රිද්මය(GL)

By Yeshra_min

4.4K 472 130

🤍~ "නතරවෙන්න,හදවතට ලස්සනම රිද්මයක් දුන්න තැනක" GL non - fiction story More

Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 4
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
chapter 18

Chapter 08

158 25 6
By Yeshra_min

"ප්ලීස්...දරුවා විභාගේ කරගන්නකම් විතරක්.....ඊට පස්සේ මං ඔයාගෙන් උදුරගත්ත නිදහස ආපහු දෙන්නම්.තව ටික කාලයක් - "

"ඔහොම කිඋවම ඔක්කොම හරියනවද අයිසෙ. තමුසේ...ෂිට් මොන රෙද්දකටද මගේ ජීවිතේට ආවේ.මටත් අසහනේ නේ.එදා උබ බඩ නොකර හිටියා නම් මේ මොන මඟුලක් වත් නැහැ.දරුවා දරුවා ගගා කොච්චර කල්ද දැන්!!!!අවුරුදු විස්සකටත් කිට්ටුයි.අනික මන් කරන දේවල් ගැන නීතිය අල්ලලා මට තර්ජනය කරන එක නතර කරනවා.තමුසෙට කරන්න -"

මේ මොකද මේ....මන් කවදාවත් මේ දෙන්න රණ්ඩු වෙනවා දැකලා නැහැ?

"අම්මා,තාත්තා,මොකද්ද මෙතන වෙන්නේ?"

"පුතේ.. මේක අපේ ප්‍රශ්ණයක්.ඔයා උඩට යන්න මන් විසඳාගෙන එන්නම්"

"නැ මට ඇහුනා අම්මේ මොකද්ද මෙතන වෙන්නේ?තාත්තේ මොකද මේ අම්මට බනින්නේ?"

"උබ....උබ තමයි ඔක්කොම කළේ.උබ හිටියේ නැත්තං මේ මොනවත් නැ.උබල දෙන්නම දන්න රෙද්දකුත් නැ කරන්න පුළුවන් දේකුත් නැහැ. අද රෑ වෙනකං වෙලාව දෙන්නම්.... බඩු මුට්ටු අරගෙන දෙන්නම ගෙදරින් එළියට බහිනවා!!!!"

"ඔයාට බැහැ එහෙම කියන්න!!!!! ඔය දෙන්නා මැරීඩ් කපල් එකක්.එහෙම අම්මාවයි මාවයි එළියට දාන්න?මම අම්මත් එක්ක උසාවි යනවා මොන මඟුලක්ද"

වෙන දේ නොතේරුනත් මන් කටේ තිබ්බ හයිය අරන් කිව්වේ කොච්චර නපුරු වුණත් මෙහෙම කුණු කතා අහගන්න වැරද්දක් අම්මා නොකරන බව දන්නා නිසා.එළියට බහින්න?එකපාර මොකද්ද මේ?

"උසාවි?හහ්?උබ අම්මා වගේම තමයි.පලයන් ඉතින්.පිනට නඩු කියන්න එකෙක් හොයාගනින් ඊට පස්සේ.මගෙන් උබල මෙච්චර කල් කාලා බීලා හිටියේ.එහෙව් එකේ උබලයේ අම්මා එනවා මට උගන්නන!!! උබත් කියන විදියට දෙයක් කරන එකියක් නෙවේනෙ!!ඉන්නවනම් මන් කියන විදියට හිටපන් නැත්තං ගෙදරින් එළියට බැහැපන්!!!එච්චරයි!!"

තාත්තා බැනලා බැනලා කාර් එකත් එළියට දාගෙන යන්න යද්දී මන් කුස්සියේ වැටිලා හිටපු අම්මව නැගිට්ටවල වාරු කරගෙන එයාගේ කාමරේට එක්කන් ආවා.අම්මාගේ ඇස් දෙකෙන් හෝ ගාල කදුලු වැටෙනකොට මන් හිටියේ එකපාර වෙච්ච දේවල් process කරගන්න try කරන ගමන්.අම්මට නැගිටින්න වත් පනක් තිබ්බේ නැහැ.

"අම්මට....අම්මට සමාවෙයන් මගේ පුතේ....මට.....මට ඉන්න කාලේවත් හොඳ අම්මෙක් වෙන්න බැරි වුණා...."

"එහෙම නෑ අම්මා ඕක නවත්තලා කදුලු පිහ-"

කොයි තරම් මන් එයාලගෙන් දුරස් වුණත් අම්මා මෙහෙම අඩද්දි මන් හිතන තරමට වඩා ලොකු අවුලක් තියෙන බව මට තේරුනා.කොහොම හිත රිද්දුවත් සමාව ඉල්ලද්දි... ඒක ඔක්කෝටම වැඩිය හිතට බරක්.මට ඉවර කරන්න නොදීම අම්මා ආයේ කතා කළා.

"මන් දන්නවා පුතේ....මන් බනින බනින වාරයක් ගානේ ඔයා කාමරේට වෙලා අඩපු බව.....නොසෑහෙන්න හිතින් විදවාපු බව.ඒත්...ඒත් මට කරන්න දෙයක් තිබුණේ නැහැ.මන් තාත්තා එක්ක ජීවත් උනේ ගෙදර එකාට වැඩකරලා දෙන සේවිකාවක් වගේ.අපි දෙන්නට කන්න දෙන්න උවමනාව වත් තාත්තාට නැ පුතේ... ඒක ඔයාටත් දැනෙන්න ඇති...එයාගේ චරිතෙන් ඔයා ඔය දැක්කේ හතරෙන් පංගුවකට වඩා අඩුවෙන්..ඒත් මං කවදාවත් මේ ප්‍රශ්න ඔයාට පෙන්නුවේ නැහැ...මේවා උඹේ ප්‍රශ්න නෙවේ නිසා..."

"අම්මා කියන්නෙ දැන් ඔයාලා දෙන්නා අතර සම්බන්ධයක් නැහැ කිසිම කියලද?මේක arranged marriage එකක් ද?"

"මගේ පුතා දැන් ලොකුයි නේ...මන් සම්පූර්ණ කතාවම කියන්නම්.... ඒකෙන් ජීවිතේට දෙයක් ඉගෙනගනිින් පුතේ....මන් ඒ මනුස්සයට ආදරේ කරන්න පටන් ගනිද්දී මන් ඉස්කෝලෙ අවුට් වෙලා ටික දවසයි.අපි දෙන්නා කාලයක් එකට හිටියා....අම්මලා කිව ඒ මනුස්සයා බොරුකාරයෙක් කියලා...ඒත් ඒක ඒ දවස් වල දකින්න තරම් මගේ මොලේ මෝරලා තිබ්බේ නෑ....මාස තුනක් විතර රිලේශන්ශිප් එකක ඉදලා දවසක් එයා මාව උපන්දිනේ දවසේ ක්ලබ් එකකට එක්කන් ගියා.එතනින් පස්සේ තමා ඔක්කොම වෙනස් උනේ.....ටික දවසකට පස්සෙ මන් බඩේ අමාරුව කියලා ඩොක්ට කෙනෙක් ගාවට යද්දී මන් pregnant වෙලා...එතකොට  මට යන්තම් 21යි.මට දෙලොව රත් උනා...ඊට පස්සේ මතක් උනා club එකේ මන් බීලා ඉද්දී මොනවහරි උනා කියන විත්තිය.මන් ඒක කියන්න එයාලා ගේ ගෙදර යද්දී මන් ගේ ඇතුලට යන්නත් කලින්ම එයා සම්බන්ඳේ නවත්තමු කීවා.....මට හතර වටින්ම කළුවර උනා.....ආපහු සිහිය එද්දී මන් හිටියේ අපේ ගෙදර."

අම්මා එතනින් නවත්තලා කදුලු පිහදාගත්තා.දෙයියනේ අම්මා එච්චර කරදර වල පැටලුනු කෙනෙක් ද...අම්මා ආයෙම පටන්ගත්තා.

"මං අම්මලාට හැමදේම කිව්වා.ඒත් අම්මලත් ඒ කාලේ වැඩිය උගත් උදවිය නෙවෙයි..එයාලා කිවේ දරුවාගේ තාත්තා හොයලා නඩු කියලා හරි බැඳගන්න කියලා.අන්තිමට මන් ඒක කළා....ඒ ඔයාට නොතෙමී ඉන්න වහලක් උවමනා නිසා මගේ දරුවෝ.ඔයා නැති වෙලාවට මං ඒ මනුස්සයා ගෙන් අනේක දුක් වින්දා.අවුරුදු 25විතර වෙද්දි මන් අපේ වයසේ අනික් කෙල්ලොන්ගේ ජිවිතේ බල බලා දුක් වින්දා....එක සම්බන්ධයක් හින්දා මේ ජිවිතේ ම වැරදුනා....අනේක වාරයක් මැරෙන්න හිතෙද්දි මන් උබ නිසා හිතේ තිබ්බ අන්තිම හයිය ටික එකතු කරන් ඒ දුක් ඉවසන් හිටියා....මන් නපුරු අම්මා කෙනෙක් මන් එක දන්නවා....ඒත් මට ඒ කාලේ සල්ලි වත් දැනුම වත් තිබ්බේ නැහැ.ඒ නිසා මං අසරණ උනා....එක මගේ පුතාට නොවෙන්නයි මන් නපුරු උනේ...මන් ජීවිතෙන් පාඩම් ඉගෙනගත්තු කෙනෙක්....මට වගේ දේවල් නොවෙන්න උබව පොඩි හිඩැසක් වත් නැතිවෙන්න ශක්තිමත් පොළොවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් කරන්නයි මට ඕනේ උනේ..හොදට ඉගෙනගෙන හරිහම්බ කරලා මහා හුළඟට වත් හෙල්ලෙන්නේ නැති ගහක් වෙයන් මගේ පුතේ...අම්මා වගේ අරටුව නැති හැම දිසාවටම නැවෙන ගසක් නොවී.උබ නිසා මං අවුරුදු ගානක් ම ජිවිතේ අල්ලන් හිටියා...මට තවත් බැහැ වගේ පුතේ"

"අම්මා මොනවද කියන්නේ පිස්සුද...අම්මා නපුරු නැ අනික කොච්චර හයියක් තියෙන්න ඕනද ඕවා දරාගෙන ඉන්න...අම්මේ ඒ වුණාට මට කියන්න තිබුණා ඔය ප්‍රශ්න...මන් එච්චරටම ලාමකයි වගේ පෙනුනද...මන්...මන් ඔච්චර කල් අම්මා එක්ක තරහින් හිටියෙ අම්මා ගේ ජිවිතේ ගැන මුකුත් නොදැන...මට..මටත් සමාවෙන්න අම්මේ...හ්...මුකුත් නොදැන හිත රිද්දුවට...මන්...මන් ඉන්නවා අපි දෙන්නා මේ දැන්ම මෙහෙන් යමු?අපිට මොනවා හරි කරගන්න පුළුවං"

මට නොදැනිම ඇඩෙන්න පටන් අරන් තිබුණු බව මට තේරුනේ තොල් වලට දැනුණු ලුණු රහෙන්...කාටවත් මේවා නොකියා අම්මා අවුරුදු ගානක් හිතේ තියං විදෙවුව කියන්නේ.....මන් අදමයි මෙහෙම ප්‍රශ්ණයක් දන්නේ....ඒ තරම් ඒක හංගගෙන පුළුවන් තරම් ආදරේ දෙන්න try කරද්දී අම්මා වෙනුවෙන් මුකුත් කරන්න බැරි එකට මට මන් ගැනම ලජ්ජා හිතුනා.මෙච්චර කල් මන් ඔක්කොම හිතන් ඉදලා තියෙන්නේ වැරදියට ද...මේක විශ්වාස නොකර ඉන්නත් බැහැ...මන් ඇස් දෙකෙන්ම දකින දේවලුත් එක්ක...තාත්තා අම්මට දොස් කියපු විදිය මතක් වෙද්දි අම්මා හැමදාම මේ වගේ දුක විදින්න ඇති නේද කියලා තේරෙද්දී..මන් හැමදාම ගෙදර රණ්ඩු ගැන පොඩි වත් තැකීමක් කළේ නැහැනෙ...මගේ පපුව පිච්චෙනව වගේ දැනුනා.මන් කොච්චර මෝඩ ද...ගෙදර මෙච්චර ප්‍රශ්න තියෙද්දී මුකුත් නොදැන ඉන්න තරම්...ඊට වඩා මට ආවේ ලොකු පසුතැවීමක්...අම්මා ගැන මුකුත් ම නොදැන මන් එයාට නොසෑහෙන්න බැනලා තරහ වෙලා එයාගේ හිත රිද්දල ඇති.

"මෙන්න.....මේ ටික පරිස්සමින් ළඟ තියාගන්න....මගේ bank අකවුන්ට් වල ඉඳන් ඔක්කොම ඔතන තියෙනවා..මගෙන් පස්සේ ඔයාට හරවලා තියෙන්නේ....මට දැනට මෙච්චරයි කරන්න පුළුවන්...මට සමාවෙයන් දරුවෝ....මන් දන්නවා ඔයාගේ හිත ගොඩක් හයියයි අම්මට වැඩිය.ජිවිතේ කොතැනවත් පසුතැවිලි වෙන්න තීරණ ගන්න එපා මගේ පුතේ....මන් මේ ඔක්කොම දෙන්නේ හේතුවක් ඇතුව....හරියට ඉගෙනගනිින්.උබ ඉගෙනගෙන ඉවර කරගන්නකන් මේ ටික ඇති වේවි....මන් දන්නවා දැන් මේ සල්ලි කොහෙන්ද කියලා ඔයා අහයි....මම..මම හීනෙකින්වත් හිතුවේ නැති දේවල් කරන්න දෙයක් නැතිකමට කළා පුතේ....තාත්තා වෙන ගැනු ගේ අස්සේ දාන් නටද්දි,මන් වෙනුවෙන් ඇබිත්තක් වත් නොබලද්දි මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ පුතේ....මට..මට ඕනේ උනේ උබ වෙනුවෙන් කරන්න පුළුවන් අන්තිම උපරිමේ වෙනකං දේවල් කරන්න..මන් මේ විඳින දුක් උබ විදින්න ඕනේ නැති නිසා...මගේ පොඩි කාලේ පින්තූර දැකලා තියෙනවද....උබ වගේම මාත් ගොඩක් ලස්සනට හිටියා...දැන් මේ විඳින දුක් වලටම දියවෙලා ගිහින්....මට සමාවෙයන් පුතේ මට බැහැ තවත්....මේ මගේ උපරිම."

අම්මා මාව තුරුල් කරන් කවදාවත් නැතුව හුස්මත් අල්ල අල්ල කියද්දී මට මහා මුුසල හැගීමක් ආවා.

"අම්මා කෝ කෙලින් වෙන්න...මේ...මේ හොඳටම ඇති මන් වෙනුවෙන් කරන දේවල්.අපි දෙන්නා යමු මේ අපායෙන්.ඊට පස්සේ මොකක්හරි කරගන්න පුළුවන්"

අම්මා කදුලු අස්සෙන් ම ලස්සනට හිනාවුණා.

"මට දෙයක් දැනුන නිසයි කියන්නේ පුතේ...මන් කිව්වේ නැති ගොඩක් දේවල් තියෙනවා....මන් ඔය කිවෙ උවමනාම ටික...මගේ බර උහුලන්න තරම් ඔයා තව පොඩි වැඩි දරුවෝ..."

අම්මා කියන එක නවත්තලා එකපාර කහිනකොට ඒ එක්ක ලේ විසික් වෙද්දී මගේ කකුල් දෙකත් එක්කම වෙවුලලා මාවත් වැටෙන්න ගියා.

"අම්මේ අම්මේ මොකද මේ.අනේ අපි හොස්පිටල් යමු ඔයාට අමාරුයි නේද"

මන් අම්මා පුළුවන් විදියට වාරු කරගෙන සෙතුම් ට කෝල් එකක් ගත්තා.

"මන් වෙනුවෙන් ආයේ මහන්සි වෙන්න එපා මයෙ පුතේ....මන් දැන් කුණුගොඩක්...ඔයා ජිවිතේ ගොඩදාගන්න....ආපහු කාටවත් හොල්ලන්න බැරි ගසක් වෙන්න...තේරුනාද..මන් ආදරෙයි මගේ දරුවෝ.හැමදාම මගේ ආශිර්වාදය ඔයා එක්ක තියේවි"

"අම්මා විකාර කතා නොකර ඉන්න.අපි - අම්මේ!!!!!!!! අම්මේ තව පොඩ්ඩක් ඉන්න... ඇස් දෙක පියාගන්න එපා අම්මේ මෙච්චර කල් ඉවසුවා වගේ තව විනාඩි දහයක්...අම්මේ මං තනිවෙනවා ඔයාට ඇහෙනවද"

නාහයෙන් ලේ ගලන ගමන් අම්මාගේ ඇස් හිමීට පියවීගෙන එද්දී මන් යටිගිරියෙන් බෙරිහන් දුන්නා.මන් දන්නෙ නැහැ මන් මොන සිහියෙන් ද හිටියේ කියලා.ආපහු සිහිය එනකොට මන් හොස්පිටල් එකේ හිටියේ..
.
.







Hiii

කිසි සම්බන්ධයක් අත්දැකීමක් නැති සිද්ධියක් මේ...හැබැයි ලියපු මගෙත් පපුව රිදෙනවා වගේ..

"ඔබ වෙනුවෙන් ජීවිතය වුවත් දෙන්නට සූදානම් ගැහැණියක් වේ නම්,අන් කිසිවෙක් නොව ඒ ඔබේ අම්මා ය."

කොච්චර රණ්ඩු උනත්,කොච්චර නපුරු උනත් අම්මාගේ තාත්තගේ අඩුව එයාලා නැති වෙලාවක දැනෙනවා...ඕනෙම දරුවෙක්ට

Byee....

Continue Reading

You'll Also Like

49K 6.5K 55
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
368 62 5
තරහා නෑ මම තවම හෙටත් ඔයා මගේ මැණික🙂💔
5.9K 664 13
If that's a sin... then I am willing to commit it...
12.5K 1.2K 86
" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා ය...