අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑...

By yichen-17

5K 768 81

ඔයාලා හිතන්නෙ සල්ලි තියනවනම් සේරම හරි කියලද? මමනම් එහෙම හිතන්නෙ නෑ.. මොකද මට කොච්චර සල්ලි තිබුණත් මගේ හිතට ස... More

Introduction ❤️
දෙවන සඳ 🌝❤️
තෙවන සඳ 🌝❤️
සිව්වන සඳ 🌝❤️
පස්වන සඳ 🌝❤️
හයවන සඳ 🌝❤️
හත්වන සඳ 🌝❤️
අටවන සඳ 🌝❤️
නවවන සඳ 🌝❤️
අමාවක සඳ අවසානය 🌝❤️
special chapter 🌝❤️
Thanks ❤️

පළමු සඳ 🌝❤️

707 80 11
By yichen-17

නිවාඩුවකින් පස්සෙ අලුත් අධ්‍යන වර්ෂයක ආරම්භ වුණ නිසාම කවුරුත් හරිම  උද්‍යෝගයෙන් තමයි හිටියෙ.

" Good morning අයියේ. ඔයා අද වේලාසනින් university එකට ඇවිත්. "

ඒ තමයි මගේ හිනාවට හේතුවෙන කෙනා. කවී.. මට වඩා අවුරුද්දක් බාල වුණත් එයා මට හොඳ යාළුවෙක් වුණා.

" Good morning මල්ලි . වෙනදට වඩා අද ටිකක් වෙලාසන ආවා. "

" අයියට අද ලෙක්චර් එකක් තියනවද? "

" ඔව් මල්ලි . උදෙන්ම ලෙචර් එකක් තියනවා... ඒක නෙමෙයි නිවාඩු කාලෙ ගෙදර ගිහින් එනකොට අපිව මතක් වුණේ නැද්ද? "

" නෑනේ.. "

එහෙම කියපු කවී මගේ දිහා බලාගෙන හිනා වුණා.. මම බොරුවට රවලා අහක බලාගත්තා..

" හරි හරි ගෙනාවා ගෙනාවා.. කවුරු අමතක වුණත් ඔයා අමතක වෙනවද අයියේ. "

" ඒක මිසක්... "

"මගෙ කාර් එකේ ඇත්තෙ. මෙතනට ගෙනාවොත් කන්න වෙන්නෙ නෑනේ.. ඒකයි ගෙනාවෙ නැත්තෙ. මතක ඇතුව යන්න ඉස්සෙල්ලා ඉල්ල ගන්න. "

" මොනවා අමතක වුණත් ඒ වගේ දේවල් අමතක වෙන්නෙ නෑ මලයෝ... "

මම එහෙම කියලා හිනා වෙනකොට කවිත් ඒහා සමානව හිනා වුණා..

හැම වැකේෂන් එකකටම අම්මවයි මල්ලිවයි බලන්න ගෙදර යන එක කවීගෙ පුරුද්දක්. හැමදාමත් ගෙදර ගිහින් එන්නෙ හිස් අතින්නම් නෙමෙයි. අනිවාරෙන් මොනම හරි කෑම ජාති ගොඩක් අරගෙන තමයි එන්නෙ.

මම ඒ දේ දැනගෙනත් නොදන්න වගේ ඇහුවෙ staff room එකට කවී හිස් අතින් ආව නිසා.. එයා ගෙනත් නැත්තෙ අනිත් බඩජාරියො සෙට් එක නිසා.. ගෙනාවනම් අහිංසක මට හුළං තමා.

" ඉතින් කියන්නකො කොහොමද අම්මයි මල්ලියි හොදින් ඉන්නවා නේද ? "

" අනේ ඔව් අයියෙ එයාලා හොදින්. "

කවී ගෙදර ගියාට පස්සෙ වුණු විශේෂ සිද්ධි සේරම කියවගෙන ගියා.. මාත් ඉතින් වෙන මොනවා කරනනද ඔහේ අහගෙන හිටියා.. ඔහොම ටික වෙලාවක් කතාව ඇදෙද්දි මට මගේ ලෙක්චර් එකට වෙලාව කිට්ටු වුණා..

" මල්ලි මම දැන් යන්න ඕන. ලෙක්චර් එකට විනාඩි දහයක් වගේ තියෙන්නෙ. පස්සෙ කතා කරමුකෝ හොඳ ද. "

" ආ... හරි අයියේ. බායි.. "

" බායි බායි.. මොකෝ කවදාවත් නැතුව බායි කියන්නෙ. "

" ආ විශේෂ දෙයක් නෑ.. ආයෙ එහෙම නොකිය ඉන්නම් කෝ. හ්ම්. "

" අවුලක් නෑ බන්.. මම බැලුවා එක පාරට මොකක්ද වුණේ කියලා.. හරි මල්ලි මම යනවා.. බායි ."

කවී කවදාවත් නැතුව බායි කිව්වමනම් ලොකු අමුත්තක් දැනුනා. අනික ඒ ඇස්වලින් වෙනදට නොදැක්ක අමුතුම කතාවක් මම දැක්කා.. කොහොම වුනත් ලෙක්චර් එකට පරක්කු වෙන නිසා බායි කියලා මම ගියෙ lecture room එකට.

ලෙක්චර් එක පැය තුනක් වගේ තිබුණා.. ලෙක්චර් එක ඉවර වෙලා මම ආයෙ ආවෙ staff room එකට

" ආ අයියා ආවද ? "

" ඔව් මල්ලි. මම හිතුවා ඔයා Library එකට යන්න ඇති කියලා.. "

" මම ඔයා ගියත් එක්කම Library එකට ගිහින් ආවේ.. ම්ම්ම්. අයියට හවසත් ලෙක්චර් එකක්ද ? "

" නෑ මල්ලි. මම බැලුවෙ ගෙදර යන්න. "

" ආ එහෙනම් කා පාක් එකට යමු අයියේ... ඔයාට දෙන්න ගෙනාපුවා තාම මගේ කාර් එකේනේ. "

" යමු එහෙනම්. මම එහෙම්ම ගෙදර යනවා... "

එහෙම කියලා අපි දෙන්නම ආවෙ කවීගේ කාර් එක ලගට. කවී කාර් එකේ දොර ඇරලා කාර් එකේ ඇතුලෙ තිබ්බ ටිකක් ලොකු පාර්සලයක් අරන් මගේ අත උඩින් තිබ්බා..

" අම්මෝ.. මොනවද අප්පේ මෙච්චර... "

" ම්ම්ම්.. ඔයා කැමති කෑම ජාති කීපයක් ඇත්තෙ. ගෙදර ගිහින්ම බලන්න කෝ.. "

" හරි හරි. කියන්නෙ නැත්තම් එහෙමනේ කරන්න වෙන්නේ.. තෑන්ස් මල්ලි.. එහෙනම් මම දැන් යන්නම්. "

" හරි අයියේ. පරිස්සමෙන් ගෙදර යන්න. බුදු සරණයි. "

මම කවීට යනවා කියලා මගේ කාර් එක තිබ්බ තැනට යන්න පිටත් වුණේ කවීගේ හැසිරීමෙ වෙනදට වඩා තිබ්බ වෙනස ගැන කල්පනා කර කර.

**** දඩාන් ****
.
.

Thineth pov 🍂🍂

අද තමයි මගෙ 2nd year එකේ ලෙක්චර් තිබ්බ පළවෙනි දවස.

පළවෙනි දවසෙම උදේ වරුවෙ ලෙක්චර් එකට ඉදලා ලෙක්චර් එක ඉවර වුණාට පස්සෙ මගෙ බොක්කලා වුණු හිමායයි නවීනුයි එක්ක කා පාක් එකට ආවෙ හිමායා අපිට ගෙනාව කිව්ව කෑම ටික කාර් එකෙන් අරන් එහෙම්මම කැන්ටින් එකට යන්න බලාගෙන. අපි ආවෙ ලොකු කතාවක් පිට. කතාවට වැටුනාම නම් බ්‍රේක් වදින්නෙම නෑ.. ඒ වගේ වෙලාවට වටේපිටේ ඉන්න අයට හෙන ගැහුවත් අපි දන්නෙ නෑ..

**** දඩාන් ****

එක පාරම කෙනෙක් මගේ ඇගේ හැප්පුනත් එක්කම මගේ අතේ තිබ්බ සේරම පොත් ටික බිමට වැටුනා..

"මොන මගුලක්ද... ?
ඉවරයි. අ. ආහ්. අනේ සොරි සර්. "

" අනේ මට සමාවෙන්න දරුවො මගේ වරද. මම ආවෙ වෙන කල්පනාවක. ඉන්න මම ඔයාට උදව් කරන්නම්. "

" නෑ සර් මට පුලුවන් . Thanaks. "

වස ලැජ්ජාවක් වුණේ.. එක පාරට ඇගේ හැප්පුනේ කවුද කියලා බලන්නෙවත් නැතුව මොන මගුලක්ද කියලා කියන කොට තමයි ඒ මිස්ටර් සහස් කියලා දැක්කෙ. තියන ලැජ්ජාවටම මම පොත් ටිකත් ඉක්මනින් අහුලගෙන හිමායයි නවීනුයි එක්ක එතනින් ආවේ මගෙත් වරදක් තියනවා කියලා දැනුන නිසා. මොකද  එයා මගේ ඇගේ හැප්පෙනකම්ම මම දැක්කෙත් නෑ.

" මොකක්ද තිනා අර වුණේ. අද උබට මොනව වෙලාද ලෙක්චර්ස්ලගෙ ඇගේ හැප්පෙන්නෙ. "

" ඒකනේ හිමා. ඒ මදිවට තව චුට්ටෙන් අර මනුස්සයට බනිනවා.. "

" හරි. හරි. ඕකට ඔච්චර හිනා වෙන්න ඕන නෑනේ.. කාගෙ අතිනුත් වැරදි වෙන්න පුලුවන් නේ . උබලා එනවනම් වරෙන් . නැත්තම් ඔතනට වෙලා සිරික්කිය දාගෙන හිටපන් මම යනවා. "

" අම්මෝ.. මේන් මෙයා ටිපර් වෙලා. "

" ඒකනේ හිමා.. තිනෝ...... හිටහන් අපිත් මේ එනෝ.. "
.
.

Sahas pov 🍂🍂

මම ලොකු කල්පනාවක ගිය නිසා අර කොල්ලා ඇගේ හැප්පෙනකම් ම දන්නෙත් නෑ.. සැක් ලැජ්ජාවෙ බෑ.. එහෙම හිත හිත කාර් එකේ වාඩි වෙලා කවී දුන්න පාර්සලය එහා පැත්තෙ පැසෙන්ජර් ශීට් එකෙන් තියපු මම ගෙදර යන්න පිටත් වුණා...

පැය එකහාමාරකින් වගේ මට ගෙදරට එන්න පුලුවන් වුණා.. මොකද මගේ ගෙදර තිබුණෙ කොට්ටාවේ.. හයිවේ පහසුකම තිබුණ නිසා ගෙදර ඉදන්ම ජොබ් එකට යන්න මට පුළුවන් වුණා.

මගේ රූම් එකට ගිහින් කවී දුන්නු පාර්සලය රූම් එකේ තිබ්බ table එක්ක උඩ තියලා වොශ් රූම් එකට ගියේ වොශ් එක්ක දාගන්න.

වොශ් එකක් දාන ගමන් අද දවසෙ සිද්ද වුණු විශේෂ සිද්ධි මතක් කරනකොට ඉස්සෙල්ල්ලම මතක් වුනේ කවීව.

ඇයි එයා එහෙම කතා කළේ. කවදාවත් කතා කලේ නැති විදියට.. ඒ ඇස් අද හරි අමුතු කතාවක් කිව්වා.. අනේ මංදා මගෙ හිත වෙන්න ඇති. එයත් කිව්වනේ විශේෂයක් නෑ කියලා... මම මටම කියාගත්තා..

මට එක පාරට හිනාවක් ගියේ අර ඇගේ හැප්පුන කොල්ලව මතක් වුණ නිසා..දොඩම් ගෙඩි දෙකක් වත් උස නැති වුණාට කොච්චි කරලක් වගේ කටේ සැර නම්. තව චුට්ටෙන් මටත් හොඳට බනිනවා..

කල්පනාව පිට පැයකට කිට්ටු වෙන්න වොශ් එකක් දාගත්තු මම ඇදුමකුත් දාගෙන කවී දුන්නු පාර්සලය ඕෆන් කරා.. කවී කිව්ව වගේම ඒකෙ තිබ්බෙ මම කැමති ම කැවිලි ජාති කීපයක්.

තියන පෙරේත කමටම එතන තිබ්බ කැවිලි ජාති කීපෙක රස බලපු මම කවුද රූම් එකේ දොරට තට්ටු කරනවා ඇහුණ නිසා ගිහින් දොර ඇරියා..

" පොඩි මහත්තයා ලන්ච් එක රෙඩි කරලා තියෙන්නෙ. අද  ලොකු මහත්තයත් ලන්ච් එකට ගෙදර එනවා කියලා call එකක් දුන්නා. පොඩි මහත්තයා දැන්ම පහළට එනවද අහන්නයි මම ආවෙ. "

" හරි. මම තව ටිකකින් එන්නම් විජේපාල මාමේ... "

විජේපාල මාමා කියන්නෙ මට මතක ඇති කාලෙක ඉදන් අපේ ගෙදර වැඩට හිටපු කෙනෙක්. මොනවා වුණත් කරුණාවන්ත මනුස්සයෙක්.

" හරි මහත්තයා. "

මාමා ගියාට පස්සෙ මම දොරත් වහලා ඇවිත් කල්පනා කර කර ඇදට වැටුනෙ අද තාත්තා ලන්ච් එකට ගෙදර එනවා කිව්ව නිසා. මොකද තාත්තා ලන්ච් එකට ගෙදර එන්නෙ මොකක් හරි ලොකු හේතුවක් තියනකොට. ඔහොම කල්පනාව පිට ටික වෙලාවක් ගෙව්නා.

**** ටක් ටක් ටක් ****

" පොඩ්ඩක් ඉන්න. "

මම එහෙම කියාගෙන ගිහින් දොර ඇරියා..

" ලොකු මහත්තයා පොඩි මහත්තයව පහළට එක්කන් එන්න කිව්වා.. "

" මට? "

" ඔව් පොඩි මහත්තයා. "

" හරි අපි යමු මාමේ."

රූම් එකේ දොරත් වහලා පහළට එනකොට තාත්තා කෑම මේසෙන් වාඩි වෙලා අත් දෙක එකට එකතු කර කර මං දිහා බලාගෙන හිටියා.

කෑම මේසෙ ළඟ ට ගිය මම කෑම මේසෙන් වාඩි වෙන්නෙත් නැතුව තාත්තා ගාවින් හිට ගත්තා..

" Take a sit. "

" ok තාත්තා... මේ.. මොකක් හරි ප්‍රශ්නයක්ද තාත්තා. "

මම එහෙම ඇහුවෙ යටහත් පහත් අන්දමට.

" ඉස්සෙල්ලා කෑම කාලා ඉමු. මට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියනවා.. "

" ok තාත්තා. "

තාත්තා එහෙම කිව්වට පස්සෙ අපි ලන්ච් එක ගත්තා. ලන්ච් එක අරන් ඉවරුනාම කෑම මේසේ අස් කරන්න කියලා සර්වන්ට්ලට කිව්ව තාත්තා මගේ දිහා බලාගෙන හිටියා.

" හරි මම කාරණාව කියන්නම්. තමුන් කවදද Company එක භාර ගන්නෙ. "

" තාත්තා මම... මම කැමති නෑ.. මම තාත්තට මීට කලින් දවසකත් ඒ ගැන කිව්වනේ.. "

** දඩා..න් **

එක පාර අත් දෙකෙන් මේසෙට ගහගෙන තාත්තා නැගිට්ටෙ මට රවාගෙනමයි.

" තමුන්ගෙ කැමැත්තෙන් අකමැත්තෙන් මට වැඩක් නෑ.. තමුන් දවසක් කියන්නෙ නැත්තම් මම කියන දවසට company යට යන්න ලෑස්ති වෙනවා... "

තාත්තා එහෙම කියලා ආයෙමත් company එකට යන්න පිටත් වුණා.. කෑම මේසෙන් නැගිටලා රූම් එකට ආව මම ඇදට වැටුණේ තාත්තා කෑම මේසෙ ළඟදි අවසානෙට කියපු දේ ගැන හිත හිතා...

අම්මා මාව මේ ලෝකෙ තනි කරලා ගිය දවසෙ ඉදන් මට කරන්න වුණේ තාත්තා කියන දේවල්. ඒත් එක දෙයක් ඇරෙන්න. ඒ තමයි රුහුණෙ ලෙක්චර් කෙනෙක් විදියට සේවය කරන්න ගිය එක. ඒ ගියෙත් තාත්තගෙ නීති 1000ට වැඩිය යටත් වෙලා.. 

මේ දේවල් ගැන හිතලම ඔළුව පුපුරන්න තරම් රිදෙන්න ඇල්ලුව නිසා මම එහෙම්ම ඇස් පියා ගත්තා.. තියන හිසේ කැක්කුම නිසාම නින්ද ගියේ මටත් නොදැනිම. මට අවදි වෙනකොට රාත්‍රී 8.00ත් පහු වෙලා තිබුණා. එහෙම්මම රෑට කෑම කාපු මම වොශ් එකකුත් දාගෙන ඇවිත් හෙට උදේට නැගිටින්න එලාම් එකත් තියලා ආයෙමත් නිදාගත්තෙ හිතට දැනුණ අවුල් නිසා..
.
.
.

උදේ පාන්දර ඇහැරුනු මම වොශ් එක්ක දාගෙන ඇවිත් ලෑස්ති වෙලා උදේටත් කාලා university එකට යන්න පිටත් වුණා.. පැය එකහමාරකින් වගේ university එකට ලගා වුණු මම කාර් එක කා පාක් එකට දාලා ඉවර වෙලා staff room එකට ගිහින් අද හවස තියන ලෙක්චර් එකට ලෑස්ති වුණා..

එතනට ආවා කවී හරි අමුතු විදියට මං දිහා  බලාගෙනම එහා පැත්තෙ පුටුවෙන් වාඩි වුණා..

" ඇයි මල්ලි. මොකක් හරි අවුලක් ද? ඔයා අමුතු විදියට මං දිහා බැලුවෙ ? "

" අනේ එහෙම දෙයක් නෙමෙයි අයියේ. සාමාන්‍යයෙන් ඔයා අද තියන ලෙක්චර් එකට ඊයෙ රෙඩිවෙලානෙ එන්නේ.. ඒත් අද ඔයා මෙහෙම රෙඩි වෙනවා දැක්කම හරි අමුත්තක් දැනුණා.. අයියෙ ඔයාට ප්‍රශ්නයක්ද ? "

" ආ.. නෑ .. මේ.. නෑ අවුලක් නෑ... "

" ම්ම්ම්. නැත්තම් කමක් නෑ... තිබ්බත් ඔයා කවදාවත් කියන කෙනෙක් නෙමෙයි නේ.. "

එතනින් කතාව නවත්තපු අපි අපේ වැඩ වලට අවදනය යොමු කළා.. ටික වෙලාවකට පස්සෙ කවී උදේ තිබ්බ ලෙක්චර් එකට ගිය නිසා මාත් Library එකට ගියේ තිබ්බ කම්මැලිකමට වගේම හිතේ තිබ්බ උත්තරයක් නැති ප්‍රශ්න නිසා ..

Lunch time එක වෙනකම් library එකේ කාලය ගත කල මම ආයෙමත් ඇවිත් කවී එක්ක ලන්ච් එකත් අරන් ආයෙම staff room එකට ආවෙ ලන්ච් එකෙන් පස්සෙ මට ලෙක්චර් එකක් තිබ්බ නිසා..

ලෙක්චර් එකට ඕන කරන දේවල් ගත්ත මම කවීටත් යනවා කියලා ඊළඟට ගියේ Lecture room එකට. මම යනකොටත් ළමයි Lecture room එකේ වාඩි වෙලා හිටියා..

ලෙක්චර් එක පටන් ගත්ත මම ලෙක්චර් එක අතරෙ ඉන්න ළමයිගෙ මූණු බලනකොට තමයි දැක්කෙ ඊයෙ මගේ ඇගේ හැප්පුනු කොල්ලා බිම බලාගෙන ඉන්නවා.. හිනාවක් යන්න ආවත් අමාරුවෙන් හිනාව ගිලගත්ත මම කිසිම වෙනසක් නැතුව ලෙක්චර් එක කන්ටිනිව් කරේ එයා අපහසුතාවකට ලක් වෙයි කියලා හිතලා.. පැය 3ක් වගේ තිබ්බ ලෙක්චර් එක ඉවර වුණාට පස්සෙ මම ආවෙ කිසිම ළමයෙක්ගෙ මූණ දිහා නොබලා..
.
.

Thineth pov 🍂🍂

මට අද දවසම ලෙක්චර්ස්. උදේ ලෙක්චර් එකට ඉදලා ලන්ච් එකත් අරන් lecture room එකට ආවෙ ලන්ච් එකට පස්සෙ ලෙක්චර් එකක් තිබ්බ නිසා. එකපාරට ලෙක්චර් එනවා දැකපු අපි සද්ද බද්ද නතර කළා.. මලා ඒ ආවේ සහස් සර්.. ඊයෙ වුණු සිද්දියත් එක්ක එයා දිහා බලන්න තිබ්බ ලැජ්ජාවටම මම බිම බලාගෙන හිටියා..

(රහසින්)

" ඒ අර බලපන්කෝ ඒ සහස් සර් බන්. "

"තිනා මොකෝ උබ බිම බලන්. ඇයි බිම තියන දූවිලි අංශු ගණන් කරනවද ? "

" උබලා දෙන්නා ගාව වැඩියෙන් කටු කොලක් තියනවනම් දිපන්කෝ. "

" ඒ මොන මගුලකට බන්? "

" උබල දෙන්නට කියන්න ඕන කුනුහබ්බ ටික ලියලා දෙන්න.. "

" යකෝ මූ... බලපන්කෝ නවී මුගෙ කතාව. හිටහන්කෝ ලෙක්චර් එක ඉවර වුණාට පස්සෙ උබව අල්ලගන්න. හ්ම්.  උබට සර්ගේ ඇගේ හැප්පෙන්න හොදයි. ඔළුව උස්සලා එයා දිහා බලන්න තමයි ලැජ්ජ. "

මම වාඩිවෙලා හිටියෙ හිමා‍යටයි නවීන්ටයි දෙන්නට මැදි වෙලා.. සහන් සර් ආවට පස්සේ දෙන්නගෙම වැඩේ වුණේ මගේ අතට ඇඟිල්ලෙන් ඇන ඇන කුටු කුටු ගාන එක.

ලෙක්චර් එක අතරතුර කිසිම වෙනසක් නොපෙන්නපු සර් ලෙක්චර් එක ඉවර වෙලා යන්න ගියේ කිසිම ළමයෙක්ගෙ මූණ බලන්නෙ නැතුව. හිතේ තිබ්බ එක
ප්‍රශ්නයකින් නිදහස් වුණත් උත්තර නැති ප්‍රශ්න ගොඩක් අහන්න බලන් හිටිය හිමායා මං ළඟට ආවා..

" ආ.. දැන් මේ මහත්තයා මොකෝ කියන්නේ.. "

" අනේ නිකම් හිටහන්කෝ බන්. එක සිද්ධියක් අල්ලන් ඔච්චර මැරෙන්න හදන්නෙ මොකද යකෝ.. මම යනවා . "

දෙන්නටම රවාගෙන මම යනවා කියලා ගෙදර යන්න පිටත් වුණේ ඉක්මනින් ගෙදර යන්න ඕන කමකට නෙමෙයි හිමායගෙ ප්‍රශ්න වලින් බේරෙන්න ඕන නිසා..
.
.

Sahan pov 🍂🍂

ලෙක්චර් එක ඉවර වුණාට පස්සෙ staff room එකෙන් මගෙ බඩු ටිකත් අරගෙන කාර් එක ගාවට ආව මම ගෙදර යන්න පිටත් වුණා..

ගෙදරට ආව මම රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන ඇවිත් ඇදුමක් දාගෙන ඉවර වෙනවත් එක්කම රූම් එකේ දොරට තට්ටු කරන සද්දයක් ආව නිසා මම ගිහින් දොර ඇරියා..

" පොඩි මහත්තයගෙ කිරිතේ එක. "

" ස්තූතියි විජේපාල මාමේ. "

මාමා ගෙනාපු කිරි තේ එක අරගෙන එයාට යන්න කියලා දොර වහගෙන රූම් එක ඇතුලට ආව මම රූම් එක ඇතුලෙ තිබ්බ සෝෆා එකේ වාඩිවෙලා පොතක් බලන ගමන් කිරිතේ එක බිව්වා..

~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•

ඔන්න පළවෙනි කොටස ගෙනාවා...

කතාව කියවලා ලස්සනයි කියලා හිතෙනවනම් වොට් කරලා කමෙන්ට් එකක් දාගෙනම යන්න. ❤️

ඕශි.
2023.09.04.

Continue Reading

You'll Also Like

283K 33.3K 24
People meet by accident, People fall in love by accident, But people surely don't become someone's baby daddy accidentally, or do they? What started...
979K 44.2K 27
1950s. ***Story contains mature scenes and Hindi phrases which are not translated in english*** Abhigyan Singh, a Sarpanch of the village named 'Tara...
714K 17.4K 54
"Real lifeမှာ စကေးကြမ်းလွန်းတဲ့ စနိုက်ကြော်ဆိုတာမရှိဘူး ပျော်ဝင်သွားတဲ့ယောကျာ်းဆိုတာပဲရှိတယ်" "ခေါင်းလေးပဲညိတ်ပေး Bae မင်းငြီးငွေ့ရလောက်အောင်အထိ ငါချ...
748K 77.2K 28
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...