"අප්පච්චි ..එ දරුවා මම නේද...
හේනං එ කතාව ඇත්ත ..එතකොට ..එතකොට බෝසර යි මමයි......අපි අපි...අපි දෙන්න ....අප්පච්චි ..........කියන්ට අපි දෙන්නහ් ඒක ඇත්ත ද ?
අප්පච්චි ඒක ඇත්ත ද අප්පච්චි ?
හිතම ගිනිගනිද්දි කතා කරගන්ට වචන පවා නොමැති වෙද්දි මටෝන කරේ මගෙ බටු ඇටෙයි මමයි සහෝදරයො කියන කතාවෙ ඇත්ත නැත්ත දැනගන්ට වගේම මං අච්චර අහලත් අප්පච්චි කටක් හෙල්ලුවෙ නැ
"අප්පච්චි..ඇත්ත කියන්ට
මං .. ද ඒ දරුවා ???
මට ඇඩුනා දරගන්ට බැරිම තැන මං ද අහලත් වචනයක් වත් නොදොඩ ඉන්න අප්පච්චි දිහා බලං මං ඇඩුවා .මගෙ හිත කියන්නේ ම ඒ මං කියලා වෙද්දි , උපන් ගමන් අම්මා වෙච්චි කෙනත් මාව වෙන කෙනෙක් ට දෙද්දි මව්කිරි නැති ව පිටි කිරි පෙව්ව අප්පච්චි දිහා බල බල මං ඇඩුවා
"පලයං හිච්චියෝ ගෙට..ගොහිං රැට කාහං ආං බත් බෙදල ඇති ...ලලංග කොල්ලො මේං මලයට පිගාන දියං
මං අහන දේට උත්තර නොදි අප්පච්චි කතාව මගාරින්ට හදද්දිත් මං උන් තැනින් නැගිටල ගොහිං ඇන තියාගත්තෙ උන්දැයි දනිස් දෙකේ ඔලුව තියං
ඉකිගහන මාව එකසුමේට බදාගෙන අප්පච්චි මගෙ ඔලුව ඉබිනවා ඔලුව අතගානවා. එතකොට ඒක ඇත්ත ද...මට ඕන කරේ අප්පච්චි ගෙ කටින් ම ඒක අහගන්ට..නෑයි කියන්ට අප්පච්චි ..නෑයි කියන්ට
මං හීන්සැරේ ඔලුව උසසල අප්පච්චිගෙන් ඇහැව්වා,
"අප්පච්චි....
උඹ ල මයෙ අප්පච්චි නෙවෙයි' ද ..
"මක්කදෑ හිච්චියෝ නං දොඩවන්ටේ?? මං උඹ ගෙ අම්මා.. අප්පච්චියි දෙන්නම. මේ අත් දෙකෙන් නොවැයිද බොල මං උඹ ව උස්මහත් කොරේ?
"හේනං කවුද දෙයියනේ ඒ ළමයා? මට ඉතුරු ටිකත් කියන්ට අප්පච්චි ..
"බත් ඩිංග හීතල කරයි මයි පුතේ ...කාල හිටිං
"කාරි නැ අප්පච්චි ...මට කියන්ට...කවුද එ ළමයා ..කොයි දැන් ඒ ළමයා ?
අප්පච්චි මගෙ ඇස්වල නොගැටීගෙනම එක එල්ලයේ කළුවර දිහා බලං කටහඬ අවදි කරේ හුස්මකුත් පිටකරං
"හ්ම්..අක්කංඩී රංසෑගොඩ නවතින්ට ගොහින් ඉන්දැද්දී එයාට තව දරුවෙක් ලැබෙන්ට ඉදල තියෙනවා .වලව්වට එන්ටවත් කැමති වෙලා උන්නෙ නැලු..සමල් උනත් අක්කංඩි ගෙ හිත තළන්ට නොගිහින් එහේම ඉන්ටැරල තියෙනවා ..
අක්කංඩි මට ලියුම් කඩදහියක් එවලත් තිබ්බා .. දෙවනි දරුවා ලැබුණැ'යි කියාලා , ඒ ළමයගෙ පින්තූරයකුත් තිබුණා ..සුදුම සුදු බෝලයක් වගේ දරුවෙක් ...
සුදු ම සුදු බෝල දරුවෙක් කියපු අප්පච්චි ගෙ මූණේ හිනාවක් ඇදුනා .ඒ මගේ බෝසර ද....
මට පුදුමාකාර හදිසියක් තිබ්බෙ ඒක දැනගන්ට
"ඒ බේබි මහත්තයා ..උඹලැයි බටු ඇටේ
ඒ බෝසර. ඒ මගේ බටු ඇටේ නං අර අනිත් ළමයා කව්රු වෙන්ටැතිද..අප්පච්චි තාම ඒකට උත්තරයක් දුන්නේ නැ නොවැ
"ඉතිං .ඊට පස්සෙ ..කොයි අර ළමයා ?
ඕං ඒ පාර නං අප්පච්චි මයෙ දිහා රවලත් බැලුවා.පැත්තක හිටපු ජේමිස් සීයත් මයෙ දිහා ම බලං ඉන්නවා
"උඹලට පුදුම ගායක් නොවැ තියෙන්නේ ඒ ළමයගෙ වංහුං දැනගන්ට
ඒ ජේමිස් සීයා
ගාය තමා ..මං ගිනි රත්වෙලා ඉන්නේ ..බටු ඇටෙයි මායි සහෝදරයො කියලා කියද්දී
"අක්කංඩි මියැදුනා පිළිකාවක් අල්ලලා. බේබි මහත්තය ඒ වෙද්දි පොඩී..අක්කංඩි ට ඕන කරා මැරෙන්ට කළියෙන් එයාගෙ පළවෙනි දරුවව බලල ඉන්ට..ඉතිං ඒ ආපු ගමනේ ප්‍රථිපලේ තමා.... දරුවා දකින්ටත් කලියෙන් අක්කංඩි මියැදිච්ච්චෙක.....................
"ඇයි බෝසර ගෙ අම්මා ඒ දරුවා වලව්වෙන් පිටමං කරේ?
"ඒක දැනගත්තා කියලා උඹලට අපිට වැඩක් නැ බං
" හේනං අප්පච්චි ඒ ළමයා කොයි??
"ඔයි කොහේහරි ඇති හිච්චියෝ ...යමං දැන් කාපං ගෙහුං
අප්පච්චි ඉදපු තැනින් නැගිටින ගමන් කිව්වා
ඒ වෙලාවෙම නවියගෙ වීලෙත් ඇවිත් නැවැත්තුවා ..බැහැල ආවෙ වෙන කව්රුවත් නෙවෙයි මගෙ බටු ඇටේ.
මලහත්තිලව්වයි
"කවුද්දෑ මේ වෙලාවෙ
අප්පච්චි විපරමෙන් ඇස් හීනි කොරං කඩුල්ල දිහා බලං ඉද්දි මගෙ බටු ඇටයත් හෙමින් හෙමින් අඩිය තිය තිය ගේ පැත්තට ඇදුනා වගේම මං කොල්ලව තනි කොරං නැතුව ළගට ගෙහුං ගෙදෙට්ට එක්කොරං එද්දී නවියා අසේලයියා එක්ක කඩුල්ල එහාට්ට කරල වීලෙ මිදුලට ගන්න හැදුවා.
අප්පච්චි යි ජේමිස් සීයයි බෝසර දිහා බලං ඉද්දි ලලංගත් ඇවිත් ගෙයි උලුවස්සෙන් බෙල්ල දෑවා විතරයි බටු ඇටේ හැරෙන අතට රවල බැලුවෙ මගෙ දිහාවෙ
"හ්ම් හ්ම්... හිච්චියෝ !! බේබි මහත්තයට විඩාවැති ඇන්න පලයං කාමරේට
ඒකෙන් මේකෙන් අප්පච්චි කතාව ට තිත තිව්ව විතරක් නෙවෙ මටත් බෝසර ඉස්සරහ ඒ ගැන කතා කරන්ටවත් හිත ඉඩ දුන්නේ නැ. මට මෙච්චර මේක දරාගන්ට අමාරුයි නං එයාට කොහොම ඇද්ද
*
*
රත් කොරපු බතුයි වැව් මාළුයි පොලුයි අනලා බත් කටක් මගෙ බටු ඇටේට කවද්දි අනෙ සාස් සූස් ගගා කවන කවන පාරට කට ඇරියා.
"කෑවෙ නැද්ද වලව්වෙදි?
"ඔයා කාලත් නෑනේ
"මං ඉතිං ..හිතුනොත් නෙව කන්නෙ
"ඒක තමා...වසුන්දරා අක්කා ඔයා කෑවද නැද්ද කියලා කියනවා මට
"ඉදා!..දැන් නොකෑවොත්..?
"මාත් කන්නෙ නැ
" මරු කතාව ..මගෙ කටින්යැ කන්නෙ
"ඒක තමා... අපරාදේ නේද
මට ඇති
"කෝ...මදි මදි කෑවා ....වාඩි වෙන්ට ඉතිං
"අපෝ නෑ..හොදට බඩ පිරැනා ..මට සීනි ටිකක් දෙන්න දැවිල්ලයි කට
මං දන්නවා බෝසර ට දුක හිතෙන්නැති. ආය කිව්ව වචනෙ අහක් කරන්ටද මං අහන්නෙ ...කුස්සියට ගෙහුං සීනි ඩිංගිත්තක් එයාගෙ අල්ලට දාද්දිත් එයා මං දිහා බැලුවෙ ත් නැ
ඇත්ත තමයි ඉතිං අපි එකට ඉන්න දවස්වලත් කෑවෙ බීවෙ එකට වෙද්දි වෙන් වෙන්ට උනායින් පස්සෙ ම අපි ගැනවත් හොයා බලන්ට ඉඩක් නැති උනා .මං වලව්වට ගියත් හරි එයා උනත් මගෙන් ඈත් උනා. එයා කෑවද බීවද නොදැන නොදැක කී දවසක් නං ගෙවුනද...අද උනත් මට කන්ට උනෙත් නැති එකේ එයා කාලත් නැ කියන්නේ එයා මං ගැන හොයලා බලල
කටට දෙකට ඉතුරු බත් කටවල් ටිකත් ගිලල පිගාන හෝදන්ට යද්දි ලලංග එක්ක එයා ඇදල පැදලා මක්කදෝ කතා කරනව ඇහුනා
"හදිසියේ ආවා වෙන්න බෑනේ ..පිට කොහේහරි යනකොට.. ඇදුම් ටිකක් ගෙනියන්න ඕන..කවුද දන්නෙ ..කී දවසක් ඉන්න වේද කියලා ....? අනික.. අපි උනත් මත්තල ආවෙත් එහෙමනෙ..
"දැන් මක්කදැ වෙන්ටෝන හංසගෙ බටු ඇටේට?
"වෙන්ටෝන නෙවෙයි.. මං මතක් කළා විතරයි
"ඒත් මලයා බලං ඉන්නේ මං ඇදල තියෙන සරම දිහා නොවෑ....
"මේ වගෙ සරමක් මගෙ ශාන් අයියටත් තිබ්බා
"ආ...මේ ඒක තමයි
" ම්න් ..අයිතිකාරයගෙන් අහන් නැතුව එහෙම අරන් අදින එක නරක පුරුද්දක්
"අනෙ...නැ නැ දාස මාමාන්ඩියි දුන්නේ ..මගෙ සරං කඩමාල්ලත් වේලිල තිබ්බෙත් නැ නොවැ..
හ්හ් පෙන්දෙක්ට ගිය කළක්..සංසාරේ !!! අප්පච්චි ඇයි එහෙම කරේ? එයාගෙ එකක් නොදී වදේ..
"මලයට ඩෝං ගිහුං වගෙ.. හිත් අමනාප නං..මං මේක ගලවල දෙඥ්ඥං
අහං ඉන්ටත් බැ හිනායනවා බටු ඇටයගෙ වැඩේ ම ලලංග එක්කල පටලැවෙන එකමයි..පුදුම ඊර්ෂ්‍යාවක්නෙ මෙ කොල්ලට තියෙන්නේ .. ලලංගට උනත් වැඩේ තේරෙන්ටැති . මිනිහා දැන් හරි ඕක ගලවං නැතා
" බටු ඇටේ...යං බුදියගන්ට
මං ලලංගට ඇහැක් ගහල බෝසරව ඇදගෙන කාබරේට ආවා.තව හිටියොත් මෙතන ඔය සරමට ලෝක යුද්ධෙ
""ඇයි අපි යන්නෙ නැද්ද ශාන් අයියා ?
"හෙට පාන්දර යං...
"ඉතිං අප්පච්චිල හෙව්වොත්...එයාල මෙහාට එයිනෙ ශාන් අයියෙ ..
" බෝසර .........
සතුටු ආරංචියක් කියන්ටද..
..අපි සහෝදරයො නෙවෙයි ...
" අ .. අප්පච්චි කිව්වද? අනෙ.අනෙ..කිව්වද එයා?..
"... ම්ම්ම් ...කි.ව්.වා
ඇත්තටම අප්පච්චි මට එහෙම කිව්වෙ නෑනේ ..හරි විස්තරයක් නොකිය එහෙන් මෙහෙන් වචන ටිකක් දාල කතාවකුත් හදල ඒක මගෙ ඔලුවට දැව විතරයි නෙ...හරියට ම බැලුවොත් ..මහත්තයට හිටිය එකම ළමයා බෝසර ද නැද්ද ...නැති උනු ළමයා කවුද ....ඒකා ආවෙත් මගෙ අප්පච්චි ළගට නං..ඒ මොකාද........මං ද ..වෙන එකෙක් ද...එක්කො අප්පච්චි ඒ කතාව හිතාමතාම නැවැත්තුවා .. එයාට මේ දේවල් මට කියන්ට කරන්ට බැරිවද දන්නැ ..
ජේමිස් සීයා උනත් ..දන්නවැති සේරෝම.කොච්චර පිංසෙන්ඩු උනත් අප්පච්චි මට කීවෙම නෑනේ
මොන රෙද්දක් ද මන්දා මුං ඔක්කොම ඉන්නේ ගල් බනිස් ගිලල වගෙ
"ශාන් අයියෙ .....
ශාන්......................
කොයිද අප්පා ගියෙ?
කොච්චර අඩගැහුවද මං...
ඇදට .එන්න කෝ...................
මගෙ බටු ඇටේ ඇදේ බිත්තිය අයිනෙ හාන්සි වෙලා මට කතා කරද්දි මං එයා ළගින්ම වැතිරැනේ එයාටයි මටයි ශීට් එකත් පෙරවගෙන
" මං නිසා ඔයාට ඉගෙන ගන්ට බැරිවෙනවා නේද ....
" එහෙම නැ....ඔයා මගෙ ළඟ ඉන්නකෝ.. මට ඒ ඇති
"මගෙ පණ..මං කවදාවත් ඔයාව තනි කරන්නෙත් නැ ඔයාගෙ අනාගතේ නැතිවෙන්ට දෙන්නෙත් නැ..
" ම්න් ... ඒත් හැබැයි ආය අර සරම අදින්න බැ
"ආහ්! හහ්හ්හා හාරි හරි රං කැටේ..කෝ දැන් එන්ට ළගට
"අද මුකුත් නැද්ද ...
"දැන් ගොඩක් රැවෙලා බටු ඇටේ...හෙට උදේම යන්ටෝනනෙ..නැත්නං ඔයාට නැගිටගන්ට බැරි උනොත් ....
"අනේ මෙ...එච්චර දුර කරන්න කීවෙ නැ..
මටත් එයාව ඕන වෙද්දි එයත් මාව ඉල්ලද්දි වැඩිදුර නොයා අපි අපිවම සනසා ගනිද්දී එයා ඇවිත් මට තුරුළ් උනේ හැමදාම වගේ..මං එයාව තුරුළ් කරගෙන ඇස්පියා ගත්තේ හෙට වෙද්දි සිද්දවෙන කිසිම දෙයක් ගැන හාංකවිසියක්වත් නොදැන
කවද කොහේද හිටියත් ඉරණමට මුහුණ දෙන්ට සිද්දවෙනවා කියන්නේ ඕක තමයි
*
*
*
පිච්චෙන ගදක්....භූමිතෙල් ගද.. එකට කැටිව චිරි චිරි ගගා ඇවිලෙන පොල් අතු වල කාඩ ගද හුළගට නහය විදගෙන පැතිරෙද්දි දොර වහල බුදිය ගත්ත මට ඇහුනෙ අතින් තඩිබාන නවියගෙ කටහඩයි අප්පච්චි ගෙ කටහඩයි වෙද්දී සනීපෙට මට තුරුළු වෙලා ඉන්න බටු ඇටේව ඇහැරල දොර ඇරිය විතරක් නෙවෙ නැගිටපු බෝසරවත් ඇදගෙන කාමරෙන් එළියට දිව්වා.
වැඩිය පැතිරිල නැති ගින්න උනත් මිදුලට බැස්ස තැන හැමෝම එකතුවෙලා ගින්න නිමන්ට කෑ ගහ ගහ වතුර ගහද්දි මාත් ඒවට හවුල් උනේ බෝසර ත් එක්කමයි. කවුද කරේ කියන එකටත් වඩා උවමනාව තිබ්බෙ රජමැදුරක් වගෙ තිබ්බ ගේ ඩිංග බේරගන්ට විතරමයි. පිට පිට වතුර ගහද්දි ලගපාත හිටී ඈයෝත් ඇවිත් සහයෝගෙ දුන්න නිසා ඩිංගිත්තක් හරි පිච්චෙන්ට නොදී වළකගත්තා .
වලව්වේ මහත්තයා ගැන සැක සංකා පහළ උනත් අප්පච්චි කීවේම වගීශගෙ අතින් වෙන්ටැති කියලා . නවියා උනත් කීවෙ ඒ ටිකම වෙද්දි මං නොදන්ට අප්පච්චිල දන්ට කාරණාව කොහොමහරි කටින් වමාර ගන්ට මාත් හිතා ගත්තා .
ඉන්ට හිටින්ට තැන් නැති උනා පමණක් නෙවෙ සංතේකටම තිබ්බ දේවලුත් පිච්චිල අලුවෙල යද්දි මං දැක්කා අප්පච්චි කම්ඹුලේ අතගහ ගෙන බාගෙට පිච්චිච්ච ගේ පොඩ්ඩ දිහා බලං ඉන්නවා
දුකයි තමයි ඒත් දුක් උනා කියලා වැඩක් තියෙද..මේ වෙලාවෙ මට අප්පච්චි දාල බෝසර ව ඇරන් යන්ටත් බැ අපිට දැන් ඉන්ට කියලා තැනකුත් නැ
" හංසා... ගනිං ඉතුරු වෙච්ච වැස්සක් එනවා
කෑ ගහගෙන ළගට ආපු නවිය කියන දේත් නාහා උගෙ උරෙන් අල්ලල මං ඇහුවෙ කවුද මේ තරං අපරාධයක් කරේ කියන එක විතරයි
කට කොණකින් හිනාවෙලා බෝසර දිහාත් බලල උඹේ මාමාන්ඩි කියලා කිව්වාම මගෙයි බෝසරයි ඇස් එකට ගැටුනෙ නිතැතින්මයි ..ඒ ඇස් බයවෙලා
"හංසා..මං ඊයෙ රැත් කිව්වා ඇටයව යවන්ට කියලා ..උඹ ඒ ඇහුවෙත් නැ
මං දැන් කියන්නෙත් ඒක....එක්කො ඌව රට ඇරපං නැත්නං තෝ.. අර මැණිකෙව සහේට ගනිං....
"උඹ වලව්වෙන් ඇන්න ගියපු ඇටේ නිසා තමයි අද මෙහෙම දෙයක් උනෙ....බලාපං හොදට දැන් උඹ ට ඉන්ටවත් තැනක් තියෙද?? දාස මාමාගෙ දාඩිය මහන්සිය කෝ?? උඹ පැනල යන්ට ...යන්ට...උන් මොක්කුන්ද වගෙ බලං ඉදීද..?? නැ හංසා..තෝ දන්නෙ නැ
"ඇටේව යවපං...යවපං ඒකව ආපහු
"නැ මං යවන්නැ එක්කං ආවෙ යවන්ටද යකෝ
මං එහෙම නවියට කෑගැහුවත් බෝසර හිටියේ නං හොදටෝම බයවෙලා. එයා හිටී තැනම ගල්වෙලා බාගෙට පිච්චිල නිවුනු ගේ කෑල්ල දිහා බලං ඉන්නවා
අප්පච්චි බිම ඇන තියාගෙන මක්කදෝ මුමුණනවා ඇහෙද්දි මං ආපස්සට යන්ට හැරුනෙ වලව්වට හැබැයි බෝසරව දාලා. ඒත් එයා ඕනෑකමින් මං පස්සෙන් එන්ට හදද්දි මංම එයාව නැවැත්තුවා . මොටෝ වලව්වට යනවා කියන්නේ ආය කොයිම වෙලාවකවත් ආපිට එන්ට එයාල ඉඩ දෙයි කියලා හිතනවද.. නැ කවදාවත් නැ
බෝසර ව අප්පච්චි ළඟ නවත්තල යද්දිත් අප්පච්චි නෙවෙයි යන්නෙ කොයිද කියලවත් ඇහුවෙ . නවියා කියනව වගේ දෙයියනේ මේ හැම කරදරයක් ම මේ මං හන්දද උනේ...........?
නවියයි අසේලයියයි මගට එනකාං කියව කියව එද්දී මට තරහටම පාලනය කරගෙන හිටපු ඉවසීම නැති උනා . වලව්වට යද්දි වහල තිවනු යකඩ ගේට්ටුවත් පයින් ගහල එතන හිටපු මුරකාර සීයටත් රවාගෙන එද්දී යස අගේට හාන්සි පුටුවෙ ඈදිගෙන වලව්වෙ මුල් පුරැක ඉන්නවා පෙනෙද්දි ඒ අහලම පුත්ර රත්නයත් පේන්ට හිටියා .
මං නැවතුනේ නැ මටත් අයිතියක් තියෙනවයි කියනවලුනෙ..යද්දී උන්දෙන්නගේම ඇස් මං දිහාට්ට යොමුවෙලා පෙනෙද්දි මවාගත් ගාම්බීරත්වයකින් මාත් පඩි දෙක තුන නැගලා ඉස්තෝප්පුවට ගොඩ උනා.
*
*
*
*
🥀 ආය ඉඩ තියෙන දාසක එන්නං
po di