අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑...

By yichen-17

5K 767 81

ඔයාලා හිතන්නෙ සල්ලි තියනවනම් සේරම හරි කියලද? මමනම් එහෙම හිතන්නෙ නෑ.. මොකද මට කොච්චර සල්ලි තිබුණත් මගේ හිතට ස... More

Introduction ❤️
පළමු සඳ 🌝❤️
දෙවන සඳ 🌝❤️
තෙවන සඳ 🌝❤️
සිව්වන සඳ 🌝❤️
පස්වන සඳ 🌝❤️
හයවන සඳ 🌝❤️
හත්වන සඳ 🌝❤️
අටවන සඳ 🌝❤️
නවවන සඳ 🌝❤️
අමාවක සඳ අවසානය 🌝❤️
Thanks ❤️

special chapter 🌝❤️

395 54 13
By yichen-17

වසර 7කට පසු 🌼

" අප්පත්තී... "

" ඇයි චූටික්කි... "

" මත බෝලික්කෙක් අලන් දෙනෝද? "

" මගෙ චූටික්කි ඉල්ලන දෙයක් මම නොදී ඉදලා තියනවද ? ම්ම්.. "

" නෑ නී.. "

" ඒකනේ.. "

" අපි නමුකූ... "

" තාත්තිත් එක්කන් යමු හාද? එයා පව්නේ.. "

" හලේ.. "

Kaviru pov 🍂🍂

අපි දැන් ජීවත් වෙන්නෙ ඇමරිකාවල මිසක ලංකාවෙ නෙවෙයි. අපි ඇමරිකා ආවේ මීට අවුරුදු 4කට කලින්. අභීට තමයි ලංකාවෙන් එන්න ඕන වුනේ.. මට කියලා අකමැති වෙන්න කාරණාවක් නැතිකොට මාත් ඒ තීරණේට කැමති වුණා..

අභීනම් එයාගෙම කියලා බිස්නස් එකක් පටන් ගද්දි මට වුණේ ගෙදරට වෙලා ඉන්නේ.. ඒකට හේතුවක් තිබ්බා.. ඒ තමයි අපි ඇමරිකා ඇවිත් සති 2ක් වගේ යනකොට අපි දෙන්නා අතරට ආපු අපේ පුංචි ප්‍රින්සස්. ලංකාව ඇතුලෙ දරුවෙක්ව හදන්න අකමැති වුණත් ඇමරිකා වලදි දරුවෙක් හදන්න අපි 2ටම ඕන වුණා.. එයා අපි ළගට එනකොට එයාට වයස අවුරුද්දක් වගේ.. ළමා නිවාසෙකින් තමයි අපි එයාව බාරගත්තේ.. එයා මගේ අතට දෙනකොට එයා හරිම චූටියි. රෝසපාට බෝනික්කෙක් වගේ..

කාලය ගතවෙලා ගියේ හරිම ඉක්මනට. එදා මගේ අත උඩ හිටපු චූටි මැණිකට අද වයස අවුරුදු 5ක් වෙනවා.. මම එයාගෙ තාත්ති වෙනකොට අභී එයාගෙ අප්පච්චි වුණා.. ඕවා ඉතින් අභීගෙ වැඩ තමයි. එයා තමයි ඕවා දරුවට පුරුදු කරන්නේ..

අභීනම් දරුවට පණ ඇරලා.. එයාගෙ චූටික්කිනේ. මම දරුවට ආදරේ නෑ කියලා නෙවෙයි මම කිව්වේ.. ඒත් එයා චූටික්කිට ගොඩක් ආදරෙයි..

පැහැසි ෂලන්‍යා
ඇවුරුදු 05 යි.


චූටික්කිගෙ නම පැහැසි ෂලන්‍යා. නම දැම්මෙනම් අභී තමයි. ඒ නමේ තේරුම තමයි ' ලස්සන සතුට පතුරවන්නිය ' කියලා.. ඉතින් නමේ වගේම චූටික්කිගෙ වැඩේම තවකෙන්ව සතුටින් තියන එක.

අද අපි දෙන්නටම නිවාඩු. නිවාඩු දවසට ටිකක් ඇවිදලා කරලා ෆ්‍රී එකේ ඉන්න අපි පුරුදු වෙලා හිටියා..

ශොප් එකකට ගිහිල්ලා චූටික්කිගෙ බඩු වගයක් අරගෙන ආයෙ කා එක ළගට ආපු මම අප්පච්චිගෙයි දුවගෙයි කතාව හිමිහිට අහගෙන හිටියා..

මේ අප්පච්චි තමයි චූටික්කිව නරක් කරන්නේ.. අනෙ අම්මපා.. චූටික්කි ඉල්ලන්නෙ මොනවද මේ මනුස්සයා අරන් දීලා.. ඔහොම කරන්න කරන්න දරුවා හිතුවක්කාර වෙනවනේ.  කියලා වැඩක් නැති නිසාම දැන්නම් මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ .

" තාත්තී... "

මාව දැක්කා විතරයි කෙල්ල මහ හයියෙන් කෑගැහුවා.. අතේ තිබුණු බඩු ටික කා එකට දාපු මම චූටික්කිව වඩා ගත්තා..

" කවී.. මේ අපි අර ටො~ "

" යමු. "

මම දන්නවා අභී තෙපරබාන්නේ චූටික්කිට බෝනික් ගන්න ටෝයි ශොප් එකට යමු කියලා කියන්න කියලා.. ඒ නිසාම එයා බලාපොරොත්තු වුණ උත්තරේ දීපු මම චූටික්කි එක්ක ඉස්සරවෙද්දි අභිත් අපි පස්සෙන්ම ආවා..

ශොප් එකට ඇතුල් වුණ අපි ලස්සන බෝනෙක්කෙකුත් තෝරගෙන එන්න හැරෙනවත් එක්කම කාගෙ හරි ඇගක වැදුනා. වෙලාවට මාව පිටිපස්සට තල්ලුවෙලා ගිහින් වැදුනෙ අභීගෙ පපුවෙ. අභී නොහිටියනම් කොල්ලා බිම.

" සොරි. අයිම් රියලි සොරි. ප්ලීස්. අයි~ "

එකපාර කියන්න ගිය දේ ගිලගත්ත ඒ පුද්ගලයා දිහා බලපු මගේ ඇස් ජිල්බෝල සයිස් ලොකු වුණා.. දෙයියනේ.. එයා.. අවුරුදු ගානකින්.

" තිනෙත් මල්ලී.. "

" කවී අයියේ.. අභී අයියෙ.. ඔයාලා.. ඒකත් මෙහේ.. "

" අපි මෙහෙ ඇවිත් අවුරුදු 5ක් වෙනවා මල්ලි. "

" එතකොට.. මේ.. බබා.. "

මල්ලි එහෙම ඇහුවෙ ලොකු කුතුහලේකින්. අභී මගෙ දිහා බලලා හිනාවුණා..

" එයා අපේ.. අපේ චූටික්කි. "

එහෙම කියපු අභී මාව එයාගෙ පපුවට ඇදලා ගත්තා..

" අනේ එයා ශෝක් අයියේ ප්‍රින්සස් කෙනෙක් වගේ.. "

" මල්ලි තනියමද ආවේ.. "

මම එහෙම අහනකොට ලස්සන හිනාවකින් මට සංග්‍රහ කරපු එයා අපේ පිට පස්සට අත දිග් කරලා කා එකකට හේත්තුවෙලා කෝල් එකක ඉන්න බෝයි කෙනෙක් පෙන්නෙවා. ඒකා උස මහත හයේ හතරෙ හැන්සම් පොරක්.

" හබී එක්ක. "

" මොකා.. "

මම කිව්වා නෙවෙයි කියවුනා.. යකූ මේකා මැරිකරලා.. ඒක හොදයි. මට සතුටුයි බන් උබ මගේ අභී මත්තෙ නැහෙන්නෙ නැතුව එයාව අමතක කරපු එකටනම්. අභීට උබේ හිත තේරුම් ගන්න බැරි වුණත් මට හැමදේම තේරුණා බන්. සේරම අමතක කරලා ජීවිතේ අලුතින් පටන් ගත්ත උබ ගොඩක් ස්ට්‍රෝන්ග් බන්.

" මට සතුටුයි මල්ලි. හැමදාමත් සතුටින් ඉන්න. "

අභී එහෙම කියලා මල්ලිගෙ උරහිසට තට්ටුවක් දැම්මා..

" මම යන්නද අයියේ.. අපි ආයෙ දවසක මීට් වෙමුකෝ.. මට ඔයාගෙ කන්ටෑක් නම්බර් එක දෙන්නකෝ.. "

අභී එයාගෙ බිස්නස් කාඩ් එක මල්ලිට දුන්නට පස්සෙ එයා යන්න යනකොට මම බැලුවෙ චූටික්කි දිහා.. අනේ චූටි මැණිකට නින්ද ගිහින්. නිකම්ම නෙවෙයි අර බෝනික්කවත් බදාගෙනම. පව්. පුංචි දරුවොන්ගෙ වුවමනාවල් හරිම සරල වගේම අහිංසකයි.

" එයා නිදිද බෝලේ.. "

" හ්ම්... "

" එහෙනම් අපිත් යමු. චූටික්කි පව් මහන්සි ඇති.. "

" යමු. "

කා එකට ඇවිත් වාඩිවුණ මම චූටික්කිව මගෙ පපුවට තුරුල් කරගෙන කල්පනාවකට වැටුනා..

" මොනවද හිතන්නේ. තිනෙත් ගැනද? "

" ආ.. "

ඒ සද්දෙත් එක්ක මම ගැස්සිලා වගේ ගියා...

" බයවෙන්න එපා බන්. මම උබේ විතරයි. මීට අවුරුදු කීපෙකට කලින් තිනෙත් ගෙ හිතේ මොනවද තිබ්බෙ කියලා නොතේරෙන මම බබෙක් නෙවෙයි බන්. හැබැයි මම එහෙම හැසිරුණා..  එදා අද වගේම හෙටත් මගෙ හිතේ ඉන්නෙ උබ විතරයි බන්. මම අයිති උබ විතරයි බන්.. මගෙ ආදාරේ අයිති උබට විතරයි බෝලේ.. "

" මාත් ආදරෙයි මගෙ අභී.. "

මම එහෙම්ම අභීගෙ අත් ගොබේකට සිපුමක් තවරද්දි අභී මගේ පිටාල්ලට සිපුමක් තැවරුවා..

©©©©©©©©©©©©©©©©©©©

තිනෙත්ටත් සාදාරනයක් කරන්න ඉල්ලපු අයට. 👉👈

එකම එක ඉල්ලීමක් කරන්නම්. කතාව ගැන ඔයාලගෙ අදහස කියාගෙන යන්නකෝ.. ❤️

ඉතින් ඔන්න කතාව ඉවර කලා..

කියවපු වෝට් කරපු කාටත් ගොඩක් ස්තූතියි.

මම ඕශි.

Continue Reading

You'll Also Like

342K 1K 10
Fun wlw sex. Different kinks and stuff, all about trying things. May even include potential plot lines and will definitely include some form after ca...
338K 26.6K 15
MY Creditor Side Story ပါ။ Parallel Universe သဘောမျိုးပြန်ပြီး Creation လုပ်ထားတာမို့ main story နဲ့ မသက်ဆိုင်ပဲ အရင် character ကို ရသအသစ် တစ်မျိုးနဲ...
598K 56.8K 35
She is shy He is outspoken She is clumsy He is graceful She is innocent He is cunning She is broken He is perfect or is he? . . . . . . . . JI...
209K 8.5K 35
The Sokolov brothers are everything most girls want. Intimidating, tall, broody, they are everything to lust after. Not that they... particularly car...