𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴�...

By VinzVinzz

3.1K 469 27

සදාකාලික අවසානයක් දැකිය නොහැකි ආත්මීය බැඳීමකි. "අසම්මතය තුළ මා හිර වෙද්දී ලෝකය ඉදිරියේ වින්ද දුක මා තරම් දන්... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21

Chapter 12

110 24 0
By VinzVinzz

period එකේ අදාල ගුරුවරයා පන්තියෙන් ගියේ ස්කෝලේ ඉවර වෙන සීනුව වැදෙන්නත් ඉස්සෙල්ලා.

"එහෙනම් අපි හෙට library එකේ සෙට් වෙමු.."

කන්ග් දේ එහෙම කියලා බෑග් එකත් අරන් යන්න හදද්දී එයාව නවත්වගත්ත හුවාන්,

"උබ ඇයි අද මෙච්චර වේලාසනින් යන්න හදන්නේ?අපිත් එක්කම යමු.."

"නෑ බන්......අපේ ආච්චී අසනීප වෙලා...තාත්තා කිව්වා ස්කෝලේ ඉවර වෙලා පුලුවන් ඉක්මනට එන්න කියලා.උබලා එක්ක ගියොත් මට ආච්චිගේ මරනෙවත් බලන්න යන්න වෙලාව නැතිවෙයි..ඒනම් මං ගියා...."

කන්ග් දේ හුවාන්ගෙයි ජංකුක්ගෙයි ටේහ්‍යොන්ගෙයි පිටට ගහලා පන්තියෙන් එලියට ගියා.ජංකුක් හුවාන් දිහා ටික වෙලාවක් බලන් ඉඳලා,

"හුවාන්....උබ අවුලෙන් නෙමෙයිනේ ඉන්නේ?උබ ඔහොම හිටියට මං දන්නවා උබේ හිත හරි නෑ කියලා.."

"ජංකුකා උබ කිව්වනේ ඕක ගැන අමතක කරන්න කියලා....හිතේ අමාරුවක් නම් තියෙනවා තමයි...ඒත් ඕක ගැන හිතන්නේ නැතුව හිටියම අමාරුව පොඩ්ඩක් හරි නැතිවෙයිනේ"

"හ්ම්....හරි හරි......ඒක ඉක්මනට අමතක වෙලාම යයි.උබේ හිත relax වෙන්නත් එක්ක අපි පොඩ්ඩක් එලියට ගිහිල්ලා කාලා එමු"

ජංකුක් එහෙම කියද්දී කලබල උන හුවාන්,

"අහ්....නෑ නැ......මට දැන් ගෙදර යන්න ඕනේ බන්...මං දන්නවා උබලා එක්ක හිටියම ප්‍රශ්න මගහැරිලා යනවා කියලා...ඒත් මට දැන් ඇත්තටම ගෙදර යන්න ඕනේ බන්...සොරි....මං සීන් එක පස්සේ කියන්නම්."

හුවාන් ජංකුක් දිහා බලන්නෙවත් නැතුව බිම බලන් එහෙම කියද්දී ජංකුක් හුවාන් දිහා අමුතු විදිහට බලන් හිටියා.

"ප්‍රශ්නයක් නෑ....කන්ග් දේත් ගියානේ දැන්....අපි හෙට හම්බවෙමු.....දැන් යමුද?"

ටේහ්‍යොන්ග් එහෙම කියලා ජංකුක් දිහා බැලුවත් ජංකුක් තාමත් හුවාන් දිහා අමුතු විදිහට බලන් හිටියා.හුවාන් එකපාරට ජංකුක් දිහා බැලුවම ජංකුක්,

"හුවාන්......උබ.........අහ්....කමක් නෑ.....අපි යමුකෝ....."

ජංකුක් කියන්න ගිය එක නවත්තලා හුවාන් දිහා බලාගෙනම බෑග් එක දාගෙන පන්තියෙන් එලියට ආවා....ටේහ්‍යොන්ග් ජංකුක් හුවාන් තුන්දෙනාම ස්කෝලෙන් එලියට ආවේ කිසිම කතාවක් නැතුවම.

............................................................................

"ජංකුක්.......පුතේ ඔයා වැඩක්ද?"

ඇඳ උඩට වෙලා phone එක ඔබ ඔබ ඉද්දී ජංකුක්ට නාරී දොරට තට්ටු කරනවා ඇහුනම ජංකුක් ඇවිත් දොර ඇරියා.

"ඕ බොස් මොකෝ ප්‍රශ්නේ......"

"අද තාත්තා එන්න පරක්කු වෙනවා කිව්වා...මම දැන් market යනවා...ඔයාට තනියම ඉන්න බෑනේ...ඒ නිසා දැන් ලෑස්ති වෙන්න...මාත් එක්ක යමු.."

නාරි එහෙම කියලා පහලට ගියාම ජංකුක් ගියේ නාරි එක්ක market යන්න ලෑස්ති වෙන්න.

In SuperMarket

ජංකුක් නාරි එක්ක supermarket එකට ආවම තමයි ජංකුක්ට මතක් උනේ ගෙදර තියෙන ඔක්කොම snacks ටික ඉවර වෙලා කියලා.

"අහ් අම්මේ........මං ආස snacks වගයක් තියෙනවා.මං ගිහින් ඒව අරගෙන එන්නම්....මට අමතක උනා ඒවා ඉවර වෙලා කියලා....අම්මා එලියට යන්න එපා...ඇතුලෙම ඉන්න.."

ජංකුක් එහෙම කියලා ගියේ snacks තියෙන පැත්තට.ආස ඔක්කොම snacks ටික බකට් එකට දා ගත්ත ජංකුක් යන්න හදද්දී ජංකුක් වගේම බකට් එකක් පිරෙන්න snack දාගෙන ඉන්න ටේහ්‍යොන්ග්ව දැක්කා.

"ඔහ්හ්......ටේහ්‍යොන්ග්.....කොහොමද?"

ජංකුක් ටේහ්‍යොන්ග් ගාවට ඇවිත් එහෙම කිව්වම ටේහ්‍යොන්ග් පුදුම වෙලා ජංකුක් දිහා බැලුවා.

"ජංකුක්..!!මං හිතුවේ නෑ ඔයා මෙතන ඉඳියි කියලා...ඔහ්..ඔයත් මේවායෙ ෆෑන් කෙනෙක්ද?"

"ආයෙත් අහලා.......ඔයා අපේ ගෙදර ඇවිත් අපේ කුනු කූඩේ බලන්නකෝ....පිරෙන්නම තියෙන්නේ කාලා ඉවර උනු snack packets..වෙලාවකට අපේ අම්මා බනිනවත් එක්ක....මේවා කාලා ලෙඩ වෙයි කියලා...."

"හහ්......එහෙමද?ඒ උනත් හැමවෙලේම කන්නත් හොඳ නෑ තමයි...."

ටේහ්‍යොන්ග් එහෙම කියද්දී ජංකුක් ටේහ්‍යොන්ග්ට පේන්නම ටේහ්‍යොන්ගේ බකට් එක දිහා බැලුවා.

"නෑ නෑ ඉතින්.....මෙහෙම කිව්වට මමත් කනවා තමයි.....ඒත් ඔයා කියද්දී මට හිතුනා වැඩිය කන්න හොඳත් නෑ කියලා.."

"ඒ උනාට අපි කරන්නෙම කන එකනේ...."

ජංකුක් ඇහිඹබ උඩට උස්සලා එහෙම කියනකොට ටේහ්‍යොන්ග්ට හිනා ගියා.

"අහ්.. මේ ඒක නෙමේ.....මං ආවේ අම්මා එක්ක....එන්න, මම අපේ අම්මට ඔයාව introduce කරලා දෙන්නම්....."

ජංකුක් ටේහ්‍යොන්ග් එක්ක supermarket එකේ ඇවිදලා ඇවිදලා අන්තිමට නාරිව හොයා ගත්තා.

"අම්මේ......මේ ඉන්නේ මගේ අලුත් යාලුවෙක්.....අපේ ස්කෝලෙට අලුතෙන් ආවේ......හරිම හොඳයි.....ආ...මං වගේම snacks පෙරේතයෙක්......"

"කොහොමද ආන්ටි...."

ටේහ්‍යොන්ග් හිනා වෙන ගමන් එහෙම කියද්දී ටේහ්‍යොන්ග්ට ආදරණීය බැල්මක් හෙලපු නාරි,

"ආ ඒක දැක්කම පේනවා.......ඒ උනාට මේ පුතා අපේ ජංකුක් තරම් නම් දඟ මල්ලක් කියලා පේන්නේ නෑ...ජංකුක් නිසා එහෙම වෙයිද දන්නේ නෑ.."

නාරි එහෙම කියලා ජංකුක් දිහා ඇහැ කොනෙන් බැලුවා.

"අහ් නෑ නෑ.......එයාට එහෙම වෙන්න දෙයක් නෑ....ආ මේ ඒක නෙමේ අම්මේ......මං ටේහ්‍යොන්ග් එක්ක වැඩිය කතා කරලත් නෑනේ....අම්මට මගෙන් උදව්වක් ඕනේ නැත්තන් මං පොඩ්ඩක් මෙයා එක්ක එලියට ගිහින් එන්නද?"

"ජංකුක්, මම වෙනදටත් මේ වැඩ කරගන්නේ තනියම තමයි......ඔයා තනියම ඉද්දී බය වෙන නි........"

"අහ්.......හරි අපි දැන් යන්නම්.....අම්මා එහෙනම් පරිස්සමෙන් ගෙදර යන්න.."

කලබල වෙච්ච ජංකුක් නාරි කියන්න යන දේ එකපාරට මැදට පැනලා නැවැත්තුවේ ටේහ්‍යොන්ග් ඉස්සරහා ජංකුක්ට ලැජ්ජ වෙන්න ඕනෙ නැති නිසා.ජංකුක් ටේහ්‍යොන්ග් දෙන්නම snacks වලට pay කරලා එලියට ආවා....වෙනදා හුවාන් එක්ක යන park එකට ජංකුක් ටේහ්‍යොන්ග්ව එක්කන් ගියේ එතන ගොඩක් නිදහස් නිසා.

"අපි මෙතනින් ඉඳගමු....."

ජංකුක් එහෙම කියලා මේපල් ගහක් යට තිබුනු bench එකක ඉඳගත්තම ඔලුව වනපු ටේහ්‍යොන්ග් ජංකුක් ගාවින් වාඩි උනා.

"ජංකුක්, ඇයි ඔයා අම්මා කියන්න යන්න ගිය එක නැවැත්තුවේ..?"

"ම්....මොකා?මොකක්ද..?එහෙම නැවැත්තුවේ නෑ.....අම්මා මුකුත් කිව්වෙත් නෑ...."

"මම මෝඩයෙක් කියලා හිතන්න එපා.....අම්ම ඔයා බයයි කියලා කිව්වා.....මං අහන්නේ ඔයා මොකටද බය?"

"ඕහ්හ්හ් ටේහ්‍යොන්ග් ඔයා නිකම් CID වගේනේ......අයියෝ......හරි හරි... ඔහොම බලන් ඉන්න එපා....මං කියන්නම්කෝ......හැබැයි කාටවත් කියන්න එපා..හුවාන් විතරයි මේක දන්නේ..."

ජංකුක් එහෙම කිව්වම ටේහ්‍යොන්ග් ජංකුක් දිහා බලන් ඔලුව වැනුවා..

"ඇත්තටම කිව්වොත් මමත් ඒක දැනගත්තේ මේ ලඟදි තමයි....එදා අපි library ගිහින් ඇවිත් එලියෙන් කෑවේ?.අන්න ඒ දවසේ ගෙදර ආවට පස්සේ තමයි මට ඒ දේ උනේ.ඔයා මේක දන්නේ නැති නිසා කියන්නම්...මගේ මේ ජීවිතේ පුරාවටම කවදාවත් ගෙදර තනිවෙලා නෑ....කවදාවත්ම නෑ....මොකද මම ගෙදර ඉන්න දවසට අපේ ගෙදර කවුරු හරි ඉන්නවා...එක්කෝ මං එලියේ ඉන්න දවසට ඉන්නේ හුවාන් එක්ක හරි නැත්තන් වෙන කවුරු හරි එක්ක...අනේ මන්දා ඇයි එහෙම කියලා...ඒත් මට මං තනිවෙලා හිටපු එක දවසක්වත් මතක නැහැ...කොහොමහරි එදා ගෙදර යද්දී කවුරුවත් ගෙදර හිටියේ නෑ....හැමදාම මං එද්දී ගෙදර ඉන්න අම්මවත් එදා හිටියේ නෑ.........."

ජංකුක් එහෙම කියද්දී ජංකුක්ට එකපාරට හුස්ම හිරවෙනවා වගේ දැනුන නිසා කිය කිය හිටපු එක ජංකුක් නැවැත්තුවේ පපුවත් අල්ලගෙන.

"ජංකුක්...මොකද උනේ....ඔයා හොඳින්ද?"

කලබල උන ටේහ්‍යොන්ග් ජංකුක්ගේ අත අල්ලගෙන ජංකුක්ගෙන් එහෙම ඇහුවා.

"ඔව් ඔව්......මං හොඳින්.....එදා මං ගොඩක් බය උනා ටේහ්‍යොන්ග්....අනේ මන්දා ඒක මට ඔයාට කොහොමද කියන්නේ කියලා මට හිතා ගන්න බෑ...මුලු ගෙදරම හෙව්වත් එදා කවුරුත් ගෙදර හිටියේ නෑ....එවෙලේ මට මාරම අමුතු හැඟීමක් ආවා....මං හිතුවා මීට වඩා මැරුනනම් හොඳයි කියලා......මට කවදාවත් එහෙම හිතිලා නෑ..අඩුම තරමේ තාත්තා මට ගහපු දවසෙවත් මට එහෙම හිතුනේ නෑ.....මං ඒ වෙලාවේ හිතුවේ මම හැමදාටම තනිකඩයි කියලා...මට කවුරුත්ම නෑ කියලා...ස්....සොරි ටේහ්‍යොන්ග්....මට ඒක මතක් වෙනකොට හරිම අමාරුයි..මං තවත් ඕක ගැන කතා කරන්න කැමති නෑ....."

වේගෙන් හුස්ම ගන්න ජංකුක් එහෙම කියද්දී ජංකුක්ගේ පිටට හිමින් පිරිමැදපු ටේහ්‍යොන්ග්,

"හරි හරි.....ඒක ගැන තවත් කතා කරන්න ඕනෙ නෑ....මං දැනන් හිටියේ නෑ ඔයාගේ හිත මේකට මෙච්චර කලබල වෙයි කියලා...සොරි...."

"අහ් ඒකට ප්‍රශ්නයක් නෑ......ඒක නෙමේ ටේහ්‍යොන්ග්,මට මේ දවස් වල මගේ ඔලුවට වද දෙන දෙයක් තියෙනවා....මට හිතෙනවා හුවාන් මගෙන් මොකක් හරි හංගනවා කියලා.....එදා චන්ගේ සීන් එකෙන් පස්සේ හුවාන්ගේ හැසිරීම මට එච්චර සැටිස් නැහැ....අනිත් එක මට ඒක හුවාන්ගෙන් කෙලින් අහන්න හිතෙන්නෙත් නැහැ"

"හ්ම්....මටත් ඒක තේරුනේ හුවාන් ඔයාගෙන් හේතුවක් නැතුව සමාව ගත්තු වෙලාවේ....එයා ඔයාට බොරුවක් කරන්නේ නැත්‍තන් සමාව ගන්නෙත් නැහැනේ.....අනිත් එක ඕක තාවකාලික බොරුවක් කියලා මට හිතෙනවා.."

ටේහ්‍යොන්ග් එහෙම කියද්දී එකපාරට ටේහ්‍යොන්ග් දිහා බලපු ජංකුක්,

"මොකා!!!තාවකාලික...?මොකද්ද ඔයා ඔය තාවකාලික කියන එකෙන් කියන්න හදන්නේ?"

".....ඒ කියන්නේ එයා ඔය බොරුව කරන්නේ ටික දවසක් කියන එක..හුවාන් ඔයාට මොකක් හරි බොරුවක් කරනවනම්, කාලේ ආවම එයාම ඔයාට ඇත්ත කියනවා.."

"හරි ඉතින් ඇයි එයා මට බොරු කියන්නේ....?මට ඇත්ත කිව්වනම් ඉවරයිනේ.....මට sure හුවාන් ඔය බොරුව කරනවනම් කරන්නේ චන් නිසා තමයි...එදා එයා පන්තියෙන් එලියට ගියේ චන්ව හම්බවෙන්නනේ..ඒත් ඒ බොරුව මොකක් වෙන්න ඇතිද?"

.............................................................

Shinpin restaurant

චීන විලාසිතාවට නිමවලා තියෙන ඒ Restaurant එකේ තරමක් අයිනට වෙන්න තිබුනු මේසෙයක කවුරුහරි එනකන් බලන් ඉන්න හුවාන් හිටියේ ටිකක් කලබලකාරී ගතියකින්.එකපාරට හුවාන්ගේ මූනේ හිනාවක් ඇඳුනේ restaurant එකට ඇතුල් වෙන තැන හරිම ආකර්ෂණීය පෙනුමක් ඇති කලු ගවුමක් ඇඳගෙන මූනේ අහිංසක හිනාවක් තියාගෙන එන චන්ව දැකලා.

"මං ටිකක් පරක්කු උනා නේද?"

මේසේ ලඟට ආපු චන් හුවාන් ඉස්සරහින් ඉඳගන්න ගමන් එහෙම ඇහුවා.

"අහ් නෑ නෑ.......මං හිතන්නේ මමයි මෙතනට වෙලාසනින් ආවේ....ඒක නෙමේ,ඔයා ඇයි මේ chinese restaurant එකකට මට එන්න කිව්වේ?"

හුවාන් එහෙම අහ්ද්දී බිම බලාගෙන හිනා උනු චන්,

"මේක.......මේක මගේ තාත්තගේ...තාත්තා ඉපදුනේ චීනෙ...ඉතින් මගේ සීයා chef කෙනෙක් නිසා මගේ තාත්තත් ආසාවෙන් ඉඳලා තියෙනවා එයාගෙම කියලා restaurant එකක් හදන්න...ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච නිසා තමයි තාත්තට අද මේ වගේ restaurant එකක අයිතිකාරයෙක් වෙන්න පුලුවන් උනේ.."

"ඕහ්...මම එච්චර දෙයක් දැනන් හිටියේ නෑනේ...හරි,අපි මුලින්ම කතාවට බහිමු....ඔයාට මොකක්ද මට දැන් කියන්න තියෙනවා කිව්වේ..?"

"මං.........මං කියන්න යන දේ ඔයා විශ්වාස කරයිද දන්නේ නෑ....ඒත් මම ඔයාට පොරොන්දු වෙනවා මම මේ කියන්නේ ඇත්ත කියලා....ඔයා මට කිව්ව දේ ඇත්‍ත උනාට ඒ පිරිමි ලමයයි මමයි breakup උන හේතුව නම් ඇත්ත නෙමෙයි.."

"හරිනම් කන්ග් දේ කිව්ව ඔක්කොම ඇත්ත....ඒත් උනේ ඒකේ අනිත් පැත්ත...ඒ පිරිමි ලමයගේ නම මියුන්..එයා ඉස්සර හැමදාම පුරුද්දට වගේ මේ restaurant එකට එනවා.....අපි ඉස්සර ඉඳලම යලුවෝ වගේ හිටියේ....මමත් තාත්තව බලන්න හැමදාම මෙහෙ එන නිසා එයයි මමයි හැමවෙලේම මුන ගැහුනා...මම ඇත්තටම එයාව විශ්වාස කරා....මං මගේ යලුවොන්ටත් එයා ගැන කිව්වා....මම හිතුවේ එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා....මම...මම මෙතනදි අවංක වෙන්නම්...."

චන් එහෙම කියලා බිම බලාගෙන හොඳ හුස්මක් පිට කරා.

"ඇත්තටම මට මියුන් ගැන හිතේ කැමැත්තක් තිබුනා....මොකද මියුන් මම කැමති විදිහේ කෙනෙක් නිසා..එයා මගේ හැමදේකටම උදව් කරා...ඒ වගේම මං මගේ හැම ප්‍රශ්නයක්ම කිව්වේ මියුන්ට...මගේ හැම දුකක්ම මං ගිහින් මියුන්ට කිව්වම ඒ හැමවෙලාවෙම මියුන් මාව සැනසුවා...එයා මාව හොඳින් තේරුම් ගත්තා....ඉතින් මම බය උනා මං පරක්කු වෙයි කියලා....මියුන් එහෙට ආපු දවසක් බලලා මගේ හිතේ තියෙන දේ එයාට කියන්න ඕනේ කියලා මං හිතුවා...ඒ වගේම මම ඒක කරා...මට හිතා ගන්න බැරි උනා මං අහපු දවසෙම එයත් මට කැමති වෙයි කියලා....ඉතින් අපි අපේ affair එක පටන් ගත්තා..ඒත් මාස ගානක් යද්දී ඇත්තටම මියුන් වෙනස් උනා....එයා ඉස්සර තරම් මං ගැන care කරේ නැහැ.පොඩ්ඩ පොඩ්ඩ මාව මගහැරියා....ඒත් මං ඒවා වැඩිය හිතන්නේ නැතුව ඒයා එක්කම හිටියා...එක දවසක් එයා උදේ ඉඳන්ම මට කෝල් කරේ නැහැ,මාව බලන්න ආවේ නැහැ අඩුම තරමේ මං ගන්න කෝල් එකක්වත් answer කරේ නැහැ....මං එයාව බලන්න ගියා....ඒත් කන්ග් දේ කිව්වා වගේ නෙමේ,මමයි දැක්කේ එයා වෙන කෙල්ලෙක් එක්ක පාරේ ඉන්නවා...ඒකත් නිකන් නෙමේ....ඔයා දන්නවනේ.....gf කෙනෙක් විදිහට මට ඒක බලන් ඉන්න බැරි උනා...."

චන් කිය කිය හිටපු දේ නවත්වලා වතුර උගුරක් බිව්වා.ඒත් චන් ආයිත් කතාව පටන් ගන්න යන්න හදද්දී හුවාන් එකපාරට චන්ට අත දික් කරලා,

"චන්,මම දැන් ඔයා කියන එක කොහොමද විශ්වාස කරන්නේ....?මම මගේ යාලුවටත් බොරු කිව්වේ ඔයා කියපු නිසා....ඒත්....එත්......"

"නැහැ හුවාන්....ඔයා මන් කියන දේ අහලා ඉන්නකෝ...මං දන්නවා ඔයාගේ ලඟම ඉන්න යාලුවෙක් මං ගැන එහෙම දෙයක් කිව්වම ඔයා විශ්වාස කරන්නේ එයාව කියලා....ඒත් මම කෙල්ලෙක් හුවාන්.....මම දන්නවා මට වෙච්ච දේ.....please...පොඩ්ඩක් මට මේක කියන්න දෙන්න"

චන් හුවාන්ට බැගෑපත් වෙලා එහෙම කියද්දී හුවාන් ඔලුව වැනුවේ චන්ට එයාගේ කතාව continue කරගෙන යන්න.

"මම ඒ දැක්ක වෙලාවේ එයා ගාවට ගිහින් මෙහෙම කරේ ඇයි කියලා අහන්න මට තරම් හයියක් තිබ්බේ නැහැ..මම එදා ගෙදර ගිහින් හොඳටම ඇඬුවා...මට ඒ දැක්ක දේ විශ්වාස කරන්න බැරි උනා...මම හිතුවා ඊලඟ දවසෙම ගිහින් එයාව හම්බ වෙන්න ඕනේ කියලා....ඉතින්...."

චන්ගේ කතාව ආයිත් නැවතුනේ වෙන මුකුත් නිසා නෙමෙයි,හුවාන්ට ජංකුක්ගෙන් කෝල් එකක් ආපු නිසා.

"ඉන්න.....මට ඔයාලගේ යාලුකම කඩන්න ඕනේ නැහැ..ඒත් ඕක answer කරන්න එපා....මං කියන දේ අහන්නකෝ....ඔයා ඕක answer කරොත් ඔයාට ඔයාගේ යාලුවට බොරුවක් කියන්න වෙනවා...ඒ නිසා හුවාන් ඔයා ඔය කෝල් එක කට් කරන්න...."

"ඒත්.....ඒත් මට මේ කරන දෙයින් හෙට කොහොමත් ජංකුක්ට බොරුවක් කියන්න වෙනවනේ....."

"නැහැ.....ඔයා හෙට ඔයා ඔයාගේ යාලුවට ඇත්ත කියනවා....බය වෙන්න එපා......මමනේ කියන්නේ...."

චන් එහෙම කියද්දී පොඩ්ඩක් වෙලා මූනත් අවුල් කරගෙන හුවාන් phone එක දිහා බලන් හිටියා...ඒත් කෝල් එක ජංකුක්ම කට් කරාම පුදුම උන හුවාන් චන් දිහා බැලුවා.

In park

"ඔහ්.....ටේහ්‍යොන්ග්..!!!!ඇයි ඔයා ඒක කට් කරේ....එයාගෙ බොරුව අල්ලගන්න හොඳම විදිහනේ ඒක....."

"නෑ ජංකුක්....එයා බොරුවක් තමයි කරන්නේ....මට මේක කියන්න,එයා කවදාවත් ඔයා ගන්න කෝල්ස් answer කරන්න ඔච්චර වෙලා යන්නේ නෑ නේද?"

"අහ්..ඔව්නේ.....ටේහ්‍යොන්ග් ඔයාට මාර මොලයක්නේ තියෙන්නේ......දැන් මම දන්නවා....එයාගේ හැසිරීම,මේ කෝල් එක...ඒ ඔක්කොම දැන් මම දන්නවා... එහෙනම් හෙට ස්කෝලෙදි මං හුවාන්ගේ හොරේ අල්ලගන්නම්කෝ...."

ජංකුක් තරහෙන් අත මිටි මොලවගෙන එහෙම කිව්වම ටේහ්‍යොන්ග්ට ඒකට හිනා ගියා.

"ඕ...ඕහ්හ්...ඔයා මොකද මේ හිනා වෙන්නේ..?ඔයත් මේකට සම්බන්ධයි නේද ටේහ්‍යොන්ග්?ඔයත් මට බොරු කරනවා නේද..?හරි හරි, මට තේරුනා..ඔයා මම හුවාන්ට ගත්ත කෝල් එක කට් කරා,දැන් හිනා උනා....හරි....ඔයත් එහෙනම් මට බොරු කිව්වා....මං..."

ජංකුක් කියවගෙන කියවගෙන යනකොට හිනා උන ටේහ්‍යොන්ග් ජංකුක්ට තවත් කියවන්න දෙන්නේ නැතුව,

"ජංකුක්.......ඇයි පොඩි ලමයෙක් වගේ හැසිරෙන්නේ...?ඔයා මාර ඉක්මනට වෙනස් වෙනවනේ..පොඩ්ඩක් තේරුම් ගන්න මං කියන එක....මට හිනා ගියේ ඔයාගේ ඒ හැසිරීමට මිසක් ඔයාට කිසිම දෙයක් හංගන්න නෙමේ.....මම මොනවටද එහෙම කරන්නේ...?ආහ්...?"

"ඔහ්...ඒත්....අහ් නෑ...හරි හරි.......මට තේරුනා,හුවාන් එහෙම කරොත් කරන්නේ කන්ග් දේ එක්ක එකතු වෙලානේ....ඔයා තාම වැඩිය මාව දන්නෙත් නෑනේ.....චන් නිසා වෙන්න ඇති මේ ඔක්කොම.....කෙල්ලෝ ඔක්කොම එකයි.....වයස අදාල නෑ......ඔක්කොම වයසේ කෙල්ලෝ එක වගේ චන්,චෝ....අහ්හ්....ටේහ්‍යොන්ග්..!!!"

ජංකුක් එකපාරට ටේහ්‍යොන්ගේ පැත්ත හැරුනේ මොකක් හරි දෙයක් මතක් වෙලා.

"ඇයි......මොකද එකපාරට?"

ටේහ්‍යොන්ග් පුදුම වෙලා එහෙම ඇහුවේ ජංකුක්ට එකපාරට මොකද උනේ කියලා හිතා ගන්න බැරුව.

"මේ......ඔයා දන්නවා නේද චෝව?ම්...මේ...ඒ කෙල්ල ඔයාට කැමතියි......ඔයා දන්නවද ඒක....ඒහ්....මේ මොකද?ඇයි surprise වෙන්නෙ නැත්තේ?මේක කලින් දැනගෙන හිටියද..?"

ජංකුක් චෝ ගැන කියද්දී ඒක ගැන වැඩිය පුදුම නොවුනු ටේහ්‍යොන්ග් ජංකුක් දිහා බලලා,

"ඒක මම දන්නවා ජංකුක්....චෝ මාව තනියම හම්බඋනා...එයා කිව්වා මට කැමතියි කියලා...මම කිව්වා එයාට කැමති නෑ කියලා....මම කිව්වා මට කරදර කරන්නත් එපා කියලා...අනිත් දේ තමයි, මම කිව්වා මම කෙල්ලොන්ට කැමති නෑ කියලා.."

ටේහ්‍යොන්ග් එහෙම කියලා ජංකුක් දිහා අමුතු විදිහට බැලුවා..

"ම්...මොකා....?ටේහ්‍යොන්ග් ඔයා gay ද?"

ජංකුක් ඇස් දෙකත් ලොකු කරන් එහෙම අහපු විදිහට ටේහ්‍යොන්ග්ට හොඳටම හිනා ගියා....

"න්....නෑ නෑ......මම කෙල්ලොන්ට කැමති නෑ කියලා කිව්වේ බොරු.....හහ්....මෝඩයා.....ඒත් මම එදා චෝට අර වගේ කිව්වම චෝ මට ආයිත් කරදර කරන්න ආවේ නෑ....ඒක නෙමේ....ජංකුක්ගෙන් කවදාවත් කෙල්ලෙක් කැමැත්ත අහලා නැද්ද...?"

ටේහ්‍යොන්ග් එහෙම අහද්දී ජංකුක් ටේහ්‍යොන්ග්ට මල් හිනාවක් දැම්මා.

"කෙල්ලො නම් කීයක් අහලා තියෙනවද ටේහ්‍යොන්ග්...?ඒත් වැඩේ කියන්නේ ඒ එක කෙල්ලෙක්වත් මට සෙට් නෑ....මං කලින් කිව්වා වගේ ඔක්කොම කෙල්ලෝ එකයි..."

"ඔව් හැබැයි......කවදහරි ඔයාට සෙට් වෙන කෙල්ලෙක් මුනගැහෙයි...එදාට ඔයා දන්නෙම නැතුව ඒ කෙල්ලට පිස්සුවෙන් ආදරේ කරයි....කතාවක් තියෙනවනේ හැම දෙයක්ම reject කරලා තමන්ට ගැලපෙන,තමන් ආස දේ ලැබුනම ඒකට ඕනවටවත් වඩා හිත යනවා කියලා...."

"ඕහෝ......මටත් වඩා කොල්ලා මේ දේවල් ගැන හොඳට දන්නව වගේ.....මීයා වගේ හිටියට තව මොනවා මොනවා දන්නවද දන්නේ නෑ...."

ජංකුක් ටේහ්‍යොන්ග්ට අමුතු look එකක් දාන ගමන් එහෙම කියද්දී ටේහ්‍යොන්ග් ජංකුක්ගේ පිටට හොඳ පාරක් දීලා හිනා උනා....දෙන්නම park එකේ නිදහසේ ඉඳන් හිනා වෙවී,කතා කර කර කාලය ගත කරාම දෙන්නට නොදැනිම හුඟක් රෑ වෙලා තිබුනා.

....................................................................................................

Hello,

මේකෙත් එච්චර වැඩි දෙයක් නැහැ ලමයි.....special දේ තමයි චන්ගෙයි හුවාන්ගෙයි scene එක.ඒක මේ chapter එකෙනුත් completely කිව්වේ නැත්තේ ඔයාලට පොඩි කුතුහලයක් දෙන්න ඕන නිසා..ඔයාලා මොකද කියන්නේ?ඔයාලා චන්ව විශ්වාස කරනවද?අපි බලමු,චන් කියන්නේ හොඳ කෙල්ලෙක්ද නරක කෙල්ලෙක්ද කියලා..එහෙනම් අපි ඊලඟ chapter එකෙන් මුනගැහෙමු...good bye👋....

Continue Reading

You'll Also Like

2M 111K 96
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
7.1K 981 33
"මව්පිය උණුසුම අහිමිවුනු කෙනෙක්ට සහෝදර උණුසුම දැනෙන්නෙ කොයි වගේද" ' ' "තමන්ගෙ පණ වූ මල්ලියෙක්" "තමන්ගෙ ලෝකයම වූ අයියෙක්" ' ' "Kookie is my heart" ...
2.7M 155K 49
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
5.1K 1K 23
"ඔය දෙනෙත් වලට මේ මන්දාකිණියෙ තියෙන එක තරුවක්වත් සමාන කරන්න බෑ හියුන්ග්............" "ඔය දෙනෙත් ඇතුලෙ මම මුළු මන්දාකිණියම දකිනවා my love" ...