නෑ... "

නෙහාන්ගෙ අත්  භාතියගෙ උරහිසෙන් යටට ගිහින් පිට අතගාන්න ගත්තා... භාතියගෙ අත් නෙහාන්ගෙ උරහිස වටේට එතෙද්දි නෙහාන් එයා ළගට පාත්වුණා...

නෙහාන්ගෙ තොල් භාතියව අල්ලගනිද්දි මුලින්ම භාතියට දැනුනෙ එයා ඉන්නෙ දිව්‍ය ලෝකෙක වගේ...
ඒ හැගීම ඒ තරමට එයාව අතරමං කලා ...
එයා කවදාවත් දැනගෙන හිටියෙ නෑ හාද්දකට මෙච්චර හැගීම් අවධි කරන්න පුලුවන් කියලා....
එයාට දැනුනා එයාගෙ හැගීම් ඇවිස්සීගෙන එනවා...

නෙහාන්  එයාගෙ ස්පර්ශය දැඩි කරා.... භාතියගෙ ඉණෙන් එයාගෙ අත් දෙක තද කරගත්තා...

අන්න ඒ මොහොතේ භාතියට දැනුනා එයා හැමදාම බයෙන් හිටිය දේ සිද්ධ වෙනවා... එයාගෙ හැගීම් ඇවිස්සෙනවා වෙනුවට ඒ හැගීම් සීතල වෙන්න පටන් ගත්තා...
නෙහාන්ගෙ අත් දෙක වෙන කාගෙදෝ වගේ දැනෙන්න ගත්තා...
භාතිය සදහටම අමතක කරලා දාපු අත් දෙකක් එයාගෙ ඇග කොනිත්තනවා වගේ දැනෙන්න ගත්තා...

ඇයි ආයෙත් එන්නෙ... යනවා යන්න... මට මගේ ආදරේ විදින්න දෙන්න...
මගේ හීන වලට ඇවිත් මාව බය කරනවා මදිද......

එයා හිත අස්සෙන් කෑ ගැහුවත් තව දුරටත් එයාට නෙහාන්ව දැනුනෙ නෑ...
නෙහාන්ගෙ තොල් අස්සෙ හරි හරියට දග කරපු භාතියගෙ තොල් වෙව්ලන්න ගත්තා...
එයාගෙ ඉණ වටේ රැදුණ අත් දෙක සර්පයෝ වගේ දැනෙද්දි භාතිය උත්සහා කරා නෙහාන්ට මේ කිසිම දෙයක් නොදැනෙන්න ඉන්න....

ඒත් එයාගෙ මුළු ඇගම වෙව්ලන්න ගද්දි කන් දෙක අගුල් වැටිලා ඇස් වලින් කදුළු එන්න ගද්දි නෙහාන්ට ඒ වෙනස තේරෙන්න ඇති....

භාතියට ඕනෙ වුණේ ඈත් වෙන්න...කොහේ හරි තනියම ගුලිවෙන්න.. පෝලිමට ඔලුවට එන්න ගත්ත වේදනාව අරන් එන මතක ඔක්කොම අමතක කරලා දාන්න...

"භාතිය..!! භාති !! භාති..!! වතිල....මෙයා වෙව්ලනවනෙ.. වතිල!! ඉක්මනට එන්නකො.... "

භාතියට ඇහෙනවා නෙහාන් බයවෙලා කෑ ගහනවා... ඒත් එයා නෙහාන්ගෙන් ඈත් වෙලා බිම ගුලිවෙලා හිටියා විතරයි....

"නෙහාන්..!! මොකද වුණේ..  ඇයි මේ.."

නෙහාන් එයාට ලං වෙන කොට භාතියට ආයෙත් බය හිතුණා....

"නෙහාන් ..ඔහොම ඉන්න... බය නොවී ඉන්න.... "

වතිල එයා ළගට ලංවෙනකොටත් භාතියට ඒ බය දැනුනා....

"භාතිය... ඔයා එදා කීවා මතකද...දැන් ඒ මනුස්සයා නෑ.. ආයෙත් ඔයාට රිද්දන්න කවුරුත් නෑ.. මම ඉන්නවනෙ.. කාටවත් ඔයාට රිද්දන්න දෙන්නෙ නෑ.. එන්නකො පැටියො... බය වෙන්න එපා...."

වතිල එයාට කතා කරේ හරියට පහන්‍යාට කතා කරනවා වගේ....
පුංචි ළමයෙකුට කතා කරනවා වගේ...

ඒ මෘදු වචන වලට භාතියට දැනුන බය අඩුවෙනවා වගේ දැනුනා....
එයා වතිල ළගට ළං වෙද්දි වතිල එයාව තුරුල් කරගත්තා...

භාතිය වතිලගෙ පපුවට ඔලුව තියන් ඇස් පියාගත්තා...
එයාව තාමත් වෙව්ලනවා..... තාමත් එයාගෙ ඇග දිගේ සීතල අත් එහෙට මෙහෙට යනවා වගේ දැනෙනවා ...

" ඒ..ඒක නැවතෙන්නෑ.. එයා.. එයා තාම ඉන්නවා.. "

භාතිය වතිලගෙන් අයින් වෙලා වටපිට බැලුවෙ එයාට අමතක කරන්න ඕනෙ මූණ හොය හොයා...
ඒත් එයා ළග හිටියෙ වතිලයි, ශාධිත්‍යයි , කදුලු පිරුණ මූණෙන් එයා දිහා බලන් හිටිය නෙහානුයි විතරයි...

එතකොට තමා එයාට නෙහාන්ව මතක් වුණේ... එයා ලග හිටියෙ තාත්තා නෙවෙයි නෙහාන් කියලා මතක් වුණේ.....

"නෙහාන් මහත්තයා..මට.. මට... සමාවෙන්න..  මම ඔයාට ගැලපෙන්නෙ නෑ... මම ..මම ඔයා හිතනවා වගේ කෙනෙක් නෙවේ.. ඔයා හරි.. එදා කීවා හරි.... මම පිරිසිදු නෑ...
මම විනාශ වෙලා ගියපු මනුස්සයෙක්... "

භාතිය එයා එක්ක ආව තුන්දෙනාවම දාලා ඈතට දුවලා ගියේ එයාට නෙහාන් ඉස්සරහා කවදාවත් කියාගන්න බැරිවුණු ඇත්ත ඒ හැමෝම ඉස්සරහා වමාරලා..

දැන් අර බය හිතෙන ස්පර්ශය දැනෙන එක නැවතිලා... ඒ වෙනුවට ආයෙත් තනිවෙච්ච හැගීම ඇවිත්....

ඇයි ජීවිතේ මේ තරම් නපුරු??
ඇයි පරණ දේවල් අමතක වෙලා යනිනෙ නැත්තෙ??  කාටවත් වරදක් කරපු නැති මටම ඇයි මෙහෙම වුණේ... ජීවිතේ පලවෙනි වතාවට ආදරේ කරපු කෙනාගෙ ආදරේ මුලින්ම ලැබුණු දවසෙම නැතිවෙන්න තරම් කොච්චර මම අවාසනාවන්තද??
ආදරේ කරන කෙනා එක්ක හාද්දක් බෙදා ගන්න බැරි තරං ඇයි මාව බිදුණේ...

භාතිය නතර වුණේ ගෙදර මිදුලෙ පිටිපස්සෙ තිබුණ ගහක් එහා පැත්තෙ...

තාත්තා ගෙදර ඉන්න වෙලාවට භාතිය හැංගිලා හිටියෙ මෙතන...මෙතන  කාටවත් පෙනෙන්නෙ නෑ........

භාතිය බිම ඉදගෙන එයාවම තුරුල් කරගෙන ඇස්වලට ආව කදුළු නවත්තගන්න හැදුවා...
නෙහාන් පලවෙනි වතාවට එයාව කිස් කරා.. ඒත් ඒකවත් දරාගන්න බැරි තරම් එයා බිදිලා කියලා දැනෙද්දි භාතියට එයාවම එපාවෙලා ගියා...

අවුරුදු හතරක් තිස්සෙ ගෙදරින් පිට ඉද්දි ඒ පරණ මතක අමතක කරන්න ලේසියි...
ඒත් මෙහේ හැමතැනම ඒ මතක පිරිලා... ඒ කාටවත් නෑහුණ කෑ ගැහිලි, වේදනා මේ හැමතැනම රැව් දෙනවා වගේ භාතියට දැනුනා...

ඒ වේදනාවෙන් විදපු හැගීම් කවදාවත් ආදරේ එක්ක විදින්න ඉඩක් නොලැබෙන තරමට ඒ මතක හිත බිදලා දාලා...

පැයක් විතර යද්දි භාතියට කවුරුහරි ඇවිදන් එනවා ඇහුනා...
එයාලා එයාව හොයාගෙන....
ඒත් භාතියට සතුටක් දැනුනෙ නෑ..

ඒ ආවෙ නෙහාන්.....

"නෙහාන් මහත්තයා යන්න.... මට ආයෙත් දකින්න ඕනෙ නෑ..."

භාතිය එයාට පුලුවන් සීතලම කටහඩින් කීවා....

ඒත් නෙහාන් එයාට එහා පැත්තෙන් ඉදගත්තා ..

" අයිම් සොරි.. මම හුගක් අසංවේදී මනුස්සයෙක් භාති.... ඔයාට අර කීව වචනෙ කොච්චර රිදෙන්න ඇද්ද කියලා මට තේරෙන්නෙ දැන්.. ආයෙ කවදාවත් එහෙම වෙන්නෙ නෑ.. මම පොරොන්දු වෙනවා.. හොද ළමයා වගේ අපි ගේ ඇතුලට යමු.... ශාධිත්‍යයි වතිලයිත් ඔයා ගැන බයවෙලා...
අම්මත් බය වෙන්න කලින් යමුද...?

භාතිය නෙහාන් මෙහෙම කතා කරනවා අහලම නෑ.. මෙච්චර ඉවසීමෙන්.. මෙච්චර ආදරෙන්...

"තමුසෙ මට අනුකම්පා කරනවද...? වෙන දවසක නං මම මෙහෙම හිතුවක්කාරකමට ඉන්නකොට මාව බලෙන් නැගිට්ටවගෙන බැන බැන ඇදගෙන යන්නෙ...ඇයි අද විතරක් ආදරේ පෙන්නන්නෙ.. මම කැඩිලා බිදිලා ගිය සෙල්ලම් බඩුවක් නිසාද...
අනුකම්පා හිතෙනවද..."

භාතිය කෑ ගැහුවෙ කදුළු හංගගන්න ඕනෙ වුණු නිසා...
ඒත් වෙනදා වගේ නෙහාන් ඒ කේන්තියට රැවටුණේ නෑ...

" අඩන්න ඕනෙ නං අඩන්න පැටියෝ....
මම අද උදේ ඔයාට කීවා වගේ මම ඔයාට කැමතියි... ආදරෙයි... ඒක තේරුම් ගන්න හුගක් පරක්කු වුණා තමයි... ඒත් මම කැමතියි කියලා කීවෙ ආයෙ හැරෙන්න බලාගෙන නෙවේ..... "

භාතියට ඒ වචන දරාගන්න බෑ....
කිසිම කෙනෙක් එයාට ආදරෙයි කියලා නෑ... අඩුමගාණේ අම්මවත්...
එයාලා ආදරෙයි තමා.. ඒත් කවදාවත් කෙලින්ම කියලා නෑ...

" ඒත්.. මට.. මට.. අඩුමගාණේ වෙව්ලන්නෙ නැතුව ඔයාට කිස් එකක්වත් දෙන්න බෑ.. මට සල්ලිත් නෑ.. මම හැන්ඩ්සම් නෑ.. මට ඔයාට දෙන්න මොනවත් නෑ.. මම.. මම...

"විකාර නැතුව ඉන්නවා.... මට තමුසෙගෙන් ඕවා මොකටද... දෙන්නටම හරියන්න මම හැන්ඩ්සම්, මට සල්ලි තියෙනවා... තමුසෙගෙන් මට මුකුත් ඕනෙ නෑ...ළගින් ඉදලා මට ආදරේ කරන්න දෙන්න...ඒ ඇති....මට හෑමදාම ඕනෙ වුණේ ආදරේ කරන්න කෙනෙක්... මට ඕනෙ වුණේ පුලුවන් උපරිමෙන් බළාගන්න පුංචි කුමාරයෙක්ව.....තමුසෙ අද ඉදලා මගේ බටු ඇටේ..මාව දාලා යන්න හිතන්නවත් එපා...."

"නෙහාන් මහත්තයා!! "

භාතිය කේන්තියෙන් වගේ කියද්දි නෙහාන් එයාව බදාගත්තා..

තමුසෙට ආදරෙන් කීවමනෙ තේරෙන්නෙ නැත්තෙ... ඒ නිසා තේරෙන භාෂාවෙන් කීවෙ.... දැන්වත් ඔය මහත්තයා කෑල්ල හලනවා..."

භාතිය නෙහාන්ගෙ උරහිසට ඔලුව හේත්තු කරගෙන කදුළු පිහදාගත්තා.....

"අංකල් කියන්නද..... "

භාතිය අහද්දි එයා බලාපොරොත්තු වෙච්ච ටොක්ක නළලට හම්බුණා...

"ආව්... ඉතිං නාකියිනෙ.... අවුරුදු දොලහක්ම නාකි.. "

"අයියා කියපිය... නැත්තං ඊලගට ගහන්නෙ නළලට නෙවේ පස්සට දෙකක් දෙන්නෙ..."

නෙහාන් එයාට පරණ විදිහටම සලකද්දි භාතියට සැනසීමක් දැනුනා..

"මරු අයියා!... නාකියා..!!

නෙහාන් නළලට ගහපු පාරට හරියන්න භාතිය එයාගෙ අතකට පාරක් ගහලා හිනාවෙද්දි නෙහාන් භාතියව තව ළං කරගෙන තුරුල්ලට ගත්තා....

නෙහාන්ගෙ තුරුල උණුසුම්... භාතිය හැමදාම හෙව්ව ආරක්ෂිත හැගීම එයාට ඒ තුරුලෙන් දැනුනා...

"නළලට හාද්දක් දෙන්නද... "

නෙහාන් අහද්දි භාතිය ඔලුව හෙලෙව්වා... නෙහාන්ගෙ උණුසුම් හුස්ම නළලට වැදෙද්දි භාතිය ඇස්පියාගන්නෙ නැතුව බලන් ඉදියෙ නෙහාන්ගෙ ස්පර්ශය මතක තියාගන්න ඕනෙ නිසා...
පරණ රිදෙන මතක වලින් මේ ආදරේ පිරුණු මතක වෙන් කරගන්න ඕනෙ නිසා...

"ආයෙ පාරක් මෙහෙම මාව දාලා පැනලා දුවන්න තහනම්.. හරිද බටු ඇටේ.... ඔයා හිතනවට වඩා  වටිනාකමක් තියෙන කෙනෙක්... ඔයා නිර්භීතයි....ඔයා මේ හැමදේම දරාගෙන අම්මයි පවුලෙ අයවයිත් බලාගන්නවා.. කවුද කියන්නෙ ඔයාට ආදරේ ලැබෙන්න වටින්නෙ නෑ කියලා...ඔයා තමා ආදරේ ලබන්න සුදුසුම කෙනා... "

භාතිය බර හුස්මක් ගත්තා..

"පරවෙච්ච මලකට ආයෙ පිපෙන්න වාසනාවක් නෑ නෙහාන් මහත්... අයියෙ..... "

"කවුද කියන්නෙ ඔයා පරවෙච්ච මලක් කියලා.... ඔයා තාමත් ලස්සනට පිපුණ මලක්...බලාගන්න උයන් පල්ලෙක් නැතුව මෙච්චර දවසක් පාළුවෙන් හිටිය මලක්.....
අද ඉදලා ඒ මල බලාගන්න කෙනෙක් ඉන්නවා... කවදාවත් ඒ මල තනිවෙන එකකුත් නෑ.. පරවෙන එකකුත් නෑ...."

නෙහාන් භාතියට මුමුණද්දි ජීවිතේ පලවෙනි වතාවට එයාට සැනසීමක් දැනුනා...

ඒ සැනසීම එක්කම එයා නෙහාන්ව තද කරලා බදාගත්තා...
කවදාවත් තාත්තාගෙන් නොලැබුණ ආදරේ එයාට නෙහාන්ගෙන් ලැබේවි කියලා පලවෙනි වතාවට බලාපොරොත්තුවක් දැනුනා...

සමහර විට පිපෙන්නත් කලින් පරවෙන්න ගියපු මලකට පිපෙන්න අවස්ථාවක් ලැබේවි....
භාතියටත් හිතුණා

මතුසම්බන්ධයි ~

ළය ගිම් උපන් හසමල් අරන්
දෙලවන තබා ස්නේහයෙන්
නුඹ මිණිපහන් දෝතින් අරන්
පැළදුවා උවනතේ

වැහිකෝඩයෙන් නොතෙමා හොරෙන්
ඉර කිණිති හංගා ළයේ
මහමෙර තරම් දුන් ස්නේහයෙන්
සිහින බොද වී ළයේ...

මේ කුළු එවා අසෙනිය සලා
නුඹ බොහොම හැඩුවා නිති
සද දූ මගේ සුසුමන් වරා
සුරඹුන් තුරුල්ලේ නිදි...

ළයගිම් නිවූ සිලිලාරිනි
සල්ලාල ගින්නේ දවා
ඉගිලී ගිහින් සාහස බිගුන්
නෙළුමියක පෙතිබිද දමා

මොරදුන් හැඩුම් පිළිරැව් අරන්
වෙල් හුළග හමනා තරම්
උහුලා දරන් ඉනු කොහොම මං
මගෙ මැණික පවසන් වරක්

සංසාරයේ නොඑනා ගමන්
නෑ මැණික බය නෑ ඉතින්
සද දූ මගේ නිදියන් සුවෙන්
නුඹ නෑර හිදිමි ළගින්....

Author's note
( මේ සිංදුව මාව හැමදාම අඩවන සිංදුවක්...  මේ සිංදුවෙ පද රචනය කරපු උමා අසෙනි සිංදුවේ තේරුම පැහැදිලිකරනවා එක පාරක්...
බැලූ බැල්මට තාත්තෙක් දුවෙක්ට කියනවා වගේ පෙනුනත්
මේ සිංදුවේ කියවෙන්නෙ පරණ අදුරු මතක අස්සෙ විදවන පෙම්වතියගෙ වේදනාව දරා ගන්න බැරි   ප්‍රේමවන්තයෙකුගෙ ශෝකාලාපයක්...
එයා වෙනුවෙන් හැමදාම ඉන්නවා කියලා වෙන පොරොන්දුවක්...
කවදාවත් ජීවිතේ, බලාපොරොත්තු අතාරින්න එපා කියලා කරන ආයාචනයක් ....


Continue Reading

You'll Also Like

108K 21K 41
💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තර...
128K 28.6K 76
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙ...
106K 21.9K 52
💚💚 මගෙ හිතට ඔයාව දැනෙන්න ගත්තත් කෝ ඔයාගෙන් ඒකට ඉඩක්....... මේ කාලකණ්නි පවුල් බැදීම නිසාද ඔයා මේ විදිහට ගලක් වගේ ඉන්නෙ....... කවදාවත් ඔය හිත මං වෙන...
20.8K 3.7K 11
මගේ හිතේ ඉඩ දැන් නුඹ අතින් හැඩවෙන සිතුවමකි !