𝗬𝗼𝘂𝗿 𝗘𝘆𝗲𝘀 𝗧𝗲𝗹𝗹 |...

Da Saphira_Min0309

1.9K 320 72

ජන්ග්කුක්ට කරන්න බැරි එකම දේ , තේහ්යොන්ග්ගෙන් ඇස් අහකට ගන්න එක.. මැරිලා ඉපදුණත් ඒ ඇස් වලට ලස්සනම තේහ්යොන්ග් ව... Altro

Introduction
I don't deserve this🥀
You look Perfect 🥀
You're My Destiny🥀
Till the end 🥀
Rainy Days (SPOILER)

Falling Again 🥀

117 18 2
Da Saphira_Min0309


ජන්ග් කුක් සහ ටේහියෝන් අවිවාදයෙන්  ම ඔවුන්ගේ ජීවිතේ අභියෝගාත්මක ම කාලයට මුහුණ දෙමින් සිටියා.

ඔවුන් දෙදෙනාට ම පෞද්ගලිකව ගොඩක් ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න සිද්ධ වුණා.. නමුත් ඔවුන් එකිනෙකා වෙනුවෙන් හැකි උපරිමේ ට ඒ හැම දේම දරාගත්තෙ, අල්තාරය ඉදිරියේ අතින් අත බැඳ දීපු පොරොන්දු මොහොතකටවත් වචන වලට විතරක් සීමා නොකර.

ඒත්, ඔවුන් කරපු එක වරදක් තිබ්බා..

ඒ වැරැද්ද කාලයත් එක්ක පරණ වෙන්න වෙන්න, ඒකේ ප්‍රතිවිපාක දරුණු වෙනවා කියලා ඔවුන් දෙදෙනාට ම අමතක වුණ හැඩයි.

ඔව්...

ඔවුන් අමතක කළා එයාලගේ තනි තනි  ප්‍රශ්න එකතු වෙලා කතා කරන්න. එයාලට අමතක වුණා හැම දුකක්ම එකිනෙකාගේ තුරුලේ කඳුළු එක්ක දිය කරලා දාලා, සුපුරුදු ආරක්ෂාවක් දැනෙන ඒ තුරුලෙම පහුවදා උදේට අවදි වෙන්න..

එයාලට අමතක වුණා එකිනෙකා එක්ක කතා කරන විනාඩියක් ගේන්න පුළුවන් සැනසීම..

හැබැයි ඒ හැමදේම ඔවුන් කලේ එකිනෙකාට තියෙන ආදරේ ට....!!

මොකද ටේහියෝන් ට ඕන වුණේ නෑ දවාලක් රැයක් නැතුව එයාගේ හිතේ පත්තු වෙන අනාරක්ෂාකාරී හැඟීම් වලින් ජන්ග් කුක් ව පුරවලා එයාව අවුල් කරන්න.

ටේ ට ඕන වුණේ නෑ පැයෙන් පැයට එයාගේ ෆෝන් එකට එන මරණ තර්ජන, අමුතු මැසේජ් ගැන කියලා ජන්ග් කුක් ව තවත් අවුල් කරන්න.

හැමදාම වගේ හොස්පිට්ල් ඒකේ ඉඳන් mansion එකට එනකම් පාරේ එයාගේ car එක ෆලෝ කරනවා කියලාවත්, එයා එක්ක මෙච්චර කාලයක් සුහද ව හිටපු මිනිස්සු දැන් ටේහියෝන් ව දැක්කත් බලන්නේ අමුතු විදියට කියලත්, එකෙන් එයාගේ හිත ගොඩක් රිදෙනවා කියලත් එයාට ජන්ග් කුක් ට කියන්න විදියක් තිබුනේ නෑ..

මොකද ජන්ග් කුක් දැනටමත් ඉන්නේ සෑහෙන අමාරු කාලයක් පහු කරන ගමන්.

ඉතින් ටේහියෝන් ට ඕන වුණේ දීර්ඝ දවසක තැලීම් පොඩිවීම් අමතක කරගන්න රෑ යාමේ ට අහිංසක විදියට තමන්ගේ තුරුලට ආදරෙන් ගුලිවෙන ජන්ග්කුක් ව හැම හාදුවකින් ම ස්පර්ශයකින් ම සුවපත් කරන්න විතරයි.

මොකද ඒ ඉන්නේ ටේහියෝන්ගේ ලෝකේ!. ටේහියෝන්ගේ හැමදේම...!!!

ඉතින් ඔහුට මේ ලෝකේ හැමදේටම වඩා වටින්නේ ජන්ග් කුක් ගේ සැනසීම විතරයි.

ටේහියෝන් ට, ටේහියෝන්ටත් වඩා වටින මේ ලෝකේ එකම කෙනා ජියෝන් ජන්ග් කුක් විතරමයි.

එනිසා එයාගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක් දෙපාරක් නොහිත කරන්න ටේහියෝන් ට පුළුවන්..

ඒ දෙයින් තමන්ට රිදුනත්, ඔහුට ඔහුවම නැති වුනත් ටේහියෝන් ලෝකෙම වුණත් දවා අළු කරාවි....

අනික් පැත්තෙන් ජන්ග් කුක්...

එයාට දිග දවසකට පස්සේ හැමතිස්සෙම ඕන වුණේ තමන්ට මේ ලෝකේ කිසිම දෙයක් වෙනුවෙන් හුවමාරු කරගන්න බැරි එකම කෙනා වෙච්ච එයාගේ ටේ ගේ උණුසුමේ තුරුල් වෙන්න.

එයාට ඕන වුණේ නෑ දැන් මාසයක් තිස්සේ එයාලගේ ජීවිත කණපිට හරවපු ඒ සිද්දිය ගැන ආයේ ආයේ මතක් කරමින් ටේහියෝන්ව රිද්දන්න .

දවසේ කොච්චරවත් ප්‍රශ්න, fan comment, sales drops තිබ්බත්, තමන්ගේ හීනේ ටික ටික නැති වෙන හැටි බලන් ඉන්න වුණත් මේ කිසිම දෙයක් ගැන නොදන්නා ටේහියෝන් ව දුකට පත් කරන්න ජන්ග් කුක් කැමති වුණේ නෑ..

මොකද ජියොන් ජන්ග් කුක්ගේ පණ ටික වුණේ කිම් ටේහියෝන් නිසා. !!!!

-----------------------------------------------------------

ඔවුන් ජේජු ගිහින් ඇවිත් අදට සති 6ක් වෙනවා.

වෙලාව පාන්දර 1.27යි.

ටේහියෝන් කීවෙනි පාරටද මන්දා බර හුස්මක් හෙළුවේ අදත් ඒ වගේ රැයක් කියලා ඔහුගේ හිත මතක් කරද්දි...

ඔව්.. අදත් ජන්ග් කුක් බාර් එකට ගිහින් හොඳට ම බීලා එන දවසක් කියන්න ටේහියෝන් ලේසියෙන් පුළුවන් වුණා. මොකද අද කුක් ගේ අන්තිම ශේඩුල් එක ඉවර වුණේ රෑ 7.00ට, ඒත් ජන්ග් කුක් තාම ගෙදර ආවේ නෑ..

පහුගිය සති දෙකේ ඉඳන් ජන්ග් කුක් ගේ මේ හැසිරීම ටේහියෝන් ව නොසෑහෙන්න දුකින් පිරෙව්වා.. මොකද කුක් බීලා එන දවසට කොච්චර වෙරි වුණත්, කොච්චර අසිහියෙන් හිටියත් මතක ඇතුව ගෙස්ට් බෙඩ් රූම් එකට යනවා නිදා ගන්න..

නෑ.. කොච්චර බීලා ආ ආවත් කුක් ටේහියෝන් ට එක නපුරු වචනයක් කියලා නෑ.. පාරක් ගහන්න තියා එක පාරක්වත් සද්දෙ උස්සලා කතා  කරලවත් නෑ.

ඒත් ටේහියෝන් ට ඒ වේදනාවට වඩා රිදීමක් දෙන්න ජන්ග් කුක්ගේ නිහඬ හැසිරීමට පුළුවන් වුණා.

දවසින් දවස එයාගේ ආත්මෙන් කොටසක් නැති වෙලා යන්න තරම් ජන්ග් කුක්ගේ මේ දවස්වල හැසිරීම් ඔහුව වේදනාවට පත් කළා.

ඒත්, ඔහු දරාගත්තා... එයාගේ ජන්ග් කුක් වෙනුවෙන් ටේහියෝන් ඕනම දෙයක් දරාගනිවි..!

''කුකී... "

ටේහියෝන් අදත් උත්සාහ කළා. හිත හයිය කරගත්ත ටේහියෝන් ආයෙත් තමන්ගේ ඉස්සරහ අමාරුවෙන් හිටන් ඉන්න, විස්කි වලින් මත් වුණ එයාගේ හස්බන්ඩ් ට කතා කළා.

ඒත් ජන්ග් කුක් කිසිම ප්‍රතිචාරයක් නැතිව ඔහු දිහා මලානික ඇස් වලින් බලාගෙන හිටිය. ටේහියෝන් ආයෙත් කතා කළා.
"කුකී මා එක්ක කතා කරන්න.." නමුත් ඔහුගේ සැමියා තවමත්  නිහඬව ඔහු දෙස බලා සිටියේ සීතල හැඟීම් ගොන්නක් මුහුණේ ආරූඪ කරගෙන.

"අනේ රත්තරනේ මා එක්ක කතා කරන්න.. එක වචනයක් හරි.."

බැරිම තැන ටේහියොන් ගේ හඬ බිඳුණේ තවත් ජන්ග් කුක්ගේ දරුණු නිහැඬියාව දරාගන්න බැරුව...

ජන්ග් කුක් පියවර දෙකක් ටේහියෝන් දිහාවට කිට්ටු වුණා. ටේ කඳුළු පිරුණු ඇස් අස්සේ  පුංචි බලාපොරොත්තුවක් දල්වගෙන කුකී දිහා බලාගෙන හිටියා .

ටේහියෝන් ට හුස්මක් දුරින් නතර වුණ ජන්ග් කුක් ටේ ගේ මුහුණ පුරාම එයාගේ දෑස් ගෙනිච්චා. හරියට මුහුණ සිතියම්ගත කරන්න වගේ බොහොම සීරුවෙන් ඒ මුහුණ දිහා බලාගෙන හිටියා...

"කුක් -"

ටේහියෝන් ගේ දෙතොල මත ජන්ග් කුක් ගේ ඇඟිල්ලක් රැඳුන නිසා ටේහියෝන් නිහඬ වුණා.

"මේ ලෝකේ මෙච්චර හොඳ මිනිස්සු ඉද්දී, ඇයි තමුන් මගේ වුණේ ටේහියෝන්?"

ජන්ග් කුක්ගේ වචන ටේහියෝන්ගේ හිත පසාරු කරගෙන ආත්මෙටම කිඳා බැස්සේ ඔහුව නොහිතපු විදියට අසරණ කරමින්.

කඳුළු කැට වාන් දාන්න ඔන්න මෙන්න තියෙද්දී ටේහියෝන් උඩ තට්ටුව ට දුවන් ගියේ ජන්ග් කුක් වාරු නැතිව බිම වැටෙන හැටි නොදැක..

ඒ වචන.. අවුරුදු 10කට වඩා එකම හිතක් වෙනුවෙන් ජීවත් වුණ ටේහියෝන් ට ඒ වචන දරාගන්න සෑහෙන අමාරු වුණා...

සෝපාවේ කොනකට හිස තදකර ගත්ත ජන්ග් කුක් කඳුළු ගංගාවක් එක්ක දිග හුස්මක් පහළ ට දැම්මා..


"ඇයි රතරන්නේ ඔය ඇස් වල කඳුළු පුරවන මං වගේ මනුස්සයෙක්ගේ වෙලා ඉන්න උඹ ඔච්චර ම දුක් විඳින්නේ?"

ජන්ග් කුක් සිහින් හඬින් කෙඳිරුවේ, දවසේ විඩාව දෙගුණ තෙගුණ කරපු මනසේ විඩාව ඔහුව අනාවසරෙන් ම නිදි ලොව වෙත අරන් යද්දී...

..........



හලෝ
🥰

Continua a leggere

Ti piacerà anche

3.1M 252K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
231K 27.9K 23
People meet by accident, People fall in love by accident, But people surely don't become someone's baby daddy accidentally, or do they? What started...
508K 43.9K 30
"Excuse me!! How dare you to talk to me like this?? Do you know who I am?" He roared at Vanika in loud voice pointing his index finger towards her. "...
693K 40.3K 35
|ROSES AND CIGARETTES Book-I| She was someone who likes to be in her shell and He was someone who likes to break all the shells. °•°•°•°•° "Junoon ba...