THE SAME SKY |yoonminseok|

By min_kavee_01

1.9K 289 81

ආදරය කියන්නෙ ආරක්ශාවට. මොකද ආදරයත් ආරක්ශාවක් හොයනවා. 🥀 Published - 01012023 Completed - ? Yoonminseok BL More

Introduction 🥀
Chapter 01 🥀
chapter 02🥀
chapter 03🥀
chapter 04 🥀
chapter 05 🥀
chapter 06 🥀
chapter 07 🥀
chapter 09 🥀

chapter 08 🥀

136 22 6
By min_kavee_01

ජිමින්ගෙ පුදුමයට හේතු උනේ හෝසොක් ජිමින්ව දැකපු පලවෙනි දවසෙ දක්වපු ප්‍රතිචාරය මේ පුද්ගලයා වෙනුවෙන් නොදක්වපු එක. අලුත් අමුත්තා වගේම හෝසොකුත් හිටියෙ හරිම සතුටින් එකිනෙකාව වැලදගෙන.
ඇත්තටම ඒ සිදුවීම ජිමින්ට ගෙනාවෙ ලොකු කුතුහලයක්. ජිමින් ඒ දෙදෙනා ලගට ආවත් ඒ දෙන්නා නෙවෙයි ජිමින්ව දැක්කෙ. ඉතිං ජිමින් ටිකක් සද්දෙන් උගුර පෑදුවෙ තාමත් වැලදග්‍ර්න ඉන්න දෙන්නගෙ අවධානෙ එයාට ගන්න. ඒත් එක්කම ජිමින් දිහා බලපු දෙන්නම ඈත් වෙද්දි හෝසොක් ඇවිත් ජිමින්ගෙ අතින් අල්ලගන්න හැදුවත් ජිමින් හෝසොක්ට තමන්ගෙ අත අල්ලගන්න නොදී හෝසොක්ගෙ බද වටේ අත් යවල හෝසොක් ව තමන්ග්‍ර් සිරුරට තද කරගත්තේ අනෙක් කෙනා දිහාට ගැබුරු බැල්මක් හෙලමින්.

චිමී හියුන් මේ ඉන්නෙ ජුනී හියුන්.

හෝසොක් ජිමින්ගෙ බැල්ම හමුවෙ කිව්වේ ජිමින්ට තවත් තුරුලු වෙන ගමන්.

හලෝ මිස්ටර් ජිමින් . මං නම්ජුන් . මට ජින් ඔයා ගැන කියල තියෙනවා.

අහ්

ජිමින්ගෙ කටින් ඒ වගේ සද්දයක් පිට උනේ එයා ගැන නම්ජුන් දන්නවා කියපෞ නිසා. ඒකත් ජින්ගෙ මාර්ගෙන් .

මං ඩොක්ටර් ජින්ගෙ හස්බන්ඩ්. ගොඩක් වෙලාවට ජින් ඔයා ගැන කියල තියෙනවා. හමුවීම සතුටක්.

මටත් මිස්ටර් නම්ජුන්

මිස්ටර් කියන්න ඕන නෑ ජිමින් . හෝසොක් විදියටම මට කතා කරන්න.

හරි .

ජිමින් හිනා වෙලා අතට අත දුන්නෙ නම්ජුන් ගැන ඇතිඋන පැහැදීම නිසා.

________________________________

දැන් කොහොමද ජිමින් හෝසොක්ගෙ තත්වෙ .

හෝසොක් දැන් නම් හොදටම හොදින් ඉන්නෙ. හෝසොක්මෙහෙන් යන්න කාලෙ හරි වගේ.

නම්ජුන් අහපු දේට උත්තර හමබ උනේ ජින් ගෙන්. මේ වෙනකොට කලුවර වැටිල තියෙන කොට රාත්‍රි කෑම වේලත් අරගෙන හිටපු කට්ටිය හිටියෙ ජින්ගේ කාමරේ . හෝසොක් නම් නිදාගන්න ගියේ ඒක හෝසොක්ගෙ සෞඛ්‍යට හොදයි කියල ජින් දිගින් දිගටම කෑගහපු නිසා. නම්ජුනුත් අදම යන්නෙ නෑ කියල පොරොන්දෞ උන නිසා අන්තිම්ට හෝසොක් නිදා ගන්න ගියා.

ඒකනම් අහන්නත් සතුටු දෙයක් . ජිමින්ට ගොඩක් පින් කරපු දේට.

එහෙම කියන්න එපා නම්ජුන් හියුන්. ඒක මගෙ වගකීම .

ජිමින් කිව්වෙ හිනා වෙලා

උනාට ජිමින්ගෙ කැපවීම නිසා තමයි මෙච්චර කෙටි කාලෙකින් හෝසොක් ආයෙමත් පරන ත්ත්වෙටම ආවේ.

ජිනුත් නම්ජුන්ගෙ කතාව සම්පූර්ණ කරන කොට ජිමින් අහිංසකව හිනා වෙලා මේසෙ උඩ තිබුන කෝෆි එක අතට ගත්තත් ආයෙමත් මතක් වෙච්ච දෙයක් නිසා නම්ජුන් දිහා බැලුවෙ නම්ජුනුත් ජිමින් අහන්නෙ මොනා ගැනද බලන්න වගේ ජිමින් දිහා බලද්දි.

මං මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා ඒත් ඔයාලව කොහොමද හෝසොක් මෙච්චර හොදට අදුරන්නෙ.

ජිමින් ඇහුවේ දවල් ඉදල ජිමින්ට තිබුන ප්‍රශ්නයක්.

ජිමින්ට හෝසොක් මේ දේවල් කියල තියෙනවද දන්නෙ නෑ . හෝසොක් මොනාද කිව්වෙ එයාට වෙච්ච අනතුර ගැන .

ජින් එහෙම ඇහුවහම ජිමින් හෝසොක් තමන්ට කියපු දේවල් ගැන ජින්ටයි නම්ජුන්ටයි කිව්වා.

__________________________________

ජින් එක්ක නම්ජුන් හිටියෙ ජින්ගෙ වෛද්‍ය මිතුරෙකුගෙ උස්ස වීමක් වෙනුවෙන් තිබුන සාදයකට ගිහින් එන ගමන් . නගරයෙන් මදක් ඈතට වෙන්න තිබ්බ සාදයට ගිහින් එද්දි මද්‍යම රාතියට කිට්ටු කරල තිබුනත් ප්‍රධාන මාර්ගයේ වාහන තදබදය නම් අඩුවක් නෑ .

පැය කීයක් ට්‍රැෆික් එකේ ඉන්නවෙයිද දන්නෙ නෑනේ. හෙට උදේම වැඩට යන්නත් ඕන.

ජින් කිව්වෙ කනස්සලු මුහුනකින් නම්ජුන් දිහා බලාගෙන ඈනුමකුත් යවන ගමන්.

මං දන්න පාරක් තියෙනව. ටිකක් දුර උනාට ට්‍රැෆික් නෑ . අපි ඒකෙන් යන්.

ජින්ගෙ හුරතලේ දිහා බලාගෙන හිටපු නම්ජුන් කිව්වෙ ජින්ගෙ ඔලුවත් අතගාලා.

ඉදහිට එකක් දෙකක් වාහන ගමන් කරන පාරේ වේගෙන් ආපු ජින්ලගෙ කාර් එකේ වේගය බාල උනේ වාහන කිහිපයක් පාර හරස් කරගෙන නවතා තිබීම නිසා. විදුලි ලාම්පුවල එලිවලින් කිහිපදෙනෙක් රැස්ව සිටින බවක් පෙනුනත් දැනුන නොපහන් හැගීම නිසාම නම්ජුන් මෝටර් රතයේ නලාව නාද කලේ පාරෙ ඉඩ ලබා ගැනීම ට උවත් කලබලයෙන් වාහන පිටව යන විට ඔවුන් දුටුවේ පාර මැද ගුලිවී සිටින අයෙක්. ලාම්පුවෙ එලියෙන් මිනිසෙකු බව හදුනා ගත් නිසා නම්ජුන්ටත් පෙර වාහනෙන් බැහැපු ජින් ඔහු වෙත දිව ගියේ ගැහෙන හදවතින්.

පාරේ වැටී සිටි තරුනයා වෙත දිව ගිය ජින් දුටුවේ බොක්සර් එකකින් පමනක් සිරුර ආවරනය වී තිබු හුරු බුහුටි තරුනයෙක් පාර මැද ගුලිවී සිටින අයුරු. බිම වැටී සිටි තරුනයව නම්ජුන් විසින් ඔසවා ගත්තේ හුරුබුහුටි තරුනයා සිහින් හඩින් කිසිවක් මුමුනන අතර. නමුත් ඉන් ජින් ට හා නම්ජුන් ට පැහැදිලිව ඇසුනේ බූබූ සහ හියුන් යන වචන පමණයි. වෘතිමය වශයෙන් වෛද්‍යවරයකු ඌ ජින් එම තරුනයාට ප්‍රතමධාර ලබා දෙන අතර නම්ජූන් වේගයෙන් මෝටර් රථය ධාවනය කලේ රෝහලක් වෙත.

___________________________________

ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතිං නුබත් ගියා
කලුවරයි අනේ... 😔❤️

kavee
12122023

Continue Reading

You'll Also Like

607K 21.9K 96
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
7.3K 1.4K 12
"ජිමින් ඇයි ඕක හිතේ තියන් ඉන්නේ....හිතේ තියන් දුක් වෙන්නේ ඇයි ලමයෝ........" "මට වෙන කරන්න දෙයක් නෑ හියුන්...එයා ආදරේ කරන්නේ ටේ ට හියුන්....මට ඕන නෑ හ...
611 54 3
සිතින් විතරක් පෙම් කරන්නම්.. දුරින් හිද ඔබ දෙස බලන්නම්.. ළංව ඉන්නට බෑ ඔබේ.. අපට අප හිමි නෑ ලොවේ.. ඔබට මා හිමි නෑ .. මටද ඔබ හිමි නෑ...🥀 ප්‍රේමය නම් ප...