phycho panther (Taekook)[ongo...

Bởi an--yu

2.8K 445 519

"තමුන් මිනීමරුවෙක්" "ඔව් මන් මිනීමරුවෙක්" "තමුන් මානසික ලෙඩෙක්" "ඔව් මන් මානසික ලෙඩෙක් " "තමුන් පිස්සෙක්" "හ... Xem Thêm

intro
#1
#2
#3
#4
#5🔞
phycho panther
#7
#8🔞
#9

#6

163 32 30
Bởi an--yu

ජන්කුක් ඉදියේ එයාගේ ගෙදර සෙටිය උඩට වෙලා තමන්ගේ ඔඩොක්කුවේ ඔලුව තියාගන ඉන්න තේයොංගේ ඔලුව අතගාන ගමන් බර කල්පනාවක.....

දැන් ටිකකට කලින් තේයොං හැසිරුන විදිය ජන්කුක්ට හිතා ගන්නවත් බෑ...

ඔව් දැන් ටිකකට කලින් ඉදියේ සන්සුන් වෙච්ච තේයොං කෙනෙක් නෙමේ...

දැන් සතියක් ඇතුලත තේයොං කිසිම කෙනෙක්ට ජන්කුක්ව අල්ලන්න දෙන්නේ නෑ...

Jungkook mind

"ජන්කුක් මන් කැමති නෑ වෙන ජරා අතකින් ඔයාව ඇල්ලෙනවට....ඒ දේ හුගක් පිලිකුල් අප්පිරියයි....බලන්න උන්ගේ ගද ඔයා ලගින් දැනෙන්න ගන්නවා...ඒක හරිම අප්‍රසන්නයි...."

"හී....හ්ම්😭තේයොං රිදෙනවා...මට තුවාල වෙයි...හිමීට අතුල්ලන්න..."

"නෑ කුකී ඒකිගේ ගද ඔයා ලගින් යන්න ඕනේ...අල්ලන්න දුන්නම් ඉවසගන්න..."

තේයොං හිනා වෙවී ජන්කුක්ගේ පපුව පුරාමයි අත් දෙකයි තව තදට බොඩි වොශ් දාලා අතුල්ලන්න ගත්තා...

"ආපහු අල්ලන්න දෙනවද....කුක්..කෝ කියන්න..."

"😭අනේ තේයොං මන් හිතලා අල්ලන්න දුන්නේ නෑනේ අනික මන් කෙල්ලොන්ට කැමති නෑ...අනේ...තේ රිදෙනවා..."

"බලන්න තාමත් ඒ ගානිගේ ගද ඔයා ලගින් එනවා කුක්..."

තේයොං රවාගන කියද්දි ජන්කුක් තේගේ ඇස් දිහා බැලුවේ නැත්තේ ඒ ඇස් ගොඩක් කේන්තියෙන් කලු වෙලා තිබ්බ නිසා...ඒත් ටේ තාමත් හිනා වෙනවා...
ජන්කුක් අඩ අඩ තදට අතුල්ලන්න එපා කියලා කෑ ගැහුවේ තේයොං පැය ගානක් තිස්සේ ජන්කුක්ව තාමත් අතුල්ල අතුල්ල නාවනවා....

කෙල්ලෙක් හග් කර දේට එච්චර දෙයක්.....අයියෝ...සුලු දෙයක්නේ....ඊට වඩා දේවල් වෙන්න පුලුවන් එකේ...
මොනාද...වෙන්න පුලුවන්...ඒක ඊටත් වඩා බයානක වෙන්න පුලුවන්...නෑ වෙන්න බෑ...අනේ මන්දා...මොකක් වෙයිද...හහ්...ඒක...මුකුත් නෑ කියලා හිතමු...

ජන්කුක්ට වේදනාව දරාගන්න බෑ දැනටමත් ජන්කුක්ගේ ඇග රතු පාටට හැරිලා...ජන්කුක්ට සිහියෙන් පිට යනවා කියලා තේරෙද්දි...ජන්කුක් තේයොං දිහා බලනවත් එක්කම වටේන අදුරු උනා...

ජන්කුක් අඩන සද්දේ ඇහුන් නැති වෙද්දි තේයොං ඔලුව උස්සලා බැලුවා....ඒත් එක්කම තේයොං ඔලුව උස්සලා බැලුවා...කට කොනින් හිනාවක් යද්දි...තේයොං ජකුකුක්ව ඇගට වාරු කරන් ජන්කුක්ව හෝදන්න ගත්තා...

"ඔයාව අල්ලන්න පුලුවන් මට...මේ හැම දේම මට...ඔයාට තිබ්බේ ඒ කෙල්ලට ඉඩ නොදී ඉන්න...ඔයා එහෙම කලේ නෑනේ...මීට වඩා රිදෙයි ඉස්සරහට...කුක්...මන් ඔයාට ආදරෙයිනේ...ඒකයි දැන් හරි මන් ඒ ගෑනිගේ ගද ඔක්කොම යැව්වා....හ්හ්හ්හ්ම්ම්...සුවදායි...ඇත්ත්ටම ගොඩක්...ඔය මගේ ඉස්සරහ විතරයි මේ විදියට ආස..."

තේයොං ජන්කුක්ව ඉබින ගමන් මුමුන්නන්න ගත්තා ජන්කුක්ව හෑන්ඩ් ශවර් එකෙන් හෝදලා හරහට වඩාගන හිමීට ඇදෙන් තියලා පිහදාලා ඇදුමක් ඇන්දුවේ ජන්කුක්ට සිහිය එද්දි...

"නැගිට්ටද මැනිකේ...දැන් ඔයා ලග ඒ ගෑනිගේ ගද නෑ මේ බලන්නකෝ බොඩි වොශ් දෙකකම සුවද දැන් ඔයා ලග..."

තේයොං අහින්සක විදියට හිනා උනේ...ජන්කුක් තේයොංගේ මූන දිහා බලන් ඉද්දි...

මනුස්සයෙක් කොහොමද මෙච්චර ඉක්මනට වෙනස් වෙන්නේ....

මේ සතිය ඇතුලත තේයොංගේ හැසිරීම් සාමාන්‍ය නෑ කියන එක ජන්කුක්ට හොදටම තේරුනා...

ජන්කුක් තේයොං අමුතුයි එයා ඔයා ඉස්සරහදි වෙනයි අපි ඉස්සරහදි තව විදියකුයි...එයා ගුප්තයි...

ජන්කුක්ට මතක් උනේ තේයොං ගැන අදුන්නලා දීලා දවස් ගානක් ඇතුලත හොබී කියපු දේ...

"මැනිකේ ඔයා මොන සිහියෙන්ද ඉන්නේ කෝ එන්න ඔයා ලෙඩ වෙයි මන් කොන්ඩේ වේලන්නම්...බලන්න ඔයා කොච්ච්‍ර ලස්සනද...ඩර්ටි නැතුව..."

ජන්කුක් මනෝ ලෝකෙන් එලියට ආවේ තේයොංගේ කටහඩට ජන්කුක් තේයොං දිහා බලාගනම කන්න්නාඩිය ඉස්සරහට ගිහින් ඉද ගත්තේ තේයොං හෙයා ඩ්‍රයි එකෙන් ජන්කුක්ගේ කොන්ඩේ වේලන්න ගනිද්දි..
ජන්කුක් තමන් දිහා එක දිගට බලන් ඉන්නවා කියලා තේරෙද්දි තේයොං මිරර් එක දිහා බලලා හිනා උනා...

දැන් ටිකක්ට කලින් ඉදපු කෙනා නෙමෙයි එයාගේ ඒ...

"එන්න කුක් මට නිදිමතයි අපි පහලට යමු....මට ඔයාගේ උකුලේ නිදාගන්න ඕනේ..."

තේයොං ජන්කුක්ගේ මූනට එබෙන ගමන් අහද්දි ශොක් වෙලා තිබුන මූන ඇදලා හිනාවක් රදවගන්න ගමන් ඔලුව වනලා තේයොංට කිස් එකක් දීලා පහලට යන්න ගියා...

තේයොං ජන්කුක් යන දිහා බලලා මිරර් එක දිහා බලලා....හිනාවක් දාලා අත වනන ගමන් පහලට යන්න ගියා...ජන්කුක් සෙටියේ ඉදන් ඉන්නවා දැක්කම තේයොං දුවලා ගිහින් සෙටියට පැනලා ඔඩොක්කුවෙන් ඔලුව තියන් ඇස් පියා ගත්තේ ඔලුව අතාගන්න කියන ගමන්...






ජන්කුක් ගොඩක් ලොකු කල්පනාවක ඉන්න ගමන් තේයොංගේ ඔලුව අත ගගා ඉදියේ....

ඒත් එක්ක්ම එයාට දැනුනේ එයාගේ කකුලේ මොනාහරි සිනිදු දෙයක් ගෑ වෙනවා...

ජන්කුක් හිමීට වැඩේ නවත්තලා ඉස්සරහට නැමුනේ මොකක්ද කියලා බලන්න...

"අනේ මොකද මෙහෙ කරන්නේ...ඉසේ ඉසේ..."

ජන්කුක් තමන්ගේ කකුල් පාමුල ඇතිල්ලෙන සුදු පාටට හුරු පූසට කතා කරන්න ගත්ත ඒ පූසා සෙටියේ ඇන්ද උඩට පැන්න...

"සෝ සොෆ්ට්..."

"හ්...🥱"

ජන්කුක්ගේ ස්පර්ශෙ දැනෙන් නැති වෙද්දි තේයොං නැගිටලා ඉද ගන ඇස් දෙක පොඩි කරන ගමන් ජන්කුක් දිහා බැලුවා...

"තේ...නැගිට්ටද...අනේ මේ බලන්නකෝ..."

"ක්‍යාව්..."

ජන්කුක් ඒ කෙනාව අල්ලන ගමන් තේයොංට පෙන්නද්දි තේයොං ඒ දිහා බැලුවා...
ඒත් එක්කම පුලුන් බෝලයක් වගේ ඉන්න පූසා තේයොං දිහා බලලා පුරු පුරු ගෑවා...

ඒත් එක්කම ඒ පූසා පැනලා ජන්කුක්ගේ උකුලේ හරි බරි ගැහිලා ගුලි උනේ ජන්කුක්...සූස්ස්....ගාන ගමන් කියුට් ගගා පූසව මිරිකන්න ගනිද්දි...

තේයොං කරේ පූසා දිහා බලාගන රවන ගමන් නලල රැලි කර ගත්ත එක...

"කුක් එයා ඩර්ටි...අල්ලන්න එපා..."

තේයොං කිව්වත් ජන්කුක් දිගටම කලේ පූසව අල්ලපු එක...
ඒත් එක්කම ජන්කුක්ට ඉස්සරහ තිබ්බ ටීපෝ එකට තව පූසෙක් කෑ ගනන් පැන්නා....

ඒත් එක්කම ඒ පූසා අතෙන් ජන්කුක්ගේ දනිස්සට තට්ටු කරන ගමන් ඔලුව පැත්ත්ට ඇල කරන් ඔඩොක්කුවේ ඉන්න පූසා දිහා බලන් පුරු පුරු ගාන්න ගත්තා....

ඒත් එක්කම තේයොං කලු පූසා දිහා බලන් කට කොනින් හිනාවක් දාද්දි...

"ජන්කුක් මන් හිතන්නේ ඔයා ඔය පූසව දැන් අහක් කරොත් හොදයි...බලන්න එයාව හොයාගන ඇවිත්..."

ඒත් එක්කම අවදානේ කලු පූසට දුන්න ජන්කුක්...

"ඔයා මෙයාවද ඉල්ලන්නේ..."

කලුපූසා දිහා බලන් අහද්දි පූසා ඔලුව කෙලින් කරන්...

"ක්‍යාව්..."

"මෙන්න..."

තමන්ගේ උකුලේ ඉදපු පුලුන් බෝලෙව කලු පූසට එහා පැත්තෙන් තියද්දි සුදු පූසා පුරු පුරු ගගා කලු පූසගේ ඇගේ ඇතිල්ලෙන්න ගත්තා...

"තේ බලන්නකෝ ඒ දෙන්නා පර්ෆෙක්ට්..."

මෙච්චර වෙලා ජන්කුක්ට තිබ්බ අවදානේ පූසෝ දෙන්නට දෙන ගමන්...

"වෙන්න පුලුවන්..."

තේයොං එහෙම කියන ගමන් ජන්කුක්ගේ අතින් අල්ලන් නැගිටලා...

"නිදි මතයි..."

තේයොං ජන්කුක්ගේ පපුවේ මූන අතුල්ල තුල්ල කියද්දි ජන්කුක් හිනා වෙලා තේයොංගේ කොන්ඩේ අව්ස්සලා

"යන් රූම් එකට..."

ජන්කුක් පඩිපෙල නගිනකොට තේයොං ආපහු හැරිලා පූසෝ දෙන්නා දිහා බැලුවා...

ඒත් එක්ක්ම ඇගේ ඇතිල්ලි ඇතිල්ලි ඉදපු සුදු පූසාව හපලා ඌට ගොරෝන ගමන් කලු පූසා ජනේලෙන් පැනලා එලියට දිව්වා...







"පුතේ ඔයා මොකක්හරි ප්‍රශ්නෙකින් නේද..."

තමන් ලගින් ඉදගන ජනේලෙන් පේන අහස දිහා කලිපනා කරන ජිමින් දිහා බලාගන ජිමින්ගේ ඔම්මා ඇහුවේ ජිමින්ගේ මූන දිහා කනගාටු බැලක් හෙලන ගමන්මයි...

"පුතේ..."

"ආහ්..ඇයි ඔම්මා ඉන්න මන් නැගිට්ටවන්නම්..."

කතාකරද්දි ගැස්සිලා ගිය ජිමින් ටක් ගාලා පුටුවෙන් නැගිට්ටා...

"නෑ පුතේ මට නැගිටින්න බැරි නෑ අනික මට දැන් හොදයි...මන් හිතන්නේ ඔයා ගියොත් හොදයි පුතේ ආපහු..."

"ඒත් ඔම්මා..."

ජිමින් එහෙම කියද්දි ජිමින්ගේ අතින් අල්ලලා ලගින් ඉනදව ගන්න ගමන් ඔලුව අතගෑවා...

"ඔයාට එයාව මතක් වෙනවා කියලා දන්නවා...කොල්ලෝ...මේ අම්මට බොරු කරන්න බෑ...කෙල්ල තනියම දාලා ඉන්න හැටි විතරක් සොම්බියා වගේ...මගෙන් ගුටි කන්නේ නැතුව ආපහු ගියොත් තමා ඇගට ගුන..."

ජිමින්ගේ ඔම්මා ජිමින්ට ටොක්කක් අනින ගමන් කියද්දි එකපාරම කෝලා බෙයාර් වගේ අම්මව ජිමින් බදාගත්තා...

"පාක් මෝචියෝ මොකෝ මේ..."

ජිමින්ගේ ඔම්මා කොල්ලගේ කොන්ඩේ අව්ස්සන ගමන් අහද්දි එයාට තේරෙන්න ගත්තේ ඇදන් ඉන්න බ්ලව්ස් එක තෙත් වෙනවා වගේ...

"පුතේ...මොචි..."

"ජිමින් පැට්ටො...ඇයි අඩන්නේ..."

"පුතේ කෝ..."

"ඔම්මා මට ටිකක් වෙලා මෙහෙම ඉන්න දෙන්න.."




ජිනු ඉදියේ එයාගේ කැබින් එකේ...තනියම පොටෝ එකක් දිහා බලාගන ලා හිනාවක් ඇදුනා...

ජිනූ එකේ ග්ලාස් එක උඩින් හිමීට අතගානකොටම...

"මෑම්...ඕ සමාවෙන්න "

"It's okey මන් බලන්නම්..."

ජිනූ මේසේ උඩුන් ඒක තියන ගමන් කබාය එක හදා ගන්න ගමන් එලියට ගියා...

රූම් එකක් ඉස්සරහින් නැවතිලා එතන ඉදපු නර්ස්ගෙන් රිපෝර්ට් එක අරගන ඒක පෙරලලා බලන ගමන් ඇතුලට ගියා...

එයා ඇදේ නින්ද ගිහින් ඉන්න පේශන්ට්ගේ හාර්ට් බීට් එක චෙක් කරලා ඔලුවට අත තියලා ලාවට ඔලුව අතගලා එහාපැත්තට හැරිලා රිපෝර්ට් එක ලියන්න ගත්තා...

ජිනූ කියන්නේ හුගක් හොද කෙල්ලෙක්...එයා කිසි කෙනෙක් පිලිකුලකට ලක් කරන්නේ නෑ...

ජිනූ රිපෝර්ට් එක ලියන්න අනිත් පැත්ත හැරෙනවත් එක්කම...අර පේශන්ට් හිමීට ඇස් දෙක ඇරලා ඔලුව ජිනූගේ පැත්ත්ට හරෝගත්තා...ඒත් එක්කම ටිකක් වෙලා යද්දි ඒ පේශන්ට්ගේ ඇස් දෙකෙන් කදුලු බිංදු දෙකක් ගලාගන ගිහින් කොට්ටෙට පෙගුනා...
රිපෝර්ට් එක ලියලා ඉවර වෙලා ජිනූ හැරෙනකොට දැක්කේ පේශන්ට් අඩනවා කියලා...ටක් ගාලා ලගට දුවගන ගියා...

"අනේ ඇයි අඩන්නේ..."

ජිනූ කදුලු පිහදානකොට ඒ පේශ්න්ට්ගේ ඇස් තවත් කදුලින් පෙගෙන්න ගත්තා...ඒයාගේ ඇස් ජිනූගේ මූන පුරාම දුවද්දි පේශන් කතා කරන්න ගත්තා...

"ඔයා ගොඩක් හොද කෙනෙක් මැඩම්... "

"ස්තූතියි අඩන්න එපා..."

"මට සමාවෙන්න කලින් මගෙන් කිය වෙච්ච දේවල් වලට..."

"ඒ ගැන හිතන්න එපා...මටත් හිතෙන්නේ ඒ දේම තමයි...බලන්නකෝ මිස්ටර් ජූසාන් ඔයාගේ රිපෝර්ට්ස් දැන් ගොඩක් හොදයි..."

ජිනූ කදුලු හංගලා මෙන්ටල් පේශ්න්ට් ජූසාන්ගේ අවදානය වෙනස් කරන්න හැදුවත්..එයා හොදටම දැක්කා ඒ ඇස් වල තිබුන කලකිරීමත් එක්ක පිරුනු දුක...

ඔයා ගොඩක් විදවනවා මැඩම්...




ජිනූ හොස්පිටල් එකේ ඉදන් ඇවිත් පැය ගානක ඉදන් ශවර් එක යටට වෙලා තමන්ට ඉස්සරහින් තිබුන බිත්තිය දිහා බලාගන දියේ...ශවර් එකෙන් වැටෙන වතුර ජිනූගේ නොඉදුල් සමේන් හිමීට ගලාගන ගියා...

එයගේ කල්පනාවේ අතීතයේ ලස්සන මතක ගොඩක් තිබුනත් ඒ මුහුනේ හැගීමක් ත්බුනේ නෑ...
එහෙන්ම කකුල් දෙක අස්සට ඔලුව ගහගත්තේ උනුසුම් කදුලු බිංදු දෙකක් කම්බුල්  වලින් වතුරට එකතු වෙද්දි...

මට ඔයාව ඕනේ ජිමින්...තදටම....

ඇයි අපිට අනිත් අය වගේ ආදරේ හදාගන්න බැරි...එකපාරක් ආදරෙන් එකතු වෙන්න...


අඩලා රතු වෙච්ච ඇස් දෙකත් එක්ක ජිනූ කන්න ගත්තත් ඒක ආපහු තියන ගමන් සාලෙට ඇවිත් ඉදගන ටීවි එක ඔන් කරා...ඒත් එක්කම ලග තිබ්බ සෙටි කොට්ටේ අරගන ඒක තුරුලු කර ගන්න ගමන් සෙටියේ හාන්සි උනේ...හැගීමක් නැතුව ටීවි එකේ ප්ලේ වෙන දේ දිහා බලන්....

ටික වෙලාවක් යද්දි ඇස් දෙක ලාවට බරවීගන ආවා...නින්දත් නොනින්දත් අතරේ ඉදපි කෙල්ල උඩ ගිහින් ඇහැරුනේ ලගින්ම ඇහිච්ච සද්දේ එක්ක...

"ඈහ්...බුදු අම්මෝ..."

එකපාරම පූසෙක් හයියෙන් කෑ ගහන සද්දයක් දොර ලගින්ම ඇහෙද්දි කෙල්ල දුවලා ගිහින් දොර ඇරලා බිම බැලුවා...ඒත් එක්කම කෙල්ල දැක්කේ...සුදු බෝල පූසෙක්ව...දාගන කලු බූල් පූසෙක් තුවාල කරනවා...රිදෙන්න නොව්නත් ගොඩක් තුවලා වෙලා තිබ්බා...

"ඇයි මේ රන්ඩුවෙන්නේ...චිප්...චිප්..."

ජිනූ කලු පූසව පන්නන්න ට්‍රයි එකක් දෙද්දි

"ක්‍යාව්ව්....ස්..හැස්..."

කලු පූසා ගොරෝන ගමන් කන්න පනිද්දි ජිනූ සුදු පූසව ගුලි කර ගත්තා...ඒත් එක්කා නියපොත්තක් වැදිලා ලා තුවාලයක් වෙද්දි කලු පූසා ගොරෝන ගමන්ම ජිනූ දිහා බලන් පැනලා ගියා...

"ඌව්...කමක් නෑ..."

දැවිල්ලට ලාවට පිබින ගමන් සුදු පූසව වඩාගනම දොර වහන් ඇතුලට ගියා...
සුදු පූසා තාමත් දොර දොහා බලාගන ඉදියා...එයාගෙන් කෙදිරිල්ලක් දොර දිහා බලන්ම පිට උනා..

"ඔයා කාගෙද අනේ...බලන්නකෝ ඔයාට හොදටම තුවාල වෙලානේ..."

"ක්‍යාව්..."

සුදු පුලුන් බෝලේ වගෙ පූසා තාමත් ගැහි ගැහී ජිනූ දිහා බැලුවා...

"බය වෙන්න එපා...පූස් මන් ඔයාට බේත් දන්නම්කෝ...ඔයා දන්නවද...මන් පශුවෛද්‍යත් ඉදියනේ කාලයක්..."

ජිනූ පූසා දිහා බලන් තනියම කියවන ගමන් පඩිපෙල නගිද්දි හෙම්බත් වෙලා ගැහි ගැහි ඉදපු පූසා....
පුරු පුරු ගාන ගමන් අමාරුවෙන් උනත් ජිනූගේ මූන දිහා බලන් ඉදියා...

ජිනූ පූසාගේ තුවාල ටිකට බේත් දලා...පූසට කිරි එකකුත් දීලා බොනකන් කල්පනා කර කර පූසගේ ඔලුව අතාගාන ගමන් බොන දිහා බලන් ඉදියා...

සුදු පූසා බොන එක නවත්තලා ජිනූ දිහා බැලුවා...පූසට තේරුනා එයා දුකෙන් කියන දේ...පූසා අමාරුවෙන් කොරගගහා ජිනූගේ ඔඩොක්කුවට පැනලා අත් ලෙවකාලා හාන්සි උනා...

"ඕ...ඔයාට බිව්වා ඇතිද පැට්ටෝ...නිදි මතද..."

ජිනූගේ කදුලු පිරිච්ච ඇහැකින් එක කදුලක් පූසාගේ බූල් වලට වැටෙද්දි ඒ කදුල හිමීට බූල් අතරින් පෙගිලා ගියා...
කදුලු පිහදාගත්ත ජිනූ පූසව වඩාගන ඇදෙන් තියලා පූසව තුරුලු කරන් ඇස් දෙක පියාගත්තේ...මදකට සේරම අමතක කරන ගමන්...

ඇස් පියාගන ඉදපු සුදු පූසා ඇහෙන සද්දයක් නිසා ජනේලේ පැත්තට ඔලුව උස්සලා බැලුවා...පූසගේ හදවත හයියෙන් ගැහෙන ගමන් පුරු පුරු ගාන්න උනේ බයක් එක්ක ආදරයක් පෙන්නන්න...

ජනේලේ එහා පැත්තේන් මේ වෙද්දි ලස්සන නිල් පාට ඇස් දෙකක් සුදු පූසා දිහාට එල්ල වෙලා තිබ්බා..
කලු ලොම් ගුලියක් ජනේලේ එහාපැත්තේ ඉදන් සුදු පූසා දිහා බලාගන ජනේලේ පහුරු ගෑවා...ඒ හදවතත් ලස්සනට ගැහෙනවා...

ඒත් එක්කම සුදු පූසා...බැලම ඉවතට ගන්න ගමන් දිලිසෙන ඇස් දෙක පියාගන ජිනූට ගුලි උනා...

ඒ දිහා ටිකක් වෙලා බලන් ඉදපු කලු පූසා එහෙන්ම ජිනූ දිහාත් බලලා ජනේලෙන් බිමට පැනලා දිව්වා....



තේයොං තාමත් නිදි නෑ..ජන්කුක් දිහා බලාගන ඉදියා...ජන්කුක්නම් කෙලත් පෙරන ගමන් නින්දේ ඉදියේ....

"ඔයා දන්නවද මන් මගේ ගොදුර කාටවත් දෙන්නේ නෑ කියන දේ...එහෙම එකේ කොහොමද තවත් කෙනෙක් මාන බලන්නේ...ඒක වෙන්න බෑනේ..."

තේයොංට මතක් වෙද්දි ඇස් දෙක කලු පාටට හැරෙන්න ගත්තේ නහර ඉලිප්පෙද්දි...

"මට ඒ දේ අප්‍රසන්නයි...ඔයා කලේ වැරැද්දක්...ඔයා මගේනේ...ඒත් ඔයා තාමත් මන් කව්ද කියන දේ දන්නේ නෑනේ හාවෝ...ඔයාගේ චූටි මොලේ කැරකෙන දේවල් මන් දන්නාවා...පොඩි බයක් තියනවා නේද...ඒත් ආදරේ වැඩියිනේ..."

තේයොං ජන්කුක්ව තමන්ගේ තුරුලට ඇදලා ගන්න ගමන් ඇස් දෙක පියාගත්තා...ඒත් එක්කම ජන්කුක් කකුලක් තේයොංගෙන් දාන ගමන් තුරුල් උනා...

"ඔයාගේ සුවද මට විතරයි..."







To be continued ---------------------------------------------------------

මාන්දමිකයි...🙂
චැපිය කොටයි...🙂
Interesting ගෑවිලාවත් නෑ😲🥱...
මෙලෝ රහක් නෑ...තාත්වික නෑ....🥱
වැඩකට ඇත්තෙම නෑ...🙂💔

ඇත්තටම මොලේ කුරුවල් වෙලා...මට අදහස් ඌනතාව උග්‍රලෙස වැඩි වෙලා...🙂

පපුව රිදෙනවා කෝ නිරමානශීලී බව...වරෙනෝ ආපහු මාව හොයන්...😭

බයස් මිලිටරි ගියාම අදහස් උද්ඝෝෂන පටන් අරන්...🙂💔අද චැපිය මෙලෝ රහක් නෑ කියා මා දනී...
ඒක නිසා වෝට්ටුවක්වත් නොලැබෙන බවද දනී...🙂

කල්පෙකින් ඇවිත් කැත චැපියක් දුන්නට සොරි ලමයි..😲❤️

අදත් ප්‍රශ්න තියෙනම් අහන්නෙ

1.තේයොංගෙන්

2.ජන්ග්කුක්ගෙන්

3.ජිමින්ගෙන්

4.ජිනූගෙන්

5.කලු පූසාගෙන්

6.සුදු පූසාගෙන්

7.මෙන්ටල් පේශන්ට් ජූසන්ගෙන්

8.ඕතරීගෙන්😂









Five common phrases used by manipulators disclaimer

These might come from your friends or close ones so be adviced

No 1."if you really loved me you would Do this for me"
When someone saying this they're trying to make you feel guilty so that you'll do what they want

No 2."it was just a joke"
When someone saying this they're just trying to make you feel bad for having a reaction

No 3."I'm the only one who understand you"
This is make you feel like you need them and only them that never happened

No 4."you are just making up things"
This is to make you doubt your own feelings thoughts and memories and to make you question your own reality

No 5."you can't do it without me"
They are trying to make you feel helpless
So you'll only rely on them....

මනස හසුරුවන්නන් විසින් භාවිතා කරන පොදු වාක්‍ය ඛණ්ඩ පහක් මේවා ඔබේ මිතුරන්ගෙන් හෝ සමීපතමයන්ගෙන් පැමිණිය හැකි බැවින් උපදෙස් ලබාගන සිටීම දැනුමට හුරුයි

අංක 1 "ඔබ මට ඇත්තටම ආදරය කළා නම් ඔබ මා වෙනුවෙන් මෙය කරයි"
යමෙකු මෙය පවසන විට ඔවුන් ඔබට වරදකාරි හෝ තමා පිලිබදවම ලැජ්ජා සහගත හැඟීමක් ඇති කිරීමට උත්සාහ කරයි, එවිට ඔබ ඔවුන්ට අවශ්‍ය දේ කරනු ඇත.

නැත 2. "එය විහිළුවක් පමණි"
යමෙකු මෙය පවසන විට ඔවුන් උත්සාහ කරන්නේ ප්‍රතික්‍රියාවක් තිබීම ගැන ඔබට දුකක් ඇති කිරීමටයි.

අංක 3. "ඔබව තේරුම් ගන්නේ මම පමණයි"
මෙය ඔබට ඔව්න් අවශයයි ඔබට සිටින්නේ ඔව්න් විතරයි අවශ්‍ය යැයි ඔබට හැඟෙන අතර කිසි විටෙකත් සිදු නොවේ බොරුවක් හා මුලාවක්ම පමනි

අංක 4. "ඔබ නිකම් දේවල් හදනවා"
මෙය ඔබට ඔබේම හැඟීම් සිතුවිලි සහ මතකයන් සැක කිරීමට සහ ඔබේම යථාර්ථය ප්‍රශ්න කිරීමට හේතු වේ

අංක 5 "මම නැතුව ඔයාට ඒක කරන්න බෑ"
එයාලා හදන්නේ ඔයාව අසරණ කරන්න
එබැවින් ඔබ ඔවුන් මත පමණක් රඳා පැවතීමට පටන් ගනී








මේවා පාවිච්චි කරලා ඔයාලගේ මනස තව කෙනෙක්ට පාලනය කරන්න පුලුවන් පේනවනේ...🙂
එහෙමයි කියලා හැම දේම සැක කරන්නත් එපා 😉මට නම් හැම දේම මුලාවක් මාව ගොඩ දෙනෙක් මානසිකව වැට්ටුවා කාලයක් ඒකෙන් උනේ මන් depression  වලට වැටුන එක අදටත් මන් බේත් ගන්නව...😉❤️

බලාගන ගියාම manipulation technique and dark phychology  කියන්නේ තිත්ත ඇත්තක් නේද...🙂

මන් මෙච්චර  කල් කියලා දීපුවා ගැන මොකද හිතෙන්නේ ඇත්තද බොරුද...😊

මන් මේව දෙන්නේ හේතුවක් ඇතුව හොදේ කතාවෙ ඉස්සරහට තේයොංව එහෙම තේරුම් යන්න මේවා ඕනේ වෙයි..😉

වැඩක් නැති කතාව ගැන මොනා හරි කියන් යන්න...🙂තරුව ඔබලා...ෆලෝ පාරක් දෙන්න😉❤️...

අනේ පුලුවන්නම් mis and mr mafia එක කියවන්න ඔයාලා කවදාවත් කෙල්ලයි කොල්ලයි දෙන්නම මාෆියා දාපු ...මාෆියා වර්ල්ඩ් එක කුවීන් කෙනෙක් රෙඩ් ලයිලැක් විදියට හදුන්වන....හෙවනැල්ලක්  ජේකේට හැම දේම ආරක්ශා කරලා දෙන...කියෝලා නෑනේ...හූ...ලැජ්ජයි..😂💔ඒකත් කියවන් යන්න මුල් එපි දෙකෙන් නවත්තන්නෙ නැතුව

කල්පෙකින් හම්බෙමු😂💔නෑ නෑ දෙන්නම් මන් ටයිප් කොරලා තිබ්බත් පබ්ලික් කරන්න අමතක උනා ඔයාලා මතක් කරන්නෙත් නෑනේ...

Byee🙂

Boss bitch😌
🖋️Danu

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

250K 8.8K 99
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
621K 18.7K 75
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...
430K 26K 85
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
470K 31.7K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...