අපූර්ව ✔️

By TaraNemeth9

99.3K 17.3K 2.9K

මියැදුණු සෙනෙහසක නැවත පුනරාගමනය.....🌼 More

හැදින්වීම...🌻
පළමු දිගහැරුම ❄️
දෙවනි දිගහැරුම ❄️
තුන්වෙනි දිගහැරුම ❄️
හතරවෙනි දිගහැරුම ❄️
පස්වෙනි දිගහැරුම ❄️
හයවෙනි දිගහැරුම
හත්වෙනි දිගහැරුම ❄️
අටවෙනි දිගහැරුම ❄️
නවවෙනි දිගහැරුම ❄️
දහවෙනි දිගහැරුම ❄️
එකොලොස් වෙනි දිගහැරුම ❄️
දොළොස් වෙනි දිගහැරුම ❄️
දහතුන් වෙනි දිගහැරුම ❄️
දාහතරවෙනි දිගහැරුම ❄️
පහළොස් වන දිගහැරුම ❄️
දාසය වෙනි දිගහැරුම ❄️
දා හත්වෙනි දිගහැරුම ❄️
දහ අටවෙනි දිගහැරුම ❄️
දහ නවවෙනි දිගහැරුම ❄️
විසිවෙනි දිගහැරුම ❄️
විසි එක්වෙනි දිගහැරුම ❄️
විසි දෙවෙනි දිගහැරුම ❄️
විසි හතරවෙනි දිගහැරුම ❄️
විසි පස්වෙනි දිගහැරුම ❄️
විසි හයවෙනි දිගහැරුම ❄️
විසි හත්වෙනි දිගහැරුම ❄️
විසි අටවෙනි දිගහැරුම ❄️
විසි නවවෙනි දිගහැරුම ❄️
තිස්වෙනි දිගහැරුම ❄️
තිස් එක්වෙනි දිගහැරුම ❄️
තිස් දෙවෙනි දිගහැරුම ❄️
තිස් තුන්වෙනි දිගහැරුම ❄️
තිස් හතරවෙනි දිගහැරුම ❄️
තිස් පස්වෙනි දිගහැරුම ❄️
තිස් හයවෙනි දිගහැරුම ❄️
තිස් හත්වෙනි දිගහැරුම ❄️
තිස් අටවෙනි දිගහැරුම ❄️
තිස් නවවෙනි දිගහැරුම ❄️
හතලිස් වෙනි දිගහැරුම ❄️
හතලිස් එක්වෙනි දිගහැරුම ❄️
හතලිස් දෙවනි දිගහැරුම ❄️
හතලිස් තුන්වෙනි දිගහැරුම ❄️
හතලිස් හතරවෙනි දිගහැරුම ❄️
හතලිස් පස්වෙනි දිගහැරුම ❄️
හතලිස් හයවෙනි දිගහැරුම ❄️
හතලිස් හත්වෙනි දිගහැරුම ❄️
හතලිස් අටවෙනි දිගහැරුම
49. special chapter ( අනාගතෙන් එක දවසක්)

විසි තුන්වෙනි දිගහැරුම ❄️

1.8K 342 41
By TaraNemeth9

බංගලාවට එන කදු පාර දිගේ තනියම ඇවිදන් ආව එක ඇගට වගේම හිතටත් ව්‍යායාමයක් වගේ....
වතිලට බංගලාවේ ගේට්ටුව අරින මොහොත එද්දි ටිකක් මහන්සි දැනුනත් එයාව සන්සුන් වෙලා.....
හැමදේම හරියාවි කියලා හිතන මට්ටමට එයාගෙ හිත ආපහු හැදිලා...

ඉතින් එයා බංගලාව ඇතුලට ගිහින් පහන්‍යාට හාද්දක් දීලා එයා එක්ක හිනාවෙද්දි ඒ හිනාව හිතේ කහටක් නැති සම්පූර්ණ හිනාවක්....

ඇත්තටම මිනිස්සු හැමවෙලේම හිනාවෙන්නෙ මුළු ජීවිතේම රෝස මල් යහනාවක් වෙලා තියෙද්දිම නෙවේ...
හිනාවෙන්න හේතු අඩු මිනිස්සු එකම එක හේතුවක් හරි හොයන් හිනාවෙනවා.... වතිලත් ඒ වගේ.....
අඩන්න කොච්චර හේතු තිබ්බත් හිනාවෙන්න හේතු හොයනවා...

මෙ වෙලාවෙ වතිලගෙ හිනාවට හේතුව එයා ඉදගත්ත ගමන්ම  එයාගෙ උකුල උඩ වාඩිවෙලා තොරතෝංචියක් නැතුව හුරතල් කතා කියන්න පටන් ගත්තා......

මිනිස්සු කීවට දුවෙක් ඕනෙ අවසාන මොහොතෙදි වතුර උගුරක් හරි දෙන්න කියලා ඒක එහෙම නෙවේ....
තාත්තෙක්ගෙ හිනාවට හේතුව දුවෙක්ගෙ හුරතලේ...දුවෙක්ගෙ ආදරණීයකම..... ඒ හැගීම්බර ලොකු ඇස්...

පහන්‍යාගෙ පුංචි අත් වතිලගෙ මූණ පුරා යනවා... තොල උඩින් තියෙන පුංචි පුංචි රැවුල් කොට වලින් අදිනවා.. කොණ්ඩෙන් අදිනවා....
වතිල පහන්‍යාගෙ පුංචි පුංචි කෝලම් වලට ඉඩදීලා බලන් ඉන්නවා...

ඉතින් වතිල එදා හවස් වරුවම ගතකරේ පහන්‍යාගෙ ස්කූල් වැඩ කියලා දෙන්න...... හුග කාලෙකින් ඒ වැඩ බලලා නෑ...
කොළඹ ඉදිද්දි ඒවා බැලුවෙ රොහානි නිසා වතිලට හුරුත් නෑ....
ඒත් පහන්‍යාගෙ අම්මයි තාත්තයි දෙන්නම වෙන එක දැන් වතිලගෙ වගකීම....

ඉතින් හවස හය විතර වෙද්දි පහන්‍යාගෙ කාමරේ පහන්‍යාගෙ ඇද උඩ පොත් වටේට තියාගෙන ඉදන් තාත්තය් දූයි දෙන්නම  ස්කෝලෙ වැඩ.....
වතිල පහන්‍යාගෙ පොත් වල මැද තියෙන හිස් පිටු මොනවටද අහනවා..
පහන්‍යාගෙ හොර බැල්මවල් වලට රැවටෙන්නෙ නැතුව එයාගෙ පොත් වල වැරදි හදනවා....
දෙන්නම එකතු වෙලා හිනාවෙනවා...

"ඩැඩී දන්නවද මම ආසම සබ්ජෙක්ට් එක..මං ආසම ඉංග්‍රීසි වලට.... "

පහන්‍යා ඔලුව වන වන කියනවා.....

පහන්‍යාගෙ ගණිත පොත බලන ගමන් ඉදිය වතිල ඔලුව උස්සලා දූ ගෙ මූණෙ හිනාව දිහා බැළුවා...

"ඒ මොකෝ.....ඉංග්‍රීසි ලේසිද.."

"අපෝ නෑ...ඒක වෙන හේතුවක් ...හරිද...මං එදා කීවෙ....ඉංග්‍රීසි මිස් ට බබෙක් ලැබෙන්න කියලා....ඉතිං ඒ වෙනුවට හැමදාම සිකුරාදාට ඉස්කෝලෙ අමතර ඉංග්‍රීසි ක්ලාස් එකක් තියෙනවා...ශාධි අංකල් තමා උගන්නන්නෙ.... සිළුමිණී නැන්දත් උදව් කරනවා...ඒ දෙන්නා ශෝක්නෙ අනේ...."

වතිලට ඒක අමතක වෙලා තිබ්බෙ...
එක පාරක් පහන්‍යා කීවා තමා ශාධිත්‍ය ස්වේච්ඡා ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා කියලා...

ශාධිත්‍ය ගුරුවරයෙක් හැටියට කොහොම ඇත්ද..... වතිලගෙ හිත මවන්න ගත්තා....
සුදු අත් දිග ෂර්ට් එක වැලමිට ළගින් නවලා... ෂර්ට් එකේ උඩ බොත්තම ඇරලා.... අතේ වේවැලකුත් තියන්...
නෑ නෑ වේවැල ඕනෙ නෑ.....එතකොට  වෙන වෙන ඒවා හිතෙනවා.....
එයා ලස්සන ඇති එහෙම....

වතිල කල්පනා කලේ නිකටටත් අතක් තීයාගෙන...

"ඩැඩී... ඩැඩී....මොනවද අනේ ඔයා හිතන්නෙ..මං කියන ඒවා අහගෙනත් නෑද කොහෙද ඔයා...."

පහන්‍යා වතිලගෙ අත්ගොබේක එල්ලිලා නෝක්කාඩුවෙන් වගේ අහද්දි තමා වතිල පියවි සිහියට ආවෙ....

"නෑ නෑ අහන් ඉන්නෙ දූ.....එයා හොදට උගන්නනවද...."

"ඔව්... ඩැඩී දන්නෑ මට කොච්චර ආඩම්බරද කියලා... ඒ මගේ අංකල්නෙ..."

වතිල පහන්‍යාගෙ ඔලුව අතගෑවා..

"ඒ ඔයාගෙ ඇත්තම අංකල් නෙවේනෙ....ඔයාගෙ අංකල් පන්සිළු.."

පහන්‍යා ඔලුව වැනුවෙ දුකෙන් වගේ..

"ම්ම්...ඒකත් ඇත්ත.... ඩැඩී අහන්නකෝ..අහන්නකො ඉතිං..
ශාධි අංකල් මගේ ඇත්තම අංකල් නෙවෙයිනං ඩැඩීට අමතරව මට තව ඩැඩී කෙනෙක් තියාගන්න බෑද කියන්නකො... එයා මට කවනවා..තව නිදි කරවනවා..සෙල්ලම් කරනවා..කතන්දර කියනවා...ඩැඩී කෙනෙක් කරන ඔක්කොම දේවල් කරලත් එයාට අංකල් කියන එක අසාධාරණයිනෙ...නැද්ද කියන්නකො.. "

වතිල පහන්‍යා දිහා බැලුවෙ කියන්න දෙයක් හිතාගන්න බැරුව....
පහන්‍යාට දැනුනෙ නෑ වතිලගෙ හිත අස්සෙ අකුණක් කොටපු හැටි... මුකුත්ම කියාගන්න බැරිව එයාව ගොලුවුණ හැටි....

"එයා දෙමළනෙ.. ඉතිං එයා ඩැඩී නෙවේ අප්පා ... එතකොට අපි දෙන්නා අප්පායි දූයි නෙ... මට මමීත් නෑනෙ.... ඉතිං එයාත් ඉන්නවනං මට ඩැඩී කෙනෙකුයි අප්පා කෙනෙකුයි දෙන්නෙක් ඉන්නවනෙ....ඉතිං එයා අප්පා!!..ඔයා ඩැඩී!!!....යේ..!!"

පහන්‍යා එහෙම කියලා නැගිටලා අත්පුඩියකුත් ගහලා වතිල වටේට කැරකුණේ ලොකු හිනාවක් එක්ක..

පහන්‍යාගෙ ඒ සතුට ඉස්සරහා ඒ අහිංසක බලාපොරොත්තුව කඩලා දාන්න වතිලට පුලුවන්ද....

එයා ට පුලුවන් වෙයිද පුතේ ඔයාගෙ අප්පා වෙන්න... එයාට ඔයාගෙ අප්පා වෙන්න ඕනෙ නං මං තරං වෙන කවුරුත් ඒ තරං සතුටු වෙන එකක් නෑ...එත් එයාට ඕන වෙන එකක් නෑ ඔයාගෙ අප්පා වෙන්න..... මම එයාව අතෑරලා  ඔයාගෙ අම්මව බදිනකොට එයා කොච්චර වේදනා විදින්න ඇත්ද??
ඉතිං පැටියො මං කොහොමද ඔයාව එයාගෙ දුවෙක් විදිහට හිතන්න කියලා ඉල්ලන්නෙ......

වතිල හිතින් හිතුවත් පහන්‍යාට මුකුත් කීවෙ නෑ....එයාගෙ හිතට දැනුන වේදනාව වහගෙන හිනාවුණා විතරයි....

වතිලයි පහන්‍යායි දෙන්නා ස්කූල් වැඩ ඉවර කරලා පහළට ගිහින් රෑට කෑවා... කාලා ටික වෙලාවකින් තමා දැක්කෙ පන්සිළු එක්ක රෑ වෙලා ශාධිත්‍යත් බංගලාවට ඇවිත්..... එයාලා දෙන්නා අනිත් කෑම මේසෙ කන්න ඇති..

හවස වුණ දේ මතක්වෙලා වතිලගෙ මූණ ආයෙ රතු වෙන්න පටන් ගත්තා...

නෑ නෑ...මම මොකටද ලැජ්ජා වෙන්නෙ.. ඔව් මං හොරෙන් අහන් හිටියා තමා...ඒක සිගිති වැඩක් තමා..
ඒත් ඉතිං මාව බල්ලෙක් විදිහට හිතන් ඉන්න මිනිහා ඉස්සරහා බූරුවෙක් වගේ හැසිරුණාට මොකද...
එයා කොහොමත් එහෙමනෙ හිතන්නෙ...

ඉතිං ශාධිත්‍ය එයා දිහා බලද්දි වතිල අතුත් බැදගෙන ආපහු ශාධිත්‍ය දිහා බැලුවෙ රවාගෙන.....
ශාධිත්‍ය නං ඒ රැවිල්ලෙනුත් විනෝද වෙනවද කොහෙද....
එයාගෙ කේන්තියයි ස්ට්‍රෙස් එකයිත් දැන් නෑ වගේ....එයාගෙ මූණ සැහැල්ලුයි...

ශාධිත්‍ය සැහැල්ලුවෙන් කියලා දැක්කම වතිලගෙ හිතේ මෙච්චර වෙලා හිරවෙලා තිබ්බ හැගීමක් නිදහස්වුණා වගේ වතිලට දැනුනා...
ශාධිත්‍ය හිතේ අවුළෙන් ඉන්නකොට වතිලටත් ඒක ටිකක් අවුල් වගේ...

ශාධිත්‍ය ඇතුලට එනවා දැක්ක ගමන් තරගෙට එයා ළගට දුවන් ගියේ නිහාරියි පහන්‍යායි දෙන්නම....

නිහාරි ශාධිත්‍යගෙ එක අතක එල්ලුණේ මොනවද ගෙනාවෙ අහන්...
පහන්‍යා එයාගෙ අනිත් අතේ එල්ලිලා වඩා වඩා කියලා කෑ ගහනවා...

ශාධිත්‍ය දෙන්නවම සන්සුන් කරලා නිහාරි අතට කඩදාසි බෑග් එකක් දීලා පහන්‍යාව අත් වලට ගත්තා....

පන්සිළු වතිල ළගට ඇවිත් වතිලට එහා පැත්තෙන් ඉදගත්තා....

"හම්මෝ....අද නං මහන්සි ....පඩි ප්‍රශ්නයක් විසදන්න වුණා මට... ශාධිත්‍යවත් උදව්වට තියාගත්තා...."

වතිල ඔලුව වැනුවත් එයාගෙ අවධානෙ තිබ්බෙ සාලෙ පැත්තක ඉදන් හිටිය ශාධිත්‍යගෙ උකුලෙ වාඩිවෙලා හුරතල් වෙවී හිටිය පහන්‍යා ළග....

"මොනාද බලන්නෙ... ආ පහන්‍යා දූ!!....
එයාව බලන්නමයි ශාධිත්‍ය අද ආවෙ..
කෙල්ල නැතුව පාළුයිලු....එයත් එක්කම තියාගන්න හිතෙනවලු..."

වතිලට පහන්‍යා දවල් කියපු කතාව මතක් වුණා...
වතිල පන්සිළු දිහා බලලා රැව්වා...

"පහන්‍යා මගේ දුව.... එයාගෙ නෙවේ.."

වතිලගෙ මූණ දිහා බලන් පන්සිළු හිනාවුණා...

"අප්පෝ අයියෙ...පොඩි එකෙක් වගේ ඉරිසියා කරන්න එපා..."

වතිල ආයෙත් පන්සිළුට රවලා ශාධිත්‍යයි පහන්‍යයි දිහා බලන් හිටියෙ හිත අස්සෙ හැංගිච්ච මහා ලෝභකමක් එක්ක...

වතිලගෙ හිතේ යන්තමටවත් ඉරිසියාවක් නෑ.... එයා ඒ බැදීමට ආදරේ කලා...
පහන්‍යා එයාගෙයි ශාධිත්‍යගෙයි දෙන්නගෙම වුණා නං....
හිත අස්සෙ හීනියට ඇහුණ කටහඩකින් වතිලට කෙදිරුවා....

එකම ලේ වෙන්න ඕනෙ නෑ.... ඒත් වතිලට ඕනෙ වුණා ශාධිත්‍ය එක්ක දරුවෙක්ව බෙදාගන්න.....

ඒත් ඒ හැමදේම හීන වෙච්චි කොට ඒ ආදරණීය හැගීම යටපත් කරලා පිටින් ඉරිසියා කරන එක ලේසියි...

රෑ නවයත් පහුවෙලා... තාමත් නිහාරියි පහන්‍යායි ශාධිත්‍ය වටේ දැවටි දැවටි ඉන්නවා... ශාධිත්‍යටත් වෙලාව ගැන කිසිම ගාණක් නෑ...

වතිල නැගිටලා පහන්‍යා ළගට ගියා..

"දූ ....නිදාගන්න යංද....හෙට ස්කූල් තියෙනවනෙ..."

"අයියෝ....තව චුට්ටක් ඉන්නකො...මේ සෙල්ලම ඉක්මනට ඉවර වෙනවා..."

පහන්‍යා කීවෙ දාදු කැටයක් නයි පෙත උඩම පෙරළන ගමන්..
එයා වතිල දිහාවත් බැලුවෙ නෑ...

"ඒකනෙ...ඒකනෙ...."

ශාධිත්‍යත් හූමිටි තිබ්බා....

ශාධිත්‍යවත් පහන්‍යාවත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් වතිලට අවධානයක් දුන්නෙ නෑ....

"පහන්‍යා...පරක්කු වෙනවා දරුවො.."

වතිල විනාඩි දහයකින් විතර ආයෙ කීවා...

"තව චුට්ටයි අනේ..."

ශාධිත්‍යගෙවත් පහන්‍යාගෙවත් සෙල්ලම ඉවර කරන්න ලෑස්තියක් නෑ වගේ...

"පහන්‍යා ...කීවම අහනවා... මටත් වෙන වැඩ තියෙනවා..."

වතිල තුන්වෙනි පාර කීවෙ ටිකක් තදින්...

ශාධිත්‍ය සෙල්ලම නවත්තලා වතිලට රැව්වා...

"දරුවට කෑ ගහන්නෙ මොකද....
ඒ දරුවත් කැමතියිනෙ ඉදහිට සෙල්ලමක් එහෙම කරන්න...අල ගෙඩියක් වගේ ඉදගෙන මනෝ පාරවල් ගහන්න කැමති නෑ පොඩි දරුවො..."

ශාධිත්‍ය විහිලුවට වගේ හිනාවෙවී කීවෙ ඇනුම් පදයක්ද මන්දා..
වතිලට හිතුණෙ එහෙම..... ඇයි වතිල හොද තාත්තා කෙනෙක් නෙවෙයි කියලද ඒ කීවෙ.....

දවල් වෙච්ච සිදුවීමයි එයාට ශාධිත්‍ය බැනපු හැටියි ඔක්කොම වතිලගෙ හිත අස්සෙ ඔච්චර වෙලා කැකෑරි කැකෑරිනෙ තිබ්බෙ.....ඉතින් වතිලගෙ ඉවසීමෙ අවසාන සීමාවට ඇවිත් තිබුණා....
සමහර විට එයාට ඕන වෙන්න ඇති ශාධිත්‍යයටත් රිද්දන්න....

ඉතින් වතිල ශාධිත්‍යගෙ වචන ඉස්සරහා පසු බැස්සෙ නෑ....

එයා පහන්‍යා බෑ කියද්දිම එයාව අත් දෙකට අරන් වඩා ගත්තෙ එයාලා සෙල්ලම් කර කර හිටිය ස්නේක් ඇන්ඩ් ලැඩර්ස් බෝඩ් එකේ ඉත්තො පෙරලෙද්දි......

"මගේ දරුවා හදන හැටි මම බලාගන්නං ශාධිත්‍ය... ඔයා පහන්‍යාගෙ තාත්තා නෙවෙයිනෙ ඒවා තීරණේ කරන්න ... ඒක මගේ වැඩක්...ඒ නිසා සීමාවෙ ඉන්න..."

ඒ වචන ටික පිටවුණු හැටියෙම වතිලට තේරුණා එයා කීව වචන කොච්චර නපුරුද, කොච්චර සැරද  කියලා.....

ශාධිත්‍යගෙ මූණ එක පාරටම වෙනස් වුණා.... මොහොතකට කලින්  මූණෙ තිබ්බ හිනාව නැත්තටම නැති වෙලා ගියා...
එයාගෙ ඇස් මහ අමුතු වේදනාවකින් පිරිලා එක පාරටම හැගීම් විරහිත වුණා...

"තමුන් ඉස්සර වගේමයි වතිල...ඉස්සර වගේමයි...තමුසෙගෙ වචන පිහිතුඩු වගේ....."

ශාධිත්‍ය කීවෙ හයියෙන් නෙවේ හෙමින්...හරියට එයාට සද්දෙන් කතා කරලා පහන්‍යාව බය කරන්න ඕනෙ නෑ වගේ....

පහන්‍යාට කියපු දේවල් ලොකුවට නොතේරුණත් එයාට තේරුණා එයාගෙ ඩැඩියි ශාධි අංකලුයි තරහා වෙලා කියලා...
ඉතින් එයා අඩන්න පටන් ගත්තා...

"ඩැඩී.. ඩැඩී...අප්පට බනින්නෙපා... ශාධි අංකල් මගේ අප්පා වෙන්න කැමතිත් වුණා...අනේ...මම කියන දේ අහන්නං..එයාට බනින්නෙපා.."

වතිල ගොලු වෙලා බලන් හිටියා.....
එයාට ශාධිත්‍ය ගෙන් සමාව ඉල්ලන්න ඕනෙ... ඒත් එක පාරටම මුකුත් කියාගන්න බැරුව එයා ගොලුවුණා...

ශාධිත්‍ය වතිල අතේ හිටිය පහන්‍යා දිහාට නැවිලා එයාට හාදුවක් දුන්නා..

"මම ආයෙ එන්නං දූව බලන්න...මම තරහා නෑ දූ....දැන් රෑ වෙලානෙ..මම යන්නං..."

ශාධිත්‍ය පහන්‍යාගෙ මූණ අතගාලා කියලා යන්න හැරුණා...

වතිල දුවගෙන ගිහින් පහන්‍යාව පන්සිළු අතට දීලා ශාධිත්‍ය පිටිපස්සෙන් එළියට දිව්වා...

ශාධිත්‍ය පයින්ම ගේට්ටුව ළගට යනවා වතිල බලාගෙන..

"ශාධිත්‍ය...ශාධිත්‍ය....මට සමාවෙන්න.... හිතලා නෙවේ කීවෙ...මට තරහට කියවුණේ..."

වතිල ගේට්ටුව ළගදි ශාධිත්‍යගෙ අතින් අල්ලලා ඇද්දෙ ශාධිත්‍යව නවත්තගෙන එයාගෙ මූණ දිහා බලලා සමාව ඉල්ලන්න ඕනෙ වුණු නිසා...

ඒත් ශාධිත්‍ය වතිලගෙ අත ගසලා දැම්මෙ වතිලව පැත්තකට විසි වෙද්දි...

"ඒක තමා හෙණේ වතිල...තමුසෙ හිතන්නෑ කිසිම දෙයක්...ඔහේ වචන විසිකරනවා කිසිම හේතුවක් නැතුව.....කිසිම වැරැද්දක් නොකරන අයට...ඒවට අනිත් මිනිස්සුන්ට කොචිචර රිදෙනවද කියලා හිතන්නෑ..
අපි දෙන්නා අතර ඕන දෙයක්...ඒත් අර පුංචි කෙල්ල ....මම දන්නෑ වතිල..
ඒත් මේ පුංචි දවස් ටිකට ඒ පොඩි කෙල්ල මගේ පපුව අස්සටම රිංගලා...
හරියට ඉස්සර උඹව දැනුනා වගේ...
ඒ ඇස් දෙකමයි... ඒ මූණමයි....ඉතින්
මම මට අයිති නැති අයිතියක් හොයන්න ඇති....තැන්ක් යූ මම එතනට අයිතියක් නෑ කියලා තේරුම් කරලා දුන්නට...."

එහෙම කීව ශාධිත්‍ය හැරිලා යන්න ගත්තා....

දැන් රෑ වෙලා....හතරවටටම කළුවරයි... ළාවට එළියක් එන්නෙ තාමත් සම්පූර්ණයෙන් පිරිලා නැති අටවක හදෙන් විතරයි....

වතිල ශාධිත්‍ය පිටිපස්සෙන් දුවගෙන ගිහින් එයාව පිටිපස්සෙන් බදාගත්තා..

"අනේ....පහන්‍යාගෙන් ඈත් වෙන්න එපා... මට කොහොම සැලකුවත් කමක්නෑ...ඒත් පහන්‍යාට එයාගෙ අප්පාව නැති කරන්න එපා.... එයාට එයාගෙ අම්මවත් නැති වුණා...මගේ මෝඩකම් නිසා එයාගෙන් ඈතට යන්න එපා...මට සමාවෙන්න...දහස් වාරයක් සමාවෙන්න ඒ වචන වලට...
මම හැමදාම හිතේ එකක් තියෙද්දි කටින් කියන්නෙ වෙන දෙයක්...  පහන්‍යාගෙ අප්පා වෙන්න....වෙන මුකුත් මට එපා...."

ශාධිත්‍ය වතිලගෙ අත් දෙක අයින් කරලා වතිලගෙන් ඈත්වුණා...

"මතකයි නේද මම මුලින්ම කීවා...අපි අතර මොන ප්‍රශ්නෙ වුණත් මම දරුවගෙන් ඒක පිරිමහන්නෙ නෑ කියලා... ඒ නිසා බයවෙන්න දෙයක් නෑ....මම පහන්‍යාගෙන් ඈත් වෙන්නෙ නෑ...ඒත් මට පහන්‍යාගෙ අප්පා වෙන්න බෑ වතිල..... මම එයාගෙ අංකල් වෙලා ඉන්නං... එයාට ඕනවට වඩා ළං වෙලා නැති අයිතියක් ළං කරගෙන එයාටයි මටයි දෙන්නටම රිදෙනවට මම කැමති නෑ......"

එහෙම කීව ශාධිත්‍ය වතිල දිහා එක පාරක් හැරිලා බැලුවා....

"තමුන් පලවෙනි නීතිය ආයෙ කැඩුවා..අවසර නැතුව මාව ඇල්ලුවා.. අනිද්දා හාෆ් ඩේ දවසෙ ඒකට පනිෂ්මන්ට් එක විදින්න ලෑස්ති වෙන්න..."

වතිල ශාධිත්‍ය යන දිහා අත් දෙකත් බැදගෙන බලන් හිටියා......

සමහර වෙලාවට මගේ හතුරා මමමයි....වෙන කවුරුත් නෙවේ...
වතිලට එහෙම හිතුණා....
එයා පොඩි කාලෙ ඉදලම එයාගෙ හිතේ තියෙන හැගීම් , දුක හංගගෙන ඒ හැගීම් කේන්තිය විදිහට පිට කරන්න පුරුදු වුණ කෙනෙක්...
කොච්චර උත්සාහ කරත් ඒ ගතිය වෙනස් කරගන්න අමාරුයි...

රෑ හුළං නිසා ආව සීතලට වතිලව ළාවට වෙව්ලද්දි බර වෙච්ච හිතෙන් වතිල ගේ ඇතුලට ආවා....

පහන්‍යා තාමත් පන්සිළුගෙ අතේ....එයා තාමත් අඩනවා...
වතිලට ආයෙමත් මහ කාලකණ්ණි හැගීමක් දැනෙන්න ගත්තා....
ශාධිත්‍යයි පහන්‍යායි දෙන්නම එයා නිසා දුක් වෙනවා ...

වතිල පහන්‍යා ළගට ගිහින් පන්සිළුගෙන් එයාව ගන්න හැදුවා..

"ඔයා නපුරුයි ඩැඩී...ඔයා නපුරුයි..ඔයා ඉස්සරත් මෙහෙමයි.. මමී එක්කත් රණ්ඩු වෙනවා...දැන් අප්පා එක්කත් රණ්ඩු වෙනවා....අප්පා ආයෙ මට කතා කරන එකක් නෑ..."

පහන්‍යාගෙ වචන වලට මෙච්චර වෙලා කදුළු හිරකරන් හිටිය වතිලගෙ ඇස් වලින් කදුළු එන්න පටන් ගත්තා..

පන්සිළු මුකුත් නොකියා පහන්‍යාගෙ පිටට තට්ටු කරලා එයාව සනසලා වතිලට ලේන්සුවක් දුන්නා...

"දූ... ඩැඩීට සමාව දෙන්න....මම ශාධිත්‍ය අංකල්ට කතා කරා...එයා දූ එක්ක තරහා නෑ...හරිද.... ඩැඩීට සමාව දෙන්න දූ..."

පන්සිළු පහන්‍යා ව පොඩ්ඩක් එහාට කරලා එයාගෙ මූණ දිහා බැලුවා...

"ඩැඩී අතින් වැරදීමක්නෙ වුණේ දූ..එයා සමාව ඉල්ලුවනෙ...කෝ ඉතිං..ඒ ඔයාගෙ ඩැඩීනෙ...තරහා වෙන්න එපා....."

පහන්‍යාව සන්සුන් කරන්න ටික වෙලාවක් ගියා...ඒත් අන්තිමට පහන්‍යා වතිලගෙ අතට ආවම එයා පහන්‍යාව කිටි කිටියෙ තුරුල් කරගත්තා....

අවුරුදු ගාණක් පුරාවට වතිලගෙ ජීවිතේ එකම ආලෝකය වුණේ මේ පුංචි කෙල්ල...

එයා ඉපදෙන්න හිටිය කාලේ රොහානිගෙ බඩට තද වෙද්දි පෙනිච්ච චූටිම චූටි අතක හැඩේ දැකලයි වතිල පහන්‍යා එක්ක මුලින්ම ආදරෙන් බැදුණේ... තාමත් ඒ දවස වතිලට ගලේ කෙටුව අකුරක් වගේ මතකයි..

ඒ පුංචි රෝස කැකුල වතිලගෙ අතට ලැබෙන කොටයි එයාට මුළු ලෝකෙම එයා අතේ වගේ දැනුනෙ...

ශාධිත්‍යයයි පහන්‍යාවයි තරාදියක දාලා වැඩි පැත්ත තෝරන්න කීවොත් වතිලට එක්කෙනෙක් තෝරගන්න බෑ... ඉතින් පහන්‍යාත් එයා එක්ක තරහෙන් ඉන්න එක වතිලට දරාගන්න බෑ...

තාත්තලට අඩන්න කැප නෑ තමයි... ඒත් වතිලට අද පහන්‍යාව බදාගෙන අඩන්න ඕනෙ වුණා....

වතිල පහන්‍යාව උකුලෙ තියාගෙන හුගක් වෙලා හිටියා... එක දිගටම සමාවෙන්න කියලා මුමුණන ගමන්ම..
අන්තිමට පහන්‍යාට නින්ද ගියාම එයාව නිදි කරවලා වතිල ඈතට වෙලා එයා දිහා බලන් ඉදියා.....

ඊට පස්සේ ඇද උඩ වාඩිවෙලා ෆෝන්  එක අතට ගත්තා...
පොරවනෙන් වැහිලා රෝස පාට මූණ විතරක් ළාවට පෙනෙන පහන්‍යාගෙ ෆොටෝ එකක් අරන් ශාධිත්‍යට යැව්වා...

"එයා නිදාගන්න මොහොතෙත් ඔයාව මතක් කරා... ගුඩ්නයිට් අප්පා කියලා කියන්න කීවා...."

වතිල මැසේජ් එකක් විදිහට යැව්වා...

ශාධිත්‍ය මැසේජ් එක බැලුවා....
ඒත් උත්තරයක් ආවෙ නෑ...

වතිල ලොකු හුස්මක් අරන් එයාගෙ කාහරේට නොයා පහන්‍යාගෙ එහා පැත්තෙන්ම වැතිරුණා....

මගේ පිටිපස්සෙන් මාව තුරුලු කරගන්න එයා හිටියනං....
ඒත් එහෙම නැත්තෙත් මගේ වරදින්මනෙ....

වතිල නින්ද යනකම්ම කල්පනා කර කර හිටියෙ කවදාවත් සැබෑ කරගන්න බැරි එයාගෙ පපුව ඇතුලෙම හැංගිච්ච එයයි ශාධිත්‍යයි පහන්‍යායි විතරක් ඉන්න හීනයක් ගැන.....

************************************

මං නුඹෙමද අහන හිතින්
මම නුඹෙමද හිතනවනම්...
මගෙ විතරද අහන මුවින්
මගෙ විතරද කියනවනං...

සාගරේ හඩ දිගේ....
මේ ගග ගලනවනම්...
මම නුඹේ නුඹ මගේ...
අපි අපේ විතරනම්...

සද අහසට රළු පොලොව
දුරයි කියනවා....
එක ඉවුරක දෙතැනක ඇයි
අහනවා...

කිසිවක් නොඅසා ගංදිය පහළට
ගලා යනවා නම්....
අපි ගැන දන්නා කවුරුත් තව නෑ
අපි අපේ විතරනම්....

මම නුඹෙමද.....


( මේ සිංදුවත් අහලා බලන්න...මේ සිංදුව මම ගත්තෙ මේ සිංදුවේ ඉන්න පුංචි බබාගෙන් පහන්‍යාව මතක්වුණු නිසා...)


Continue Reading

You'll Also Like

38K 7.5K 32
හුරතලේට පිස්සු වැටුන දඩබ්බරකාරයා... 🐰🦁
187K 27.4K 62
අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈
573K 35.3K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
29.8K 2.4K 72
ဖတ်ကြည့်နော်😉😉