මතක

By shanR90

17.8K 2.1K 46

ඉපදෙන්නෙ නැවතත් මා වශියෙන් ඔබෙ ආදරේ More

මතක 1
මතක 2
මතක 3
මතක 4
මතක 5
මතක 6
මතක 8
මතක 9
මතක 10
මතක 11
මතක 12
මතක 13
මතක 14
මතක 15
මතක 16
මතක 17
මතක 18
මතක 19
මතක 20
මතක 21
මතක 22
මතක 23
මතක 24
මතක 25 (18+)
මතක 26
මතක 27
මතක 28
මතක 29
මතක 30
මතක 31
මතක 32
මතක 33
මතක 34
මතක 35
මතක 36
මතක 37
මතක 38 (Last part)

මතක 7

526 71 3
By shanR90


හිරු රැස් පොළොව සිපගැනීමට කලින් ශාක්‍ය තම වාහනය අරං ආවෙ නිල්ල ගහල පිනි දිලිසෙන තණකොළ ගාණට කපල මේන්ටේන් කරපු විශාල මිදුලකට.....

පිටත මීදුමත් සමග තිබූ දැඩි සීතල ශාක්‍යට කාර් එක ඇතුලෙදි නොදැනුනත් ඔහුගේ දෑසට එහි ඇති දැඩි සීතල දැණුනි....

තවමත් නිදාගෙන ඉන්න දේශ් දිහා බලපු ශාක්‍ය දුරකතනය අතට ගත්තෙ තම මිතුරාට ඔවුන් පැමිණිබව පැවසීමයි......

“Good morning සුදු මහත්තයා.... දොර අරින්න අපි ආවා.....”

“අපෝඕඕ... උඹනං පරාල ඇණයක් බං ...නිදාගන්න දෙන්නෙත් නෑ....එක්කො ඔන්න ඔහේ එළියෙ මුල්ලක් අල්ලගෙන නිදාගනිං ...මල වදේ....!! "

“ මගුලක් නොකිය ඔය දොර ඇරපන් සීතලයි බල්ලො....!!! "

“හා....හා...හිටපන් ...තෝ සන්නිය හැදිල මැරෙන්නෑ ටිකක් සීතලේ හිටිය කියල..."

කෝල් එක කට් කරපු ශාක්‍ය දේශ්ව ඇහැරෙව්වෙ දැන් බහින්න ඕනෙ නිසා...

“දේශ් ...දේශ් ...නැගිටින්න..අපි තැනට ඇවිල්ල ඉන්නෙ ...බැහැල එන්න මගෙ පස්සෙන් ....!!! "

“අ..ආ...ආඅ...හරි හරි සර්...සර් අපි කොහෙද මේ ඉන්නෙ ....!! "

“ කොහේ කියලද හිතෙන්නෙ දේශ් ...?"

“අනේ මන්ද සර්...?? "

දේශ් කිව්වෙ ලාවට එළිය වැටිල තියෙන පරිසරය ගැන අවදානය යොමු කරමිනි.

“අපි ඉන්නෙ බදුල්ලෙ දේශ් ...මේක මගෙ යාලුවෙක්ගෙ බන්ග්ලෝ එකක් ....යාලුවා මේ ටිකේ මෙහෙ නැවතිලා ඉන්නෙ එයාගෙ වැඩ වගේකට....!!!
තැන කොහොමද දේශ් ??හොඳයි ද ???"

“ මාර ලස්සනයි සර්...ලොකු නිදහසක් දැනෙනව....”

“ Excuses me...ඔය මහත්තුරු දෙන්නට බාධා කරානං සොරි වෙන්න ඕනෙ ...එළියෙ සීතල නිසා ඉක්මනට ඇතුලට ආවොත් හොඳයි නේද ...??? "

“හිටපන් හිටපන් එනව. ඇති යාන්තන් දොර ඇරිය දැන්වත් ....අපි යං දේශ් ඇතුලට. එළියෙ ගොඩක් සීතල වැඩී...!"

“ හරි ...සර්...අපි යං...!! "

දේශ් pov

අම්මෝ ඒක...බන්ග්ලෝ එක ගැන කිව්වොත් මාරම ලස්සනයි. පෝරණුවෙ ගින්දර හොඳට ඇවිලෙන නිසා ඇතුල හොඳට රස්නෙයි ...

ගොඩක් ලොකු නැති සාලෙකුයි කාමර පහකුයි...එක්ක පොඩි කුස්සියකුත් තියෙනව.හැම ජනේලෙකටම ලස්සනට කර්ටන් දාලා. සාලෙ ඇතුලෙ පොඩි මේසයක් සෝෆා එකක් එක්ක බිමට ලෑලි ගහල ලස්සන කාපට් දාලා....හැමදාම උනත් ඉන්න හිතෙනව....ඒත් ඉතිං හැමදාම ඉන්න මේවා මගෙ නෙවෙයි නෙ. මං කවුද කියන එකවත් නොදන්න මටත් මැවෙන්නෙ අහස් මාළිගාම තමයි...
සන්සාරේ බවේ දුකා සම්බෝලයි බතුයි කකා ඉන්න වෙයිද දන්නෑ ඉස්සරහට ....

මොකෝ මං කවුද කියල දැනගත්ත දවසට මට තවත් මෙහෙම ඉන්න බෑ කියල මං දන්නව.අනික කොහොමත් මං හිඟන්නෙක් වගේ එකෙක් වෙන්න ඕනෙ.නැත්තං ශාක්‍ය සර්ලට, සතීෂ අයියට මං ගැන හරි විස්තර හොයාගන්න තාමත් බැරිවෙන්න විදිහක් නෑනෙ ....

“අයිතිකාර අයියට කියල මේකෙ අතු ගාගෙනවත් ඉන්න ජොබ් එකක් ඉල්ලගන්න බැරිවෙයිද දන්නෑ ....

අර යක් බොසා එක්ක ඉන්නවට වඩානං සැපේ ඉන්න පුළුවන් මට....මොනව කරනවද දන්නෑ යක් පැටිය...සීයට දාහක් ශුවර් ශාක්‍ය සර් කරපු දේ හින්දා හොඳ අඩව්වක් අල්ලල ඇති.... හිකිස්...එක අතකට හොඳ වැඩේ...දැන් බනින්න එකෙක් හොයාගන්න වෙයි මෝඩ බොසාට....

“දේශ් මොකෝ තනියම හිනාවෙන්නෙ...කාවද මටත් උනේ...ආආඅ...අපිටත් කියනව ඉතිං  අපිත් හිනාවෙන්න කැමතියි !!!!”

“අනේ..එහෙම මොකුත් නෑ සර්...”’

“දේශ් මෙහාට එන්න....ඔයාට අඳුනගන්න ඕනෙ කෙනෙක් ඉන්නව... "

“දේශ් ...මේ ඉන්නෙ පවන්....මගෙ පොඩි කාලෙ ඉඳලම යාලුවෙක්. මගෙ හැමදේටම ඉන්නෙ මූ තමයි.අද ඉඳල ඔයාට ඉන්න වෙන්නෙ මෙයත් එක්ක....
හැබැයි කොල්ලො උඹට පුප නම් පොඩ්ඩක් පරිස්සම් කරගන්න වෙයි මුගෙන්....!! "

“මේ....ශාක්‍ය තෝ මගෙන් අහගන්න එපා...උඹේ පුකට පයින් ගහල තමයි මං තෝව එළියට ඇදල දාන්නෙ.....!!! "

"උඹ ඕවා ගණං ගන්න එපා මල්ලි මූගෙ පොඩි නට් ලූස් ගතියක් තියෙනව පොඩිකාලෙ ඉඳලම...."

“ ඔහොම තමයි ඉතිං ඇත්ත කියනකොට තද වෙනව...!!! "

“හිටපිය තොට මම...ආආ...ඉඳා ....!! "

අතට අහුවුන දොඩම් ගෙඩියකින් පවන් ශාක්‍යට ගහපු පාර හරියටම ගිහිල්ල වැදුනෙ ශාක්‍යගෙ පිට මැද්දට...රෑ තරු බලාගෙන ආපු ශාක්‍යට දවල් තරුත් පෙනුනෙ වැදුනු පාරට....

“අම්මෝ...යකෝ...කොන්ද ....කැඩුනද මන්ද ???? මෙකෙන්ද ප#යො ඒ ගැහුවෙ...!! "

“ ගැහුවෙද ....ගැහුවෙ හොඳ අමු ඇඹුල් දොඩම් ගෙඩියකින්...!! "

“දැන් ගිහිල්ලා කැඩිච්ච ඒවට පත්තු බැඳගනිං ....දේශ් මල්ලි...අපි යමං උදේට කන්න....මූ ඕනෙ වෙලාවක එයිනෙ....."

"....හරි ...සර් ..."

"...හෝව් ...හෝම් ඔහොම පොඩ්ඩක් ඉඳපන් මල්ලි...මොකක්ද ඒ කිව්වෙ ?? "

ඇහි බැමකුත් උඩට උස්සල පවන් දේශ් දිහා බලාගෙන ඇහුවෙ දේශ් උඩ බිම බලද්දි.....

“ මො...මොකුත් කිව්වෙ නෑ...සර්...යං කියල කිව්වෙ ...!!! "

"....දේශ්...දේශ් ...දේශ්.... දැන් මං උඹට කොයි වෙලාවෙ හරි...මට සර් කියන්න කියල කිව්වද..??? මුලින්ම ඒක කියපන් මට...?? "

“නෑ...සර්...එහෙම කිව්වෙ නෑ "

" ඔය ඉතිං ආයි සර් කෑලි දානව....දැන් හොඳට අහගනිං!!! ආයි මට සර් කියල අහුවෙන්න එපා...එක්කො පවන් කියපන් ඒක කියන්න බෑ වගේනං අයියෙ කියපන්.තේරුනාද ...? "

“හරි අයියෙ තේරුනා....දේශ්ගෙ මූණෙ ඇඳුනු සුන්දර හිනාව දිහා මොහොතක් බලාගෙන හිටපු පවන් ආයෙත් හැරුනෙ ශාක්‍ය දිහාවට...."

“මේ මහත්තයා...අපි කන්න යනව....රඟපාලා ඉවරනං සම්මානෙත් අරගෙනම වරෙන්....තොට ගැහුවෙ දොඩං ගෙඩියකින් මිසක් යගුලියකින් නෙවෙයි...!! "

සෝපාව උඩ වැටිල ඉන්න ශාක්‍ය දිහාට තවත් දොඩම් ගෙඩියක් වීසි කරන ගමන් පවන් දේශ්වත් ඇදගෙන උදේට කන්න ගියේ,,,දේශ්ට මූණ හෝදගන්න වොෂරූම් එකත් පෙන්නන ගමන්මයි ....

උණු උණු ඉඳි ආප්ප එක්ක...කොච්චි සම්බෝලයි,පරිප්පුයි...චිකන් හොදියි....

මේසෙට ඉඳගන්න කලින්ම දේශ්ගෙ කට කෙල ඉනුවෙ ඊයෙ රෑටවත් කිසි දෙයක් කෑවෙ නෑ නේද කියල මතක් වෙද්දියි. තාමත් කොන්ද අත ගාගා හිටපු ශාක්‍යත් මූණ හෝදගෙන ඇවිත් කෑම කන්න ඉඳගත්තෙ ශාක්‍යත් ඊයෙ රෑ ඉඳල මොකුත්ම කාලා හිටියෙ නැති හින්දා......

ශාක්‍යයි, පවනුයි කොත ගහල ඉඳිආප්ප බෙදාගෙන කන්න ගත්තත් ... එකපාරටම කන එක නතර කරේ...හිස් පිඟාන මේසෙ උඩ තියාගෙන බිම බලාගෙන ඉන්න දේශ්ව දැක්ක නිසයි....

“දේශ් ....ඇයි මේ...ඔයා ඉඳිආප්ප කන්නෙ නැද්ද .....කන්නෙ නැත්තං කලින් කියන්න එපෑ බං ....පිස්සෙක්නෙ උඹ ....කියපන් කන්නෙ මොනවද කියල මං කියවල හදල දෙන්නං....!! "

“” රාආආජූ....පොඩ්ඩක් මෙහෙට එනවා.....””’

“” ඇයි මහත්තය එන්න කිව්වෙ...””???

“අයියෝ...!!! පවන් අයියෙ අහන්නකො...!!මං ඉඳිආප්ප කනව..."

“කෝ මං මට උඹ ඉඳිආප්ප බෙදාගෙන තියෙනව පේන්නෙ නෑනෙ ....!!! "

"අම්මටසිරි ...අනේ දේශ් කොල්ලො මට අමතක උනානෙ බං උඹේ කටට මැහුම් දාලා තියෙන්නෙ කියල ....ශාක්‍ය කිව්වෙ කන එකත් පැත්තකින් තියල ඔලුවෙ අත ගහගෙන....”

“හෝව් ...හෝව්....මොකක්ද ඒ කතාව...පවන් ශාක්‍ය දිහා බලාගෙන ඇහුවෙ ඇහුවෙ කන එකත් නවත්තල..!!! "

“මේකයි බං උනේ..........................!
ඉතිං ඩොක්ට කිව්ව දවස් කීපයක් යනකල් බර ආහාර දෙන්න එපා ,,,,  ඒවා හපද්දි මැහුම් කැඩිල ආයි තුවාල පෑරෙන්න පුළුවන් කියල....!!! "

“දැන් මොකක්ද කරන්නෙ ..."

අතින් නලල මිරිකන ගමන් පවන් බැලුවෙ ශාක්‍යගේ මූණ දිහා......!!!

"මල්ලි උඹට කිරි එකක් හදල දෙන්නද?fresh milk තියෙනව ෆ්‍රිජ් එකේ.....!!

“හෝව් ...හෝව්..පවන්...මොනවා දුන්නත් මූට කිරිනං දෙන්න එපා...!!"

“ හෑ....ඒ මොකෝ ....!! "

“මූට කිරි බොන්න කන්න බෑ...වමනෙ යනව....!! "

“ කිව්ව එකත් හොඳයි ....හිටපන්කො මල්ලි ඔහොම පොඩ්ඩක්”” කුස්සිය පැත්තට ගිය  පවන් ටික වෙලාවකින් ආපහු ආවෙ අඹයි ගස්ලබුයි පොඩි කරල වැනිල අයිසුයි...මී පැණී දාපු ලොකු මග් එකක් අරගෙන....

“මේක කාපන් මල්ලි....අඹයි ගස්ලබුයි තියෙන්නෙ....උඹට තුවාල හොඳ වෙනකල් මේවා තමයි අද ඉඳල කන්න වෙන්නෙ ...!! "

හිනාවෙලා එහෙම කියපු පවනුයි ශාක්‍යයි ආයි කන්න පටන් ගත්තෙ බලා වැලපෙමි නෙලාගනු බැරි ඉඳිආප්ප සිහිනේ...කියල හිතන ගමන් දේශ් ෆෘට් සැලඩ් එක කන්න පටන් ගනිද්දියි....

-------------------------------------------------------

මීළඟ කොටසින් හම්බෙමු😋

Continue Reading

You'll Also Like

228K 37.5K 99
I am the father of villain Author Lin Ang Si ရဲ့ novel လေးပါ ???? All credit to Original author and E-Translators .
5.8K 975 16
ආදරේ වෙනුවෙන් ලංසු තියලා තියෙනවද කවදා හරි ??? ආදරේ වෙනුවෙන් ලංසු තියපු ජීවිතේකට අවසානෙදි හම්බුන ආදරණීයම ලංසුව ගැන බලන්න... කියවන්න.. මගෙ ආදර ලංසුව
5.3K 507 18
සසර පුරා නිම්හිම් සොයනා ආදරයේ කතාව
75.9K 14.5K 45
අහිමි උනොත් දරාගනිමි.......මේ ...........ආදරේ හැටී.....!!