උල්කා (Completed)

By NirMad238

36.5K 8.5K 5.1K

අපි අපේම වෙමු, ලෝකෙටම හොරෙන්! More

introduction
1
2
3
4
5
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
A/N
A/N 2
ඇයි රඛිත් එහෙම කලේ?
ඇයි නිශේද් ආලෝක්ට අවස්ථාවක් නොදෙන්නෙ?

6

633 149 73
By NirMad238

ඉතින් තරඟෙ පටන් ගත්තා. ඉඳිකට්ට අළු ඇස් අල්ලගෙන ඉඳිද්දි මට තිබුනෙ ඒකට නූල දාන්න. හැබැයි එයා ඉඳිකට්ට අල්ලගෙන ඉන්න ඕනෙ තනි අතින් වගේම මං නූල දාන්න ඕනෙත් තනි අතින්. අනික් අත අපිට පාවිච්චියට ගන්නම බෑ.
මට නම් ඔය තරඟ මහ ලොකු දේවල් නෙමෙයි. දින්නත් පැරදුනත් ඒකෙන් මහ ලොකු සතුටක්වත් දුකක්වත් දැනෙන්නෙ නෑ මට. ඒත් අළු ඇස් නම් කිව්වෙ,
"Let's win this!" කියලා.

හැබැයි එහෙම කිව්ව එකාම තමයි අපිට විනේ කෙටුවෙ. එයාගෙ අතේ තියෙන ඉඳිකට්ටට මං නූල දාද්දි මගේ අත එයාගෙ ඇඟිලිවල ගෑවෙන එක නවත්තන්න බෑ. මං සම්පූර්ණයෙන්ම concentrate කරන්න ඕනෙ චූටි සිදුරක් ගැන නිසා අත් කොහේ ගෑවෙයිද නැද්ද කියන එක ගැන හිතන්න වෙලාවක් තිබුනෙත් නෑ. ඒත් නූල ඉඳිකට්ට ලඟටම අරන් ඇවිත් දාන්න ඔන්න මෙන්න තියෙද්දි කරන්ට් වැදිලා වගේ එයා ගැස්සෙනවා මට හොඳටම දැනුනා. එතකොටයි මට දැනුනෙ අපේ අත් ස්පර්ශ වෙනවා නේද කියන එක. ඒක ටිකක් අමාරු හැඟීමක්. මොකද්දෝ හේතුවකට මගේ කන් දෙකේ ඉඳන් රත් වෙනවා දැනෙද්දි,  මගේ තෝන් ලණුව මංම තද කරගත්තෙ මේ ඕවා හිතන්න වෙලාවක් නෙමෙයි නිසා.
දැන් දැන් මටත් ඕනෙ දිනන්න.

කොහොම හරි ඒ ගැස්සිච්ච පාරට නූල ගියේ පිට. මං ආයෙත් නූල ලඟට ගෙනාවා. එයා ආයෙත් ගැස්සුනා. ආයෙත් ආයෙත් තුන් හතර පාරක් එකම රවුම යද්දි ඇස් උස්සලා මං එයා දිහා බැලුවෙ මේක ඇත්තටම අපි කරනවද, නැත්තම් අද දවසම ගැස්සි ගැස්සි ඉන්නවද අහන්න. ඒත් ඉතින් හිතින් හිතුවට කටින් ඕක අහන්න බෑ මට. එයාගෙ ගැස්සුනේ ඇඟිලි ටික වෙද්දි මගේ ගැස්සෙන්නෙ මොකද්ද කියලා මං ඇත්තටම දන්නෙ නෑ.

හැබැයි මං බලනවත් එක්කම අළු ඇස් හිනා වුනා. ඒ එයා මා එක්ක හිනා වුන පලවෙනිම වතාව. එයාට නලදත් තිබුනෙ නෑ. ඒත් රදනක දත් දෙක ඇවිත් තිබුනෙ ටිකක් උඩට වෙන්න වගේ. ඒ නිසා ඒ හිනාවෙ තිබුනෙ අමුතුම සිරියාවක්. එයා ඇත්තටම මහ පුදුම මනුස්සයෙක්. නිකං සාමාන්‍ය විදියට ඉද්දි හරිම dominant and smart ගතියක් පේන්න තිබුන එයාම, මෙහෙම හිනා වෙද්දි ගොඩාක් cute and friendly විදියට පෙනුනා.

"Shall we..?"

දෙයියනේ! මං මේ මිනිහා දිහා බලාගෙන භාවනා කරලද මෙච්චර වෙලා. එයා හිනා වීගෙනම ඇස් වලින් ඉදිකට්ට පෙන්නද්දි මට අර harry potterට වගේ invisibility cloak එකක්වත් තිබුනා නම් කියලා හිතුනා. මේ මිනිහා ඉන්න තැනක හිටියොත් නම් විනාසයක්!

මං පට ගාලා බිම බලාගෙන නූල දාන්න try කලා. මේ පාර නම් පුදුමෙකට වගේ එයා ගැස්සුනේ නෑ. අපේ අත් හරිම මෘදු විදියට එකට ගෑවුනා. කන් දෙකේ ඉඳන් රත් වේගෙන දුම් දාගෙන එද්දිත් මං තොල හපාගෙනම කොහොම හරි නූල දාගත්තා. අලු ඇස් කෑගැහුවෙ රටක් රාජ්ජයක් දින්නා වගේ. අමාරුවෙන් වුනත් ඇස් උස්සලා මං එයා දිහා බැලුවා. ඒ ඇස් දිලිසෙන්නෙ තරු කැට වගේ.
මේ වගේ මෝඩ පහේ සෙල්ලමක් එච්චර කෑගන්න සතුටු වෙන්න දෙයක්ද? මට මේ මනුස්සයව නම් හිතා ගන්න බෑ.

හැබැයි අපිට ලැබුනෙ පලවෙනි තැන නෙමෙයි. දෙවනි තැන. අර මිනිහගෙ ගැස්සිල්ල නොවෙන්න අපිට එක වෙන්න තිබුනා ලේසියෙන්ම. කොහෙද ඉතින්. එක එක කෝලම් එක එක මිනිස්සුන්ගෙ.

ඊට පස්සෙ තරඟ නම් මං ශේප් එකේ මගෑරලා නිකං හිටියා. මගේ වාසනාවෙ හැටියට මොකා එක්ක සෙට් වෙයිද දන්නෑ ඊලඟ ඒවා. අයින් වෙලා පයින් යන එක මගේ ඇඟට, හිතට සේරෝන්ටම හොඳයි.

ඉතින් එදා රෑ කට්ටිය සිංදු කියලා හීනියට වගේ drinks ගන්නත් set වුනා. buffet එකක් විදියට කඩේකින් කෑමත් order කරලා තිබුන නිසා, ඇත්තටම හරි සැහැල්ලුවෙන් දවස ගෙවුනා. ළමයි ටික එකට සෙට් වෙලා party hall එකේ film එකක් බලද්දි ඒකෙම කොනක ලොකු මිනිස්සු ටික කයිය ගගහා බොන්න ගත්තා. මං ආලෝක් හිටිය table එකේමයි හිටියෙ. කොහොමත් මං කාත් එක්කවත් වැඩිය කතාවට යන්නෑනෙ. බියර් එකක් හෙමීට බොන ගමන් අනිත් මිස්සුන්ගෙ කතා අහගෙන ඉන්න එක, අනිත් අය කරන දේවල් බලාගෙන ඉන්න එක තමයි මං වැඩිපුරම කලේ. ආලෝක්ට නම් එයා වගේම business ideas තියෙන අය set වෙලා. කොහොමත් එයා මට ලොකු අවදානයක් දෙන්නෙ නෑනෙ කවදාවත්.

මට මතක් වුනේ අපි මුලින්ම මුණ ගැහුන හැටි. ලංකාවෙ ලස්සනම කැම්පස් එක කිව්වොත් බොරු නෙමෙයි මට හිතෙන්නෙ ඒක. රොබරෝසියා මල් පිපිලා, බිම වැතිරිලා, හුලඟ එක්ක හුරතල් වෙවී දඟ කරපු කාලයක් ඒක. මාසෙකට සැරයක් අම්මලා එවන සල්ලි ටික ගන්න මොකද්දෝ හේතුවකට බැංකුවට ඇවිත් තිබුනෙ අපි දෙන්නම එකට. එදා කතා කරලා ඇති කරගත්‍ත යාළුකම අපි දෙන්නම හිතුවට වඩා දුර දිග ගියා.

මගේ වෙනස ගැන හිත යටින් දුක් වෙවී මොකද්දෝ මන්දා හීන මානෙකින් හිටපු මට ආලෝක්ගෙ යාළුකම මහමෙරක් වගේ වුනා. අනික් යාළුවො ලඟදි නොදැනුනු සමීපකමක් මට එයා ලඟදි දැනුනා. ඒ නිසා මං එයා එක්ක කාලෙ ගෙවන්න, කතා කරන්න ඇබ්බැහි වුනා කිව්වොත් හරි. හැබැයි දැන් හිතලා බලද්දි එයාට නම් එහෙම විශේෂ වුවමනාවක් තිබුනෙ නෑ කියලා මට තේරෙනවා.

එයා ගැන ටිකෙන් ටික, ටිකෙන් ටික මගෙ හිතේ ආදරයක් ඇති වෙද්දි මං බැලුවෙම ඒක හංග ගන්න. යාළුකමයි, හිතේ සැනසීමයි දෙකම නැති කරගන්න ඕනෙ වුනේ නෑ මට. ඒත් පුදුමෙකට වගේ ආලෝක්ම මට කැමතියි කියද්දි මට දැනුන සතුට විස්තර කරන්න මේ ලෝකෙ වචන තියෙනවා කියලා මට හිතෙන්නෙ නෑ.

ඊට පස්සෙ ගෙවුන කාලෙ සුන්දරයි. අපි කාටවත් අඬබෙර ගහ ගහ ගියේ නෑ අපි ගැන. ඉතින් අපිට ලොකුවට කරදර වෙන්න තරම් ප්‍රශ්න තිබුනෙත් නෑ. එයාගෙ බයික් එකේ රෝන්දෙ යන්න. පොඩියට සෙට් වෙලා බියර් එකක් ගහන්න. හවසට පාඩම් කරන ගමන් කයිය ගහන්න අපිට ඕන තරම් වෙලාව තිබුනා. හැබැයි ඒ ඔක්කොම එක කාලෙක මං ගෙව්ව මායාවක් විතරයි. ඇත්තම ආලෝක් ඒ වගේ නෙමෙයි.

මට හිතන්න තිබුනා.
එයා මාව මුණ ගැහෙන්න එන්න බෑ කාමරේට වෙලා නිදාගන්න ඕනෙ කියපු වෙලාවල් වලදි!
මට හිතන්න තිබුනා.
එයා ඕනවට එපාවට මං කියන හැමදේකටම එයා 'හ්ම්, හ්ම්' කියද්දි!!
මට හිතන්න තිබුනා
එයාට මගේ උපන්දිනෙත් අමතක වෙලා යද්දි!!!

මට හිතන්න තිබුනා. මේ බැඳීම ඇත්තටම සම්පූර්ණ නෑ කියලා. හොඳම තීරණේ නෙමෙයි, ලේසිම තීරණේ අපි දෙන්නම මේ ගන්නෙ කියලා. මොකද අපි දෙන්නටම තිබුන හොඳම විසඳුම අපි දෙන්නමයි.
ගෙවල් වලින් මේ වගේ සම්බන්දෙකට අකමැති වෙන එක සීයට සීයක් විශ්වාස වුනත්, අපේ උගත්කම, දෙන්නගෙම පවුල් පසුබිමවල් එක්ක ඒ අකමැත්ත දරා ගන්න බැරි තරම් ප්‍රබල වෙන්නෙ නැති බව අපි දෙන්නම දැනගෙන හිටියා. ඉතින් අපි දෙන්නම අපේ ජීවිත එක්ක සූදුවක් සෙල්ලම් කලා වෙන්න පුළුවන්.

හැබැයි මම ආලෝක්ට පිස්සුවෙන් වගේ ආදරේ කලා. දවසක් එයාට ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා ලෙක්චර්ස් එන්න බැරි වෙද්දි, මං කෙල්ලෙක් වගේ අඬ අඬා, සුප් හදාගෙන ගිහින් එයාට පෙව්වා. එයා අමාරුවෙන් වමනෙ කරද්දි මට දැනුනෙ මගේ ඇඟේ කෑල්ලක් කඩලා දාලා වගේ වේදනාවක්. 'අනේ එයාගෙ අමාරුව මට ගන්න පුළුවන් වුනා නම්!' කියලා හිත හිත එයාට නින්ද යනකල්ම මං ඒ නලලට හාදු තිය තියා ඔලුව අතගෑවා.

එයාට බඩේ අමාරුවක් හැදිලා appendicitisද දන්නෑ කියලා hospital නවත්තපු වෙලේ මට හිතුනෙම මගේ පපුව පැලිලා මං මැරුනා නම් කියලා. සතියක් එක දිගට එයාගෙ ඇඳ ලඟ පුංචි පුටුවක වාඩි වෙලා lectures, assignments ඔක්කෝම cut කරගෙන මං නිදි මරාගෙන හිටියා. අපේ course එක හරිම strict. සතියක් ඔහොම නෑවිත් ඉන්නවා කියන්නෙ, repeat වෙනවා කියන එක තමයි. වෙලාවට ලඟින්ම හිටපු යාළුවො උදව් කරපු නිසා මං බේරුනත්, එවෙලේ ඕව මොනවත්ම හිතන මානසිකත්වෙක නෙමෙයි මං හිටියෙ. මට ඕනෙ වුනේ එයාගෙ ලඟ ඉඳන් එයාට හයියක් වෙන්න. තනි නොකර එයාව බලාගන්න. ඇත්තටම වෙලාවකට මට එයාව දැනුනෙ මගේම දරුවෙක් වගේ.

පාඩම් කරන්න ලොකුවට වුවමනාවක් නොතිබුන එයාට බලහත්කාරෙන් පාඩම් කරවන්න, එයාගෙ results හොඳ වුනාම පිස්සෙක් වගේ සතුටු වෙන්න. දෙන්නත් එක්ක සෙට් වෙලා පුංචි පුංචි පාටි දාන්න. සල්ලි ඉතුරු කරගෙන සැරින් සැරේ පුංචි පුංචි තෑගි අරන් දෙන්න. ඒ හැමදේම මං කලේ හදවතින්මයි.

ආලෝක් වුනත් මට නරකට සැලකුවා කියන්නෙ නෑ මම. අසනීප වුනොත් බේත් ගන්න එක්කගෙන යන්න. නිවාඩු දවසකට කොහේ හරි ඇවිදින්න යන්න. ප්‍රශ්නයක් එනකොට කතා කරන්න එයා මාත් එක්ක හිටියා. හොරාට වෙන සම්බන්දකම් තියාගෙන ඉන්න මිනිස්සු, අනික් අයට හිතක් පපුවක් නැතුව අතින් පයින් ගහන මිනිස්සු අතරෙ එයා මැණිකක් වෙන්න පුළුවන්.
ඒත් සමහර මල් සුවඳ නැහැයි කියලා, සුවඳ තියෙන හැම මලකටම අපේ හිත් නිවන්න පුළුවන්ද? අපිටම ආවේනික අපේම මලක් අපි හැමෝටම තියෙනවා නේද? අනික් මල් දැක්කම ලසන්නයි හොඳයි හිතුනත්, අපේම මල තරම් අපිට දැනෙන වෙන මලක් නැහැ නේද?
ආලෝකුයි මායිත් ඒ වගේ. එයා නරක නෑ තමයි. ඒත් එයා මගේ කෙනා නෙමෙයි. එයාට බෑ මගේ සැනසීම වෙන්න.

කොහොම වුනත් ඒ අතීතය ලස්සනයි. ඒක මං දන්නවා. ඒත් මට දැනෙන්නෙ නෑ. හරියට පාට බොඳ වෙලා, රූප මැකිලා ගිය චිත්‍රයක් වගේ. අද වෙද්දි ඒ හැමදේම මගේ ජීවිතේට පිටස්තර වෙලා ගිහින් ඉවරයි. එකතු වුනා කියලා අපි කරලා තියෙන්නෙම වෙන් වුන එක. එකතු වුනු දා ඉඳන් අපි ඇවිදලා තියෙන්නෙ දෙපැත්තකට. ඇත්තටම මේ බැඳීමේ තේරුම මොකද්ද?

ලොකුම ලොකු කල්පනාවක හිටපු මං මේ ලෝකෙට ආවෙ කට්ටිය මහා හයියෙන් හිනා වෙන සද්දෙට. මොකද්ද මේ තරම් විනෝදෙ කියලා බලන්න ඒ පැත්තට ඇහැ දාද්දි මට කෙලින්ම ඉස්සරහ මේසෙ ඉන්න අළු ඇස්වයි මම දැක්කෙ.

එයා හිටියෙ මගෙ දිහා බලාගෙන. මාත් ඒ පැත්ත බැලුවා කියලා දැනෙද්දි එයාගෙ අර ලස්සන අමුතු හිනාවෙන්ම beer can එක ඉස්සුවා.
මං තුශ්නිභූත වෙලා බලාගෙන ඉද්දි,

"Cheers!'
මගේ දිහා බලාගෙනම එයාගෙ තොල් හෙලවනෙවා මට පෙනුනා.

Continue Reading

You'll Also Like

619K 50.3K 54
မင်ရန်ရှင်း💓ဝမ်ယွမ် {ဝမ်ယင်}
37.4K 5.2K 40
අහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන ...
887K 15.9K 56
" ဒယ်ဒီဘာပြောပြောဖြူဖြူတို့လက်ထပ်စရာမလိုပါဘူးကိုကို.." " ဒါပေါ့.. မင်းကမိဘကိုလည်းဂရုမစိုက်၊ပတ်၀န်း ကျင်ကိုလည်းဂရုမစိုက်ပဲနေနိုင်ပေမယ့်.. ငါကတော့ဆရာသ...
5K 674 7
අහම්බයක් උනත් උබේ ඔය හමුවීම... ඒක මට මහාමෙරක් වගෙයි.... ඉතින් මන් හරි ආදරෙයි .....