Sahas pov 🍂🍂
උදේ පාන්දරම නැගිටපු මම ඉක්මනින් වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා පහළට ආවෙ breakfast එක ගන්න. ඉක්මනින් breakfast එක අරගත්තු මම කොඩිතුවක්කු මාමා එක්ක කම්පැනියට යන්න පිටත් වුණා..
කම්පැනියට ගිය අපි කෙලින්ම ගියේ මීටින් රූම් එකට. උදේ පටන් ගත්ත මීටිම මැදදි ලන්ච් එකට පොඩි විවේකයක් තිබ්බත් සම්පූර්ණයෙනම මීටින් එක ඉවර වෙනකොට හවස 4.00 විතර වුණා..
මීටිම ඉවර වුණාට පස්සේ මම මගේ කැබින් එකට ආවේ මහන්සි නිසා.. ඇගට වෙහෙසක් නැති වුණත් මනසටනම් ලොකු වෙහෙසක් තිබුණා.. ටික වෙලාවක් එහෙම ඉදලා ගෙදර යන්න කැබින් එකෙන් එළියට එනකොටම කවීගෙන් කෝල් එකක් ආව නිසා මාමට යන්න කියලා මම ආයෙ කැබින් එකෙන් ඇවිත් කෝල් එක ආන්සර් කළා..
" කියන්න කවී. "
" මට අයියට මීට් වෙන්න පුළුවන් ද ? "
" ම්ම්ම්.. අද ද ? ".
" ඔව් අයියේ.. මට ඔයාට කියන්න දෙයක් තියනවා.. මම දැන් ඉන්නේ පිටකොටුවේ. අයියට පුළුවන් ද එන්න.
" හරි. ඔයා ඔහොම ම ඉන්නකෝ විනාඩි විස්සෙන් මම ඔතන. "
" හරි අයියේ.. පරිස්සමෙන් එන්න. කලබලයක් නෑ හොඳ ද ? බුදු සරණයි "
" බුදු සරණයි කවී. "
කෝල් එක කට් කරලා කොඩිතුවක්කු මාමා ළඟට ඇවිත් එයාගෙන් කාර් එකේ යතුර ඉල්ලගෙන එයාට කම්පැනියෙ වාහනයක ගෙදර යන්න කියලා මම ගියේ කවීව ගන්න පිටකොටුවට.
කවීට මට මොකක්ද විශේෂ දෙයක් කියන්න තියනවා කිව්වත් ඒ මොකක්ද කියලා කිව්වෙ නැති නිසා මම හිටියෙ පොඩි කුතුහලේකින්. කවීව පිටකොටුවෙන් ගත්ත මම පාක් එකක් අල්ලලා කා එක නැවැත්තුවා..
" අයියෙ පොඩ්ඩක් ඉන්න. "
" කොහෙද ඔය යන්නේ.. "
" ඉන්නකෝ මම ඉක්මනට එන්නම්. "
එහෙම කියපු කවී පේනමානේ තිබුණ පොඩි හොටෙල් එකේ ඇතුළට ගියා.. ටික වෙලාවකින් මගේ ළඟට ආපු කවී මටත් එන්න කියලා පාක් එක ඇතුළට ගියා..
පාක් එකේ කොනක තිබුණ බෙන්ච් එකකින් අපි වාඩි වුණාට පස්සෙ කවී මගේ පැත්තට බෑග් එකක් දිග් කරා.. ඒකේ තිබුනෙ ශෝටිස් වර්ග කීපෙකුයි. කිරි පැකට් එකකුයි. මට ඒවා කන්න කියලා ඇහෙන් ඉගි කරපු කවී මම කන හැටි ආසාවෙන් බලාගෙන හිටියා..
" මම හිතුවා හරි . අයියා බඩගින්නෙ නේද ඉදලා තියෙන්නෙ. "
" අනේ තෑන්ස් කවී. අද ලන්ච් එකත් හරියට ගන්න බැරි වුණා.. ඒක නෙමෙයි පුළුන් බෝලෙ. කොහෙද මේ යන්නේ.. "
" ගෙදර යනවා අයියේ.. හෙට මල්ලිගෙ උපන්දිනේ.. "
" ආ.. එහෙම ද ? ම්ම්ම්... මොකක්ද ඔයාට කියන්න තියනවා කිව්වෙ. "
" අයියෙ මේකයි.. මේ... මම කියන්න යන දේ අහලා ඔයා මගේ ගැන වැරදියට හිතන්න එපා අයියේ.. ප්ලීස්.. "
"හරියට හරි වැරදියට හරි හිතන්න කියලා ඉන්න ඕනනේ.. ඉස්සෙල්ලා කියලා ඉන්නකෝ. "
" මේකයි අයියේ.... ම්ම්ම්.... මේ... මම.... මම ඔයාට කැමති අයියේ.. I... I Love You. "
එක පාරට කවී ආදරේ ප්‍රකාශ කලේ නැතෑ.. මට කිසිම දෙයක් හිතාගන්න බැරුව කවීගෙ මූණ දිහා බලාගෙනම හිටියා.. ඇත්තම කිව්වොත් මම ශොක් වුණා.. මොකද මම ඒ වගේ දෙයක් කවී එවෙලෙ කියයි කියලා හීනෙකින්වත් නොහිතපු නිසා..
" මල්ලි මේ.."
" අනේ අයියේ දැන් මොනවත් කියන්න එපා.. මට කිසිම කලබලයක් නෑ.. ඔයාට ඕන කාලයක් අරන් මට උත්තරයක් දෙන්න. "
" ඒත් මල්ලි. ඔයා මට.. "
" අනෙ අයියේ මට ගොඩක් බය හිතුනා ඔයාව මට නැති වෙයි කියලා ඒකයි මම මේ දේ ඔයාට නොකියා හිටියේ.. ඒත් තවත් මට ඔයාගෙන් හංගන්න ඉන්න බෑ.. ඒකයි ඉක්මනින් ම කියන්න හිතුවෙ. ඔයා තිනෙත්ව හුරුතල් කරනකොට මුලදි හිතට දුකක් දැනුනත් මම වැඩිය ගණන් ගත්තෙ නෑ අයියේ.. මට ඒ හැගීම මොකක්ද කියලා එකපාරට අදුරගන්න බැරි වුණා.. ඒත් මම දැන් දන්නවා මට දුක හිතෙන්නේ මම ඔයාට ආදරේ කරන නිසා කියලා.. අනික ඒ වෙලාවට මට පුදුම ඉරිසියාවක් එන්නෙ තිනෙත් ගැන. අනේ අයියේ ප්ලීස්... මගේ ගැන වැරදි විදියට හිතන්න එපා.. "
මට කතාකරන්නවත් නොදී කවී දිගටම කතා කළා.. කවී කියපු කතාව අහන් හිටපු මම කිරි පැකට් එක එක හුස්මට බීලා දැම්මා..
මෙච්චර දවසක් මගේ හිතේ බුබුළු දලා මතුවුණු ප්‍රශ්න වලට උබ අද උත්තරය හොයලා දුන්නා මැණික. උබට ආදරෙයි මගෙ පුළුන් බෝලෙ කියන්න ආසයි බන් මමත්. ඒත් මට බයයි මල්ලි. මට ටික දවසක් දියන් කවී... මම ඉක්මනට උබට ආදරෙයි කියන්නම් මගෙ පුළුන් බෝලේ...
" අද ඉක්මනට ගෙදර යන්න ඕන මල්ලි. අපි යමුද ? "
කිසිම වෙනසක් නොපෙන්නම මම එහෙම කියනකොට කවී කිසිම දෙයක් නොකියා ඔළුව වැනුවා.. එයාවත් ආයෙම පිටකොටුවට දාලා මම ගෙදර යන්න පිටත් වුණා..
ගෙදරට ආපු මම ඉවසන් ඉන්න බැරි තරමට ඔළුව රිදෙන්න අල්ලපු නිසා රූම් එකට ගිහින් වොශ් එකක් දාගන්නවා කියලා හිතාගෙන ගෙදර ඇතුළට යනකොටම විජේපාල මාමා මගේ ඉස්සරහට ආවා..
" පොඩි මහත්තයෝ ඇයි මෙච්චර පරක්කු වුණේ.. අන්න ලොකු මහත්තයා පොඩි මහත්තයා එනකම් බලාගෙන ඉන්නවා.. මට කිව්වා මහත්තයා ආපුගමන් ලොකු මහත්තයගෙ ඔෆිස් රූම් එකට එන්න කියන්න කියලා...
" හරි මාමේ.. මම යන්නම්. "
මම මගේ නළල දෙපැත්ත ඇගිලි තුඩු වලින් මිරිකුවා.. ඉවසන් ඉන්න බෑ මේ වේදනාවනම්. එහෙන් තාත්තා බලාගෙන ඉන්නවලු. ඒපාර මොන මරාලයක් කඩන් පාත්වේවිද කියලා හිත හිත ගිය මම තාත්තගෙ ඔෆිස් රූම් එකේ දොරට තට්ටු කළා..
" තාත්තා may i comming ? "
" yes come in. "
තාත්තා එන්න කිව්වම රූම් එක ඇතුළට ගියාට පස්සෙ තාත්තා මට පුටුවෙන් වාඩිවෙන්න කියලා ඉගි කරා.. මම පුටුවෙන් වාඩි වුණාට පස්සෙ තාත්තා එයාගෙ ශීට් එකෙන් වාඩිවුණා. එකපාරටම තාත්තා පොටෝස් ටිකක් මේසේ උඩට විසි කළා.. ඒ හැම පොටෝ එකකම හිටියෙ ලස්සන ගෑණු ළමයි.
" තාත්තේ මේවා... "
" ඔතන එක පොටෝ එකක් තෝරගන්න.. "
" ඒත් තාත්තේ.. "
" ඔතන ඉන්න හැම ගෑණු ළමයෙක්ම වැදගත් පවුල්වල හොඳට හැදිච්ච ළමයි. ඔතනින් කෙල්ලෙක්ව තෝරගන්න. එයා තමයි තමුන්ගෙ අනාගත වයිෆ් වෙන්නේ.. "
" තාත්තේ... එහෙම කොහොමද කරන්නේ.. මම මේ එක ගෑණු ළමයෙක්වත් දන්නෙත් නෑ... අනික මට දැම්ම මැරි කරන්න බෑ.. "
" හැමදාමත් කියනවා වගේ මට තමුන්ගෙ කැමත්තෙන් අකමැත්තෙන් වැඩක් නෑ.. එක්කො තමුන් ඔතන ඉන්න කෙල්ලෙක්ව තෝරගන්න ඕන නැත්තම් මම කියන කෙල්ලට කැමති වෙන්න ඕන. "
" ඒත් තාත්තා... "
" ඒත් මේත් නෙමෙයි . අනිත් දේ තමුන් හෙටම university එකෙන් අයින් වෙන්න ඕන. "
" ප්ලීස් තාත්තේ. මට ටික කාලයක් දෙන්නකෝ.. "
එකපාරට පොටෝ එකක් තෝරගන්න කියද්දි එයාලව දන්නෙවත් නැතුව මම කොහොමද තෝරගන්නේ.. අනික ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමෙයි කියලා තාත්තා ඇයි තේරුම් නොගන්නේ. ඒ මදිවට university එකෙනුත් අයින් වෙන්නලු. ටිකක් හරි හිත නිදහසේ හිටියෙ එතන. ඒත්.. ඒකත් ඉවරයි. ඇයි මේ හැමදේම මටම වෙන්නේ.. ඇයි තාත්තෙ මම රොබෝ කෙනෙක් කියලා හිතන්නේ.. මමත් හැගීම් දැනීම් තියන මනුස්සයෙක් කියලා හිතන්නෙ නැත්තෙ ඇයි.. ??? එහෙම හිත හිත හිටපු මම පොටෝස් ටික බැලුවෙ මට වෙන කරන්න දෙයක් නැතිකමටමයි. කරපු කරුම ගෙව්වන්න ඕන කියලත් කියනවනේ..
එතන තිබ්බ පොටෝ වලින් ටිකක් චාම් විදියට ඉන්නවා දැක්ක ගෑණු ළමයගෙ පොටෝ එක තාත්තට දුන්න මම කිසිම දෙයක් නොකියා බිම බලාගත්තෙ මට තාත්තගෙ වචනෙට පිටින් කිසිම දෙයක් කරන්න බැරි නිසා.. සමහරුන්ට මාව නෝන්ජලයෙක් ගානට හිතෙන්න පුළුවන්. ඒත් මට තාත්තට විරුද්ධ වෙන්න තරම් හිතේ ශක්තියක් නෑ.. ඇරත් අම්මා නැති මට තාත්තත් නැති වුණානම් මොනවයින් මොනවා වෙන්න තිබුණද? ඒත් තාත්තා මාව තනි කරේ නෑ..
" ම්ම්.. මම හිතාගෙන හිටියෙත් මේ ළමයම තමයි. මම අදම කතා කරගෙන ඒ ගෑණු ළමයගෙ ගෙදර යන්න ඩේට් එකක් දාගන්නම්. මතක ඇතුව තමුන් හෙට වෙනකොට University එකට රෙසිග්නේෂන් ලෙටර් එකක් බාර දෙන්න ඕන.. "
" හ්ම්.. "
තාත්තා කතා කරලා ඉවර නිසා එයාට යනවා කියලා මම මගේ රූම් එකට ගිහින් වොශ් එකකුත් දාගෙන ඇවිත් බෙහෙත් පෙති දෙකකුත් බිව්වේ ඔළුව පුපුරන්න තරන් වේදනාවක් දැනුන නිසා.. බෙහෙත් බීලා ඉවර වෙලා එහෙම්ම ඇදට වැටුනෙ උත්තර නැති ප්‍රශ්න පොඩි වෙලාවකට හරි අමතක කරන්න ඕන වුණු නිසා.. තිබ්බ වේදනාව නිසාම මට ඉක්මනින් නින්ද ගියා..
.
.
.
බැල්කනියට වෙලා හිස් බැල්ලමකින් අහස දිහා බලාගෙන හිටපු මම ෆෝන් එක අතට ගත්තේ ෆෝන් එක රින් වෙන සද්දෙ නිසා..
" Good morning කවී. "
" ඇයි අයියා රෙසිග්නේෂන් ලෙටර් එක බාර දුන්නේ.. මම නිසාද අයියේ.. අනෙ එහෙම කරන්න එපා.. මම අයින් වෙන්නම්. "
" අයියෝ.. ඒක නිසා නෙමෙයි මම .. මට කම්පැනියෙ වැඩත් එක්ක University එකේ වැඩ කරගන්න අමාරු නිසා මල්ලි .
" බොරු නේද ?? "
" බොරු නෙවෙයි බන්. දැනුත් මේ කම්පැනියට යන්න ලේසියි වෙන ගමන් ඉන්නෙ.. පස්සෙ ගන්න බෝලේ.. "
" හරි අයියේ.. බුදු සරණයි. "
" බුදු සරණයි. "
තාත්තා කියපු දේ නිසාම මම ඊට පස්සෙ දවසෙම University එකට ලෙටර් එක භාර දුන්නා.. කවී හිතන් ඉන්නෙ මම එයා නිසා අයින් වුණා කියලා.. පව් මගෙ කොල්ලා..
ඉක්මනින් වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා පහළට ආව මම breakfast එක ගත්තා... breakfast එක අරගෙන ඉවර වෙලා යන්න හදනකොටම තාත්තා එතනට ආවා..
" තාත්තෙ. "
" අද හවසට කිසිම වැඩක් දාගන්න එපා. අද අර ළමයගෙ ගෙදර යන්න ඕන. අද අපිට ඩිනර් එකට එයාලා ඉන්වයිට් කළා.. "
" අද... ok තාත්තා.. "
මම ok කියලා කිව්වෙ මොනවා කිව්වත් අන්තිම තීරණය තාත්තගෙ කියලා දන්න නිසා. තාත්තා කතාකරලා ඉවර වුණාට පස්සෙ මම තාත්තටත් යනවා කියලා කම්පැනියට යන්න පිටත් වුණා..
කම්පැනියෙ වැඩ කරලා වෙනදට වඩා වේලාසනින් ආවේ අර ගර්ල්ගෙ ගෙදර යන්න ඕන නිසා.. ඉක්මනින් වොශ් එකකුත් දාගෙන කළු ඩෙලිමට සුදු ටී ෂර්ට් එකක් ඇදලා ඊට උඩින් කළු ජැකට් එකක් දාලා සුදු පාට ඩෙට්ශූස් දාගෙන ලෑස්තු වෙලා පහළට ආවෙ තාත්තා ලෑස්ති වෙලා ඇති කියලා හිතලා.. හිතුවා වගේම මම පහළට එනකොට තාත්තා ලෑස්තිවෙලා වොච් එකෙන් වෙලාව බල බල ඉන්නවා..
තාත්තා ගාවට ඇවිත් යමු කියලා දෙන්නත් එක්ක කාර් එකට ගිහින් නැග්ගා.. අපි එක්ක කොඩිතුවක්කු මාමා වගේම තව බොඩිගාඩ්ලා කීපදෙනෙකුත් ගියා..
මග දිගටම තාත්තා මන්තරයක් වගේ කිව්වෙ " හිතේ මොනදේ තිබ්බත් එයා තමයි තමුන්ගෙ වයිෆ් වෙන්නෙ. අනික එතන ගිහින් මගෙ නම කැත කරන වැඩ කරන්න එපා " කියලා තාත්තා කියන දේවල් අහගෙන ෂටර් එකෙන් එළිය බලාගෙන හිටියෙ අද ඉදන් මගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙනවා කියලා හිත හිතා..
ටික වෙලාවකින් අපිට ඒ ගෙදරට යන්න පුලුවන් වුණා.. අපි ගියාට පස්සෙ ඒ ගර්ල්ගෙ ගෙදර අය අපිව ඉහළින් පිළිගෙන අපිට හොඳට සංග්‍රහ කලා..
" පුතා ඉතින් කොහොමද? පොඩි කාලෙ දැක්කට පස්සෙ දැක්කෙ. ඔයාටනම් මාව මතක නැතුව ඇති. මම අන්තිමට දකිද්දිත් ඔයා ගොඩක් පොඩියි. "
" සොරි අංකල්. ඇත්ත ම මට මතකයක් නෑ.. "
" අනේ ඒකට කමක් නෑ පුතේ.. වස්තුවෙ බබාව එක්කන් එන්නකෝ... "
" හරි මම එක්කන් එන්නම්."
තාම මම මේ ගර්ල් ගැන මොකුත් දන්නෙ නෑ.. අංකල්ගෙ කතාවෙන් තේරුනේ අංකල් තාත්තගෙ යාළුවෙක් කියලා. අංකල් ආන්ටිට බබාව එක්කන් එන්න කිව්වම නම් මට පොඩ්ඩක් බයත් හිතුනා.. මම හිතන්නෙ ගෙදර ආදරෙට බබා තමා ඒ ගර්ල්ට කියන්නෙ.
" මිස්ටර් සමරදිවාකරට නම් පුතෙක් ඉන්න නිසා හොඳයි. පුතාට කම්පැනියෙ වැඩ ටික පවරලා ටිකක් නිදහසේ ඉන්න පුළුවන්. ඒකට මට. "
" ඉතින් මිස්ටර් සේරසිංහට ලස්සන දුවෙක් ඉන්නේ.. "
අංකල් කතාවෙන් කතාව මට එයාගෙ පවුලෙ අයව හදුන්වලා දුන්නා.. අංකල් නමින් මංජුල සේරසිංහ. එයා තමයි CY group එකේ කම්පැනියෙ charman. අංකල්ට ඉන්නෙ එක දරුවයි. එයාව තමයි මගේ වයිෆ් කරගන්න කියලා තාත්තා කෑ ගහන්නේ.. නම ගිත්මි තත්සරණි සේරසිංහ. අවුරුදු 26යි. එයා මට වඩා අවුරුදු 2කට බාලයි.
ටික වෙලාවකින් ආන්ටි ගිත්මිව එක්කන් පහළට ආවා.. මම කෙලින්ම එයාගෙ මූණ දිහා නොබැලුවත් දැක්ක හැටියට නම් ගොඩක් චාඕ ඇදුමකින් සැරසුණු , වැඩිය මේකප් එහෙම දාලා නැතුව , හිනාවකින් මුළු මූණම සරසගෙන තමයි එයා හිටියෙ. එයා මගේ ළඟට ඇවිත් මගෙ එහා පැත්තෙන් වාඩිවෙන්න වුණා..
දෙවියනේ වුණු දෙයක්. මම හිටියෙ අත් දෙක මාරුවෙන් මාරුවට පිරි මැද මැද. ඒ ලැජ්ජාවටද බයටද මොකටද කියලා මට තේරුණේ නෑ.... ඒක දැකපු සමරසිංහ අංකල් අපිට බැල්කනියට ගිහින් කතා කරන්න කිව්වෙ නැතෑ.. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ මට වුණේ. අංකල් ගිත්මිට මාවත් එක්කන් බැල්කනියන්ට යන්න කිව්ව නිසා එයා නැගිටලා යනකොට මාත් ඒ පස්සෙන්ම ගියා..
බැල්කනියට ගිය අපි එතන තිබ්බ පුටුවකින් වාඩි වෙලා විනාඩි කීපයක් කතා නොකර හිටියා.. බැරි තැන වෙන්න ඇති ගිත්මි කතා කරන්න ගත්තා..
" හායි. "
" හායි. "
" මම මුළින් ම මගේ ගැන විස්තර කියන්නම්. මගෙ නම ගිත්මි තත්සරණි. මට වයස අවුරුදු 26යි. මම ඩිග්‍රිය ගත්තෙ Us වල. ඉතින් ඔයා ගැනත් කියන්න කෝ මට.
" මගෙ නම සහස් අභිෂේක. මට වයස අවුරුදු 28යි. මම ඩිග්‍රිය ගත්තෙ ජපුර University එකේමයි. පස්සෙ රුහුණ university එකේ ලෙක්චර් කෙනෙක් විදියට වැඩ කළා.. ළඟදි ඒකෙනුත් අයින් වුණා..
" මම ඔයාට දැනට අයියා කියලා කියන්නද? "
" ආ.. ඒකට කමක් නෑ... "
දෙන්නට දෙන්නා කතා කරකර ඉදලා ටික වෙලාවකින් පහළට ගියේ ආන්ටි ඩිනර් එක ලෑස්තියි එන්න කියපු නිසා.. ඩිනර් එකත් අරගෙන ආයෙත් තාත්තා ඉන්න තැනට ගියේ එයාලා මට කතා කළ නිසා..
" බබා ඔයා කියන්නකෝ ඔයා සහස් පුතා ගැන මොකද කියන්නේ.."
ගිත්මි තත්සරණි
" ඩෑඩ් මම.... ම්ම්ම්.. මගෙ අකමැත්තක් නෑ... "
" එතකොට පුතා මොකද කියන්නේ.. "
නංගිගෙන් මට කැමතිද ඇහුවාම කෙලින්ම කැමති නොකියා අකමැත්තක් නෑ කිව්වනේ..
අංකල් මගෙන් නංගි ට කැමතිද කියලා අහනකොටම මට මතක් වුණේ කවීව. මම කොහොමද හිතට එකගව ගිත්මිට කැමති කියන්නෙ. මම තාත්තගෙ දිහා බැලුවෙ මොකක්ද දැන් මම කියන්නෙ කියලා හිත හිතා.. මම බලපු ගමන් තාත්තා මගේ දිහා රවාගෙන බලාගෙන ඉන්නවා දැකපු නිසා,
" මගෙ අකමැත්තක් නෑ අංකල්. "
කියලා කිව්වා. මොනවා කරන්නද මගෙ කැමැත්තෙන් අකමැත්තෙන් වැඩක් නෑනේ... ටික වෙලාවක් කතා කරකර ඉදලා අපි ආයෙ ගෙදර යන්න පිටත් වුණා..
.
.
Kaviru pov 🍂🍂
අද University එකේ ලෙක්චර් ඉවර වෙනකොට හවස 5.00 ත් පහු වුණා.. ගෙදරට බඩු වගේකුත් ගෙනියන්න නිසා සුපර් මාකට් එකට ගිය මම බඩු ටික අරගෙන එළියට එනකොටම ෆෝන් එක රින් වෙනවා ඇහුනා.. බඩු ටික පැත්තකින් තියලා කෝල් එක ආන්සර් කළේ කෝල් එක අයියගෙන් නිසා..
" ඔව් කියන්න අයියේ.. "
" හලෝ.. සර්ට පුළුවන් ද මාතර ##### ක්ලබ් එකට එන්න. "
" කවුද ඔය කතා කරන්නේ.. මේක මගෙ අයියගෙ ෆෝන් එක. "
©©©©©©©©©©©©©©©©©©©©©
ආයෙ කොටසකින් එන්නම් ❤️