නුඹ ඍතුවක්🌼🌼(✅...)

By DEESHAPONNAMPERUMAGE

438K 60.8K 32K

ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!.... More

01කොටස.....🌼
02 වන කොටස...🌼
03 වන කොටස🌼
04 වන කොටස🌼
05 වන කොටස🌼
06වන කොටස🌼
07 වන කොටස🌼
08වන කොටස🌼
09වන කොටස..🌼
10 වන කොටස..🌼
11වන කොටස🌼
12වන කොටස🌼
13 වන කොටස..🌼
14 වන කොටස..🌼
15 වනකොටස...🌼
16 වන කොටස...
17 වන කොටස.....🌼
18 වන කොටස.....🌼
19වන කොටස....🌼
20 වන කොටස...🌼
21 වන කොටස..🌼
22 වන කොටස...🌼
23 වන කොටස...🌼
24 වන කොටස....🌼
25 වන කොටස....🌼
26 වන කොටස....🌼
27 වන කොටස.....🌼
28වන කොටස....🌼
29 වන කොටස.....🌼
30 වනකොස...🌼
31 වන කොටස...🌼
32 වන කොටස...🌼
33වන කොටස...🌼
34වන කොටස.....🌼
35 වන කොටස......🌼
36 වන කොටස...🌼
38 වන කොටස......🌼
39වන කොටස...🌼
40 ඍතුවක අවසානෙට....!🌼
හදපිරි ස්තූතිය ‼️

37 වන කොටස....🌼

9.9K 1.3K 752
By DEESHAPONNAMPERUMAGE

මං එන්න ආවා..ආයම හැරිල්ලක් බැලිල්ලක් නැතුවම කෙලින්ම එන්න ආවා.....

ආවා මෙතන ඕන එකයි එපා එකයි අහක් කරන්ඩ.....ඒකිට අහක් කරන්ඩ ඕනා නම් මං මොකට ඉන්නවද.......????

ඇපෙ මැනිකෙ.......

ඇලිස් අම්මා.....ඇතුලට ආවා නම්.....

මගෙ පස්සෙම්ම  ආව ඇලිස් අම්මා පහල තිබුන මහ කාමරේට එබි කම් කරනකොට මං ඇදේ ඉදගන ඇද වියල මිරිකගන බලාගන උන්නා....

මක්කද ඇලිස් අම්මා අර මහ ගෑනි කියාපු පඩත්තර කතාව.......විසි හතර පැයක් වත් වයස නැති මේ පැටියට කියාපු කතාවට නම්..අනේ...ඔය කටට හොරි දාන්ඩ ඕනා....මං ඉන්ධර් ඇරුනම පිට හුලගක් වත් වැදුන.........අනේ....

මයෙ මැනිකෙ.......ඇසල..................

අනේ බේබි හාමු.....පොඩි මැනිකෙට අකුරක් නෑරම ඇහිලනෙ......

ම්න්...මං බලන්නම්....කිරි  එක තියලා ඔය දොර අඩවන් කරන් යමල්ලකො......

මම ඇද වියලට ඔලුව ගහගත්තා.........සුගලගෙ කටේ හැටි හොදටම දන්නවා උනත් මගෙ පපුවට ඒ වචන පිහි තුඩු බස්සනවා වගේ දැනුනා..........කිරි එක උස්සන් ආව ඇලිස් අම්මා වගේම ඒ ටිකකින්  ආව ඉන්ධර් මගෙ මූන දැක්කා...ඇස්වල කදුලු දැක්කා.....ඉන්ධර්ගෙ මූන වෙනස් උනා.....නිකන් ඉන්නකොටත් අඩනවට ටිකක් වත් අකමැති ඉන්ධර් මං මේ ඉන්න තත්වෙ එක්ක කොහොමත් අඩනවට කැමති නැති වෙනකොට ඒ මූන බලාගන ඉන්නකොට අමුතු උනා.....

එහෙමයි බේබි හාමු.....

ඇලිස් අම්මා........මේසෙට කෑම ඇරිලි ඕන් නෑ....කන උන් බෙදාගන කන්නෙ නැතැයි....උඹලා බත් ගෙඩියක් බැදගන යමල්ලා....ආය හවහට වරෙන්....මතක් කරලා උඹලහෙ වාහෙට කියාපන් හෙට උදෙම්ම පිට වෙන්ඩය කියලා....මේවා මෙ තව සුන්ංගු කරන්ඩ ඕන කාරනා නෙවෙ........මදැයි මං දැන් බලන් උන්නා උන්නා.....තව උන්නොත් වෙන්නෙ මට මගෙ පවුලත් කටු ගෑවෙනකන් හොයන්ඩ බැරි වෙන එක.....

එහෙමයි අපෙ හාමු...මං අපෙ ගෙදරට උන්දට කියන්නම්........

ම්න්.....ඕන් ඔය දොර වහන්ම යමන්...අඩවල් කෙරුවත්  බහිරවයන්ට රිංගන්ඩ ඒ හිඩැසත් ඇති.........

ඇලිස් අම්මා යන්න ගියා...මුලින් අඩවල් කරන්න කියාපු දොර අවසානෙදි ඉන්දර් වහලා දාන්න කියලා කියනගමන් ඇදන් උන්න කමිසෙ ගලවලා ඇද වියල උඩ දාන කොට මං ඉන්ධර්ගෙ සරුවාංගෙ දිහා බලන් උන්නා.......

ඒ මුන කට දිහා බලන් උන්නා...අවසානෙදි ඇලිස් අම්මා යන්න යනවත් එක්කම ඉන්ධර් ඇදන් උන්න සරම ගලවලා වෙන සරමකට මාරු වෙනකනුත් මං බලාගන උන්නා....

මයෙ මැනිකෙට මතකද..........උඹලා...මයෙ මැනිකෙ වෙලා පලවෙනි දවසෙම ...මං සරම මාරු කරනකොට ඔය මූනු පොඩිය රතු කරගන  පැනල දුවන්න හැදුවා.....

අඩන්න ඔන්න මෙන්න උන්න මගෙ මුනට හිනාවක් මතු උනා.......කිව්වත් වගේ...ඉන්ධර් එදා මට කිව්වා යටට ඇදල ඉන්නෙ කියලා......අනේ....ඒ දවස් වල මං බේබි හාමු කියලා මුන වත් හරියට බැලුවෙ නෑ..........දවස් කොච්චර නම් ඉක්මනට ගෙවුනද..........එදා ලැජ්ජා උන මමම අද ඉන්ධර්ගෙ සරුම් ගැටේ ලිහනවා......

මයෙ මැනිකත් ඔය ඇදුම් කැඩුම් අහක් කරා නම්....ම්ම්ම් සිමි ගදයි....මං උඹලව හැන්දෑවෙ පහල වතුර කොටුවට එක්ක ගිහින් ඇගපත හෝදවන්නම් එතකන් වෙන ඇදුමක් ඇදගන ඉදිල්ලා......

.තෙහෙස්........

ඇයි අම්මෙ ......ම්ම්ම්.....

මෙහෙම...චුට්ටක්...ඉන්නම්කො.....

ම්ම්ම්....හා..මනාපයක්....උඹලට ඕන තරම් ඉදපල්ලකො........

ඉනට ඇදපු සරම  පිටින් විතරක් උන්න ඉන්ධර්ගෙ උඩකය සම්පූර්ණනම නිර්වස්ත්‍රෙන් තිබුනා.......කස්තුරි කහ වල කහ පාට  සායම් වෙච්ච ඒ පපුව ....චුට්ටක් විතර ඉස්සරහට පිම්බුන බඩ ගෙඩිය දැක්කම වෙන මොනවටත් වඩා  මට ඕන උනේම ඒ බඩගෙඩිය උඩට මගෙ කම්මුල හේත්තු කරගන වරුවක් හරි එහෙම ඉන්න......

ඉන්ධර්ව මහත් වෙලා......කසාදෙට කලින් උන්න ඉන්ධර් නෙවෙ දැන්.....ඒ ඇග දැන් තවත් පලල් වෙලා..... ඒ අත් තවත් ගයිය වෙලා.... ඇගට යට උනහම මම ඉන්නවද කියලත් හොයන්න බැරි තරම්.......මන්දා...වයසට යන්න යන්න ලස්සන වෙනවාද මන්දා ....වැවුන කලු කොන්ඩෙ අතරින් පතර තිබුන සුදු ගස් එක්ක ඒ මූන තවත් කඩවසම් වෙලා .......පලල් පපුව මැද්දෑවෙ වැවිලා තිබුන තද කලු ලෙස් ගස්...ඉනෙන් පහලට එනකොට එන්න එන්නම ඝනකම්  වැඩි වේගන ආවා......ඉනෙන් පහල වී අකුරෙ හැඩෙයි.... ගැඹුරට ගිලුන නාභියට පහලින් පිරිමි ඇගට යන පාරෙ වැවුන කෙස් ගසුයි එක්ක ඉන්ධර් කියන්නෙම පිරිමින්ට පවා ලෝභ හිතෙන කඩවසම් පිරිමි පරානයක් වෙනකොට ..මගෙ ගාව ගැහෙන  ඉන්ධර්ගෙ ලා ධාතුවත් මෙ වගේම රූපෙකින් එලියට එනවා නම් හොදයි කියලා අනන්තවත් මට හිතෙන එක වැරදි නෑ කියන්න මගෙ යටි හිත ආය ආයම මට කොදුරන කොට  මන් ඉන්දර්ගෙ බඩට මගෙ ඔලුව හේත්තු කරගත්තා ......

ඇසල.............මයෙ මැනිකෙ.......

ඇයි ...ඉන්ධර් අම්මා අර වගේ කතාවක් කිව්වෙ..........

මගෙ...හිතට ..හරි  වේදනාවයි ඉන්ධර්.....මිනිස්සුන්ට....තරහ පිරිමහන එකේ සීමාවක් තියනවා......ඇත්ත දැන දැනත්....ඇයි ...අපෙ ..මහත්තයා........

මයෙ ඇසල......කෝ......ඩීංගිත්තක් උස්සපල්ලකො ඔය මූන......කෝ..මයෙ රත්තරන් උඹ....උස්සපන්කො ඉතින්.......

බඩට හේත්තු වේගන උන්න මං හිමින් සැරේ මුන ඉස්සුවා....ඉන්ධර්ටත් පැටියෙක් ලැබෙන්නද කොහෙද...තුන්මාසෙක බඩ....දැන් ඉතින් අප්පච්චි කෙනෙක්නෙ....ඒක වෙන්ඩ ඇති............

ඇසල......මේ අහපල්ලා.....මහ අම්මන්ඩිගෙ කටින්  මොන වචනෙ පිට උනත් ..ඒ වචන එකක් වත් මගෙ මේ කනින් ඇතුලට ගිහින් මේ කනින් එලි බහිනවා මිසක්කා....කවදාවත් හිතට වැටුන් නෑ මයෙ රත්තරනේ.....මේ පැටියා මයෙ කියන්ඩ මං විතරක් නෙවෙ...උඩ ඉන්න දෙවියො පවා සාක්කි දේවි   එහෙව් එකේ.....මයෙ ඇසල මක්කටද මේ හිත රිදවගන්නෙ ම්ම්ම්ම්..........උඹලා ඔහොම දුකෙන් ඉන්ඩ එපා මයෙ රත්තරන් ......

මං උඹලව සතුටුන් තියන්ඩනෙ මේ ඔක්කොම කරන්නෙ....ම්ම්....මයෙ අම්මට අම්මව ඕනෙ කිව්වා..මං නගාගෙ වැඩකටයුතුත් ඕන් ඉක්මන් කෙරුවා..........උඹලා කීප දොහක්ම අප්පච්චි ගැන හීල්ලුවා......මං උඹලට උඹලගෙ අප්පච්චිවත් ගෙනත් දෙන්නම්........මයෙ පැටියගෙ අප්පච්චි විතරක් ඉදලා...පැටියගෙ අම්මන්ඩිගෙ අප්පච්චි නැතුව කොහොමද....ම්ම්ම්ම්....කෝ...හිත නරක් කරගෙන්එ නැතුව ඉදිල්ලා...මයෙ මැනිකෙ මනාප නම්...මං උඹලා ඉල්ලන හැමදාකම උයල මේ අත් වලින්ම කවන්නම්.....ම්ම්ම්ම්ම්......

මං ඉන්ධර් දිහා බලාගන උන්නා...ඉස්සර ඉන්ධර් කනට කෙදිරුවෙම මගෙ ඇග හිරි වැටෙන වචන.......සෘංගාරයත් එක්ක ආදරේ ගුලි කරාපු....හද පායන රැයවල් ගැන ඇග හිරි වැටෙන කත කිය කිය....යටි බඩ අස්සෙන් මහ වැලිය වාන්දාන වචන....ඒත්...අද......සෘංගාරයක් කියන එක ගෑවිලාවත් නෑ.....ආදරේ සෙනෙහස විතරක් පිටාර ගලනවා......අහන් ඉන්නත් ලෝබ හිතෙන විදිහට මාව නලවන ඉන්ධර් දිහා මං පුදුමාකාර ලෝබ කමකින් බලන් උන්නා....

කොටිම්ම...මේ සංසාරකන්නෙ අනේ  කවදාවත් ඉවර නොවී අමරනීය වෙනවා නම් හිතුනා.....

මයෙ ඇහල මල උඹ.........හිත කැක්කුම් කරගන්ඩ එපා....මේ පැටියාගෙ  අප්පා මං.....උඹව තලපු එකම එකා මං ...මයෙ වචන විතරක් උඹලට ඇති.........තේරුනාද......ඇරත්...මයෙ මැනිකේ...උඹලා අහලා තියනවනෙ...බුදුන්ට පවා ගල් පෙරලුවා...බුදුන්ට පවා කතා හැදුවා....එහෙව් දේවල්...ඒ අතීතෙත් වෙලා තිබුනා..නිදොස් මිනිහට කොහෙනුත් ඇගිලි දික් උනා...ඒත් මයෙ අම්මෙ.......දවසක...මේ හැමදේම එලි වෙනකොට ...කව්ද වැරදී...කව්ද හරී කියලා ...ඔය ඇගිලි දික් කොරාපු උන්ට දුවන්ඩ පාරවල් වල ඉඩත් මදිවෙනවා.....තේරුනාද මයෙ මැනිකට ම්ම්ම්ම්......

කෝ වරෙල්ලා..මේක බීලා හිටින්ඩ....මයෙ ඇහල මල උඹ.......පව් මගෙ නොදරුවා..ආසාවෙන් බීපු තේ උගුර........

ඉන්..ධර්.....එපා.....නෙ...

අනෙ මැනිකේ.....එපා කියලා බෑනෙ....ම්ම්ම්....මෙ  ඇතුලෙ ඉන්න ඉන්ධර් පැටියත් බඩගින්නෙ  නේ...ම්ම්ම්.......මයෙ අම්මා හිනා වෙලා උන්නොත් තමයි...ඉන්දර් පැටියත් හිනා වෙන්නෙ....මයෙ මැනික සනිපෙන් උන්නොත් තමයි..මයෙ පැටියත් සනීපෙන් ඉන්නෙ...ඒක හන්දා....මයෙ ඇහල මල හිමින්...හිමින් බීපන්...ම්ම්ම්..කෝ ...වරෙල්ලකො........

මම නහය ඇකිලුවා.....කිරි එක අපුල කෙරුවා......ඒත් ඉන්දර්ගෙ ආදරේ පිරුන වචන එක්ක මට කිරි එක නොබී බැරි වෙනකොට ඉන්ධර් තුරුනුවන්ගෙම සරනයි මයෙ මැනිකෙටයි මයෙ පැටියටයි කියද්දි අනෙ මමත් දෙයියො බුදුන්ට කියාගන කිරි එක බිව්වා........

මගෙ ඉන්ධර්......

මන් උන්නෙ ඇද වියලට හේත්තු වෙලා මොන මොනවදො කොල වගයක් බල බල උන්න ඉන්දර්ගෙ  කකුල් මැද ඉදන් පපුවට හේත්තු වෙලා ඉන්ධර් මගෙන් අහක් කරලා තිබුන අධිමාත්‍රාවක් අතේ තියාගන.....මඩවල මහත්තයා මවපු  චරිත වලට ආදරේ වෙයි කියලා මාව අහක් කරාපු අධිමාත්‍රාවක් ළඟ.........

මාගම් සෝලියෙ..ඇබිත්තයගෙන් කුඩම්මට දරුවෙක් ලැබෙන්ඩ....ඇබිත්තයා කිව්වට...ඒකා පන්සලට යන්ඩත් කාරනා තිබුනා.....ඊටත්...අර කුඩම්මා කියන ගෑනි කොලුවගෙ හිරිඔතප් සලු බිදපු විදිහ......ඇයි හත් දෙයියනේ....මහ එකා නේද කෙලීව අරගන කැලෑ වදින්නෙ............

මන්දා....සමහර තැන්වල මෙ වගේ දේවල් ඇත්තටම මෙහෙම වෙනවදෝ කියලා යටි හිත පිලිගන්න අදිමදි කරන අර ෆැන්ටසි ලෝක මඩවල මහත්තයා හරි අපූරූවට ඇස් බැන්දුමක් කරලදො කොහෙද අපිට පිලිගන්ඩ සැලැස්සෙව්වා...........

මට නිදි මතයි ....දෙයියො බුදුන්ට කියලා කිරි එක බිව්ව හන්දද කොහෙද අනෙ යන්තන් මට කිරි එක පත්තියන් උනා......

අතේ තිබුන පොත වහලා දාපු මං හිමින් සැරේ ඉන්දර්ගෙ දිහාවට මගෙ මූන හැරෙව්වා...එක අතකින් කොල මිටිය අල්ලන් උන්න ඉන්ධර්ගෙ අනිත් අත තිබුනෙ ඉන්ධර් පැටියා ගාවට වෙනකොට මන් සැරයක් මුමුනපු එක වත් ඉන්ධර්ට ඇහුනෙ නැති තරමට ඉන්ධර් උන්නෙ කොලවල තිබුන දේට කිමිදිලා...

මගෙ ඉන්ධර්.....

ම්ම්ම්...කියාපන් මැනිකෙ......මං මේ අටේ කෑල්ලෙ මෝලෙ ගනන් හිලව් බැලුවෙ ඇසල.....මයෙ අප්පච්චි මෝලට යනව යනවා කියල කරලා තියෙන්නෙ අටේ කෑල්ලෙ ගෑනුන්ගෙ ගෙවල් වලට රිංගපු එක විතරද කොහෙද......ලියන මහතැන ගෙඩි පිටින්ම ඩෙසිකට් වලින් හොරා කාලා.........ඇහුවොත් කියන්නෙ මෝල දුවන්නෙ පාඩු පිට කියලා.....

පාඩු පිට දුවන්ඩ හරි මෝල ඉතුරු උනා මදැයි මැනිකේ....මේවා මයෙ දරුවන්ගෙ උරුම ඇසල........මං මනාප නෑ මයෙ දරු පැටව් දුක් විදිනවට.............මේකලා මේක ගසා කාලා..ආව දෙන්කො මයෙ අප්පච්චි මං කතා කරන්නම්....තාම මං පහල මෝලට ගියෙ නෑ. ඒකෙ ආදායමෙන් බාගයක්ම කන්නෙ ලොකු අප්පච්චිලා...ඒවා උඹලගෙ අම්මගෙ ආදායම් මැනිකෙ...පහල මෝල අයිති උඹලගෙ අම්මට..........අටේ කෑල්ල අයිති මට ....ඒවා අම්මා අප්පලාගෙ ජීවිත භුක්තිය තිබුනට අයිති මගෙ නගාටයි මටයි.......ඇයි මැනිකෙ....මුලු පරම්පරාවටම ඉපදුන දරු මල්ලො දෙන්නා අපි විතරනේ ..... මං ලොකු අප්පච්චිගෙනුත් මේ ගනන් හිලව් අහල බලන්නම්කො....

මෙච්චර  දනස්කන්දයක් තියන් තමයි ඒකි අච්චර විදවන්නෙ......

අන් ඉන්ධර් දිහා බලාගන උන්නා...එක අතකින් මාව තුරුලු කරන් උන්න ඉන්ධර් අතේ තිබුන කොල මිටිය තරහෙන් වගේ ඇදට දමලා ගහනවත් එක්කම වහල තිබුන කාමරේ දොරට කවුරු හර් තට්ටු කෙරුවා...

.

ඒ පාර මොකාද කිව්වා නම්......?

.අපෙ හාමු...මේ මං......

ආ....ඇලිස් අම්මා........ඇතුලට ආවා නම්..........

ඉන්ධර් උන්නෙ ටිකක් තරහවෙන්....කතා කරන්නෙ ඇලිස් අම්මා බව නොදැන...ඒත් කතා කරන්නෙ කැතරින්ලා කවුරු හරි කියලා හිතපු ඉන්ධර් තට්‍ටු බට්ටුවට උත්තර දුන්නෙත් ඒ කේන්ති පිටම වෙද්දි දොරෙන් එහා පැත්තෙ උන්න ඇලිස් අම්මගෙ කට හඩ ඇහුනා     ඉන්ධර් නිවුනා.........

ඇලිස් අම්මා...මක්කද කාරනාව...ඇයි උඹල තාම ගියෙ නැත්තෙ......ම්ම්ම්ම්ම්

බේබි හාමු........

මං බලාගන උන්නා....ඇලිස් අම්මගෙ අතේ පිගානක් තිබුනා...ඒ පිගාන තවත් පිගානකින් වහලා තිබුනා.....සමහර විට ඇලිස් අම්මගෙ බත් පංගුව වෙන්ඩ ඇති.......

කියාපන් ඇලිස් .....

මෙහෙම කිව්වට...අනේ මා එක්ක තරහක් ගන්ඩ එපා අපෙ හාමු...

තරහා ගන්ඩ හරි නැතුවෙන්ඩ හරි......ඇලිස් අම්මා කාරනාව කියාපන්කො....ඇයි මේ ටැග් ගැහෙන්නෙ.........

.හාමු..මං බත් පතක් බෙදන් ආවා...මයෙ හිතට හරි නෑ අපෙ හාමු....කොච්චර උනත්..මගෙ හිත කියන්නෙම...අර පහල රටින් ආව එකී මහ මැනිකෙ එක්ක එකතු වෙලා බත් පතට වත්

ආ..ආ..හරි හරි   ඇලිස් අම්මා කියන්ඩ හදන කාරනාව මට තේරෙනවා.....ඕන් ඔහෙන් තියාපන් ඇලිස් අම්මා.......

අනේ හාමු....තරහක්  හිතන්ඩ එපා......

මං මක්කටද ඇලිස් අම්මා උඹලා එක්ක තරහා ගන්නෙ.......උඹල මාවයි නගාවයි බලාගත්තෙ උඹගෙම දරුවො ගානට.....ඒකයි මං උඹලට අදත් මේ තරම්ම ලෙංගතු කම් පාන්නෙ.......මයෙ අම්මන්ඩිම මයෙ පැටියට විනකටින  තැන උඹල මයෙ පැටියා ගැන  හිතන අපූරුව..............එහෙව් උඹ එක්ක මං මක්කටද...ඇලිස් අම්මා....රන්ඩු කරන්නෙ.........ඇරත්...ඇලිස් අම්මගෙ...පැටියා

අනෙ....ඔය කතා ආපහු අදින්ට එපා අපෙ හාමු................මං හදාගත්තු හිත.....ආයම මහ මැනිකෙ තලාවි කියලා බයයි අපෙ හාන්........ වෙන මක්ක වත් නෙවෙ   ඒ සන්තෑසියම...මයෙ පොඩි මැනිකෙට වෙයි කියන බය හන්දමයි......මං මේ තරන් පස්සෙන් වැටෙන්නෙ .....

ම්න්.......ඇලිස් අම්මට පින්..........මෙ මේ පහල ලාච්චුවෙ......නගාගෙ වලව්වෙ යතුරු කැරැල්ල ඇති....ඇලිස් අම්මා.....ඇතුල් කාමරෙන් මං කියාපු අඩුම කුඩුම ටික ඇලිස් අම්මගෙ ගෙදර  කෙනාට දුන්නා නම්.......

එහෙමයි හාමු......

ම්න්........

තවත් ප්‍රශ්නයක්........ගෙනාව බත් පත හරි පරිස්සමට තියාපු ඇලිස් අම්මා පහල ලාච්චුවෙන් මගෙ අම්මගෙ වලව්වෙ යතුරු කැරැල්ල අරන් ආපිට දොර වහන් යනවත් එක්කම මං ඉන්ධර් දිහාවට හැරුනා ......ඒ කියන්නෙ මට ඉවෙන් වගේ හිතුන දේ හරි.  .....ඇලිස් අම්මට මහ එකීව පේන්ඩ බැරි හේතු තියනවා......

අපෙ මහත්තයා......මේ...අනෙ....

ම්ම්ම්ම්....මයෙ මැනිකෙ ඕප දූපයක් අහන්ඩ නේද ඔය කට උල් කරන්නෙ   ....ම්ම්ම්ම්......

..අනේ...තෙහස්....නිකන් ඉන්ඩකෝ......හරි නරකයි.......දැන්.....

මං ඉන්ධර්ට හිමින්  සීරුවෙ පාරක් ගැහුවා........මොකද..මං අහන්න හදන දේම ඉන්ධර් මට  කලියෙන් කිව්ව හන්දා..........

උඹලා හැරෙන පෙරලෙනකොටත් මට කියන්න පුලුවන් මයෙ ඇසල.....ම්ම්ම්..මොකක්ද දැනගන්ඩ ඕනේ..........

ඉන්ධර්.........ඇලිස් අම්මට...දරුවො ........

වටින් ගොඩින් නොයා මං ඉනදර්ගෙන්  කෙලින්ම ඇලිස් අම්මට දරුවො ඉන්නවද අහනවත් එක්කම ඉන්ධර්ගෙ මූන වෙනස් උනා...........

ඔය ඇලිස් ව ...මේ මහ වලව්වට ගෙනත් තියෙන්නෙ...අපෙ අම්මට මාව ලැබෙන්ඩ ඉන්නකොටලු මැනිකෙ.............අම්මට දෙ මාසෙ පිරෙනකොට....ඇලිස්ව ගෙනල්ලා.....ඔය අල්ල පනල්ලෙ.....ඇලිස් අම්මා....පහල කඩේ බඩුකි රන්ඩ උන්න කොලුවා එක්ක හාදකමක් තියාගන තිබිලා...ඒන් ඒක දුර දිග ගිහින් කියලා කියනවා.....

එතකොට....ඔය දැන් ඉන්නෙ..... ඒ කව්ද ඒයි......

ඩිංගිත්තක් ඉදිල්ලකො.....මයෙ මැනිකෙට හදිස්සියනෙ....උඹලගෙ ඔය කුඩික්කි කට වගේ මට තත්පරේට වචන කෝටියක් හලන්ඩ බෑ  මයෙ අම්මෙ....අහගනිල්ලකො.....ඉතින්....ම්ම්ම්...කොහෙද මේකගෙ මේ හුරුතලේනෙ...අපරාදෙ දැම්ම පැටියෙක් හැදුවෙ.....තව ඩිංගක් ඉන්ඩ තිබ්බෙ  ......

මන්  මගෙ නියපොත්තක් හපන්ඩ ගත්තා..මොකද වලව් අස්සෙ වෙන කතා....ඒ තරම් රහ හන්දා.....

ඒ කොලුවම තමයි දැන් ඔය ඇලිස් අම්මගෙ වාහෙ...කොහොමින් කොහොම හරි..මං ...අපෙ අම්මගෙ බඩට ඇවිදින්.....හාර මාසෙ යනකොට.....ඇලිස්ට මාසෙලු....ඔය ඇයි හොදැයි කම් මයෙ අප්පච්චි දැනගන කොහොම හරි උන් දෙන්නව එක ගෙදරට කරලා තියනවා....ඉතින් මැනිකෙ ....බඩදරු කාලෙ කියන්නෙ දොලදුක් කාලෙනෙ...

ඇරත්....මං ඉස් ඉස්සරෝම දරුවා...මයෙ අම්මන්ඩිට රජ සැලකිලි....දොලදුක් කෑම වකාරෙටලු....ඒත් මටෙ මැනිකෙ....මගෙ අම්මන්ඩිගෙ ආව තේවෙට ගෙනාව ඇලිස් අම්මට මොකා කියලා නම් දොලදුක් කෑම ගේනවද.....අම්මට හෙනාව තල කැරල්ලක්ද ..තල් හකුරක්ද කොහෙදෝ මයෙ අප්පච්චි ඇලිස් අම්මය දෙනවා මයෙ අම්මන්ඩි දැකලා....ඕක දෙතුන් වංගියක් වෙලා......

අනේ ඉතින් ඒකිත් බඩින්නෙ.....කියලා මයෙ අප්පච්චි දුන්නට..මයෙ අම්මන්ඩි සැක කරන්ඩ අරන්......

මයෙ ඇසල......ඔය සැකේ කියන්නෙ මහ භායනක ලෙඩක්....එක පාරක් සැකේකින් බැලුවොත්......ආය ඕක මැරෙන්කන් වත් සනීප කොරන්ඩ පුලුවන් දෙයක් නෙවෙ....එදා හැන්දෑවෙත් ඇලිස්ට මයෙ අප්පොච්චා මොනවා හරි දීලා මයෙ අම්මන්ඩි වලව්ව දෙක කෙරුවා කියනව ඇලිස් අම්මට අප්පච්චි පාව දිදී    අම්මන්ඩි උන්න තත්වෙ එක්ක මොකෙක්වත් අම්මන්ඩිට කතා නොකර උන්නට ..අම්මන්ඩි ඇලිස් අම්මව ඕන් ඔය තරප්පුවෙන්

අනෙ....ඇති තෙහස්   මගෙ බඩත් එක්ක මොකක්ද උනා.....අනෙ එපා....මීට වඩා නම්......

මන් මගෙ කන්දෙකත් එක්ක වහ ගත්තා......ඉන්ධර් කියාපු කාරනාව එක්ක මගෙ තුන් හිතම ඇවිලුම් කනකොට සුගලා කියන්නෙ අමු මාර දූතියෙක් කියන්ඩ මීටත් වඩාමට සාක්කි ඕන් නැති උනා වගේම ඇලිස් අම්මගෙ තරහව ඕනාවටත් වඩා සාදාරනයි හිතුනා........

ඇලිස් අම්මගෙ බය ඕනාවටත් වඩා සාදාරනයි හිතුන........ඒකි මටත් පොඩ්ඩක් වත් කැමති නැති එකේ.......

මයෙ ඉන්ධර්.............

ම්ම්ම්....

..අම්මන්ඩි මටත් කැමති නෑ...මාව...පේන්ඩම...බෑ.......ආඩපාලි විතරමයි..........එහෙව්..එකේ....අම්මන්ඩි...කැතරින්ව ගෙනාවෙත්...හොදකට නෙවෙ..මයෙ ඉන්ධර්..........අම්මන්ඩි....ඔය කෙරුව වගේ.........

ඇසල....උඹලා හදන්නෙ ඔය මූසල කතාවක් කියන්ඩ නම්..මං මුලින්ම තලන්නෙ උඹලගෙ කට අපෙ මැනිකෙ.......උඹලට මං කිව්වනේ....මං උඹව මෙ ඇස් අස්සෙ තියන් පරිස්සම් කරන්නෙ කියලා................අම්මා උනත්...මගෙන් සමාවකුත් නෑ...මගෙන් බේරුමකුත් නෑ ආය.........මගෙ හැටි දන්නෙ නැතුවයි

මං බිම බලාගත්තා.......අහන්ඩ ගියපු දේ මග නවතිනකොට ඉන්ධර් මට සැරකරලා  මගෙ කට වස්සවනකොට මං ඇද රෙද්දෙ තිබුන රටා දිහා බලාගන ඉදලා ඉදලා නිදි කරන්ඩ ගත්තා...........

ඇසල.....මයෙ....අම්මෙ..........උඹලට බත් ටිකක් කවන්ඩද.............වෙලාව කීයද දැන්....මයෙ රත්තරන් නිදි කිරනවනේ.......

කන්න....බෑ......නෙ...බඩ ගිනි...නෑනෙ.....

මං මුන ඇඹුල් කරගත්තා......පපඩමකට බත් දාලා ඉල්ලුවත්.....මට කෑම පිරිය නැති උනා වගේම මට ඕන එකම දේ ඉන්දර්ට තුරුලු වෙලා නිදියන්න වෙනකොට සිය පාරකට.වඩා මගෙන් කවන්නද අහපු ඉන්ධර්ට උනේ මාව නිදි කරවන්ඩ......

.උඹලා හරි මුරන්ඩුයි අප්පා......බඩගින්නෙම නිදියන්ඩ හදනවනෙ............ඒත් ඉතින් අපුලෙන් කවන්නෙත් කොහොමද....පව්...උඹලට වතුර හැන්දක් පෙවුනත් ගංගාවක් තරමට ආපිට පිට දානවනෙ.....හ්ම්....කාරි...නෑ..බඩගිනි උන වෙලාවට කවන්නම්කො....මයෙ රත්තරන්ට ඔය තියෙන්නෙ තෙහෙට්ටුව.................කෝ...වරෙල්ලාකො......ඩිංගිත්තක් නිදි කරවන්ඩ.......

මට බැනපු ඉන්ධර්ම ඊලග විනාඩියෙදි මාව තුරුල් කරගත්තා. ........ඒ පපුවට තුරුලු උන මං ඇස් දෙක පියාගත්තා උනත් සැරින් සැරේම මගෙ ඇස් අස්සට ආවෙම සුගලයි ඇලිස් අම්මයි වෙනකොට මාත් එක්ක නයි වයිර පිරිමහන සුගලා මගෙ පැටියට මොනවා හරි කරයිම කියලා මගෙ හිත මටම වද දෙනකොට මට ඇස් වහගත්තා උනත් නින්දක් අහලකට වත් ආවෙ නැති උනා.....

නෑ එහෙම වෙන්නෙ නෑ......එහෙම වෙන්නෙ නෑ...මහෙ ඉන්ධර් මාව රජින්ඩ ඉන්නතාක්...ඒකිගෙ හුලගවත් මට වදින්න දෙන්නෙ නෑ...ඇරත් ...ඉන්ධර්ම කිව්වා නෑ කම් ..අම්මා කම් බලන් නෑය කියලා ...තවත් ඇලිස් අම්මෙක් නොවි...මට මගෙ පැටියව පරිස්සමින් ලැබුනොත් ඒ ඇති මට ...............

ඈ නැන්දම්මා.......අර ගෑනි බත්  මාලු පිනි වත් මේසෙට ඇරලා නෑනෙ.......දැන් කියෙ ඉදන්ද බලන් ඉන්නෙ.......

ඒකි කුසියෙ නැතුවද මයෙ දූ........කොහෙද......මෙහෙ වැඩ කටයුතු වෙන්නෙ කොහෙවත් ඉන්න උන්ට ඕනාවටනෙ......අපිත් උන්නෙ මේ වලව්වල තමයි......ඒ කාලෙ නම්...වැඩකාරයා කෙරුවෙ මැනිකෙලාට ඕන එක මිසක්කා.....දැන් වගේ....වැඩකාරයට ඕන එක හාමුලා කෙරුවෙ නෑ මයෙ දූ.....

තදම නින්දක උන්න මාව ගැස්සිලා ඇහැරුනා........මං තවමත් උන්නෙ ඉන්ධර්ගෙ අත්දෙක අස්සෙ හරි  පරිස්සමට වෙනකොට වෙනදට මගෙ ඇගට දැනෙන බර අද තිබුන් නෑ...අනේ....වෙනදට මගෙ ඇගට  දාන කකුලවත් අද   ඉන්ධර් දාලා තිබුන් නෑ...පපුවට තුරුලු කරගත්තා උනත්  අත උඩ නිදි කරවගත්තා උනා උනත් මං ආව දා ඉදන් මගෙ ඇගට කකුලක් දාන් නිදියපු ඉන්ධර්ගෙ කුකුල ඔහේ තිනුනා.......

.
..එයාට නින්ද ගිහින්.....ඉන්ධර්ට නින්ද ගිහින් තදේටම......අත් අස්සෙ උන්න මං චුට්ටක් එහා මෙහා වෙනකොට කාමරෙන් එපිට උන්න මහ දොදොලිගෙයි කැතරින්ගෙයි කටහඩ ඇහුනා වගේම මං  එහෙම්ම ඉදන් ඒකිලා දෙන්නා කියවන එකට කන් දීගන උන්නා.......

.අනේ මන්දා ..බඩත් ගිනි නැන්දම්මා...මං කුසියට ගිහින් බලන්ඩද......

.උඹලට පිස්සුද මයෙ දූ...මේක පාත රට නෙවෙ.....කුසියට ගිහින් හැලි වලන් වලින් බෙදන් කන්ඩ....මේක ඉරුගල්බන්ඩාර මහ වලව්ව..හත් මුතු පරම්පරාවක්ම උන්න වලව්ව....එහෙව් වලව්වෙ.....මැනිකෙලා කවදාවත් ඔය ඇතිලි වලන් වලින් බෙදාගන කෑවෙ නෑ.......උන් කෑම එක මේසෙට යැව්වා මිසක්...........

අනේ මන්දා නැන්දම්මා......මට නම් ඔය මගුල් තේරෙන්නෙ නෑ...මං මේ නැන්දම්මගෙ වදේට ආවා මිසක්කා...ගෙදර උන්නා නම්...මේ බොරු සෝබන මොකුත් නෑ...වලදට බත් දාගන වලදත් පිහාගන කාලා....සප්පායමට හීනියට අරක්කු දිදාලයක් බොනවා මිසක්.....

කට කට........බේබි හාමුට ඇහෙයි බන්......උඹලව මං එක්ක ආවෙ වැදගත්කමට ඉන්ඩ නෙ.......

මට බකස් ගාලා හිනා යන්න ආවා......කැතරියා බලන් ගියහම ඩෝප් වෙන බඩුවක් නෙ.....අරකිට උද්දච්ච කම ගැහුවට  කැතරියට බඩගින්න ඉහට ගහලද කොහෙද.........අයියෝ..පව්.....ඉතින්.....කෑම එක මේසෙට බෙදලා වතුර වීදුරුව අල්ලනකන් වෙන්න ඇති ඔය ඉන්නෙ. ....එහෙනම් ඉතින් හෙට එලිවෙනකම්ම ගොන් බඩු දෙක ඔතන තමයි .....

මං ඉන්ධර්ගෙ අත් අස්සෙ ඉදන් මගෙ කන් දෙක තවත් චුට්ටක් දික් කෙරුවා.....කැත රියා කියවනවා......

අනෙ නැන්දමගෙ ඔය මැනිකෙ කම් මට අල්ලන්නෙ නෑ අපෙ නැන්දම්මා....මට හිතෙන්නම අර් නාකි ගෑනි නැත්තන් බත් ටිකක් බෙදන් වත් කන්ඩ......ඇරත්....ඉන්ධර් අයියන්ඩි මූනක් දීලා කතා කරන්නෙත් නෑ.......ඊටත් අර් අයියන්ඩිගෙ මායියද මොකාද කියන එකාගෙ සැර........ඒකගෙ කට ඔක්කොටම හපන්.......

..ඒක හන්දා තමයි.මයෙ දූ මං උඹලව අර ආවෙ......උඹලට තියෙන්නෙ කොහොම හරි මයෙ පුතාගෙ කරේ එල්ලෙන්ඩ.......උඹලට මොකෝ ගෑනු මායම් නැතුවද....... .......මේ හදිසියට ඒකා බඩත් වෙලාලු...මොන.දඩාවතෙ ගිහින්  හදාගන ආවද දන්නෙ නෑ...අනෙ මගෙ කොලුවා රැවටිලා......මයෙ අම්මා...කිය කිය කට පුරා  කතා කරාපු මයෙ කොලුවා............

අනේ අම්මගෙ රෙද්ද....තමයි...බලන් ඉදිල්ලා...දඩාවතේ ගිහින්ලු..අනේ මේකිගෙ කොරල කටට හෙන ගහන් නැනෙ....ආයමත් ඒකමනෙ..ආයමත් ඒ කතාවමනෙ........මේකිගෙ දොදොල් කට ඉරලාත් මදි........මට එන තරහට මේකිගෙ කට පත්තර පිටුව වගේ ඉරන්ඩ ඇති නම්........

හහ්...හිතේ ඇති...කැතරියට ඉන්ධර්ගෙ ඇගෙ එල්ලෙන්ඩ...බලන් හිටපන්..මං මගෙ මිනිහව බහිරවයා වගෙ රකින්නෙ.......ඒකා අප්පච්චි කෙනෙක් වෙන්ඩ යන  බව දැන දැනම අර කුන්ඩාවාලි කියන දේවල්....මේකිගෙ මිනිහා පිට පරිප්පු කාලා නෙවෙ..නාලා ආවත් මදි.... හිටුකො..මං හොද තෙම්පරාදුවක් හදලා ගන්නම්..........

මං හිමින් සැරේ ඉන්ධර් මාව තුරුලු කරන් උන්න අත පැත්තකට දැම්මා....මේ ලපටියා වාසිටියෙ කොහොම ඉගන්නුවද මන්දා...ගෙදර ඉන්නකොට දවල් දොලහා පැන්න ගමන් පුදුම කරමතක් නෙ ගහන්නෙ...

අනේ..අනේ....මං මෙතන මොක කෙරුවත් දන්නෙ නෑ.....පොල් බිබික්කමගෙ මේ කරමත ගැහිලි චූටි පොල් බිබික්කමටත් ගහයිද      ??කරමත ගැහුවට කාරි නෑ.......කවි ලියන්ඩ නම් පුරුදු වෙන්ඩ එපා කියන්ඩ ඕනෙ.......මට බඩ වෙලා විසේ යයි.........

මං හිනින් සීරුවෙ ඇදෙන් බැස්සා...හරීම පරිස්සමට ඉස්ස‍ර නම් ජොක් ගාලා පනිනවා...දැන් බෑනෙ.......

පව්.............

කොච්චර ලපටියා ලපටියා ගගා කියෙව්වත් මට ඉන්ධර්ගෙ මුන දැක්කම දුක හිතුනා.......ඒ මුන නපුරු  පාට උනත් මොකද බලන් ඉන්න පුලුවන් වරු ගානක් විතර.....

සුදු කකුල් දෙකම එලියෙ.....මං එහෙම්ම ඉන්ධර්ගෙ කකුල් දිහා බැලුවා..නහර පෑදිලා...කොටු නියපොතු .....මහපට ඇගිල්ලෙන් පස්සෙ තියන ඇගිලි වල උස පරතරේ තිබුනෙ හරි චූටි ප්‍රමානයයි...අතේ ඇගිලි නම් ඔක්කොම එක උසමයි.....

මොන දේ උනත්  ....වාසනාවන්ත අතක්...........

මං සරම හදලා ඇද රෙද්දෙන් පොරවලා කම්මුලට හාදුවක් තිබ්බා....

මගෙ නාකි බිබික්කම........මං හරි ආදරෙයි තෙහස් උඹට.........දෙයක් කියන්න කලින් පවාමාව තේරුම ගන්න උඹට මං පපුව පැලෙන්න තරම් ආදරෙයි......මං ප්‍රාර්තනා කරන්නෙ එකම දෙයයි ....උඹ තරම්ම ආදරනීය දරුවෙක් මට ලැබෙන්න කියලා විතරයි....එතකොට  කවදා හරි...ඒ ආදරේ ලැබෙන කෙනත්..මං තරම්ම වාසනාවන්ත වෙයි.......

ඉන්ධර්ගෙ වැවුන කොන්ඩෙ හදලා ඔලුව චුට්ටක් අත ගාපු මං එලියට ආවා.....එකේ හෝරාව පහු වෙලා අඩ පැයක් ගෙවිලා......

අරකිලා දෙන්නා නහින්ඩ  මේ හැන්දෑවෙ තුන හතර උනා වගේනෙ...

ආන්..මයෙ දු....බිසව එලි බහිනවා.......ජවුසන් නටල නටලා දැන් තමයි එලි බහින්නෙ....බඩ දරු කියලා නෑ වනචර කම නම් අඩු වෙලා නෑ....පෙනේද...මේ ගිනි මද්දහනෙ බුදියලා එන ලස්සන....අසහනෙ....ඕකට කියන්නෙ අසහනෙ කියලා

මට කාමරෙ දොර වහන්න හම්බුන් නෑ.........මහ දොදොලි මට චරිත සහතිකේ දෙන්න ගත්තා.....

තත්පරයක් දෙකක් යනකන් කට පියන් දොර පැත්ත හැරිලා උන්න මං මගෙ දත කට උල් කරන් මහ එකී දිහාවට හැරුනා....

කැතරියගෙ මුන දෙක වෙලා....මං හිතන් උන්නට වඩා මේකි මහ ගොන් එලදෙනක්ද කොහෙද .......නාඹර පාටට උන්නට මේකි නාඹර වැස්සියෙක්ද කොහෙද........අරකි මේකිව මගෙ වාහෙගෙ කරේ එල්ලන්ඩ හැදුවට මේකිට නම් මොලේ අඩු මසක්කන් ගතියක් තියෙනවද කොහෙද....නැත්තන් අරකි අච්චරවත් උජාරුවට ඉන්ඩ කියනකොට මේකි බඥ ගිඥී ගගා නහීද නෑනෙ.........

ආ ඇසල....උඹ මෙහෙම දවල් වරුවෙ මේ ගිනි පූටකේ වනචරකම් කර කර උන්නම හරිද....

ඔව්..හරි......රෑ දොලොස් පැය මදි එකේ...දැන් මං දවල් වරුවෙත් වනචර කම් කරනවා...ඇයි....අපෙ නැන්දම්මටත් වනචර කමක් කර ගන්ඩ වාහෙ නැතුව පාලුයි වගේද......??

මං දන්නෙ නෑ මගෙ කටට එක පාර ඔච්චර වචන ගොඩක් ආවෙ කොහොමද කියන්ඩ....මෙච්චර මේ උතුම් දවසෙ..දරු පැටියා ආවයි කියන නිමිත්ත දැනගත්තු දවසෙම මට සිද්ද උනෙ දිවෙ කටේ ගෑවි නොගෑවි කුනුහර්ප කියන්ඩ.........

මොකක්ද බොල තෝ ඒ කියාපු කුපාඩි කතාව........ආ බොල ඇසලයො.....

ඇසලයො නෙවෙ නැන්දම්ම....මං දැන්
ඇ|ස|ල   මැ|නි|කෙ.......උඹලට අමතක වෙලාද කොහෙද.....අමතක වෙලා නම්..කාරි නෑ...මට බැරි කමක් නෑ..මයෙ ජාතකෙ ගැන ආයම දිග අරින්ඩ.........ම්ම්ම්ම්..මයෙ අම්මා.....පහල වලව්වෙ ධර්මසේන හාමුගෙයි.....අනුලා මැනිකෙගෙයි එකම දෝනියැන්දා........මයෙ අප්පා.....වලව්වෙ මෙහෙ කාර කම් කෙරුවට...සෙනවිරත්න කියන්නෙත්.....කුලෙන් පහත පරම් පරාවක් නෙවෙ කියන්ඩ මං උඹලට අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑ....එහෙමනෙ...........

මං අත් දෙක පිටිපස්සට බැදගත්තා..හරියටම මගෙ ඉන්ධර් වගේම......මහ එකී ඔසරි පට අරන් ඒකිගෙ පපුව හරහා දාගත්තා..වෙලහටමන් ඒකිගෙ ලොට  තම්මැට්ටම බලන් ඉදී කියලද දන්නෙ නෑ..අනේ...ඕකෙ තන පටෙ ගැලෙව්වම අව්වට වේලුන දිය ලබ්බ වගේ ඇති...ඇරත්.මං ඕකිගෙ තන පට දැකලා තියනවනෙ.....පිට්ටු ගොටු පරාදයි.......තම්මැට්ටන් වලටත් අපහසයක්...රබන් දෙකක් කිව්වා නම් හරි......නැත්තන් බුම්මැඩියක්......

ඇරත්.....අපෙ නැන්දම්මා..මයෙ වාහෙ කියන්නෙත් ඉරුගල්බන්ඩාර කෙනෙක්.........එතකොට..මයෙ අම්මගෙ  හත්මුතු පරම්පරාවම ඉරුගල්බන්ඩාරලා............
ඉන්ධර් ඉරුගල්බන්ඩාර කියන්නෙ මයෙ වාහෙ...මේ බඩෙ ඉන්න පැටියගෙ අප්පා.....එතකොට.....ධර්මේද්‍රන් කියන්නෙ...මයෙ මාමන්ඩියා ......මයෙ පැටියට විතරක් නෙවෙ...තවත් පැත්තකින් මටත් සීයා.....ධර්මසේන කියන්නෙ මයෙ සීයා......මයෙ අම්මගෙ අප්පා....මේ පැටියගෙ අනිත් සීයා.....එතකොට...විමලසුරේන්ද්‍රන් ඉරුගල්බන්ඩාර කියන්නෙ..මයෙ අම්මගෙයි...මයෙ වාහෙගෙයි..දෙන්නගෙම සීයා......උන් හැමෝගෙම පලවෙනි මී මුනුබුරා මං බොලව්.....

එහෙව් මටද මෙ පාතරටින් ආව පුස් මැනිකෙ ආවට ගියාට නම් කියන්නෙ....කියාපියව් හරියට නම......මං මේ වලව්වෙ මහ මැනිකෙ බොලව්......මක්කද උඹලා ඔය කියන බාග නම්....ඇරත්...නෙලුමක් උනත්..මඩෙ පිපුනත්..පහු කාලෙක මඩෙන් උඩට එනවා.....මාත් ඒ වගේ....මඩේ උන්න කාලෙ අහවරයි නැන්දම්මෙ.....

හහ්........ඒ උඹට....ඇරත්....උඹ ඔය තරම් උජාරුවෙන් ඔය කියවන පැටියා මොකාගෙද කියන්ඩ අපි දන්නවද.....

ඔව්...උඹ දන්නෙ කොහොමද....උඹ ආවෙ නැනෙ මටයි මයෙ වාහෙටයි ලාම්පු අල්ලන්ඩ....ඉතින් උඹ හරි......මේ පැටියා මොකාගෙද කියන්ඩ උඹ දන්නෙ නෑ.......සුගලා....සුගලා...සුගලා.........

මං අඩියෙන් අඩිය ඉස්සරහට ගියා ..ලා කහපාට ඔසරියක් ඇදන් උන්න සුගලාට තිබුනෙ අඩයක් වගේ රවුම් මූනක් වෙනකොට  ඒකිගෙ ඇස් තනිකරම ගෙඹි ඇස් දෙකක් වගේ මට පෙනුනා.....

උඹලා මොන තරම් තුප්පහි කතා කිව්වත්..මට ගානක් නෑ බන්....... සුගලා...මොකද......මං ඔය......මයෙ මාමන්ඩියා වගේ......පිට පැදුරු උඩ ලගින්ඩ ගියෙ නෑනෙ ම්ම්ම්...........

උඹ මේවා අහලා....ගිහින් මාමන්ඩියට පතිවෘතා ධර්මෙ පෙන්නඩ කියලා ඌට සත්‍යක් ක්‍රියා කරන්ඩ කියන්ඩ එපා...මොකද...අහස පොලව කම්පා වෙලා උඹවයි ඌවයි දෙන්නම ගිලා බහී.......

ඇරත්...උඹ ගිහින් මේක අහලා....කතර ගම දෙයියන්ට පලි ගහන්ඩ යන්ඩත් එපා සුගලා..මොකද......ස්කන්ධ කුමාරටත්......ගෑනු පරාන දෙකක් උන්නා....හැබැයි ඉතින්...උඹගෙ වාහෙ නම්..ඒ කධිර උත්තමයා නෙවෙ....උඹගෙ වාහෙට අටේ කෑල්ල පුරාවට  ගෑනු පරාන ඉන්නවා....ඉහේ කෙස් ගානට........ඇච්චො බැච්චො ඉන්නවා මහ පොලවෙ වැලි කැට ගානට.........එවුන්ටත් දරුවො ඉන්නවා....අටෙ කෑල්ල කියන්නෙම තනිකරම මයෙ මාමඩියා "දූ කෙලියෙ" නටාපු අඩවියක් බොල........එහෙව් වාහෙක් ඉන්න උඹද මගෙ රෙද්දෙ තුත්තිරි ගලවන්ඩ ඒන්නෙ කියාපිය......

ඇසලයා..තොගෙ.......

ඇයි ම්ම්ම්...මක්ක කරන්ඩද....ගහන්ඩද.....උඹලා මට අතක් උස්සලා....මේ පැටියට මක්ක වත් උනොත්...උඹලා අම්මා කියලා බලන එකක් නෑ....තේරුනාද......ම්ම්ම්ම්.......

මේකා උඹගෙ පුතන්ඩියගෙ පැටියා බොල.....කට තිබ්බ පලියට....විසි හතර පැයක් වත් වයසක් නැති මයෙ පැටියට කියන කතාවලට උඹගෙ ඔය කක්කුස්සි කටට හොරි දමාවි........

සුගලව ගොලු වෙලා ගියා...කෑගහල බැන්නෙ නැති උනත්...ඒකිගෙ මූනට ලන් වෙලා කට ඇතුලෙන් බැන බැන උන්න  මගෙ කතා අහන් උන්න මයෙ නැන්දම්මව  පන පිටින් අපාගත වෙන ලකුනුඒ  මූනෙන් එලි දාන්න ගත්තා.....

තැලෙන්න තැල්ලෙන්න මුවහත් වෙන යකඩෙ වගේ මෙච්චර කාලෙකට තැලුන මං මුවහත් වෙලා....වෙලා....අවසානෙදි මගෙ කොන්ද කෙලින් කරගත්තා...වලව් උජාරුව හැංගිලා තිබුන මගෙ ලේ රත් වෙන්ඩ ගත්තා......

උඹලා කිව්වා මං වනචර කමේ ගියාය කියලා....උඹලා දැක්කද.......මං වනචර කමේ ගියාය කියන්ඩ.....

කව්ද දන්නෙ..මයෙ පුතා විසි හතර පැයම මේ වලව්වෙ ඉදන් තෝව රකිනවද......

මට හිනා ගියා....මහ සීතලම සීතලම සීතල නපුරු හිනාවක්..............මං ඒ එක්කම මහ එකීගෙ කනට මිමිනුවා.......

සුගලා......උඹලට ලැජ්ජා නෑ බන්......උඹට තියෙන්නෙ දැන් ඊරිසියාව..........උඹට තියෙන්නෙ...දැන් කුහක කම.......උඹට බලන් ඉන්ඩ බෑ...ඉන්ධර් මට දෙන ආදරේ තරම.....දැන් වත්...ඔය පෙකනි වැල කපපන් බන්.........නැත්තන්....උඹව මැරිලා යාවි.....විසබීජ ඉහට ගහලා......

මාව රැක්කා...නැතා...මං දන්නවා.....මගෙ වාහෙගෙන් පිට  නොයා ඉන්ඩ..............ඒ වගේම..උඹලා...මේකිව ගෙනාවෙ මයෙ පවුල කඩන්ඩ නම්.......බලන් ඉදපන්......මයෙ මිනිහා මයෙන් පිට යයිද කියලා.....

සුගලා....ගෑනියෙක්ට....පංච බෙල්ලෙකුයි...හක්ගෙඩි දෙකකුයි තිබුනට විතරක් මදි........මිනිහෙක්ට ඕන ආදරේ ඒ පපුවෙ නැත්තන්.....උඹ එක්ක බලනකොට මට මොනවද තියෙන්නෙ කියාපන්........මට තියෙන්නෙ ලෑල්ලක්....ඒත්.....මං දන්නවා..මයෙ මිනිහව පහුවදාට සතුටින් ඇදෙන් බස්සවන්ඩ........වනචර කම වෙනයි........ආදරේ වෙනයි....උඹ මෙච්චර කල්....උඹගෙ වාහෙ එක්ක ඇදට නැගල තියෙන්නෙ වනචර කමට......ආදරෙන් නැග්ගා නම්......මාමන්ඩියට අටෙ කෑල්ල පිරෙන්ඩ දරු මල්ලො නැ බොල.........

අනික...උඹ හදන්නෙ..මයෙ පැටියට අතුරු ආන්තරාවක් කරන්ඩ නම්...හරියටම ....අර ඇලිස් අම්මට කෙරුවා වගේම..........එකක් මතක තියාගනින්..........දෙයියො බුදුන් පල්ලා...මං උඹලව ඔය තරප්පු පේලියේම හිට ගස්සාවලා විසි කරනවා පහලට..නිකන් නෙවෙ.........මැරිලම යන්ඩ.....

බඩ දරු මං කියන කතා එක්ක පවු පිරේවි..ඒත්.......දරු කැක්කුම ගාව අම්මලා කාලිලා වෙනවා කියන්නෙ නිකමට නෙවෙ බොල.....මට මයෙ පැටියා වෙනුවෙන්...සොහොන් කාලි වෙන්ඩ පුලුවන් ..දැනගන් ඒක.........

මං රවාගන උන්නා......මෙච්චර වෙලාම හුස්මක් නොගෙන කියාපු කතා එක්කමහ එකීට කට උත්තර නැති වෙනකොට පාත රටින් අරන් ආව නාඹරී වගේ වගක් නැතුව කට ඉරෙන තරමට ඈනුම් ඇර ඇර උන්නා...ඒකි තනිකරම අන්දරේ කෙනෙක්........මූනෙන් එකයි ගොන් පාට...... එක අතකට මං මේකි හන්දා  පුච්ච ගත්තු ලේ ටිකත් අපරාදෙ.......කැතරියා නෙවෙ මෙතන පොලගට ඉන්නෙ...සුගලා....මේකිව මට්ටු කෙරුවා නම් ඇති........

කැතරින් අක්කන්ඩි....

පො...පොඩි මැනිකෙ....

මට හිනා ගියා .....කැතරියා ඈනුම අරින අස්සෙම.මට පොඩි මැනිකෙ කිව්වා...දොදොලිව පිපිරුවා...

මයෙ දූ...උඹගෙ මොලේ අමාරුවද........කොහෙවත් යන උන්ට මැනිකෙ පට්ටම දෙන්නෙ.....

මම දොදොලිව පඩේකට වත් ගනන් නොගෙන කැත රින් දිහා බැලුවා......

මේකිගෙ පිට පොත්තෙ පාට විතරයි..ඒකත් අරක්කු බීලමද කොහෙද තැම්බුන් පාටයි........

කැතරින් අක්කන්ඩිට බඩගිනි නම්...ආන් අර කුසියෙ බත් ඇති  බෙදාගන කාපල්ලා...උඹලගෙ කට ඉරෙනවා දැන්......අනිත් උන්ටත් මට කියන්ඩ තියෙන්නෙ එච්චරයි.....කෝරා බතට.......සෝයා බැදුමයි.......පරිප්පු තෙම්පරාදුවයි.....කොල මැල්ලුම එක්ක......පපඩම් ඇති...ඕන්...ගොඩ මස් නැති පාලුව යන්ඩ කියලා ගම් බිත්තරත් තම්බලා ඇති.......

මං කැතරියගෙ කටට කෙල ඉනෙව්වා...ඒ විතරක් නෙවෙ...මගෙ කටටත් කෙල ඉනුවා .......

බෙදාගන කන්ඩ...ඇයි ....මොකටද බෙදාගන කන්නෙ........ඇලිසා කෝ...එන්ඩ කියාපිය....මේ වලව්වට කුමාරි හාමි තෝ උනත්...මං ඇවිත් තොගෙ නැන්දම්මා....තොටත් ඉහලින් ඉන්න මැනිකෙ........හැලි වලන් වලින් බෙදන් කන සිරිතක් නෑ බොල කුමාරි හාමිලා.....ඇරත්....තොපි දන්නෙ නැතුවද මට කෝරා කන්ඩ පිරිය නෑ කියලා .....

හ්ම්......ඒක ඇත්ත....ඒත් ඉතින්...පාත රටින් වඩම්මපු.....අරක්කු කාරයන්ගෙ දූවරුන්ට.....අත් නැතුව නෙවෙනෙ...ඇලිස් අම්මා සප්පායම අරන් ගෙදර ගියා ..උන්දා ඒන්නෙ ආය හතරෙ කනිසමට....මයෙ නැන්දම්මට....මනාප දෙයක් කරගන්ඩ...කෝරා ඉව්වෙ....උඹලට මනාප අමනාප කම් බලලා නෙවෙ.....බඩදරු මගෙ දොල දුකට ......

කැතරින් අක්කන්ඩි.....

ඇස....ල.....ම්..මැ......

හ්ම්....මැනිකෙ...කියලා කට ඇරලා කියාපන්...ඉන්ධර් මනාප නෑ ඔය බාගෙ නම් වලට....කුසියට ගිහින් ඇති තරම් බෙදන් සප්පායන් වෙයන්.....උඹලා මනාප නම්.....ආන් අර වට්නොට් එක අස්සෙ...පරන අරක්කු බෝතලයක් ඇති....දිදාලයක තරම් රහබලපන්....ඉස්කාගාරෙන්  ගෙන්නවලා තියෙන්නෙ  ....

කැතරියාට අරක්කු කිව්වා විතරයි  ඒ මූන ඉරටත් වඩා බැබලෙන්න ගත්තා...ඒකිට යෝද බල යෝද හයිය ආවා....... කැතරියා දිව්වා........

කැතරින්....කැතරින්....ඔහොම නැවතියන්..උඹට ඕනෙ මුන්ට පාච්චල් වෙන්ඩද..........කැතරින්.....කැත.....රී.....න්!!!

අරක්කු කියන වචනෙ ඇහුනත් හරි......කැතරියා දිව්වෙ පිස්සට හැතැප්ම නැති ගානට වෙනකොට මහ එකි බෙල්ලෙ නහර වැල්  උලුප්ප  උලුප්ප කෑගැහුවා..........

අම්මන්ඩි......ඌරගෙ මාලු......ඌරගෙ ඇගෙ තියලා කපනවා කියන්නෙ.....ඔව්වට තමයි.....තේරුනාද ම්ම්ම්ම්........අල්ලන අඩව්වක් අල්ලපන්...මං කව්ද කියන්න හොදට තේරුම් අරගන.....

බ්....වෑක්............

අනේ.....ඉ.ඉන්ධ.....ර්

ඇයි රත්තරනේ ....බඩ පපුව දනවද මයෙ අම්මගෙ.........

මං මගෙ පපුවට හිමින් තට්ටු කරගත්තා.......පිම්බුන පපඩම් අස්සට දාලා  ආසාවෙන් කවාපු  බත් පත...එහෙම්ම ඇට්ටේරියා ගහ මුල....වතුර උගුරක් බීලා ටිකක් උන්නා විතරයි මතක....මහ වැලිය වාන් දාපු බඩ අස්සෙම සුලි කුනාටු කැරකෙන්නාක් හා සමානව කැර කැරකි ආව ඔක්කාරය  අවසානෙදි නැවතුනෙ මගෙ බඩ පපුව පුච්චගන....කන් දෙක අගුලු වට්ටවගන..............

ඉන්..ධර්...අනේ...........මගෙ...බඩ...පපුව...මට..ආය ..නම්...කන්ඩ..බෑ.....ඉන්ධර්....

අනෙ රත්තරනේ.....කන්ඩ බෑ කියලා කොහොමද මයෙ මැනිකෙ....පිරිමි අත් වලින් උයාපු බත් පත රසනැතිවා නම්...හෙට දිහාවට නගා ආවම මං කියන්නම්...මයෙ අම්මට පිරිය නෑය කියලා...ඒත්...නොකා....නොබී ඉන්නෙ කොහොමද රත්තරනේ........

බ්වෑ.......ක්

අන් ආයම ගහ මුල උන්ඩි උනා.....කාපු බත් ඇටයක් ඇටයක් පාසාම ආපිට එලියට යනකොට මට වඩා කදුළු පුරවගත්තෙ ඉන්ධර්....මට වඩා වේදනා වින්දෙ ඉන්ධර්........

මට...මහන්සී.......අනේ...ඉන්...ධර්

කෝ වරෙල්ලා....වරෙල්ලා......මගෙ පන උඹලා....මයෙ රස්ත්තරනේ...අනේ නාඩා ඉදිල්ලකො.......ඔහොම අඩන්න ගත්තම උඹල තව හෙම්බත් වෙනවනෙ මයෙ ඇසල...............

කාපු බත් පත ඇටයක් නෑරම ආපිට හලාපු මං හෙම්බත් වෙලා වගේ කෙලි වෙනකොට ඉන්ධර් අනෙ වෙනදා වගේම අපුලක් නැතුවම මගෙ කට පිහ දැම්මා...මූන පිහ දැම්මා...අවසානෙදි මාව ඇගට වත්තම් කරගන ගෙට අරන් එනකොට මං බලාගන දොදොලි ඒකිගෙ ගල්බාගෙ ඵෝන් එකට කොට කොට තරහෙන් පුපුරනවා....

ආව දෙන්කො ....මං මෙතන පිට උන්ගෙන්  විලි ලැජ්ජ නැති කතා අහගන්ඩ ඕනෙ.....මයෙ පුතා...අරන් දියන් මේන් මේකෙන් ටැලිපෝන් කෝල් එකක් උඹලගෙ මහ එකාට.....

ගන්න ගන්න පාර ඒකට චාරයක් නෑය කියනව මේ ඇතුලෙ ඉන්න පඩත්තරි....මොකීද බොල මයෙ එකාට චාරෙ නෑ කියන්නෙ.........

මයෙ අම්මා...ඔය කැතරින් නගාට කියන්ඩකො.......පේනවනෙ මයෙ මැනිකෙට අමාරුයි....මයෙ අප්පට චාරෙ නැත්තෙ අද ඊයෙ නෙවෙ...උඹඅගෙ ඇස් කන් පියන් මයෙ පස්සෙන්  වැටුන කාලෙ ඉදන්.......

අමාරු නම් දෙහි ටිකක් දීපන්....මොකද අපිටත් දරුවො උන්නා...ඔහොම නම් විගඩන් නැටුවෙ නෑ.......අපෙ හාමු.....ඕක උස්සපන්...මෙ සුගල නරකයි කියන්ඩ නම්  එපා...

අපෙ අම්මා මගෙ ලේ පුච්චන්නෙ නැතුව මගෙ දෑහට නොපෙනී ගියා නම්...........නිසාරනේ නහින්ඩ හදනවා..නහින්ඩ ඕන කාලෙ නැහුන් නෑ......

මං උන්නෙ කදුලු පුරෝගන.....දවාලෙ ඉන්ධර්ට හොරාවට අංකර ඇල්ලුවත් හරි.......අරකි උන්නෙ මහ දොදොලව හැදි ගාලම මරන තරම් තරහකින් වෙනකොට කට අරින්ඩත් පන නැති මං මොකූත් නොකියම උන්නා...ඉන්ධර් මාව උස්ස ගත්තා..........

මයෙ මැනික......ඇසල.........

..........

රත්තරනේ උඹලට වතුර ඩිංගිත්තක් පොවන්ඩද.......පැටියෙක් දියන් දියන් ගගා දවස පුරාවටම කනට මැතිරුවට මොකද...අනේ උඹලා මේ පලවෙනි දවසෙම විදවන හැටි දැක්කම මටම වාවන්නෙ නෑ මයෙ ඇසල..........තව තුන් මහක්ම උඹලා මෙහෙම විදවන්ඩ එපැයිනෙ........

මට ඉන්ධර් ගැන දුක හිතුනා.....අස්වල කදුලු තිබුනත් මොකද...මට හිනා වෙන්න ඕනා උනා..............කොච්චරවාත්...මගෙ හිත හදන ඉන්ධර්ගෙ හිත තැලුනොත් මට ඒ හිත හදන්ඩ නම් වචන මවලත් බැරි වෙයි කියලා  මට බය හිතුනා......

මගෙ තෙහස්........

කියාපන්.මයෙ අම්මෙ....මක්කද ඕනෙ....මයෙ රත්තරන්ට අඹ ගැටයක් වත් ගෙනත් දෙන්ඩද....ම්ම්ම්ම්....කියාපන්....ඔය කාලෙට අඹ ගැට ගිලිනවනේ ම්ම්ම්ම්.....ආන් අර පහල ගහේ අඹයක් පීදිලා....අහම්බෙන් වගේ දැක්කෙ.........

ම්හ්හ්...එපා.....

එහෙනම්....එහෙනම් මොනාද ඕනෙ කියාපන්කො.....ඉල්ලපන් මයෙ රත්තරනේ....ඕන දෙයක් ගෙනත් දෙන්නම්...මයෙ වස්තුව විකුනල හරි මං උඹලට ඉල්ලන දේ ගෙනත් දෙන්නම්........කියාපන්...මොනවටද දොල දුක..........

ඉන්ධර් මගෙ මූන අත ගෑවා....මගෙ මූන ඉම්බා.........මට තියන එකම දොල දුක ඉන්ධර්ගෙ සුවද ....ඒඋනුසුම විතරක් වෙනකොට මං ඒ උකුලෙ ඉදන් උරහිසට ඔලුව ගැහුවා.....

මට මොකුත් නෙවෙ...මෙන්න මෙහෙම ඉන්න දියන් මගෙ තෙහස්....මේකම දොල දුකක්.....උඹගෙ ලග දැවටෙන එකම දොල දුකක්....මං හිතන්නෙ....මගෙ පැටියත් මනාප අප්පච්චිගෙ ආදරේට වෙන්න ඇති තෙහස්...........පුදුමයක් නෙවෙ තෙහස්.......උඹලා වගේ අප්පච්චි කෙනෙක් කියන්නෙම වාසනාවක්.............

මං නෙවෙ....මයෙ පැටියයි වාසනාවන්ත....උඹලා වගේ අප්පෙක්ගෙන් ජාතක වෙන්ඩ  ......ස්නේහ....ඒ නමේම තියෙන්නෙ උඹලගෙ සෙනෙහස  මයෙ ඉන්ධර්..........

මගෙ ඇහල මල උඹ................ම්ම්...මයෙ පැටියා වගෙම උඹලත් වාසනාවන්තයි ඉතින්..........හවහට...පන්සලට ගොඩ වෙමු....ඇසලෙ පටන් ගත්ත  දවසෙම සුභ එකේ......පන්සලට ගිහින් එමු...මන් ඔය දෙයියො බුදුන්ට වැන්දෙ නැති දවසක් නෑ මයෙ අම්මෙ......හෙට උඹලගෙ අම්මා ඒවි.......මයෙ මැනිකගෙ අප්පච්චිත් ඒවි.....ම්ම්ම්ම්.....

දැන් ඉතින් අඩන කාර්තු වැලෙපෙන කාර්තු අහවරයි මයෙ ඇසල......මේ කන්නෙ සරුසාරයි හොදටෝම.............දෙයියන්ගෙ පිහිටෙන් මේ නව මහ ගෙවිලා...දරු පැටියව අතට ගන්ඩ තිබුනොත් ඇති මයෙ අම්මෙ...........උඹල සනීපෙන් ඉන්ඩ ඕනෙ..මනාප දේ මොක උන..මහ රෑ මැද්දෑවෙ උනත් කියාපන්........බඩගින්නෙ ඉන්දන්නෙ නෑ මන් .......උඹලා මගෙ පන රත්තරනේ.............මං වපුරපු හොදම අස්වැන්න...ඉන්නෙ උඹලගෙ ගාව........පරිස්සමින්.......ඒ වගේම.....උඹලත්...පරිස්සමෙන්...............

මං මීක් නොගා අහන් උන්නා....ඉන්ධර් මාවත් තියාගන කියව කියව ඉන්නකොට තෙහෙට්ටුවටම මට නින්ද යාගන ආවා......කිව්වත් වගෙ...මගෙ බඩ ඇතුලෙ පන ගහන ලපටි ගොයම රන්වන් කරල් වෙලා මගෙ අතට ලැබුනොත් ඒ ඇති...............

කෝ මැනිකේ.......ගනිල්ලා මේක.......

වටින් ගොඩින්  අන්දකාර වැටුනා......පැන් ඉහාපු අරලිය මල් වට්ටි දුසිමකට එහා මල් ආසනෙන් තියාපු මං මගෙ ඉන්ධර් එක්ක පහන් ඇවිලුවා......හදුන් කූරු ඇවිලුවා...පන්සලට එන්ඩ ලෑස්තු උනේ අපි දෙන්නා විතරක් උනත්...අවසානෙදි  කාර් එකට මහ දොදොලිත් කැතරියව ඇදන් රිංගගත්තා.....

යන්නෙ පන්සල් හන්දා හිත නරක් වෙයි කියන බයටම මන් කට වහන් ඉන්නකොට ඉන්ධරුත් මීක් නොගා උන්නා........

ඇසල පෝයට තව ටික දොහයි....තව දවසයි දෙකයි....දැනටමත් හද එලිය මුලු අහසම අරක් අරගන තිබුනා........මේ පාර පෝයට දලදාව වදින්න යමුයි කියලා ඉන්ධර් මගෙ කනට කරලා කිව්වෙ හදුන් කූරු ආවුලනම තැන වෙනකොට මන් හරි ආසාවෙන් ඔලුව වැනුවා..........

අපෙ මහත්තයා.....

මයෙ මැනිකෙ......

අන් උන්නෙ රටා තියලා අතුගාපු සුදු වැලි මිදුලෙ ඉදගන....ඉන්ධර්ගෙ අතෙ පිරිත් පොත....අර ගෑනු පරාන දෙක කොහෙද කියන්ඩ  හොයන්ඩ බැරි උනා...යක්කුන්ට පිරිත් කියනකොට ඉන්ඩ බෑය කියනවනෙ.........

ලබන ඇසලෙ වෙනකොට .....මයෙ උකුලෙ  උඹලගෙ පැටියා ඉදීවි නේ.....

මං හැගීම්බර උනා......දැනට හිස්ව තියන උකුල...ලබන ඇහැලෙ වෙනකොට පිරිලා තියෙයි නේද හිතෙනකොට මට  දරු සෙනෙහෙස ඉහට ගැහුවා...මගෙ ඉන්ධර් හිනා උනා.............

ම්න්.......ලබන ඇසලෙ වෙනකොට..මයෙ අම්මගෙ බඩ හෑල්ලු වෙලා උකුලට බර දැනේවි.......මං ඇගිලි ගනිනවා මයෙ ඇසල.............ඇබිත්තන් කටකින් කෝපි මලක් රහකරනවා බලන්ඩ මං ලෝබ කම් කරනවා.......

මයෙ රත්තරන් දන්නවද.....උඹලා අතට අහු නොවෙන පැටියා කාලෙ....මගෙ මේන් මේ දබැරෑගිල්ල උඹලගෙ ඔය ඇබිති අතින් අල්ලගන ඉන්නවා...අනේ උඹලට හිනා වෙන්නවත් බෑ එතකොට......ඒක....මහ පුදුම හැගීමක් මයෙ අම්මෙ....ඒක...දරු කැක්කුම ඉහ මොලේට ගහන ඇස් කෙවෙන හැගීමක් මයෙ ඇසල............

ඉන්ධර්ගෙ ඇස් දිලිසුනා.....ඉන්ධර්ගෙ දබැරැගිල්ල මගෙ චූටි අතෙන් අල්ල ගත්තා කියන එකම කිව්වෙ ඉනදර් ඇස්වල කදුලු පුරවගන වෙනකොට අනේ දෙයියනේ මාව කවද හරි මැරෙන්නෙ මේ ආදරෙ උහුලන්ඩ බැරිව කියන්ඩ මට දැනුනා........

මං බලන් ඉන්නවා...පපු මැද්දෑව හෑරෙන ඒ හැගීම මයෙ පැටියගෙනුත් විදින්ඩ....හතර වියන ඇතුලෙ...දෙන්නා තුන්දෙනා වෙන්ඩ..........ලබන ඇහැලෙ කියන්නෙම......සුභ නිමිති පිටාර ගලන ඇහැලක් ඇසල.........කෝ....වරෙල්ලා.....ගිහින් ලොකු හාමුදුරුවො බැහැදකින්ඩ.....

මං නැගිට්ටා...ඉන්ධර්ගෙ අතේ එල්ලීගන නැගිටපු මං ඒ පස්සෙම්ම ලොකු හාමුදුර්වො බැහැදකින්ඩ යනකොට උන්වහන්සෙ හරි ......හිමින් ගමනින් සක්මනෙ යෙදෙනවා....

අපෙ හාමුදුරුවනේ..............

සුවපත් වේවා.....!!!

සුවපත් වේවා.....!!!

ඉන්දර් ලොකු හාමුදුරුවන්ට කතා කෙරුවා.......... මමයි ඉන්ධරුයි පසග පිහිටුවාම ඒ කකුල් ගාව වැද වැටුනා........සුවපත් වේවා කියාපු උන් වහන්සේ...අපි දිහා බලන් උන්වහන්සේ  ඇස් හීනි කෙරුවා..........අඩුම වයස...අසුවක් වත් පැනල...අනූවට වත් ළඟ ඇති...........

කව්දැයි මේ...උපාසක මහත්තයා කිව්වා නම්....හරියටම....නිච්චියක්...නැ....නැතුව නෙවෙ... දැන් ඉතින්...ඉස්සර වගේ.....ඇස්...පේන්නෙ...නෑ අපෙ  උපාසක මහත්තයො......

අපෙ හාමුදුරුවනේ..මං.....ඉන්ධර්.....ඉන්ධර් ඉරුගල්බන්ඩාර.....පහල මහ මෝලෙ.....විමල සුරේන්ද්‍රන් මහ ඉරුගල්බන්ඩාරගේ....

ආ....මේ.....අපේ....ධර්මේන්ද්‍රන් හාමුගෙ.....පුතන්ඩියා.............එතකොට.....
මේ...හිච්චා......

අපෙ හාමුදුරුවන්ට....අදුනගන්ඩ පුලුවන් වෙයිදෝ මන්දා..........

...

අදුනගන්ඩ නම්......බෑ....දැකලා පුරුදුත් නෑ....ඒත්....ඩීංගිත්තක්...මූන කටේ.....හැඩ හුරුවක්......තියනවා......

මං හරී තැම්පත්ව බලාගන උන්නා......ඉන්ධර් නම් දෙන්ඩ  පුලුවන් උපරිම බුහුමන දීලා කතා කෙරුවා.......

.අපෙ හාමුදුරුවනෙ...මේ අපෙ.....අරුන්ධතී නගාගෙ.......ධර්මසේන වලව්වෙ පොඩි මැනිකෙ.......

අපෙ..අප්පෙ....මේ......මහාමායගෙ......

ඔව්..අපෙ හාමුදුරුවනෙ...මහාමායගෙ.....
පලවෙනියා........ඒ වගේම...මගෙ...මැනිකෙ.........අපෙ හමුදුරුවනේ.......

ම්ම්ම්....මතකයි..මතකයි...කෙලීව......
ඉස්සර දහම්පාසලේ බාලංසෙට ඉගැන්නුවෙ.........අපේ....අප්පෙ.....මැනිකෙගෙ....සිරියාව.....අනේ.....ඒකි ගමෙන් ගියත් හරි....දැක්කෙම නෑ........

එහෙමයි අපෙ හාමුදුරුවනේ......

මගෙ ඇස් දෙක  ලොකු උනා........උන්වනහ්සෙ කතා කෙරුවෙ මගෙ අම්මට මහාමායා කියලා...ඇරත්...අම්මා හැසිරුනේ...මලපොතෙ අකුරු බැ වගේනෙ....ඒත්..අම්මා දහම්පාසලුත් උගන්නලා...ඇයි අම්මෙ.....අනේ උඹලගෙ හිතට දුක හිතුනද...නැතිනම්...උඹලා හිතලම ඒ මැනිකෙව මැරුවද මගෙ අම්මෙ.........

මං බිම බලාගත්තා......මට දුක හිතුනා.........

කෝ බලන්ඩ.....අපෙ.....මහමායගෙ හිච්චා ඩීංගිත්තක් ඔලුව ඉස්සුව නම්......

බිම බලන් උන්න මං හිමින් සීරුවෙ ඇස් ඉස්සුවා.......

හ්ම්.....ඒ ඇස් දෙකමයි....ඒ කටමයි.........මේකා හරි සිරියවන්ත මායියෙක් නෙ ඉරුගල්බන්ඩාර ලමයො.......

මං හිනා උනා....ඉන්ධර්ට ආඩම්බර හිතුනා...............

අපෙ හාමුදුරුවනෙ..කාරනාවක්......අහන්ඩත් එක්ක....

හ්ම්.........කියමුකො....

අපි...දෙන්නා තුන්දෙනා වෙන්ඩ කියලා......මයෙ මැනිකෙට දරු සම්පතක් ලැබෙන්ඩ.........මං අප්පච්චි කෙනෙක් වෙන්ඩ.......අද උදේ  තමයි  නිමිත්ත පෙන්නුවෙ .....මං...නිකමට ගනන් අල්ලා බැලුවා අපෙ හාමුදුරුවනේ.......පැටියට නම මහ පිරෙන්නෙ..ලබන....වෙසකට..........

මං ඉන්දර් දිහා බැලුවා .....අනේ ඒ ඇස්වල තිබුන ආසාව...ආදරෙ.......ඒ ආඩම්බරේ.......

අපෙ හාමුදුරුවනේ.........මයෙ මැනිකෙට....පිරිතක් කියල නූලක්...බැදගන්ඩ කියලා......

හ්ම්............

ඇරත්......ඔබ වහන්සේට කරදරයක් නැති නම්...මට...ලගම තියන හොද නැකතක් දුන්නා නම්.....තව කාරනාවකට....

හොදමයි.....මෙහෙන් ආව නම්......

අපේ හාමුදුරුවනෙ.....තව කාරනාවක්.....

ඉන්ධර් ආයම කතා කෙරුවා..........යන්ඩ හදාපු හදාපු හාමුදුරුවො ආයම නැවතුනා.....

මං..මේ පැටියා එනකන්...ඇගිලි ගැන්නා............මං බාර හාර උනා අපෙ හාමුදුරුවනෙ........කවුරුත් බාර අරන් නැති නම්......නම මහම....මයෙ වලව්වෙන්....දවල් දානෙ.....එවන්ඩ........

ඉන්ධර් බොහෝම යටහත් විදිහට නවමහම දවල් දානෙ බාර ගන්ඩ අහනකොට බෝ ගහ යට උන්න මගෙ ඇගට බෝ කොලයක් වැටුනා.....

උපාසක මහත්තයො.......මහ ඉරුගල්බන්ඩාරලා වගේ නෙවෙ.......ඔය....පොඩ් මැනිකෙ...........මහමායයි....මේ ලමයයි.....මේ පන්සලට නිතර දෙවේලේ ආවා ගියා..ආගමට...දහමට ලැදියි...එ ගැන...ආය අමුතුවෙන් කියන්ඩ ඕනානෑ...මං...අවුරුදු ගානක් මේ පන්සලේ මහ නම...........ඔය මහත්තයට....පුලුවනිනම්...ඔය කාරනාව...බාරගන්ඩ.....මයෙ අමනාපයක් නෑ......

එහෙමයි අපෙ හාමුදුරුවනෙ.............

මේකත් උඹලට මං කියලා ඉන්නම්කො..... මේ කරඩු වඩම්මන මාසෙ....කියන්නෙ........පින්කාර මාසයක්......ඔය...මැනිකෙට ලැබෙන්ඩ ඉන්න පැටියා........බොහෝම පින්කාර දරුවෙක්... ඒකයි උඹලට ඔය ලෝබ කමක් නැතුවම  පින් කරන්ඩ හිතෙන්නෙ    මං උඹලට අදම කියන්නම්......පැටියට රත්තන්තරේම පිහිටයි...............ඒකා....නියම අප්පෙක්ට ජාතක වෙලා තියෙන්නෙ....ඇරත්.....මේ මැනිකෙගෙ අම්මන්ඩිත්......බොහෝම හොද  කෙලී.......උඹලා ....බලාපොරොත්තු වෙන්නෙ අනිවාර්යයෙන්ම කොලු පැටියෙක් වෙන්ඩ ඇති....මොකා උනත්....පැටියා පැටියමයි...ඒත්...
ඉතින්...ආසාවලුත් එනවනෙ.....

එහෙමයි අපෙ හාමුදුරුවනේ..........

උඹලා ඔය නමක් තෝරනකොට.......රාහුල් කියලත් ඔබාපල්ලා......වරදින් නෑ උඹලගෙ වස්තු කදට...කවදාවත් ....

එහෙමයි...අපෙ...හාමුදුරුවනේ............

ලොකු හාමුදුරුවො නමක් දුන්නා.........නිකන් නෙවෙ..අනේ.....වටිනම නමක්...ලැබෙන්න ඉන්න මගෙ පැටියා පින්කාරයි කියාපු ලොකු හාමුදුරුවො නමක් දෙනකොට මං ඈතින් පෙනුන බුදු රූපෙ දිහා බලාගන උන්නා......

අනේ මෙ කන්නෙ සරුසාර කරාට...පින් අපෙ හාමුදුරුවනේ................මගෙ පැටියගෙ නම....ස්නේහ රාහුල් මනමේන්ද්‍රන්.....ඉරුගල්බන්ඩාර............

.🌼ම්හුක්...ආයම කොටහකින් එන්නාම්ම්....

පයිස්සමින් ඉදපල්ලා රත්තරනෙ........

ආතරෙයි උඹලට පපු මැද්දෑවෙන්ම........

මම ජොබී

Nedeesha....

Continue Reading

You'll Also Like

3.6M 361K 38
ခူးဆြတ္ဖို႔မေလာပါနဲ႔ တစ္ခ်ိန္မွာအလိုက္သင့္ေႂကြက်ေပးပါ့မယ္ အဲအခ်ိန္က်ရင္သာ တယုတယနဲ႔ေကာက္ယူပါ ေမာင္ရယ္
599K 112K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
438K 61.5K 152
ආස හිතෙන ආදරණීය කතාවක්
234K 35.3K 87
»This is not my own story »Just translate for fun »All credits go to the original author and translator »Cover photo from pinterest