බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫�...

By _peachy_shew_

4.5K 704 255

""සැනසීම"" ඒ වචනේ තේරුම මොකක්ද කියලා හොයන එකත් මට අකැප දෙයක් වෙද්දී හැමදාම මම පිටකරන ඒ බර හුස්මත් ඒ විදියටම අ... More

INTRODUCTION
CHAPTER 01
CHAPTER 02
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10

CHAPTER 03

357 64 25
By _peachy_shew_

මායි රිතුමුයි ගේට් එක ගාවට යද්දිත් ශාක්‍ය දාගෙන ලමයෙක්ට බනිනවා.අනිවාර්යයෙන්ම ඒ පොඩි එකා මොකකට හරි කටගහන් යන්න ඇති.ශාක්‍යට තියෙන්නේ පුදුම personality එකක්.මට ඒක කියන්න තේරෙන්නේ නෑ ඒත් ඌ පට්ට.කොල්ලෙක්ට තියෙන්න ඕනේ ගාම්භීරකම ශාක්‍යට ඒ විදියට තිබ්බා.මාර ඩීසන් ලුක් එකක් ඌට තිබ්බේ.තිදස් කියලා වෙනසක් නෑ.ඇත්තටම තිදස් ට ඒ ලුක් එක ඕනවටත් වඩා තිබ්බා.තිදස් ගැන හිත හිත ඉන්නකොටයි මම ඈතින් ඉන්න තිදස්ව දැක්කේ.

අපේ ඉස්කෝලේ සාමාන්‍යයෙන් සිනීයර් prefect ලට top board ඒකේ ඉන්න දහ දෙනාට වගේම ඉස්කෝලේ තිබ්බ ප්‍රධාන සංගම් වල ලමයිට අත් දිගට අදින්න පුළුවන්.එහෙම අත් දිගට ඇන්දමත් මාර ලස්සනයි.මන් ඉතින් නවයේ වසරේ ඉදන්ම අත් දිගට ඇන්දා.මොකද මන් ඒ කාලේ ඉදන්ම ඉස්කෝලේ රේඩියෝ කල්බ් එකෙයි Broadcasting team එකෙයි හිටියා.ඒ කාලේ ඉදන්ම මට ලස්සනට සිංදු කියන්න පුළුවන්.හැමෝම ඒක ගැන කියද්දී උනත් මට ඒක තේරුනා.එහෙමයි කියලා මන් මගේ තිබ්බ දක්ෂතාවය කොයිම වේලාවකවත් ඇති උන ලැජ්ජාවක් නිසා වහං කරන් හිටියේ නෑ.කටහඬේ තිබ්බ ලස්සන නිසාම රිතුම් මගේ නම ඉස්කෝලේ radio club එකට දීලා තිබ්බා.එතකොට radio club එක භාරව හිටියේ ස්වප්න අයියා.එයා මගේ කටහඬ අහපු ගමන්ම broadcasting team එකටත් දැම්මා.ඒ කාලේ අපි නොගියපු සංගමයක් නැති තරම්.රිතුම් මාව ඇදගෙන හැම මඟුලට ගියා.මාත් ඉතින් ඌ එක්කම ඇදී ගෙන ගියා.ඒකේ ප්‍රතිඵලයක් විදියට පොඩි කාලේ ඉදන්ම ඒකී මේකී හැම සංගමයකටම අපි දෙන්නා බැදිලා හිටියා.dancing club,drama society,swimming club,senior brass band හැම එකකම වගේ මායි රිතුවයි හිටියා.

මන් බලන් හිටියා තිදස් දිහා එයා අත් දිගට ඇදලා වැලමිට ගාවින් නවලා තිබ්බා.පුදුම තරම් ලස්සනයි දෙයියනේ මේ මිනිහා.ඇත්තමයි තරහාකාරයා උනාට මොකද මන් දන්නවා මන් තිදස්ව තරහාකාරයෙක් කරගත්තෙත් මගෙන්ම මගේ ඇත්ත හැඟීම් හංගන්න කියලා.මේ මිනිහා ඉස්සරහා මන් දිය වෙනවා වගේ ඒ තරම් ලස්සනයි මේ මිනිහා.එයා ලමයෙක්ගේ කොන්ඩයක් ගැන අල්ලගෙන බනිනවා හෝ ගාලා එක වේලාවක අත් දෙකත් පිටි පස්සට කරගෙන බනින එයාව ඈතට ඇත්තටම ලස්සනට පෙනුනා.පුදුම ගාම්භීරකමක් තියෙන්නේ එයාට.HP කෙනෙක්ට තියෙන්නේම ඕනේ දේ එයා ගාව තිබුනා.එයාව ඇත්තටම පොඩ්ඩ පොඩ්ඩ කෝපී කෝප්පයක් රහ බලන ගමන් නිරීක්ෂණය කරන්න ඕන රූපයක්.

'ටහිකෙන්න හුත්......'
තිදස්ගේ කල්පනාවෙන් හිටපු මම එක පාරටම ගැසිසුනේ පිට මැද්දට වැදුන හයේ හතරේ පාරත් එක්ක.පිට කිස් කනවා වගේ මගේ.

'ආව් මොනාද බල්ලෝ කරන්නේ මගේ පිට කිස් කෑවා අනුහස්'

"කොයි ලෝකේද ආදී උබ ඉන්නේ මන් දැන් කොච්චර වේලා කතා කලාද"

ඇත්ත ඉතින් තිදස්ගේ සිහියෙන් හිටපු මට මූ කතා කරනවා ඇහුනේ නෑ තියා මාත් එක්කම ආපූ රිතුවා මන් ගාවින් ගිහින් කියලවත් මට තේරුනේ නෑ.
අනුහස් කියන්නෙත් අපිත් එක්කම ඉස්සර ඉදන් හිටපු එකෙක්.ඇත්තෙන්ම මන් මූට හෙන කැමති.මොකද අනිත් උන් වගේ හිතේ එකයි කටේ එකයි තිබ්බේ නෑ ඌ ලඟ.දෙයක් කියන්න තියනවා නම් ඒ කෙනා කවුද කියන එක ඌට අදාලම උනේ නෑ ඌ කියන්න ඕන එක කිවුවා.ඒ ඌගේ හැටි.මන් හරි ආසයි උගේ ඒ ගති ගුණ වලට.අනුහසුත් මේ පාර ඉස්කෝලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් වේලා හිටියා.සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ Top board එකේ ඔක්කොම දහයක් හිටියා.ප්‍රධාන ශිෂ්‍ය නායකයටයි ප්‍රධාන/උපප්‍රධාන ක්‍රීඩා නායකයන්ටයි විතරක් එක්කෙනා ගානේ තෝරද්දී උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෝ තුන්දෙනෙක්ම තේරූවා.ඊට අමතරව senior prefect ලගේ වැඩ බලන්න supervisors ලා දෙන්නෙක් වගේම junior prefect ලගේ වැඩ බලන්න supervisor ලා දෙන්නෙක් විදියට top board එක තේරුවා.ඉස්කෝලේ ඉන්න ලමයි ප්‍රමාණය පාලනය කරන්න ලේසි වෙන්න ඇත්තටම ඒ වගේ තීරණයක් ගත්තු එක නම් හොදයි.

මේ පාර DHP තුන් දෙනා විදියට හිටියේ රිතුවයි,අනුහසයි,සහනුයි.මන් ලොකුවට supervisors ලා ගැන දැනන් හිටියේ නැති උනත් supervisors ලා ඔක්කොම වගේ මේ පාර commerce section එකෙන් තෝරගෙන තිබ්බා කියලා මට රිතුවා කිවුවා.අද මීටින් ඒකේදී තමා ඔක්කොම බලාගන්න වෙන්නේ ඉතින්.

'සොරි බන් අනුහසා මන් වෙන සිහියක හිටියේ'

"ඔව් ඔව් මට පේනවා උබ වෙන සිහියක හිටපු බව.මොකක්ද මේ රිතුවා කියපු කතාවේ තේරුම.උබ සෙකන්ඩ් කරනවද අහපවු"

'ඔව් බන් පිසික්ස් ෂුවර් නෑ.අනික කෙමෙස්ට්‍රි B එකක් වගේ එයි ඒ නිසා සෙකන්ඩ් කරන්න බැලුවේ'

"උබේ ශයි එක නම් ඇත්තටම අපරාදේ ආදී හොදේ උබ බැරි එකෙක් නෙවෙයිනේ.කමක් නෑ මේ පාර අදිමු මෝඩ වැඩ නොකර අපි ඉන්නවා උබ එක්ක"

අනුහසා කියපු දේට ඌට ආපිට හිනාවක් දෙනවා ඇරෙන්න මට කියන්න දෙයක් ඉතුරු වේලා තිබ්බේ නෑ.ඔව් ඇත්තටම මගේ මෝඩකම ෆස්ට් ශයි එක හරියට කරගත්තේ නැති මෝඩකම.අනුහසා ඉස්සරහට යන්න හදලා අහපවු මගේ ලඟට ඇවිත් මගේ අතේ මොකක්දෝ ගුලි කලා.මන් එහෙමම අත දිග ඇරලා බැලුවෙ ඒ මොකක්ද කියලා.ඒක බැජ් එකක්.ඉස්කෝලේ ලාංඡනය මැද තියන වටේට රතු පාටින් ගිහින් තියන බෝඩර් එක එන්නේ එක්කෙනෙකුට විතරයි.එතකොට මේක....මේක තිදස්ගේ බැජ් එක.ඒත් ඇයි මට.මන් එහෙමම බැලුවේ අනුහසා දිහා.

"ඕක තිදස්ට දීපන් රූම් ඒකේ දාලා ඇවිත් තිබුනා.අපි දැන් ඔය තරහා මරහා හිතින් අයින් කරමු බන්.ඉස්කෝලේ ගැන වත් හිතලා.මොකද ඉස්සරහට අපිට එකට වැඩ කරන්න වෙනවා ආදී"

එහෙම කියලා අනුහසා මට ලාවට පිටට තට්ටුවකුත් දාගෙන යන්න ගියා.මන් තාමත් බැජ් එක අතේ තියාගෙන කල්පනා කරනවා මේක එයාට ගිහින් දෙනවද නැද්ද කියලා.අනුහසා කියපු දේ ඇත්ත.ඉස්සරහට අපිට එකට වැඩ කරන්න වෙනවා.මෙහෙම තරහා මරහා තියාගෙන කොහොමද අපි එකට වැඩ කරන්නේ.අඩුම මූනට මූන බලලා කතා වත් නොකර කොහොමද අපි එක බෝර්ඩ් එකක් විදියට වැඩ කරන්නේ.මන් හිතුවා තවත් ඒක ගැන.අපේ පෞද්ගලික තරහටකට ඉස්කෝලෙට අහිතක් වෙන්න දෙන්නා බෑ මට.මන් එහෙමම බැජ් එක අතේ ගුලි කරගෙන තිදස් ලඟට ගියා.තිදස් තාමත් ගේට් එකෙන් ඇතුලට එන ලමයි දිහා හරි විමසිල්ලෙන් බලන් ඉන්නවා.මන් තිදස් ලඟට ගිහින් හිටගත්තා.මේ මිනිහා හෙන උසයිනේ අප්පා රෙද්ද.

'තිදස්'

එයා ගාව හිටගෙනම මන් එයාගේ නමින් කතා කරද්දී ඒ ඇස් දෙක මගේ පැත්තට හැරුනා.දෙවියනේ ඒ ඇස් කෝපි පාටයි.දිගැටි හීනී ඇස් එක්ක ඒ කෝපි පාට හරි ලස්සනට තිදස්ගේ මූණට ගැලපුනා.මන් දැක්කා ඒ ඇස් ගැස්සුනා මාව දැකපු ගමන් ඒ ඇස් ගැස්සුනා.පුදුම වෙන්න ඇති මන් ඇවිත් කතා කරපු එකට.මන් කතා කලාට මොකද එයා එක වචනයක් මාත් එක්ක කතා නොකර එක ඇහිබැමක් විතරක් උස්සලා මගෙන් ඇයි කියලා වගේ ඇහුවා.

'ඔයාගේ බැජ් එක රූම් ඒකේ දාලා ඇවිත් අනුහස් ඔයාට මේ බැජ් එක දෙන්න කිවුවා'

මම අතේ ගුලි කරන් හිටපු බැජ් එක එයාට පෙන්නන ගමන් කියද්දී එයා බැජ් එක දිහා එක පාරක් බලලා බැජ් එක මගේ අතින් අරගෙන අහපවු මගේ දිහා බැලුවා.සත්තයි ඒ බලපු බැල්මට මාව දිය උනා.මට කියන්න තේරෙන්නේ නෑ එයාගේ එක බැල්මක උනත් තිබ්බේ මාරම යුනික් ගතියක්.කලින් පාර වගේම මගේ හිතේ අහපවු ඒ හැඟීම දළු දාන්න ගනිද්දී ඒ හැඟීම් ගැන මට හරියටම තේරුමක් නැති උනත් මන් දැනගත්තා ඒක සම්මතයෙන් ගොඩක් එහා ගිය දෙයක්.ඉතින් සම්මතයකින් එහා ගිහින් දුක් විදිනවට වඩා මන් හැමදාම කලා වගේම හැඟීම් දළු ලියලන්නත් කලින් ඒ හැඟීම් මරලා දාන එක මන් මේ පාරත් කරන්න හිතාගත්තා.ඔව් මේ ආදිත්‍යගේ හිතේ මේ අහංකාරයා ගැන හැඟීමක් ඇති උනේ එයාව දැක්ක දවසෙම වෙද්දී මන් තනියම පුළුවන් තරම් ඒ හැඟීමෙන් දුක් වින්දා.ඉතින් ඒ හැඟීමම හිතේ තියන වෛරයක් බවට පෙරලා හරි නැති කරන්න මන් දෙපාරක් හිතුවේ නෑ.

ඒ ඇස් තාමත් මන් දිහා බලන් ඉද්දී ඒ මූණේ තිබ්බේ ප්‍රශ්නාර්ථ බවක් විතරයි.මන් දන්නවා එයා කතා කරන්නේ නෑ.නෑ එයාට කතා කරන්න ඕනකමක් නෑ.එයා හරි අහංකාර නපුරු හිතුවක්කාරයෙක් කියලා දැන දැනම එයා එක වචනයක් හරි කතා කරයි කියලා මන් බලාපොරොත්තු උනා.මට දැන් ඕනේ එයා එක්ක කතා කරන්න.මට ඕනේ තරහා මරහා අමතක කරලා එයා එක්ක කතා කරන්න එකට ඉන්න ඒත් මට විශ්වාසයි එයා කවදාවත් ඒකට අවස්ථාවක් දෙන්නේ නෑ.මන් එයා දිහා බලන් මුකුත් නොකිය ඉන්නකොට සාක්කු දෙකට අත් දෙක දාගත්ත එයා මට ස්තූතිවත් නොකර ගේට් එක ගාවටම යනකොට නහය අඟ දැවිල්ල ඇති උනත් ලාවට හිනා වේලා එයා යන දිහා බලන් උන්න මන් මන් එහෙමම පිටිපස්ස හැරිලා යන්න ලැස්ති උනා.ඉස්කෝලේට ඇතුලු වෙනවත් එක්කම හම්බෙන ශාලාවේ ගොඩක් වේලාව ඉස්කෝලේ රැස්වීම් වගේ දේවල් පවත්වද්දී ඒ ශාලාවටම අල්ලලා හදලා තිබ්බේ පොඩි බුදු කුටියක්.විශාල බුද්ධ මන්දිරයක් තිබ්බත් මන් ගොඩක් ආස උනා මේ බුදු කුටියට.ඒ ගාවම තිබ්බ ගැටපිච්ච මල් ගහ නිසා ඒ මුලු බුදු කුටියම සුවඳ වෙද්දි ඇත්තටම එතන තිබ්බේ පුදුම සන්සුන්කමක්.මන් එහෙමම එතනට ගිහින් බුදුහාමුදුරුවන්ට වැදලා ඉල්ලුවෙ මගේ හැඟීම් යට ගහන්න මට ශක්තිය දෙන්න කියලා.

""සහස්!!!!""

එතනටම වේලා බුදුහාමුදුරුවෝන්ගේ සන්සුන් රූපේ දිහා බලන් හිටපු මාව ගැස්සුනේ එයාගේ කටහඬට.මට අමුතුවෙන් එයාගේ කටහඬ අදුරගන්න දෙයක් නෑ.මන් දැනන් හිටියා ඒ එයාමයි කියලා.මන් හෙමිට පිටිපස්ස හැරිලා බලද්දී තිදස් සාක්කු දෙකට අත් දෙක දාගෙන මන් දිහා බලන් ඉන්නවා.මන් ඇයි කියලා වගේ මූනක් හදාගෙන බලන් හිටියේ මන් පුදුම වේලා හිටපු නිසා.

""මාත් එක්ක එන්න""

අනේ ඇයි බුදු හාමුදුරුවනේ ඇයි මෙහෙම කරන්නේ මට.හැඟීම් යට ගහන්න ඔබ වහන්සේගෙන්ම උදව් ඉල්ලද්දි ඔබ වහන්සේ වැඩමලා ඉන්න තැනම ඒ හැඟීම් වලට හේතූ වෙච්චි කෙනාම දළු ලමින් තියෙන හැඟීම් වලට පොහොර දානවා.මන් මොකක්ද කරන්නේ ඕනේ.කිසිම දෙයක් ගැන අවබෝධයක් නැති වෙද්දී එයා යන පැත්තට යනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.

11 වසරේ බිල්ඩින්ස් ටිකත් අපි පාස් කරන් ගියත් තිදස්ගෙන් කිසිම කතාවක් නැති කොට මන් පාඩූවේ එයාට සමාන්තරවම එයා යන පැත්තකට ගියා.

""අර පැත්තේ ක්ල්ස් ටික චෙක් කරලා එන්න""

ඉදකින් ආදී උබ.උබ කොහොමද හිතුවෙවත් මූ උබ එක්ක කතා කරන්න එනවා කියලා.මේ මිනිහා ගැන නොදැන වගේ මන් අහපවු බලාපොරොත්තු උනා මේ මිනිහා මාත් එක්ක කතා කරන්න එක්කන් යනවා කියලා.ක්ල්ස් ටික චෙක් කරන්න කියලා තිදස් උඩ තට්ටුවට ගියාම ආර්ට් සෙක්ශන් ඒකේ පහල තට්ටුවේ මන් තනි උනා.අපේ ඉස්කෝලේ ආර්ට් සෙක්ශන් ඒකේ ක්ල්ස් තට්ටු දෙකක දාලා තිබ්බේ ආර්ට් වලට හිටපු ලමයි වැඩි නිසාමයි.එහෙමම පහල තට්ටුවේ ක්ල්ස් පැත්තට ගියපු මම හැමදේම චෙක් කලා.පන්තිය භාර prefect පන්තියට ඇවිත් ද කියලා බුදු පහන ලැස්ති කරලද කෝරිඩෝ එක අතුගාලද කියලා ඔක්කොම චෙක් කරලා විනාඩි දහයකින් විතර මන් ආර්ට් සෙක්ශන් එක පැත්තෙන් එලියට එනකොට තිදස් මන් එනකන් බලන් ඉන්නවා.මට පුදුමයි මේ මනුස්සයා ගැන.මෙයා මෙහෙම හැසිරෙන්නේ නෑ.අනික අපි තරහාකාරයෝ වෙද්දි මේ මනුස්සයට ඇත්තටම මෙහෙම හැසිරෙන්න හේතුවක් තිබ්බේ.එයාගේ ඩියුටි එක කරලා යනවා ඇරෙන්න මන් එනකන් එලියට වේලා බලන් ඉන්න ඇත්තටම හේතුවක් තිබ්බේ නෑ.කල්පනාව පිටම මන් එයා ලඟට ඇවිත් තියෙද්දී මන් දිහා එක පාරක් බලලා අතේ බැදන් හිටපු ඔරලෝසුව දිහත් බලපු එයා මට ඉස්සර වේලා යන්න හදද්දී මාත් එයා එක්කම ඉස්සරහට ඇදුනා.මට තේරෙන්නේ නෑ දෙයියනේ මේ මනුස්සයගේ හැසිරීම.හැඟීම් ලියලන්නත් කලින් මරන්න ලෑස්ති වේලා හිටපු මට ඇත්තටම දැන් ඒක අමාරු දෙයක් වී ගෙන එනවා.එන දේකට මූණ දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මට තිබ්බේ නෑ.

තිදස් එක්ක එහෙමම දහය එකොලහා සෙක්ශන් වලටත් ගිය මම එතන පන්තිත් ඔක්කොම චෙක් කරලා තිදස් එක්කම අහපවු රූම් එකට ආවා.මන් එනකොටත් රිතුවා අනුහසා එක්ක මොනවද දත කාගෙන ලියනවා.ශාක්‍යත් පාඩුවේ වාඩී වේලා ඉද්දි තිදස් ගිහින් ශාක්‍ය ලඟින් වාඩි උනා.ශාක්‍ය තිදස් දිහා බලලා තිදස්ට මාව පෙන්නලා හිනා වෙනවා මන් ඇස් කොනින් දැක්කත් මන් ඒක එච්චර ගනන් ගත්තේ නෑ.මන් ගිහින් රිතුවයි අනුහසයි ලඟින් වාඩි උනාම ටිකක් වෙලා යන්නත් කලින්ම සහනා ආවා.මන් ශේප් ඒකේ හොම්බ දාලා බැලුවේ රිතුවා මොනවද ලියන්නේ කියලා.අනේ අම්මේ මගේ යක්ස පැටියා prefect ලගේ ඩේ පෑලැන් එක හදනවා.ඒක සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ හැමදාම කරන දෙයක්.DHP ලගෙන් එක්කෙනෙක් උදේම ඇවිත් prefect ලට අද දවසේ කරන්න ඕන ඔක්කොම වැඩ ඇතුල් කරලා ඩේ පැලෑන් එකක් හදන්න ඕනේ.පස්සේ ඒක හැම prefect කෙනෙක්ටම දුන්නට පස්සේ එයාලා ඒකේ විදියට වැඩ කරන්න ඕනේ.රිතුවා අනුහසා එක්ක දාගෙන හදන්නේ ඒ ඩේ පැලෑන් එක.

"ආදී වරෙන් පොඩ්ඩක් එලියට යන්න"

රිතුවගේ වැඩේට හොම්බ දාගෙන හිටපු මම සහනා කියපු දේත් එක්ක මන් සහනා දිහා හැරිලා බලද්දී ඌ මට ඇහෙන් දොර දිහා පෙන්නලා එලියට එන්න කිවුවා.මන් එහෙමම බැලුවේ රිතුවා දිහා ඌගේ මූණේ තිබ්බේ හෙන සීරියස් ලුක් එකක්.රිතුවත් මන් යන්න කියලා කියද්දී මන් දැනගත්තා අනිවාර්යයෙන් ලොකු ප්‍රශ්නයක් වේලා ඇති කියලා.ඒ වෙනකොටත් සහන් එලියට ගිහින් තියෙනකොට මන් රිතුවා දිහයි අනුහසා දිහයි එක පාරක් බලලා එලියට යන්න හැදුවා.එතකොටයි මන් දැක්කේ ශාක්‍යයි තිදසුයිත් මන් දිහා බලන් ඉන්නවා.මන් ඒ දෙන්නා දිහත් බලලා එලියට යද්දී සහනා ඉන්නවා සියඹලා ගහ යට තියන බංකුව උඩ වාඩි වේලා.

'මොකක්ද සහන් ප්‍රශ්නේ.මොකක් හරි උනාද'

මාත් බංකුවෙන්ම ඉදගන්න ගමන් අහද්දි සහනා මගේ දිහා බැලුවා.

"රදිශ් ඇවිත්"

රදිශ්ගේ නම ඇහෙනවත් එක්කම සියඹලා ගහ දිහා බලන් උන්න මට කෙලින්ම සහන්ගේ මූණ දිහා බැලුනා.ඒ කාලේ ඉදන්ම රදිශුයි මායි අතරේ හොද සම්බන්ධයක් තිබුනේ නෑ.මන් ඌට මුකුත් වැරැද්දක් නොකලත් ඌට මාත් එක්ක තිබ්බේ පුදුම තරහක්.හේතුවක් නොදන්නවා උනත් ඌ අපේ හැම රණ්ඩුවක් ආරම්භයෙදිම වගේම අවසානේදී කිවුවේ එකම දෙයයි."උබේ අම්මා මගේ අම්මගේ ජිවීතේ අපායක් කලා ආදිත්‍ය"
ඌ ඒ කියන දේ ගැන හැමදාම කල්පනා කලත් මට කවදාවත් ඒක ගැන හිතාගන්න බැරි උනා.මන් ඌගෙන් ඒ ගැන ඇහුවත් ඌ කලේ ඒක මඟ අරින එක වෙද්දි ඌගේ කටින් මගේ අම්මා ගැන සැහේන්න වැරදි දේවල් කියවුනා.ඉතින් ඒ හැමදේකම අවසානය උනේ අපි දෙන්නගේ දුර දිග යන රණ්ඩුව.

"ආදී මතක තියාගනින් දැන් උබ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි රණ්ඩු වලට පැටලිලා උබේ තැන නැති කරගන්න ලැස්ති වෙන්න එපා.පුළුවන් තරම් රදිශ්ව මඟ ඇරලා ඉන්න බලපන්.අපිට පුළුවන් හැමවේලාවෙම අපි ඉන්නවා උබ එක්ක එතකොට ඌට කරන්න දෙයක් නෑනේ"

'ඌ ඇයි ඇවිත් තියෙන්නේ සහන්'

"ඌ තමයි මේ පාර Chief senior supervisor"

'රදිශ් ඇවිත්ද අද'

"ඔව් රූම් එකට ආවා.උබ හිටියේ නැති එක හොදයි"

'ම්ම්'

"මතකනේ රණ්ඩු වලට යන්න එපා.පරිස්සමෙන් ආදී මට උබ ගැන හෙන බයයි.මන් යනවා ඩියුටි වලට.රූම් එකට ගිහින් රිතුවයි අනූයි එක්ක උබත් වරෙන්"

'ම්ම්'

සහන් කියපු දේටත් මිමිනල්ලකින් විතරක් උත්තර දුන්න මන් කල්පනා කලා සහන් කියපුව ගැන.ඌ කියපු සම්පූර්ණ කතාව ඇත්ත.මෙහෙම රණ්ඩු වලට පැටලෙන එක කිසිම තේරුමක් නැති දෙයක්.අනික ඉස්කෝලේම top board ඒකේ ඉදලා ප්‍රශ්නයක් දාගත්තොත් ඒක ඊට වඩා ප්‍රශ්නයක් වෙනවා.ඒත් මන් කොහොමද ඉවසන්නේ අර අහිංසකීට මූ කැත කතා කියනකොට.මන් ඇත්තටම දන්නේ නෑ අපේ අම්මා ‍රදිශ්ට මොනවද මෙච්චරටම කලේ කියලා.ඒත් පුතෙක් විදියට මට මගේ අම්මට මොනවා හරි කියද්දී ඔහේ අත් දෙක බැදන් බලාගෙන ඉන්න බැ.මට මොනවා කිවුවත් කමක් නෑ අම්මට නැතුව.ඒ කොහොම උනත් මන් හිතාගත්තා ඉවසන්න.මොන දේ උනත් මන් මගේ උපරිමය වෙනකන් ඉවසයි.

සහන් ගිහින් විනාඩි පහකට විතර පස්සේ බංකුවෙන් නැගිට්ට මන් අහපවු රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියා.මන් ඇතුලට යනකොට ශාක්‍යයි තිදසුයි ඇතුලේ හිටියේ නෑ.සමහරක්විට ඩියුටි යන්න ඇති.මන් ගිහින් රිතුවා ලඟ වාඩි උනා.

"ප්‍රශ්න දාගන්න එපා ආදී.ඔයාගේ යක්ස පැටියට බය හිතෙනවනේ ඔයා ගැන.අපි ඉවසන් ඉමු හාද"

මගේ මූණ දිහා බලාගෙන රිතුවා කියපු දේට හිනාවකින් ඇරෙන්න වෙන විදියකට මට ඌට උත්තරයක් දෙන්න බැරි උනා.එයාගේ මූණේ තිබ්බේ හරි අසරණ පෙනුමක්.එයා බය වේලා මට මොනවා හරි ප්‍රශ්නයක් වෙයි කියලා.ඉතින් මගේ වටේ ඉන්න අය නිසා මන් අහපවු හිතාගත්තා මට පුළුවන් තරමක් ඉවසන්න.ඉවසනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මට තිබ්බෙත් නෑ.ඉස්කෝලේ පලවෙනි බෙල් එක ගහද්දීම ගාථා කියන්න වේලාව හරි කියලා මන් දැනගත්තා.

"ආදී එන්න යමු ඩියුටි යන්න තියනවා.අනුහාස උබ ස්පොර්ට් රූම් එක පැත්තට යනවනේ පරිස්සමෙන් හරි ද.උබත් ඌ කියන ඒවා ගනන් ගන්න යන්න එපා"

රිතුවා මගේ අතකිනුත් අල්ලගෙන එලියට යන්න හදලා අහපවු අනුහාසට කියද්දි මට දුක හිතුනා.උනුත් මේවට පැටලුනේ මන් නිසා.රදිශ් උන්ගෙත් හතුරෙක් උනේ මන් නිසා කියලා මතක් වෙද්දී මට මහ වරදකාරී හැඟීමක් දැනුනා.මන් නිසා හැමෝටම ප්‍රශ්න ඇති වෙද්දි එක විනාඩියකට මට හිතුනා ආච්චි අම්මා කියනවා වගේ ඇත්තටම මම කාලකණ්ණියෙක්ද කියලා.

'උබලත් පරිස්සමෙන්.ඩියුටි ඉවර උන ගමන් ආදී එක්කන් රූම් එකට වරෙන් කොහෙවත් යන්නේ නැතුව'

අනුහසා එහෙම කියලා රූම් එකෙන් එලියට යද්දී මායි රිතුවයි විතරක් රූම් එක ඇතුලේ තනි උනා.

"උබ කාලකණ්ණියෙක් නෙවෙයි ආදී.අපිට ප්‍රශ්නයක් නෑ අපි රදිශ්ගේ තරහාකාරයෝ උන එකට.කොහොමත් උන් වගේ බල්ලොත් එක්ක ආශ්‍රය ඕනේ නෑ අපිට.උබ නිසා අපිට මුකුත් උනේ නෑ"

අනේ මන් මූට හෙන ආදරෙයි අම්මේ.මන් දන්නේ නෑ මූ මගේ හිතේ තියෙන දේවල් කොහොම දැනගන්නවද කියලා ඒත් රිතුවට පුළුවන් උනා මන් ඉන්න තත්ත්වේ හරියටම තේරුම්ගන්න.මූ ගාව මට සැනසීමයි.දෙපාරක් නොහිතපු මන් රිතුවව තද කරලා බදාගද්දි මෙච්චර වේලා ඇස් අඟ පොර කකා හිටපු කඳුලු එක දිගට ඇස් වලින් වාන් දාන්න ගනිද්දී මන් කෑ ගහලා ඇඬුවා.මන් ලැජ්ජ උනේ නෑ කොල්ලෙක් වෙලත් රිතුවා ගාව අඬන්න.මොකද මටත් කියලා තිබ්බේ හිතක්.ගල් වෙච්චි හදවතක් නෙවෙයි ඒකට දුක සතුට හැමදේම දැනෙද්දි සතුටෙදි හිනා වෙන්න වගේම දුකේදී අඬන්න උනත් පුළුවන් උනා.රිතුවා මගෙ පිට අත ගාන ගමන් මාව සන්සුන් කරද්දි මන් තව තව එයාට ලන් වේලා දුක තුනී වෙනකන් ඇඬුවා.

"ඔහොම අඬන්න එපා ආදී.පපුව කකියනවනේ මගේ.හැමදේම හොදින් වෙයි මන් ඉන්නවනේ උබ එක්ක ම්ම්ම්.දැන් නාඬා ඉදපන්කෝ.උබේ යක්ස පැටියා උබ එක්කම ඉන්නවා"

රිතුවගේ වචනත් එක්ක මන් ටිකෙන් ටික සන්සුන් වෙද්දි මට ඇහුනා රූම් ඒකේ දොර ඇරෙනවා.ටක් ගාලා රිතුවගෙන් එහාට උන මන් ඉක්මනට අතෙන් කඳුලු ටික පිහිදලා දැම්මා.

ඒ එයා.තිදස් රූම් එකට ඇවිත් මේසේ උඩ තිබ්බ පොතක් අරන් යන්න හදලා අහපවු ආපස්සට හැරිලා මන් දිහායි රිතුවා දිහයි බැලුවා.

""රිතුම් ඔෆිස් එක ගාව ශාක්‍ය ඉන්නවා එතනට යන්න""

රිතුම් දිහා බලලා තිදස් කියද්දී රිතුම් හා කියලා මාවත් එක්කන් යන්න හැදුවත් එයාගෙම කටහඬට අපි දෙන්නම නැවතුනා.

""සහස් මාත් එක්ක යයි.ඔයා විතරක් යන්න""

ඇයි දෙයියනේ මේ මිනිහගේ කටහඬ මෙච්චර ගැඹුරු.එයා නිකන් කියන වචනයක් උනත් මට තේරෙන්නේ අණ දීමක් විදියට.රිතුවා මන් දිහාත් බලලා පිටට තට්ටුවක් දාන් එලියට යද්දි මායි තිදසුයි විතරක් රූම් ඒකේ තනි උනා.

""එන්න""

ප්‍රිෆෙක්ට් බුක් එකත් එක අතින් තියාගෙන රූම් ඒකේ දොර ඇරන් මටත් එන්න කියලා එයා ගියාම මාත් ටක් ගාලා එයා එක්කම ගියා.ඉස්කෝලේ ගාථා යනවා.බුදු මැදුර ලඟ පුදුම සුවඳක් තියෙන්නේ හඳුන්කූරු නිසා.බුදු මැදුරත් පාස් කරන් ගිහින් අපි නැවතුනේ ටැප් ලඟ වෙද්දි එයා මට ඇස් වලින් ටැප් තියෙන තැන පෙන්නුවා.මට තේරෙන්නේ නෑ මේ මිනිහා මොකක් කියනවද කියලා.ටැප් ලඟට ගිහින් ඩියුටි කරන්න කියලා ද මේ මිනිහා කියන්නේ.මෝඩ යකෙක්නේ මූ.ටැප් ලඟට ගිහින් මොනවට ඩියුටි කරන්න ද.මන් ඇයි වගේ ලුක් එකකින් එයා දිහා බලන් ඉද්දි එයා කලකිරීමෙන් වගේ ඔලුව දෙපැත්ත ඇඟිලි වලින් පිරිමැද්දා.

""ගිහින් මූණ හොදන් එන්න සහස්""

අහ්හ්හ්.ඒකද කිවුවේ.මේ පැංචට ඉතින් දෙයක් තේරෙන්නේ ටිකක් වේලා යනවනේ.නෑ එක අතකින් ගත්තම මම වැරදි නෑ.ඌනේ ටැප් එකක් පෙන්නලා මඟුලක් නැටුවේ.කෙලින්ම කරන්න ඕන දේ කිවුවා නම් ඉවරයිනේ.ටැප් එකක් පෙන්නද්දී ඉතින් හිතෙන්නේ නෑනෙ එහෙම දෙයක්.මන් ටැප් එක ලඟට ගිහින් මගේ මූණ හොද ගෙන අහපවු එයා ලඟට එද්දි එයා මට එයාගේ සාක්කුවෙන් අරගෙන ලේන්සුවක් දික් කලා.

'තැන්කියු'
මන් ලාවට වගේ හිනා වේලා කිවුවත් මේ මිනිහා මුකුත් නොකියා ඉස්සරහට යන්න ගියා.මාත් ඉතින් එයා දුන්න ලේන්සුවෙන් මූණ පිහිදගෙන ඒක සාක්කුවට දාගත්තේ හෙට ඇවිත් අහපවු ඒක දෙන අදහසින්.

""අඬලා ප්‍රශ්න විසදන්න බෑ සහස්.අපි කරන්න ඕනේ ඉවසන එක.ඉවසීමේ අන්තෙටම එද්දි ඔයාට කලු පාටක් පේන්න ගත්තත් ඔයා කරන්න ඕනේ ඒ කලු පාට අස්සෙත් සුදු පාටක් හොයන එක.කාලකණ්ණියෙක් ගාව ඔය තරම් ලස්සන පාටක් තියෙන්නේ නෑ සහස්.ඔයා දන්නෙවත් නැතු ඇති ඔයා ගාව තියෙන පාටේ ලස්සන""

'අහ්'
මන් තාමත් එයා දිහා බලන් ඉන්නවා.මේ මනුස්සයා මොනවා ගැනද මේ කියවන්නේ.පාටක් ගැන මොනවද කියන්නේ.ඊටත් වඩා එයා කොහොමද දැනගත්තේ මන් ඇඬුවා කියලා.මන් ප්‍රශ්න දාහක් විතර ඔලුවේ තියාගෙන එයා දිහා බලන් හිටියා.මොකද මට එයා කියපු කිසි දෙයක් නොතේරෙනකොට මට කරන්න පුළුවන් බලාගෙන ඉන්න එක නෙවෙයි ද.මේ මනුස්සයගේ වචන මෙච්චර බර ඇයි.මන් එයා දිහා බලන් ඉද්දි මන් දැක්කා ඒ මූනේ හිනාවක් ඇදී නොඇදී ගියා.ඒ ලා හිනාව එයාට හරි ලස්සනයි.දෙයක් එක දිගටම දකිනකොට උනත් කිසිම අගයක් නෑ කියන කතාවේ තේරුම හරියටම මට අද තේරුම් යනකොට ලේසියෙන් හිනා වෙන්නේ නැති ඒ මූනේ අද ලා හිනාවක් ඇදෙනකොට ඇත්තටම මට ඒ හිනාවට මහ ගොඩක් ලෝභ හිතුනා.

පස්සේ අපි දෙන්නා ඩියුටි වලට දෙපැත්තකට යද්දී ගාථා ඉවර උනාට පස්සේ මන් අහපවු රූම් එකට ආවා.මේකේ අස්සටම වේලා ඉන්නවා ඇරෙන්න අපිට කරන්න වෙන දේකුත් නෑනේ.රූම් එකට ආවට පස්සෙත් මන් කලේ කල්පනා කරපු එක වෙනකොට මන් අහපවු හිතුවේ තිදස් අද කියපු වචන වල තේරුම මොකක්ද කියලා.එයාගේ වචන හරි බරයි තේරුම් ගන්න අමාරුයි.ඒත් මට ඕනේ තේරුම් ගන්න.

මන් ඇවිත් විනාඩි පහක් යන්නත් කලින්ම අපේ තුන් කට්ටුවත් එද්දි එයාලටම පිටිපස්සෙන් ශාක්‍යයි තිදසුයිත් ආවා.එතන ඉදන් ඉන්ටවර්ල් එක ඉවර වෙනකන් හැමදේම සාමාන්‍ය විදියට වෙද්දී අපි රූම් එක ඇතුලට වේලා ඔහේ කියව කියව හිටියා.අනුහස්ලා මට රූම් එකෙන් එලියට යන්නවත් නොදෙන කොට උනුත් මාත් එක්කම රූම් එකට වේලා හිටියා.අනුහසාලා එහෙම තිදස් එක්ක නෝර්මල් ඒකේ කතා කලා.ශාක්‍ය උනත් අපි එක්ක ඇවිත් සාමාන්‍ය විදියට කතාබහ කරද්දි මාත් ශාක්‍ය එක්ක හිනා වේලා කතාබහ කලා.ඒත් ශාක්‍ය අපි ලඟට එන වාරයක් ගානේ රිතුවගේ කම්මුල් දෙපැත්ත රතු ගැහෙන හේතුව මොකක්ද කියලා මන් කල්පනා කලා.තිදස් මාත් එක්ක කතා නොකලත් මන් එයා දිහා බලන වාරයක් ගානේ එයාගේ මූනේ අර නපුරු පෙනුම තිබුනා.මන් අනිත් පැත්ත හැරෙනවත් එක්කම ඒ නපුරු පෙනුම ලා හිනාවකට පෙරලෙන විදිය මට ඇස් කොනින් පෙනුනා.උදේ වරුවේ හැඟීම් යට ගහන්න උත්සහා ගත්තට මොකද දැන් මගේ ඇස් දෙකට පෙනී පෙනීම ඒ හැඟීම් දළු ලියලනවා.

ඉන්ටවල් එක ඉවර වෙනවත් එක්කම හැම ප්‍රිෆෙක්ට් කෙනෙක්ටම අපි සියඹලා ගහ යටට කතා කරලා තිබ්බා.ඒ සියඹලා ගහ හෙන ලොකුයි.ඒ නිසා ඒ මුලු පැත්තට හෙවන දෙන්න ඒ මහ ගසට පුළුවන් උනා.මට මතකයි ඉස්සර පොඩි කාලේ ඉස්කෝලේ එන දවසට කලින් වැස්සොත් මායි රිතුවයි හැමදාම උදේ පාන්දරම සියඹලා ගහ ලඟට ගිහින් අතු වලින් අදිනවා.එතකොට ඒ අතු වල තියන වතුර බින්දු වලින් අපි දෙන්නම නෑවෙද්දි අපි හරි ආසාවෙන් හිනා වේවී ඒ හැමදේම විදගත්තා ලස්සන මතක ඉතුරු කරගත්තා.මන් කියන්නේ මනුස්සයෙක්ට තමන් එක්ක ජීවත් වෙන මිනිස්සු එක්ක ලස්සන මතක තියෙන්නෙම ඕනේ.දවසක ඒ මිනිස්සු අපි ලඟින් ගියත් ඒ ලස්සන මතක අපි ගාව හැමදාමත් ඉතුරු වේලා තියනවා.ඉතින් ඒකම විතරක් මදිද අපිට ජීවත් වෙන්න.ඒ නිසාම මන් මිනිස්සු එක්ක ලස්සන මතක ඇති කරගන්න උත්සහා කලා.මන් හරි කැමති ඒ දේට.

ඉන්ටවල් එක ඉවර වෙනවත් එක්කම ප්‍රිෆෙක්ට් ලා ඔක්කොම වගේ සියඹලා ගහ යටට ඇවිත් ඉද්දී මායි රිතුවයි ඔක්කොම වගේ එයාලට ඉස්සරහින් හිටගත්තා.ටික වේලාවක් යද්දි හුරු පුරුදු රුවක් මගේ ඇස් දෙකට ගැටෙනවත් එක්කම මගේ අත් මිට මෙලවෙනකොට රිතුවා මට එහා පැත්තේ ඉදන් මගේ අත තද කරලා අල්ලගත්තා.ටිකකින් රදිශුයි එයාගේ යාලූවයි ඇවිත් සහනට එහාපැත්තෙන් හිට ගද්දි තිදස් කතා කරන්න පටන් ගත්තා.

""හැමෝම දන්නවා ඇතිනේ ඊලඟ මාසේ අන්තිම ස්පෝර්ට්ස් මීට් තියෙනවා කියලා.කලින් අවුරුදු දෙකේදීම උන ප්‍රශ්නත් එක්ක මීට් එක තියෙන්න බැරි උන නිසා මේ පාර මීට් එක ලොකුවටම ගන්න හදනවා.මන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මීට් එකකදී ප්‍රිෆෙක්ට් ලා උනාම ඔයාලා කොහොමද හැසිරෙන්න ඕන කියලා.මන් හිතනවා මෙතන ඉන්න හැමෝම ඔය බැජ් එකට සුදුසු නිසයි ඕක දීලා තියෙන්නේ.ඉතින් මන් බලාපොරොත්තු වෙනවා ඒක ඒ විදියටම ඉස්සරහට තියෙයි කියලා.අනිත් දේ තමයි මීට් එක නිසා නිතරම වගේ මීටින්ස්ග් ගන්න පුළුවන් මිස්ලගේ.ඒ හැම වේලාවකදිම ඔයාලා ඔයාලගේ ඩියුටි එක හරියට කරන්න ඕනේ.ක්ල්ස් වලට ගිහින් අනවශ්‍ය විදියට ඇතිවෙන සද්ද නවත්තන්න ඕනේ.මන් හිතන්නේ නෑ මන් අමුතුවෙන් ඔයාලට ඔයාලගේ ඩියුටි එක ගැන කියලා දෙන්න ඕන කියලා""

මන් බලන් හිටියා තිදස් දිහා.එයා කතා කරද්දි පුදුම තරම් ගාම්භීරයි.ඊලඟ මාසේ අන්තිම වගේ තියන්න ඉන්න ස්පෝර්ට් මීට් එක ගැන වගේම එතනදි ප්‍රිෆෙක්ට් ලගෙන් වෙන්න ඕන රාජකාරි හැමදෙයක්ම වගේ තිදස් කියද්දී විනාඩි පහලොවක් විතර මේ මීටින් එක ඇදුනා.තිදස්ගෙන් පස්සේ ශාක්‍ය මීට් එක සිද්ධ වෙන විදිය ගැන කියද්දි ලමයි හැමෝම සාවධානයෙන් ශාක්‍ය කියන දේවල් අහන් හිටියා.ස්පෝර්ට් මීට් තියනවා කියන්නේ අනිවාර්යයෙන් මටයි ශාක්‍යටයි වැඩ වැඩි වෙනවා.දැන් ඉතින් ඒවටත් මැරියන්කෝ.සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ මීට් එක ලොකුවටම ගියා.තවත් විනාඩි පහක් විතර යනකොට මීටින් එකත් ඉවර කරලා ප්‍රිෆෙක්ට් ලවත් අපි පන්ති වලට යවලා රූම් එකට යන්න හැදුවත් මගේ මඟ හරස් වෙනකොට මන් ඔලුව උස්සලා බැලුවා.

"වෙල් ආදිත්‍ය අන්තිමට අපි අහපවු හම්බුනා.එහෙමනේ"

'එහාට පලයන් රදිශ්.ආදී උබට දැන් මෙතන මුකුත් කලේ නෑනේ'

රිතුම් මැදින් පැනලා රදිශ්ට උත්තර දුන්නම මන් මගේ කේන්තිය පාලනය කරන් හිටියා උපරිම.

"උබ අහපවු!!?උබ මොකටද ඇත්තටම හැමදාම මූ නිසා කඩේ යන්නේ ලැජ්ජ නැද්ද රිතුම් උබට"

'යකෝ ඌ අපේ යාලූවා.උබ වගේ බල්ලොන්ගෙන් ඌව බේරගන්න ඌ වෙනුවෙන් කඩේ නෙවෙයි අපායට උනත් යනවා යකෝ'

අනුහසාත් මේකට මැදිහත් වෙද්දි සත්තයි මට බය හිතුනා ඉස්සරහට මොනවා වෙයිද කියලා.මේක ලොකු රණ්ඩුවක් විදියට ඉස්සරහට ගියොත් මට විතරක් නෙවෙයි පැත්තක හිටිය මගේ උන් ටිකත් අහු වෙනවා.

"උබට මොකක්ද තියෙන ප්‍රශ්නේ රදිශ්.ලැජ්ජ නැද්ද උබට මෙහෙම පොඩි උන් වගේ එල්ලි එල්ලි එන්න.උබට මොකක්ද යකෝ මන් ඔච්චරටම කලේ"

ඉවසන් ඉන්න බැරිම තැන රිතුවයි අනුහසයි එහාට කරලා මන් ඉස්සරහට ඇවිත් රදිශ්ට කතා කරද්දි මන් දැක්කා උගේ ඇස් දෙක මගේ මුලු මූණ පූරාම යනවා.

'උබ නෙවෙයි යකෝ උබ නෙවෙයි උබේ මහ ලොකු කුමාරිහාමියි හැමදේම කලේ.උබේ අම්මට වටේ යන්න ලැජ්ජ නැද්ද යකෝ.තවත් ගෑනූ කෙනෙක්ගේ ජීවිතයක් අපායක් කරන්න උබේ අම්මට ලැජ්ජ නැද්ද යකෝ'

"මොකක්දෝ පාහරයෝ තෝ කිවුවේ"
ඒ බල්ලා කියන වචන තවත් මට අහන් ඉන්න බැරි කොට මන් උගේ ඇඟට පනින්න හැදුවත් දරදඬු අතක් මගේ ඉන වටේ එතනවත් එක්කම මන් කරන්න ගියපු වැඩේ කරන්න බැරි වෙද්දී තිබ්බ කේන්තියත් එක්ක ඒ කවුද කියලවත් නොබලපු මන් ඌවත් තල්ලු කරලා අරූගේ ශර්ට් ඒකෙන් අල්ල ගද්දී මට ලාවට වගේ ඇහුනා රිතුවා කෑ ගහනවා.

"උබ තව එක වචනයක් කියපම් මගේ අම්මට මන් දිවුරනවා මන් උබව අද මෙතනම මරලා දානවා.කියපන් ඉතින් පාහරයා.උබට මොකක්ද යකො ඒ අහිංසකී කලේ.මිනිහෙක්ගේ ආදරයක්වත් නැතුව ඒ අහිංසකී මාව හැදුවේ කොහොමද කියලවත් උබ දන්නවද බල්ලෝ.එහෙම අම්මටද උබ මෙහෙම කියන්නේ යකෝ.වටේ ගියා කියන්නේ උබ දැක්කද බල්ලෝ.අහ්හ් උබ දැක්කද.පිරිමියෙක් ඇඟේ ගැවෙන එකත් පිලිකුල් කරන ඒ අහිංසකී කොහොමද යකෝ වටේ යන්නේ.උබේ අම්මාගේ ජිවිතේ අපායක් උන එකට මගේ අම්මා පලි වෙන්නේ කොහොමද යකෝ.ඒක උබ උබේ තාත්තගෙන් අහගනින්.ඒ අහිංසකී මිනිහවත් නැතුව මාව හදපු විදිය දන්නේ මන් විතරයි බල්ලෝ.උබ කියන විදියට කවදාවත් ඒකී වටේ යන දෙකයි පනහේ වැඩ කලේ නෑ.මගේ අම්මා අහිංසකයි දෙයියනේ.ඒකී අහිංසකයි"

මුල් ටික කේන්තියෙන් කිවුවත් මොකද අන්තිම ටිකේදී මගේ ඇස් වලින් කඳුලු පිටාර දාද්දී ඌගේ ශර්ට් එක අල්ලන් හිටපු අත උනත් ලිහිල් උනා.මට අඬන්න ඕනේ නෑ මේ ඇස් වලින් වැටෙන කඳුලු වලටත් මන් වෛර කරද්දී කොල්ලෙක් උන මට ඇත්තටම අඬන්න ඕනේ උනේ නෑ.අනේ මගේ අහිංසකීට මේවා ඇහුනොත් එයාට මොනවා වෙයිද.මගේ පපුව රිදෙනවා දෙයියනේ අනේ මගේ පපුව කකියනවා.තාත්තේ!!!! ඔයා මේ හැමදේකටම වගකියන්න ඕනේ....මන් කවදාවත් ඔයාට සමාවක් දෙන්නේ නෑ තාත්තේ.

රදිශ්ගේ ශර්ට් එක මගේ අත් වලින් අත ඇරෙද්දි මන් එහෙමම පන නැතුව බිමට වැටුනත් රදිශ් මන් දිහා බය වේලා වගේ බලන් ඉන්නවා මන් මගේ බොඳ වෙච්චි ඇස් වලින් දැක්කා.තව තප්පරයක්වත් යන්නේ නැතුව මට හුරුපුරුදු උනුහුමක් දැනෙද්දි මන් ඒ උනුහුමට තව ලං වෙන ගමන් හෙමිට අඬන්න පටන් ගත්තා.මට කියන්න ඕන උනා කට ඇරලා අනේ රිතුම් මට රිදෙනවා කියලා ඒත් කටින් එක වචනයක්වත් පිට නොවෙන කොට මන් ඒ උනුහුමට වේලා හෙමින් අඬන්න ගත්තා.

චටාස්

මට ඇහුනා ඒ සද්දේ.ඒ එක්කම රිතුවගේ අස්සට වේලා හිටපු මම එහෙමම ඔලුව උස්සලා බැලුවේ රදිශ් දිහා.ඌ කම්මුලත් අල්ලන් ඉන්නකොට ඒයා ගාවම බෙල්ලේ ඉදන් නහර උලුප්පන් හිටිය කෙනා දකිද්දී මට හුස්ම හිර උනා.තිදස්ගේ අත කෙලින්ම රදිශ්ගේ කම්මුලක තියෙද්දී මට හැමෝටම වඩා තිදස් ගැන බය හිතුනා.එයත් දැන් මේවට මැදි උනා කියලා මතක් වෙද්දි අමුතු කලු වලාවකින් මගේ හිතම වහගත්තා.

""අහපවු මට උබට මේක ගැන කියන්න තියන්න එපා රදිශ්.මන් මේක උබට කියන්නේ පලවෙනි සහ අවසාන අවස්ථාවට.අහපවු මෙහෙම දෙයක් උනොත් මගේ අතින් මීට වඩා දෙයක් වෙයි.දැන් පලයන් මෙතනින්.මොනාද බලන් ඉන්නේ හුත්තෝ පලයන් මෙතනින්.ශාක්‍ය මූට කියපම් මාව මිනීමැරුවෙක් නොකර මෙතනින් පලයන් කියලා""

එයා බෙල්ලේ නහර උලුප්පන් ශාක්‍යට කියනකොට රදිශ්ගේ යාලූවා රදිශ්වත් එක්කගෙන එතනින් යද්දි මන් දැක්කා රදිශ්ගේ ඇස් දෙක මන් දිහාම බලන් හිටියා.ඒ බැල්ම මොකක්ද මට තේරුම් ගන්න බෑ.පලිගැනීමද එයාගේ ඇස් වල තිබ්බේ.

"අඬන්න එපා ආදී.මන් කියලා තියෙනවනේ උබ අඬනකොට මගේ පපුව කකියනවා කියලා මැණිකේ"

රිතුවා මගේ මූණම අත් දෙකට අරන් කියනකොට මන් රිතුවගේ මූණ දිහා බැලුවා.උගේ ඇස් වල කදුලු දිලිසෙනවා.අනුහසයි සහනයි හොදටම බය වේලා.දෙවියනේ මේ හැමදේම මන් නිසා නේද.මේ මිනිස්සුන්ට නිදහසක් නැත්තේ මන් නිසා නේද කියලා මතක් වෙද්දී මන් එතනින් නැගිටලා පුලුවන් තරම් හයියෙන් දිව්වා.මට ඕන උනේ ටික වේලාවකට හරි මේ හැමදේකින්ම ඈත් වෙන්න.

""සහස්""

තිදස්ගේ සද්දේ මට ඇහුනත් මන් නවතින්නෙම නැතුව දිව්වා.මන් අන්තිමට අපේ පරණ බයෝ ලැබ් එක ගාව නැවතෙද්දී එතන දොර ඇරගෙන මන් ඇතුලට ගියා.මේක පරන ලැබ් එක නිසා ගොඩක් වේලාවට කවුරුත් ආවේ නෑ.ඒ නිසාම මට ඇතුලේ නිදහසේ මගේ හැඟීම් පිට කර්ගන්න පුළුවන් වෙද්දී මන් හයියෙන් ඇඬුවා.

කොච්චර වේලාවක් මන් මෙතන හිටියද කොච්චර වේලාවක් මන් ඇඬුවද කියලා නිච්චියක් නොවෙනකොට ඉස්කෝලේ ඉන්න ලමයිගේ සද්දේ අඩු වේලා තියෙද්දි මන් දැනගත්තා ඉස්කෝලේ ඇරිලා කියලා.ඒ එක්කම වගේ ලැබ් ඒකේ දොර ඇරුනා.

   රදිශ් යාදේව් තෙවරප්පෙරුම

සහන් සංදීප ද සිල්වා

අනුහස් සංකල්ප

-------------------------------------------------------------

කොහොමද පැටවුනේ...ලැබ් එකේ බෝතලයක් අස්සට වේලා ආදිත්‍ය අඬන හැටි බලන් හිටිය නරක ඕතරී.

අනේ මට කියන්නකෝ පැටවුනේ ඔයාලා කතාවට ආසද කියලා මොකද ඔයාලා දාන කමෙන්ට් වලින් තමයි මන් දැනගන්නේ මන් කොච්චර දුරට සාර්ථකද කියලා
ඉතින් ඔයාලගේ කමෙන්‍ට් අඩු වෙද්දි මට හිතෙනවා මේ කතාව අවුල් ද කියලා.

මන් ඇත්තටම අහන්නේ පැටවුනේ කතාව අවුල්ද?

ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා❤️
කාල බීලා සතුටින් ජීවත් වෙන්න මොකද අපි ජිවත් වෙන්නේ හරි පොඩි කාලයයි ඒ කාලේ සතුටින් ඉන්න පැටවුනේ❤

මේ හූනිච්චි ගිහින් ඉක්මනට එන්නම් හාද
ආදරෙයි❤️

Continue Reading

You'll Also Like

188K 20.1K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...
8.9K 1.2K 46
"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."
14.8K 1.4K 17
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ...
11.5K 344 13
"𝑪𝒂𝒖𝒈𝒉𝒕 𝒎𝒚 𝒆𝒚𝒆, 𝑰 𝒂𝒊𝒏'𝒕 𝒆𝒗𝒆𝒏 𝒂𝒕 𝒕𝒉𝒆 𝒔𝒑𝒐𝒕 𝒄𝒖𝒛 𝑰 𝒃𝒆 𝒐𝒏𝒕𝒐 𝒚𝒐𝒖"