𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝...

By -BaD-BuNnY-

27.8K 3.5K 1.3K

Taekook A school love story Top Tae Bottom Kook දඟකාර ඔය හිතට මේ සිත බැඳුණු බව කෙසේ පවසම්දෝ අහිමි වේ යැයි ස... More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50

Chapter 43

444 49 8
By -BaD-BuNnY-



අද අපෙ රිසාල්ට් ආවා. අපි පහු ගිය ටිකේ මහන්සි වෙලා වැඩ කරපුවගෙ ප්‍රතිපල ඇවිත්. මට උඩින්ම යුනි යන්න පුළුවන් වෙද්දි මගෙ ජිමිනටත් දෙයියනේ කියලා යුනි යන්න පුලුවන්. ඇත්තම කිව්වොත් මගෙ මෙ රිසාල්ට් එක මගෙ නෙවෙයි මගෙ රත්තරන් හ්‍යුන්ග් ගෙ. මම හොද රිසාල්ට් එකක් ගත්ත නම් ඒ එයා නිසා. එයා නිසයි මම පාඩම් කලේ. හැබැයි ඉතින් පාටි දාලා සතුටු වෙන්න ඕන මෙ දවසෙ එයා මගෙ ගාව නැ. එයා මගෙ ලඟ හිටිය නම් මම දන්නව මගෙ ඔම්මා අප්පා වගේම අද එයත් සතුටු වෙයි. අඩුම එයා මගෙ රිසාල්ට් එක මොකක්ද කියලවත් දන්නෙ නැ. කමන්නැ එයා ආපු දවසක මම කියන්නම්.

මම හිටියෙ මගෙ රූම් එකේ. එයා ගිය දවසෙ ඉදන් එයාට කියන්න ඕන දේවල් මම හැමදාම පොතක ලිව්වා. ඒකෙ ගොඩක්ම තියෙන්නෙ අකුරු කරපු මගෙ හිත අතුලෙ කැකෑරෙන ආදරෙ. අද දවසෙත් ලියන්න ඕන ටික  අකුරු කරපු මම ඒක පැත්තකින් තියලා බලන් හිටියෙ මෙච්චර වෙලා මම ලියනකන්ම මගෙ කන වටේ අඳෝනාව කිය කියා ඉදලා අවසානෙට හති වැටිලද කොහෙදෝ ගිහින් බිත්තියෙ වහලා ඉන්න පුන්චි මදුරුවා දිහා.

පුන්චි මදුරුවො උබ මට දැන් ටිකකට කලින් කියපු අදෝනාවට වඩා මේ හිතෙ තියෙන අදෝනාව දාස් ගුනයකින් වැඩියි. උබ දන්නවද හිත අස්සෙ දුක් හිර කරගෙන ඉන්නවට වඩා ඒක කා එක්ක හරි බෙදාගත්තම හිතට දැනෙන බර අඩුයිලු. ඉතින් මම මුකුත් නොකියා උබට ඉඩ දීලා අහන් හිටියෙ ඒකයි. උබට දැන් සහනයක් දැනෙනවද පුන්චි මදුරුවෝ... මම දන්නැ උබට සහනයක් දැනුනද කියලා ඒත් මම හිතාගන්නම් උබට සහනයක් දැනුනා කියලා. සමහරවිට උබ එ නිසා වෙන්න ඇති දැන් සද්දයක් නැත්තෙ...

" චූටී....... පහලට එන්න....."

මෙ වෙනකන් මදුරුවා දිහා බලන් ඉදපු මම ඔම්මා කතා කරනව ඇහිලා පහලට යන්න පුටුවෙන් නැගිටිද්දි කලබල වුන මදුරු පැටියත් කොහෙටදෝ  පියඹලා ගියා..  මෙච්චර වෙලා සැපට ඇද උඩ දපනෙ දාලා හිටපු පුතු පැටියවත් නින්දෙන්ම උස්සගෙන උකුලෙ තියාගෙන මම පල්ලන් බැස්සා දැන් ඔය අනිවාරෙන්ම කතා කරන්නෙ රැ කෑමට කියලා දන්න නිසා. මම විතරක් කාලා බෑ නෙ පුතූටත් කන්න දෙන්න එපැයි. මෙයා මෙහෙම මන් එක්ක හුරතල් උනාට දැන් තුන් දරු පියෙක්. හැබැයි ඉතුරු උනේ දරුවො දෙන්නයි එක්කෙනෙක් ඉපදිලා සතියෙන් දෙවියො එයාව එයා ගාවට ගත්තා.

පඩි පෙල බැහැගෙන මම පහලට ගියත් පහල තට්ටුවම අන්දකාරයි. ම්ම්ම්ම් කරන්ට් එක මොනා හරි වෙලාවත්ද... හැබැයි උඩට අපූරුවට කරන්ට් තියෙනව..

" ඔම්මා........"

ම්හු සද්දයක් නෑ..

" කෝ අප්පා මෙ ගෙදර මිනිස්සු... හ්‍යුන්ග්ග්.. ඔම්මා.... කො අනේ කරන්ට් එකට මොනා වෙලාද"

මම කරුවලේම ගිහින් ඩයිනින් රූම් එකෙ ලයිට් එක ඔන් කලා

" congratulations our little prince...."

" ආහ්......"

හොර ගෙඩියො තුන් දෙනා ලයිට්ස් ඕෆ් කරගෙන ඩයිනින් රූම් එකට වෙලා ඉදලා තියෙන්නෙ මාව සප්‍රයිස් කරන්න. ඩයිනින් ටේබල් එක ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ කෑම පුරෝලා... එක එක කෑම ජාති මම ආසම දේවල්. පීසාද... බර්ගද... කේක්ද.. අයිස්ක්‍රීම් ද.... එක එක වර්ග වලින් මුලු ටේබල් එකක්ම පුරවලා...

මම තාමත් ශොක් වෙලා වගෙ ටේබල් එක දිහා බලන් ඉද්දි ඔම්මා ඇවිත් මාව තුරුල් කරගත්තෙ මගෙ නලලට හාදුවක් දෙන ගමන්. පුතු පැටී ගැන කීවොත් මම ලයිට් ඔන් කරනවත් එක්කම මෙයාලගෙ කෑ ගැහිල්ලට මගෙ අත් දෙකෙන් බිමට පැනලා කොහෙදෝ දුවගෙන ගියා. අහස කඩන් වැටෙනව කියලා දරු පවුල ගාවට ගියාද දන්නැ. එක්කො ආය මෝඩ පගයා වගෙ ගිහින් අකුලගෙන මුල්ලකට වෙලා බුදිද දන්නැ.

" පුතාට තව මොනාද කන්න ඕන ම්ම්... ඕන දෙයක් තියෙනවා නම් කියන්න ගෙනත් දෙන්නම්ම්..."

ඔම්මගෙ තුරුලෙ හිටපු මා ගාවට ආපු මගෙ අප්පා මගෙ ඔලුව අතගාලා ඇහුවෙ ටේබල් එක දිහා බලාගෙන.

" මුකුත් ඕන නැ අප්පා මෙ දේවල් කාලා ඉවර කරන්නම දවස් කීයක් යයිද මන්දා... තැන්කිව් අප්පා.. තැන්කිව් ඔම්මා"

ඔම්මා මාව තවත් තුරුල් කරගද්දි අප්පා මගෙ ඔලුව අත ගෑවා. එයාලට සතුටුයි. මගෙ ගැන ගොඩක් ආඩම්බර ඇති.

" සතුටුයි චූටී... මට යන්න බැරිවුන ගමන ඔයා යන්න ඕන. හ්‍යුන්ග්ගෙ හීනෙ උනෙත් යුනි යන එක වුනත් මට ඒක  කරගන්න බැරි වුනා..."

අපට අඩි කීපයක් ඈතින් අත් දෙක බැදගෙන ඉන්න හ්‍යුන්ග් කියද්දි මම එයාවත් ඇදලා අපි ගාවට ගත්තා. මගෙ ගෙදර අය අද මම නිසා සතුටින්. මටත් සතුටු වෙන්න ඕන එයාලා වගේම. ඒත් හිත අස්සෙ තියෙන පාලුව තනිකම එ සතුටට ගෙනාවෙ බාධාවක් නිසා අදත් මම වෙනදා වගේම බොරු හිනාවක් මවාගත්තා. මට එයාව මතක් වෙනව මට එයාව ඕනි දෙයියනේ...

පහුගිය දවස් ගැන කියනව නම් එක්සෑම් ඉවර වෙලා රිසාල්ට් එනකන් මම ජිමිනවත් ඇදන් එක එක කෝසස් වලට ගියා. සුගා කාරයා යුනි ගිහින් නිසා ඌට ජිමිනා බලන්න එන්න වෙලාවකුත් නැති එකේ ජිමිනා හිටියෙ මන් එක්කමයි. මම දන්නවා මම මුකුත් නොකර ගෙදර හිටියා නම් මට පිස්සු හැදෙනව. ඉතින්  එ නිසාමයි මම හිතාමතාම බිසි උනේ. අපට නිවාඩු දවසට ජිමිනා ගෙදර නැවතෙද්දි මම ගියා අපෙ හ්‍යුන්ග්ගෙ ෆාමසියට. ගිහින් හ්‍යුන්ග් එක්ක ඒකෙ වැඩ කලා. ඉතින් පුන්චි ගානකුත් හ්‍යුන්ග් මට දුන්නා. නෙක්ස්ට් වීක් එකේ හ්‍යුන්ග් ගෙ වෙඩින් එක.. පව් එයා මම නිසාමයි වෙඩින් එක කල් දැම්මෙ.

" හරි හරි චූටි දැන් ඇතිවෙනකන් කන්නකො. ආ ඒක නෙවෙ හෙට උදෙන්ම හ්‍යුන්ග් එක්ක ඔයාට ගමනක් යන්න තියෙනවා.."

ඔම්මා මගෙ ඔලුව අත ගාලා මට වාඩි වෙන්න පුටුවක් ඇදලා දුන්නා.

" ම්ම්ම් කොහෙද ඔම්මා...."

" හ්‍යුන්ග්ගෙ වෙඩින් එක උනාට හ්‍යුන්ග් විතරක් ලස්සනට ඉදලා මදිනෙ. හ්‍යුන්ග් යනව හෙට එයාගෙ සූට් එකට මෙශමන්ට් දෙන්න. ඔයත් ගිහින් ඔයා කැමති ඩිසයින් එකක් තෝරලා ඔයාගෙ මෙශමන්ට් දීලා එන්නකො"

" හ්ම්ම් හා ඔම්මා"

මම පීසා කෑල්ලක් අරන් හිමින් කන්න ගත්තා.

" මගෙන් පුන්චි ගිෆ්ට් එකක්"

මම පීසා කෑල්ල කාලා ඉවර වෙනවත් එක්කම අප්පා ඇවිත් මගෙ අතින් ලියුම් කවරයක් තිබ්බා. හෑ... මේ මොකක්ද මේ....

" මොකක්ද මේ අප්පා ම්ම්ම්..."

" ඉතින් කඩල බලනවකො"

මම ඒක කරක කරක අප්පගෙන් අහද්දි හ්‍යුන්ග් ඒක උදුරගෙන කඩලා ඒකෙ තිබ්බ දෙ එලියට අරන් ඇගිල්ලෙ දාගෙන කැරකෙව්වෙ මගෙ ඇස් දෙක දොට්ට පනිද්දි.

" ආහ්හ් බයික් එකක්ක්....."

ඒකෙ තිබ්බෙ බයික් කි එකක්..

ඇත්තටම මම බයික් එකකට මාරම ආසාවෙන් හිටියෙ. කොච්චර ඕන කියලා හිතුවත් මම කවදාවත් ඔම්මගෙන් අප්පගෙන් එ දෙ ඉල්ලුවෙ නැ මොකද මෙ වෙනකන් එයාලා මට කිසි අඩුපාඩුවක් නොකර මාව උස් මහත් කලා. එ නිසා මම හිතුවෙ මම රස්සාවක් කරන කාලෙක ගන්නව කියලා. ඒත් ඊටකලින් මගෙ අප්පට මාව තේරිලා වගෙ අද මට බයික් එකක් තෑගි කලා. ඉතින් දෙමව්පියෝ දරුවන්ට අඩුපාඩුවක් නැතුව හැමදේම අරන් දෙනවා කියන්න තවත් නිදසුන් මොනාටද.

" හැබැයි යාලුවො එක්ක රස්තියාදු ගහලා මට අහු වෙනව නෙවෙයි චූටි. අප්පා ඕක ඔයාට දෙන්නෙ ඔයාව විශ්වාස කරලා. එ විශ්වාසෙ නැති කරගන්නැතුව වැඩ කරන එක ඔයාගෙ යුතුකම"

ඔම්මා මට එ තර්ජනයක්ද මන්දා කලේ. ඔම්මා මගෙ දිහාට පිච්චිලා යන බැල්මක් දාගෙන බලන් ඉද්දි මම තව පීසා කෑල්ලක් කටෙ ඔබන් අප්පා දිහා බලද්දි ' මම නම් දන්නැ ඔම්මා එක්ක බලාගන්න' කියන්න වගෙ උරහිස් අකුලලා ඇස් කොනින් ඔම්මා දිහා බලලා මට ඇහැක් ගැහුවා. කොච්චි කරල් හොදයි අප්පහ් මෙ ඔම්මා එක්ක බලද්දි හුහ්...

" ආ මගෙනුත්. මම දැනන් හිටියා තමුසෙ ඒක කරනව කියලා ගුඩ් ලක්"

හ්‍යුන්ග් සාක්කුවෙ තිබ්බ මොකක්ද එකක් එලියට අරන් මට විසි කරද්දි මම වාඩි වෙලා හිටිය පුටුවෙන් අංශක හතලිස් පහක් වමට ඇල වෙලා අතත් පුළුවන් තරම් දික් කරලා ඒක බිමට වැටෙන්න නොදී අල්ල ගත්තා. කොහෙ විසි කරනවද මන්දා සැක්. අත ඇද ඇති මෝඩ හ්‍යුන්ග් ගෙ.

" කීටැග් එකක්.."

" ඉතින් "

" මෙ මොන මගුලක්ද හලො. ඒකත් රෝස පාට. උබට මාව කෙල්ලෙක් වගෙ පේනවද හ්‍යුන්ග්"

"නිකන් හම්බුන එකේ පාට හොයන්නැතුව ඕක ඔය කී එකට දාගන්නවා"

ඌම මගෙ අතින් කි එකයි කි ටැග් එකයි උදුරගෙන කීටැග් එක කී එකට දැම්මා. අනුමානයක් නැ එයාගෙ ප්‍රිය වෙන්ඩ වයිෆ්ට දෙන්න ගත්ත එකක් තමා ඔය මට දුන්නෙ. සැක් මෙහෙම හ්‍යුන්ග්ල නම්.

.
.
.
.
.

Next day

.

" චූටි ඔයා බස් එකෙ ගෙදර යන්න මට පොඩි ගමනක් තියෙනවා යන්න"

" ඉතින් යන් මමත් එන්නං"

උදේ වරුවම බයික් එක පැදලා මම අපෙ හ්‍යුන්ග් එක්ක හවස ආවෙ එයාගෙ වෙඩින් එකට එයාටයි මටයි ඇදුම් මහන්න මෙශමන්ට් දෙන්න. බයික් එකේ එන්න බැ මට ලයිසන් නැ නෙ. හ්‍යුන්ග්ට මගෙ බයික් එක පදින්න දෙන්නත් බැ ලෝබයි හිහ්. ඉතින් බස් එකේම ආවා. ඇවිත් දැන් ගෙදර යන ගමන්. ඒත් එ ගමන මෙ මනුස්සයට කොහෙද යන්න තදියම හැදිලා.

" නැ නැ ගෙදර යනවකො. මම එන්නං."

" තවුසෙ නූනා එක්ක මගුලෙ යනව නෙහ්. ඉදපම් මම ගෙදර ගිහින් ඔම්මට කියනව. විසෙ ගහල ගෙදර අරන් එනකන් ඉන්න බැ"

" ජන්කුක් උබ ගුටි කනවද ගෙදර යනවද"

මෝඩ හ්‍යුන්ග් ටවුන් එක මැදම මගෙ කොලර් එක හද හදා ඇහුවෙ හරියට මට මෙතන දමාන ගහන්න වගෙ. ඔය ඉතින් වැඩ වරද්දගන්න තමා.

" බැ මාත් එනව. යන් "

" අයියො පලයන්කො බන් ඇනයක් නොවි"

" නූනා හම්බෙන්න යන්න නෙහ්. ඇත්ත කියනව"

මම හ්‍යුන්ග්ගෙ උරහිසට ඇගිල්ලෙන් ඇන ඇන ඇහුවෙ එ ඇස් දිහා බලන්. පොර බොරු කියද්දි ඇස් දෙක වටේට කරක කරක හොරෙක් වගෙ උත්තර දෙන්නෙ. හිහ්.

" හා හා ඔව් ඔව්. මම යනව. තමුසෙ ගෙදර පලයන්කො දැන්"

" මම ඔම්මට කියනව තමුසෙ මගුලෙ ගියා කියලා"

" උබ නම් මහ මොකෙක්ද මන්දා චූටි. ඔම්මා මට මෙදවස් වල දැඩි නීති දාලා තියෙන්නෙ එයාව මීට් වෙන්න එපා කියලා. හරි තමුසෙට මොනාද ඕන කියනවකො"

" අන්න එහෙම එන්න.. අයිස් එකක්..."

"ආ ඕන මගුලක් ගන්නවා. මන් යනව"

හ්‍යුන්ග් මගෙ අතෙ සල්ලි වගයක් ගුලි කරලා කොන්ඩෙත් අතින් හද හද යන්න ගියා. හ්‍යුන්ග් යන්නෙ එයා ආදරෙ කරන කෙනා බලන්න. මටත් මම ආදරෙ කරන කෙනා බලන්න යන්න තියෙනවා නම්. ඒත් එයා දුරනෙ. මුහුදු හතක් එහායින් ඉදන් එයා මෙ වෙලාවෙ මොනා කරනවද කියලවත් දන්නෙ නැ. මට අපෙ හ්‍යුන්ග් ගැන වෙලාවකට ඉරිසියයි. ඒක මෙ එයා ආදරෙ කරනවට හ්‍යුන්ග්ට හරි යනවට දැනෙන ඉරිසියාවක් නෙවෙයි. මගෙ හ්‍යුන්ග්ත් මට පේන මානෙක හිටිය නම් එයත් ඔහොම මාව බලන්න එනවනෙ. එහෙම මට නැති එකට චූටි අහිංසක ඉරිසියාවක් මෙ හිතෙ තියෙන්නෙ

මම ලොකු හුස්මක් පාතට දාලා බැලුවෙ හ්‍යුන්ග් මගෙ අතෙ ගුලි කරපු සල්ලි දිහා. ඒ ටිකත් එහෙමම ගුලි කරන් සාක්කුවට දාගෙන මම පාර දිගෙ ඇවිදන් ආවා. දැන් හවස හයටත් කිට්ටුයි. වටින් ගොඩින් අඳුරුවෙලා මුලු ටවුන් එකම කාර්‍යබහුල වෙලා. වැඩ ඉවර වෙලා මිනිස්සු ගෙවල් වලට යන්න එහෙ මෙහෙ යන්නෙ හරියට කඩි ගුලක් ඇවිස්සිලා වගෙ. එයා වෙලාවට කනවද බොනවද දන්නැ. සෝහ්‍යුන් කරපු බලු වැඩෙ හින්දනෙ අපට මෙහෙම විදවන්න වෙලා තියෙන්නෙ.

අපෙ හ්‍යුන්ග් මෝඩයත් දැන්ම ගෙදර නොයන එකේ මාත් ටිකකින්ම ගෙදර යනව කියලා හිතාගෙන අයිස් එකක් අරන් කන ගමන් මම පාර දිගෙ ඇවිදන් ආවා.

කොහොම හරි මම එයා ගැන කල්පනා කර කරම අවසානෙට ඇවිත් තිබුනෙ ක්ලබ් එකක් ගාවට.

මට මේකට යන්න ඕන

ඒත් ගෙදර අය දැනගත්තොත් මාව ඉතුරු කරන එකක් නෑ

ඒත් හිතෙ තියෙන දුක චුට්ටක් හරි අඩු කර ගන්නවත්

නිකන් ගිහින් චුට්ටක් නටලා එනවා..

ඔව් එහෙම හොදයි. නොබී චුට්ටක් නටලා එනවා..

මන් එහෙම හිතාගෙන ජීවිතේ පලවෙනි වතාවට ක්ලබ් එකකට පය තිබ්බා... මාව චෙක් කරලා මට දැන් දහ අට සම්පූර්ණ නිසා මාව ඇතුලට ගත්තා.

බය හිතුනෙ නැත්තෙමත් නෑ. මම හිමින් හිමින් ඇතුලට ඇවිත් වටේම ඇස් යැව්වා. කාටවත් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගානක් තිබුනෙ නැ හැමෝම එයාලගෙ ලෝක වල. ඒක මට ලොකු සහනයක් ගෙනාවා.

සමහරු ඔහේ නටනව සමහරු බීලා තැන් තැන් වල වැටිලා ඔහේ ඉන්නවා තවත් සමහරු බාගෙට හෙලුවෙන් ඇදන් ඉන්න  කෙල්ලො වට කරන් උන්ගෙ කකුල් අත ගගා කියව කියව ඉන්නවා. අයිශ් මේක මහ ජරාවක්නෙ.

" සර් හෙල්ප් එකක් ඕනද.."

මම කට ඇරන් වටෙ බල බලා ඉද්දි වේටර් කෙනෙක් කියලා හිතන්න පුළුවන් හීන්දෑරි කොලුවෙක් හිස් ග්ලාස් ගොඩක් පුරෝගත්තු ට්‍රේ එකක් තනි අතින් උස්සගෙන ඇවිත් මට කතා කලා.

" ම් ම මට වතුර එකක් ගන්න ප් පුළුවන් ද"

එහෙම අහද්දි උ නිකන් මගෙ දිහා විහිලුකාරයෙක් දිහා බලනව වගෙ උඩ ඉදන් යටට දෙතුන්පාරක්ම ඇස් දෙකෙන් ස්කෑන් පාරක් දාලා

" ශුවර් සර්. වාඩි වෙලා ඉන්නකො"

කියලා යන්න ගියා. යකො වතුර එකක් ඉල්ලුවෙ වහ නෙවෙ. හුහ් ඔච්චර බලන්න දෙයක් කිව්වයැ. අනික මට තිබහයි. ඌට පිස්සු.

'ෆුහ්'

මන් නලලට වැටුන කෙස් ටිකට කටින් පිබල ලගම තිබ්බ ටේබල් එකෙන් වාඩි වෙන්න යනවත් එක්කම එකෙක් ඇවිත් මගෙ ඇගෙ හැප්පුනා. ඌම ආපහු මට වැටෙන්න නොදි අල්ල ගත්ත නිසා මන් නොවැටි බේරුනා. හැබැයි උ විදුලි වේගෙන් ආය අන්තරස්දහන් වෙලා ගිය නිසා මූනක් දැක්කෙත් නැ. මම ඇවිස්සුන මගෙ කොන්ඩෙ අතින් හද හදාම වාඩි වුනා.

ටිකකින් අර වේටර් කොලුවා මට වතුර එකක් අරන් ඇවිත් තව මොනාද ඕන ඇහුවා. මට ඉතින් වෙන මුකුත් එපා මට ඕන වුනෙ වතුර විතරයිනෙ. එ නිසා මම ඌව හරවලා යවලා වතුර එකත් එක හුස්මට බීලා කට්ටිය පිස්සුවෙන් වගෙ නටන තැනට ගියා.

නටනව නෙවෙයි මුන් නලියනවා. ඕන මගුලක් මමත් උන් අස්සට රිංගගෙන හිතෙ හැටියට නැටුවා. යෝහ් ඒක පට්ට හැබැයි..

" හෙයි කියුටි"

" හ් හෙයි"

මෙ කවුද මෙ. හීනි කෙල්ලෙක් මගෙ ගාවට ඇවිත් නට නටම මට කතා කලා. කෙල්ලෙක් කීවට මෙයා නූනා කෙනෙක් මට වඩා වයස පාටයි. හීනි පටි දෙකකින් කොටම කොට ගවුං කෑල්ලක් එල්ලගෙන අත් දෙකෙම වයින් ද කොහෙද ග්ලාසස් දෙකකුත් උස්සගෙන මගෙ ඇඟෙ හැප්පි හැප්පි නටන්න ගත්තා.

" වට්ස් යො නේම් ඩාලින්"

" ම් ම් ජන්- ටේජූන්.. මම ටේජූන්"

ඊව් මොකක්ද එ නම. ඕන මගුලක් මට ඇත්ත නම කියන්න බැරි නිසා මගෙ දිවට ආපු නමක් එහෙමම කියලා දැම්මා.

" ඔහ් නයිස්... ඉට්ස් යෝ ඩාලින්.. ටේක් ඉට්"

" ම මට?"

" යා... වයි බේබි??"

එ ගෑනි අතෙ තිබ්බ ග්ලාස් එකක්  මට ගන්නලු. මෙ ගෑනි මට දැන් පොවන්නද යන්නෙ මෙ. මම ජීවිතේට ඔය ජරාව බීලා නැ. අනෙ මට නම් එපා.

" නෝ තෑන්ක්ස්"

එ හීනි එකි මගෙ ඇගෙ තව තව ඇලෙන්න එනවා වගෙ තේරුන නිසා මම එතනින් ලිස්සලා යන්න හැදුවත් ඒකි මගෙ ඉන වටෙ ඒකිගෙ අත් දෙක දාගත්තා. මෙකි දැන් මෙ දෙක මගෙ ඇගෙ හලනව මම දන්නෙ එච්චරයි. මේකිටත් මේකිගෙ උලව්ව දෙන්න අහිංසක මාවමද හිටියෙ වෙන උන් මේකෙ නැතුවයැ.... අනෙ මාව බේරගන්න කවුරුත් නැද්දෝ....

" එන්ජෝයි යො ඩ්‍රින්ක් ස්වීට් හාට්... සීයූ...."

කොහොම හරි අන්තිමට ඒකි එ මගුල මගෙ අතට දීලා ඒකි ගාවට ආපු හයෙ හතරෙ සයිස් කොල්ලෙක්ගෙ බෙල්ලෙ එල්ලිලා මට ත් ෆලයින් කිස් එකක් දීගෙනම එතනින් යන්න ගියා.

කැපිච්චි පනුවො වගෙ නටන උන් මැද්දට වෙලා මම එ ග්ලාස් එක තියන් ගල්පිලිමයක් වගෙ ඒක දිහා තත්පර ගානක් බලන් ඉදලා නිකමට ඒකෙ සුවද බැලුවා...

ම්ම්ම්ම් නරකමත් නැ හැබැයි. පැණිරස සුවදක් එන්නෙ.

මට චුට්ටක් බීලා බලන්නත් හිතෙනවා

එතකොට මෙච්චර කල් රැකගෙන ආපු ප්‍රතිපත්තියට මොකද වෙන්නෙ...

උගුරක් බිව්වා කියලා වෙරි වෙන්නෙත් නැ හැබැයි...

මම ඔලුව උස්සලා වටේම ඇස් කරකල බැලුවා. කලින් වගේමයි එයාලා එයාලගෙ ලෝක වල. මම දැන් මේකෙන් උගුරක් බිව්වා කියලා අපෙ ගෙදරට කියන්න කෙනෙක් නැ. දැන් මාව නවත්තන්න කෙනෙකුත් නෑ... දැන් මගෙ වයසත් හරි තව දුරටත් මේක වැරැද්දක් නෙවෙයි

මම ඇස් පියාන එක උගුරක් උගුරෙන් පහලට දාගත්තා. මුලින් උගුර පිච්චිලා යන සැරක් දැනුනත් තත්පර ගානකින් මට දැනුනෙ ෆ්‍රෙශ් ගතියක්. ම්ම්ම් නරකම නෑ හැබැයි. මම තවත් උගුරක් බිව්වා... ටිකකින් මම ඒක අතෙ තියාගෙනම ආයෙත් නටන උන් අතරෙ නටන්න ගත්තා. කවදාවත් නොදැනුන නිදහසක් මට දැනුනෙ. හිතෙ තියෙන දුක මොහොතකට මට අමතක වෙලා ගියා. කාලෙකින් මම සතුටු වුනා.

පැයක් විතර මම ඇති වෙනකම් නටලා නටලා ක්ලබ් එකෙන් එලියට ආවා. ඉස්සර මගෙ හ්‍යුන්ග්ට බොන්න එපා කියලා නීති දාපු මම ක්ලබ් එකෙන් එලියට ආවෙ එ නීති මමම කඩාගෙන. ඒත් මට සහනයක් දැනුනනෙ. ඉතින් එ හින්දා කමන්නැ. මම මටම සමාව දෙනවා.

මම ඉක්මනට ඇවිත් බස් එකකට නැග්ගා. ක්ලබ් එක ඇතුලදි නොදැනුනාට දැන් දැන් තමයි බීපුවගෙ පවර් එක එලියට එන්න පටන් අරන් තියෙන්නෙ. මාව නිකන් කැරකෙනව වගේ. එ විතරක් නෙවෙයි එක්කෙනා දෙන්නා දෙන්නා වගෙ පේන්න පටන් අරන්. දැනුන අපහසුවට මම බස් එකේ හේත්තුවක් දාගෙන ඇස් දෙක පියාගත්තා.

ටිකකින් මට ඇහැරුනා. ඒත් මට බහින තැන පහුවෙලා කියලා තේරෙන්න වැඩි වෙලාවක් ගත වුනෙ නැ. මම ඉක්මනට බස් එකෙන් බැහැලා ආපු බස් එකකට ගොඩ වෙලා ජිමිනගෙ ගෙ ගාව හෝල්ට් එකෙන් බැහැගත්තා. දැන් පලයන්කො පයින්. පාර ඩබල් වෙලා පේන්නෙ මම කොහොමද දැන් ගෙදර යන්නෙ. ජිමිනා ගෙදර ද දන්නැ. මම පෝන් එක අරන් උට කෝල් එකක් ගත්තා.

" යොහ් කිහාන් සහෝ"

" එලියට වරෙං මං පාරෙ. පාරෙ යන්න බැ බං ඩබල් වෙලා. මාව ගිහින් දාපන් මගෙ බල්ලො. මං උබට මහ ගොඩක් ආදරෙයි කියලා උබ දන්නවනෙ. සුගා කාරයට වඩා උබව අයිති මට එ නාමෙන් එලියට වරෙන්"

" මොකක්. මොන මගුලක්ද ඕයි කියවන්නෙ. කොහෙද තො ඉන්නෙ"

" මං ඉන්නෙ මහ පාරෙ මගෙ බල්ලො. මං උබට බල්ලා කීවට මම දැන් බල්ලෙක් වගෙ පාරට වෙලා ඉන්නව උබ ගෙ අස්සෙ සැප විදිනව මෙහෙ වරෙන් තො."

" මොනවද ඕයි කියවන්නෙ. එකක් කියපන් තො කොහෙද ඉන්නෙ කියලා "

" පාරෙ"

" මොන පාරෙද"

" මගෙ බල්ලගෙ ගෙදර ඉස්සරහ පාරෙ"

" කාගෙ"

" තොගෙ බල්ලො"

" මොකක්. තො මොන මගුලක් කරනවද මෙ රැ ඔහොම හිටපන් මම එන්නං"

" උබ බල්ලෙ-"

සැක් පගයා කට් කරා නේද.

කැරකෙනව වගෙ දැනුන නිසා මම මහ පාරෙම වාඩි වෙලා අරකා එලියට එනකන් හිටියා.

" ජන්කුක්......"

කකුල් දෙක අස්සෙ මූන ඔබන් ඉද්දි ජිමිනා කැ ගහන් මගෙ ගාවට ඇවිත් මාව හෙලෙව්වා.

" හොලවන්නෙපා මගෙ ඇට හැලෙයි. උබ බල්ලෙක් වගෙ හොලවන්න එපා මං බල්ලෙක් වෙල-"

" ජන්කුක් මොනවද උබ මෙ දොඩවන්නෙ පිස්සෙක් වගේ. නැගිටපන් පාර මැද ඉදන් ඉන්නෙ. යකො වාහනයක් ආවා නං තෝව යට කරගෙන යයි. මෙහෙ වරෙන්"

ඒකා මගෙ අතින් අදිනවා. කියන එකක් තේරෙන්නැ මගෙ අත ගැලවුනොත් මගෙ මිනිහටනෙ පාඩු මුට නං මොකද.

" මට නිදිමතයි මට නිදාගන්න ඕන"

" හරි මෙතන උබට නිදියන්න බෑ නෙ යමං ගෙට මොකක්... ජන්කුක් උබ බීලද"

ඒකා මගෙ කම්මුල් දෙක චප්ප වෙන්න මිරිකගෙන අල්ලලා මගෙ කට අස්සට උගෙ නහය එබුවා

" කැහ් කැහ් කැහ් ජන්කුක් උබ මොන මගුලක්ද බිව්වෙ. ගඳ.... සිකේ උබට හොදටම වෙරි යකො"

" මම නෙමෙයි බිව්වෙ නූනා බොන්න දුන්නෙ හික්ස්"

" මොන නූනෙක්ද"

" අර හීනි නූනා... මට බේබි කිව්වා ඩාලිං කිව්වා කියුටි කිව්වා.. එ නූනා මට ආදරෙයි ද කොහෙදො එයා තමයි මට බොන්න දුන්නෙ මම නටද්දි"

" නටද්දි. කවුද හීනි නූනා. ජන්කුක් මට ඇත්ත කියපන් මොන මගුලෙද උබ ගියෙ. පඩිපෙල නගින්නෙ පරිස්සමට නැගපන්"

මේකා මාව උගෙ ගෙ ඇතුලට අරන් යන අතරෙ හීනි නූනා ගැන ප්‍රශ්න අහනවා.

" ඇයි උබ හීනි නූනට ආදරෙයිද ජිමිනෝ.. ඒත් ඒකිට හයෙ හතරෙ පොරක් ඉන්නවා බල්ලෙක් වගෙ බලාපොරොත්තු තියාගන්නෙපා එ නිසා. මගෙ බල්ලා උබනෙ හික්ස්"

මම උගෙ මූන අත් දෙකෙන්ම අල්ල ගත්තා. එ වෙනකොට ඒකා මාව උගෙ ඇද උඩට ගෙනත් දාලා

" යාහ් ඉබින්න එපා උබ ගාව ගදයි ජන්කුක්. ටිකක් ඉදහන් උබගෙ ගෙදරට කියන්න ඕන. නැත්තං එ මිනිස්සු බය වෙයි..."

මගෙ බල්ලා මාව ඇදට දාලා අපෙ ගෙදරට කෝල් කලා.

" හෙලෝ ඔම්මා... ජන්කුක් අපෙ ගෙදර ආවා
අද මම එයාව මෙහෙ තියා ගත්තට කමක් නැද්ද..
නැ අපෙ ගෙදර චූටි පාටි එකක් තියෙනවා ඒකයි...
නැ නැ කොහෙවත් යන්නැ ගෙදරමයි ඉන්නෙ
ඕකෙ ඔම්මා තෑන්ක්ස්ස්...."

"පාටි...කෝ පාටි අපි යමු නටන්න"

" අයියො ජන්කුක් මෙහෙ ඇති පාටියක් නැ. උබව බේරගන්න මම ඔම්මට බොරුවක් කීවෙ. උබ දැන් ඔහොම ගෙදර ගියොත් උබෙ ඇට ටික අහුලන්න මට උදෙ උබගෙ ගෙදර එන්න වෙයි. රෑ මේන් මෙහෙට වෙල නිදාගෙන වෙරි හිදුනම උදේ පලයන් ගෙදර"

මම ඇදෙන් බැහැලා දුවන්න යද්දි මේකා මාව නැවැත්තුවා. පාටි නැල්ලු. බොරුවක්ලු කිව්වෙ.

" හ්ම් උබ බල්ලෙක් ජිමින් හික්ස්"

මේකා මගෙ ශූ දෙකයි මගෙ ශර්ට් එකයි ගලවලා මගෙ කලිසමත් ගලවලා දාලා ෆෑන් එක දැම්මා. ඊටපස්සෙ ටිකකින් මගෙ ඇඟම තෙත රෙද්දකින් පිහ දාලා උගෙ ඇඳුමක් ඇන්දුවා. එ වෙනකන් කලෙ මම උට බැනපු එක. උ නෙවෙයි මීක් කිව්වෙ. මගෙ බල්ලනෙ මෙ.

ඊටපස්සෙ පහලට ගිහින් කෑම එකකුත් උස්සගෙන ඇවිත් මම බෑ කියද්දි මට ගිල්ලලා ඌත් ඒකෙන්ම කාලා ලයිට්ස් ඕෆ් කරලා මගෙ ගාවට නිදාගන්න  ආවා.

" මගෙ පැටියො"

ටිකකින් ජිමිනා හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා  මගෙ කම්මුලක් අත ගගා මට කතා කලා. මගෙ ඇස් පියවෙනව මට නිදිමතයි.

" පැටියො. ජන්කුක් "

" ම්..."

උ මාව උස්සලා මගෙ ඔලුව උගෙ ඔඩොක්කුවෙන් තියා ගත්තා.

" ඇත්ත කියපන් කොහෙද ගියෙ"

" නටන්න"

" හරි නටන්න කොහෙටද ගියෙ"

" ක්ලබ් එකට හික්ස්."

" හ්ම්. ගිහින් මොකද කලෙ"

" වතුර එකක් බීලා නටන්න ගියා. හීනි නූනා ඇවිත් මට වයින් ග්ලාස් එකක් දීලා යන්න ගියා. මම ඒක ඉවර වෙනකන්ම බිබි ඇති වෙනකන්ම නැටුවා. උබත් වරෙන් බල්ලෙක් වගෙ ඉන්නැතුව මං එක්ක නටන්න යන්න ඊලග දවසෙ"

" ඇයි ජන්කුක් උබ ක්ලබ් ගියෙ. එ මදිවට බලපන් උබ වෙරි වෙන්නම බීලා. අනික ඒක කවුද ගෑනියෙක් දීපු එකක්. ජන්කුක් උන් උබට කරදරයක් කරා නම් මොකද වෙන්නෙ."

" ආං එහෙම ඔලුව අතගාපන්කො බල්ලෙක් වගෙ බනින්නැතුව.. බල්ලෙක් විතරයි උබ හික්ස්"

" ඇයි උබට ක්ලබ් යන්න හිතුනෙ"

" එයා ඕනෙ. එයා නෑ. ආදරෙ කරන්න ඕන. ආදරෙයි කියන්න ඕන. තුරුල් වෙලා ඉන්න ඕන. එයා නැ මන් ගාව. හැමදාම අඩන්න බෑ මට කදුලු එන්නැ කදුලු ඉවර වෙලා මගෙ ඇස් වල. මට එයා ඕන. මට ගොඩක් පාලුයි. එයා ගිහින් දැන් හුගක් කල්. මාව බලන්න එන්නෙ නැ. කෝල් කරන්නෙ නැ. මට පාලුයි. එයා සනීපෙන්ද කියලා දන්නෙත් නැ. දුකයි මට. ඒකයි ගියෙ. මට බයයි මං පිපිරිල මැරෙයි කියලා. මට එයා ගෙනත් ඕන..."

" හරි හරි අඩන්න එපා මගෙ පැටියො ඉතින්. මම කට කැඩෙනකන් උබට කියලා තියෙනවානෙ වස්තුවෙ උබට පාලු හිතුනම මට කතා කරපන් කියලා. ඒත් මොකක්ද ජන්කුක් උබ මෙ අලුතින් කරන්න යන සෙල්ලම බන්න්න්. එයා ඉක්මනට එයි මගෙ වස්තුවේ..."

" ඉක්මනට කවද්ද ඉක්මනට හැමදාම කියන්නෙ ඉක්මනට එයිලු. කො ආවෙ නෑ නෙ. එයා එන්නැ. ආදරෙ නැ මට. මං මැරෙයි. මට බැ ඉන්න"

මට ජිමිනව බදාගෙන ඇඩුවා.

"උබ මෙහෙම දුක් විදින හැටි මට බලන් ඉන්න බැ බන්. කවදාවත් බොන්නෙ නැ කියපු උබ අද මෙහෙම ආවා. මට බයයි ජන්කුක් දැන් උබ ගැන. මම කියලා මොනාද බන් මට කරන්න පුළුවන්. පුළුවන් කමක් තිබ්බ නම් මම එයාට යන්න නොදි තියාගන්නවනෙ. මම විතරක් නෙවෙයි සුගා හ්‍යුන්ග් හොබි හ්‍යුන්ග් පුළුවන් තරම් ට්‍රයි කරානෙ එයාව තියාගන්න. ඒත් ප්‍රින්සිපල් සර් එක්ක අපට මුකුත් කරන්න බැ බන්. අඩුම එයාටවත් බැරි උනානෙ එයාගෙ අප්පගෙ වචනෙට පිටින් යන්න ම්ම්ම්.... අද වෙනකන් අපට හොයාගන්න බැරි උනා එ පොටෝස් කවුද ප්‍රින්සිපල් සර් අතට දුන්නෙ කියලා. උබට මතක ඇතිනෙ සුගා හ්‍යුන්ග්ලා කොච්චර ට්‍රයි කරාද කියලා... ම්ම්ම්... "

" එයා ඕන. මං මැරෙයි. මං හුගක් ආදරෙයි"

" හරි හරි දැන් නිදාගනින් මගෙ පැටියා.... මට තේරෙනවා උබෙ දුක බන්. ඒත් මම කියලා මොනා කරන්නද වස්තුවෙ උබට තේරෙනවනෙ. මම හැමදාම උබ ගාව ඉන්නවනෙ ආය ඔය අපායවල් වල යන්න එපා. උබට ඕන වෙලේක මට කතා කරපන්. දැන් නාඩා නිදාගනින් උදෙ යමු ගෙදර"

මට දැනුනා උ මගෙ කදුලු පිහි දාලා මෙගෙ නලල ඉබලා ආපහු මාව කොට්ටෙන් තියනවා.







































BaD_BuNnY

Continue Reading

You'll Also Like

4.1K 507 20
ටේයුන්ග් කියන්නෙ ලෝකයෙ famous ම company එකක් වෙන Kim company එකේ manager. ඔහු ගැන කියනවා නම් ඔහු ආදරය ගැන පොඩ්ඩක් වත් විශ්වාස කරන්නේ නෑ. ඒ වගේම jun...
1.2M 52.8K 99
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
784K 17.6K 46
In wich a one night stand turns out to be a lot more than that.