๐๐Ž๐’๐’๐„๐’๐’๐ˆ๐•๐„ ๐Œ๐€๐…๐ˆ...

By __Kim_Hana__

6.1K 797 110

๐—ง๐—ต๐—ฒ ๐—น๐—ถ๐˜๐˜๐—น๐—ฒ ๐—ฟ๐—ผ๐˜€๐—ฒ ๐—ฑ๐—ถ๐—ฑ๐—ป'๐˜ ๐—ธ๐—ป๐—ผ๐˜„ ๐˜๐—ต๐—ฎ๐˜ ๐—ต๐—ฒ ๐—ต๐—ฎ๐—ฑ ๐—ฐ๐—ต๐—ผ๐˜€๐—ฒ๐—ป ๐—ฎ ๐—ฑ๐—ฒ๐˜ƒ๐—ถ๐—น ๐˜๐—ผ ๐—ฒ๐˜€๐—ฐ... More

Possessive Mafia
~ Italy Mafia ~
แด„สœแด€แดฉแด›แด‡ส€ 01
แด„สœแด€แดฉแด›แด‡ส€ 02
แด„สœแด€แดฉแด›แด‡ส€ 03
แด„สœแด€แดฉแด›แด‡ส€ 04
แด„สœแด€แดฉแด›แด‡ส€ 06

แด„สœแด€แดฉแด›แด‡ส€ 05

803 101 30
By __Kim_Hana__






වාහනේන් එලියට ඇදිලා ගිය ජන්කූක් ඒකපාරම ගොරහැඩි අත් දෙකක් අතරට හිර වෙනකොට ජන්කූක් දැගලුවේ ගැලවෙන්න වුනත් එච්චර දෙයක් කරගන්න තරම් ශක්තියයක් පුංචි ජන්කූක්ට තිබුනේ නැහැ..

අන්කල් .... ප්ලීස් මාව අත් අරින්න! මම කැමති නැ කවුරුත් මාව අනවශ්‍ය විදියට අල්ලනවාට!!

අන්තිමට තමන්ව ඇදලා ගත්ත පිරිමි පුද්ගලයාට ජන්කූක් කැ ගැහුවා. ජන්කූක්ගේ ඇග පුරාම අත අරන් යන්න උත්සාහ කරපු ඔහු ජන්කූක්ගේ ඒ කැගැහිල්ල නිසා වට පිට බලන ගමන් ජන්කූක්ගෙන් ඇත් වෙනකොට කේන්තිය වැඩි කමට කදුළු පිරුණු ඇස් දිලිසෙද්දී ජන්කූක් මැන්ෂන් එක ඇතුලට දිව්වේ ඔහු ජන්කූක් යන දිහා කේන්තියෙන් බලාගෙන ඉද්දීයි..

තදින්ම හිතට දැනුනු කේන්තියත් දුකත් එකතු වෙලා ජන්කූක්ගේ බොල ඇස් වල තිබුණු කදුළු බින්දු බින්දු පහලට කඩා වැටුනා. තමන්ගේ කාමරේට දුවගෙන ආපු ජන්කූක් වේගෙන් දොර වහලා දැම්මා වගේම වහපු දොර දීගෙම රුටලා ගිහින් බිම වැටෙද්දී ඒ බොල ඇස් වලින් නිමක් නැතිවම කදුළු කඩන් වැටුනා. මෙච්චර වෙලාම හිනා වුනු ඇස් අඩන්න පටන් ගත්තා..

"ඇයි මට මෙහෙම.. "

ඉකි ගගහා අඩන ගමන් ජන්කූක් තමන්ගේ අතින් පපුවට ගහාගත්තේ පපුව ඇතුලේන් එන වේදනාව හින්දයි. විනාඩි ගානක් යනක් මුළු කාමරේට පුරාවටම තිබුනේ ජන්කූක් ඉකි ගැහීම් වල සද්දෙ විතරක් වෙනකොට එක දිගට සෑහෙන්න වෙලාවක් අඩපු ජන්කූක්ට අවසානෙදි හුස්ම ගන්න අමාරු වුණා..

බොල ඇස් දෙකෙම කළු බොලේ උඩ ගිහින් ජන්කූක්ට අවට වටපිටාව පවා අපැහැදිලි වෙන්න ගද්දි තමන්වම සන්සුන් කරගන්න උත්සාහ කරන ගමන් ජන්කූක් තමන්ගේම පපුව අතගෑවා වගේම හෙමින් හෙමින් හුස්ම ගත්තා..

"හැමදේම හ‍රි කු.. අපි ඉවසමු.. ම්ම් ඔයාට පුළුවන්!"

ලොකු හුස්මක් අරන් පාත දාපු ජන්කූක් සම්පුර්ණයෙන්ම තමන්ව සන්සුන් කරගත්තට පස්සේ දොර ලගින් නැගිටලා කෙලින්ම බාත්රූම් එක පැත්තට ඇවිදගෙන යද්දි ජන්කූක්ට ඇහුනා ඔහු කාමරේට දොර අසලට වී වේගෙන් දොරට තට්ටු කරන බව. එයට කන් නොදීපු ජන්කූක් බාත්රූම් එක ඇතුලට යන්න ගියා..

පැයකට ආසන්න කාලයක් පිරිසිදු වුණු ජන්කූක් අවසානේ bathrobe එකත් ඇදගෙන එලියට ආවේ හවස 4ත් පහු වෙලා තියෙද්දීයි. එහෙන්මම ක්ලොසෙට් එක ඇතුලට ගිය ජන්කුක් අළු පාට අත් දිග ලොකු හුඩි එකක් එක්ක පුංචි සුදූ පාට ෂෝර්ට් එකකුත් ඇදගෙන ක්ලොසෙට් එකෙන් එලියට ආවා..

තවත් විනාඩි කිහිපයක්ම ඩ්‍රසින් ටේබල් එක ලග හැඩ වැඩ වුණු ජන්කූක් එහෙන්මම ඇදට ගියේ එතනම උඩ තිබුණු තමන්ගේ phone එකත් අතට ගන්න ගමන්. Phone එක අරගෙන ඇදේ එහෙට මෙහෙට පෙර්ලනුණු ජන්කූක් කම්මැලි කාමේ තොල් උල් කරගෙන phone එක අයෙම පැත්තකින් තිබ්බා..

ඊටපස්සේ ගෙවුණු විනාඩි කිහිපයක කාලේ පුරාවටම ජන්කූක් කරෙ ඇදේ උඩ පේළි අතට පෙරලිලා හිස් අවකාශෙ දිහා බලාගෙන හිටපු එක වෙනකොට ගෙවිලා ගිය පුංචි වෙලාව ඇතුලේ ජන්කූක්ගේ ඔලුව ඇතුලේ හුගක් දේවල් වැඩ කරා..

ජන්කූක් කියන්නේ පුංචි කාලේ ඉදන්ම මමා ඩැඩා නැතුව හැදුනු පුංචි අහිංසකයෙක්. ජන්කූක්ගේ මුළු ලෝකෙම උනේ එයාට දැනුම් තේරුම් තිබුණු කාලේ ඉදන්ම එයාව බලා ගත්තු, අදටත් ඩැඩා කියලා කතා කරන තමන්ගේ ඩැඩාගේ මල්ලි වුණු බප්පාටයි. පුංචි කාලේ ඉදන්ම අහිංසක ජන්කූක්ව ඔහු මලක් වගේ පරිස්සමින් බලාගත්තා වගේම ජන්කූක්ගේ මුළු ලෝකෙම තිබුනේ ඔහු ලග. ජන්කූක්ට යමක් කමක් තේරෙන වයසේ ඉදන්ම ඔවුන් දෙන්නටම හිටියේ ඔවුන්ම විතරක් නිසා එයාලා එකිනෙකාට නොසැහෙන්න ආදරේ කරා..

ජන්කූක් කියන්නේ හුගක් සියුමැලි, අහිංසක, කිකරු ලමයෙක් වෙනකොට ජන්කුක්‌ගේ බාප්පා ජන්කූක්ව හුගක් ආදරේන් පුංචිමවත් අඩුවක්‌ නොකර හ‍රි ලස්සනට උස්මහත් කරා. ජන්කූක්ගේ සතුට වෙනුවෙන් ඒ මුණේ හිනාව වෙනුවෙන් ඔහු ඕනම දෙයක් කරා. ඒ තරම්ම ඔහු ජන්කූක්ට ආදරේ කරා..

ජන්කූක්ගේ අසනීපකදී පවා ජන්කූක් ලගටම වෙලා හැමදේම කරන බාප්පා ජන්කූක්ට තනිකරම ඩැඩා කෙනෙක් වෙනකොට ඔම්මෙක්ගේ ආදරේ පවා ජන්කූක්ට ලැබුනේ තමන්ගේ ඩැඩා වුණු බාප්පාගෙන්. ඉතින් එයාලා අතර තිබුනේ හ‍රි ලස්සන බැදීමක්..!

ඒත් ඒ හැමදේම තිබුනේ මීට මාසෙකට උඩදි වෙනකොට ජන්කූක් හා ඔහු අතර දැන් තිබුනේ ඊට හාත් පසින්ම වෙනස් සම්බන්දයක්. හ‍රි හැටි කතා බහක් නැති, එකිනෙකාගේ මුනවත් බලන්නේ නැති තරම් ඇත් වුණු දුරස්ත බැදීමක් වෙනකොට ඒ හැමදේටම හේතුව උනේ අද ජන්කූක් අනවශ්‍ය විදියට අල්ලපු මනුස්සයා වුණා..

මීට මාසෙකට විතර කලින් ජන්කූක් කියන්නේ නිදහසේ හුස්ම ගත්තු පුංචිවත් ප්‍රශ්නයක් නැති හ‍රි සරල සාමාන්‍ය පිරිමි ලමෙක්..

එත් මීට සතී කිහිපයකට උඩ දවසක් දා හවසක ජන්කූක් uni ගිහින් ගෙදර එනකොට ගෙදර living room එකේ තමන්ගේ ඩැඩා එක්ක කතා කර කර ඉදපු ආගන්තුක මනුස්සයා නිසා මේ ගෙවුණු සතී ගානට ජන්කූක්ගේ මුණේ තිබුනු හිනාව බලන් ඉද්දී නැති වෙලා ගියා කියන්න දැනගෙන හිටියේ ජන්කූක්ම විතරයි..

හරියටම මීට මාසෙකට කලින් ජන්කූක්ගේ ඩැඩාට ඒ මනුස්සයා ජන්කූක් ගැන marriage proposal එකක් අරන් ඇවිත් තිබුනේ ජන්කූක් බලාපොරොත්තු නොවුණු අවස්ථාවක වෙනකොට ජන්කූක් එදා තරම් ජිවිතේ අසරණ වුණු දවසක් තිබුනේ නැහැ..

මිනිස්සු ගැන, සමාජේ ගැන එච්චර ලොකු තේරුම් කමක් නොතිබුනත් ජන්කූක් කියන්නේ මෝඩයෙක් නොවුනු කොට ඒ ආගන්තුකයා තමන් වෙතට හෙලන බැල්මෙන්ම ජන්කූක්ට තේරුම් ගියා ඒ මනුස්සයා තමන්ට කොහෙත්ම හොද කෙනෙක් නොවන බව..

එක තවත් පැහැදිලිව තහවුරු වෙන ගමන් පහු ගිය සති කිහිපය ගෙවිලා ගියේ ඔහුගේ ඉවරයක් නැති කරදර ජන්කූක්ට සිද්ද වෙනකොට තමන්ට වඩා තුන් ගුණකින් විතර වයසින් වැඩි වුණු ඔහු අනවශ්‍ය විදියට තමන්ට ලන් වෙනවා වගේම තමන්ව අපහසුතාවයට පත් කරනවා කියලා ජන්කූක් තේරුම් ගියා..

ඒ ගැන සැරෙන් සැරේ ජන්කූක් තමන්ගේ ඩැඩාට කියන්න උත්සාහ කරත් ඔහුත් ජන්කූක්ගේ වචන මග ඇරියේ ජන්කූක්ව අන්ත අසරන කරලා..

ඒ හේතුව නිසා ජන්කූක් ටිකෙන් ටික පහු ගිය සතී කිහිපය තුල තමන්ගේ ඩැඩාගෙන් හුගක් ඇත් වුණා. ඒ දුරස් වීම කාටත් වඩා බලපැවෙත් ජන්කූක්ටම වෙනකොට තමන්ගේ පුංචි වෙනසක් පවා තේරුම් ගන්න ඩැඩාට ඇයි ඒ මනුස්සයා නිසා තමන් විදවන බව නොතේරෙන්නේ කියලා ජන්කූක් අදටත් කල්පනා කරනවා..

~Beep ~Beep ~

ලොකු කල්පනාවක ගිල්ලා ඉදපු ජන්කුක් සිහියට ආවේ ඇදේ ටිකක්‌ එහායින් තිබුණු phone එක රින්ග් වෙන්න ගත්ත නිසයි. Phone එක අතට අරගෙන screen එක දිහා බලපු ජන්කූක්ගේ මුනට අමුතුම වෙනසක් එකතු වෙනකොට ආයෙම දෙයක්‌ මතක් කරගෙන මුනට හිනාවක් ගත්ත ජන්කූක් තවත් පරක්කු නොකර phone එක අන්ස්වර් කරා..

Lee Felix
Jungkook's friend ~

මොකද බල්ලෝ උබට phone එක ආන්සර් කරන්න මෙච්චර වෙලා යන්නේ!!!

ඔය ලමයට කෑ ගහන්න එපා බබා~

නිදාගෙන හලෝ හිටියේ මන් එකයි..

කන කඩාගෙන යන තරම් සද්දෙන් ඇහුනු තමන්ගේ හොදම යලුවා වුණු Felix ගේ කටහඩ නිසා phone එක කනෙනුත් ඇත් කරපු ජන්කූක් බොරු හේතුවක් කියන්න කට‍ හදනකොටම එහා පැත්තෙන් ලාවට ඇහුනු අනෙක් කට‍ හඩ නිසා ජන්කූක්ගේ මුනට පුංචි හිනාවක් ආවා. ඒ අතරින්ම ජන්කූක් ගොතාගත්ත බොරුව කියලා දැම්මේ felix ටත් ජන්කූක් කිව්වේ බොරුවක්‌ කියලා නොතේරෙනකොට..

ඔයා ඉන්න ඒයි මෙව්වා මේ කතා කරන්න ඕන දේවල්!! මෙහ් මොකක්ද බන් අර දවල් උනේ..ඒ හ්යුන්ග් නම් හ‍රි අමුතුයි.. ඒ උනත් හෙන හැන්සම් හල්-ආව්ව්ව්~

අනෙක් පැත්තේ ඉදගෙන කැඩිච්ච රේඩියෝව වගේ කියෝගෙන ගියපු felix කියන ගිය එක මග නතර වුණා වගේම ඒ එක්කම වේදනාත්මක කෙදිරියකුත් එක්ක කෑ ගහද්දි වෙච්ච දේ ජන්කූක්ට නම් හිතාගන්න පුළුවන් වුණා..

එව් ගුටි කැවා නෙතේ 👉🏻👈🏻 හොද වැඩේ ම්ම්හුක්!!

මහා සද්දෙන් හිනා වෙන ගමන් ජන්කූක් කිව්වේ දවල් හම්බ වෙච්ච හැන්ඩම් මැන් ගැන කියන්න ගිහින් felix එයාගෙ boyfriend වුණු hyunjin හ්යුන්ගේන් ඔලුවට හොද එකක් කැවා කියලා තේරුණු නිසයි..

තමුසේලා ඔක්කොම එකයි!! මේ පොඩි මට‍ අරියාදුමයි කරන්නේ !!!

අනේ මේ අහගන්න එපා තමුන් මගෙන්!! ~

ආයෙම එහා පැත්තෙන් hyunjin ගේ කට‍හඩ ඇතින් ඇහෙනකොට ජන්කූක් තවත් සද්දෙන් හිනා වුණා. පහු ගිය මාසේ ඇතුලත ජන්කූක්ට හිනා වෙන්න එකම හේතුවකට හිටියේ felix විතරයි. ජන්කූක් සෑහෙන්න ආස කරා felix සහ hyunjin අතර තිබුනු බැදීමට. ඒ වගේම ඔවුන් අතර තිබුණු සරල බවට..

හ‍රි හ‍රි මේ ජන්කූක්!! හුක් හුක් නෙමෙයි පරිස්සමින් අනික් දවසේ ඇ දැක්කනේ අද වෙන්න ගිය එක! අර හ්යුන්ග් හිටියේ නැත්තන් මට‍ ජියොන් අන්කල්ට තෝව ගෙනත් දෙන්න වෙනවා!!

ජන්කූක්ගේ පුංචි කල්පනාවට තිත තියනගමන් felix කතා කරේ දවල් වෙච්ච සිද්දිය අයෙමත් ජන්කූක්ගේ ඇස් ඉස්සරහ මැවෙනකොට. ඇත්තටම දවල් වෙන්න ගිය accident එක ගැන ලොකු දෙයක් ජන්කූක්ගේ ඔලුවේ තිබුනේ නැහැ. එකට හේතුවත් තමන් දිහා එක එල්ලේ බලාගෙන හිටපු හිනී චොක්ලට් පාට ඇස් වෙනකොට ජන්කූක්ගේ මුණ හ‍රි ඉක්මනින් රතු වෙලා ගියා..

හුම්ම් හ‍රි හ‍රි.. අර හ්යුන්ග්ට ස්තුතියි කරන්නත් බැරි වුණා අප්පා..

මොන ස්තුතියි ද උබ වැටුනේ ජබර කලන්තේ දලා..

Felix ඒ කියපු කතාවට ජන්කූක්ගේ බොල ඇස් තවත් බොල උනා. චොකලට් පාට ඇස් විතරක්ම ඔලුවේ තියෙනකොට ලැජ්ජා නැතුව තමන් ඒ මනුස්සයගේ ඇගට නේද වැටුනේ කියලා ජන්කූක්ට මතක් උනේ මේ දැන් වෙනකොට දැනුනු ලැජ්ජාව නිසා ජන්කූක් රතු වෙන්න ගත්තා..

අනේ යවනවකො..

කොහෙ යන්නද? යන්න තැනක් නැහැ මිනිහාගේ ගෙදර වැටිලා ඉන්නෙත්..

මම අවොත් උබ මගෙන් කනවා පොඩ්ඩෝ!!!

අයෙමත් felix කියපු මොංගල් කතාවට හිනා වෙන්න ගිය ජන්කූක්ට ඇහුනා එහා පැත්තෙන් ඉදන් hyunjin කෑ ගහන සද්දෙත් felix ගේ සද්දයක්වත් නැති වෙනකොට ජන්කූක් ආයෙම කතා කරන්න හැදුවත් ඇහුනු වාහන සද්දෙත් එක්ක ඒ ආවේ තමන්ගේ ඩැඩා කියලා ජන්කූක්ට තේරුණා..

Felix ඩැඩා ආවා මන් ඔයාට ආයෙම ගන්නම්.. Bye ~

Call එක cut කරන්න කලින් කියපු ජන්කූක් call එකත් cut කරලා phone එක පැත්තකින් තියලා අයෙමත් ඇද උඩ දිගා උනේ මුනත් දුකින් පුරෝගෙන. අද සිද්ද වුණු දේත් එක්ක ජන්කූක් ඉදියේ කේන්ති වගේම ඩැඩා ආවහම ගිහින් කතා කරනවා කියලා වුනත් චුට්ට බැරි වෙනකොට කදුළු පයින ඇස් දෙකයි බේරී වෙන මුනයි එක්ක ඩැඩා එක්ක කතා කරන්නේ කොහොමද කියලා ජන්කූක් කල්පනා කරා..







.

.






ඩැඩා මට‍ ටිකක්‌ කතා කරන්න ඕන..

විනාඩි කිහිපයක් පුරවටම නිශබ්ද්ද වෙලා තිබ්බ ඩයිනින් ඒරියා එකෙන් ජන්කූක්ගේ හඩ විතරක් ඇහෙනකොට පුටුවෙන් නැගිටලා යන්න හදපු ජන්කූක්ගේ ඩැඩා නැවතුන..

ම්ම් කියන්න!

Jeon Daejoon
Jungkook's dada

ඩැඩා මම ඔයාට එදත් කිව්ව!! මම මේක කරන්න බැ!!ඇයි ඔයාට තේරෙන්නේ නැත්තෙ??

තමන්ගේ පැත්තට හැරිලා වෙනසක් නැතුව හිස් ඇස් වලින් බලන් ඉන්න තමන්ගේ ඩැඩා දිහා බලපු ජන්කූක් හිතේ තිබුණු, දුක, කේන්තිය අවෙගෙට පිට කරනගමන් එහෙම කියව්වේ තමන් ඇත්තටම කියන්න ඕන මොනාද කියලවත් ඔහුට නොතේරුන නිසයි..

ජන්කූක් මොකද මෙ!!

අර ජෙමින් කියන මනුස්සයා අද මාව--අහ්හ්.. මට‍ බැ ඩැඩා ඇයි ඔයාට තේරෙනෙන් නැත්තෙ!!!

කියන්න ඕන දේ පවා කියාගන්න හරිහැටි බැරි වුණු ජන්කූක් දිහා ජන්කූක්ගේ ඩැඩා බලන් හිටියේ ප්‍රශ්නාර්ථ බැල්මකින් වුනත් ඊටපස්සේ ගෙවිලා ගිය තප්පර කිහිපය තුල ඉකි ගැසීමක්‌ එක්ක පිට වුණු ජන්කූක්ගේ හඩ නිසා ජන්කූක් මොනවා ගැන ද කතා කරන්නේ කියලා ඔහුට තේරුම් ගියේ ඒ වෙලාවෙයි..

කාමරේට යන්න ජන්කූක්!!

ඩැඩා?

කදුළු පිරුණු බැම්බි ඇස් තමන්ගේ ඩැඩා දිහාවට යනකොට ඔහු තමන්ගේ ඇස් ජන්කූක්ගෙන් අහකට අරගෙන වෙන දිහාවක් දිහා බලාගෙන එහෙම කිව්වේ ඇහුනු දේ පවා ජන්කූක්ට විශ්වාස කරන්න බැරිව යනකොටයි. ඔහු ජන්කූක්ගේ ඇස් මග ඇරලා ඉස්සරහට ඇවිද ගෙන යනකොටත් හිටපු තැනටම වෙලා ජන්කූක් ඔහු යන දිහා බලාගෙන හිටියා..

"කාමරේට යන්න ජන්කූක්!!!"

ජන්කූක් තමන්ටම මුමුණ ගත්තේ හිනා වෙන ගමන්. තමන්ගේ ඩැඩාගේ ඒ හැසිරීම ජන්කූක්ගේ පුංචි හදවත හුගක් රිද්දලා තිබුනා. තමන්ගේ ඇස් වලින් වැටෙන කදුලක් පවා ලොකු කරගෙන දගලන ඩැඩා අද කිසිම ගානක් නැතුව අහක බලාගෙන ඉන්න විදිය ගැන ජන්කූක් හිටියෙ තවමත් පුදුම වෙලා..



.

.

.




කොරියාවට ඇවිල්ලා කිසීම වැඩක් නැතුව ටෙහ්යුන්ග් තවත් දවසක් ගෙවලා දැම්මේ ලොකු කම්මැලි කමකින්. Italy වල ගෙවුණු දින චර්යාව මෙහෙට කොහෙත්ම වලංගු වුනේ නැහැ. ටෙහ්යුන්ග්ට ඇත්තටම කොරියාවේ කරන්න කිසීම දෙයක් තිබුනේ නැහැ. ඇරත් කාර්යාබහුල ජීවිතේ වෙනුවට මෙලෝ වැඩක් නැති ඔහෙ ඉන්න ගමන් කාලේ කන වැඩේට ටෙහ්යුන්ග් කැමති වුණු නැහැ..

හැම වෙලේම තියෙන ජීවිත අවදානම, දවසින් දවස හම්බ වෙන පාතාල කාරයෝ, හැමදාම දකින ලෙ,පිස්තෝල, තමන්ගේ බංකර දකින්න නැතුව ගෙවෙන දවසක් හරිම කම්මැලි විදියට ටෙහ්යුන්ග්ට දැනුනේ. උදේට office යන නම්ජූන් පවා එන්නෙත් හවස වෙනකොට මැන්ෂන් එක ඇතුලේ ඉන්න එකත් ටෙහ්යුන්ග්ට එපා වෙලා තිබුනා..

එත් අද උදේ Italy වලින් ආපු එක call එකක් නිසා දවල් වෙනකන් ටෙහ්යුන්ග් ඉදියේ පාලනය කරගන්න බැරි තරම් කේන්තියකින්. එකට හේතුව විදියට තමන් නැති අතර Sicilian වල තත්ත්වේ වෙනස් වෙලා කියලා ලැබුණු පණිවිඩේ වුණා. Black hand Italy පිට ඉන්නේ කියන ආරංචියත් එක්ක පොඩි පොඩි mafia කාරයෝ එකතු වෙලා බිස්නස් වලට ඇගිලිගහන්න උත්සාහ කරලා වගේම ඩීල්ස් දෙක තුනක්‌ පාන්නලා කීයන ආරංච්ය එකෙනුත් ප්‍රධාන උනා..

නමුත් දවල් නම්ජූන්ගේ කීමට පිටතට ගිය ටෙහ්යුන්ග්ගේ මනසතුල දැන් තිබුණු තත්ත්වේ උදේ තිබුණු කේන්තියට වඩා සෑහෙන්න වෙනස් වෙලා තිබුනා. ඇත්තටම එක පුදුමයක්! ටෙහ්යුන්ග් කියන්නේ එකපාරක් කේන්ති ගත්තොත් දින දෙකක් යන තුරුම ඒම කේන්තිය නොනිවෙන කෙනෙක්! ඉතින් උදේ තිබුණු කේන්ති කොහොමද පැය කිහිපයකින් වෙනස් උනේ කීයන එක ලොකු ප්‍රශ්නයක්!

ඔය හැමදේම අස්සේ දවල් හම්බ වුණු මැදි වයසේ බිස්නස්මන් ගැන ලොකු පැහැදීමක් ටෙහ්යුන්ග්ට තිබුනේ නැහැ. ටෙහ්යුන්ග් කියන්නේ කොහෙත්ම මිනිස්සු විශ්වාස කරන කෙනෙක් නොවෙන නිසා ටෙහ්යුන්ග් ඕනම කෙනෙක් දිහාම බැලුවේ සැකෙන්..

නම්ජූන් හා ඔහු කතා කරපු දේවල් ගැන වැඩි දුර හිතුවොත් ඒ දේවල් වලින් තමන්ට අදාල වුනේ කරුණු දෙකයි කියලා ටෙහ්යුන්ග් ඔලුවට ගත්තා. එයින් පලවෙනි එක උනේ තමන්ගේ නැති වුණු තාත්තා ගැන ඔහු දන්නවා කියන කරනාව! දෙවනි එක උනේ පොඩි කාලේ තමන්ට කරපු ප්‍රපොසල් කරපු එයාගේ දරුවා තමන්ට දෙන්න අකැමති බව වගේම ඔහුව වෙන කෙනෙක්ට ප්‍රපොස් කරපු බවක්..

නමුත් ටෙහ්යුන්ග් තිබුණු ලොකුම ප්‍රශ්නේ වුනේ නම්ජූන්! දවල් හම්බුන පුද්ගලයා තමන්ගේ දරුවාව තමන්ට දෙන්නේ නැ කියපු හැම අවස්ථාවකම නම්ජූන්ට තදින්ම කේන්ති ගියපු හැටි වගේම ඒ හැම අවස්ථාවකම දෙපාරක් නොහිතලා නම්ජූන් ඔහුට තර්ජනය කරපු හැටි පවා ටෙහ්යුන්ග් මතක් කලා..

.

.

ටෙහ්යුන්ග් හිටියේ නම්ජූන්ගේ මැන්ෂන් එකේ රුප් ටොප් එකේ හදලා තිබුනු bar area එකේ. කළු පාට රව් උස පුටුවකින් ඉදගෙන විස්කි වීදුරුවක් තොගාන ගමන් ඉදපු ටෙහ්යුන්ගේ තියුණු හිනී ඇස් රැදිලා තිබුනේ පහලින් පේන golf ground එකේ තැනින් තැන රැදිලා තිබුබු කහ පාට ලයිට් කුළුණු දිහාවාට..

ඇල්ෆා!

විනාඩි කිහිපයක් පුරාවට තිබ්බ නිශ්බ්දයත් එක්ක තමන්ට ටිකක්‌ එහායින් හ‍රි කෙලින් හිටගෙන ඉන්න ඇල්ෆාට කතා කරන ගමන් අවට තිබ්බ නිශාබ්දතාවය ටෙහ්යුන්ග් බිද දැම්මා..

Boss

දවල් Seoul වලදී මුණ හැගුනු boy ගැන හොයලා බලන්න..!

Golf ground එක දිහාවට තිබුනු තියුණු ඇස් දෙක අතේ තිබුණු විස්කි වීදුරුව දිහාවට ගන්න ගමන් ටෙහ්යුන්ග් කතා කරනකොට ඔහුටත් නොදැනීම ඔහුගේ කට‍ කොනින් පෙනෙන නොපෙනන හිනාවක් ඇදිලා තිබුනා..

හ‍රි boss

ටෙහ්යුන්ගේ අනට කිකරු වෙමින් ඇල්ෆා දුන්නු කෙටි උත්තරෙත් එක්ක ටෙහ්යුන්ග් හිස් වුණු විස්කි වීදුරුව ක්ව්න්ට්ර් එක උඩින් තියලා හැඩයක් තිබුණු අමුතු වීදුරු බෝතලය ඇතුලෙ තිබ්බ විස්කි ප්‍රමාණයක් වක්කරගන්නකොට ඔහුට ඇහුනා ඇල්ෆා රූප් ටොප් එකෙන් ඉවතට ඇවිදගෙන යන සපත්තු අඩි සද්දෙ. ඒ සද්දේ ඇරෙන්න අයෙමත් මුළු පරිසරය පුරාවටම නිහඩතාවක්‌ පැතිරිලා යනකොට තවත් විස්කි වීදුරුවක් ටෙහ්යුන්ග් අතින් හිස් වුනේ පුංචි මිමිනිල්ලකුත් එක්‌ක්යි...












"උබ මගේ හිත හෙල්ලුවා cute බෝයි!! Fuck!! උබේ ඇස්"



.

.

.

_____________________________________________

සමාවෙන්න update පරක්කු උනාට 🤍

To be continued.

Continue Reading

You'll Also Like

81.7K 5.4K 12
แ—ชOแ‘ŽT แ’แ‘Œแ—ชGE แ—ฉ แ—ทOOK แ—ทY ITแ”• แ‘•OแฏEแ–‡ โ€ข Bad boy Taehyung โ€ข Nerd Jungkook What will happen when They meet ? Is Jungkook really a Nerd or ....... #F words #...
1.1M 19K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
30.4K 5.4K 22
โ„๐”ธโ„™โ„™๐•€โ„•๐”ผ๐•Š๐•Š. ๐‘ฏ๐’‚๐’‘๐’‘๐’Š๐’๐’†๐’”๐’” ๐’Š๐’” ๐’”๐’๐’Ž๐’†๐’•๐’‰๐’Š๐’๐’ˆ ๐’•๐’‰๐’‚๐’• ๐’Š๐’” ๐’„๐’๐’Ž๐’Ž๐’๐’ ๐’•๐’ ๐’‚๐’๐’, ๐‘ฐ๐’”๐’'๐’• ๐’Š๐’• ? ๐‘ฉ๐’–๐’• ๐’‹๐’–๐’๐’ˆ๐’Œ๐’๐’๐’Œ ๐’๐’๐’„๐’†...
851K 52.2K 116
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...