අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑...

Od yichen-17

5K 767 81

ඔයාලා හිතන්නෙ සල්ලි තියනවනම් සේරම හරි කියලද? මමනම් එහෙම හිතන්නෙ නෑ.. මොකද මට කොච්චර සල්ලි තිබුණත් මගේ හිතට ස... Více

Introduction ❤️
පළමු සඳ 🌝❤️
දෙවන සඳ 🌝❤️
තෙවන සඳ 🌝❤️
පස්වන සඳ 🌝❤️
හයවන සඳ 🌝❤️
හත්වන සඳ 🌝❤️
අටවන සඳ 🌝❤️
නවවන සඳ 🌝❤️
අමාවක සඳ අවසානය 🌝❤️
special chapter 🌝❤️
Thanks ❤️

සිව්වන සඳ 🌝❤️

304 62 6
Od yichen-17


Sahas pov 🍂🍂

දවල් කවී ලන්ච් ගන්න යමු කියලා කිව්වත් කන්න පිරියක් තිබ්බෙ නැති නිසා ලන්ච් අරන් ආව කිව්ව මම කවීට ලන්ච් ගන්න කිව්වා.. ලන්ච් ටයිම් එක ඉවර වුණාට පස්සෙ ලෙක්චර් එකට ඕන කරන බඩුත් අරගෙන මම ගියේ ලෙක්චර් රූම් එකට.

ලෙක්චර් එක ඉක්මනින් ඉවර කරලා ආයෙත් staff room එකට ආවා. එතකොට කවී staff room එකේ හිටපු නැති නිසා " මම යනවා මල්ලි " කියලා පොඩි මැසේජ් එකක් දාපු මම ගෙදර යන්න පිටත් වුණා..

ගෙදර ආව මම වොශ් දාගෙන ඉවර වෙලා ඇදුමකුත් දාගෙන ඇවිත් පහලට ගිහින් ඩිනර් එක ගත්තෙ අද දවසට කිසිම කෑමක් කෑවෙ නැති නිසා... ඩිනර් එකත් අරන් ඉවර වෙලා ආයෙ රූම් එකට ආව මම නිදාගත්තේ හිතේ තියන ප්‍රශ්න අමතක කරන්න ඕන නිසා..

_____________________________________


//////// අවුරුදු දෙකකට පසු ////////

දින සති මාස අවුරුදු ගෙව්නා.. තුන් දෙනාගෙම ගෙදරින් university එකට university එකෙන් ගෙදරට ගෙව්නු ජීවිතේ කාලයත් එක්ක පොඩි පොඩි වෙනස් වීම් ටිකක් වුණා...

දැන් සහස් , කවිරු , තිනෙත් කියන්නේ එක බඩවැල කඩාගෙන ආව සහෝදරයො වගේ.. නෑ ඊටත් එහා බැදීමක්...

තිනෙත් මේ වෙනකොට රුහුණ University හි අවසාන වසර ශිෂ්‍යයෙක්.

සහස් මේ වෙනකොට තාත්තගෙ කීමට අවනත වෙලා university එකේ ලෙක්චර් කෙනෙක් විදියට ඉන්න ගමන් company එකේ වැඩවලට සම්බන්ධ වෙනවා.. ඒත් ඉස්සර වගේම තවමත් එයා company එකේ charman post එක ප්‍රතිකේෂ්ප කරනවා.. ඒ වගේම සහස් කවිරුට තමන්ගෙ සත්‍ය අන්‍යෙන්‍යතාවය සම්පූර්ණ හෙලිකරලත් තිනෙත්ටනම් තාම කිව්වෙ නෑ..

මේ ගෙවුණු කාලයත් එක්ක සහස්ගෙයි කවීගෙයි බැදීම එන්න එන්නම වැඩි වුණා.. කොච්චර වැඩ තිබුණත් නිතර නිතර කෝල් ගන්න මැසේජ් කරන්න මෙයාලා අමතක කළේ නම් නෑ.. හැබැයි එයාලගෙ බැඳීමට අර්ථයක් දෙන්න එයාලට තාම බැරි වෙලා තියනවා..

_____________________________________

මෙයාලා තුන්දෙනාම ෆ්‍රී දවසට කවීගෙ ඇනෙක්ස් එකේ මුණගැහෙන්න පුරුද්දක් කරගෙන තිබුණා...  ඉතින් අදත් අන්න ඒ වගේ දවසක්.



Kaviru pov 🍂🍂

ටක්. ටක්. 🚪✊

" පොඩ්ඩක් ඉන්න. "

දොරට තට්ටු කරන සද්දයක් ආව නිසා පොඩ්ඩක් ඉන්න කිව්ව මම ඉක්මනින් ගිහින් දොර ඇරියෙ අද අයියයි තිනෙත් මල්ලියි එනවා කිව්ව නිසා.. ඔව් ඒ ඇවිත් හිටියෙ එයාලා තමයි. හැබැයි නිකන් නම් නෙවෙයි අතින් කටින් බඩු මලු එල්ලගෙන.

" ආ.. ඔයාලා දෙන්නා ඉක්මනින් ඇවිත්. වාහනේ අරන් පිහෑම්ඹද අයියේ.. අනේ මංදා හැමදාමත් කියනවා ඔයාට.. කොහෙද ඉතින් අහන එකක් යැ. පරිස්සමෙන් ආපු එකටනම් සතුටුයි. එන්න ඇතුලට.  "

" හරි බන් ඔච්චර කියවන්න එපා.. ඔයා දන්නවනේ මගේ ඩ්‍රයිවින්ග්  කොහොමද කියලා.. ඉක්මනින් ආවා ඉතින්. මෙන්න මම එනකොට ලන්ච් එකට ඕන කරන බඩු ටිකක් ගෙනාවා.. "

"අම්මෝ.. කවී අයියෙ මම හිටියෙ කොයි වෙලේ කාර් එකෙන් බහින්න ලැබේවිද කියලා. එච්චර ට අභී අයියගෙ ඩ්‍රයිවින්ග් හොඳයි. පුහ්හ්... "

" මම දන්නවනේ ඒ ගැන මොකට කතා කරනවද. ම්ම්..කෝ බලන්න... මෙච්චර බඩු මොකටද අප්පා.. "

" ඔතන ගොඩක් බඩු නෑනේ බන්... දෙන්නත් එක්ක කියවලා ඉවර නම් යමුකෝ.. දැන් ම ඉව්වෙ නැතොත් ලන්ච් එක ගන්න වෙන්නෙ හවස් වෙලා.. "

" යමු කිචන් එකට. මල්ලි එන්න යමු.. "

අයියලා එනවා කියලා වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා ආව නිසා පොඩි විහිළුවක් කරපු මම අයියයි මල්ලියි එක්ක කිචන් එකට ගියේ ඒ වෙනකොටත් වෙලාව 11.00 ත් පහු වෙලා නිසා ඉක්මනින් ලන්ච් එක රෙඩි කරන්න...

" අම්මෝ අභී අයියේ.. ඔයා සුපුරුදු විදියට ම අතන තියන පුටුවෙන් වාඩිවෙලා ඉන්නකෝ.. මමයි කවී අයියයි ලන්ච් එක රෙඩි කරන්නම්. "

" හරි හරි . ඕක හැමදාමත් කියන්න ඕන නෑනේ.. මල්ලිලා විදියට කොහොමත් අයියට කෑම හදලා දෙන්ම ඕන. "

" අනේ ඉතින් අපිට වෙන වැඩ නෑනේ ඔයාට කෑම හදලා දෙන්න. කවී අයියේ කතා කරන්නකෝ අනේ.. බලන්නකෝ මෙයා කියන කතා.. "

" ඔය හොඳටම ඇති නවත්තන්නයි කිව්වෙ දෙන්නම. දැන් මට උයන්න උදව් වෙන්නකෝ මල්ලි . "

" හරි අයියේ.. "

අයියයි මල්ලියි උයන්න ගියොත් රණ්ඩු. අයියට උයන්න එච්චර හුරු නැති නිසා හැමදාමත් එයා පුටුවකින් වාඩිකරලා මායි මල්ලියි කෑම හදන එක පුරුද්දක් වෙලා.. ගෙදරදි සර්වන්ට්ලා උයලා දෙන නිසා අයියට ඉස්සර කොහොමටවත් උයන්න බෑ..  ඒත් අපි එක්ක ඉදලා දැන්නම් ටිකක් පුලුවන්.

අයියයි මල්ලියි දෙන්නා කතාවට වැටුනාම පොඩි ළමයි වගේ.. අයියගෙ වැඩෙත් හැම වෙලාවෙම මල්ලිව අවුස්සන එක.. අසරණ මම පව්. මේ දෙන්න මරාගන්නකොට දැමදාමත් මැදි වෙන්නේ මේ අසරණ අහිංසක මමනේ... ඒත් අයියා බොරුවට රණ්ඩු වෙන හැටි බලන්න මම ආසයි. එයා ඒ වගේ වෙලාවට හැසිරෙන්නෙ පොඩි ළමයෙක් වගේ.. එකවෙලාවකට මට හිතෙනවා අයියට අහිමිවුණු ළමාකාලෙ හොයනවද්ද කියලා.

ඉක්මනින් ලන්ච් එක ලෑස්ති කරලා අපි දෙන්නා කෑම මේසෙත් රෙඩිකරලා අයියව බැලුවත් අයියා හිටියෙ නෑ...

" අයියා එළියට ගියාද දන්නෙ නෑ මල්ලි. ම්ම්.. ඔයා බත් බෙදාගන්නකෝ.. මම අයියව එක්කන් එන්නම්. "

" හරි අයියෙ. "


Sahas pov 🍂🍂

මල්ලිලා දෙන්නා ලන්ච් එක රෙඩිකරලා ඉවර වෙනම් හිටපු මම ෆෝන් එක බැලුවෙ ෆෝන් එක රින් වෙන සද්දෙට.

කෝල් එක company යෙන් නිසා බැල්කනියට ගියේ මල්ලිලාට ඇහෙයි කියලා..

" කියන්නෙ කොඩිතුවක්කු මාමේ. "

" පුතා මිස්ටර් කාරියවසම් ඔයාව මීට් වෙන්න දිනයක් ඉල්ලුවා.. හෙට වෙලාවක් දෙන්නද?"

" ම්ම්ම්.. ඔව් එහෙම කරන්න මාමේ."

කෝල් එක ආන්සර් කරලා. කොඩිතුවක්කු මාමා එක්ක කතා කර කර ඉන්නකොට මම පිටිපස්සට හැරුණේ කවුරු හරි එනවා වගේ ඇහුන නිසා... ඒ දිහා බලකොට තමයි දැක්කෙ ඒ එන්නේ කවී කියලා..

" මාමේ අපි පස්සෙ මේ ගැන කතා කරමුද ? මම පොඩි වැඩක ඉන්නේ "

කියලා කෝල් එක හිමීට කට් කරලා බොරුබට ෆෝන් එක කනේ තියාගෙනම එකේක ඒවා කුටු කුටු ගගා කියෙව්වේ කවීට මම කෝල් එකක ඉන්න බව අගවන්න. කවී මගේ ළඟට ආවට පස්සෙ ෆෝන් එක ඇඟට තද කරගත්ත මම,

" ඇයි මල්ලි ? "

" අයියේ ලන්ච් එක රෙඩි. ඔයාට කන්න එන්න කියන්න ආවේ... "

" ආ හරි මල්ලි යමු. "

එහෙම කියලා ආයෙ ෆෝන් එක කනේ තියාගෙන

"  බඩගිනී බබා.. මම කන්න යනවා.. බබත් බඩගින්නෙ ඉන්න එපා හොඳ ද? මම පස්සෙ ගන්නම් බබා.. ලව් යූ මයි ස්වීට් හාට්. "

කියලා කෝල් එක කට්කළා වගේ බොරු ඇක්ටින් පාරක් දැම්මා.. කෝල් එක කට් කරලා ඉවරවෙලා කවී දිහා බලනකොට කවී පුදුමෙන් වගේ මගේ දිහා බලාගෙන හිටියා..

" ඇයි මල්ලි මොකක් හරි ප්‍රශ්නයක්ද? "

" අනේ.. නෑ අයියේ.. මේ.. මම බැලුවෙ. නෑ අපි යමුකෝ.. "

" මොකක්ද ඔයා බැලුවෙ.. කවුරු එක්කද මම කතා කලේ කියලද? "

" හ්හ? මේ.. ඔව්. "

" ආ.. එයාද ?  එයා මගේ.. එයා මගේ girlfriend. "

මට ඕන වුණේ කවීව අවුස්සන්න. ඒක නිසා කෝල් එක මගේ girlfriend ගෙන් කියලා බොරුවක් කිව්වේ.. නැත්තම් මට කොහෙද girlfriend ලා. ඒක ඇහුවම කලබලවුණු කවී මා දිහා බලාගෙනම හිටියා.. එයාගෙ ඇස්වල මොකක්දෝ දුකක් ලියවිලා තියනවා කියලා මට හිතුණා.. ඒත් මම ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ..

ෆෝන් එකට මැසේජ් එකක් ආව නිසා මම ඒක බලලම එන්නම් කිව්වම මට එන්න කියලා කවී ගෙදර ඇතුලට ගියා..


Kaviru pov 🍂🍂

අයියා එකපාරට කෝල් එක මගේ girlfriend ගෙන් කිව්වම හිතට දැනුනෙ මහ පුදුමාකාර දුකක්... ඒකට හේතුවක් තියනවා.. මොකද මම අයියට ආදරේ කරනවා.. මෙච්චර දවසක් කටින් නොකිව්ව ආදරය හිතේ හිරකරගෙන හිටියා... මම දන්නෑ අයියා මේ ගැන දැනගත්ත දවසට මොන වගේ රියැක්ෂන් එකක් ගනීද කියලා. මට බයයි මම අයියට ආදරෙයි කියලා දැනගත්තොත් අයියගෙයි මගෙයි සහෝදරකමත් නැති වෙයි කියලා.. ඒත් ඒ හැගීම මට නවත්තගන්න බෑ... දැන්නම් මට හිතෙන්නෙ මම දුවන්නෙ මිරිගුවක් පස්සෙ කියලා..

අයියට මැසේජ් එකක් ආව නිසා ඒක බලලම එන්නම් කීවා.. ඒ නිසා එයාට එන්න කියලා මම ආයෙ ඇතුළට ගියේ ලොකු ගින්දරක් හිත ඇතුළෙ ඇවිලෙද්දි..

" අයියා හිටියෙ නැද්ද කවී අයියේ? "

" අයියා එන්නම් කිව්වා මල්ලි.. "

" මොකෝ මේ මූණ බෙරි කරගෙන. මොකක් හරි ප්‍රශ්නයක්ද අයියේ? ඔයා දැන් ටිකකට කලින් හොඳ ට හිටියනේ.. "

" එහෙම දෙයක් නෑ මල්ලි.. මේ.... මම ඔයාගෙන් ප්‍රශ්න යක් අහන්නද? "

" ඔව් අහන්න අයියේ.. "

" මේ.... මල්ලිට දැනිලා තියනවද අභී අයියට girlfriend කෙනෙක් ඉන්නවා කියලා. "

"හෑ.... "

මම එහෙම අහනකොටම මගේ දිහා බලාගෙන හිටපු මල්ලි එකපාරට මහ හයියෙන් හිනා වෙන්න ගත්තා..

" පොඩ්ඩක් . අම්මෝ.. මට බෑ..  එයාට මොන girlfriend ලද අනේ.. අරම ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ බුම්මන් ඉන්නකොට කෙල්ලො කැමති වෙයිද අයියේ.. අනික.. එහෙම ඉන්නවනම් මටත් කලින් ඔයානේ දැනගන්න ඕන. "

මට හිතුනෙම මේ කොල්ලගෙ ඔළුවට හොදවයින් ටොක්කන් අනින්න. ඇයි යකූ ඕකට ඔච්චර හිනා වෙන්න ඕනද ? අනික අයියට උගුඩුවලු. ඔන්න ඕවටනම් එන්න එපා හරිත. හුම්.

අයියා ටිකක් ගුප්ත චරිතයක් තමයි. තව කෙනෙක් එක්ක සතුට බෙදාගන්න කොච්චර කැමති වුණත් තමන්ගෙ හිතේ තියන දුක බෙදාගන්න නම් අයියා වැඩිය කැමති නෑ... අයියා වැඩිය කවුරුවත් ආශ්‍රය නොකර තෝරගත්ත කීපදෙනෙක් විතරක් ආශ්‍රය කරනවා.. සමහර විට ඒ එයා පුංචි කාලෙ ඉදන් හැදුණු පරිසරය නිසා වෙන්න පුළුවන්.

" තිනෙත් මල්ලි මේ මොකද මේ හිනා වෙන්නේ.. "

" අම්මෝ අයියේ... ඔයා කවී අයියට කිව්වද ඔයාට girlfriend කෙනෙක් ඉන්නවා කියලා .. "

" ආ ඔව්. ඇයි මොකක්ද ප්‍රශ්නය? "

" මෙයා මගෙන් අහනවා ඔයාට එහෙම එකක් දැනිලා තියද කියලා.. එහෙම ඉන්නවනම් මමයැ දැනගන්න ඕන කවී අයියනේ.. "

අයියා ආපු ගමන් මල්ලි මම එයාගෙන් අහපුවා අයියට කිව්වනේ.. සැක්. ලැජ්ජාවෙ බැරි වුණා.. ඊට පස්සෙ දෙන්නම මගේ දිහා බලාගෙන හිනාවෙන්න පටන් ගත්ත නිසා ආපු තරහට මම කිචන් එකට යන්න හදනකොට අයියා මගේ අතින් ඇදලා අරන් එයා ළඟ තිබ්බ පුටුවකින් වාඩි කරා..

" කොහෙද යන්නෙ ? මෙන්න මෙතනින් වාඩිවෙන්න. "

" යනවා තමා.. ඔයාලා දෙන්නට මම දැන් විහිළුවක් වෙලානේ.. මාව වැඩක් නෑනේ... මම යන්නම් ඒ නිසා.. "

එහෙම කියලා ආයෙ නැගිටින්න හදනකොට අයියා ආයෙමත් මාව පුටුවෙන් වාඩි කළා..

" දැන් කවුද කිව්වේ ඔයා විහිළුවක් කියලා අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කිව්වෙ නෑ නේද ? මෙතන උඩ දමාගෙන යන්න හදන්නේ.. පොඩි විහිළුවක් නේ කළේ.. අනික ඔයාට විහිළුවක් කළ මුල්ම දවස අද නෙමෙයි නේ.. ඇයි පුළුන් බෝලෙ මෙච්චර තරහ අරගෙන. "

ඒපාර පුළුන් බෝලෙලු. ඔය ඉතින් කොරන්න බෑනේ මේ වැඩේ.. ඇයි යකූ කෝල් වලින් ඔය නම කිව්වට කමක් නෑ කියමුකො ඒත් මෙතන මල්ලි ඉන්නවනේ... මම හොරැහින් බැලුවෙ මල්ලි දිහා.. මේකා ඇස් පුංචි කරගෙන අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලනවා.. දැන්නම් වලක් කපන් වැලලෙන්න හිතයි. ම්හුක්.

මට මේ මොනවා වෙලාද කියලා මටම හිතාගන්න බැ. අයියා එහෙම විහිළු කරනකොට හිතට දැනුණෙ පුදුමාකාර දුකක්. අයියෙ ඔයා නොදන්නවා වුණාට ඔයා ඔය සෙල්ලම් කරන්නෙ මගෙ හැගීම් එක්ක කියන්න මට හිතුණා.. ඒත් එච්චර දෙයක් කියන්න තරම් මේ කොල්ලගෙ හිත ශක්තිමත් නෑ...

මගේ පිස්සු වැඩ නිසා අයියයි මල්ලියි දෙන්නගෙම මූඩ් එක අවුල් වුණානේ.. දැන්නම් මටත් අවුල්.

" අනේ මට සමාවෙන්න අයියේ.. මම මේ දේවල් ගැන හිතනවා වැඩී. "

" ඔයාලගෙ රණ්ඩුව ඉවරනම් දැන්වත් කමුකෝ.. බඩගිනී අනේ.. "

එහෙම කිව්වෙ තිනෙත්.

" සමාව ඉල්ලන්න ඕන නෑ මල්ලි.. ඕවා අමතක කරලා අපි කමු. බඩගිනී මටත්. "

තුන්දෙනාම බඩගිනි නිසා අපි කෑම කෑවා.. කෑම කාලා ඉවර වෙලා කෑම මේසෙ අස් කරලා තුන් දෙනා එක්ක කතාවට වැටුණා.. කතාවෙන් කතාව වෙලාව ගෙව්නා.. දැන් හවස් වෙන්නත් ළඟයි.

" තිනෙත් අපි යමුද? ගොඩක් හවස් වෙලත් එක්ක. "

" ඔයාලා දැම්ම යනවද අයියේ. "

" ඔව් කවී. උදේ ආව ගමන්නේ.. මල්ලිව ඩ්‍රොප් කරන්නත් ඕනනේ.. මට ගෙදර යන්නත් වෙලාවක් යනවනේ.. "

" හ්ම්.. හරි අයියෙ එහෙනම් පරිස්සමෙන් යන්න.  වේගෙන් කා එක ඩ්‍රියිව් කරන්න එපා.. මගදි කෝල් ආවත් ඩ්‍රයිව් කරන ගමන් කෝල් ආන්සර් කරන්නත් එපා හරිද ? ගෙදර ගියාම මැසේජ් එකක් දාන්න හොඳ ද ? බුදු සරණයි. "

" අම්මෝ හරි බන්. මේ අපි යනවා එහෙනම්.. ඔයත් පරිස්සමෙන් ඉන්න හොඳ ද? ගිහින් මැසේජ් එකක් දාන්නම් පුළුන් බෝලේ. කෝ තිනෙත් එන්නෙ නැද්ද ඔයා.. "

" මේ එනවා... මම එනකම් ඉන්න අයියේ. "

අයියලා යනවා කියලා ගෙදර යන්න පිටත් වුණා.. මෙච්චර වෙලාවක් හිනාවලින් රණ්ඩුවලින් පිරිච්ච මේ ගෙදර අයියලා ගියත් එක්ක ලොකු හිස් බවක් දැනුණා.. මට දැණුනෙ ලොකු පාළුවක්.

පුළුන් බෝලේ... අයියා හැමතිස්සෙම ඒ වචනෙ නොකීවත් ඒ කටින් ඒ වචනය අහන්න මම ගොඩක් ආශා කළා.. මෙච්චර දවසක් කෝල් වලට විතරක් සීමා වුණු ඒ ආදරණීය වචන දෙක අද අයියගෙ කටින් පිට වුණා..

අයියා මගේ ළගින් ඉන්නකොට මට දැනෙන්නෙ මම සම්පූර්ණයි වගේ.. අයියා මටත් වඩා වෙන කෙනෙක්ට අවදානෙ දෙනකොට තරහක් ඉරිසියාවක් හිතට දැනෙනවා.. ඒ හැමදේම හේතුව ආදරය.

මගේ හිතේ අයියා වෙනුවෙන් දෝරෙ ගලන ආදරය කවදක අයියට කියන්න පුළුවන් වේවිද කියලා මම දන්නෑ... ඒත් එකක්. හිමි වුණත් නැතත් මම මගේ අයියට මැරෙන තුරාවට ආදරය කරාවි.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

සතුටින්ද අභී
ඉදහිටක මම විමසන
හිනාවකින් පමණක්
ඔබෙන් පිළිතුරු සැපයෙන...

ඔබ සතුටින් දැයි විමසන මම ද
මම සතුටින් යැයි සැනසෙන ඔබද
අපි දුකින් වග දන්නා අපිද
ලොවක් වෙනුවෙන් හිනැහෙන අරුම...

©©©©©©©©©©©©©©©©©©©

අලුත් කොටසක් අරන් ආවා.. කියාවලා වෝට් කරන් යමු ළමයි. ❤️

Pokračovat ve čtení

Mohlo by se ti líbit

540K 51.3K 34
She is shy He is outspoken She is clumsy He is graceful She is innocent He is cunning She is broken He is perfect or is he? . . . . . . . . JI...
3.1M 203K 52
" Do not be mistaken little flower, you are mine and mine alone. Any man who looks at you longer than three seconds will be dealt in a manner I find...
3.2M 261K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
452K 16.1K 92
"Leave, you're free. Don't ever come back here again." She said, hoping he wouldn't return and she'll get to live Hael was shocked, "Are you abandon...