"මේ මොනාද මේ ආශු!!!මම කී පාරක් කිවුවද මේ tone එක හරියට එන විදිය මතක තියාගන්න කියලා!මොන කුණුහරුප ලියනවද මන්ද.අනික pinyin වලින් ද ලියන්නේ?දෙයි ලකුණු මේන් කියලා"
"ආව්.....ඕකට ඔච්චර ටොකු අනින්න ඕනය මව් බාසාව නෙවෙයි ඔය.අර අරූ ඔහොම වත් ලියල නැතුව ඇති."
"ආ හලෝ ඔව් ඔව් බං ඔය සීන් එක ගැන මන් මේ දැනුත් කල්පනා කර කර හිටියේ.විනාඩි දහයක් දීහම් මන් විස්තර ටික ඉල්ලලා දෙන්න"
නොදකින් ගොන් වස්සා. සෙතුම් බොරුවට earphone එක කටේ ගහන් කොට කොට මොනාද හොයන්න ගත්තේ ලොකු වැඩක වගේ.අදාල බාසාව මව් භාෂාව වන මිතුරෙකුගෙන් ඉගෙනගන්නවා නම් ඔබට සියලු දෙවි රැකවරණයි.පන්ති යන්න ඕනේ නැති එක ලොකු දෙයක් ඒත් ටොකු කන්න බැහැ මෙහෙම.අරුවත් ඇදලා ගන්න ගිහාම තමා ඌටත් නැති වැඩ පාත් වෙන්නෙ.මන් අහිංසක අසරණ බැල්මක් පා කර හැරලා ආපහු පොත ගත්තා.
"ලස්සනට පාඩම් කරලා ඊයේ රෑ.කොහොමද කිව්වේ මුළු පොතම උනත් අද ඉවර කරන්න පුළුවන් කියලා"
ඊයේ රෑ මට පොතකට හිත යොදවන්න බැරි එක ඉතින් හෙහේ ඔයා තමා සුදු වග කියන්න ඕන. හීන බල බල හිටියා නේ
"මොකද්ද ඔහොම බලන් ඉන්නේ.කෝ හරියට බලාගන්න ඔය වැරදුනු ඒව ටික."
එයා පේපර් එකයි පෑනයි මට දුන්නා නෙවේ දමලා ගැහුවා.ගහලා පොත දිගැරගෙන ආයේ ගානක් හදන්න පටන් ගත්තා.අම්මෝ මේවා නම් දැක්කම කලන්තේ වගේ... පිටුවක් විතර දිගට එකක් හදන්න ගියොත් මටනං අගට යනකොට මුල අමතකයි ආයේ මුල කියවලා එද්දී හදපු විදිය අමතකය හදපු විදිය මතක් වෙද්දී ආයේ මුල අමතක and so on.
අපි හිටියෙ පාක් එකේ බංකුවක ඉදගෙන මුක්කුද වගේ පොතුත් දිග ඇරගෙන.Library එකේ ඉදගෙන ඉන්න කම්මැලිකමට පාක් එකට ආවා උදේ අටේ ඉඳන් එතන දැන් හවස හතරයි.එහාපැත්තෙ නේ පාර්ක් එක.Main road එකෙන් ඇතුලට වෙන්න තියෙන ටිකේ කට්ටිය අඩුයි.ඒ නිසා නිදහසේ සිසිල් පවන් සෙවනේ වැඩක් කරන්න පුළුවන්.
"ආහ් නංගි...මේ....ඔයා නුගේගොඩ ක්ලාස් ගියා නේද"
ඒ මොකෙක්ද යකෝ ඒ. ඇස් මානෙන් තිබ්බේ සුදු සපත්තු දෙකක් දාලා කළු තඩි කලිසමක් ගහගත්තු කකුල් දෙකක්.ඔලුව හරවලා බලද්දි වැලමිට ගාවට අත නවල ඉරි ඉරි ශර්ට් එකක් ඇදලා එකේ බොත්තම් දෙක්කුත් ගලවාගෙන මාල වළලු කරාබු දාගත්ත ඉත්තැවෙකුගේ කොණ්ඩයකින් යුතු හාල්පාරුවෙක්.
කතා කළේ යොෂින්ට.හැබැයි එයා නම් එයාට නෙවේ වගේ පාඩුවෙ වැඩ.Thats my girl
"ඔයා තවත් ලස්සන වෙලා නේ නංගි."
එයා ලස්සනයි තමා ඇයි තොට autograph එකක් ඉල්ලගන්නද.මන් ඇස් දෙකත් රෝල් කරලා කට අරින්න යද්දිම යොෂින් කතා කළා.
"Excuse me , do you know me?"
"නැත්තං නංගි,මන් හැමදාම දකිනවා පන්ති ඉවරවෙළ ඔයා යනවා."
Eww....මේ මොන ගොන් රිලවෙක්ද.
"Oh sorry, but I don't know you.now please excuse us"
ඌ confuse වෙලා වගේ උඩ බීම බැලුවා.මෙයාගෙ accent එකත් අමුතුයි නේ හැබැයි ඉංගිරිසි දන්න එකෙක්ට තේරුම් ගන්න බැරි නැහැ.අනේ පලයාන්.....මෙතන ගිනිගන්න කලින් පලයාම්.....
"Babe...මන් ඔයාට cotton candy එකක් අරන් දෙන්නද"
මගේ ඇස් දෙක පොල් ගෙඩි සයිස් විශාල වෙලා ආයේ සාමාන්‍ය ගානට ආවා හැබැයි. සෙතුමා?තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න නම් දන්නවා හැබැයි.
"ආහ් නංගිගේ බොයිප්‍රෙන් දහය වසරේ ද?"
හිනා යන්නත් ඇවිල්ල මන් රවාගෙනම හිටියෙ මෙතන හිනාවෙන්න බැහැනේ.ඇත්තටම මූ මේ ටිකේ ඉස්කෝලෙ යන් නැති නිසා කොන්ඩෙත් වැවිලා, ඇදන් හිටියෙත් baggy jean එකක් එක්ක ක්‍රීම් පාට hoodie එකක්,ඉතින් පොඩි ළමයෙක් වගේ.
"What the fvck is your problem?please get out of here,and quick.or I would have to call for help the security is just over there."
අව්ස්....කෙල්ලගේ කට.පොඩ්ඩක් ඉන්න ඇයි මන් මූට තවම බැන්නේ නැත්තේ?බයගුල්ලෙක් වගේ කියලා හිතුවද දන්නේ නෑ.ඒත් මගේ කෙල්ල දියුණු වෙලානේ.අරූ සාක්කුවෙන් කොලයක් අරන් දික් කරද්දී යොෂින් අහක බලාගෙන ම හිටියා.මන් ඒක ඇදලා ගත්තා. ඌ ඔයාට නෙවේ අරයට කියලා අතින් කියලා තොලත් හපලා ගියා.මන් කොලේ ගත්තේ ආතල් එකට කියලා හිතනවාද පින්වත්නි.... නෑ මන් කොලේ තියලා ඒකෙන් කුණු වෙච්ච අඹ ගෙඩියක් අල්ලලා අරන් අරූට දමලා ගැහුවා.මෙතන රණ්ඩු වෙන්න බැහැනේ.
"අම්මෝ අම්මෝ හිච්චි බොයිපෙන්"
"මේ එන්න එපා හරිත.දැක්කනෙ මගෙ රංගන හැකියාව."
"නංගි ඔයාගේ බෝයිප්‍රෙන් දහය වසරෙද..... ඊයා හලෝ....."
"මන් ලස්සනට ඉන්න එකට ඉරිසියාව.හහ්"
"මේ?"
අපි දෙන්නගේ සිගිති වලිය මැද ට පැන්නේ යොෂින්.
"දැන් මෙතන මොකක්හරි උනේ කාට ද"
"ඔයාටනේ "
අපි දෙන්නම කිව්වේ එකපාර.
"එහෙනම් දැන් ඔය දෙන්නා මොන එහෙකට ද නටන්නේ.පාඩම් කරනවා අන්තිම මාසේවත්."
දෙන්නටම රවලා එයා කිව්වට පස්සේ ආයාලේ පීලි පැන දුවපු අපි දෙන්නා ආයෙම track එකට වැටුණා.මෙහෙමයි මන් වැටුණා කිව්වට හොරැහින් බලන් හිටියෙ යොෂින් දිහා.හම්...කොණ්ඩෙ messy bun එකක් දාලා,කහ පාට ඩේසි මල් වැටිච්ච බෝරිච්චි අත් තියෙන ගවුමක් ඇදලා,හරි ඒ ටික අවුලක් නැහැ.ඒ වුණාට ඒ ගවුමෙන් යන්තම් වැහෙන්න කකුල වල කලවා විතරයි.එයා කොහොමත් අදින්නේ එහෙම.minifrocks, Offshoulder, Mini-skirts , tanktops, tightfrocks ඕවා තමා හැම තැනටම.එයාට ඒව ලස්සනයි.ඒත් ඕනේ නැති උන් ටික ලඟට එන්නේත් ඒක නිසා.මුකුත් කියන්නත් බැහැ නොකියත් බැහැ
"මොකද කන්න වගේ බලන් ඉන්නෙ"
මන් බොරුවට රවාගේන මගෙ ජැකට් එක එයාගේ කකුල් වැහෙන්න දැම්මා.
"මේ මොකෝ අනේ ඔයාගේ ජැකට් එක මගෙ ගවුමට ගැලපෙන් නැහැ"
"අනේ ඕක දාගෙන ඉන්නවා ඊට පස්සේ වෙන ඒව ගලපන්න වෙනවා"
"පාක් යනවා කිවුව ය....කිවුව නම් මන් වෙන එකක් ඇදන් එනවා."
"පන්ති යද්දී දිගට අදින්නේ.library එද්දී තමා බැරි"
"දැන් කැතයි ද"
එයා මූණ ඇද කරගත්තා.
"එහෙම නෙවේ යොෂින්....මම කැමති නැහැ කවුරුවත් ඔයා දිහා වැරදි විදියට බලනවට.ඔයා කොහොම ඇන්දත් ලස්සනයි....ඒත් ඔයා නුගේගොඩ පළාතක යන්නෙ නැතුව දැක්කනෙ දැන්... තේරෙනවා නේ"
මෙයා ඉතින් යන්නෙ හොඳ ලොකු ලොකු මිනිස්සු ඉන්න තැන් වලනේ...ඒ මිනිස්සු කොහොම ඇන්දත් අමුතු විදියට සලකන්නේ නැහැ....පාක් එකේ ඉන්න පුළුවන් ඔක්කොම හාල්පරුවෝ ඉන්නවා.පන්ති යනකොට පාක් එකට නැත්තං නිකන් කඩේකට යනකොට එහෙම මෙයා කරන fashion කරන් යන්න මේ දූපත් ලෙඩ්ඩු ඉන්නකම් බැහැ.
"Hush - "
අපි දෙන්නම ඒ සද්දෙ ආපු දිහාට ඇස් යොමු කරහම ඌ කන් දෙකේ සිට රතු කරන් කටත් වහන් ඉන්නවා.අනික් අතේ ෆෝන් එක.
"මොකද ඕයි."
"නෑ නෑ මුකුත් නැ.tiktok බල බල හිටියෙ."
"උබ ට tiktok ම තමා.ඔහොම යමංකෝ පුතා. ම - "
"ඒ මන් කෝල් එකක් අරන් එන්නම් ටක් ගාලා "
මෙන්න මූ ඒ පාර ගියා.හරිම අගෙයි.උත්කෘෂ්ඨ යි.කියන්නෙත් නැහැ මොනවා කරනවද මන්ද. යොෂිනුයි මමයි මූනෙන් මූණ බලාගත්තේ මේ මොන මගුල ද මේ කියලා හිත හිතා. ඌ කෝල් ඒක අරන් ඇගිල්ල ත් උළුක් කරගෙන බනිනවා කාටද මන්ද.මුගෙන් බල කර කර මුකුත් අහන්නත් බැහැ අඬන්න ගන්නවා.කියයි නේ හිතුනු දවසක.මන් ආයෙ පොතට මූණ ඔබා ගත්තා.
"නිදීමතයි....."
ඒ විනාඩි පහකට පසු මම.ඇත්තටම මන් ජීවිතේට මෙහෙම දවසම වැඩ කරලා නැහැ.හෙනම මහන්සි ඔළුවත් බරයී වගේ.මන් යොෂින්ගේ ඔඩොක්කුවෙ ඔලුව තියන් ඇස් දෙක වහගද්දී මට දැනුනා යොෂින් මගේ ඔලුව හිමීට අතගානවා.විනාඩි පහක්.....දහයක් යන්න ඇති.... සෙතුම් ඇවිල්ල ඉදගන්නවා ත් මට දැනුනා.මේ දෙන්නා මට මෙහෙම නිදහසේ ඉන්න දෙන්නෙ නැහැ සාමාන්‍යයෙන්?මන් යොෂින්ගේ පැත්තට ඔලුව හරවලා ඇස් අරිද්දි එයත් හිටියෙ මගෙ දිහා බලන්.එයාගේ ඇස් දිලිසෙනවා...ඒ කදුළුද!!!?
"එ....මේ මොකද යොෂින්? අඩනවද?"
"න්.. නැ මේ ඇස් දනව ගොඩක් වෙලා පොත් දිහා බලන් ඉදලා වෙන්නැති"
මන් සෙතුම්ගේ දිහාට හැරෙද්දී එයත් හිටියෙ මන් වගේම confuse වෙලා.
"බොරු කියන්න එපා...මේ රතු වෙලත් එක්ක.මොකද එකපාරට?"
එයාගේ කම්මුල් වලින් අත් තියලා ඒ ඇස් දිහා බලන් අහද්දි එක කදුලක් ඇස් කොනින් රුටල ඇවිල්ල මගේ අතට වැටුණා.එයා ඒත් එක්කම ලාවට හිනා වුණා.
"මුකුත් නැහැ....අනේ මන්දා"
"යොෂින්!!! ඔයාට මට කියන්න බැරි තරම් දෙයක් තියෙනවද"
එයා මුකුත් නොකියා මාව බදා ගත්තා.මුකුත් නොකියා ඔහොම අඬන්න එපා angel!! මගෙ පපුව කීතු කීතු වලට ඉරිල යනවා වගේ දැනෙන්නෙ.
"ඔයා මන් ගැන වදවෙන තරමට මට කවදාවත් ඔයාට අවදානේ දෙන්න බැරිවුණා ආශු.මන් පොඩ්ඩක් හරි ඔයාගෙ ප්‍රශ්න දැනගෙන හිටියා නම්...ඔයා එක්ක කතා කරා නම් එදා එහෙම නොවෙන්න තිබ්බා....නේද...."
"මොනාද කියවන්නෙ මේ ඔයා නැතුව වෙන කවුද මන් ගැන වද වෙන්නෙ.මොකද එකපාරට ඕවා මතක් වෙන්නෙ යොෂින් ඒ වෙලා ඉවර දේවල්"
"මේ පැල්ලම දකින දකින ගානට මට තරහයි මන් ගැනම.දෙවෙනි පාරටත් ඔයාට ඕනෙම වෙලාවක මන් ළග හිටියෙ නැහැ නේද ආශු..."
එයා කිව්වේ කෙලින් වෙලා මගෙ කොණ්ඩෙ අතරින් තවමත් පොඩ්ඩක් ඉදීමිල තියෙන තුවාල පැල්ලම හිමිහිට අල්ලන ගමන්. මෙයා කොච්චර positive උනත් වෙලාවකට පොඩි පොඩි දේවල් මතක් කරගෙන එකපාරට මූඩ් එක වෙනස් කරගන්නවා...එයාගෙන් වැරද්දක් උණාද කියලා හිතනවා....ඒ වෙලාවට මාත් ගොළු වෙනවා.මම කොහොමටවත් ම කෙනෙක් ගේ හිත හැදෙන විදියට කතා කරන්න දන්න කෙනෙක් නෙවෙයි.
"මේ ඕක වෙලා කොයි කල්ද දැන්.ඔයා ළග ඉන්න නිසා තමා මන් මේ හොඳ මූඩ් එකක ඉන්නෙ.ඔහොම ඔයාගෙ පිට ඕවා දාගන්න එක නතර කරන්න ...හරිද"
ආයෙම එයාව තුරුල් කරගෙන පොඩි වෙලාවක් ඉදලා එයාගේ හිස් මුදුනෙන් මන් පොඩි හාදුවක් තිබ්බෙ නොදැනෙන ගානට.
"අහ්ම්....මන් අදෘශ්‍යමාන ද"
සිකේ පොඩ්ඩක් ඉන්න දෙන්නෙ නෑ මේක.මන් ඒ පැත්ත හැරිලා බලද්දී ඌ හිටියෙ ඇස් දෙක හීනි කරන් මාව තෙල් දාලා කන සීන් එකේ.හුටා!!!මන් දැන් යොෂින්ව සනසන්න ඔයා නැතුව වෙන කවුරු බලන්නද බ්ලා බ්ල ගගා කියෙවුවා නේද!!!උබ අද ඉවරයි පුතේ. යොෂිනුත් ඇහැක් ගහලා මගෙන් ඈත් වෙද්දී මන් කකුල් දෙකට වැදල දුවන්න ලෑස්ති උනා.මුත් ජෙලි බාල්දියක් නෙ.
"මෙච්චර දේවල් කරන මට කවදාවත් ඔහොම හොඳ කියලා තියෙනවද!!....bla bla bla bla bla bla bla bla.
.
.
.
.
.
.
.
.
.
මටත් දුවන්න වෙනෝ....සමාවෙන්ට හරිත මන් නිදහස් වෙලාවක් සෙට් උන ගමන් එනෝ.මේකයි එකක් පාසල් අධ්‍යාපන කටයුතු.අනික මගේ ෆෝන් එක හබක් වෙලා මේ එන්නේ අම්මාගේ එකෙන්.ඉංහි ඉංහි
Byee luv u