𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝...

By -BaD-BuNnY-

27K 3.5K 1.3K

Taekook A school love story Top Tae Bottom Kook දඟකාර ඔය හිතට මේ සිත බැඳුණු බව කෙසේ පවසම්දෝ අහිමි වේ යැයි ස... More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50

Chapter 41

427 56 37
By -BaD-BuNnY-



" චූටී.... නැගිටින්න පරක්කු වෙනව පුතේ...."

නිවාඩු මාසයක් ගෙවිලා ගියා ඇසි පිය ගහන වේගෙන්. අද ඉස්කෝලේ දෙවෙනි වාරෙ පලවෙනි දවස. ඔම්මා සැරෙන් සැරෙ ඇවිත් මාව කූද්දනවා. ඒත් මෙ ටිකේම දවල් වෙනකන් නින්ද ගිය නිසා අද නැගිටින්න බෑ කියලමයි හිතෙන්නෙ. කවුද අනෙ ඉස්කෝලේ උදෙන්ම පටන් ගන්න ඕන කියලා නීති දාපු එකා. ඒකා අහු උනොත් ගිහින් තෑං තෑං ගාලා කනට හතක් ගහලා එනව මන්.

ඔම්මගෙ කෑගැහිල්ල ඉවසා දරාගන්න බැරිම තැන මට තුරුල් වෙලා හිටපු පුතු පැටියව මගෙ බ්ලැන්කට් එකෙන්ම පොරවලා ඇඳෙන් බැහැල ගිහින් වොශ් කරන් ආපු මම  ටක් ටික් ටුක් කියලා  යුනිෆෝම් එකත් අයන් කරගෙන ඇඳගත්තා.

" චූටි එන්න කන්න"

මම පහලට යනකොටම ඔම්මා කන්න කතා කලා. ඒත් මට කන්න මහලොකු බඩගින්නක් තිබුනෙ නෑ.

" ඕන්නැ ඔම්මා කැන්ටින් එකෙන් මොනා හරි කන්නම්.. මම යනෝ බායී..."

" ඔහොම නවතිනවා චූටී.."

ඔම්මා ගිරිය කඩන් අණ කරපු නිසා අඩියක්වත් ඉස්සරහට නොයා මම හිටි තැනම ලොක් වෙලා වගෙ හිටියා.

" ඇ ඇයි"

" කන්නැතුව එක අඩියක් තියන්නැ ගෙයින් එලියට"

මෙ ඔම්මා මහ දුශ්ටයි අප්පා. උදෙන්ම ඔම්මගෙන් බැනුම් අහන්න ඕන්නැති නිසා ඔම්මා බෙදලා තිබුන කෑම එක මීක් නොකියා කාපු මම ඔම්මගෙන් හාද්දකුත් අරන් ගෙදරින් පිටත් වුනා. මම දන්නව ඔහොම කෑ ගැහුවට ඔම්මගෙ පන ටික මං..

" ගුඩ් මෝනින් සුද්දෝ... දැකපු කල්ල්... ඇදිලා ගිහින්ද මන්දා"

" මෝනිම් මෝනිම්. මම නෙවෙයි උබ නම් ඇදිලා ගිහින් වගේ"

ඉස්කෝලෙ මේන් ගේට් එක ගාවදිම හම්බුනෙ සෝහුවා. ඌව දැක්කා විතරයි ජිමිනා මූන අමුතු කරගෙන ඉවරයක් නැතුව මටත් රවන්න පටන් ගත්තා. මම මක් කලාටද ඉතින් මේකා මට රවන්නෙ.. මම වැඩිය ගනන් නොගෙන උන් දෙන්නම එක්ක ඇතුලට ආවා.

" ඉතින් ජන්කුක් මම උබව හම්බෙන්නමයි හිටියේ"

" ම්ම්ම් එ ඇයි"

කියව කියව අපෙ සෙක්ශන් එක පටන් ගන්න තැනටම අපි ආවා වුනත් සෝහුට තවත් මොනාද කියන්න තියෙනවා වගෙ දැනුන නිසා අපි එතන නතර වුනා.

" අනිද්දා මගෙ බර්ත්දෙ එක. ඉතින් ඔයා එන්නම ඕන අපෙ ගෙදර. මහ ලොකු පාටි නම් නැ ඉතින් උබ දන්නවනෙ පුන්චි පාටි එකක්... එනව නේද.."

මෙච්චර වෙලා මගෙ අතින් අල්ලගෙන ඈත කොහෙදෝ බලාගෙන හිටපු ජිමිනා මගෙ අත මිරිකුවා. හරියට යන්න එපා කියන්න වගේ. ඒත් මූ  මෙච්චර කියන එකේ.... මම බැ කියන්නෙ කොහොමද.

" ජන්කුක් උබ එනව නේද. එ දවසටවත් මට සතුටින් ඉන්න මට වෙන යාලුවෙක් නෑ. ...."

සෝහු බිම බලාගෙන සපත්තුවෙන් ගල් කැටයක් ගලව ගලව කියවද්දි මට පව් කියලා හිතුනා. ජිමිනා මූට කැමති නැ කියලා මූ දන්නවා ඉතින් දෙන්නා කතා නැති නිසා මට විතරයි ඉන්වයිට් කලේ.

" හරි මම එන්නම්.."

" තැන්කිව් ජන්කුක්ක්... අනිද්දා ස්කූල් ඉවර වෙලා අපෙ ගෙදර යන්න බලාගෙන එන්න..   ආපො... ආන් අරුනුත් එනවා"

අරුන් එනව කියලා ඌ මගෙ පිටිපස්සෙන් එන කවුදෝ දිහා බලන් ඉද්දි  මම පිටිපස්ස හැරිලා බැලුවා. එයාලව දැක්කම මැදින් එන උසම උස එක්කෙනා ගාවට දුවගෙන ගිහින් ඇඟට පැනලා හාදු කෝටියක් දෙන්න ඕන හිතුනත් මෙ ඉස්කෝලෙ නිසා මම කරබාගෙන හිටියා.

" එපා ජන්කුක් ඕකුන් දිහා බලන්නවත්. ඕකුන් ළමයි නෙවෙයි සත්තු. මට නම් පෙන්නන්න බැ"

මූ දත්මිටිකාගෙන ජප කරනවා. මටත් බලන්න එපාලු එ පැත්ත. ඔව්නෙ මු හිතාගෙන ඉන්නෙ අපි ඉස්සර වගේම තාමත් හතුරො කියලා නෙ. දැන් මු දන්නව එහෙම නම් අපි දෙන්නම දැන් පන දාගෙන ලව් කරන්නෙ එයාලට කියලා මු  කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා මෙතනම මැරිලා වැටෙනවා.

හැබැයි ඉතින් උ බනින එක සාධාරණයි මෙ තුන් දෙනා ඉස්සර රැඟුවෙ මේකෙ මහ උන් වගේනෙ. දෙන්න හිතයි හොම්බට හතක් උඩ පැනලම මගෙ මනුස්සයට. ආදරෙයි නෙ මං එ උනාට. එයා දැන් එහෙම නැ නෙ ඉතිම්...

සෝහුවා යන්න ගියා. අපි දෙන්නා එ තුන් දෙනා ලඟට එනකන්ම හිටියා. හැබැයි ඉතින් මගෙ පගයගගෙ රැවිල්ලෙ නම් අවසානයක් තිබුනෙ නැ.

" මොනාද අරු කියන්නෙ"

එයා මගෙන් ඇහුවෙ සෝහුවා ගැන.

" අනිද්දා උගෙ බර්ත්දෙ එකලු හ්‍යුන්ග්. මටත් පාටි එකට ඉන්වයිට් කලා"

" ම්ම් යනවද ඉතින්"

" ඔව්"

" කොහෙද "

" එයාලගෙ ගෙදර හ්‍යුන්ග්"

" මම නම් කැමති නැ ඔයා යනවට. ඔයාට යන්නම ඕනද. මමත් එන්නද"

" එපා හ්‍යුන්ග් උ ඔයාලට කැමති නෑ. ඔයාලා හැසිරුනෙ එ ළමයගෙ ගෙදර පාටි එකකට යන්න පුළුවන් විදිහට නෙවෙයිනෙ. අනික ඌට මහ ගොඩක් යාලුවො නැ හ්‍යුන්ග්. පව්.. මම ගිහින් එන්නම්"

" රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕන හැබැයි තේරුනාද"

" ප්‍රොමිස් හ්‍යුන්ග්ග්..."

" හ්ම් හ්ම්. ඒක නෙවෙ පෙන්නන්න දෙයක් තියෙනවා "

" ම්ම්ම්"

එයා සාක්කුවට අත දාලා මොනාද අරන් අත ගුලි කරගත්තා

" ඔයා හිතන්නෙ මොනා ඇති කියලද"

" ම්හු.. නෝ අයිඩියා. මොනාද හ්‍යුන්ග්"

" ටඩා......"

එයා මිට මොලවන් හිටපු අත දිගෑරියා. ඒකෙ තිබුනෙ බයික් කී එකක්.

" ආහ් ඔයාලා බයික් එක අරන් ආවද හ්‍යුන්ග්"

" ම්ම්.. හොබා අරන් ආවා. අද අපි මෙක දෙනවා"

" මගෙ හොද ළමයා. මට හාද්දක් දෙන්න තියෙනවා නම්ම්"

" කො දෙන්න"

" යෝහ් පිස්සුද හ්‍යුන්ග් කවුරුත් දකියි. අද ක්ලාස් එනවනෙ එතකොට දෙන්නම්"

එයා එයාලගෙ ක්ලාස් එක ඉස්සරහම මූන මගෙ දිහාවට දික් කරන් මගෙන් හාද්දක් බලාපොරොත්තුවෙන් ඉද්දි මම එයාගෙ නලලට ඇඟිල්ලෙන් ඇනලා තල්ලු කරලා අපෙ ක්ලාස් එකට දුවගෙන ආවා. හම්මො ඉස්කෝලේ මැද්දෙ තොත්තු දෙන්න පුළුවන් යැ.




දවස් දෙකක් ගෙවිලා ගියා. අද සෝහුගෙ බර්ත්දෙ එක. ඊයෙ හවස මම ඔම්මගෙන් සල්ලි ඉල්ලගෙන ගිහින් ඌට හොද බ්‍රෑන්ඩඩ් වොච් එකක් අරගත්තා. ඌට යාලුවෙක් කියලත් ඉන්නෙ මම විතරයි කිව්වා. ඉතින් උගෙ බර්ත්දෙ එක දවසෙ මට ඕන ඌව සතුටින් තියන්න. හැබැයි ඉතින් මගෙ සෝස කැකුල කැමති නැ මම ඔය ගමන යනවට. ඒත් ඉතින් නොයා ඉන්න තරම් මට එහෙම මහලොකුවට හේතුවකුත් නෑ.

ඉතින් ඉස්සෙල්ලා ආව කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙලා බැරි නිසා මම මගෙ පැටියටත් පුන්චි ගිෆ්ට් එකක් අරගත්තා. ඒක නම් ඉතින් වොච් එකක් නෙවෙයි ඔම්මගෙ සල්ලි මට එහෙම වියදම් කරන්නත් බෑ නෙ. එ නිසා මම ඌට ගත්තෙ බෙල්ට් එකක්. මොකද මම දැක්කා මගෙ තාරා පැටියගෙ බෙල්ට් එක දැන් හොදටෝම පරණයි. ඒක මම උදෙන්ම උගෙ ගෙදරදිම ඌට දුන්නා. අම්මෝ ඉතින් ඊටවඩා දෙයක් නැ මගෙ පැටියට. මාව බදාගෙන විනාඩි පහක් විතර ඉම්බා. කෙල තප්පයි මගෙ මූනෙ. මගෙ පිස්සු පැටියා ඌ හරි අහිංසකයි අප්පා. මගෙ පනෙං බාගයක් ඌ.


" එ කියන්නෙ උබ ඉතින් එන්නැනෙ මට තනියම තමා ගෙදර යන්න වෙන්නෙ. මෝඩ මූසලයා උබට එ මගුලෙ යන්න බැරි වෙන්නම බඩ යන්න ඕන මගදි. මම යනවා"

ඉස්කෝලේ ඇරුනම මට බැනලා බැනලා බැනලා හොදටම බැනලා මට මැද ඇගිල්ලත් පෙන්නපු ජිමිනා බෑග් එකත් කරෙ දාන් සුගාගෙ පීච් ගෙඩිය වනව වනව යන්න ගියා. හනේ ඉතින් මේකගෙ පස්ස ලගදිම වැටෙනව බිමට ඔය වැනවිල්ලට.

මම ගේට් එක ගාවට වෙලා හිටියෙ සෝහුවා එනකන්. ඒත් ඌට කලින් ආවෙ මගෙ පන ටික.

" පරිස්සමට ගිහින් එන්න ඉතින්. මෙ පෝන් එක තියාගන්නකො"

එයා කාටත් හොරෙන් මගෙ බෑග් එකට බට්න් පෝන් එකක් එබුවා. ඉස්කෝලෙට පෝන් ගේන්න තහනම් ඒත් මෙ මනුස්සයා පෝනුත් උස්සන් එනවද. යසයි වැඩෙ ඩිපියුටි හෙඩ්  පිපෙට්.... අල්ලගන්නම්කො මම පස්සෙ.

" එහෙන් එන්න පැය බාගෙකට කලින් මට කියන්න ඕන. මම එනවා ඔයාව ගන්න.."

" හ්‍යුන්ග් එහෙට එන්න එපා. එයා දන්නැ අපි අතරෙ-"

" නැ නැ එහෙ එන්නැ මම මගට එනවා. මම යනව එහෙනම්. පරිස්සමට මගෙ මැණික බායි"

" හරි හ්‍යුන්ග් බායි"

එයා මගෙ ඔලුවත් අවුස්සල යන්න ගියාම ටිකකින් සෝහුවා ඇවිත් මගෙ කරට පැන්නා. මම උදෙන්ම මුට විශ් කරපු නිසා ආය ආය විශ් කරන්න ගියෙ නැ ඉතින්.

පැය භාගයක් වගෙ යනකොට අපි උගෙ ගෙදරට ආවා. ඒත් මම හිතුවට වඩා නම් ගෙදර ලොකුවට තිබුනා.

" සෝහු ඔම්මා නැද්ද "

අපි ගෙට ගොඩ වුනත් උගෙ ඔම්මා එලියට ආවෙ නැති නිසා මම උගෙන් එහෙම ඇහුවා. අපෙ ගෙදරට මෙහෙම කවුරුත් ආවොත් ඉතින් ඔම්මා ඉන්නවා නම්  එනවනෙ  එලියට.

" නැ සුද්දො ඔම්මා කැෆෙ එකේ. දවල්ට මම ගෙදර ඉන්නවා නම් ගෙදර මම විතරයි ඉතින්. එන්නකො ඉස්සරෝම මොනා හරි කාලා ඉන්න. ඔම්මා අද ඔයාටත් එක්ක කෑම හැදුවා.."

ගෙදර ඉස්සරහ දොර ලොක් කරපු ඌ මාවත් ඇදගෙන ඇවිත් මාව ඩයිනින් ටේබල් එකේ වාඩි කරලා ඌ කිචන් එකට ගියා.

ටිකකින් කෑම ටික මේසෙට ගෙනාපු ඌ

" සුද්දො පොඩ්ඩක් ඉන්න මම ඉක්මනට ඔම්ලට් දෙකක් දාගෙන එන්නම්"

" වැඩි දේවල් ඕන නැ සෝහු මෙ මදැයි"

" මෙන්න වැඩක්.. එහෙම බැ. හා හා පුරා කියලා ඉස්සරෝම අපෙ ගෙදර ආපු මගෙ සුද්දට හොඳට සලකන්න ඕන. මට විනාඩියක් දෙන්නකො පැටියො"

ම්ම්ම් පැටියෝ...?

මූ මොකාටද මේ එන්න හදන්නෙ. නැ නැ වෙන්න බෑ මමත් ඉතින් ඔය අනන්තවත් මගෙ පගයට පැටියා කියන්නෙ. ඌත් මට කියන්නෙ. මූත් මට එහෙම කියන්න ඇත්තෙ යාලු පිට් එකට තමයි.


"ඔයත් වොශ් දානවද. මම ඇඳුමක් දෙන්නම් වොශ් දානව නම් දාගන්න"

කාලා ඉවර වෙලා මාව උගෙ රූම් එකට එක්කන් ඇවිත් මට බලන්න කියලා කාටුන් එකක් දාලා දීලා වොශ් දාගෙන ආපු සෝහු මටත් කැමති නම් වොශ් දාගන්නලු.

" ම්ම්ම් නැ මම මූන අතපය ටිකක් හෝදගෙන එන්නම්"

එහෙම කියලා මම වොශ් රූම් එකට ඇවිත් මෙච්චර වෙලා ලෝඩ් කරගෙන හිටපු චූ බරත් දාලා මූන අතපය හෝදගෙන ආපහු රූම් එකට ආවා.

මම රූම් එකට එද්දි තාමත් ටවල් එක පිටින් හිටිය සෝහු ඉටිපන්දමක් ගහපු කේක් එකක් තියාගෙන වටේට බැලුන් දෙක තුනකුත් තියලා ඇදට වෙලා මම එනකන් වගේ බලන් ඉන්නවා කේක් එක කපන්න. මූ මෙහෙමද කේක් කපන්නෙ. ඇදුමක් වත් නැතුව. අනික පාටි එකට අපි දෙන්නා විතරයි ද. මම හිතුවෙ තව කවුරුත් එයි කියලා.

" මොකො සුද්දා බය වෙලා වගෙ. ඇවිත් වාඩි වෙන්න. ඔන්න ඉතින්  මගෙ දාහත් වෙනි බර්ත්දෙ එක... ඔයත් එක්ක.."

ඌ ගාව ඇඳ තට්ටු කරලා මට ඇවිත් එතනින් වාඩි වෙන්න කිව්වා. එ අතරෙ හැපි බර්ත්දෙ කියලා ගහලා තියෙන අර උඩට උල තියෙන කැප් එකකුත් දාගත්තා.

" happy birthday to you
happy birthday to you
happy birthday dear sohu
happy birthday to you...."

මම සින්ග් කලාම ඇස් වහගෙන විශ් එකක් කරපු සෝහු ඉටිපන්දම නිවලා කේක් කෑල්ලක් කපාගෙන මට කැව්වා.

" happy birthday sohu"

ඒකම අරන් මාත් ඌට කෑල්ලක් කැව්වා

සෝහු මගෙ අතෙ තිබුන කේක් කෑල්ල සම්පූර්ණයෙන්ම මගෙ ඇගිලි දෙකත් එක්කම කටෙ ඔබාගත්තම මම මගෙ අත ඇදලා ගත්තා. ඒත් උගෙ කෙල මගෙ ඇඟිලි දෙකේ. අයිසිනුයි කෙලයි මගෙ ඇඟිලි දෙකේ දැකපු මට හිරිකිතයක් දැනුනත් මම එ වගක් ඌට පෙන්නන්න ගියෙ නැ ඌ දුක හිතුවොත් කියලා. හැබැයි ඉතින් ඔය ගෑවුනේ මගෙ හ්‍යුන්ග්ගෙ කෙල හරි මගෙ පැටියගෙ කෙල හරි නම් මට එහෙම අප්පිරිය නෑ. ඒත් අනේමන්ද සෝහුවගෙ කෙල වලට මට හිරිකිතයක් දැනුනා.

උගෙ කටේ තිබුන කේක් කෑල්ල ඉක්මනට ඉක්මනට හපලා උ ඊලගට කරපු දෙයින් මට තරු විසික් වුනා.

උ මගෙ කම්මුල් දෙකටම හාදු දෙකක් දීලා අද ආවට ඌව සතුටින් තියනවට තැන්කිව් කිව්වා. හාදු ගැන කතා කලොත් මගෙ හ්‍යුන්ග්ගෙන් ඇර මාව ඉබින්නෙ මගෙ ජිමිනා. අද උදෙත් මගෙ මූනෙම උ හාදු තියලා කෙලත් නෑව්වනෙ. ඒ ඉතින් උ මගෙ බොක්කනෙ. මගෙ හොදම යාලුවනෙ. එතකොට සෝහු......? එයත් ඉතින් මගෙ යාලුවෙක්නෙ. ඒත්..... ඇයි මට අමුත්තක් වගෙ එකක් දැනෙන්නෙ. උගෙ සතුටට කියලා හැමදේම ඉවසගෙන දරාගෙන හිටියට මට කිසිම හැපි එකක් නැත්තෙ ඇයි. මම ජිමිනා එක්ක කොච්චර නම් තනියම බර්ත්දෙ සෙලිබ්‍රේට් කරලා තියෙනවද. එතකොට මම කොච්චර සතුටු වෙනවද. අද මම හිනා නොවි බැරි කමට හිනා වෙලා හිටියට හිනා වෙන්න තරම් සතුටක් නෑ. අනේමන්ද. ඒත් මට සෝහුව රිද්දන්න බෑ. උ ඉන්නෙ ගොඩක් සතුටින්.

හැබැයි ඉස්සෙල්ලා උගෙ කෙල මගෙ ඇගිලි වල ගෑවෙද්දි වගේම හිරිකිතයක්  ඌ මට හාදු දෙනකොටත් දැනුනා. මනුස්සයෙක්ට එහෙම කියන්න හොද නැ තමයි. එහෙම කියලා හැමෝගෙම කෙලයි හැමෝගෙන්ම හාදුයි මට ගන්න බෑනෙ.

ඉස්සෙල්ලා  මම බල බලා ඉදලා වොශෲම් ගිය වෙලෙ ඉදන් මෙච්චර වෙලාම ඔහේ ප්ලේ වෙවි තිබුන ලැප් එක ලඟට අර ගත්ත සෝහු මගෙ අතට තවත් කේක් කෑල්ලක් දීලා ඌටත් කෑල්ලක් අරගෙන කන ගමන් වෙන ඩ්‍රාමා එකක් දැම්මා...

ඒත්....... ඒක bl ඩ්‍රාමා එකක් නිසා මම ඇස් කොනින් ඌ දිහා බැලුවම ඌ කිසි ගානක් නැතුව ඒක දිහා බලන් කේක් කෑල්ල කනවා. මූ මේක දැම්මෙ හිතලමද නැත්තං නොදැනද. එහෙමත් නැත්තං මූත්...... නැ එහෙම වෙන්න බැ. හැමෝම එහෙම අය උනාම ස්ට්‍රේට් කියලා ජාතියක් ඉතුරු වෙන එකක් නැ. මගෙ හිතට මූ ගැන වෙනම සිතුවිල්ලක් එනකොට මමම ඒක වෙන්න බැ කියලා හිතාගත්තා. ඔව් ඉතින් එහෙම බැලුවොත් සමාජෙ බාගෙටම බාගයක් ගේ.

මුලදි ලැප් එක අස්සෙ  රන්ඩු වෙවි හිටපු කපල් එක ටික වෙලාවකින් රන්ඩුව අතරෙම බොටම්ව උස්සලා ටේබල් එක උඩින් ඉන්දවපු ටොප් බොටම් කොල්ලට තවත් වචනයක් වත් කතා කරන්න නොදි කට කාගෙන යද්දි මට එතන ඉන්න ලොකු අපහසුවක් දැනුනා. මූත් මොනවා බලනවද මන්දා වෙන බලන්න දේවල් නැතුවද.

දැනුන අපහසුව නිසාම මම එ සීන් එකේදි අහක බලාගෙන ඉදලා නිකමට වගේ සෝහුවා දිහා බැලුවා.

" මගෙ දිහා බලාන මගෙ සුද්දා මොනාද කල්පනා කරන්නෙ ම්ම්ම්"

ඌ දිගටම ලැප් එක දිහා බලාගෙනම මගෙන් ඇහුවා.

" ම්ම් මුකුත් නැ සෝහු"

" මගෙ සුද්දා මේ සීන් වලට අකමැති ද බලන්න තමයි මම හිතලම ගේ ඩ්‍රාමා එකක් ප්ලේ කලේ. ඒත් මගෙ සුද්දගෙ අකමැත්තක් මට පේන්නෙ නෑ."

" ම්ම්ම්?"

මගෙ දිහා අමුතුවෙන් බලන් හිටපු සෝහු කට කොනින් හිනා වෙලා මගෙ නිකටින් අත තියාගෙන උගෙ ඇගිල්ලකින් මගෙ තොල් පිරිමදිනවත් එක්කම මම උගෙ අත මගෙ අත් දෙකෙන් අල්ලගෙන මගෙ මූනෙන් අයින් කලා.. උගෙ ඇස් දෙක මත් වෙලා වගේ.  මට දැනෙනවා මම ආවෙ එන්න හොද ගමනක් නෙවෙයි. මේ නිසාද මගෙ ජිමින් මෙච්චර අකමැති වුනේ. මම හිතන තරම් සෝහු අහිංසක නැද්ද. මොන විකාරයක්ද මෙ වෙන්නෙ..?

" මොකක්ද සෝහු උබට වෙන්න ඕන. කෙලින් කියපන්"

මූව මට අල්ලන්නැ.

" එච්චර හදිස්සියිද බබා... එහෙම හදිස්සි වෙන්න එපා බබා... අපි හිමින් සැරේ-"

" ඇති සෝහු ඇති. උබ මොකක්ද මෙ කරන විකාරෙ."

මට මහ හිරිකිතයක් දැනුනා. එහෙම කතා කරන්න පුළුවන් එයාට විතරයි. බබා කියලා ආදරෙන් අහන්න ඕන එයාගෙ කටින් විතරයි. ඒත් මු මට එහෙම කතා කරද්දි මෙච්චර වෙලා උගෙ සතුට වෙනුවෙන් ඉවසගෙන හිටපු මගෙ රතු කට්ට පැන්නා. මොකද එ වචනෙ ඇතුලෙ තිබුනෙ යාලුකමක් නෙවෙයි පහත් ආශාවක් කියලා නොතේරෙන්න තරම් මම බබෙකුත් නෙවෙයි

" ශ්.... කෑ ගහන්න එපා බබා. ඔයා හිමින් ඒකට ආස වෙයි. ඔයා ඔහොම කෑ ගහලා මගෙ බර්ත්දෙ එකත් විනාශ කරන්න ද හදන්නෙ ම්ම්..."

" සෝහු මම තාමත් ඉවසන්නෙ අද උබගෙ බර්ත්දෙ එක නිසා. හරි සිහියට වරෙන් උබට මොන මගුලක්ද උනේ."

මට විශ්වාස කරන්න බැ ඉස්කෝලේ ඇතුලෙ ඉන්න අහිංසක සෝහුමද මෙ කියලා. සෝහුට නිවුන් සහෝදරයෙක් ඉන්නවද කියලත් මට හිතුනා. මෙ ඉන්නෙ ඇත්ත කෙනා නෙවෙයි කියලමයි මගෙ හිත කියන්නෙ. මුගෙ අඩවන් වුන ඇස් වලින් පේන්නෙම මහ කෑදරකමක්.

දැන් අරුන් දෙන්නා ටේබල් එකෙන් ඇඳට ඇවිත් අර එදා මායි මගෙ එයයි නම්ජූන් ස' ට මාට්ටු වුන දවසෙ කිස් කලා වගේම කිස් කරද්දි මට එයාව මතක් උනා. මෙ වගෙ වෙලාවක එයා මගෙ ගාවින් හිටිය නම් කොච්චර ලස්සන වෙන්න තිබ්බද. වෙලාවකට මාව පරිස්සම් කරන තවත් වෙලාවකට හාදුවකින් මාව හැඟීම් අතරෙ අනන්තයටම අරන් යන එයා කියන්නෙම ඇබ්බහියක්.

" අකමැති කියලා පෙන්නන්න දැගලුවට බබා ඔයා අකමැති නැති බව මෙ  ලැජ්ජාවෙන් රතු වෙන කම්මුල් හොඳම සාක්ශිය නෙවෙයිද ම්ම්ම්...."

බිත්තිය අයිනෙන් හිටපු මගෙ දෙපැත්තෙන් මෙට්ටෙන් අත් දෙක තියපු සෝහු මගෙ මූනට බර වෙනවත් එක්කම

""" චටාස්""'

මම පුළුවන් වීරිය දාලා උගෙ කම්මුලට ගහලා ඇඳෙන් නැගිට්ටා. මගෙ රතු වුනෙ වෙන මුකුත් නිසා නෙවෙයි මගෙ මනුස්සයව මට මතක් වුන නිසා. දකින දකින උන් වෙනුවෙන් රතු වෙන්න මම වේ# බඩ්ඩක් නෙවෙයි. එයා විතරක් මාව ඇල්ලුවම ඇති.

" උබව හොඳ යාලුවෙක් කියලා හිතපු නිසාද සෝහ්‍යුන් උබ මට මෙහෙම සලකන්නෙ. උබට මොකක්ද මෙ උනේ. උබව විශ්වාස කරපු නිසාද මෙ. එහෙනම් මතක තියාගනින් උබ හිතන ජාතියෙ ජරා එකෙක් මෙවෙයි මම. මෙච්චර වෙලාවත් ඉවසුවෙ මම වැරදිලා හරි උබව මගෙ යාලුවෙක් කියලා හිතපු නිසා. අද වගෙ දවසකත් උබව රිද්දන්න ඕන්නැති නිසා. නැත්තං මෙලහකටත් උබගෙ දත් දෙකක් බඩට ගිහිල්ලා. ඒත් උබ උබගෙ සීමාව පැන්නුවා සෝහ්‍යුන්. මගෙ හදවතේ මගෙ උන්ට වගේම උබටත් උඩින්ම තැනක් වෙන් කරපු නිසා මම තවත් ඉවසන්නම්. ඒත් එ අදට විතරයි. සෝහ්‍යුන් උබ මම හිතපු එකා නෙවෙයි. උබ අහිංසක මූන පෙන්නගෙන මට ලං වුනේ මේකටයි එහෙනම්. ආය උබ මගෙ ඇස් ඉස්සරහට එනවටවත් මම කැමති නෑ. ආ මේක මම උබටමයි ගත්තේ අපේ ෆ්‍රෙන්ඩ්ශිප් එක වෙනුවෙන්. හැපි බත්දෙ මචන්"

මෙච්චර වෙලාම උ කම්මුල අත ගගා මම කියන දේවල් අහගෙන ඉද්දි මම උට ගත්ත ගිෆ්ට් එකත් උගෙ අතට දීලා මම එන්න ආවා. මගෙ හදවතට හරි බරයි. මම හිතුවෙ නැ මූ මේ වගෙ එකෙක් කියලා. මම ඌව කොච්චර විශ්වාස කලාද යාලුවෙක් නැති නිසා මට ඕන උනෙ ඌගෙ හිත රිදවන්නැතුව ඌ ගාවින් හොද යාලුවෙක් වෙලා උට එ අඩුව නොදැනෙන්න දෙන්න. ඒත් ඌ මොකද කලේ. අහිංසක මූන පෙන්නගෙන. මහ බොරුකාරයෙක්

මට වැඩි දුර එන්න හම්බ වුනෙ නෑ. උගෙ රූම් එකේ දොරෙන් එලියට එනවත් එක්කම ඉකි ගැහිලම ඇඬුනා. වෙන වෙලාවක නම් මම කේන්තියෙන් පුපුරයි. ඒත් මම විශ්වාස කරපු සෝහු මෙහෙම එකෙක් කියලා දැනුනම මට දුකයි.  ගොඩක් දුකයි. ඌ මාව රැවැට්ටුවා.

මම උන්ගෙ ගෙදර සාලෙන් දුවගෙන යද්දි මගෙ පිටිපස්සෙන් දුවන් ආව සෝහු මගෙ අතින් ඇදලා අරන් බිත්තියට හිර කරගත්තා.

" ප්ලීස් ජන්කුක් මම උබට ආදරෙයි. මගෙ ආදරෙ පිලිගනින් බබා පිලීස්ස්ස්...."

" ශික්. යාලුකමයි ආදරෙයි පටලගන්න එපා මිනිහො. මම උබව ලං කර ගත්තෙ යාලුවෙක් වගෙ මිසක් වෙන මගුලකට නෙවෙයි. ඒත් එ යාලුකම නැති කරගත්තෙත් උබම තමයි. අතෑරපන් මාව. ආය අපි අතරෙ කිසිම යාලුකමක් නෑ. අඩුම මම උබව දැන් ඉදන් අඳුරන්නෙත් නෑ. ආදරෙයි ලු. හහ් ආදරෙයි නම් ඔහොමද මිනිහො ආදරෙයි කියන්නෙ. ඕක ආදරෙ නෙවෙයි අයිසෙ කෑදරෙ කෑදරෙ. ආදරෙ වෙනයි කෑදරෙ වෙනයි. උබගෙ ඔය කිසිම බැල්මකවත් ආදරෙ කියන හැඟීම ගෑවිලාවත් නැ වනචරකමක් ඇරෙන්න. අතෑරපන් මට යන්න ඕන"

මම උගෙ අත් වලින් ගැලවිලා යන්න හැදුවත් උ තදින් මාව අලගෙන.

" නැ මම උබට යන්න දෙන්නැ ජන්කුක්. උබ මගෙ විතරයි. මම උබට ලං වුනේ උබව මගෙ කරගන්නමයි. මම උබව මගෙ කරගෙන මිසක් පස්ස බලන්නැ."

ඌ එහෙමම මගෙ බෙල්ලට පාත් වෙනවත් එක්කම මම උගෙ යටි බඩට පයින් ගහලා

" උම්මත්තකයෙක් වෙන්න එපා බන්"

කියලා උගෙන් බේරිලා පාර දිගේම දුවගෙන ආවා. ඌ පස්සෙන් එන්න බැරි නෑ. වෙන එකෙක් නම් මම එතනම ඒකව බාවලා. ඒත් සෝහුවා... ශික් මම කදුලු පිහ පිහම දුවන් ආවා.

ඒත් දෙයියනේ හ්‍යුන්ග් කිව්වනෙ මගට එන්නම් කෝල් කරන්න කියලා. ඒත් මම එයාටත් නොකියනෙ දුවගෙන ආවේ. මට අමතක වුනා..

මම දුවන ගමන්ම් පෝන් එක හොයලා අරන් ඔන් කරගෙන එයාට කෝල් එකක් ගත්තා.

" හ්‍යුන්ග් මම දැන් එනවා...."

" එහෙන් එන්න පැය භාගෙකට කලින් නෙ ළමයො මම ඔයාට කියන්න කිව්වේ. ම්ම්ම් මැණික ආ යූ ඕකේ...? හැමදේම හොදින් නේද?"

" ඔව් හ්‍යුන්ග් කිසිම ප්‍රශ්නයක් නෑ මම හොදින්"

" හරි ඉන්න තැනක් මට කියන්න මම ඉක්මනට එන්නම්"

" බස් එකක් එනවා හ්‍යුන්ග් මම ඒකෙ එන්නම් ඔයා ටවුන් එකට එන්නකො"

එහෙම කියලා ආපු බස් එකෙන් මම ටවුන් එකට යද්දි එයා බයික් එකෙන් ඇවිත් හිටියා. ඒත් මම කිසිම වෙනස්කමක් එයාට පෙන්නන්න ගියෙ නෑ. ඒ හොරකමකට නෙමෙයි. මම දන්නවා මෙ බවක් එයා දැනගත්තොත් එයාව නවත්තන්න මටවත් බෑ. ඉතින් මගෙ හ්‍යුන්ග්ව කරදරේක පටලන්න මට ඕන නෑ. එයාට තරහ ගිහින් සෝහ්‍යුන්ව එ අත් දෙකෙන් මැරෙන්න වුනත් බැරි නෑ. ඉතින් එයාට තියෙන ආදරේ නිසාම මම කට පියන් ඉදියා. ඇරත් එයාව හොඳ කෙනෙක් කරන්න තිබ්බ අඩිය මට මම වෙනුවෙන් ආපස්සට ගන්න බැ. ඉස්සර වගේ නෙවෙයි එයා දැන් එයාගෙ ඩියුටි හරියට කරනවා. ඉතින් එහෙම එකේ බැජ් එක ආපහු එයාට අරන් දෙන්න මිසක් සෝහ්‍යුන් වගෙ අවස්තාවාදියො නිසා එයාව පරන තැනටම ඇදලා දාන්න මට ඕන නැ. ඒත් එයාට මගෙ වෙනස තේරිලා තිබුනා. මම කලබලෙන් වගෙ කිව්වා. ඒත් මම එයාව ශේප් කලා උදෙ ඉදන් නිසා මහන්සියි කියලා. ඉතින් වැඩි කතා නැතුවම එයා මාව එක්කන් ඇවිත් ගේ ගාවින් ඩ්‍රොප් කලා.























සෝහු තමා දවසකටත් මිනිහා 😒

හිටියෙ නං කොහොමද පූසා වගෙ 😒

සැක්. අපෙ කොල්ලට හිතෙ දුක හරියට 😪

සෝහුවා ගේම අතෑරියොත් හොදයි ප්‍රතික්ෂේප වුන නිසා. නැත්තං ඉතින් ජන්කුක් බට්ට්ගෙන් තෑං තෑං කියලා දෙකක් කන්න තමයි 😒

ගිහින් එන්නා...





BaD_BuNnY

Continue Reading

You'll Also Like

762K 46.5K 112
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
2.3M 119K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
53.6K 3.8K 24
Book 2 of "My young and rich husband' " it's been a while, since I last saw this face, which I loved dearly. which I thought would stay with me forev...
5.8K 640 21
දුප්පත්කමත් පෝසත්කමත් අතර මග හැරුන ජිවිත ආදරයේ ආශිර්වාදයෙන් එකතු වේවිද...... TAEKOOK ff Story TOP TAE BOTTOM KOOK සිංහල 🔞 include ⭕Mature Content ...