සතියක්.....ඉන්නේ කොහෙද ඉන්නේ කරන්නේ මොකද්ද කියලා හරිහැටි දන්නේ නැතුව මන් පිස්සෙක් වගේ සතියක් ඉදලා....එදා සෙතුම් එද්දී මම හිටියේ බලාගත්තු අත බලාන මෙලෝ සිහියක් නැතුව ලු..කතා කළේත් නැහැලු....එයා අම්මවයි මාවයි හොස්පිටල් අරන් ඇවිල්ලා තිබුණේ.....එතකොට අම්මා....එදා මන් කතා කරලා තියෙන්නේ අම්මත් එක්ක කතා කරන්න පුළුවන් අන්තිම වචන ටික... ඒක මතක් වෙන වෙන වාරයක් ගානේ මට මහා කාලකන්නි හැගීමක් ආවා.... ඔක්කොම handle කරලා තියෙන්නේ සෙතුම්ගේ ෆැමිලි එකේ අය...අම්මාගේ මොලේ නහරය ක් පුපුරලාලු...එයාට ඒක කලින් දැනිලා මන් හිතන්නේ..අම්මට high blood pressure තිබිලා වගේම අම්මත් depression වලට බෙහෙත් අරන් කියලා මන් දන්නෙ ඒ වෙලාවෙ. මන් කිඋවා ලු අම්මාගේ body එක මෙඩිකල් කොලේජ් එකට දෙන්න කියලා.....අම්මා එයා මැරුණු දවසක එහෙම කරන්න කියලා කියලා තිබ්බ තමයි ඒත් මං කොයිවෙලේද එහෙම දෙයක් කීවේ....මට මාව දැනුනේ මානසික ලෙඩෙක් වගේ.මේ සතියම මන් සෙතුම්ගේ ගෙදර...ඉස්කෝලෙ ගියේ නැ.... යොෂින්....එයාව මතක් වෙද්දි අර පපුවේ තිබුණු ගින්දර තව දළු දාලා ඇවිලෙනවා වගේ...කාලයක් සතුටක් දුන්න දේවල් ම දැන් මහ දුකක් වේදනාවක් වෙනවා...තව මාස කීපෙකින් අපි දෙන්නා පාරවල් දෙකක යන්න යාවි...එතකොට එයත් මගෙන් දුරස් වෙයි... සෙතුම්ට ත් හැමදාම මාත් එක්ක ඉන්න බෑනෙ...අන්තිමට මන් අනාතයෙක් වේවි....මන් ජනේලෙන් එලිය බලද්දි අර අප්පා කියන එකා කාර් එකේ තව එකෙක් එක්ක ආතල් එකේ යනවා...ඔක්කොම දකිද්දී මට මගේ ඔලුව අතුලෙනුත් පුපුරන්න වගේ රිදෙනවා....මම කොහෙද ඉන්නේ?මට ගෙයක් දොරක් නැහැ දැන් උදවූවක් ගන්න පුළුවන් නෑදෑයෙක් නැහැ....උසාවි ගානේ බඩගාන්නද....බෝඩිමක් හොයාගෙන අම්මා දුන්න සල්ලි ටිකෙන් පුළුවන් විදියට ජිවිතේ ගැටගහගන්න එක ඇරෙන්න කරන්න වෙන දෙයක් නැහැයි කියලා හිතෙද්දි,මට ආයේ මගේ කියලා කෙනෙක් නැහැයි කියලා හිතෙද්දි ඒ ආපු පීඩනේ එක්ක මට ඔළුවට ආවේ මන් බලපු drama එක්ක තිබුණු සිද්ධියක්....
අර මල් පෝච්චියේ ඔලුව හයියෙන් වැදුනොත්..මට මේ ඔක්කෝගෙන් ම ගැලවෙන්න පුළුවන් වේවි... සමහරවිට මට පරණ හැමදේම අමතක වෙලා අලුතෙන් පටන්ගන්න පුළුවන් වේවි....නේද...
කවුරුත් ගෙදර නැති වෙලාවේ අහසත් හයියෙන් ම ගොරවන්න ගනිද්දී,රතු පාට ලේ බිංදු එකින් එක ටයිල් එක උඩට වැටෙන්න ගද්දි මන් කලුවෙලා බරවෙලා තියෙන වළාකුළු හිමීට බොඳවෙලා යන විදිය බලන් හිටියා.
.
.
.
.
.
"අනේ මට බයයි සෙතුම්....බලන්නකෝ දැන්....එයාව....එයාව දැන් තනියම තිබ්බොත් ආයේ මොනවා කරගනීද දන්නේ නැහැ"
"මගෙත් වැරැද්ද....මට එයාව ඒ දවස් ටික ට හරි තනි නොකරන්න තිබ්බා...."
හීනි ඉකියක් එක්ක ඇහෙන යොෂින්ගේ කටහඩ යි,පසුතැවිලි සහගත ගතියක් තිබුණු සෙතුම්ගේ කටහඩ යි ඇහෙද්දි මන් හිමිහිට අමාරුවෙන් මහා ගලක් උස්සනවා වගේ අමාරුවෙන් ඇහි පිහාටු අරිනකොට ම මගේ ඇස් දෙකට පෙනුනේ හැමදේම බොද වෙලා
"ඔයා.. ආශූ !!!! නැගිට්ට ද!!!!!ආ - "
"ශ්...කලබල වෙන්න එපා මන් හොදින්"
මන් එයාගේ අතක් උඩින් මගේ අත තිබ්බාම එයා මගේ දිහා බලලා ගස්සගෙන එළියට ගියා.
"එයා කේන්තියෙන් ඉන්නේ....බයවෙලා.එයා කිසි දෙයක් දන්නෙත් නැහැනේ.බය නොවෙන්නේ කොහොමද උබ දවස් දෙකක් සිහිය නැතුව හිටියා."
මන් කට කොනින් හිනා උනා.
"මොකද හිනාවෙන්නේ.අයිසෙ තමුසෙට අම්මා වෙනුවෙන් වත් ජීවත් වෙන්න උවමනාවන් නැද්ද"
එයාගේ කටහඩත් වෙවුලනවා...කේන්තියෙන් ද කොහෙද
"දැන් මන් එයා වෙනුවෙන් ජීවත් උනයි කියලා එයාට පේනවද.....ඊට වැඩිය ලේසි එයා ලඟට යන එක.....මන් හිතුවා අඩු ගානේ මෙමරි ලොස් එකක් වත් වෙයි කියලා"
"උබ තව හයියෙන් කියපන් අරකිට ඇහෙන්න.ඒකි කොච්චර හිතේ අමාරුවෙන් ද ඉන්නේ කියලා උබ දන්නවද ? දවස් දෙකේම මෙතෙන්ට එනවා ඉස්කෝලෙ යනවා ආයේ හවස මෙතනට එනවා.......මටත් සමාවෙයන් බං....ඕනෙම වෙලාවක මට ඉන්න බැරිවුණු එකට"
"ඔහොම හිතන්න එපා මෙතන මගෙයි වැරැද්ද....ඒත් මට...මට බැහැ මෙහෙම ජීවත් වෙන්න....මන් ජීවිත කාලේම ජීවත් වෙලා තියෙන්නෙ බොරුවක් ඇතුළෙ.... අච්චර දුක් වින්ඳ අම්මට මන් අනන්තවත් හිත රිදෙන දේවල් කියලා ඇති.....මට ගෙයක් දොරක් පවුලක් මේ කවුරුත් නැ දැන්.....යන යන තැන එන්නේ ප්‍රශ්න ම විතරයි...ඉතින් බං මේක ඉවරයක් කරන එක තමයි සරලම දේ"
"ඒක හරි ඒත් යාළුවො ටික ඉන්නවා අපේ අම්මා උනත් උබ වෙනුවෙන් ඕනේ වෙලාවක ඉන්නවා.... උබේ හීන ගැන හිතපන්....මේක එහෙම හැමදේම අතාරින්න ඕනේ අවස්ථාවක් නෙවෙයි අශිනි.ජීවිතෙන් හතරෙන් පංගුවක් විතරයි මේ ගියේ.උබ එච්චර හයියක් නැති එකියක් නෙවෙයි නේ"
"ඒත් ඒ පොඩි කාලෙට වෙන්න පුළුවන් නරකම දේවල් මට වෙලා තියෙන්නේ...ටිකක් හිතහම්...මතක ඇති කාලෙක ඉඳන් ගෙදර මිනිස්සුන්ගේ ආදරේ නැතුව මන් විදෙවුව...ඊට පස්සේ අහම්බෙන් පවුලේ කොච්චර ලොකු ප්‍රශ්න තිබිලාද කියලා දැනගෙන....අම්මා ගේ ආදරේ පළවෙනි වතාවට හදවතට වැදෙන්න ම දැනුණු දවස ඒ ආදරේ ලබපු අන්තිම දවස වෙද්දී....හැමතැනම ලස්සන චරිතයක් පෙන්නන් හිටපු මම දැන් ආනාතයෙක්....ඒ මදිවට වෙන ප්‍රශ්න මට කොච්චර ගොඩගැහිල තිබ්බද කියලා ඔයා දන්නවා සෙතුම්,අපේ අර හත්මුතු පරම්පරාව ම බලන් හිටියේ මට කෙලවෙලා යනකම්.ඒ එකෙක් වත් උදව් කරයි කියලා හිතනවාද මට....Piano එකත් එක්ක මන් හැමවෙලේම දුක හිතුන ම කතා කරනවා... ඒකත් දැන් මට නැහැ...අනේ මටනං ආයේ ඔය අප්පය කියන එකාගේ හාල් ඇටයක් වත් එපා.ඒත් හැමදාම උබලට වදයක් වේවි ඉන්න ද මම...මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ ඒ වෙලාවෙ"
මම කියලා ඉවරවෙල ඔලුව උස්සලා බලද්දි යොෂින් දොර ගාවට වෙලා ඇස් වලින් කදුලු ගලන ගමන් බිම බලාගෙන ඉන්නවා.
මට සමාවෙයන් මැණික....මන් දන්නවා මමයි වැරදි...ඒත් මට ගැලවෙන්න ඕන...මට පවුල නැතිවුණා... නෑදෑයෙක් යාලුවෙක් කියලා යන්තම් ඉන්නේ ඔයාලා දෙන්න විතරයි...ඉස්කෝලෙත් ඉන්න අන්තිම ටික කාලෙ සතුටින් ඉන්න හම්බුනේ නෑ...දවසක උබවත් නැතිවේවි කියලා බයයි....එදාට ඒක මේ තරම් වත් දරාගන්න බැරිවෙයි කියලා මට බයයි...
"Patients ලා බලන්න දෙන වෙලාව ඉවරයි.කරුණාකරලා හැමෝම දැන් එළියට යන්න"
නර්ස් කෙනෙක් ඇවිල්ලා කියද්දී මන් ආයෙම හොස්පිටල් එකේ බිත්ති ඇතුලට තනි වුණා.....තනි වුණා කියන එක දෝංකාර දෙනවා වගේ මගේ ඔලුවෙ වැඩ කළා....මන් නවය වසරේ විතර ඉඳන් depression නිසා දුක් වින්දා....යන්තම් ජිවිතේ ලස්සන කාලයක් ඒවි කියලා බලාපොරොත්තු වෙලා හිටපු වෙලාවක ආයෙම ඒ බලාපොරොත්තු කොහොමටවත් ම එකතු කරන්න බැරි ගානට බිඳිලා ගියහම... ඇස් ආයෙම තෙත් විගෙන එද්දී මන් ලොකු හුස්මක් අරන් පහළ දැම්මා.
සමහර වෙලාවල් වලට හිතට වදයක් වෙන දේවල් ඔක්කොම දරාගෙන කිසි ගානක් නැතුව ඉන්න පුළුවන්,ඒත් තව එකක් වැටුණ ගමන් අර ඔක්කොම දරාගන්න බැරි මට්ටමට එනවා..හරියට බැලුමක් වතුර වලින් පුරවනවා වගේ.එක වතුර බින්දුවක් වැඩි වුන ගමන් පුපුරලා ගිහින් බිම තියෙන වතුරත් එක්ක ත් එකතු වෙනවා.ඒ වගේ..... හැම දෙයක් ම ලොකුවට දැනෙන්න අරන් නැති දේවලුත් එකතු වෙන්න ගන්නවා.ඉස්සර යොෂින් එක්ක ඉන්න හැම මොහොතක් ම සතුටක්.ඒත් මේ දවස් දෙකතුනෙන් පස්සේ?එයා ගැන හිතන එකත් මහ දුකක්.ඉස්සර හීනයක් නිසා හැමදේම දරාගෙන ජීවිතේ ගැටගහන් හිටියා ඒත් දැන්?දැන් මගේ ඔලුවෙ වැඩ කරන්නෙ මන් මේ ඔක්කොම විදවන්නේ හීනයක් පස්සේ යන්න ගිහින් නේද කියලා.ගොඩක් දේවල් දකින කෝනේ වෙනස් කරවන්න එක සිද්ධියක් හොඳටම ඇති.කොච්චර දේවල් තේරුනත් ,හයියක් නැති වුණාට පස්සෙ,බලාපොරොත්තුවක් නැති වුණාට පස්සේ ඒ තේරුම් ගත්ත දේවල් නිකම්ම නිකන් සිතුවිලි විතරයි.
.
.
.
.
.
.
.
.
.
"අහ්.මේ මොකද අනේ මේ...ඔලුව වැදුනද කොහේහරි"
Discharge වෙලා ඉස්කෝලෙ ආපු පළවෙනි දවසේ ටානියා මාව හම්බුනු ගමන් ඇහුවා.මන් ඇහුනෙ නැ වගේ යන්න යද්දී ආයෙම එයා කතා කළා.
"ඇහෙන්නේ නැ වගේ යන්න එපා හලෝ කාලෙකින් නේ දැක්කේ"
"අහ් ඔව් මේ doctor කීවා වැඩිය කතා කරන්න මහන්සි වෙන්න එපා කියලා."
"මන් හිතුවා වයිෆ් එක්ක රණ්ඩු වෙලා මෝල් ගහෙන් වත් ගැහුවද කියලා"
අනේ හු# මේකිට ඕනේ නැති රෙද්දක් නැහැනේ.මන් කම්මැලිකමට වගේ හිනාව ක් දාලා පඩිපෙල නැගගෙන යද්දී සෙනුදි දුවගෙන ඇවිල්ල මාව බදාගත්ත.හරි හැටි පනක් නොතිබුණ නිසා මන් වැටෙන්නේ නැතුව balance උනේ අමාරුවෙන්.පන්තියට අපි දෙන්න කතා කර කර යද්දී මන් කීප දවසක් ආවේ නැති හින්දා ද කොහෙද අදුරන කීපදෙනෙක් මට අත වැනුවා.කිපදෙනයි කියන්නෙ ඉතින් දෙතුන්දෙනයි.
"කොහෙද මනුස්සයෝ මෙච්චර කල් හිටියේ.මට පිස්සු හැදුනේ නැති ටික විතරයි. උඹේ හිතුවක්කාරකම නිසා මන් හිතුවේ ගෙදරින් වත් පැනලා ගියා වෙන්න ඇති කියලා"
ගෙදරින් නෙවේ...ජීවිතෙන් මට දැන් පැනලා යන්න ඕන....
"පොඩි හදියක් උනානෙ.බාත්රූම් එකේ ලිස්සලා වැටිලා ඔලුව වැදුනා"
"සිරාවට?තමුසේ පොඩි එකෙක් ද බං.බලහම්කෝ දැන් මේ පැල්ලම..බයත් හිතෙනවා දැක්කම"
"මොකද මේ දවස් ටික උනේ"
"Final term test කියලා මරවනවා ඔන්න.තව මාසෙකට වඩා තියෙනවා දැන්ම කියනවා සිල්බස් කවර් කරලා විභාගේ තියන්න ඕනේ ඉක්මනට ලු"
"අනේ බම්බු ගහගන්න කියහම් බං.සාරි පොටෙන් තමා cover කරන්න වෙන්නේ.
"සිරාවට.සර්ලට නම් එහෙමත් බැහැනේ"
සෙනුදි ඒක කියලා බක බක ගාල හිනා උනත් මට කලින් වගේ ඒවට හිනා ගියේ නැ.මන් බිම බලාගත්තා
"ඒ බං අමාරුද?ගෙදර ඉන්න තිබ්බ නේ අයියෝ .අම්මට කියලා ඕකෙ තෙල් ටිකක් වත් ගාගන්න හැමදාම නැත්තං ඔය පැල්ලම යන්නෙත් නැතිවෙයි"
ගෙදර....අම්මා....ඕවා ඇහෙද්දි ආයෙත් හිතන්නත් කලින් ඇස් දෙක තෙත් වෙද්දී මන් කදුලු වට්ටන් නැතුව ඉන්න මාර ගේමක් දුන්නත් සෙනුදිට ඒක note උනා.
"ඒ මොකද අඬන්නේ? ඔයාට අමාරු නම් අපි සික් රූම් යන් කෝ එන්න."
"න.. නැහැ මට අමාරුවක් නැ මේ ඇස් දනවා අද උදේ ඉඳන්"
"අශිනි..."
"Mm?"
"සිරාවට ම මොකද උනේ?"
"මන් යනවා බං යොෂින් ට කතා කරලා එන්න ඕන."
"අ-"
"මන් එන්න පරක්කු උනොත් මිස්ට present mark කරන්න කියන්න.music room ඵකටත් යන්න ඕන"
මන් පුළුවන් ඉක්මනින් පංතියෙන් එළියට ආවා... යොෂින් ව හම්බෙන්න යනවා කිව්වත් මට ඒකට හයියක් තිබුණේ නෑ ඒ වෙලාවෙ.ඒ නිසා මං කෙලින් ම ආවේ washroom එකට.
.
.
double update guys!!!!!
හෙහේ.... අහම්.....
මේ....update ඉදිරියට නම් සුවර් නැහැ.ඉස්කෝලෙ පටන් ගන්නවානේ....ඒ පටන් ගත්ත ගමන් exam.කරපු නැති වැඩ එහෙමත් ගොඩ ගැහිලා🥴සති දෙක්කට සැරයක් වත් එන්න බලන්නම්....තරහ නෑ නෙත....
හෙහේ මේක කොහොමද දන්නේ නෑ.....මට ඉතින් එහෙම ලොකුවට depress වෙන්න තරම් ප්‍රශ්න තිබිලා නැහැ,ආපු දෙකතුනට Shape එකේ මූණ දෙන ගමන් ඉන්නෙ...ඒ නිසා මෙයා හිතන විදිය ගැන ලියපු සමහර තැන් වල ලොකු අවුල් තියෙන්න පුළුවං..... ඒකට සමාවෙන්න....
මේකට නම් හොඳ නම් vote එකක් හරි අදහසක් හරි අනිවාරෙන් ඕන...වෙන චරිතෙකට ආවේස වෙලා අමාරුවෙන්ම ලියපු chapter එක මේ.
Library වල තියාගන්න පුළුවන් උන ගමන් update කරනවා.
Byeee Luv u guys