නුඹ ඍතුවක්🌼🌼(✅...)

By DEESHAPONNAMPERUMAGE

444K 61.2K 32.2K

ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!.... More

01කොටස.....🌼
02 වන කොටස...🌼
03 වන කොටස🌼
04 වන කොටස🌼
05 වන කොටස🌼
06වන කොටස🌼
07 වන කොටස🌼
08වන කොටස🌼
09වන කොටස..🌼
10 වන කොටස..🌼
11වන කොටස🌼
12වන කොටස🌼
13 වන කොටස..🌼
14 වන කොටස..🌼
15 වනකොටස...🌼
16 වන කොටස...
17 වන කොටස.....🌼
18 වන කොටස.....🌼
19වන කොටස....🌼
20 වන කොටස...🌼
21 වන කොටස..🌼
22 වන කොටස...🌼
23 වන කොටස...🌼
24 වන කොටස....🌼
25 වන කොටස....🌼
26 වන කොටස....🌼
27 වන කොටස.....🌼
28වන කොටස....🌼
29 වන කොටස.....🌼
30 වනකොස...🌼
31 වන කොටස...🌼
32 වන කොටස...🌼
33වන කොටස...🌼
34වන කොටස.....🌼
35 වන කොටස......🌼
36 වන කොටස...🌼
37 වන කොටස....🌼
38 වන කොටස......🌼
40 ඍතුවක අවසානෙට....!🌼
හදපිරි ස්තූතිය ‼️

39වන කොටස...🌼

10.1K 1.3K 805
By DEESHAPONNAMPERUMAGE

මගෙ ඇසල මක්කද මෙතනට වෙලා කරන්නෙ ම්ම්ම්ම්....මං කිව්වෙ උඹලට ගිහින් කන්ඩ කියලනෙ......

ම්හුක්.....කම්මැලි...හිතුනනෙ....ඉන්ධර්.....

හද එලිය යට මං ඉන්ධර්ගෙ ඇගේ එල්ලුනා......ඒ ඇස් හද එලියටත් වඩා දිලිසෙනවා......හද එලිය වැටුන මූන කස්තුරි කහ පාට තවත් එලි කරනවා...........මට ලෝබයි....අනේ මන්දා...මං මෙ දවස් ගෙවිලා යනවටත් හරි ලෝබයි.....

මොන කරුමෙටද මන්දා...දුක් විදපු හැම දවසම හෙවිලා ගියේ ගොලු බෙලි ගමනටත් වඩා අන්තෙන් වෙනකොට ..මෙච්චර සතුටින් ඉන්න දවස්....ඇහිපිල්ලමක් ගහන පමාවට  ගෙවිලා යනවා.....ඒක මහ අසාදාරනයි.....

අනේ ඒක මහ අසාදාරනයිනෙ............

මගෙ ඉන්ධර්.....

ම්ම්ම්....ඇයි මයෙ අම්මෙ...කියාපල්ලා..මගෙ කපටි මායියට මොනවද දැනගන්න ඕනෙ....

ක්..කප....ටි........මා...යි...යා?

මං අකුරු ඇහින්දා.....ඉන්ධර් තනි අන්ඩෙන් හිටගන ඒ ඇගෙ එල්ලිගන උන්න මාව  ඒ අත් වලින් තුරුලු කරගන උන්න ඉන්දර් මට කපටි මායියා කිව්වා...ඇයි ඒ............

ඇයි....අනේ...ඔයා මට කපටි මායියා කිව්වෙ........ඈ....ලමයිගෙ අප්පච්චියෙ.........

මම ඇස් දෙක ආයම චුට්ටක් කැරකෙව්වා........ඉන්ධර් නෙවෙ ආපිට කටක් ඇරියෙ....ඉන්ධර් කෙරුවේ ඒ වෙනුවට මා දිහා බලන් ඉදලා ඉදලා අවසානෙදි කට කොනකින් හිනා උන එක.....

තියන හුරුතලේ මේකගෙ....හපන්ඩද උඹව මං...ම්ම්ම්ම්ම්ම්ම්ම්...කපටි මායියා කිව්වෙද....ම්ම්ම්..අහු මුලු වල එල්ලීගන අනුන්ගෙ කතා වලට කන් දෙන එකට.....

අ..අනුන්ගෙ...........ඒක අනුන්ගෙ...නෙවෙනේ.....අපේ...උන්මනෙ......අනික....ඉන්ධර්.....මේ....පැටියත් උන්නා...මා එක්ක....එතකොට ...පැටියත්...කපටි පැටියෙක් වෙනවද....ඉන්ධර්............

ඔන්න ඉතින්.....පටන් ගත්තා.....පැටියවත් අහු කරන්ඩ.....මං කිව්වෙ....උඹලා නම් මහ කපටි මායියෙක් මයෙ රත්තරන් .....තියන හුරුතලෙයි...මේ කට පොඩිය ඇරුනම කියන කතයි තමයි බලන්ඩ වටින්නෙ.........ඉතින් කියාපල්ලකො....මයෙ ඇසල කෑවද දැන්........ම්ම්ම්ම්ම්

ඉන්ධර්..........

අපෙ අප්පච්චි........

මං යන්ඩ කියලා .........ලොකු අප්පච්චිලා ගියාය කියන්ඩ කිව්වා ඕන්......

එතකොට....මං කියාපු කරුනු කාරනා....ඒවට මොකද වෙන්නෙ...අපෙ අප්පච්චි......මං කුලප්පු වෙන තනි අලියා වගේ ගිහින් ඔතන කෑ ගහලා නාඩගම් නටන්ඩ මනාප නෑ.....

උඹලා තරහා ගන්ඩ කාරි නෑ....අයියන්ඩිලා ඒවි...හැබැයි එක කොස්සක් තියනවා.......

මක්කද කිව්වා නම්......

මට උත්තර දෙන්න බැරි උනා........හඳ එලිය යට මුකුලු කර කර හුරතල් වෙවි උන්න මට ඉන්ධර් අහපු දේට ඔව් නෑ බෑ මේ මොනවත් කියා ගන්න බැරි උනා.... මහ පරිප්පුවා  මගෙ ඉන්ධර්ට කතා කෙරුවා........ඒ මූන දෙක වෙලා.....මොකටද දන්නෙ නෑ .....වෙලහට...පරිප්පුවව අපි පාව දුන්න හන්දද දන්නෙත් නෑ .......

අයියන්ඩිටවත් ..අක්කන්ඩිටවත්....රත්නපාලයගෙන් සමාව ගන්ඩ බෑය කිව්වෙ.......

අර මොකද.......උන් වැරද්ද කෙරුවා නම්.....රත්නපාල මලයගෙන් උන් සමාව ගන්ඩ ඕනෙ...දුප්පතා වෙලා හිටපු මිනිහව බේබද්දා කෙරුවෙ උන් මිසක....මයෙ නගාවත්...ඒකිගෙ දරු පැටව් දෙන්නා වත් නෙවෙනෙ........ම්න්...හරි....ඒක මං බලාගන්නම්....උන්ට සමාව ගන්ඩ බැරි නම්.........අර.....රබර කෑල්ල රත්නපාල මලයට දෙන්ඩ කියනවා.....එතකොට සමාවට හිලව්වෙයිනෙ......ම්ම්ම්ම්

ඉන්ධර්.......උන් ඒක දෙන්නෙ නෑ මයෙ පුතා......

එහෙනම් ඉතින් සමාව ගන්න එකයි.....උන්ම තීරනේ කොරාවි...වචනයක් වියදන් කොරලා...කරාපු වැරදි පිලි අරන් සමාව ගන්නවද   නැත්ත....න්....අච්චර ආදයන් එන...රබර් කෑල්ල දෙනවද කියලා.....ම්ම්ම්...

.අපෙ අප්පච්චි.....උන්ට මාන්නෙ......සමාවෙන්ඩ කියලා කියන එක....උන්ට හිතන තරම් ලේසි නෑ...මිනිස්සු ඔය වචන ලේසියකට වියදම් කරන්නෙත් නෑ.....මිනිස්සුන්ට ඔය වචන හම්බුකොරගන්ඩ හරි අමාරුයි   අපෙ අප්පච්චි.......ඒක හරු බරයි.....ඒකයි උන්ට ඕක ලේසියෙන්ම වියදම් කරන්ඩ අමාරු  .. හදවතින්ම ඔය වචනෙ පිට දානවා නම්......ඒක දැනෙන්නෙ කටට නෙවෙ අපෙ අප්පච්චි....මෙන්න මේ පපුවට........

මං ඉන්ධර් දිහා බලාගන උන්නා......යකා වගේ කේන්ති යන මනුස්සයා තමන්ගෙ අප්පච්චි ඉස්සරහ උනත් මාව තුරුල් කරන් ඔලුව අත ගෑවා.......මගෙ දිහා ඇස් වලින් නොබල උන්නත්  . ඉන්ධර්ගෙ හිත හැම වෙල්ලෙම හොයලා බැලුවා......ඉන්ධ්ර්ගෙ ඇස් මාව නොදැක්කා.... උනත් ඒ හිතට මාව අදුනගන්න පුලුවන් කම තිබුනා........

මයෙ පුතා...ඔය නොකියා කියන්නෙ.  අම්මන්ඩිගෙනුත් මට සමාව ගන්ඩ කියලද..........කිව්වනම්.....

ඒක....ඉතින් ..මයෙ අප්පච්චිගෙ කැමැත්ත.....ඇරත්...උඹලට....මං ඔව්වල හොද නරක කිරන්ඩ ගියෝතින් ...උඹලා කරන්නෙ....ඉරුගල්බන්ඩාර පෙල පත ලිහලා ...සිංහලේ රජකොරාපු මොකෙක්ගෙ හරි රජෙක්ට නෑ කම් හදා ගන්න එක.....එහෙව් උඹල අවසානෙදි අහනවා....ඒ පෙලපත් වලින් ආව අපිට තව අඹුවක් එක්ක  සංවාසෙකට යන්ඩ බැරිද කියලා .....ම්ම්ම්ම්ම්ම්....මං ඕවට දෙන උත්තර මොනවද....උන්ට අනතප්පුර  ගෑනු උන්නට.. උඹලා හාමුලා.......උඹලට ඒවා ගැලපෙන්නෙ නෑ අපෙ අප්පච්චි......

ඒත්...දැන් ඉතින් ..යාය අට කියන්නෙ....උඹලා....රතී නාට්ටි රගපාපු තැනක්නෙ....ම්ම්ම්...ඔව්වා..මයෙ අම්මන්ඩි දැනගන්ඩ ඕනෙ......මොකද  ..උඹලට ජාතක උන..මයෙ අඩ සහෝදරයො ඇවිදි උරුමෙ ඉල්ලන්ඩ ගත්තොතින්. ........මට වෙන්නෙ මයෙ පැටව්ට හිස් අත් දෙක පෙන්නන්ඩ වෙන එක.........ම්ම්ම්ම්ම්ම්ම්

උඹලගෙ වැරදි මට හදන්ඩ බෑ.......අර කතාවක් තියනවනෙ මයෙ අප්පච්චි.....ගහක්ම හිතල මලකට පිපෙන්ඩ අවසර දුන්නොත් ඇර...මිනිස්සුන්ට බෑ ගහකට මලක් පලදවන්ඩ කියලා ම්ම්ම්ම්...........උඹලට මනස්තාපනෙ වෙන්ඩ ඕනා නම්.....ආන් මහ මායිය ඇති....ගිහින් ඔය ගැට ලෙහා ගනිල්ලා.....

මටත් මෙතන මයෙ මායියා එක්ක ඉහ ගහලා ඉන්ඩ ඕනෙ....පොඩි උනාට ඒකටත් තියෙන්නෙ එසේ මෙසෙකටක් වත්.....එසේ මෙසෙ තරහවක් වත් නෙවෙ.......

අම්මන්ඩි අර කැතරින් නගාව එක්ක ආවයි කියලා මයෙ පිරිමි කම ගලවල අතට ගන්නවා කියාපු මායියෙක් මේ ඉන්නෙ.......

එහෙව් එකේ.....උන් උන් කා ගන්ඩ ගත්තම....මටත් වෙනවා....අම්මන්ඩි ගෙ උනත් කට වහන්ඩ..... ළඟ තියන තුරුම්පු ඇදලා එලියට ගන්න...

මට වහ බොන්න හිතුනා...අනේ ඇත්තමයි....චූටි පොල් බිබික්කම නැත්තන් මං නියගලයක් පොල් එක්ක අනන් කනවා...මේ ඉන්ධරයට තියෙන්නෙ මහ එපා කරපු බෝක්කුවක්....කොච්චර මයෙ අම්මා ගෑවත් මාව පාවා දුන්න ලස්සන....

ඔය කිව්වට මං ඕක ගලවනවද.......එතකොට කොහොමද මං ස්වර්න විමානෙට හබල් ගාන්නෙ.......

ම්ම්ම්ම්.......බලමුකො...බලමුකො......

බලමු..මොනවා බලන්ඩද අපෙ මහත්තයා......උඩට ආවා නම්......මට  අපෙ මහත්තයා එක්ක එලිවෙනකන් හරි කතා කරලා විසදගන්ඩ කරුනු කාරනා ගොඩයි.....

හරියටම හරි....හෙට අම්මයි සුද්දියයි එන එකට දාන්ඩගෙනාව රතිඥ්ඥා වැල දැම්ම පත්තු කෙරුවා නම්....අගෙයි කියලා හිතෙනව.......

මගෙ ඇදිවත ගැලෙව්වත් මොකෝ....චූට් පොල් බිබික්කමාගෙ මහ තැන මට ආදරේ පුරවලම හාදුවක් තියනකොට අත් දෙක පිටිපස්සට බැදගන සත්‍යක්‍රියා කරල හරි මැනික්ගෙ බෙලිකටු මල්ලෙන් ගැලවෙන්න බලන් උන්න මහ පරිප්පුවා අවසානෙදි මරන්න ගෙනියන එකා වගේ බලමුකො බලමුකො කිව්වා...

එක අතකට...කොච්චර නම් වට පරිප්පු තෙම්පරාදු කෙරුවා උන්ත්....පවුල් කුඨුම්බෙ නම් කැඩෙන්ඩ දෙන්ඩ බෑය කියන සංකල්පෙ මයෙ මාමන්ඩියගෙ ඔලුවෙ තිබුනද කොහෙද ..ඒකයි මිනිහා ඔක්කොම සමබර කරන් ඇදගන යන්නෙ.....හැබැයි ඉතින්..... ඒ සමබර කෙරිල්ල තත්පර ගානයි තිබුනෙ...සුගලා ඇවිදින් තරාදියට පැන්න පාර..අනිත් තරාදි තැටිය උඩී......න්...විසි වෙලාගියා.......

දැන් ඉතින් ගන්ඔරු සටන බලන සටන පරාදයි.......අපෙ පරිප්පුවට මැරෙන්ඩ උනොත් සෙල්ලිපියක් වත් කොටලා මැරෙන්ඩ වෙයි ඉන්න ගෑනු තොගෙට දැනුම් දෙන්ඩ නම්.........

අපෙ මැනිකෙ.....නරකද ඔය කතා කරගන්ඩ තියනවයි කියන ඒවා...මෙ තියන වැඩ රාජාකාරි අහවර උනහම කතා කරගන්ඩ ගත්තා නම්.....

හහ්....වැඩ රාජ කාරි අහවර උනහම......ඇයි අපෙ මහත්තයා....උඹලගෙ හොර අඹුවක් ආයම බඩින්ද...කතා කරන්ඩ තියන ඒවා පහුවට කල්දාන්නෙ..මට අනුන්ගෙ පවුල් පන්සල් වලට කලින් මයෙ පවුල පන්සල ගැන බලාගන්ඩ ඕනා.......

සුගලා.....මෙ රාත්තිරියෙ.....නිස්කාරනේ නහින්ඩ තියා ගන්ඩ එපා.....ඉන්ධර් එහෙම දෙයක් කිව්වා නම්....ඒක එහෙමයි.......උඹලට මයෙ ගැන බලන්ඩ තියා.....මයෙ අමුඩයක් හෝදන්ඩ වත් වෙලා තිබුනද...කොච්චරවාත්...මයෙ පුතා ගාගන කොල්ලගෙ පස්සෙ දිව්වා මිසක්....අවාරෙට හද පායනවා වගෙ ඉදලා හිටල දස්ටි දිස්ටි දාන්ඩ මායන් පෑවට...උඹලට මයෙ පපුවට තුරුල් වෙලා බුදියන්ඩ වත් දවසක් තිබ්බද     ........එහෙව් එකේ..මං ඒවා පිට මායියෙක්ගෙන් හරි හොයා ගන්න වැරද්දක් නෑ බොල....

අපෙ මහත්තයා ....උඹලා...ඔය මොන නවනිංගිරා කතාවක්ද ඔය කියන්නෙ....ඔව් ඉතින්....ඔව්වා ආරෙ ගති  .....මහ එකාටත්....මැනිකෙලා දෙකක් උන්න එකෙක්ගෙ පුතෙක්නෙ උඹලා .....

සුගලා  ..........ඒ මගෙ අම්මන්ඩි බොල.....ඇරත් මයෙ අප්පොච්චා ගෑනු පරාන දෙකක් කර ගැහුවෙ මහ අම්මන්ඩි සරු නැති හන්දා.....ඇරත්...මයෙ අප්පොච්චා ඇවිදින් වංසක්කාරයෙක් මිසක....උඹගෙ මහ එකා වගෙ අරක්කු වඩි තිය තිය දුවන එකෙක්  නෙවෙ......ඇරත්.....උඹලගෙ රෙදිවලත්    ....තුත්තිරි තිබුන් නැති තැන් නොතිබුනා නෙවෙ බොල.....

අපෙ මැනිකෙ..ඇසල........මයෙ අම්මට ලැජ්ජ නැතුවද ඔය ඇබිති කටත් ඇරන් ඕක දිහා බලන් ඉන්නෙ...ම්ම්ම්....

ඉ...ඉ....අනේ...ඉන්ධර්   මහ..නරකයි......

මයෙ කෝලම....වරෙල්ලා....උන් උන් කා කොටා ගත්තු දෙන්.....ඒවල....හොද නරක පැති උන්ම හොයා ගනී....මයෙ ඇසල මෙතන කට ඇරන් ඉන්නකොට මටත් එක්ක ලැජ්ජයි....වරෙන් උඹලට කවලාබුදි කරවන්ඩ.......

.
ලැජ්ජා වෙනවා ඉවරයක් නෑ.......මගෙ කන් දෙකත් එක්ක මොකක්ද වෙලා  ගියා .... ...දරු පැටියා බඩට එනතාක් අපි නිදිවැද්ද කාමරේ බලෙන්ම  අයිති කරගන උන්න දොදොලි සොල්දරේ උඩට වෙලා ඉදන් පහල උන්න පරිප්පුවට වචන වලින් දමලා ගහනකොට පරිප්පුවත් ඊට නොදෙවෙනි අඩව් අල්ලන්න ගත්තා...හරියටම පරන සිංහල චිත්‍ර පටියක් වගේම........

ඒ දමලා ගහගන්න වචන  කොයි තරම් රසද කියනවා නම්....මටත් නොදැනි මගෙ කටත් ඇරිලා තියෙද්දි ඉන්ධර් මගෙ කනට මිමිනුනවා මට පැනලා දුවන්න හිතුනා.. .

ඉන්ධර්.......

වරෙල්ලා යන්ඩ....උන් ඇති පදම් කා කොටන් සමාදාන වෙයි...මයෙ අම්මන්ඩි වස්තුවට පයින් ඇනලා යන තරම් මෝඩ නෑ.....

මං ඉන්ධර්ගෙ අතෙ එල්ලීගන කෑම කාමරේට ආවා...කිව්වත් වගෙ මහ දොදොලි නම් මේවා දාලා යයි.....

ම්ම්...මෙතනින්  ඉදගනිල්ලා මං අරන් එන්නම්....

මං ඔලුව වැනුවා.......වාටිය විතරක් කන්න පුලුවන් කියාපු ආප්ප වට්ටිය අරගන එන්න ඉන්ධර් උයන කුසියට යනකොට අනේ ඇලිස් අම්මා තාමත් ආප්ප තාච්චිය ගාව පැනි ආප්ප හදනවද කොහෙද .....

කැතරියා.....අහකට පලයල්ලකො...උඹල දැන් ඔය ආප්ප පිටි එකත් වට්ටනවා.......

ඇලිස් අම්මා.....

අනේ බේබි හාමු...මේන් මේකි අර වට්නොට් එකේ තිබුන රට අරක්කු බෝතල් කට ගාලා...මේන් මෙතන පිස්සු කෙලිනවා.... 

අපෙ...අයිය...න්ඩිගෙ...මැනිකෙ....පොඩ්ඩ....ව ...එලවලා.......අයියන්ඩිගෙ....

කැතරින්......කැතරින්....

අයි....අයියන්....ඩිගෙ....මැනිකෙ.....කම  ..ම්ම්ම්...මට....දෙ....න්....නම්....කිව්වෙ......අ..අපෙ....නැන්....ද..ම්මා...ඒත්.....කැතරියට....ඕනෙ .....ම්ම්ම්...කැහ්.....කැග්....

කැතරින්......උඹට ඇහෙනවද කැතරුන්......ඇලිස් අම්මා මේන් මේකිව කොහෙන් හරි ඉන්දවන්ඩ...කට ගොන්නක් බීගන...මොකාද මේකිට රට අරක්කු පොවාපු එකා......

අනෙ අපෙ බේබි හාමු මං නම් නෙවෙ....මේකිට අරක්කු පැලිලම ඉව තියනවද කොහෙද .....

මගෙ කන් දෙක ආයම හෙලවුනා...අඩි දෙකෙ තුනෙ දුරක තිබුන උයන කුසියෙන් ඇහුන ඇලිස් අම්මගෙයි ඉන්ධර්ගෙයි විතරක් නෙවෙ කැතරියගෙ ඩෝප් වෙච්ච කටහඩත් ඇහෙනකොට මං මගෙ සිහිය තියාගන ඉක්මන් අඩි උනත් හරි පරිස්සමට කුසියට රිංගපු මම දැක්කෙ ගානට පදමට හීනියට සප්පායම් වෙන්නම් කියාපු කැතරියා අරක්කු වඩියක්ම කට ගාලා වෙනකොට ඉන්ධර් ඒකිව කුනු මාලුවා වගේ අල්ලන් උන්නා...   

ඉන්ධ....ර්

මයෙ මැනිකෙ.....උඹලද මේකිට මේ අරක්කු තොල ගාන්ඩට දුන්නෙ කිව්ව නම්....

ම්ම්...මැනිකෙ  ....මලයා...හොද....එ...එකා...ම්ම්..මැනිකෙ....ම්..මල....අපෙ....අ...ප්පෙ.....හ්...ඔලුව.......හ්....

අරකිට සිහි නෑ....ඉන්ධර් උන්නෙ මට රවාගන.....මොකද අරකි නාහෙන් පාතට තියලා උන්නා උනත්....මැනිකෙ මලයා හොද එකා කියලා කිව්වෙම මාව පාවා නොදී පවා දීලා වෙනකොට මං වට්ටියෙ තිබ්බ් පැනි ආප්පයක් කටෙ හිර කර ගත්තා....

අපෙ අප්පෙ....බේබි හාමු....මේකි අමු බේබද්දිනෙ ...ශික්කෙ....හ්....

ඇලිස් අම්මා ඕන් ඕකිට වැටෙන තැනක වැටෙන්ඩ දීලා උඹලා කරන වැඩක් පොලක් අත ඉක්මන් කරලා කරගන ගෙදර පලයල්ලා....ම්ම්.......

එහෙමයි....අපෙ හාමු...

තව කාරනාවක්.......හෙට ඉඹුලට පැනි  පොල්  හදනකොට වැඩියෙන් හදාපන්...මයෙ හිතුවක්කාර මායියට පැනි පොල් ගිලින්ඩ හිතිලා.....ම්ම්ම්....

කෝ ඉතින්....ආ ගාපල්ලකො අම්මෙ....සරුන් බොක්කෙ ඉදන් හුරුතල් වෙන්ඩ තියාගන උඹලා........කෝ....ආගපල්ලකො......කරන්ඩපුලුව  ඔක්කොම දඩබ්බරකම් කරලා...දැන් මූන එල්ලන් ඉන්නෙ මං කෙරුව වගේනෙ ම්ම්ම්...කෝ....ආගපල්ලො රත්තරනෙ...............

මං උන්නෙ ඉන්ධර්ගෙ සරුම් බොක්කට බැහලා......පන්සල් ගිහින් ආවත් හරි මං කරාපු හැම මගෝඩි වැඩක්ම අතුරු සිදුරු නැතුවම් අහු උන මං ඉන්ධර් එක්ක තරහ උනා.....කැතරියා හොද සිහිය නැති වෙන්ඩම ඩෝප් වෙනකොට මහ හාමුගෙ කාමරේ අස්සෙ එකම වචන යුද්දයක් වෙලා අවසානෙදි  පරිප්පුවා වලව්වෙන් යන්ඩ ගියේම අටේ කෑල්ලට යනවයි කියන එක මැනිකෙගෙම මූනට කියාගන වෙනකොට

දොදොලි කෙරුවෙ ගුලි වෙලා අඩන්ඩ ඕන තැන බඩ පැලෙන්ඩ ආප්ප කාපු එක........

.
ඇසල......කෝ...ආ ගාපල්ලකො......උඹල නම්....පුදුම චන්ඩයෙක් තමයි........

මං කට තද කරගන සරම් බොක්කෙ ඉදන් පැද්දුනා....ඒත් අනේ මට ඊටත් එහා නම් ඉන්ධර්ව මහන්සි කරවන්ඩ බැරි වෙනකොට මං හිමීට කට ඇරියා.........වාටිය විතරක් ඉල්ලපු මං හින්දා මයෙ  ඉන්ධර්  කෙරුවෙ අනේ...මැද ටික කාල මට වටෙ කවාපු එක වෙනකොට  මට ඉන්දර් ගැන දුක හිතුනා....මට මගෙ ඉන්දර් පව් කියලා හිතුනා.....   

මට ඇති ඉන්ධර් ...

අනෙ මැනිකෙ..  ඇති වෙන්නෙ කොහොමද ...උඹලා කෑවෙ ඇබිත්තනෙ.....

මීට වඩා කෑවොත්....

ම්ම්ම්.......අනේ මන්දා...උඹලා ඔහොම බඩෙන් බාගෙට කනකොට මයෙ හිතටනෙ අමාරු රත්තරනේ..  . සරම් බොක්කෙ උන්න මං හිමින් සැරේ නැගිටලා ඉන්ධර්ගෙ මූන අත ගෑවා.....

.උඹලට... ජීවිත කාලෙම හිනා වෙන්ඩ පුලුවන් ලොකුම කාරනාව මයෙ ගාව ඉන්නකොට....මං ගැන මක්කට දුක් වෙනවද අපෙ මහත්තයා......

උඹලා පන්ඩිත වෙලා ඇසල........

මං ඉන්දර්ගෙ වැවුන කොන්ඩෙ අත් වලින් හැදුවා...මට කවාපු ආප්ප වල සවුන්දර ටික අනේ මොකුත්ම නොකිය බඩට දාගන්න ඉන්දර් ගැන මට මහ ලෝබ කමක් වගේම පුදූම ආදරයක් දැනුනත් මගෙ ආදරේ තරම හාදුවකට හරවලා   පෙන්නන්න හදාපු මට ඒකවත් කරගන්ඩ බැරි උනා........හෙනහුරී කඩන්  පාත් උනා.....

මයෙ පුතා......උඹලා ඔය මක්කද මැද විතරක් ගිලින්නෙ...... කෝ ඔව්වයි වටේ.......

වටේ මයෙ මායියාට කැව්වා....

හහ්..යසයි.........මායියගෙ ඉදුල් කන්ඩද මයෙ පුතා මං උඹලව හැදුවෙ.....

එහෙනම් ඔය අපෙ අම්මත්  අප්පච්චිගෙ බත් පතේ ඉතුරු අඩ ගිලින්නෙ....අපෙ අම්මගෙ අම්මා අප්පත් අම්මව හැදුවෙ වාහෙගෙ ඉදුල් කඩන්ද කිව්වා නම්......

නිරුත්තරයිනෙ........හොද වැඩේ මේකිට අනේ...මේකිට නම් හොදම වැඩේ..........මේවට හිනා වෙන්ඩ කටවල් කුලියට ගන්ඩ වෙනවා...........

මන් කාලා ඉතුරුවා ඉන්ධර් කනවයි කියන එකට අනම් මනන් කියාගන ආව දොදොලිට අද හිත් වේදනාවටමද කොහෙද වචන නැති උනා.........හුස්ම ඉහලට පහලට ගන්න වාරයක් ගානෙම ඔසරි හැට්ට කරෙන් එලි පනින්ඩ බලන් ඉන්න තම්මැට්ටන් වලටත් අද පුපුරන්නවත් පන නැති වෙන්න  වගේ ඔහේ තියනකොට මං බලාගන දොදොලි ඇස් පිහනවා.........

උඹලා හැමෝගෙම්ම මට අරියාදු විතරමයි මයෙ පුතා....   උඹලගෙ අප්ප මගෙ මූනටම කියලා ගියා දැන් ඔය බඩ ගෑවෙ අටෙ කෑල්ලට කියල......උඹලත් එහෙමයි ..ඇහෙ මූනෙ  තියන්  හදපු  වඩපු  එහෙව් අම්මට දැන් උඹල කියන කතාද මයෙ පුතා මේ.....

මයෙ අම්මා....උඹලා හිත රිදවගන ඉන්නෙ වෙන කාරනාවකට....ඒත් ආඩ පාලි කියන්නෙ තව කාරනාවකට.......උඹලගෙ හිත රිදුනම දැනෙන වේදනාව ම තමයි බඩ දරු මයෙ මැනිකෙට දැනෙන්නෙ........උඹල හිතේ ගිනි මොන වගේද බව දැන දැන....තව ඒකෙක් උහුලන් ඉන්න මයෙ ඇසලට නෝක්කාඩු කියන්ඩ එපා මයෙ අම්මා.......පවු පිරෙන්නෙ උඹලට.........මොනා උනත් ඒකා පැටියා තාම...අඩුම ගානෙ විස්සක් වත් පිරුන් නැති..  

පැටියා උනාට ඔය කරගන තියන හරිය මදිද......පැටියා නම්  ඒ විදිහට ඉන්ඩ එපැයිනෙ........ දැන් ඔය ලැබෙන්ඩ ඉන්න එකා උඹලගෙමයිනෙ කියනව නම්...උඹගෙ ඉස්සරහා අගේට පලල් කොරලා මෙතන තව පැටියා කරන්ඩ එනවා...පැටව් කොහෙද පුතා තව පැටව් ගැහුවෙ .....

මං ඉන්ධර් දිහා බැලුවා....ඒ කියපු කතාවෙ කැත......මේ ගෑනි ගැන මට පව් කියල යන්තන් වත් හිතෙන්නෙ නැත්තෙම් මේ කක්කුස්සි වල වගේ තියන කට හන්දා..........

අපෙ අම්මා....මං උඹලට මක්ක වත් කියන්නෙ නෑ.....උඹ ඔය අප්පච්චි හන්දා විදවන්නෙ මේ කරන පවුම තමයි.......උඹ පව් හින්දා නොකියා උන්නත්. ..උඹලගෙ කටින් පිට වෙන වචන අමු පිහි පාරවල් වෙද්දි.  ...මටත් හිතෙනවා දර මිටිවලට හැට ගහන්ඩ ගන්ඩ කලියෙන් උඹට පෙනේ පුප්පන්ඩ......... මොකද ...උඹලා දැන් ඔය කියාපු කතාවට මටත් එක්ක නමනින්දයි........පලල් නොකර කොහොමද පැටව් ගහන්නෙ කියාපන්.......උඹලත් බඩ උනේ මේ වයසෙන්ම තමයි.....උඹලා නොසෑහෙන්න මයෙ පොඩි එකාව රිදවනවා නම්..මටත් වෙනවා උඹට ආපිට වචන හරවන්ඩ.....

මයෙ පුතා ......

මට දුක හිතුනා....ඉන්ධර් ගෙ අතේ තිබුන ආප්ප සවුන්දරේ අතට මිරිකුනා.....දරුවෙක් ලැබෙන්ඩ උන්නත් මොකද ඉන්දර් මට ආදරෙ කරන තරම වෙලාවකට දරුවෙක්ට වගේ වෙනකොට මගෙ  කලු ගහපු මූන ගාව  ඉන්ධර්ට ඉවසුම් නැතිව ගියා.......

මයෙ පුතා කියලා උරුම් පූට්ටු උනාට මට කාරි නෑ.....
උඹලා වලව්වට මහ මැනිකෙ උනාට......මයෙ අප්පච්චිගෙ හිතෙ ඉන්නෙ මහ මැනිකෙ උඹ නෙවෙ......අපෙ අම්මා....මයෙ අප්පච්චිගෙ හිතෙ ඉන්න මහ මැනිකෙ...යාය අටේ කෑල්ලෙ ඉන්න ලස්සනම ගෑනි  සෙලෙස්තිනා මායියා

ඉන්ධර්.....කටවහපන්.....

ඒකිටයි....මයෙ අප්පච්චිගෙන් මගෙ වයසම කෙල්ලෙක් ඉන්නවා....උඹලා බඩ උන කාර්තුවෙමයි...........ඇසල........ඇස් වල කදුලු පිහන් කාමරේට ගියා නම්.....මීට එහා මට ඉවසන්ඩ බෑනෙ....අම්මා අම්මා කියලා මට රත්තරන් ඉදිකටු ඇහේ දාගන්ඩ බෑ.........

මං මගෙ ඇස් දෙක පිහාගන එන්න හැරෙනකොට දොදොලි පපුවට අත තියන් එතනම තිබුන පුටුවට බර උනා....ඉන්ධර් ආප්ප කෑලි ටික රතු මැනිකෙට දාලා මගෙ පස්සෙන් එන්න ආවා......

ඇසල.......රත්තරනේ......මයෙ අම්මගෙ බඩ පපුව තවම දනවද..............

අනේ ඉතින් උඹල මෙහෙම විදවන එකමයි රත්තරනේ මට ඉවසන්ඩ අමාරුම.....අම්මෙක් වෙන  මහ අමාරුයි මැනිකෙ.....පැටව් බඩට ගන්ඩ.......ආය උන් බඩ බැදන් රකින්ඩ........වැදුවම උන් හදන්ඩ..........අම්මෙක් මැරෙන තාක්ම දරුවො හන්දමයි මයෙ ඇසල.........කොච්චරවාත්  අනකරේට ආවත්........මයෙ අම්මන්ඩිත් මාව බඩ බැදන් උන්න කාලෙ මෙහෙම විදවන්ඩ ඇති කියන හේතුව හන්දයි මං උන්දට වචන දෙක තුනක් කියලා කට පියවන්නෙ ඇසල.....මයෙ මනාපයක් නෑ රත්තරනේ මේ හිත රිදවනවට........

මං උන්නෙ වමනෙ හලලා හෙම්බත් වෙලා වගේ.....තාම පලවෙනි දවස හන්දා මාව මැරෙන්ඩ වගෙ ආවා........ දැවිල්ල ගත්තු බඩ පපුව අත ගාන ඉන්ධර්ගෙ අත් දෙකට නිවනක් නැතිව ගියා ...වතුර ටිකක් පොවා ගන්ඩ පුලුවන් තරන් ඔට්‍ටු ඇල්ලුවා....
...අවසානෙදි මාව අත උඩ නිදි කරවන් මගෙ ඔලුව අත ගගා කියවන්න ගත්තා.....

උඹලගෙ ඇස්වලට කදුලු එන එක මට ඉවසන්ඩ අමාරුයි ඇසල...මේ පොඩි වයසට උඹලා සංසාර කන්න ගානකට හරියන්ඩ දුක් වින්දා...ඇඩුවා...එහෙව් පැටියා යන්තමින් හිනා වේගන එනකොටම මෙ ඇස්වලට කදුලු පිරෙනකොට මට දුක නැතුවද....මට වේදනාව නැතුවද........

උඩ බෙලි අතට උන්න මං හිමීට ඉන්ධර්ගෙ පැත්තට හැරුනා....ඇහැල හද එලිය ඉන්ධර්ව නාවලා......ඉන්ධර්ගෙ පැටියත් ඉන්ධර් වගේම කස්තුරි පාට වේවි.......ඒ මූන කට අඹලා තියේවි.......

මගෙ තෙහස්....

..කියාපන් මයෙ අම්මට මොනවද ඕනෙ.....ම්ම්ම්ම්

ඉන්ධර් ආදර්‍ර් පුරෝගන මිමිනුවා......මට නිදි මතයි ...ඒත්....මේ ආදරෙ දාලා මට නිදාගන්නත් ලෝබයි.......ඒත් මට පැටියා හන්දම තෙහෙට්ටුයි.......

මාව තුරුලු කර ගන්ඩ පුලුවන් ද .....

කෝ....වරෙල්ලා මයෙ අම්මෙ....උඹලව ඇර මං වෙන කාව නම් තුරුලු කරගන්ඩද......ම්ම්ම්....මයෙ ඇහල මල උඹ.....මැනිකට තෙහෙට්ටුව තියෙන්නෙ  ....වරෙල්ලා අම්මෙ...ඇවිත් තුරුලු වෙලා  ඇහැ පියවපන්....

ඉන්ධර්ගෙ අත උඩ උන්න මං එහෙම්ම ඒ පලල් පපුව අස්සට මගෙ මූන ඔබා ගත්තා විතරයි ඉන්ධර් මගෙ හිස් මුදුනටම හාදුවක් තිබ්බා...

මයෙ පන උඹලා.....

මං පපුව පුරවලම හුස්මක් අරන් ඇහැ පියා ගත්තා ....සන්නි දහ අටක් උනත් හෙලුවෙන් නටන්න පුලුවන් ඇද උඩ ඉන්ධර් මට පපුව පුරවලම දුන්නෙ සෘංගාරයක් ගෑවිලාවත් නැති පෙරාපු රත්තරන් හා සමාන පරිස්සම පිටාර ගලන ආදරයක් වෙද්දි හෙම්බත් වෙන ඇදන් නිවාඩු ගන්න ගමන් උන්නා..........වෙරලු මල් සුවදට සෑහෙන කාලෙකට ආපිට අපිට හදි ගැහෙන්ඩ තහනම් වෙලා අවසානෙදි කොහේදෝ දුර ඈතකට පාවෙලා යනකොට ඉන්ධර් අවසානෙදි මාව  නිදි කෙරෙව්වා...........

රතු මැනිකේ.........

යෑ........ව්ව්ව්....

කෝ  බලමු පුලුන් බෝල ඇස් ඇරලද කියලා.....ම්ම්ම්....තාම නෑනෙ....තව මදිද කොහෙද .........

මහපොලවට තව ඉර එලිය වැටිලා වත් නෑ......අඩුම ගානෙ පහේ කනිසමටත් තව විනාඩි ගානක් ඇති....අම්මයි සුද්දියයි එන  සන්තෝසෙටම මං ඉන්ධර්ටත් හොරාවට ඇදෙන් බැස්සා.....කොච්චර කොහොම වැඩ කෙරුවත් ඉන්දර් නිදියන්ඩ රුසියා.....

මට පව් කියලා හිතුනා....මං මේ වෙනකම්ම ඉදලා තිබුනෙ ඊයෙ ඇහැ පියවපු විදිහට වෙනකොට  මං ඇහැරේවි කියන බයට අනේ ඉන්ධර් මුලු රෑම එකම විදිහට නිදියලා තියන හැටි දැක්කම මට ඒ අතගොබෙ පව් කියලා හිතුනා...කොට්ටෙ වෙනුවට සනීපෙට නිදාගන්න දුන්න අතට තෙහෙට්ටු අති හිතුනා......ඇදෙන් බැහැපු මං ඉන්දර්ගෙ අත් ගොබේට හාදුවක් දීලා ඇද රෙද්දෙන් පොරවලා කුසියට යන්න ආවා උනත් පෙට්ටියෙ උන්න රතු මැනිකෙව දැකපු මට කුසියට යන ගමන පමා උනා..........

රතු මැනිකෙ දන්නවද.....අද මයෙ අම්මයි....සුද්දියයි එනවා....උඹලා....සුද්දියටත් උඹව හුරුතල් කරන්ඩ දියල්ලා හොදද රතු මැනිකෙ    .ඒකි මගෙ නගානෙ ........ශූශ්...ශූශ් ගාලා පිඹින්ඩ කරන්ඩ......ඒකිව හූරන්ඩ කරන්ඩ එපා...ඒකි ගෙ කට පොඩ්ඩක් වැඩි උනාට ඒකි හොද එකී.......

මං චූටි පුලුන් බෝලයකරන් ඇගිලි වලින් අත ගගා මගෙ දිහා ඇස් දෙක බාගෙට ඇරගන  බලගන නිදි කිරින රතු මැනිකෙට කියවනකොට ඒකිත් ඒ හැම එකටම යෑව්...යෑව් ගගා උත්තර බැන්දා       මට ඒකි පව් කියලා හිතුනා....මුලු රෑම ඒකි නිදි මරනවදෝ මන්දා....නිදා වැටෙනවා........

උඹලට නිදිමතද......ඔව්වා ඔහොම තමයි රතු මැනිකෙ    .දරුවො වැදුවම....අම්මලාට රෑට නින්ද නැති වෙනවා කියනවනෙ.........උඹගෙ පුලුන් බෝලත් දැන් නිදි එකේ....උඹලත් ඩීංගිත්තක් ඇහැ පියවපල්ලකො.....

මං අතේ ඉන්න පුලුන් බෝලෙ ආපහු රතු මැනිකෙට තුරුලු කරලා නිදි කිරන ඒකිගෙ ඔලුව අත ගෑවා විතරයි...අපෙ...අප්පො.....ඉතින් අර පුරුපුරු ටැට්ටරේ පටන් ගත්තා....ඒකිව අල්ලන්ඩ ගත්තොත් ඔහොමයො...කොච්චරවා....ත්......පුරු පුරුව.........

තවත් තත්පර දෙක තුනක් උන්න මං එහෙම්ම උඩ තිබුන මහ කාමරේ දිහාව බලල කුසියට යන්න හැරුනා...

දොදොලිට නින්ද ගියාද දන්නෙ නෑ...නැතුව ඇති නෙ.....රැ එලිවෙනකම්ම අටේ කැල්ලෙ උන්න පරිප්පුවගෙ හොර මායිය ගැනයි......හාමුවගෙ හොර දරුවො ගැනයි හිත හිත ඒකි සෝක වෙන්ඩ ඇති......ඒක තමයි කියන්නෙ එක එකාගෙ පපුවලට ගිනි ගෙඩි දෙන්ඩ එපාය කියලා...ඒවා තමනටම පත්තු වෙනකන් දන්නෙ නෑ කියලා ........

ඇලිස් අම්මා.........

අනේ......ඇලිස් අම්මා උදෙම්ම ඇවිල්ලා...

දොදොලි ගැන කලපනා කර කර ආව මම ඈත තියාම කුසියෙ පත්තු වෙන දුම් බැදුන  පොඩි ලයිට් එක දැක්කා.....ඒක දුම් බැදිලමද කොහෙද අඩපාටයි............

පෝරනේ ගාව හිටන් උන්න ඇලිස් අම්ම ඉනට අතක් තියාගන ලිපේ තිබුන මොනවා හරි හැදි ගානවා..මොනවද දන්නෙ නෑ.....

ඇලිස් අම්මෙ..........

අපෙ මැනිකේ.......ඇයි මේ....පාන්දරම නැගිටලා.........

මන් හිනා උනා.....මං දන්නව..මේ වෙනකොටත්.....ඉන්ධර්ගෙ වාහනෙ අරගන ඇලිස් අම්මගෙ ගෙදර මහ තැන අම්මලව එක්ක එන්න ගිහින් ඇති කියලා. .නිකන් නෙවෙ  ....ඇදුම් කැඩුම් එක්කම....අනේ සුද්දියා වැඩ දාපු ලමාසාරියට කොහොම ඉදීද දන්නෙ නෑ. ..ඔව්වා හද්ද පරන උනත් රජවාසලේ කටු ගෙදර තියලා පරිස්සම් කරනවා වගේ පරිස්සමකට ඔය පෙට්ටගම් අස්සෙ තිබුනෙ ..ලමා තැනිලා නාඹර කාලෙ ඇදපුවා......ඉතින් ඔව්වා එවුන්ගෙ උරුම..හරියටම ඔය එන්ගලන්තෙ මහ රැජිනගෙ ආයිත්තම් උන් උන්ගෙ දරුවන්ට  අයිති වෙනවා වගෙ.......ඩයනා කුමාරිගෙ ඔය ගිවිසුම් මුදුව විලියම් කුමාරයගෙ අඹුවට අයිති වෙනව වගෙ...මෙ  වලව්වෙත් තියන ඔය මුතු ඔබ්බාපු....රත්තරන් ගුලි ඔබ්බාපු ආයිත්තන් දැන් ඉතින් අයිති උන්ටනෙ....

අනේ වාසනාවන්..........කරපිංචා නැටි ගහන් කන් වල පාලුව යවාගත්තු සුද්දියගෙයි අම්මගෙයි කන් අද රත්තරන් වල බරට ඉරෙයිද දන්නෙ නෑ..........

අපෙ මැනිකෙ ...

මට නින්ද ගියේ හොරට ඇලිස් අම්මා........කොයි වෙලේ එලි වැටෙයිද කියලා මං බලන් උන්නෙ.....

මාසෙකට පස්සෙ මං අම්මව දකින්නෙ.......සුද්දියව.......දකින්නෙ.......
ඇරත්......දැලි නාන් උන්න මයෙ අම්මව......කුමාරිහාමි කෙනෙක් වගේ දකින්ඩ...මගෙ ඇස් වලට ඉවසුම් නෑ ඇලිස් අම්මා.....

අනේ...මයෙ රත්තරනේ..........උඹලා අඩන්ඩද ඔය කට හදන්නෙ...... දුක් වෙන්ඩ එපා  අපෙ මැනිකෙ.........මයෙ එකී අද  රාජ කුමාරි වගේ බහීවි...අනේ.....මං නේන්නම්...ඕකිව හැදුවෙ.......වැදුවෙ නැති ටික විතර නේන්නම්...

මං ඇලිස් අම්මා හරි හිමීට උනත් ආදරෙන් බරකරාපු......හැගීම් වලින් බර කරාපු වචන අහන් උන්නා.............මෙ හැම දේටම එකම හේතුව මගෙ ඉන්ධර්.......මේ හැම සතුටක් පිටිපස්සෙම ඉන්න එකම මනුස්ස පරානෙ මයෙ ඉන්ධර් වෙනකොට මං ඇලිස් අම්මා දිහාවට හැරුනා....

ඇලිස් අම්මෙ.....

ඕ..අපෙ මැනිකෙ....

කිරි කොල්ලා ආවද......

ආවා මැනිකෙ.......ඇයි...අපෙ මැනිකෙට බඩගිනිද......

නෑ......ඉන්ධර්ගෙ තේ එක මං හදන්ඩද අහන්න......

අනෙ...රත්තරනෙ....උඹල හාමුගෙ මැනිකෙ වෙච්ච එකෙ.....තේ එක හදලා දෙන්ඩ මගෙන් අහන්නෙ මක්කටද........

නෑ....ඉතින්....වලව්වෙ ඉන්නකොට.......මහ උන්දා නොකියපු කුනු හර්පයක් නෑනෙ.....ඒකයි.........

මයෙ මැනිකේ.......උපතින් මැනිකෙ පට්ටම අරන් එන එවුන්ට වඩා....ඔය මගින් මැනිකෙ පට්ටම ගහපු උන්ගෙ කෙරුවාව කොහොමත් ඔහොම තමයි.....මහ මැනිකෙ ජීවත් වෙලා ඉන්නකනුත් ඔය සුගලා මැනිකෙ කොච්චරවාත් අංකරේම නේන්නම්....ඒ කාලෙ ගැටිස්සි වෙලත් අංකරේ.......අපෙ අප්පො....නටාපු නාඩ්ගම් තොගයක් ....බිසවට පොලවෙ ඉන්ඩ බැරි උනා මාන්නෙ ඉහට ගහලා.....

මට හිනා ගියා......ඇලිස් අම්මා මේ උදෙම්ම දොදොලක් හැදි ගානවා......අරකිට දොදොලි දොදොලි කියලමද කොහෙද මට ඇලිස් අම්මා හැදි ගාන ඉස්තරම් දොදොල කන්ඩ කැත හිතුනා......

කිරිබතක්...දැක්කම කටට කෙල බේරෙන උම්මලකඩ දාලා අඹරාපු ලුණුමිරිසක්.....වැලි තලප වගේම අලුවා ටිකක්...වගේම හැදි ගාලා හැදි ගාලා පදමට හදන දොදොල එක්ක මයෙ අම්මගෙ වලව්වෙ කෑම මේසෙ අද හැඩවේවි....අනේ..මේකටම බේකරියෙන් කේක් බාගයක් වත් ගේන්ඩ තිබුන නම්.....සුද්දියා අර පාට දෙකේ කලරින් දාපු මාබල් කේක් කන්ඩ පුදුම පෙරේතයි අප්පා........

දැන් ඉතින්....බඩෙන් බාගෙට කන්න ඔන නැති උනත්....ඇල්වතුරෙනුත් බඩ පුරවගත්තු දවස් තිබුනනෙ.......

මේ හැම දේම වෙනස්කරපු මගෙ ඉන්ධර්......සංසාර කන්නෙ අහවර කොතනක හරි    උඹලා මතු බුදුවෙන්ඩ ඔනා මගෙ රත්තරනෙ....පුරන්  කුඹුරු අස්වද්දපු පිනම ඇති උඹලට.........
මේ තාක් වෙනකන් අපි ජීවත් උනේම දුර්භීක්ශෙකට අහු උන මිනිස්සු වගේ වෙනකොට...ඉන්ධඑ කියන වැස්ස ඇවිදින් අපිව සරුකෙරුවා ...නිස්සාර අපිව සරුසාර කරපු පිනම මදිද මගෙ ඉන්ධර්ට.......

උඹලගෙ පැටියා හරි වාසනාවන්තයි ඉන්ධර්....රාහුල් කියන්නෙ පින් කදක්...උඹලට ජාතක වෙන්ඩ ඒකා පින් කරලා තියනවා ....

කහට ...පාට....සීනි රස...කිරි රස ගානට ආව කිරි  තේ එක හදාපු මන් ඉන්ධර්ගෙ පීරිසි කෝප්පෙට වක්කරලා ඒ බන්දේසියටම  මං වතුර වීදුරුවකුත් තියලා තේ එක එක්ක ලාවට හිනා උනා ඉන්ධර්ගෙ ආදරෙත් එක්ක පන ගහන මං මගෙ මුලු හිතින්ම හිනා උනා. 

ඇලිස් අම්මෙ...මේන් තේ එක...බීලා ඉදිල්ලකො....

අනෙ...රත්තරනේ...උඹලා මටත් හැදුවද....ඇරත්...මෙච්චර වටින කෝප්පෙක...මගෙ බෙලෙක්කෙ හොදයි අපෙ මැනිකෙ......

එහෙම හිතන්ඩ කියන්ඩ එපා ඇලිස් අම්මා.....කාලයක් තිබුනා..මාත් පතුරු ගියපු බෙලෙක්කෙක කහට බිපූ...උඹල අපි.......හැමදාම දුක් විදින්ඩ නරකයි.....බීපල්ල...ඕන් ඔය ටින් බෙලෙක්ක කෑලි විසි කරලා දාලා.....වීදුරු පිගානක් ගනින් ඇලිස් අම්මා...අර සයිබෝට්ටුව ඇතුලෙ ඉතිරෙන්ඩ තියෙන්නෙ පිගන් තමයි...හත්මුතු පරම්පරාවක් උන්නත්...එකෙක් වත් මේවා  අරන් ගියෙ නෑනෙ...ම්ම්ම්ම්...අරගනිල්ලා.....උඹලා අපේ බැල මෙහෙවරට නෙවෙ ඉන්නෙ ඇලිස් අම්මා.....මයෙ පැටව්ගෙ කිරි අම්මා කම උඹලට බාරයි.......

මං එන්න ආවා....ඇලිස් අම්මගෙ ඇස් වලට කදුලු පිරුනා........

කැතරියගෙ කාමරෙ දොර ඇරිලා ඒකිගෙ කකුල් අත පය තැන් තැන්වල....ඕකිගෙ වෙරි හිදවන්ඩ ඊයෙ ගහක තරම් දෙහි කාන්දරාවක් ඒකිගෙ යටි පතුල් වලට ඇතිල්ලුවා..... නැත්තන් ඒකිගෙ අමු කුනුහර්ප කලවන් උන සින්දු සලාද අහන් ඉදලා ඉන්ධරුත් බඩ වෙනවා.......

මහ දොදොලි අද එලි බහින එකකුත් නෑ...ඒතරම් හිතෙ ඊරිසියාවට....

ඉන්ධර්..........

කාමරේට ආව මං දැක්කෙ තවමත් සනීපෙට නිදාගන මයෙ ඉන්ධර්ව...අනේ මට ලෝබ හිතුනා......අඩවන් කරාපු චිමිනි එලිය වහලම දැම්ම මං හිම්න් සීරුවෙ කාමරේ ජනෙල් පියන් ඇරලා තිර රෙද්ද අහක් කෙරුවා........තිර රෙදි දිගෑරපු වියන් හතරෙ ඇදෙ ඉන්ධර් තවමත් සනීපෙට නිදි වෙනකොට මං ජනෙල් කූරුවල එල්ලිලා එලිය බැලුවා.....

දැන් නම් වටින් ගොඩින් එලි කරලා.........ඉන්ධර් ගෙ කාමරේ ජනෙල් පියන් ඇරපු ගමන්ම පෙනුනේ පොල් වත්ත......ඇහල ගස් දෙක.......කෝපි මල් සුවද.......ඒත් මෙහෙ ඇහල ගස් නෑ....පොල් වතු නෑ.......හැබැයි දෙයියනෙ කියලා කෝපි ගස් නම් තිබුනා .....ගඩාගෙඩි විමානයක් උනා...පාලුවකට තිබුනෙ ඇහල ගස් නැති එක විතරක් වෙනකොට මං  ඈතින් එන කෝපි මල් සුවදට ඉවකෙරුවා..................මට මේ උදෙම්ම සින්දුවක් අහන්න හිතුනා...උදේ පාන්දර නැගිටගත්තු බට්ටිච්චන්ගෙ කිචි බිචියයි හිතේ සන්තෝසෙයි කෝපි මල් සුවදයි එක්ක මට සින්දුවක් අහන්න හිතුනත් ඉන්ධර්  ඇහැරේවි කියල බයට මන්  ඒ ආසාව යටකරන් උන්නත්...ඒ චුට්ටකිම්ම මට ඉන්ධර්ගෙ කට හඩ ඇහුනා.......

ඇසල.........

අපෙ මහත්තයා.......

මයෙ මැනිකෙ උදෙම්ම නැගිට්ටද.... .

ඇදෙන් බැහැපු ඉන්දර් මුලිම්ම කෙරුවෙ රබර් බාට දෙක දාගත්තු එක..මං වගේ නෙවෙ..මං ඕන වරත්තුවක  සෙරෙප්පු නැතුව ගියත් ඉන්ධර්ට සෙරෙප්පු නැතුව බැරි උනා....කස්තුරි කහ පාට කකුලෙ මහපට ඇගිල්ල උඩ වැවුන තද කලු කෙස් ගස්දෙක තුන වගේම නහර පෑදුන කකුල දිහා බලන් උන්න මං ඉන්ධර් එක්ක හිනා වෙනකොට ඉන්ධර් ඇදන් උන්න සරම් ගැටෙ ලිහලා ආපහු සරම ගසලා....පොඩි උන පාරවල් හරි ගස්සලා ආපහු සරම අදිනකොට මං සරම අස්සෙන් අඩ්ඩඩ්ඩාවට දවසකට මගෙන් වහන්  උන නිරුවත දැක්කා.....දැන් ඉතින්....ඒ නිරුවතටත් දින නියම නැතුව මාව තහනම් වෙලා ඉවරයි......

මයෙ මැනිකට ඊයෙ රෑ නින්ද ගියෙ නැතුවද....

සරම ඇදගත්තු ඉන්ධර් ලෙහාගන උන්න කොන්ඩ අහුර අරන් එක මිටියට අල්ලන් බූලක් දැම්මා....මොකද මහ හාමුවා වගෙ තාම මුරිච්චිය ගහන්ඩ මදි...........

ඉන්ධර් අහනවා මට නින්ද ගියාද කියලා...මං කොහොම කියන්නද....ඉන්ධර්ගෙ රූපෙ මගෙ නින්ද උදුර ගත්තා කියලා ..මං කොහොම කියන්නද....අම්මා එන සතුට හන්දා මට ඇහැපියවන්ඩ බැරි උනාය කියලා .........

මම මොකුත් නොකියම හිනා වෙලා බන්දේසිය උඩ තිබුන වතුර වීදුරුව අරන් ඉන්ධර් අතට දෙනකොට ඉන්ධර් මගෙ කම්මුල පිට අල්ලෙන් අත ගාන ගමන් වතුර වීදුරුව අතට ගත්තා.....

අපෙ මහත්තයා....

ම්ම්ම්...

අමනාප නැති නම්..දෙයක් ඉල්ලන්නද.......

මොනවද.........

බේකරියෙන් කේක් බාගයක් ගෙනල්ල දෙනවද..........අපෙ...අරකි.....

මයෙ අම්මා මේ ඕක ඉල්පන්ඩද මේ තැටමුවෙ....ම්ම්ම්....ගෙනල්ලා දෙන්නම් උඹලට..............

මං හිනා උනා...අතේ තිබුන වතුර එකෙන් කට හෝදපු ඉන්ධර්ගෙ අතට කිරි එක දෙනකොට ඒක අත් දෙකෙම්ම එයා අතට ගත්තා...

මයෙ මායියද මේ හැදුවෙ.....

ම්ම්ම්ම්......

මගෙ හුරුතලේ උඹලා......ඉදල්ලා...මේකෙන් උගුරක් දෙකක් බීලා දියල්ලකො.....

කමක් නෑ...මං  පස්සෙ බොන්නම්.........

මේන්  මේකෙන් උගුරක් දෙකක් බීපල්ලා මැනිකෙ....හිස් බඩ ඉදන් බලාගන ඉන්නවා........මයෙ මැනික නොදන්නවා උනාට ඇලිස් අම්මගෙ වාහෙව මන් පාන්දරම පිට කරලයි ආයම ඇදට නැග්ගෙ  .......වරෙල්ලා....උන් දැන් එනවත් ඇති....

අනේ ඒ කියන්නෙ...ඉන්ධර්.......

මං ඉන්ධර් අතේ තිබුන කිරි එකෙන් උගුරු දෙක තුනක්ම බිව්වා....මං නොදන්නවා උනාට.......එයා කොච්චර දේවල් කරනවද................

අනෙ ඉන්ධර් උඹ කොහොමද මේ තරම් ආදරේ පිරුන මනුස්සයෙක් උනේ......

අපෙ මහත්තයා...

හ්ම්.....කියාපල්ලා .....

කොහොමද ඉන්ධර්....උඹ මට මෙච්චර ආදරේ කරන්නෙ.....

ඒක අහන්ඩ ඕන උඩ ඉන්න උත්තමයන්ගෙන් මැනිකෙ.....මං දන්නෙ එකදෙයයි....මං උඹලට නොසෑහෙන්න ආදරෙයි මයෙ අම්මෙ.....උඹලා ඇවිදින් මං වෙනුවෙන්ම පිපුන මලක්.......උඹලා කියන්නෙ මට ලැබුන හතර නිධානයක් මයෙ අම්මෙ......ඇබිත්‍තන් කෝපි මල් වල රහට වහ වැටුනට මොකද ...ඊට ඇතුලෙන් තියන උඹලගෙ හර්ද වස්තුවට මන් පුදුම තරම් ආදරෙයි මයෙ ඇසල......

හ්ම්.........
දැන් ඉතින් ඔය තුරුලු උනා මදැයි....මං නාගන කරගන එන්නම්.....උඹලට වතුර ටිකක් පැහෙන්ඩ තියන්නම්....උදෙම්ම සීත වතුර නාලා මයෙ මැනිකෙ අසනීප වෙයි......තේරුනාද මයෙ අම්මට....ඔහෙන් ඉදිල්ලා...පාන්දරම උඹලා ඇවිදින්ඩ තියාගන්නෙ නැතුව...නැත්තන් මේ සුභ දවසෙත් මයෙ මායියා ගිහින් අංකරයක් අල්ලාවි  .......

මං ඔලුව වැනුවා....හිනා උනා.....කියපු කතාවලට මට කපටි විදිහට හිනා ගියා.......එක තත්පරේකට ඉන්ධර්ට තුරුලු උන මං ඔලුව වනලා ඈත් වෙනකොට ඉන්ධර් තුවායත් කරේ දාන් යන්න යනකොට මං කෙරුවෙ ඉන්ධර්ගෙ සුවද පිරුන පුංචි කාමරෙ ඉදන් සුලන් කුරුල්ලො අහන ගමන් ඉන්ධර්ගෙ පැටියව අතගාපු එක.....

මොනවද මයෙ අම්මට සුලන් කුරුල්ලා ඇවිත් මුමුනන්නෙ ම්ම්ම්........

ඉ ..ඉන්....ධර්......

එකම සින්දුව නේද උඹලා ඔය කරකව කරව ආය අහන්නෙ ම්ම්ම්....ඉතින්......එහෙව් එකේ....ඕකෙ ඉන්න සුල්ස්න් කුරුල්ලා මයෙ මායියගෙනට මොනවද කියන්නෙ කිව්වා නම්.....

මාව ගැස්සිලා ගියා....නාගන්ඩ ගියපු ඉන්ධර්  ආපහු ඇවිදින් මගෙ කනට කරලා කතා කරනකනුත් මං උන්නෙ එකම සින්දුව අහ අහ ඇද කනුවකට මගෙ ඔලුව තියන් ඉන්ධර් පැටියා ගැන හිත හිත වෙනකොට මාව ගැස්සුනා........

ඉන්ධර් නාල........ඒ කොන්ඩෙ ඔක්කොම අක්බමරු වෙලා........උඩු අතට  කරකවාපු උඩු රැවුලයි....තෙත් ගැහුන උඩ කදයි.........ඉනට තුවාය ගැටගහන් උන්න තුවයයි එක්ක ඉන්ධර් තවත් ලස්සන වෙනකොට ඒ ඇස් අස්සෙ ආදරේ වාන් දාන ගමන් තිබුනා.........

ම්ම්ම්ම්.....ඉතින්.  කියාපල්ලා........මොනවද මයෙ අම්මට සුලන් කුරුල්ලා මල් සුවදක් අරන් ඇවිදින් කිව්වෙ.......කෝපි මල් ගැනද කිව්වෙ ම්ම්ම්ම්......

මන් හිටගත්තා........ඉන්ධර් කියන්නෙ අඹාපු රූපයක් හා සමාන වෙනකොට හිටගත්තු මන් ඉන්ධර් ගාවට ගිහින් ඇගිලි තුඩුවලින් ඉස්සිලා ඒ උරහිස් වල එල්ලුනා.......

"ආදරෙයි......."

මං මිමිනුවා....සුලන් කුරුල්ලා මල් සුවද අරන් ඇවිත් හීන පොතක පිටු අස්සෙ ලියාපු  වචනෙ මං ඉන්ධර්ගෙ කනට මුමුනවා එක්කම ඉන්ධර් මාව වඩා ගත්තා......හැබැයි......වඩා ගත්තට වඩා වේගෙන් ඉනදර්ට මාව බස්සන්න සිද්ද උනා.......

අනේ......හ්.....අම්මෙ...........හ්.......මයෙ පුතා........හ්......

ඉන්ධර්....ඒ....

අම්මා නේ.....

මාව බිමට  බස්සපු ඉන්ධර් තුවාය පිටින්ම එලියට දිව්වා.......ඒ පස්සෙම මාත් දිව්වා....

අනෙ හත් දෙයියනේ........දොදොලි........

අනේ ඇලිස් අම්මෙ.....හ්

මට කෑ ගැස්සුනා.......දොදොලි මේ උදෙම්ම  භූමි නමස්කාරෙකරලා.......නිකන් නෙවෙ දෙයියනේ...මහ කාමරේ ඉදන් පල්ලම් බැහැපු දොදොලිව සොල්දරෙන් බිමට වැටිලා තිබුනා.....

අපෙ......අම්මා.....අපෙ අම්මා........අපෙ අම්මා......අපෙ අම්මා කතා කරපල්ලකො........අපෙ අම්මා.....මැනිකෙ.....ඕන් ඔය වතුර එකක්.ගනිලා...සිහි නැති උනා......

දොදොලිට සිහි නැති උනා ...වැටුන වැටිල්ලට ඒකි සිහි නැති වෙලා තියනකොට මන් බලාගන කැතරියා තාම වෙරි මරගාතෙම්ම සිලි උරයක් අරගන කුසිය පැත්තෙ ඉදන් ඔලුවත් කහ කහ හැප්පි හැප්පි මේ පැත්තට එනවා........

කැතරින් අක්කන්ඩි...........

මලයා මැනිකෙ......

වතුර එකක් ගෙනෙල්ලා....මේන් අම්මන්ඩි  පඩිපෙලෙන් රූටලා.....

මං කෑගැහුවා.....කැතරියා අතේ තිබුන මල්ලත් වීසි කරන්  වෙරි හිදුන කගවේනා වගේ කුසියට දුවනකොට මන් ඉන්ධර් ගාව වැටීගන දොදිලිගෙ මූනට තට්ටු කෙරුවා.........

ඔලුව වත් පැලිලද අපෙ මහත්තයා......

නෑ...වගේ....අපෙ අම්මා.....අපෙ.....අම්මා........මොන සිහියෙන් ආවදෝ මන්දා.......

අයියන්ඩී........මේන්...මේන්....මැනිකෙ මලයා...ඉදල්ලා..........

ලොකු මැනිකෙ............බේබි හාමු.....

වලව්ව අස්සේ එකම කාලගෝට්ටියයි.............තරප්පු පේලියෙන් බිමට බඩගාපු  දොදිලිගෙ මූන පුරාවටම පොල් කුඩු............එතකොටයි මං හරියටම දැක්කෙ......මුලු තරප්පු පේලියෙන් එකයි පොල් කුඩු...........

..කැතරින් අක්කන්ඩී..........

ඉනදර් සිහි පත නැතිව ගියපු දොදොලිව වත්තම් කරගන මූනට වතුර ගගා සිහිය ගන්ඩ හදනකොට ඇලිස් අම්මත් ඉන්ධර්ට මහ එකීව ආන්බාන් කරගන්ඩ උදව් කෙරුව........මුන පෙගෙන්ඩම වතුර නාපු දොදොලි අඩ සිහියෙන් කෙදිරු ගෑවා.........

කැතරින් අක්කන්ඩි.....

මැනිකෙ මලයා......

මේ...මොනවද.....මේ........තරප්පු පේලිය පුරාවටම.......පොල් කුඩු........

කැතරියගෙ ඔලුව කාක්කුඩෙ වෙලා...ඒකි තාමත් වෙරි මතෙන්.......අත් දෙකෙම්ම ඔලුව කසපු කැතරියා තරප්පු පේලිය දිහා බලනකොට ඉන්ධර් වගේම ඇලිස් අම්මත් තරප්පු පේලිය දිහා බැලුවා.........දොදොලි කෙදිරි ගෑවා..........

කැතරින් අක්කන්ඩි....කියාපන්.....මොකාද මේ උදෙම්ම පොල් කුඩු හැලුවෙ කියලා.......

ආ...මේ...ඔය අපෙ නැන්දම්මා කියාපු කාරනාවක්නෙ අයියන්ඩී....

මොකක්......???

මගෙ ඇස් දෙක හීනි උනා......මහ දොදොලි තාමත් අඩ සිහියෙන් ඉන්ධර්ගෙ උකුලෙ වෙනකොට නැන්දම්මා කියාපු කාරනාවක්  කියපු කැතරියා අර වීසි කරන් දුවපු සිලි මල්ල ඇහිදන් ආවා.....

කැතරින් අක්කන්ඩි...කියාපන්...මක්කද...මේ......

මැනිකෙ මලයා..අනේ...අමනාප වෙන්ඩ එපා.....මට ඔය අතනින් මෙතනින් වැඩ කරලා..බාග වැඩ පුරුදු නෑ ඕන්......

කියන මගුලක් වට වන්දා නොදා කියාපිය බොල....තෝ මක්කද මේ උදෙම්ම කරන විගඩම.........

අනේ.අයියන්ඩි....කෑ.....ගහන්නෙ......මං කෙරුවෙ නැන්දම්මා කරන්ඩ කියාපු දේනෙ....

.නැන්දම්මා....මේ මයෙ අම්මා......

නැතුව ඉතින්.......අද හෙට ඉතින් මේ වලව්ව් ආස්සෙ මගුල් තුලා වෙන තැන් නෙ කියලා..මට කිව්වා..අපෙ මැනිකෙ මලයන්ඩි නැගිටින්ඩ කලියෙන් මේ පොලව පොල් කුඩ්ඩෙන් මදින්ඩය කියලා....නිකන් නෙවෙ...පොල් තෙලුත් දාලා...එතකොට ඔය හොදට පොලිස් පාටට එනවයිනෙ කියලා......

ඒකත්.....පටන් ගන්ඩ කිව්වෙ මැනිකෙ මලයලාගෙ සිරියහන් ගබඩාවෙන්..........ගාස්තුවට මට මැන්ඩිස් අරක්කු බෝතලයක් දෙන්ඩ පොරොන්දු උනා.........

අනේ...අපෙ අයියන්ඩි...මට නම් බෑ ඔය බාග වැඩමැදින් වැඩ කොරන්ඩ........වැඩක් කරනවා නම්.....කොනක ඉදන් කොරන්ඩ ඕනා......මං ඉතින්....පොලව මදින්ඩ ගත්තෙ අපෙ නැන්දම්මගෙ කාමරේ ඉදන් පහලට.........ඒකනෙ ඉතින් මුල් තැන.........තරප්පු පේලිය මැදලා අහවර වෙනකොට.....පොල් කුඩුත් අහවර උනා..මං...මෙ කුසියෙන් පොල්කුඩුවලට පොල් තෙල් හාමු කොරන් එන ගමන්.......

ඇරත්...නැන්දම්මට තේරෙන්නෙ නැතුවද...පොලිස් ගෑම කෙසේ වෙතත්....පොල් තෙලුයි පොල්කුඩ්ඩයි හන්දා ලෙස්සනවා කියලා.......ඔය කොරන් තියෙන්නෙ......දැන්.....අනෙ
මැනිකෙ මලය...මේන් බලාපන්..මේ පොල් කුසු මල්ලට හාමු කොරාපු පොල් තෙල් වල පදම......මේ ගේම දැන් මදින්ඩ එපැයිනෙ......ගෙදර උන්නා නම්...එකයි අප්පා...මේ නැන්දම්මා හන්දා මට වඩි කීයක් නම් මග ඇරුනද......

මයෙ....ප්...ප්...පුතා......ම්...මයෙ...අම්..මේ.....ක්..කො...කො...න්ද........

මගෙ සිහිය පත නැති වෙන්ඩ ආවා......ඉන්ධර්ටවත්.....ඇලිස් අම්මටවත් කතා කරගන්ඩ වචන නැති වෙනකොට ඉන්ධර්ගෙ උකුලෙ උන්න දොදොලි වේදනාවෙන් කෙදිරි ගාන්ඩ ගත්තා.....

මහ එකී කියලා බිම මදින්ඩ කියලා.......ඒකත්...පොල් කුඩ්ඩට පොල්තෙල් හාමු කරලා...නිකන් නෙවෙ...අපේ කාමරේ ගාවින් පටන් ගන්ඩ කිව්වලු.......මෙච්චර වෙලාම කඩි ගුල වගෙ ඇවිස්සුන වලව්ව එක පාරම මීයට පම්බා වගේ උනා...කෙදිරි ගාන දොදොලි ඇරුනම ඉනධර් වත් මං වත් ඇලිස් අම්මා වත් නෙවෙ කතා කෙරුවෙ........මගෙ අත් දෙක ඉබේටම මගෙ බඩ උඩ නවතිනකොට මෙච්චර වෙලාම මහ දොදොලිව උකුලෙ තියන් උන්න ඉන්ධර් නැගිට්ටා...නිකන් නෙවෙ...ඉන්ධර්ව වෙව්ලනවා...එ ඇස් වලට කදුලු පවා උනලා තිබුනා..........

වෙන මොකටවත් නෙවෙ...මේකි පොල්තෙල් හාමු කරලා බිම මදින්ඩ කිව්වෙ.......බඩ දරු මාව පාලු කරන්ඩ වෙනකොට ඇලිස් අම්මගෙ නැති උන දරු පැටියගෙ පිහිටෙන් ද කොහෙද ඒකිට අද මේ ලෝකෙම ඒ පාප කර්ම ගෙවන්ඩ සිද්ද වෙලා තිබුනා.....

ඇලිස් අම්මෙ.......

අ...පෙ....හා...මු..........

ගනින්...මයෙ...අප්පච්චිට...කෝල්..එකක්...අරන්...දැන්ම...කියාපන්.........එනඩ කියලා වලව්වට.........ඇවිදින්...මුන්දව ගිහින් දාන්ඩ කියාපන්  මහ වාට්ටුවට..............

ඒ කරල....යතුරු කැරල්ල ගන්ඩ කියාපන් මයෙ අප්පච්චි අතට.....අදින් පස්සෙ...ඒ යතුරට අත ගහන්ඩ තියන වරම් මුන්දට අහෝසි කියාපිය........ඒ වරම ආයම  ගන්නෙ මයෙ ඇසල කියාපිය......මේ වලව්වට හත් මුතු පරම්පරාවකම බඩ උන කුමාරි හාමිලා උන්න බොලව්...ඒත්....මොන කෙස් වල්ල පටලගත්තා උනත්..දරු සම්පත් උන් ඇස් වගේ රැක්කා..........පව් කාර හිත් තියන් උන් කොහොමද....යතුරු කැරලි අත මිටමොලවන්නෙ...අම්මා උනත්..පව පවමයි බොලව්...........එහෙව් එකෙක්ට....උරුම වලට දෙන යතුරු කැරලි තහනම් කියාපිය......ඒක ස්තිරයි.....

ඒ ඇරුනම.....වෙන්ඩ තියන කාරනා....ඒ විදිහටම ඉශ්ඨ සිද්ද වෙයි........මයෙ නගාලා....දැන් මග.......ලෑස්ති කොරාපන් තේ මේසෙ....එකෙක් අඩු උනාය කියලා.....වෙන්ඩ තියන කාරනා මග නවතින්නෙ නෑ............ඒවා....එහෙම්ම ඉශ්ඨ සිද්ද වෙයි.........

උඹලා එකෙක් වත්...ආය.......මේ ගැන හා හුම් ගාන්නෙ නෑ........කැතරින් අක්කන්ඩී....යන්ඩ ලෑස්ති වෙයන් අදම ආපිට උඹගෙ ගෙදර.........

හරි හමන් අම්මෙක් නම්....මෙ  වගේ දහදුරා වැඩ කරන්නෙ නෑ බොලව්........මේවා අහස පොලව නූහුලන අපරාද.........මේවා සහගහන අපරාද............මේවා මයෙ ලේ කෝප කරවන කාරනා........

ඇලිස් ...කන ඇහුන් නැද්ද උඹටත්....මේ දැන්ම ගනින් මහ එකාට කෝල් එකක්...ඇවිදින් පාක්කුඩමව අරන් යන්ඩ කියාපිය......

අම්මන්ඩි කියන්ඩත් ලැජ්ජයි මට....... ආය  මේ වලව්වෙ පස් පෑගිලි තහනම් ය කියාපිය.......මේවා සංසාර පලි ගැනිලි බොලව්............!!!නැත්තන් මොන කාරනාවකටද බොලව් පොල්තෙල් හාමු කරාපු පොල් කුඩ්ඩෙන් බිම මදින්ඩ කියන්නෙ...ඒකත්...මයෙ කාමරේ ඉදම්ම.....දන්නෙ නැතුවද මගෙ පවුල බඩින් කියලා......මේවා සහගන අපරාද බොලව්.....ඇලිස්...ගන් මේ දැම්ම කෝල් එක....

සලා........න්න්න්!!!

ඉන්ධර්ව වෙව්ලනවා........තරහව වේදනාව බය වැඩි කමට ඒ ඇස් රතු වෙලා ගොරකා ලෙලි පාට ගහලා තිබුනා.......මහ එකී කරන්ඩ හදාපු කාරනාව සහ සුද්දෙම්ම තේරුම් ගත්තු ඉන්ධර් බිම ඉදන් කෙදිරි ගාන සුගලා දිහා බැලුවෙ වත් නැති වෙනකොට දත් මිටි කාගන කතා කරලා...කැතරියටත් යන්ඩ අනදීපු ඉන්ධර්  ඇලිස් අම්මට බෙරිහන් දීගන එතනින් යන්ඩ ගියේ පිත්තල මල් පෝච්චියකට මහ සද්දෙන් පයින් ගහන් වෙනකොට නැගිට ගන්ඩ හදාපු සුගලව වාරු නැතුව ආපිට වැටුනා...... 

.අනෙ.....අම්..මෙහ්....මයෙ.....කො...න්...ද.....හ්.......












😒

😒අනේ...සුකලා....උඹ......

ආයම කොටහකින් එනකන්...පයිස්සමින් ඉන්ඩෝ.......

මන්.ජොබී.....

Nedeesha!

Continue Reading

You'll Also Like

1.2M 63.7K 50
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
338K 8.4K 79
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
471K 89.5K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...