වස්සාන වර්ෂා l WASSANA WARSHA

Autorstwa kim_son_joon

1.5K 93 141

ඔහු, වස්සානයක්, නමුදු එක, සැඩ වර්ෂාවක්!! Started - 2023.10.17 Finished- Więcej

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 8

Chapter 7

233 9 14
Autorstwa kim_son_joon

අනේ හාහපුරා කියල හයයි කාලට ගෙදරින් එලියට බැස්සෙ දෙයියෝ බුදුන් රටේ ලෝකෙ නැති ඉන්න ඔක්කොම ටික මතක් කරල වැඳලා.. කවුද දන්නෙ අර ජන්මාන්තර වෛරක්කාරය මොනා කරයිද කියලා.. තප්පර තුනක් පරක්කු වුනා කියලා මුහුදටවත් දැම්මොත්..  දෙයියනේ දෙයියනේ.. තේවිය සහස් ට කඩෙන් තමයි නංගි කෙනෙක් ගෙනත් දෙන්න වෙන්නෙ එතකොට.. 

'මියෑව්... මියෑව්..'

දොරට අගුල් දාලා අනිත් පැත්ත හැරෙද්දිම ඇහුණා වොයිස් එකක්.. වෙන කාගෙවත් නෙමේ අල්ලපුවැටේ කලු තඩි පූස් තඩියගෙ.. ඔව් ඔව් කලු පූසෙක්.. මං නම් කියන්නෙ කලු පූසෝ තමයි ලස්සනම.. හූම්.. අපිට නෑනෙ ඔය කලු පූසා හෙනහුරා කියන සීන් කෝන්.. කලු මොකෝ සුදු මොකෝ.. මොකක් හරි නරක දෙයක් හරි හොඳ දෙයක් හරි වෙන්න තියෙනව නම් ඒක වෙන්නේ අපේ වෙලාවට..

"අඤෙ මයෙ සකුලුම් බුකුලුම්.. මාව මතක් වෙලා නේ.. "

එයාගෙ නම නම් මොකක්ද දන්නෙ නෑ මං කටට එන විවිධාකාර විරූප නම් වලින් ඌව ආමන්ත්‍රණය කරලා හැමදාම මාව බලන්න එනවට අතගාලා හුරතල් කරලා තමා ආවේ..

පපුවත් පොඩ්ඩ පොඩ්ඩ ගැහෙනවා.. මේ පාන්දර කාර් එකත් අරන් බයේ ගැහි ගැහි ගිහින් සිහිය නැතුව ගෙයක් අස්සටවත් ගියොත් කියලා සාධාරණ සැකයක් මට තිබුනා.. ඒ නිසා මං බස් එකේ බෝට් හවුස් එක ලඟට ගියා..

මේ ස්කූල් ටයිම් නිසා පාරෙ බ්ලොක් එක.. වෙලා යන නිසාම මං කල් තියා ආවා.. හයයි පනහ වෙද්දි මං හිටියෙ කැම්පස් එකේ බෝට් හවුස් එක ළඟ..

කැම්පස් එකට ලඟම මුහුද හරියේ තමයි බෝට් හවුස් (yacht house) එක තිබ්බේ.. මේකට එන්න කාගෙ හරි කැම්පස් එකේ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙ හරි ලෙක්චරර් කෙනෙක්ගෙ හරි අවසර තියෙන්න ඕනි..මෙතන කැම්පස් එකේ එක විතරක් නෙමෙයි තව යාච්ට් හවුස් හතරක් පහක්ම තිබ්බා.. සාමාන්‍ය අපි දකින ඒවා වගේ නෙමෙයි.. ඔක්කොම හොඳ ලක්ශරි විදිහට හඳලා තිබුන හොඳ ලොකු යාච්ට් හවුස්.. කැම්පස් එකේ එක ඇරෙන්න ඉතුරු ඔක්කොම ප්‍රයිවට් ඒවා මං හිතන්නෙ.. ඒවත් ඔය සාගර විද්‍යාව සම්බන්ධව ඉන්න ප්‍රොෆෙසර්ස් ලගෙ වගෙ සල්ලිකාර පුත්තුන්ගෙ තමයි..

ටිකක් කලින් නිසා මං සිහිලැල් සර් එනකම් ටිකක් බෝට් හවුස් එකේ එළිය පැත්තෙන් අයිනට ගියා.. හවුස් එක අතුලට යන්න බැරි වෙන්න ලොක් කරලා තිබුණට මේක වටේ පොඩි බල්කනි කොරිඩෝර් එකක් තියෙයි.. ඒක වටෙන් යාච්ට් හවුස් එකේ පිටිපස්සට යන්න පුලුවන්.. බෝට් හවුස් එක ඉස්සරහ ටික ගොඩබිමට සෙට් කරල පිටිපස්ස ටික මුහුදු වතුර උඩ තිබ්බේ.. ඒක නිසා පිටිපස්ස බැල්කනි එක මුහුදු මැද හරිය නිසා උදේට මුහුද ලස්සනට පේනවා...

හරිම නිස්කලංකයි.. කුරුල්ලො එහා මෙයා යනවා.. ඉර එලියත් එක්ක පොඩියට තැනින් තැන තැබිලි පාටට ඉරි ගිහින් තිබුනු නිල් අහසයි.. මුහුදෙ රළ ගහන සද්දෙයි..ලාවට නහයට දැනෙන කසිංජි සුවඳයි..මාලු බාලා ගොඩට එන මිනිස්සුයි.. ඇත්තමයි ඇස් අස්සට දාලා ඒක විතරක්ම පේන විදිහට අගුලු දාන්න පුලුවන් දර්ශනයක් ඒක..

"මැඩම් ටයිම් එකට වැඩ කරන්නත් දන්නවා නෙහ්.."

තව පොඩ්ඩෙන් මගෙ පපුවත් යනවා.. මේ මනුස්සය නම් මාව ශොක් කරලම මරෝනව දැන්.. පලිගන්නවද කොහෙද.. මොනා නැතත් හතට වඩා විනාඩියක්වත් පරක්කු නොවෙන්න වැඩ කරනවා..

"Good morning sir.."

"Morning.."

ශික්.. ගුඩ් මෝනින්ග් කිව්ව නම් කට ගෙවෙනවද.. ගුඩ් නැතිවුනාට කට කොනේ නම් තියෙනව අර සෙල්ලක්කාර හිනාව..

"දැන් මෙතනට එන්න කිව්ව හේතුව දන්නවද?"

හේතුව දන්න නම් මෙච්චර සන්නිය හැදුන එකෙක් වගෙ බයේ ගැහෙන්නෙ නෑනෙ මනුස්සයො..

"නෑ සර්.. "

"ම්ම්.. මාත් එක්ක එනවා.. "

ඔය ඔය බෑනෙ කරන්න.. හොඳින් කතා කරන්න දන්නෙත් නෑ.. හේතුවක් කියන්නෙත් නෑ හිතුනු හිතුනු වෙලාවට මගෙම අතින් පයින් අල්ලගෙන මාවත් ඇදගෙන යනවා.. මාව පොදු දේපලක් කියලා වගේද මේ මනුස්සයට පේන්නෙ මං අහන්නෙ.. පිස්සු හැදෙයි.. ඒ වුණාට අත අයින් කරගන්න බෑ අත අඬුවකට අහු වෙලා වගේ..

මුහුදට දායිද දෙයියනේ!!

සාගර විද්‍යාව කරාට මොකද හරියට බැලන්ස් එකේ ගැඹුරු තැන් වල පීනන්න බෑ කියලා මතක් වුනහම පුදුම අනුකම්පාවක් මං ගැනම දැනුණා මට..

සිහිලැල් සර් මාව කැම්පස් එකේ බෝට් හවුස් එකෙනුත් එලියට එක්කන් ඇවිත් අනිත් බෝට් හවුස් ටික පැත්තට ඇදගෙන ගියා.. මාත් ඉතින් මොකාද පස්සෙන් ඇදෙන මොකාද එකා වගේ ගියා..

එතන තිබුන බෝට් හවුස් ටිකේ කොනේම තිබ්බ එක ලඟට ගිහින් මගෙ අත අල්ලගෙනම දොරේ පාස්වර්ඩ් එකක් ගැහුවා..

ඔහොම ඉන්න ඔහොම ඉන්න.. මේකෙ පාස්වර්ඩ් එක කොහොමද මෙයා දන්නේ...

No way!! මෙයත් බෝට් හවුස් එකක් තියෙන සල්ලිකාර පුතෙක්ද එතකොට..

"Two five zero Nine "

වස්සාන මොකක්ද මන්ද ඉලක්කම් ටිකක් කියලා මා දිහා බැලුවා..

"මතක තියාගන්නවා.. ඉස්සරහට ඕනිවෙයි"

කියලා ඇදගෙන ඇතුලට ගියා.. මතක තියාගන්න කිව්වෙ මොකක්ද කියලා ඇහුනෙත් නෑ.. ඉස්සරහට ඕනි වෙයිලු..
ශුවර් ඇන්ඩ් ශොට් මේ මනුස්සයා එයාපොඩ්ස් දෙකත් ගහගෙන කෝල් එකක්...

මං ඇස් දෙකත් බෝල කර කර වටපිට බල බල ගියෙ වෙන ලෝකෙකට ගිහින් වගේ.. ඇත්තටම පුදුම තරම් ලස්සනක්..
වීදුරු වලින්ම විතරක් හදලා තිබුනු බිත්ති වලින් පේන ලා තැබිලි අහසත් එක්ක යා වෙලා තිබුනු මුහුද පේද්දී හූල්ලන්න මගෙ හුස්ම මදි වගෙයි දැනුණා...

නිකමට හිතුනා කවදා හරි දවසක මේ වගේ ලස්සන උදේක මගෙ හිත ගත්ත කෙනෙක් එක්ක තුරුල් වෙලා කෝපි කෝප්පයක් බොන්න..

සැපපහසු විදිහෙන්ම හදලා තිබුනු ලොකු සෝෆා, පැත්තක ලොකු මොඩර්න් කිචන් එකක්, මිනි බාර් ඒරියා එකක් එක්ක උඩට නගින්න වීදුරු පඩිපෙලකුත් තිබ්බා.. මේක ප්‍රයිවට් එකක් නිසා සමහර විට රූම්ස් තියෙනව ඇත්තේ උඩ.. 

ඒ අතරේ වස්සනගෙ අතට අහු වෙලා තිබුනු මගේ අත ලිහිල් වුනා දැනුණා.. ඒත් මං ආවෙ මොකටද කියලවත් අහන්න සිහියක් නැතුව මං පැත්තක තිබ්බ කලෙක්ශන් ශෙලෆ් එකක් ලඟට දුවලා ගියා..

මට අනුව අනුන්ගෙ ගෙයක් අස්සෙ ඕනි ඕනි විදිහට ඇවිදින එක වැරදියි..හැබැයි මට ටිකක් එහාට වෙන්න තිබ්බ මුහුදෙ මරිල ගියා කොරල් පර, සී ශෙල්ස්, මුහුදු පතුලෙ තියෙන එක එක දේවල් ලස්සනට අහුලා තිබුන ශෙල්ෆ් එක දැක්කම ඔක්කොම අමතක වුනා.. මුහුදු පතුලෙ තියෙන කොරල් පර තමයි මං ආසම දේ..
රාක්කෙ අහුරලා තිබුන සමහර සිප්පි කටුවලට හෙමින් අත තිබ්බෙ සිහිලැල් සර් මට බනියි දෝ සැකෙන්.. මොකද මේවා එයාට ගොඩක් වටිනවා ඇති.. නැත්තම් මනුස්සයෙක් මුහුදු පතුලට කිමිදිලා මේවා අරන් ඇවිත් එකතු කරන්න තරම් හේතුවක් නෑ..

සමහර ලස්සන නිල්පාට සුදු පාට රෝස පාට සිප්පි කටු ලස්සන වීදුරු බෝතල් අස්සෙ වැලි දාලා අහුරලා ඒවා අතරට පුංචි පුංචි පබලු ඇට දාලා තිබුනා..
තවත් සමහර ලස්සන මැරිලා ගියපු සුදු පාට කොරල් පර කොටස් මැදින්, විහිදිලා ගියපු අතු අතරින් ලොකු සිප්පි හක්ගෙඩි වගේ ඒවා රඳවලා ලස්සනට පඩියක් වගේ තැනක හදලා තිබුනා.. තවත් පැත්තක ලොකුම ලොකු හක්ගෙඩි ,කොරල් පර වෙනම අහුරලා තිබුනා... ඔක්කොමට ටික ගෙදර ගෙනියන්න තරම් හිතුනා මට...

"බලලා ඉවර නම් අපි වැඩේට එමුද?"

වස්සාන උගුර පාදලා කතා කළාමයි මං හරි සිහියට ආවේ.. අනේ අර සිප්පි කටු ටික ගෙදර ගෙනියන්නමයි මට නම් හිත..

"මේවා සර්ම හොයාගත්ත ඒවද?"

මං අහන්න ඕනිමයි කියලා හිතපු ප්‍රශ්නේට සර් ඔව් කියලා ඔලුවෙන් සන් කලා... එයා ඒ තරමට ඩයිවින් කරනවද..
මුහුද නිකන් ගෙදර වගේ දැනෙනවා ඇති.. මේව හොයාගන්න මුහුදු පතුලටම යන්න ඕනි නේ..

එවලෙම සිහිලැල් සර් මට ටයිප් කරපු කොල දෙක තුනක් දාලා තිබුනු ෆයිල් එකකුයි පෑනකුයි දුන්නා.. දැන් මේකෙන් මං මොකක්ද ඕනි වගේ බැල්මකින් මං සර් දිහා බැලුවම මේ මනුස්සයා ඇස් දෙකෙන් කොලේ පෙන්නුවෙ කියවලම බලන්න කියලා...

කොලේ උඩින්ම ලොකුවට  'Marine Biological Resources Division ' කියලා ගහලා තිබුනා.. ඒක සාගර විද්‍යාව සම්බන්ධව ලංකාවේ තියෙන ප්‍රධානම ආයතනය... මං කොලේ පහළට පහළට කියවගෙන ගියා... ටික ටික මගෙ කටත් ඇරෙන්න ඇති ඇස් දෙකත් ලොකු වෙන්න ඇති..

.... so I kindly request you to be assistant researcher of this research and to carry out this for long.......

Mr. Sihilel Wassana De. Livera
     Scientist of MBRD

පුදුම ගොඩක් එක කොලයක් අස්සේ තිබුනා.. එක, MBRD එකේ ක්න්ට්‍රැක්ට් එකක ඩොකියුමන්ට් මගේ අතේ තිබුනා.. දෙක, Coral Bleaching, කොරල් පර වට වඳ වීම ගැන කරම රිසර්ච් එකට මාව ඇසිස්ටන් රිසර්චර් විදිහට ඉල්ලලා තිබුන එක.. තුන, රිසර්ච් එකේ මේම් රිසර්චර් සිහිලැල් සර් වෙන එක.. හතර, සිහිලැල් වස්සාන MBRD එකේ මෙම්බර් කෙනෙක් වුණ එක..

දෙන උත්තරේ මොකක්ද කියලා මට හිතාගන්න බැරි වුණා.. එක පාරටම මෙහෙම දෙයක් ඇහුවම මං මේකට සුදුසුද කියලා මගෙන්ම ප්‍රශ්න කලා.. ඒක කරන්න තරම් කන්ෆිඩන්ස් එකක් මට තියෙනවද? හිත දෙගිඩියාවක මගෙ..

"No need to be hurry warasha.. Just take your time.. "

සිහිලැල් සර් මට කියලා එහාට වෙන්න තිබුනු කිචන් එක පැත්තට ගියා.. මං කෙලෙල්ශන් ශෙල්ෆ් එක ඉස්සරහම පොඩි පොඩි චෙමිකල් බොට්ල්ස් තියලා තිබුන මේසෙ ළඟින් ඉදගත්තා..

ඇයි මාවම තෝරගත්තේ කියන එක මට ලොකු ප්‍රශනයක්.. ඒකත් මට වඩා දක්ශ ෆෝර්ත් යියර් අයියලා අක්කලා කොච්චර නම් කැම්පස් එකේ ඉන්නවද? හොඳයි තමයි.. ඒත් මට බයයි..

මං කල්පනා කරම අතරෙම සිහිලැල් සර් මගෙ ළඟින් දුම් දාන කෝපි කෝප්පයක් තිබ්බා.. කෝපි සුවඳ නහයට එද්දි අමුතු සැනසීමක් හිතට දැනුණා.. කෝපි කෝප්පේ බොන්නවත් මට මතක නැති වුනා..

"වර්ශා, මුලින්ම මේක බීලා ඉන්න.. "

සර් එයාගෙ අතින් අරගෙනම කෝපි කෝප්පේ මගෙ අතින් තිබ්බා.. මං කෝපි පොඩ්ඩක් තොල ගාලා ආයෙත් මේසෙන්ම තිබ්බා.. ඒක ගොඩක් රස්නෙයි.. ඒත් ඒ තොල ගාපු බින්දු දෙක තුන හරිම රහයි..

"සර්.. ඇයි මාවම?"

"Do want reasons??"

මං ඔව් කියන්න ඔලුව වැනුවා..

" මොකද ඔයා දක්ශයි වර්ශා.. කතා කරන්න දක්ෂයි.. ඉදිරිපත් කරන්න දක්ශයි.. you answered me for every question.. just in a second.. හැබැයි ඊට වඩා ලොකුම දේ.. ඔයාගෙ අස්සේ ආසාව හැංගිලා තිබුනා වර්ශා.. ඉස්සරහට ඉස්සරහට ගිහිල්ලා හති වැටෙන මිනිස්සු අස්සේ ඉස්සරහට යන්න යන්න ඔයාගෙ ආසාව වැඩි වෙනවා මට පෙනුණා.. "

සර් මගේ ඇස් දිහාම කෙලින් බලලා කතා කරද්දි වෙනදා වගේම මගෙ කට අගුලු වැටුණා.. ඒත් ඇස්.. එහෙම නැහැ.. සර්ගෙ ඇස් ඇතුලෙත් මොනාදෝ අමුතු හැඟීම් ගොන්නක් එයා අගුලු දාගෙන හිටියා වගේම මගේ ඇස් වල තිබුනු හැඟීම් අඟුලු දාගන්න බැරි වුනා සත්තයි... තවමත් හිතාගන්න බැරි වෙද්දි මං පුංචි හිනාවක් සර් ට දීලා කල්පනා කලා..

මට පුලුවන්ද?

සිහිලැල් සර් සුසුමක් අතෑරියා මට ඇහුණා..

"වර්ෂා.. තමුසෙ මොනාද ඔච්චර හිතන්නේ.. හා නම් හා කියනවා.. බෑ නම් බෑ කියනවා... මට වෙන කෙනෙක්ව ගන්න පුලුවන්.. "

ඔව්.. හොඳම දේ.. ඒක.. වෙන කෙනෙක් ගන්න එක.. මට වඩා දක්ෂ ළමයි කොච්චර ඉන්නවද...

"ඇත්තටම සර් ට ඒක කරන්න පුලුවන්ද?"

"මොකක්ද?"

"වෙන කෙනෙක්ව ගන්න.."

සිහිලැල් සර් මං දිහා බැලුවේ තරහින්.. එයාගෙ අතේ තිබුනු කෝපි කෝප්පේ මේසෙ උඩින් තියලා එයා නැගිටලා මගෙ ලඟට ආවේ සාක්කු දෙකටත් අත්දෙක දමාගෙන.. අමුතු නපුරුකමක් එයාගෙ ඇස් අස්සෙ උඩු දිව්වා.. ඒ නිසාම මං ඇස් බිමට හරගත්තා.. ඒ නපුරු ඇස් දිහා බලන්න මං බයයි...

"මේ බලනවා වර්ශා.. "

මට ඕනි වුනේ නැහැ ඇස් උස්සලා එයා දිහා බලන්න..

"Just look as me warsha!!"

සර් ගැඹුරු සැර හඬකින් මට කතා කරද්දිත් මට එහෙම ඉන්න පුලුවන් කමක් තිබුණෙ නෑ.. මට වැඩියෙන් ඇස් උස්සන්න සිද්ද වුනා.. මොකද මං හිටියෙ ඉඳගෙන වස්සාන හිටගෙන...

"You have confidence.. Just trust me.. ඒකනෙ තමුසෙ ලොකුම ප්‍රශ්නෙ.. වෙන කෙනෙක්ව ගන්න ඕනි නම් මං මෙච්චර කටු කාලා තමුසෙව ගන්නෙ නෑ.. කෙලින්ම ෆෝර්ත් යියර් එකේ එකෙක් ගන්නවානෙ.. ඔය හිත අස්සෙ තියෙන බය පැත්තකට දානවා වර්ශා.. පුලුවන්.. පුලුවන් කියලා හිතනවා.. තමුසෙට බැරි නම් මං ගන්නෙත් නෑනෙ.. පුලුවන් කියලා දන්න නිසයි request කලේ.. Now just tell me.. if u can or not."

මේ මනුස්සයා මගෙ උරහිස් තද කරලා එක හුස්මට කියාගෙන ගියා.. පුදුම සැරක් තියෙන්නේ.. ඒත්... ඒ කිව්ව වචන ටික ගැන මං ආයෙ හිතුවා.. වෙනස්ම විදිහකට ඒවා දැනුණා.. මට පුලුවන් කියලා හිතෙන තරමට සමහර විට හදවත් වෙනදටත් වඩා වෙනස් රිද්මෙකින් ගැහෙන්න තරම් ඒ වචන බරට දැනුණා.. ඒවා නිකන්ම ඕනි කෙනෙක්ට කියන්න පුලුවන් සරල වචන වෙන්න ඇති.. ඒත් ගොඩක් වෙනස්..

"පුලුවන් සර්... මං එන්නම්.. "

"ඕකේ.. නයිස්.. මෙතනින් සයින් කරන්න.. ආයේ සැරයක් කියවලා බලනවා.. නැත්තම් අරක මේක කියන්න එපා පස්සෙ.. "

ආයෙ සාක්කුවට අත්දෙක ඔබාගෙන කෝප්ප දෙකත් අරගෙන යන්න ගියා.. පුදුම කෝලම් තමයි ඒව නම්.. ගෑනු හිත් වහ වැටෙන්න ඕවට තමයි..

මං ආයෙ කොලේ කියවලා සයින් කලා.. ලොකු බරක් ඔලුවට දැනෙනවා.. මේවගෙ සම්බන්ධ රිසර්ච් කරනවා කියන එක සුලුපටු වැඩක් නෙමෙයි...

"මං අද නිවාඩු නිසා මෙහෙට ගෙන්නගත්තෙ.. යනවා නම් කියනවා.. නැත්තම් ටිකක් ඉඳලා යනවා.. "

හිත මෙච්චර උඩ පනින්නෙ ඇයිද මන්දා.. හරි ඉක්මනට හැඟීම් වලට වහල් වෙන ගෑනු හිත් ගැන කියන්න බයයි.. මට තව මෙතනට වෙලා ඉන්න පුලුවන් නිසාද සිහිලැල් සර් එක්ක තව කතා කරන්න යටිහිතේ තිබුනු උවමනාවටද මන්ද හිත අස්සෙ අමුතු සතුටක් උඩු දිව්වා..

"සර්.. මං ටිකක් ඉඳලා යන්නද?"

මං ආයෙ ඇහුවා... වස්සාන ඔලුව වනලා අහක බලාගත්තේ ඇස් හන්ගන්නද මංදා..

මොකද මට 'ඒ ඇස් දිලිසෙනවා' වගේ දැනුනා..

ටිකකින් එයා මුහුද පේන බැල්කනිය පැත්තට ඇදුනා.. මමත් එයා පස්සෙන්ම බැල්කනිය දිහාවට ඇඳිලා ගියා.. එතකොටයි දැක්කෙ එතනම බෝට් ඩෙක් එකත් එක්ක බෝට්ටුවක් නවත්තා තියෙනවා... ඒකත් මෙයාගෙම වෙන්න ඕනි... නැත්තම් මෙතනම යාකරලා බෝට් ඩෙක් එක හදන්නෙ නැහැනෙ..

"හෙට ඉඳලා වැඩ පටන් ගන්නව.. වෙලාවට එනවා හරි.. අනේ සර් නැගිටින්න පරක්කු වුනා අරකයි මේකයි කියන්න එන්න එපා... "

හරිනෙ.. ඔන්න පටන් ගත්තා... මං ලෙඩ වෙආ ගෙදර ලෙක්චර්ස් දුන්න දවස් ටිකේ දවක් මට වැඩිපුර නින්ද ගිහින් සේයා එක්ක කාමරේට ඇවිත් මේ මනුස්සයා මාව අවදි කරනකම් දන්නෙ නෑ... ඕවා අල්ලගෙන දැන් මේ කියවන්නෙ.. අත් අවුරුද්දක් පරන කතා අල්ලගන්නෙ මොකටද මං අහන්නේ...

මං බය වෙන්නෙ මොකටද පේන්නම රවලා ඉස්සරහ බලාගත්තා..

"මේ මේ.. තමුසෙ ඔය රැවිලි ගෙරවිලි ගෙදර මිනිස්සුන්ට තියාගන්නවා.. "

එහෙම කියලා කට කොනට ලාවට හිනා වෙලා එයත් ඉස්සරහ බලාගත්තා..

නුහුරු පැයකට පස්සේ මං බස් එකේම ගෙදර එන්න හැදුවත් මේ මනුස්සය බලෙන්ම කාර් එකට දාගෙන මාව ගෙදරින් බැස්සුවා.. ඒ අස්සේ බෝට් හවුස් එකේ කිව්ව පාස්වර්ඩ් එක මතක නෑ කියලා දහසක් බැනුම් අහන්නත් සිද්ද වුනා...

අනේ ඊලඟ දවසෙ නම් ඇබ දෙකක් ගහන් එනව.. ඇයි වදේ..හැරීපෝටර් ගෙ ලෝගුවේ පාඩුව දැන් තමයි තේරෙන්නෙ..

                          to be continued               

සිහිලැල් සර්ගෙ සිප්පි කටු මාලිගාව ලමයි😪

Czytaj Dalej

To Też Polubisz

1.3K 187 20
"" මන් අසලියා එක්ක එෆෙයා එකක් පටන් ගත්තේ කිසිම දැනහැදුනුම්කමකට නෙවේ.......... ගෙදර අය ගේන්න හදන ප්‍රපෝසල් වලින් බේරෙන්න........."" "" එයාලගේ ස්ටඩි හව...
1K 145 6
⏳ලොවම වෙනස් වෙමින් පවතී.. හමන සුලගින් එය මට දැනෙනු ඇත.. වැලි කැටයකින් වුව දිය බිදකින් වුව ඒ වෙනස මට දැනෙනු ඇත.. ☝️සෙමින්, නමුත් නිසැකවම ශාපලත් අන්ධක...
20.4K 1.4K 39
" ඇයි එයාහ් මට මෙහෙම කලේහ්.........." ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා මහ හඬින් තිරිංග තද කල වාහන කිහිපයක් දුහුවිලි වලාවකින් වැසී යන සේ මුද්‍රණාලය ඉදිරි...