රිද්මය(GL)

By Yeshra_min

4.4K 472 130

🤍~ "නතරවෙන්න,හදවතට ලස්සනම රිද්මයක් දුන්න තැනක" GL non - fiction story More

Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 4
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
chapter 18

Chapter 05

232 23 6
By Yeshra_min

"හරි ළමයි..දැන් ඔයාලා grade 13 වලටම ඇවිල්ල තියෙනවා.ඉතින් ඒ කියන්නේ ඒ ලෙවෙල් අත ළඟ.තව මාස කීපයයි. ගිය අවුරුද්දේ කට්ටියට concert එක එක functions වලට එහෙම යන්න ගිහිල්ලා ලකුණු එහෙම හොදට තිබ්බනේ..මේ සැරේ ඉඳන් බැහැ.මේ term එකේ ලකුණු අඩු අයව මන් වෙන වෙනම ගෙන්නලා හේතු අහලා ඒ වෙනුවට පිළියම් යොදනවා"

චතුරි මිස් මගේ දිහාම බලාගෙන උදේ පාන්දර පටන්ගත්තේ ඔයාට මන් කියන්නේ කියලා නොකියා කියන ගමන්.මන් දත් තිස් දෙකම පේන්න හී ගාල බිම බලාගත්තා.concert එකත් එක්කම price giving ,එක එක interschool competitons පේලියට සෙට් උනා....ඕවා එක්කම grade 12 අපි හිටපු අවුරුද්ද ත් ඉවර වුණා...ඒ අවුරුද්ද ගියේ හුළඟක් වගේ....අපේ ට්‍රිප් එක,language day එක,මේ ඔක්කොම තිබ්බේ ඊයේ පෙරේදා වගේ මට මතක.දැන් ඉතින් අර කිඋවත් වගේ බෙල්ලටම හිරවෙල ඉන්නේ ඒ ලෙවෙල් කියලා.

"ඒ උබ දැන් ඒ ලෙවෙල් වලට පාඩම් කරන්න පටන්ගත්තද බං"

"මොංගල්ද ඕයි අර තිබුන හුටපට ඔක්කොම අස්සේ පාඩම් කරන්න. සිකුරාදනේ language day එකත් ඉවර උනේ"

"ඒ සිරාවට උබ එකේ අරයා එක්ක කරපු performance එක නම් පට්ට.idols ලා දෙන්නෙක් වගේ.හුගක් අය කීවා ඒකට 1st place හම්බවෙයි කියලා ඒ වගේම හම්බුනා නේ"

"හෙහේ ....thanks"

මන් මේසේ පහුරු ගාන ගමන් කියුවා. සෙනුදී නම් කියයි....මමනේ හුස්ම හිරකරගන් නැතුව ඉන්න මන් වින්ද දුක දන්නේ....ලඟට ආවත් සමනල්ලු යන එකේ කපල් ඩාන්ස් දාන්න ගියාම....බේරෙන්නත් බැහැනේ ඒ කටින් අනික් එක.

"මේ උබ මොනවද අද ගිල්ලෙ?"

"ආ?????"

"මූණ බලහං කෝ බෙල්ලේ ඉඳන් රතු වෙලා නේ"

"අහ්.. ඒක...අනේ මන්දා...."

මන් දත කාගෙන බිම බලන් උත්තර දුන්නා.මළ හත්තිලවුවයි තව එකක් පටන් අරන්

"අමාරුවක් නැද්ද?"

"නැ නැ."

"මේ අහපංකෝ බඩුවක්"

"ඕ"

"ටානියා හෙන මඟුලක් නටලා නේ අන්න උබටත් කේස් ලු"

නම ඇහෙද්දි ම මට කන් දෙකත් හෝදගන්න ඕන වගේ feeling එකක් ආවා.අම්මා අරෙහෙම තාත්තා මෙහෙම ගගා කියව කියවා ඉන්නවා මේකි පිටසක්වල ජීවියෙක් කියලා හිතාගෙන.

"ඒ පාර මොකද්ද ඒ"

"උබයි චතුරි මිසුයි අතර ළමයෙක්ගෙ යි ටීච කෙනෙකුගේ යි තියෙන සම්බන්දෙට එහා එකක් තියෙනව කියල අන්න ගිනි තියා තියා යනවා වටේටම"

"ඉතින්?අනේ බම්බු ගහගන්න කියපන්.ඕන පොල්පිති හරකෙක් ට ඕවා ඕකි කට තියං ඉන්න බැරුව කියන ඒවා කියලා තේරෙනවා"

මන් හිතුවා මේ ලොකු අටමගලක් නටන්න ඇති කියලා.ඕකි කියන ඒව කවුද ගණන් ගන්නේ.

"ආතල් නෙවෙයි බං.........දන්නවනේ ඒ වගේ මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මේකේ ඉන්නේ"

"මෙහෙමයි,ඕක ඔච්චර කල් නොතිබ්බ එකක් නෙවේ නේ.අනික එහෙම මේ අපි දෙන්නා යාළුවො වගේ හිටියයි කියලා මොනවා කියන්නද ඕකි.ඉස්කෝලෙ ඇතුලේ අපි කරට අත දාගෙන යන්නෙ නැත්තං"

"ඒකි කියන්නේ යාළුවො කියන අදහසින් නෙවේ බං...ඒකයි මෙතන අවුල"

"What the-"

"Shhhhhh....මේ පන්තියේ ඉන්නේ"

ඒකට නම් ඉන්න තැනත් අමතක වෙලා හයියෙන් ම කුණුහරුපයක් කියවෙන්න එද්දී හොඳ වෙලාවට හරි සිහියෙන් එහාපැත්තෙ කෙනෙක් හිටියේ. යකො, මේක මේ ඒකි ස්ක්‍රිප්ට් එක ලියන drama එකක් කියලා හිතුවද දන්නේ නෑ ඔහොම කතා හදලා ආතල් ගන්න.

"මාර වැඩක් නේ.ඕකිට ඔච්චර මොනවද මාත් එක්ක ඇරියස්....අනික චතුරි මිස් එන්ගේජ් වෙලා නේ ඉන්නේ ඒක දන්නවා නේ කට්ටිය"

මගේ පපුව තිබ්බේ එකසිය ගානට ගැහෙන ගමන්.ඕවා දුරදිග ගියොත් ඉස්කෝලෙ ඇවිල්ලත් ඉවරයි.

"මෙහෙමයි බං...ඒකි පරණයි,උබ අලුත්.ඒත් චතුරි මිස් වැඩිපුර උබ ට close.අනික බං period cut කරලා අහු වුණත් මිස් උබව ලොකුවට බණින් නැහැනේ.දවසක් මෙයා ෆෝන් එක උස්සන් ඇවිල්ල.ඊට පස්සේ චතුරි මිස් දැකලා බැනලා.මේකිත් එකට එක කියවන් ගිහින් මම උගන්නන වෙලාවෙ ඔබන්නේ නෑනේ අරකයි මේකයි කියලා.මිස් කෙනෙක් ටඑහෙම කියනවද මන් අහන්නේ මොනවා උනත්.ඊට පස්සේ මිසුත් බැනලා අම්මා අප්පලගෙන් කකා ඒ හයිය අරන් මෙතන ගුරුවරුන්ට සද්දෙ දාගෙන එන්න එපා මේක ඉස්කෝලයක් කියලා.ඇත්ත නේ බං.මේකි කොහොමහරි දැන් කියන්නේ මිස් එක්කලු උබ බලන බලන වෙලේ,ඔත්තුව දෙන්න ඇත්තේත් උබ ලු. මිස්ටත් බං තවම 25යි නේ. උබ සමහර විට කැමති ඇතිළු ගගා කියවලා"

"ටහු- අනේ ඔය ගැනි ගේ බෑග් එකට බෝම්බයක් දාලා ගෙදර යවන්න හිතෙනවා බං.අම්මා අර ඇමැතිනි තාත්තා මේ බිස්නස්මන් ගගා කියවන්නේ නෑනේ ඊට පස්සේ රෙද්ද.සිරාවට සල්ලි බලේ තියෙනවා කියලා පියාඹනවා ඕකි.වරදකට නේ බැනලා තියෙන්නේ මොන මඟුලක් ද මේ.ඉරිසියාව"

"ඕකිට බනින්න නෙවේ පරිස්සම් වෙයන්.මේවගේ කතා පැතිරෙන හැටි දන්නවා නේ"

"අනේ ඕකිගේ හැටි ඔක්කොම දන්නවා බං.ඕවා පිළිගන්න එකක් නැහැ කවුරුත්.ෂිට් හොදට තිබ්බ මූඩ් එක මේ කොහේවත් යන එකියක් හැමදාම ඇවිල්ල කනවා"

ඇත්තට ම මේ බයේ මුළු ගැහිලා අම්මා අප්පව ඇප තියලා බලු වැඩ කරන උන්ව මට පෙන්නන්න බැහැ.ඒත් කියන්න  අම්බානෙක සතුටුයි මේකි කරන එක වැරද්දක ට වත් තවම  අපේ මැඩම් ලා දඩුවම් කරලා නැ.හැබයි හයේ හතේ පොඩි උන් period එකක් කට් කරලා අහු වුණු ගමන් මැඩම් ගාව බැනුම් අහනවා.මේකි phone උස්සන් එන ඒ්ව,ඉස්කෝලෙ ළමයින් ට බලු විදියට සලකන ඒව, මෙහෙම බොරු කතා හදන ඒව වෙද්දී එකෙක් නැ ඔක්කොම busy.ඇත්තටම හොඳ ඉස්කෝලයක් කියලා හිතන් ආවාට මේ ඉස්කෝලෙ වැඩ ගැන මටම ලජ්ජයි.බලයයි සල්ලියි ඉස්සරහ නගුට අකුලන් යන සෙට් එකක් තමයි ඉන්නේ.

"හරි.ඔක්කොම දැන් නිශ්ශබ්ද වෙන්න.අද ඔයාලට ටෙස්ට් එකක් තියෙනවා.විනාඩි දෙකක් දෙනවා පොත් අයින් කරලා වාඩි වෙන්න.මන් ඊට පස්සේ තැන් මාරු කරන්නම්.අද මට තමා ඔයාලව බලන්න වෙන්නේ ඔයාලගේ මිස් ට O/L පන්තියක් දැන්."

එහාපැත්තෙ කොමස් පන්තියේ මිස් පේපර්ස් මිටියක් උස්සගෙන ඇවිල්ල කියද්දී සෙනුදියි මායි මූනෙන් මූණ බලාගත්ත. smile in pain .එච්චරයි අඩු.
.
.
.
.
.
Everybody say no.....

Briefly explain the...

Watashino sayigo wa anataga ii

The first one is done for

මේ ගෙවන ජිවිතේ වාඩුවක්

මගේ ඔලුව ප්‍රශ්නේ කියවන් නැතුව සින්දු කියන්න ගනිද්දී මට මියුසික් සිහියෙන් පැය විසි හතරම ඉන්න එකේ ප්‍රතිඵල සජීවී ව 973792910 වතාවටත් ලබාගන්න පුළුවන් උනා.අත් දෙකෙන් ම කොන්ඩෙත් ඇදගෙන මන් වටපිට බැලුවේ උදව්වක් ගන්න එකෙක් ඉදීද කියලා.

"ඔය තුන්වෙනි පේළියේ කොණ්ඩෙ කොට ළමයා මොකද ලියල ඉවරද"

හෙහේ....  සින්දු දෙකතුනක් ලියල එ්වුව නම් ලකුණු ටිකක් ඉල්ලගන්න බැරිවෙයිද දන්නේ නැ නේද.......

"තව විනාඩි පහලවක් විතරයි තියෙන්නේ"

හත්වලාමේ....විනාඩි හතලිස් පහක් මන් පොල් ගාල ද.හරි සෝක්.අපේ ඉස්කෝලේ හිටි හැටියේ මෙහෙම පොඩි පොඩි test එහෙන් මෙහෙන් පාත් වෙනවා.නිකන් mcq paper වගේ හැබයි මන් හැමදාම අසරණ වෙනවා.නිකමට පන්තියේ එහා කෙළවර හිටපු සෙනුදී දිහා බලද්දී එයා පේපරේ පසෙකලා බිතු සිතුවම් අදිනවා. කමක් නැ....එකට ෆේල් වෙන්න එකෙක් හරි ඉන්නවනේ. යොෂින් ට කොහොමද දාන්නේ නැහැ....එයා නම් ලියන්න ඇති.

"විනාඩි දහයයි"

මළ මගුලයි මොනාද මන් මේ හිත හිතා ඉන්නේ..... ලියාපාාාන්......

.
.
.
.
.
.

"මොකෝ උනේ."

පැය තුනක් පේපර් තුන ම එක දිගට ලියල ඉවර වෙලා මන් සෙනුදිගෙන් ඇහුවේ මන් විතරද අනාගත්තේ කියලා confirm කරගන්න.

"හැමදාම වෙන එක තමයි බං.යන් දැන් music නේද"

"අද උගන්නන එකක් නැ.ගුරු රැස්වීමක් ද මොකද්ද එකක් ලු.අන්තිම එක ඉගන්නුවොත් තමයි..."

"සිරාවට?අපරාදේ පොත් උස්සන් ආවේ"

"මන් පහලට යනෝ........ බායි"

ඉවර වෙලා මන් ඉතින් මගේ හදවතේ පන්තියට දිවුවා.මොනවා කරන්නද.සෙනුදිට යාළුවො සෑහෙන ගානක් හිටියට මට නෑනේ.P2 එකේ ළමයිට නම් දැන් මාව හොදට හුරුයි.කොයි වෙලේ බැලුවත් ඒක අස්සේ නේ.පුදුමයි තවම අර පිස්සු බැම්ලි මේකට කතාවක් හැදුවේ නැ.අද ඇවිල්ල නැද්ද කොහෙද

"ආශු....ඒ දන්නවද හලෝ ඔයාට - "

"ඔව් ඔව්.අනේ ඔය මනුස්සයා කියන ඒව කවුද ගණන් ගන්නේ"

"මටත් ඕක අහන්න ලැබුනේ අද උදේ.මොනවා උනත් ටික දවසක් ඕක නතර වෙනකං මිස් එක්ක ඉන්න එක අඩු කරොත් හොඳ නැද්ද"

"මේ කොහෙද රිංගුවේ උදේ පාන්දර.කොණ්ඩෙ ඇවිස්සිලා නේ හොඳටම"

කතාව වෙනස් කරන්න ඕනෑවට මම ඇහැව්වේ අර මාතෘකාව ගැන කතා කරන්න මූඩ් එකක් නොතිබ්බ නිසා.

"ආ....පේපර් එක ඉවර වෙලා නිදාගත්තා අනේ ටිකක්"

වට් ද පක් වගේ ලුක් එක්කන් මන් බැලුවේ.යකඩෝ මට වෙලාව මදිත් වුණානේ.

"එකම GIT පේපර් එක නේවේද  දෙන්නේ අපිට?"

"එකම එක තමයි. ඇයි?"

"අහ්...හෙහේ.... නෑ නිකන්.... ඔය කොණ්ඩෙ පිරගත්තොත් හොඳ නැද්ද"

ඒකට උත්තරයක් දෙන්නේ නැතුවම එයා පනාව බෑග් එකෙන් අරන් මට දික් කළා.මටද දැන් මේ පීරන්න කියන්නෙ ?

"මොකද අනේ බලන් ඉන්නේ පීරල ගොතන්න කො "

"ඔයා නැගිටින්න එහෙනම්....මගේ කොන්ද මොකක් හරි වෙයි නැවිල ඉදලා."

ඇත්තනේ.එයා පුටුවේ.මන් නැගිටලා. එහෙම පුළුවන් ය....

"මගේ කකුල් රිදෙනවා"

"අනේ මේ....මෙහෙ එනවා."

මන් එයාගේ ඉනෙන් අල්ලලා උස්සලා මේසේ උඩින් ඉන්දවල මම පුටුවෙ වාඩි උනා... එයා ඇස් දෙක ලොකු කරලා බලද්දි තමා මට මීටර් උනේ.....හෙහේ....පන්තියේ නේද.......අනේ දෙයියනේ මාව රතු වෙන්න නම් එපා එච්චරයි........ අතත් නිකන් පන නැ වගේ සීන් එකක් ආවත් මන් ගානක් නැහැ වගේ එයාගේ කොණ්ඩෙ ගලවලා ගොතන්න ගත්ත.

හනේ මෙයාගෙ කොණ්ඩෙ හැමදාම අවුල් වුණත් කමක් නැහැ .....ලේසියෙන් අතක් තියන්න දෙන්නෙත් නැහැනේ.....










#දුක🥴


Byee ගිහින් එන්නම්....

Continue Reading

You'll Also Like

369 62 5
තරහා නෑ මම තවම හෙටත් ඔයා මගේ මැණික🙂💔
1K 157 13
සමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?
5.9K 664 13
If that's a sin... then I am willing to commit it...
1.4K 140 7
පමාවුණු වසත් සිහිනයක් අභියස... සීතල නිම්නයක් ලද උණුසුම් හදවතක්.. සරත් අඳුරෙන් රහසේ ආ වසන්තය ඔබ.. 🍃🫧 දෙහදක අසම්මතේ...!!!💮🍁 (Started On:- 2023/09...