~හීන~ [ONGOING]

By Eily_4_

11.5K 1.4K 1.3K

"උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." "උඹට බැරි වුනාට මොකද මැණික..... මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව... More

01 වන කොටස
02 වන කොටස
03 වන කොටස
04 වන කොටස
05 වන කොටස
06 වන කොටස
07 වන කොටස
08 වන කොටස
09 වන කොටස
10 වන කොටස
11 වන කොටස
12 වන කොටස
13 වන කොටස
14 වන කොටස
15 වන කොටස
16 වන කොටස
17 වන කොටස
18 වන කොටස
19 වන කොටස
20 වන කොටස
21 වන කොටස
22 වන කොටස
23 වන කොටස
24 වන කොටස
25 වන කොටස
26 වන කොටස
27 වන කොටස
28 වන කොටස
29 වන කොටස
30 වන කොටස
31 වන කොටස
32 වන කොටස
33 වන කොටස
34 වන කොටස
35 වන කොටස
36 වන කොටස
37 වන කොටස
38 වන කොටස
40 වන කොටස
41 වන කොටස
42 වන කොටස
43 වන කොටස
44 වන කොටස
45 වන කොටස
46 වන කොටස
47 වන කොටස
48 වන කොටස

39 වන කොටස

156 27 6
By Eily_4_

" මේ ඕයි අයියේ....."

" ඇයි මොකෝ...."

" උඹලා කුඩු විකුණනවද බං....."

නවෝදයා ඒ අහපු තුප්පහි කතාව හින්දම කල්ප කාලාන්තරයකට පස්සෙ ආසාවෙන් අතට ගත්ත චොකලට් හෝලික්ස් උගුරත් තව පොඩ්ඩෙන් මට පිට උගුරේ ගිහින් තමයි නවතින්නේ....

" ඇයි උඹ එහෙම ඇහුවේ...."

" නෑ ඉතිං මහිම අයියගෙ අප්පච්චි නම් මැරයා කියමුකො...එතකොට උඹලගෙ අප්පච්චි මාෆියා කාරයෙක්ද හලෝ...."

" නෑ මයෙ අම්මා...අපේ අප්පච්චි ඔය පව්කාර වැඩ කරන්නේ නෑනේ සුදු අම්මියො...එයා කරන්නේ වෙන රස්සාවක්......"

ලක්ෂාන් කාරයා දත් මිටි කන ගමන් අරුගෙ ඔලුව අත ගගා ඔය කතා කරන විදියට නවෝදයා මේ දැන් උගෙන් ඔලුව හිල් වෙන්න ටොක්කක් කයි කියලා මගේ හිත නිකං කෑ ගහනවා කෑ ගහනවා වගේ සාන්ත....

" අපේ අප්පච්චි කරන්නේ ගංජා ඇට බ්ලෙන්ඩර් කරලා කැද හදලා විකුණන එක....ගොං හරක් පැටියා....."

ඔව් ඉතාමත් සාර්ථක ලෙස අරූගේ ඔලුවට වැදුනු ටොකු පාරත් එක්කම නවෝද් කරේ අපි ඉදගෙන හිටපු සෝෆා එකේ ලස්සනට කියලා තියලා තිබුණු කලු පාට කුෂන් එකක් අරගෙන එකෙන් ලක්ෂාන් කාරයගෙ මූණටම දමලා ඇරපු එක...මොනවා වුනත් මූට ගහමරා ගන්න වැඩ නම් උප්පත්තියෙන්ම හොදට අඩුවක් නැතුව පිහිටලා තියෙනවා.....

" නෑ ඉතිං උඹලා සේරම නිකං හෙන ලක්ෂරි ලයිෆ් ස්ටයිල් එකක්නෙ බං රන් කරන්නේ...ඒකයි මං එහෙම ඇහුවේ....."

" එහෙනම් දැන් මට මේක කියපං වස්තුවේ..."

" මොකක්ද....."

මූ නම් මහ කාගේ දරුවෙක්ද මන්දන්නෑ.....අච්චර අර සාගරයක් වගේ තඩි සාලයක් තියෙනකොට මේකා අපි දෙන්නා හිටපු සොෆා එක මැද්දෙන්ම ඇවිල්ලා ඉදගත්තා... පත මී හරකෙක් වගේ මෙතන ඇවිල්ලා පතබෑවුණාම හාල් මැස්සො දෙන්නෙක් වගේ ඉන්න මේ අහිංසක දරු පැටව් දෙන්නා තැලෙනවා කියලා හිතන්න මූට මොළයක් නැද්ද මං අහන්නේ...

" උඹලා දෙන්නගෙ අම්මලා අප්පලා මොනවද කරන්නේ...."

" මුගේ නම් තාත්තා නඩු කියනවා..... මගේ අම්මී තාත්තී නම් ඩොක්ටර්ස්ලා......"

" මැගේ අම්මී තාත්තී නම් ජොක්ටස්ලා තමයි.....ඉතිං වුත්තො... සමාවෙන්න ඉතිං යකෝ තොපි දෙන්නා ගත කරන්නේ සාමාන්‍ය සරල ජීවිතයක්ද අහ්...මල්ලි මේ අහපං..අපිට මනුස්සයෙක්ගෙ පිටින් දකින දේවල් වලින්......"

" අපෝ ඇති ඇති නවත්තගනිං අයියේ.. මේන් වැන්දා හොදේ..උඹෙ ඔය වැදි බණ නම් අපිට අහගෙන ඉන්න බෑ හරි....."

" කොහෙද ඉතිං හරි මගට එන්න මේ ළමයින්ට කිසිම උවමනාවක් නෑනේ..."

" අනේ මුගේ දෝණියා කොහෙද බං ඉන්නේ.....ඉන්න තැනකින් ඌට එන්න කියපංකෝ....."

" රිතික අයියේ......"

" ඕ....කියහං මල්ලි...."

" අනේ මේ උඹෙ මිනිහව මෙතනින් අරගෙන පලයංකෝ බං...මූ මහ වදයක් ඕයී......"

ලක්ෂාන් කාරයගෙ වදේ ඉවස ගන්නම බැරි තැන මායි නවෝදුයි තරගෙට බෙරිහන් දිදී රිතික අයියට කතා කරනකොට ඌ ඊලගට කරේ කුස්සියෙ ඉදං ඒකාගේ මිනිහගේ ජාතකේ වනපු එක...

" සුදු මං ආයේ උඹට කියන්නෑ හරි.. මෙන්න මෙහෙට ඇවිල්ලා මේ පොල් ගෙඩිය ගාලා දීලා පලයං මිනිහෝ......"

දැනටම මුං දෙන්නා මෙහෙමනම් කවදහරි එක වහලක් යටට ආපු දවසක අසල් වැසි මිනිස් ප්‍රජාවට ගෞරවයෙන් බුදු සරණයි......

උදෙන්ම පල්ලිය පැත්තෙ ගිහින් මායි නවෝදුයි කෙලින්ම ආවේ ලක්ෂාන් අයියලගෙ ගෙදරට..මොකද අද කස්ටියම මෙහාට සෙට් වෙනවා කියලා කලින්ම ප්ලෑන් කරගෙනයි තිබුනේ...ඒත් අවාසනාවට අද මහිමයි සහසුයි එනකොට ටිකක් දවල් වෙනවලු...ඉතිං ඔන්න ඕකට පින් සිද්ද වෙන්න මටයි මගේ නැට්ටටයි සිද්ද වුනේ අරුං දෙන්නගේ ප්‍රේම දඩයම සීසන් සික්ස් එක බල බල මෙතන වැලලෙන්න.....

" ලක්ෂාන්......! "

" මේ එනවා දෝණියෝ......"

" ඔය බලාගෙන ෂාන්...කොහෙද ළමයො මේ දුවන්නේ...."

" සමාවෙන්න මාතා ජී දෝණි කතා කරනවා...මං බලලා එන්නම් හොදේ...."

රිතික අයියගෙ සද්ද පූජාවට බය වෙච්ච ලක්ෂාන් අයියා උගෙ අම්මවත් පෙරලගෙන එතනින් චුත වෙන්න හදනකොට ආන්ටි හදිස්සියෙන් වගේ අපි දෙන්නා ලගින් ඇවිත් වාඩි වුනා.....

" ඉතිං කොහොමද පුතා.....මං හිතන්නේ ඔයා නවොද් වෙන්න ඕනේ...එතකොට මේ පුතා රෙහාන්...මං හරි නේද......"

" ආන්ටි කොහොමද අපි දෙන්නව අදුරන්නේ...."

අංජනමක් බැලුවා වගේ ලක්ෂාන් අයියගෙ අම්මා අපි දෙන්නගේ නම් දෙක හරියටම කියනකොට වැරැද්දක් නොකලත් ප්‍රින්සිපල්ව දැක්කම දුවන්න හිතෙන්නේ ඇයි කියන ප්‍රශ්ණෙට අද මට උත්තර හම්බවුනා...මොකද බලාගෙන හිටියා වගේ ආන්ටි අපි දෙන්නා ගැන කියනකොට වරදක් නොකෙරුවත් මායි නවෝදයයි ගල් ගැහිලා වගේ බලාගෙන හිටියේ මේ ලෝකෙ කරන්න පුලුවන් ලොකුම වැරැද්ද කරලා මාට්ටු වෙච්ච වැරදි කාරයෝ දෙන්නෙක් ගානට....

" මොකද දරුවො මේ බය වෙලා...."

" අහ්..අනේ එහෙම මුකුත් නෑ ආන්ටි......"

" බය වෙන්න දෙයක් නෑ...මට ෂාන් ඔයාලා ගැන විස්තර කියලා තියෙනවා...එයා කියපු දේවල් වලින් තමයි මං ඔයාලව ගෙස් කරේ..."

"ලක්ෂාන් අයියා අපි ගැන මොනවද ඔයාට කියලා තියෙන්නේ ආන්ටි ....... "

ඉස්සර ඉදන්ම මටයි නවෝද්ටයි ලොකු ආසාවක් තිබ්බා පිට මිනිස්සු අපි ගැන දන්න දේවල් ගැන එයාලගේ කටින්ම අහලා දැනගන්න...

" කියලා තියෙන්නෙද..... කියලා තියෙන ටික එහෙනම් හොදට අහගනිල්ලා ඈ........"

විද්දෙ හාවාට වැදුනෙ පඳුරට වගේ අපි ප්‍රශ්නෙ ඇහුවේ ආන්ටිගෙන් වුනාට ඒකට උත්තරේ දුන්නේ නම් අර රොයිටරේ.......

" දැන් මොනවද ඔයා අපි ගැන කිව්වේ අහ්..."

" රුසියාවට බෝම්බ දාලා දැක්කෙ නෑ වගේ ඉන්න පුලුවන් විදියේ ඩයල් එකක් ඉන්නවා නම් උගෙ නම නවෝද්..... එතකොට රුසියාවට බෝම්බ දැම්මෙ ඇමරිකාව කියලා උතුරු කොරියාවේ ඉන්න ජනාධිපතිට ඊමේල් එකක් යවන්න පුලුවන් විදියේ ඩයල් එකක් ඉන්නවා නම් ඒ තමයි රෙහාන්.... බැටළු හම පොරවගත්ත නරි පැටව් දෙන්නෙක් ආවොත් එහෙම බලාගන්න කියලා තමයි මං අම්මට කිව්වෙ.... නේද මාතාජී...."

" නිකං ඉන්න ළමයෝ...මට රිතික පුතා ඔයාලගේ ස්පෝට්මීට් එකේ ෆොටෝස් වගයක් පෙන්නුවා පුතා....එතකොට තමයි මං ඔයාලා දෙන්නා ගැන දැනගත්තේ...."

මමයි නවෝදුයි තරගෙට වගෙ අර පත කුළු මීමා දිහා බලාගෙන දත් මිටි කනකොට අර මනුස්සයා එතන හිටපු නිසා අපිට මූට දෙකක් ඇණ ගන්න බැරි වුනා මිසක් නැත්තං මෙලහට රිතිකයට කසාද බදින්න සිද්ද වෙන්නේ ලක්ෂාන්ව නෙවෙයි උගෙ හිස නැති කදම්බය....

" ආන්ටි කොහේහරි යන්නද....."

මං එහෙම ඇහුවෙ ලක්ෂාන් අයියගෙ අම්මා ටිකක් කලබලෙං වගේ එයාගේ ෆොන් එක චෙක් කරපු හින්දයි....

" අනේ ඔව් පුතා... මෙයාලගේ අප්පච්චි බිස්නස් වැඩකට ඊයේ රත්නපුර ගියා....මමත් මේ අද එහේ යන්න කියලා... හදිස්සියේම වැටුනු වැඩක් හින්දා පුතාලත් එක්ක හරියට කතා කරන්නවත් බැරි වුනා... අයිම් එක්ස්ට්‍රීම්ලි සොරි පුතා.... අර්ජන්ට් වැඩක් නිසා නොගිහින් බෑනේ...."

" It's okay aunty.... don't mind it.... We can handle නේද ලක්ෂාන් අයියේ......"

මං ලක්ෂාන් අයියා දිහා බලාගෙන හෙන හුරතල් විදියට එහෙම අහනකොට ඒකා පිටිපස්සට වෙලා ඉදගෙන අපිට ඇහැකුත් ගහලා තව අමු කුණුහරුප වගේකුත් උගෙ හස්ත සංඥා උපයෝගී කරගෙන අපිට පෙන්නුවා.....

" මං එහෙනම් ගිහින් එන්නම් පුතාලා....දවල්ට මොනවහරි බලලා ඕඩර් කරගන්න ෂාන්.....'

" අහ්.... ඒ ගැන වද වෙන්න එපා අම්මා...අපි සෙට් එක ඔය බලලා මොනවහරි කරගන්නම්....."

" එහෙනම් කරන දෙයක් පරිස්සමින් හරිද... එන්ජෝයි පුතා.... මං ගිහින් එන්නම් රිතික.... දෙන්නත් එක්ක මරා ගන්නවා එහෙම නෙවෙයි තේරුනාද....."

" හරි අම්මා... පරිස්සමින් ගිහින් කෝල් එකක් දෙන්න හොඳේ......"

" ඕකේ පුතා සී යූ.... "

" සී යූ ආන්ටි.....ටෙක් කෙයාර්......"

ලක්ෂාන් අයියගෙ අම්මා ඒ විදියට හිනා වෙලා ගෙදරින් පිටත් වෙනකොටම ආපහු වතාවක් මෙතන  ඊශ්‍රායෙලෙයි පලස්තීනෙයි වගේ මුන් දෙන්නා ඇවිලෙන්න පටං ගත්තා..

" ලක්ෂාන්......!! "

" ඇයි සුදු මැණිකේ.... "

" වැඩක් පටං ගත්තා නම් ඒක හරියට ඉවරයක් කරලා පලයං මනුස්සයෝ....."

" දෙයියනේ දෝණි පරල වෙලා...මං ගිහින් එයාව කූල් ඩවුන් කරලා එන්නම් පුතාලා.... උඹලගේ අප්පච්චිලා දෙන්නා එනකං ඔය තියෙන වැඩක් බලාගෙන පාඩුවේ හිටපල්ලා ඈ....."

" ලක්ෂාන්......!! "

" එනවා වස්තුවේ එනවා... මේ පරාල එච්චර හයිය නෑ බං ඔහොම බෙරිහන් දෙන්න එපා......"

ඇත්තමයි මුන් දෙන්නා නම් මහ මොන විදියේ කපල් එකක්ද කියන්න උඩ ඉන්න දෙයියොවත් හරියට දන්නවද දන්නෙ නෑ...ඊට හපං මං බලාගෙන උන් දෙන්නගෙ අදෝනාව ඉවස ගන්න බැරුවද කොහෙද මගේ උදේනියත් හතර අතට දෙහි කපන ගමන් උගෙ රවියට සුද්ද සිංහලෙන් ආමන්ත්‍රණය කරනවා...

" එකපාරින් කෝල් එක උස්සන්න බැරිද මිනිහෝ... කොහෙද ඉන්නේ අහ්...."

" ලඟ... ලඟ තමයි... ඉන්න තැනකින් ඉක්මනට එනවකෝ වදේ....මෙතන අපිට වේලාසනින් එන්න කියලා මුන් දෙන්නව හොයා ගන්නත් නෑ...."

" කෑ ගහන්න එපා...මොනවද කෑ ගහන්න එපා කියන්නේ අහ්... මං මේ අන්තිම හොදින් කියන්නේ අයියේ...ඉන්න දේවාලෙකින් ඉක්මනට මෙහාට වරෙං හරිද...."

" මොකද වුනේ අහන්නෙ මුං දෙන්නා මෙතන මරා ගන්නවා බං....."

" ඔව් ඔව් ලක්ෂානුයි රිතිකයයි තමයි...මේ අයියේ මොන තූත්තුකුඩියක හිටියත් මට කමක් නෑ තව විනාඩි දහයක් ඇතුලත තමුසෙ ආවේ නැත්තං මං මෙහෙන් යනවා හරිද..."

" හරි හරි තමයි මගුල මං තියනවා... පරිස්සමෙන් එනවා... ඊටපස්සේ මෙතන තව මගුලක්....."

ඌ ෆොන් එක කට් කරනකොට මහිමයට වඩා මේ මට හීන් දාඩිය දාලා තිබුනා... යකෝ වෙලාවකට අර කියන්නත් වගේ රිතිකයා දාහකින් සම්පතක් තමයි....ඒ අතිං මං වගෙ කොල්ලෙක් ලබන්න මගේ කටුස්සා හරිම වාසනාවන්තයි දෙයියනේ........ මගේ නෑනේ ඔය ඔලුව කන සීන්... ආයේ ඉතිං කනවනම් කෙලින්ම කන්නෙ බෙල්ලම තමයි.....

" පව් යකෝ මගේ මස්සිනා...."

" ඉතිං ඇත්තනෙ බං...ඔන්න ඔය ඉයර් පොඩ්ස් දෙක මෙහාට ගනිං...."

" ඉදා....."

" මෙතන මිනී මරා ගත්තත් මට නම් කතා කරන්න එපා හොඳේ....."

" මලාට පස්සෙ උඹට කතා කරලා මොකෝ මේ උඹ මෙතන මරණ පරීක්ෂනේ කරන්නදැයි..."

" ඒක තමයි කිව්වේ කතා කරන්න එපා කියලා....."

" එව් තොපි සේරම එකයි...."

නවෝදුත් ඒ විදියට මගේ ඇඹ දෙක උගේ කනේ ගහගන්නකොට අර කුස්සිය පැත්තෙන් ඇහෙන සුලු සුලු ශබ්ද ටික මග ඇරිලා යන්න කියලා හිතාගෙන මං ගාඩ්න් එක පැත්තට ඇවිදගෙන ආවා.....ඔහේ ඇවිදගෙන යන ගමන්ම මං  කරේ ගාඩ්න් එකේ කොණකට වෙන්න හදලා තිබුණු පුංචි පොන්ඩ් එක ගාවින් නතර වෙලා සහස්ට මැසේජ් එකක් දාලා බලපු එක.... දාපු ගමන්ම වගේ මැසේජ් එක සීන් වුනා... එයාලා දැන් මග එන ගමන්ලු..... ම්ම්....මොනවා වුනත් අද අයියට එන්න පුලුවන් වෙච්ච එක නම් ලොකු දෙයක්...මොකද කට්ටිය එක්ක එකට ඉන්නකොට එයාලගේ ස්ට්‍රෙස් එක හරි පොඩ්ඩක් රිලිස් වෙලා යයිනේ.......


"ඔයාලා එනකොට දවල් වෙයි කියලා කිව්වා නේද අයියේ....."

" ම්ම්... අද ක්ලාස් එක ටිකක් කලින් නවත්තන්න කියලා මං සර්ට කිව්වා....."

" ඉතිං ඒකට අප්පච්චි මුකුත් කිව්වේ නැද්ද අහ්....."

සහස් කල්පනා කරනවා... පේන විදියට නම් අදත් බඩු හරි වගේ...

" අයියේ....."

" වැඩකට නැති දේවල් ගැන අපි කතා නොකර ඉමු රෙහාන්....."

" ඒ කියන්නේ ඔයා අදත් අප්පච්චි එක්ක රණ්ඩු කරා නේද....."

" මං දැන් සැරයක් කිව්වනෙ...වැඩකට නැති දේවල් ගැන මාත් එක්ක කතා නොකර හිටපං චූටී...."

සහස්ට කේන්ති ගියා.....ඒ කේන්තිය කොච්චරක්ද කියලා මට එයාගේ ඇස් දෙක දැක්කම කියන්න පුලුවන් වෙන තරමටම සහස්ගේ කේන්තිය එයාගේ මූණෙන් පවා පේන්න පටං ගත්තා...

" සොරි......."

සහස් කෑ ගහපු පාරට මගේ හිත රිදුනත් එයාට වැරැද්දක් කියන්න බෑ...මොකද මෙතන අනවශ්‍ය වැඩක් කරලා අයියගෙ කේන්තිය ඇවිස්සුවෙ මේ මංමනේ....

" දැන් මොකද ඔය මූණ එල්ලගෙන ඉන්නේ අහ්....."

" ක...කවුද මූණ එල්ලගෙන හිටියේ...."

" වෙන කවුද ඉතිං උඹ තමයි...."

" නෑ... පිස්සුද....."

" මං උඹට කෑ ගැහුවා නෙවෙයි රෙහාන්... මං අකමැති දේවල් කතා කරලා මගේ යකා අවුස්සන්න එපා..."

" හරි හරි ඉතිං දැන් ඒක ඉවරනේ.... "

" ම්ම්....."

" ඒ වුනාට මගේ හිත කැඩුනා හොදේ...."

" එහෙනම් ගම් ටිකක් ගාලා අලවගනිං..."

මාව චාටර් කරලා ගේ ඇතුලට යන සහස් දිහා බලාගෙන අර ෆිල්ම් වල පෙන්නනවා වගේ කකුලෙන් පොඩ්ඩක් පොලොවට අයින්න ගිහිල්ලා මං ඇනලා තියෙන්නේ ළග තිබුණු තඩි බ්ලොක් ගලකට... මටමයි වෙන්නේ සාන්ත....

එනකොට ටිකක් දවල් වෙයි කියලා කිව්වට මොකද සහස්ලා එකොලහමාර පහු වෙනවත් එක්කම වගේ ලක්ෂාන් අයියලගෙ ගෙදරට ආවා... හැබැයි ඉතිං ඔය ඇවිල්ලා තියෙන්නෙත් අපේ මාමණ්ඩියා එක්ක හොද අඩව්වක් අල්ලලා කියන්න මට දෙන්නගෙම මූණු දැක්කම සහසුද්දෙන්ම වගේ කියන්න පුලුවන්....

" මේ ලුනු බෝතලේ කොහෙද තියෙන්නේ දෝණියෝ..."

" මේක උඹේ ගෙදරද නැත්තං මගේ ගෙදරද අහ්...."

" හරි හරි ඉතිං මේක ඔයාගෙත් ගෙදරනෙ බබා... කෝ මේ ලුනු බෝතලේ.... අහ් මේ ඉන්නේ හොර ගෙඩියා තේ කුඩු බෝතලේ අස්සෙ හැංගිලා....."

" ඔය ලුනු නෙවෙයි බං සීනි බෝතලේ..."

" ඒකනෙ බං මාත් බැලුවෙ මේ තේකොල අස්සේ ලුනු බෝතල් තියන්න අපෙ අම්මට මොංගල්ද කියලා..."

" අම්මට නෙවෙයි තොට තමයි මොංගල්.... "

කුස්සිය මැද්දට වෙලා ලුනු බෝතලේ හොයාගන්න බැරුව මෙතන මරාගන්න ජෝඩුව දිහා අපි තුන්දෙනාම බලාගෙන හිටියේ හරිම අසරණ බැල්මකින්... මුන් දෙන්නා වෙනදටත් මෙහෙමද දන්නේ නෑනේ....

" ඒ මේ අයියේ....."

" ම්ම්...."

" මුන් දෙන්නා අර දුටුගැමුණු අයියගෙයි එළාර අන්කල්ගෙයි රීබ(ර්)ත් එකක් වෙන්න බැරිද....."

මං ඒ විදියෙ ගොබ්බ පහේ කතාවක් සහස්ගෙන් අහනකොට ඒකා මං දිහා බලාගෙන හිටියේ ඊලගට කන්නෙ උඹ වගේ ලුක් එකකින්...

" හරි හරි ඉතිං මං ඒක නිකමට වගේ කිව්වේ...."

අරුං දෙන්නා තාමත් මරා ගන්නවා ..ඒ අස්සේ නවෝද් මෙතන ඉදගෙන හතර අතට ඔරවනවා... එක්කො මුන් දෙන්නා උයන්න ඕනේ... එහෙම නැත්තං අද උදේ ආන්ටි කිව්වත් වගේ අපි මොනවහරි ඕඩර් කරගෙන දවල්ට කන්න ඕනේ....

" නවත්තපල්ලා ඕක....උයන්න බැරි නම් කඩෙන් මොනවහරි අරගෙන වරෙං... ලක්ෂාන් පලයං ගිහින් මොනවහරි ඕඩර් කරපං....මෙතන කොයි වෙලාවෙත් මරා ගන්නවා..... "

ඌප්ස්......අද නම් සහස්ට වඩා අපේ ලොකු අයියට මල පැනලද කොහෙද... ඇරත් ඌ කොහොමත් හිටියේ අප්පච්චි එක්ක මලෙන් හින්දා අද නම් මුන් දෙන්නට බුදු සරණයි දෙවි පිහිටයි.....

" කෑ ගහන්න එපා සුදු අම්මියා..... අපි මොනවහරි ඕඩර් කරගමු හොඳද...."

" එහාට පලයං... කොයි වෙලාවේ බැලුවත් මගේ මිනිහගේ කරේ එල්ලෙන්නම තමයි බලාගෙන ඉන්නේ..."

අම්මෝ අම්මෝ කොහොමද ඒක... අපේ උදේනියට ඉරිසියා හිතුනම හරිම කියුට් අප්පා....

කෑමක් හින්දා සිද්ද වෙන්න ගියපු මහා විනාසයක් මගේ ලොකු මස්සිනාගෙ මැදිහත් වීමෙන් නතර කර ගත්තට පස්සේ අපි කට්ටියම ආපහු වතාවක් සාලෙට ඇවිල්ලා ඉද ගත්තා ......

" අපි දැන් මොකද කරන්නේ අහ්......."

" ඇයි දැන් උඹට මොනවද කරන්න ඕනේ ...."

" මං මොනවා කරාම උඹට මොකද ....."

" ඉතිං උඹට වෙන්න ඕනේ දේ කියපං..... එතකොට ඉවරනේ "

ආපහු පටං ගත්තා..... මේ නවෝද් නම් මහ අනේ මන්දා සාන්ත... කොහේහරි කමක් නෑ මූටත් කටු වල්ලා වගේ එල්ලි එල්ලි ඉන්න තියෙනවනම් නොකා නොබී හරි මේකා දවසම ඒ විදියට එල්ලි එල්ලි ඉදීවි....


















විව්ස් තියෙනවා හැබැයි වෝට්ස්වත් කමෙන්ට්ස් වත් නෑ ....ඇයි ඒ.... එහෙම වුනාම දුක හිතෙනවනේ...
ම්ම්......😕

Continue Reading

You'll Also Like

7.6K 792 12
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ...
32.4K 4.3K 47
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
75.3K 12.7K 128
අවිනිශ්චිත හැගීම් ජාලාවක විනිශ්චය
13.3K 389 9
When the Marauder era got a letter from golden era saying that there is second wizarding war, and they are going to watch the life of two Potter in o...