නුඹ ඍතුවක්🌼🌼(✅...)

By DEESHAPONNAMPERUMAGE

448K 61.5K 32.3K

ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!.... More

01කොටස.....🌼
02 වන කොටස...🌼
03 වන කොටස🌼
04 වන කොටස🌼
05 වන කොටස🌼
06වන කොටස🌼
07 වන කොටස🌼
08වන කොටස🌼
09වන කොටස..🌼
10 වන කොටස..🌼
11වන කොටස🌼
12වන කොටස🌼
13 වන කොටස..🌼
14 වන කොටස..🌼
15 වනකොටස...🌼
16 වන කොටස...
17 වන කොටස.....🌼
18 වන කොටස.....🌼
19වන කොටස....🌼
20 වන කොටස...🌼
21 වන කොටස..🌼
22 වන කොටස...🌼
23 වන කොටස...🌼
24 වන කොටස....🌼
25 වන කොටස....🌼
26 වන කොටස....🌼
27 වන කොටස.....🌼
28වන කොටස....🌼
29 වන කොටස.....🌼
30 වනකොස...🌼
31 වන කොටස...🌼
32 වන කොටස...🌼
33වන කොටස...🌼
34වන කොටස.....🌼
36 වන කොටස...🌼
37 වන කොටස....🌼
38 වන කොටස......🌼
39වන කොටස...🌼
40 ඍතුවක අවසානෙට....!🌼
හදපිරි ස්තූතිය ‼️

35 වන කොටස......🌼

10.9K 1.3K 1K
By DEESHAPONNAMPERUMAGE

ම්.....මැනිකෙ.....

මං හිතන්නෙ ඉන්ධර්ට තත්පර ගානක් කතා කරගන්ඩ බැරි උනා....ඒ අත තවමත් මෝරනවා තියා හිතලා වත් නැති උනත්...ඉන්ධර්ගෙ ලේ ධාතුව උහුලන් උන්න බඩ උඩ තියන කොට එක තත්පරෙන් ඒ ඇස්වලට කදුලු උනන්න ගත්තා   

මයෙ...අම්මෙ...මක්කද.....රත්තරනේ...මේ....උඹලා කියන්නෙ.......

අපෙ හාමු.....

ඇලිස්...අම්මා...මක්කද...මේ...අපෙමැනිකෙ...කියන්නෙ...කියාපන්...මේක....හීනයක්  නම්...නෙවෙ...නේද.....

දෙතුන් වංගියක්ම මයෙ හීන වලට නයි හාමිලා එනකොට මං නම් හිතුවා අපෙ හාමු.....පොඩි මැනිකෙ අද හෙටම සුභාරංචියක් කියාවි කියලා.........

නන්දා....අඩගහපන් උඹලගෙ වාහෙට...කියාපන්..අද මෝලෙ උන් ඔක්කොටම නිවාඩු කියලා නිකන් නෙවෙ...පඩි පිට අද උන් ඔක්කොටම නිවාඩුය කියපන්............නිකන් නෙවෙ..........උන්ට පන් බක්කරෙන් මනාප ඕනම දෙයක්  කන්ඩත් අරන් දෙන්ඩය කියාපන්.......

අපෙ හාමු........

මගෙ ඇස් ලොකු උනා.....අනෙ දෙවියනෙ ඉන්ධර්ගෙ සතුට.........අනේ ඒ ඇස්වල කදුලු..........

ඇදන් උන්න සරම කැහපට ගහන් උන්න ඉන්දර් ඇලිස් අම්මගෙ අතේ තිබුන වතුර ජෝගුව අරගන මගෙමූන කට ඔක්කෝම හේදෙව්වා...ඒත් මාත් එක්ක නම් වචනයක් කතා කෙරුවෙ නෑ ..හිතේ සතුටට මෝලෙ උන්ට පඩි පිට නිවාඩු දිලා විතරක් නෙවෙ....උන්ට කන්ඩ පාන් බක්කරෙන් මනාප ඕනම දෙයක් ගන්ඩයි කියාපු ඉන්ධර් මගෙත් එක්ක වචනයක් කතා නොකරනකොට මමම කතා කෙරුවා....

අපෙ..මහත්...තයා.....

මං උඹලා එක්ක....නිවී හැනහිල්ලෙ කතා කරන්නම් මයෙ අම්මෙ.......හිතේ තියන සන්තෝසෙට මට මෙතන කතා කරන්ඩ ගත්තොත් මයෙ අම්මගෙ ඔය බඩගෙඩියට මෙතනම නම මාසෙ පිරේවි මයෙ මැනිකෙ........

අනෙ......දෙයියනෙ..........ඉන්දර්ගෙ සතුට........ඒ සතුට වචන කරනවා වෙනුවට මන් බලාගන ඇඩෙන්ඩද කොහෙදෝ ඇස්  කෙවෙනකොට කාමරේට යන්න හදාපු මාව ඉන්ධර් හරහට උස්ස ගත්තා....

ඉ..ඉන්ධර්....මට....

උඹට පුලුවන් කියන්ඩ දන්නවා...ඒත්...අම්මෙ....මයෙ හිතට අද පැලෙන්ඩ තරමට සතුටු එකේ....වැළි ඇටයක් පාගවන්ඩටත් මට අද ලෝබයි මයෙ ඇසල මැනිකෙ......

ඉන්ධර් මාව වඩා ගත්තා..මාව උස්සලා ගත්තු පාරට කැහපට ගැහුන සරම ආපිට ලෙහිලා යනකොට වාහෙ හොයාගන ගියපු ඇලිස් අම්මා අපෙ ඉස්සරහට ආවා...

අනෙ...හාන්දුරුවනේ.. බේබි හාමු....අනේ....මක්කද ඔය කරන්නෙ....බිමින් තියපල්ලා අප්පා......

මට පුලුවන් ඇලිස්....ඒකගෙ කකුල් දෙකට වඩා...මට මයෙ අත් ගැන විස්වාසයි.......ලෑස්‍ති කොරාපන් පහල කාමරයක්...ආය උඩ ලගින්ඩ යන්න තියාගන්නෙ නෑ.....දැන් ඉතින් උඩ ලැගපු කාරනාව සම්පූර්නයිනෙ...ම්ම්ම්......

මට ලැජ්ජා හිතුනා...අනේ ඇලිස් අම්මා මාව වැටේවි කියලා ඉන්දර්ට කෑ ගෑවත් ඉන්ධර් නෙවෙ මාව බිමින් තිබ්බෙ....සම්බෝල පාට පූසි විලිරුදාව අල්ලන් ඒකිට හදලා තිබුන රෙදි පෙට්ටිය අස්සෙ ඉදන් තටම තටම අඩනකොට ඒකි අම්මෙක් වෙන සතුටට වඩා එයා අප්පච්චි  කෙනෙක් වෙන සතුට ඉහ ගියපු ඉන්ධර් පහල කාමර කෑල්ල ලෑස්ති කරන්ඩ කියාගන මාව උස්සන් උඩට ආවා.......

ඉන්..ධර්........

මං මිමිනුවා......

මාව වඩාගන  ආව ඉන්ධර් ඇරල තිබුන දොර හරි හිමීට වහල දාලා පැටියෙක් බඩෙ කියන්න නොදැන රැයක් පුරාවටම අඩව් අල්ලලා අල්ලා දැන් විශ්‍රාම සුව විදින හතර වියන් බැදපු  ඇද මැදින් මාව හරි පරිස්සමට තියාපු ඉන්ධර් කෙරුවෙ අර ගැට ගහලා තිබුන තිර රෙදි ආපිට පාත දාපු එක......

මට ලෝබයි....එහෙන් මෙහෙන් ගහගන යන හුලන් රැල්ලට පවා උඹව බලන්ඩ දෙන්ඩ.......මං විතරක් දැක්කම ඇති මයෙ පැටියා ඉන්න දිහාව....

මට ඊට වඩා ලෝභ හිතුනා...මේ වචනවලට...මේ හැගීම් වලට....මේ ආදරේට මට ඊටත් වඩා ලෝබ හිතුනා....ඇදන් උන්න කමිසෙ ගලවලා ඇද විට්ටම උඩින් දාපු ඉන්ධර් මගෙ ගාවට ආවා .....

මට ආයමත් ඒ වචනෙ කියාපන් මයෙ ඇසල.......මං එවෙලෙ උන්නෙ අවසිහියෙන් වගෙ ....මට ආයම එ වචනෙ කියාපන් මයෙ අම්මෙ...මේ ඇස් දිහා බලන්ම කියාපන්.......මට මේක හීනයක් වගේ මැනිකෙ........පැටියෙක් දියන් දියන් ගගා කනට කෙදිරුවත්...අද කියාවි...හෙට කියාවි කිය කිය හැමදාම මහ රෑට ඇගට ගොඩ උනත්.......මට මේක හීනයක් වගෙ මයෙ රත්තරනේ.....කියාපන්.....මනාපයි...
ලෝබයි.....ආයම ඔය කටින් ඒ සුභ පනිවිඩේ අහන්ඩ..........

මගෙ පැත්තට හැරුලා උන්න ඉණ්ධර් උඩු බෙලි අතට උන්න මාව හරි පරිස්සමට ඒ පැත්තට හරවගන ආයමත් මට ඒ සුභ පනිවිඩේ කියන්ඩයි කියනකොට මන්  ඉන්ධර්ගෙ මුන මගෙ අත් දෙකෙම්ම අල්ල ගත්තා......

උඹලා අප්පච්චි කෙනෙක් වෙන්ඩයි යන්නෙ මගෙ තෙහස්.....උඹ...ඉල්ලුවා වගේම.....මේ මූනුවර තියන පැටියෙක්ට උඹලා අප්පච්චි කෙනෙක් වෙන්න යන්නෙ......

මුලු කාමරේම තත්පර ගානකට හැල හොල්මනක් නැතිව ගියා.  ... .මං ඒ මූන අල්ලගන උඹලා අප්පච්චි කෙනෙක් වෙන්නයි යන්නෙ කියනවත් එක්කම ඉන්ධර්ට පපුව පුරවලම හුස්මක් පිට උනා වගේම ඒ උනුසුම් අත ඇවිදින් මගෙ බඩ උඩ නැවතුනා......

මෙච්චර කාලයක් ගල් වැලි එක්ක ඔට්‍ටු උන මම උන්නෙ තනිකරම ඇට්ටර වෙලා උනත්...ඉන්ධර් ගාවට ආවත් එක්කම හරි ආදරෙන් බලාගත්තු නිසාමදෝ හිමින් හිමින් මාව මලක් වගේ සිනිදු වෙන්න අරන් තිබුනා...අර කර්කශක ගතියට ඉන්ධර්ගෙ ආදරේ කියන පොහොර වැටුනත් එක්කම අව් කාස්ටකේට කලු ගැහිලා කරන් ගැට්ටි උන මාව චුට්ට චුට්ට පාට වැටෙන්න ගත්තා විතරක් නෙවෙ....පෑදිලා තිබුන ඉල ඇට පවා දැන් ටිකින් ටික මස් වලින් වැහිලා ගිහින් අර හීනි ඉග එක්ක මගෙ රවුම් තට්‍ටම් ඕනාවටත් වඩා කැපිලා පෙනුනා......

කොටින්ම මම කර්කශක මහ  පොලවෙ පැලවුන මැරෙන ගමන් තිබුන නමක් නොදන්න පැලයක් වෙනකොට ඉන්ධර් කියන ඒ ආදරනීයම මනුස්සයා ඇවිදින් මට වසන්ත ඍතුවක් ගෙනාව......ආදරෙ  කියන හැගීම අඩමානෙට විදපු මට ආදරේ පරිසමාප්තිය පපුව පැලෙන්නම විදින්න දෙනගමං මැරීගන යනගමන් තිබුන පැලේට පන විතරක් නෙවෙ නමකුත් දීලා අවසානෙදි කවදාවත් මල් ගෙඩි හට නොගනී කියලා හිතපු මගෙන් දැන් මල්ඵල පවා පීදෙන්න අරන් තිබුනා...........

ඉන්ධර්...මගෙ ආදරනීයම තෙහෙස්....උඹ කියන්නෙම ආදරේ පරිසමාප්තියක් මයෙ අප්පච්චි.....

ඉන්ධර්...මගෙ ආදරනීයම තෙහස්.. .උඹ කියන්නෙම කර්කශෙකට ඇදහැලුන ප්‍රාතිහාර්‍යාත්මක ඍතුවක් මයෙ අප්පච්චි...

දන්නවද...මයෙ තෙහස්...මං හරි පින්කාරයි....අදරේ පරිසමාප්තියක් උන උඹ එක්ක නිදි වදින්ඩ ....උඹගෙන් මම විදින ආදරේ දකින ගෑනු මා දිහා බලබල හූල්ලන කොට උන්ට සිද්ද වෙන්නෙ ෆැන්ටසි ලෝකවල උඹ එක්ක නිදි වදින්ඩ උනත්...උඹගෙ ලමාතැනී උරුමෙ මට විතරක් අයිති මම හරි පින්කාරයි මයෙ අප්පච්චි.....

ඇල්වතුර වලින් සීනි නැති කහට වලින් .....වලව්වෙන් හම්බුවෙන් දන්කුඩෙන්....ලුනු ඉහාපු බත් කටෙන් විතරක් බඩගින්න නිවාගත්තු....බඩ බොකු පවා ගිනි පූටකේට තැම්බුන රබර් වගේ එකට ඇලිලා ගියපු බඩක් ඇතුලෙ.....උඹගෙ ලේ ධාතුව පන ගහන්න....උඹගෙ පරම්පරාව උහුලගත්තු මේ ලැලි බඩ හරි පින් කාරයි මයෙ අප්පච්චි.....

එහෙව් ආදරයක් දෙන උඹ එක්ක.....එක කන්නෙට...සාරසංඛ්‍ය කල්පලක්ශෙක කන්න අස්වද්දන්න  පෙරුම් පුරන මං උඹගෙ ආදරෙ ලබන්නමං හරි පින් කාරයි මයෙ තෙහස්........

මගෙ යටි හිත හුස්මක් නොගේනම...කියවගන කියවගන යනකොට තවමත් වචනයක් වත් කතා නොකර මගෙ බඩ උඩ අත තියන් උන්න ඉන්ධර්ගෙ නලලට මං හාදුවක් තිබ්බා...

සුරක්ශාවෙ හැගීම් එකට කැටි කරාපු ඒ හාදුව නලල උඩ තියනවත් එක්කම මං බලාගන ඉන්දර්ගෙ ඇස් වලින් කදුලු පේලියක් කඩාගන වැටුනා...

උඹලා මයෙ පැටියගෙ අම්මා වෙන්ඩද යන්නෙ මයෙ අම්මෙ............උඹට පින් මයෙ රත්තරනෙ  .....නව මාසයක්.... වේදනා උහුල උහුල....උඹලා උහුලන් ඉන්නෙ මයෙ  ලේ දාතුව ......උඹලට පින් මයෙ රත්තරනේ......උඹලට අනේක වාරයක් පින් මයෙ ඇසල...දලද කරඩුව වඩම්මන මේ උතුම්  කාර්තුවෙ දකින්ඩ පුලුවන් හොදම නිමිත්ත මේ ඇස් වලට පෙන්නපු උඹ ජාති ජාතිත් මයෙම වෙලා සංසාරෙ කොතනක හරි බුදු වෙන්ඩ ඕන මයෙ අම්මෙ.............

මට හීල්ලුනා.......ඉන්ධර් සංසාරෙ කොතනක හරි මට බුදු වෙන්න කියනකොට මට හීල්ලුනා.....ඉනදර් කෙලින් උනා   ...කට පුරාවටම නොසෑහෙන්න පින් දීපු ඉන්දර් ඇස් වල කදුලු පුරවගනම කෙලින් වෙලා ආපහු මගෙ ලෑලි බඩ ගාවට නැවුනා....
.

..අප්පච්චියෙ රත්තරනේ...........මයෙ රත්තරන්ට අප්පච්චිව ඇහෙනවද.........උඹලා මයෙ පුතා....උඹලා මයෙ රත්තරන්  ..........

මගෙ දරුවා මොන තරන් නම් වාසනාවන්ද දෙයියනේ.......

මට හිතුනෙ එච්චරයි....එයින් එහා මට හිතන්න වචන නැති උනා...ඉන්දර්ගෙ ඝන රැවුල මගෙ යටි බඩ පුරාවටම එහා මෙහා යනකොට තවම හැඩයක් වත් නැති ඇබිත්තකට නැති ලේ කැටියක් එක්ක ඉන්ධර් හරියට කියවන හැටි මං හරි ලෝබ කමින් අහන් උන්නා........

මයෙ රත්තරනෙ......උඹලා පරිස්සමින් ඉදලා....මයෙ ගාවට වරෙල්ලා.....මන් උඹලා එනකන් යැද්දෙ නැති දෙයියෙක් නෑ රත්තරනේ.... අප්පච්චි උඹලට ආදරෙයි....උඹලා මයෙ  කුලුදුලේ පැටියනෙ අම්මෙ.....ම්ම්ම්ම්.....මයෙ රත්තරන් ...පරිස්සමට හැදියන්...මං ඉන්නවා...උඹවයි....උඹලයෙ අම්මවයි පන වගේ රකින්ඩ....මයෙ රත්තරන්‍ට එන්ඩ තව කාලෙ තියනවා......අප්පච්චි වගේම..මූන කට ඇස් අරගන වරෙන්....උඹලයි අම්මා ඉල්ලන්නෙම අප්පච්චි වගේ පැටියෙක්.....

.තෙහස්.....

මං මිමිනුවා....වරූවක් විතර පැටියා එක්ක කියවපු ඉන්ධර් අවසානෙදි උඩට ආවා...මාව තුරුලු කරගත්තා...වෙනදට කිටි කිටියට මිරික ගන්න අත් අද පුදුම විදිහට මාව පරිස්සම් කෙරුවා....

කියාපන්....මයෙ අම්මට මක්කද ඕනෙ....ඉල්ලපන් රත්තරන්....අද පන ඉල්ලුවොත්...ඒකත් දෙනවා........ඒතරන් මට සතුටුයි මයෙ ඇසල.....ඒ තරම් මට සතුටුයි.............මං බලන් උන්නා..මං හීන දැක්කා...නින්දෙන් පවා මන් කිරි සුවදට ඉව ඇල්ලුවා මයෙ ඇසල........

.පරිස්සම් වෙයල්ලා..මන් ඉල්ලන්නෙ එච්චරයි....අම්මෙක් වෙන එක ලේසි නෑ මයෙ රත්තරනේ.....නව මහක් පැටව් බඩ බදින්ඩයි.......නව මහක් ඒ බර උහුලන්ඩයි....ඇගපත වේදනා දුන්නත්..දරු කැක්කුම ගාවදි ඒ හැමදේම උහුලන් ඉන්නවා කියන එක හරි අමාරුයි මැනිකෙ...........

ඇගත් දීලා ..ලේත් කිරි කරලා...අවසානෙදි.....අප්පහෙ රූපෙ අරන් එලි බහින පැටියට මං උජාරුවට මයෙ නම දුන්නට.....මයෙ පැටව් හන්ද වැඩියෙන් විදවන්නෙ උඹයි.....මං උඹලට හරි ආදරෙයි මයෙ ඇසල.......කියාපන්....මක්කද ඕනෙ....උඹලට මං නොදෙන දෙයක් නෑ....වස්තුව ඉඩකඩම්...බව බෝග...යාන වාහන....ඉල්ලපන්...මං උඹලට මයෙ සේසතම මේ දැන් උනත් ලියනවා......උඹ ළඟ ඔය තියන් ඉන්න වස්තුවට වඩා...මට වටින දෙයක් නෑ මයෙ මැනිකෙ...කියාපන්....ඉතින්......

ඉන්ධර් මගෙන් එකම අහනවා...මොනවද ඕනෙ...මොනවද ඕනෙ කිය කිය...මට ලැබෙන්නම ඕන දේ ලැබිලා තියනකොට මීටත් එහා මං මොනවා කියලා නම් ඉල්ලන්නද...............මට මීටත් එහා තව මොනවද ...

මයෙ තෙහස්....

කියාපන් රත්තරනේ ...මයෙ වස්තු කදට මක්කද ඕනෙ......මං හරි සතුටින් ඉන්නෙ මයෙ අම්මෙ....දැන් ඉතින් මේ පැටියා චිංග ඩිංග ලොකු වෙනකොට මයෙ අම්මගෙ බඩ ගෙඩියත් ලොකු වේවි....බලන්ඩ ලෝබ කමේ බැරි වේවි.......ඉතින් මනාප දෙයක් ඉල්ල පල්ලා......මොකද....තව පැටියෙක් ඕනෙ කියලද උඹලා ඔය ඇස් කරකවන්නෙ ම්ම්ම්ම්ම් ...අප්පච්චිගෙ නම් අමනාපයක් නෑ...අම්මන්ඩිට දරන්ඩ පුලුවන් නම්.........දුසිමක් උනත් හදලා දෙන්නම්කො.......ම්ම්ම්...කියාපන්....මයෙ ඇහල මලට මක්කද ඕනෙ.....

ඉන්ධර්ව පිපිරෙයිදො මන්දා......ඒ තරම් ආදරයක් මන් ඒ ඇස් අස්සෙන් දැක්කා.............

මේ සංසාරෙ වගේ.....හැම සංසාරෙකම.....උඹගෙ ලේ ධාතු උහුලන්ඩ මටම වරම් දීපන් මයෙ තෙහස්.......මං උඹට හරි ලෝබයි.....උඹ...මාව රකින විදිහට...මට හරි ලෝබයි...උඹගෙ ආදරේ....තනි අයිතිකාරයා මම උනත්....වෙලාවකට...මට මං එක්කම ඊරිසියයි මයෙ තෙහස්....

පිරුන පපුවට තෙරපගන උඹ දෙන ආදරේ  විදින්න මං පින් අරලා තියනවා .....මේක සංසාර බැම්මක් .........වැදු ගෙයිම ලේ තලිය පිටින් මාව තුරුලු කරගත්තු උඹම මගෙ හිරි ඔතප් සලු ගලවලා...මාව උඹගෙම කරගත්තා විතරක් නෙවෙ..මට උඹගෙ මැනිකෙ කම දුන්නා...උඹගෙ පැට්ව්ගෙ අම්ම කම දුන්නා ...සාගරයක්....තරමට ආදරයක් හිතෙ තියන් මාව නලවන්නෙ නොදරුවෙක් ගානට වෙනකොට .....මං උඹගෙ ආදරේම ඇර වෙන මොනවා කියල නම් ඉල්ලන්නද මයෙ ඉන්ධර්          .....

උඹලට ජාති ජාතිත් පින් මයෙ තෙහස්....... පුරන් කුඹුරු ඇස් වැද්දුවට....බොල් වී විසික් කරලා.....සාරවන්ත වී පැල ලරලා...සරුසර කන්නෙක හුස්ම අල්ලන්න මට ජීවිතයක් දුන්න එකම ඇති මයෙ ඉන්ධර් උඹට බුදුන් දැක නිවන් දකින්න.....

මං උඹලගෙන් ඉල්ලන්නෙ මෙච්චරයි ..මතු ඉපදෙන හැම භවේකම...මයෙ ඉන්ධර්ම වෙයන් ....මාව හැමදාමත් ..උඹලගෙ ඇහල මලම කරගනින්....ඒ ඇති ...තව කල්ප කාලාන්තරේකටම මට නිවෙන්න....ඒ ඇති මයෙ හිත පිරෙන්න...........උඹලට මං හරි ආදරෙයි මයෙ තෙහස්......

රන්කද මගෙ.....වරෙල්ලා අම්මෙ තුරුලු කරගන්ඩ.........උඹලා දන්නවද මයෙ රත්තරනේ ....... මං දැනන් උන්නා..මේ කෝපි ගැට ඩිංගිත්තක් තද කලු ගහනකොට.......වෙනදට වඩා ඩිංගිත්තක් තඩිස්සි වෙලා තියනකොට......මේ කවියට තව වැඩි කාලෙකට මේ කෝපි මල් අස්සෙ ඝන රැවුල වද්දවන්ඩ බැරි විත්තිය....කාරි නෑ...මයෙ අම්මට දැන් පුලුවන් ළපටි වීදුරු මහකට රොන් ගන්ඩ දෙන්ඩ.... ලේ කිරි කරලා නිවාපන් මයෙ පැටව්ගෙ බඩගින්න...මං ඉන්නවා උඹලව කවදාවත් හිස් බඩ තියන්නෙ නෑ....තේරුනාද....ම්ම්ම්......

...................

ආදරෙයි මයෙ රත්තරන්ට ...........






ඇලිස් අම්මා......

බේබි හාමු.......

මක්කද උඹලා දවල් බතට උයන්නෙ කිව්වා නම්.....

මේ....සෙරයාවො කරවල තියනවා......වට්ටක්කා තියනවා..කොල මැල්ලුමක් කොහොමත් මලවනවා...අපෙ මැනිකෙට  මං බිත්තර තම්බනවා....

උඹලා දැන් උයලා අහවරද ...නැත්තන්.....තාම හාල විතරක් පෙගෙන්ඩ දැම්මද.........

පපුව පැලෙන්න ආදරෙ දුන්න මයෙ ඉන්ධර් මාව හරි පරිස්සමට පහලට එක්ක ආවා.....පහලට තියන අඩියක් අඩියක් පාසාම මගෙ කකුල් දිහා බල බල කිව්වෙම පරිස්සමින් මැනිකෙ...පරිස්සමින් මැනිකෙ කියලා වෙනකොට පහලට ආව මන්  කෙලින්ම ගියෙ රතු මැනිකෙ හොයාගන.....

අනේ...රතු මැනිකෙ ගාව චූටි චූටි පුලුන් බෝල ගොඩයි....

ඇලිස් අම්මා....

අන් කෑ ගැහුවා..........ඇස් ඇරලා වත් නැති....චූට්ටකට නැති පුලුන් බබ්බු.......හරි හරියට කිරි උරනවා.........

ඇලිස් අම්මා....

අපෙ මැනිකෙ....

මේන් බලන්ඩකො ඇලිස් අම්මා...මේ....රතු මැනිකෙ අම්මෙක් වෙලා......

මං රෙදි කෑලි අතුරපු පෙට්ටිය ගාව දන ඔබාගන රතු මැනිකෙ දිහා බලන්  ඉන්නකොට මගෙ ඉන්ධර් ආවා...ඉනදර් විතරක් නෙවේ...ඇලිස් අම්මත්......

අපෙ හාමු අප්පච්චියෙක් උන දාමයි....රතු මැනිකෙත් අම්මෙක් වෙලා තියෙන්නෙ.......අනෙ වාසනාවන්..........

මේන් මේකිට කිරි ඩිංගක් වත් දියන් ඇලිස් අම්මා.......පව්......

එහෙමයි අපෙ හාමු........

.................

බේබි හාමු.......

ම්න්.......

දවල් බතට.....මක්කද හාමු හදන්නෙ.....?

මං උයන්නම්...

අපෙ හාමු.....

මේන් මයෙ මැනිකෙට මගෙ අත් වලින්ම කන්න ඕනයි කියන්නෙ....

අනේ ...බොරුනෙ...ඇලිස් අම්මෙ.....

ඔය ලැජ්ජාව.........කාරි නෑ ඇලිස් අම්මෙ.....ඒකගෙ ආසාවනෙ.......ම්ම්ම්.........ඇරත් ..මේ කාලෙට ඉතින් එන ආසාවල් නෙ.........ඇලිස් අම්මා අහලා තියනවනෙ...අර කව්ද මන්දා.....රජෙක්ගෙ  බිසවක් ගැබ්බර උනහම......බිසවට රජ්ජුරුවන් වහන්සෙගෙ උරේ පලලා ලේ බොන්ඩ ආසාවක් ආවයි කියනවලුනෙ....එව්වත් එක්ක බැලුවම...මයෙ මැනිකෙ ඉල්ලුවෙ මගෙ අතින් බත් කටක්නෙ.........

එහෙමයි හාමු...... . පොඩි මැනිකෙගෙ ආසාවනෙ.....

මං උන්නෙ  පුලුන් බෝලා දිහා බලාගන......ඉන්ධර් ඇලිස් අම්මා ගාව මාව පාවා දෙනකොට මං  නෑය කිවා උනත්....ඇලිස් අම්මට මගෙ හොර මූන තේරුනා......ඇත්තනෙ....මං ඉන්ධර්ගෙ අතින් උයනවා කාලා නෑනෙ......ආසයිනෙ......මගෙනෙ...ඇරත් ..මම නෙවෙනෙ ..මේ පැටියනෙ ඉල්ලන්නෙ......

මැනිකෙ.....

ම්ම්ම්...ඉන්ධර්....

හැන්දෑවෙ පන්සල පැත්තට ගිහින් එන්ඩ ලෑස්ති උනා නම්......හාමුදුරුවන්ගෙන් ලගම නැකතක් ඉල්ල ගන්ඩ ඕනෙ...හැබැයි තුන් මසක් පනිනකන් නගා ඇරුනම වෙන කවුරුත් මයෙ ඇසල ගාව මයෙ පැටියා ඉන්නවයි කියන එක දැනගන්ඩ නරකයි....තේරුනානෙ ම්ම්ම්ම්ම්ම්.........විශේශෙන් මයෙ අම්මන්ඩි..........අනුලා ලොකු අම්මන්ඩි නම් එන එකක් නෑ...හැබැයි මයෙ අම්මන්ඩි මේ නහින නැහිල්ලට මට බයයි කොයි වෙලෙ හරි කඩාපාත් වෙයිද කියලා...........

මං රතු මැනිකෙහෙ රෝස පාට නහයට ඇගිල්ල තියාගන  ඉන්ධර්ට කන් දුන්නා...... ඉන්ධර් කියනවා අම්මා ඇරුනම කවුරුත් දැනගන්න නරකයි කියලා .......තුන් මාසෙ පනිනකන් කොහොමත් පරිස්සම් වෙන්ඩ ඕනෙ..........

ඉන්දර්.....

ම්ම්ම්ම්....

අත් දෙකත් පිටිපස්සට බැදගන මැද මිදුල දිහා බලාගන ලොකු කල්පනාවක උන්න ඉන්ධර් ගාවට ගිහින් මං ඒ නිරුවත් අත් ගොබේට මගෙ කම්මුල හේත්තු කර ගත්තා.....

ඇයි ....අපෙ මහත්තයා....මක්කටද......නැකත් බලන්නෙ.....?

උඹලව මයෙ වලව්වට එක්ක යන්න........ලොකු අම්මන්ඩිලාගෙ වලව්වෙ ඉදන්....මයෙ වලව්වට එක්ක එන්න ..මං කිව්වනෙ මැනිකෙ.......උඹලට අරියාදු කරවපු උන් ලව්වා මන්  උඹලට ගරු නම්බු දෙනවා කියලා ම්ම්ම්ම්...ඇරත්....උඹලට පිරිතක් කියල නූලක් ගැටගහන එක හොදයි...මං හිතන් ඉන්නෙ ඇසල....දරු පැටිය ලැබෙනකන්......නව මහක් දවල් දානෙ බාර ගන්ඩ........ඒක මං හිතින් උන බාරයක් ඇසල....මයෙ අම්මව සරු කරලා දරු පැටියෙක් ඉන්දෙව්වොත් නවමහක්ම දවල් දානෙ දෙනවාය කියලා මං බාර උනා.......ඒක උඹලට වගේම...එන්ඩ ඉන්න  පැටියට හොදයි......පින්....

මං ඉන්දර් දිහා ඇස් දෙක ලොකු කරලා බැලුවා.....නව මහක් යනකන් දවල් දානෙ...............අනෙ ඉන්දර්ගෙ ආදරේ තරම දෙයියනෙ.................

..ඇලිස් අම්මා.............

ඇලිස් අම්මා........පොඩි මැනිකේ.............ඇලිස් අම්මා......

මං උන්නෙ අත් දෙක පිටිපස්සට බැදන් සිමෙන්ති කනුවට හේත්තු වෙලා දාහක් දේවල් කල්පනා කරන ඉන්ධර්ගෙ ඇගට මුක්කුවක් ගහන් වෙනකොට එලිපත්තෙන් ටිකිරියගෙ කටහඩ ඇහුනා.....අනුල මැනිකෙගෙ වලව්වෙ බත් අම්මා...ඒකි මෙවෙලෙ මක්කට ආවද දන්නෙ නෑ........

ඉන්ධර්.....

ම්ම්ම්...

ටිකිරියා ඇවිල්ලා.....මං ගිහින් බලන්නද.....

නැතුවට කාරි නෑ.......මගෙ මනාපයක් නෑ....උඹලව උන් දකිනවට.......ඇරත් උඹලගෙ ඇගපතත් ඩිංගිත්තක් හැදීගන පාට වැටීගන ආවා විතරයි....ඔය ටිකිරියට තියෙන්නෙ මහ කටවහ හිටින කටක්....... එක පාරක් හීල්ලුවොත් පරඩැල වෙනවා ආය ඒකාන්තයි....මයෙ මැනිකෙ යනවා නෙවෙ....ඒකිගෙ කටටම  හේනේට හිටි ......

ඇලිස් අම්මා...........උඹලා කොහෙදෝ......

.

ටිකිරියා ආයම කෑ ගැහුවා...... මං ඉන්ධර් දිහා බැලුවා.... ටිකිරියගෙ කට හොද නෑ කියලා  ඉන්දර් නෝක්කාඩු කිය කිය  උයන ගෙදරට යන කොරිඩෝව දිහා බැලුවා......

වලව්වෙ උයන ගෙදර තියෙන්නෙ එකේරෙ වෙනකොට කැහපට ගහන් උන්න සරම ලෙහපු ඉන්දර් අවුල් වෙලා තිබුන කොන්ඩෙත් මුරිච්චියක් ගැටගහන් උඩු රැවුල කරකවන ගමන් හෙමින් සීරුවෙ යන්න ගියෙ මට ඒ පැත්තටවත් එන්ඩ එපා  කියලා තර්ජනෙ කරන් වෙනකොට
මං මීයා වගෙ අහු මුලු වලින් එබුනා.......

.

..ටිකිරි...........මක්කද මේ උඹලා කෑගහන්නෙ කිව්වා නම්.......

ඇලිස් අම්මා නැතුවද බේබි හාමු......

ඇලිස් කුසියෙ වැඩක්...........උඹලා මේ කොහෙ යන ගමන්ද...ඇරත්..අතින් කටින් එල්ලගන.......

මං හිමීට ජනෙල් රෙද්ද අස්සෙන් එබිලා බැලුවා........ටිකිරියා ඉන්නවා....මේකි උදෙම්ම උයලද කොහෙද..........චීත්ත ගවුමට උඩින් ඇදපු චීත්තපට පිටිම්ම මේකි ඇවිත් තියෙන්නෙ......කිව්වත් වගේ පන්මල්ලකුයි සිලි බෑග් එකකුත් අරන්.......

හත් දෙයියෙනේ....පොඩිමැනිකෙ....කොහෙද ඔය රිංගන්නෙ...

ශ්ශ්...ඇලිස් අම්මෙ......ටිකිරියා ඇවිල්ලා..ශු..ශු  ...ඉන්ධර් කිව්වනෙ සද්ද කරන්ඩ එපාය කියලා .....

ඉතින් උඹල රිංගුවා අහු මුලු අස්සෙ...අනේ මෙහාට වරෙල්ලකො රත්තරනෙ...ඔය මගුල් ඔලුවට වත් වැටුනොත් ඔලු ගේන්ඩ වෙයි..... .

මං උන්නෙ ඕප දූප හොය හොය ..කිව්වත් වගේ....මේ රජකාලෙ හදාපු කබඩ් උඩ තියන පිත්තල මල් පෝච්චි වැටුනොත් මගෙ ඔලු ගේන්ඩ වෙන හන්දා මං එතනින් වෙන තැනකට බඩගාලා ආයම කෝප්පෙ හොදන්ඩ ගත්තා.....

මේකිලා දෙන්නට තෙලේද මන්දා.....දවස් මාරුවට දවස් මාරු කරන් අක්කයි නගයි මයෙ එකාට පුදුම කෝල්  කාන්දරාවක්නෙ ගංන්නෙ....

දොදොලිට වෙලහට සාංකාවට වගෙ ඇති....ඕකි දන්නවා නම් මයෙ ඉන්ධර් අප්පච්චි කෙනෙක් වෙන්න යන්නෙ කියලා තම්මැට්ටන් දෙකට ඩයිනමයිට් ගහන් පුපුරවන් මැරෙනවා...ඇරත්....

ඕකි කියාවි මම බිබික්කමාට අතවර කරලා ලමයෙක්ව බලෙන් හදා ගත්තා කියලා ..එහෙමට ගෑනි ඕකි....

අනේ...හිතන් ඉන්නෙ ලපටියගෙ කොදු නාරටියවත් තාම මෝරලා නෑ කියලා ......හිටපන්කො....ඕකි මොනවා හරිකියන් ආවොත් මං කියන්නම්....මේ පාර රන් කිරි මං කට ගාන්නම් කියලා .....මෙක මහ  මගුලක් උනානෙ.......මයෙ පුතා උඹලා එන්නෙ නැද්ද ගගා කොච්චර වත් නහිනවා...

අපිත් නැති එකෙ වෙලහට මහ නාකියා  දැන් පරිප්පු කනවානෙවෙ නානවා ඇති....රතු පරිප්පුද  ....කඩල පරිප්පුද    ....ඇයි මයිසූර් පරිප්පු.....අම්මෙ...පරිප්පු ලෝකයක් වෙන්ඩ ඇති.....

එක අතකට කව්ද අප්පා දන්නෙ.....දොදොලිම මූ පිට පරිප්පු කන  බව දැනන් චූර්න ගෙන්නලා පෙව්වද කියලා ...අනේ..අම්මෙ....ඒකෙ නම් මැනිකෙ අඩනවා කෙසේ වෙතත්..එක ගහල දෙක ගහනකොට නාකියා අඩනව ඇති...අනේ මැනිකෙ මට බෑය කියලා....

මරියානා ආගාදෙ වගේ ඇති ....එව්.......ශිහ්...විතරක් .....

ඇරත්....මයෙ ඉන්දර් මට පෙන්නන්නෙ ස්වර්න විමාන උනාට දොදොලි පෙන්නන්නෙ අවීචි මහ නරකාදිය වෙන්න ඇති.......

දොදොලි එහෙට වෙනම කන්න දෙනවදො.....

එව්ව්..අප්පා..ශිහ්.....

මං උරහිස් ඇකිලුවා....ඒකිව දැක්කෙ නැතුව ඒකි එක්ක අංකරේට නොයා මටත් සාංකාව වගේ අප්පා.......

මං මගෙ යටි හිතින් දොදොලි ගැන හිත හිත උන්න මං ටිකිරියා දිහාවට එබිකම් කර කර බලන් උන්නා.....

.
අනේ මේ.....අපෙ මැනිකෙ බත් මුලක් එව්වා..... චූට් බේබිට දෙන්ඩය කියලා ....කොච්චර උනත්.  ඒ ඉන්නෙ අපෙ අරුන්ධතී මැනිකෙගෙ දරුවනෙ කියලා මේ මැනිකෙගෙ අතින්ම බත් ගෙඩියක් හදලා දුන්නා....මේන් මේකෙ ගස් ලබු වගේකුත් තියනවා....

ම්න්....ලොකු අම්මා තකහනක්  බත් ගෙඩිය එව්වෙ මයෙ මැනිකෙට විතරමද ටිකිරියා.....??එදා කකුල් ගාව වැටෙනකොට ඔලුව අතගාපු නැති උන්ට දැන්ද දරු දුක ඉහ මොලේට ගහලා තියෙන්නෙ...  .....ආ බොල....???

අනේ...එහෙම නෙවෙ   අපෙ...හාමු

.එහෙම නෙවෙ නම්....කොහොමැයි....තෝම කියාපිය බලන්ඩ.......දැන් මං මහ වලව්වට ඇවිදි මාසයක් පහු වෙන්ඩ එනවා......තාම ලොකු අප්පච්චිගෙන් පනිවිඩයක් නෑ..නගාගෙ වලව්වෙ පත්තිරු ටික ඒකිට දීලා දාලා මේ වැඩ කටයුතු අහවරක් කරන්ඩ........

අනේ...ඒගැන...දන්නෙ නෑ...අපෙ හාමු....

තෝ නොදැන ඉන්ඩ බෑ....තෝ තමයි බත් අම්මා උනාට ඔක්කොම දන්නෙ.....ටිකිරියා.. . ගිහින් කියාපිය ඔය මහ ඒජන්ත වගේ  ඉන්න මයෙ ලොකු අප්පච්චිට ...ඒවුන් එකෙක් වත් මේවා කතා බස් කරගන්ඩ ආවෙ නැති උනොත්....... මං මේවා උන් සාක්කි නොකරම අරුන්ධතිට පවරලා දෙනවා කියලා ...හැබැයි නිකන්  බෑ...ලොකු අප්පච්චි මයෙ නගාගෙනුයි..... මයෙ මස්සිනා උන  රත්නපාලයගෙනුයි සමාව ගන්ඩ ඕනා කියාපිය.....රත්නපාලයා කියන්නෙ කුරා කූඹියෙක්ට වත් හින්සාවක් නොකරපු එකා.....එහෙව් එකාට ඕකුන් මැතිරුවෙ...........

මං  ගල් ගිල්ලා වගේ අහන් උන්නා....අච්චර සන්තෝසෙන් උන්න ඉන්ධර්ට ටික ටික ආවේස වෙන්න ගන්නකොට මං උන්න තැනින් එලියට බඩ ගාලා ඇලිස් අම්මා ගාවට කිට්ටු උනා......

ඕකි බත් එක දෙන මුවාවෙන් ඇවිල්ලා තියෙන්නෙම ඕප දූප හොයන් යන්ඩ පොඩි මැනිකෙ.......

ඇයි...ඇලිස් අම්මෙ...අපෙ...අප්පච්චිට.....එහෙම අපරාදයක් කෙරුවෙ.......

අනෙ මැනිකේ.......

ඉන්ධර්ගෙ කටින් ආයම වතාවක් උන් අප්පච්චිට කරාපු හරිය කියවෙනකොට අනේ මට අප්පච්චි ගැන දුක හිතුනා..මෙච්චර කාලෙකට අම්මා කිව්වෙම අප්පච්චිට හෙනේට හිටියෙ බේබි හාමුට කරාපු කොඩිවිනයක් කියලා මිසක්  වෙන කතාවක් නෙවෙ වෙනකොට මට අප්පච්චි පව් කියලා හිතුනා...
.

අනෙ මට අප්පච්චිව බලන්ඩ ඕනා ....අනේ...අප්පච්චි කොහෙ ගියාද....කෑවද බිව්වද....හිතේ තිබුන වේදනාව එදා අඩ අඩ එලෙව්වා තමයි....ඒත් මං උඹලට නරකක් ප්‍රාර්තනා කරලා නෑ මයෙ අප්පච්චි

ඇලිස්......ඇලිස්.....

ඕපදූප හොයන්ඩ බත් එක දෙන මුවාවෙන් ආව ටිකිරියා කුනු බැනුම් අහන් යන්ඩ යනකොට ඉන්දර් ඒකි ගෙනාව මුලත් උස්සන් ඇතුලට ආවා...නිකන් නෙවෙ .....කට පුරාවටම ඇලිස් අම්මා කියන එක නවත්තලා කෙලිම්ම ඇලිස් කියාගන වෙනකොට ළඟ උන්න ඇලිස් අම්මා ඉන්ධර් ගාවට දිව්වා....

බේබි හාමු...

ඇලිස් බලාපන් මේවැයි මොනවද තියෙන්නෙ කියලා .......

ඉන්ධර් ටිකිරියා ගෙනාව  මුල කුසියෙ මේසෙ උඩට අතෑරලා බලන් ඉන්නකොට මමත් ඔය අස්සෙන් බෙල්ල එබුවා...

මේ...ගස් ලබ්බක් එවලා...

අනේ ..ඇලිස් අම්මා....රතු ගස්ලබුද?

මට පෙරේතකමක් ගැහුවා.....ඉන්ධර් ඉන්නවා කියලා නොබලා මට  ගස් ලබ්බ ඕනා උනා විතරයි අඩියට දෙකට ගියපු ඉන්ධර් අර ගස්ලබ්බ අල්ලා වීසි කෙරුවා...අනේ ලබ්බ උඩීන් ගියා....

උඹට මොලෙ නරක් වෙලාද මයෙ මැනිකෙ ......

ඇ..ඇයි..........

ඇයි අහෙන්නෙ....ඇයි අහන්නෙ උඹ දන්නෙ

අනේ බේබි හාමු........පොඩි මැනිකෙ දන්නෙ නෑනෙ ..එපා ඔහොම සැරකරන්ඩ...පව්........මයෙ මැනිකෙ...........මේ කාලෙට ගස් ලබු අගුනයි රත්තරනේ. ......අනෙ උඹලට කොච්චර පෙරේත කම  කොච්චර ඉහට ගැහුවත් කාරි නෑ...අනේ අම්මෙ...කටෙ...නම් තියන්ඩ එපා...එහෙම
උනෝතින්.....අනේ මැනිකේ.........මං ආය කියන්ඩ ඕන් නෑනෙ

එහෙම  දෙයක් උනෝතින් මං උඹලට ආය අමතක නොවෙන්ඩ අච්චු කරනවා ඇසල.......ඒක හොදට මතක තියාගන්.....

මං බිම බලාගත්තා..........ගස් ලබු ඉල්ලපු මට හම්බ උනෙ බැනුම් විතරක් වෙනකොට මන් මේසෙ කොනිත්ත  කොනිත්ත බිම බලාගන අහගන උන්නා. ..

දුකත් එක්ක...මං දන්නවද  අනික...මීට කලින් මං බඩ වෙලා තියනවද   ....ඉන්දර් දැන් මට ආදරෙ නෑ.......එයා ආදරෙ දැන් පැටියට...කියන්න ඕනෙ මේ හම්බෙන්න  ඉන්න  චූටි පොල් බිබික්කමව හම්බ උනාම මං වෙන මිනිහෙක් එක්ක යනවා කියලා.....එතකොට වත් ඒ මිනිහ මට ගස් ලබු කන්ඩ දෙයිනෙ....

කටට කෙල එනවනෙ.........ම්හුක්...දොලදුක හැදීගනනෙ එන්නෙ     ....ඇරත් දැන් මට බබෙක් හම්බුවෙන්ඩනෙ ........කිව්වෙ නම් කොහොමද ....ඇස් දෙක වගේ බලාගන්නවා කියලා ....ඒත් ඩිංග ඇති නම් සැර වෙනවා......කුම්මැහියා මහ..අපරාදෙ ලබ්බ.........ඒත් ඉතින්...හොද නෑලුනෙ නෙ......

ඕන් ඔය බත් එක ලෙහාපන් ඇලිස්.....මෙහෙ හාල් පොල් නැතුව කියලා හිතුවද දන්නෙ නෑ බත් එවන්නෙ..ඇරත්....මේ ගෙදර ඇසල විතරද ඉන්නෙ .......ටිකිරියා ඇති ඔය ටිකිරියා.......ඕකිට තියෙන්නෙම මහ එකාගෙම මූන......බාග වෙලාවට මට හිතෙනවා....ටිකිරියා මහ එකාගෙ  වත් දො කියලා ....

ගහේ..කටු උල්කරන්ඩ ඕනෙ නෑනෙ තෙහස්........ටිකිරියා අපෙ සීයාගෙ වෙන්ඩ ඇති    ..............එකෙක් එහෙන් පිට පරිප්පු හැදි ගානවා...මේකා මෙහෙන් තව මොනවා හරින්හැදි ගාන්ඩ යන්න ඇති....ඔව්වා පරම්පරාවෙ උරුමෙ....අර මහ දොදොලිත් ආව....කැහ්...කැහ්........න්...නෑ...දොදොල්...කෑල්ලක්...වත් තිබ්බා...නම්..මරු.......නේ...ඇලිස්...අම්මෙ........

මං මොන මගුල කියෙව්වද මන්දා....ගස් ලබ්බෙ සිහියෙන් ඉදලා බත් පත ලෙහෙන ඇලිස් අම්මා ගාවට කිට්ටු උන මං ඉන්ධර් අනක් ගුනක් නැතිවම ටිකිරියට බනින්ඩ ගන්නකොට මාත් බනින්ඩ ගත්තා...හැබැයි මගෙ ට්‍රැක පැන්නා.....පිට පරිප්පු ගැන කියන්ඩ ගියපු මං සුගලටත් බනින්ඩ කට අරින ගමන් නිකමට වගේ ඉන්ධර් දිහා බලනකොට ඉන්ධර් උන්නෙ නයාට අදුකොල දකින ගානට මා දිහා රවාගන වෙනකොට මං කතාව කැස්සකට හරවලා දොදොල් කෑල්ලක් ඉල්ලුවා.......ඉන්ධර් ලාවට ඔලුව වනලා ආය බත් එක දිහා බැලුවා......

බේබි හාමු......

මක්කද තියෙන්නෙ බලාපන්....

අලකොල මැල්ලුමයි   .අන්නාසි අච්චාරුවකුයි.....මේ....බල මාලුද කොහෙද .........මේ තුනම ගිනි ගහන සැරයි අපෙ හාමු.......

හතර මායමක තියන්ඩ එපා.......උඹලට ඕන නම් අරන් පලයල්ලා...නෑ ඒත් එපා  ඇලිස් අම්මා....ඕක සතෙක්ට වත් අහු නොවෙන්ඩ විසි කරාපන්.......මේකිලා ඊලග පාර මයෙ මැනිකෙගෙ අප්පට කරාපුවට හපන් දෙයක් කරලා ඇති ඔය බත් පතට......

ශිහ්   නොදෝකින්....නොදෝ....කින් බේබි හාමු.....මුන් අම්මලද...මං අහන්නෙ....මුන් අම්මලද........

ඇලිස් අම්මා බත් එක ආපහු ඔතාගන වීසි කරන්ඩ යනකොට ඉන්ධර් ළඟ තිබුන පුටුවටත් පයින් ඇනන් මොන මොනාදො කිය කිය බැනබැන යන්න ගියා මං හිමින් සීරුවෙ පුලුන් බෝලා ගාවට ගෑටුවා.....

.

රතු මැනිකෙ.......

ඥෑ........ව්

උඹලා දන්නවද......මාත්....අම්මෙක් වෙන්ඩ..........මයෙ....ඉන්ධර් අප්පච්චියෙක් වෙන්ඩ....

යෑ.......ව්

රතු මැනිකෙ පුරු පුරු ගානවා..අනේ....අම්මෙ....ඉතින් කොච්චර වාත්  ..පුරු පුරුව........චූටි චූටි පුලුන් බෝල එක පොදියට ගුලි ගැහිලා නිදියනකොට මාව දැකලා නැගිට ගත්තු රතු මැනිකෙගෙ බූල් පිරුන සම්බෝල පාට අත අරගන මං මගෙ බඩ උඩින් තිබ්බා....

මේන් මෙතන.....මෙන්න මෙතන තමයි මයෙ පැටියත් ඉන්නෙ   හරියටම මෙච්චර කල් රතු මැනිකෙගෙ උන්නා වගෙ...........

යෑ..........ව්ව්

ඒකි ආයම ඇහෙන නෑහෙන ගානට යෑව් ගාලා අර පුලුන් බෝල ගාවින් වැතිරුනා විතරයි මෙච්චර වෙලාම නිදාගන උන්න පුංචි උන් කිරි සුවදටද කොහෙදොබඩ ගගා ඒකි ලගට ලන් උනා...
..පව්.....ඒකිත් දැන් අම්මෙක්නෙ..........

අන් නැගිට්ටා ........මට හෝන්දු මාන්දුව වගේ ......ඔලුව කෙලින් කරන් ඉන්ඩත් බෑ....නිදි මතෙත් බෑ.........මහ ඔතෑනියි වගේ....කටටත් මහ අපුලයි.....

පුටුවට ඇනන් ගියපු ඉන්දර් කොහෙ ගියාද දන්නෙ නෑ.......ඒකිලා මයෙ අප්පච්චිට කරාපු දේමද මටත් කරන්න යන්නෙ...  

වැරදිලා වත් මං කෑවොත්......

අනේ දෙයියනේ ......

අනේ දෙයි හාමුදුරුවනෙ ඒක නම් වෙන්ඩ එපා......ඒක නම් වෙන්ඩඑපා....පෙරුම් පුරලා පුරලා බඩට ආව දරු පැටියා....මුන්ට සහ ගහනවා දෙයියනේ......මුන් මං බඩින් කියලා නොදැන එහෙම නම්...දැනගත්තොත්.........

ඉන්ධර්.....

මන් ඉක්මන් අඩි තියන ගමන් ඉන්ධර්ව හෙව්වා...මට බය හිතුනා..මට එහෙ නම් යන්න බෑමයි කියන්න  හිතුනා...ඉන්දර්ට ඕනෙ මාව අම්මගෙ වලව්වෙ එක පැයකට හරි තියලා ඉන්දර්ගෙ වලව්වට හරි උජාරුවට ගෙන්නන්ඩ උනත් මට දැන් නම් බෑ කියල හිතුනා...

මං පහල කෑල්ලෙ තිබුන කාමර ඔක්කොටම එබුනා...කාමරම ඇති දහයක පහලවකට වැඩිට...ඒ තරමට මේ වලව්ව පරනයි ........ලොකුයි...............

අපෙ මහත්තයා .....

තිබුන හැම නිදන කාමරේකටම එබුන මං අවසානෙදි ඉස්සරහම තිබුන කන්තෝරු කාමරේට එබුනා......

.ඉන්ධර් ඉන්නවා........හැබැයි ඉන්ධර් උන්නෙ මහ නපුරු මූනක් එක්ක......ලොකු කල්පනවාක...ඒ හිත තරහින්.......කොච්චර තරහින්ද කියනවා නම් මං බලාගන අර අතෙ  තිබුන කොල කෑල්ල චප්ප වෙන්න මිරිකගත්තා... ආයම මේසෙට ගැහුවා.  නලල මිරිකගත්තා. .........එ චුට්ටකිම්ම අර පෙත්ත වගේ ඵෝන් එක අරගන  ඒකට ඇගිල්ලෙන් ඔබලා ඔබලා කනේ තියාගත්තා.........

කාටද.....

මං මේ ඉරුගල්බන්ඩාර මහවලව්වෙන් කතා කරන්නෙ..........වෙද මහත්තයා ඉන්නවද........

ඉන්ධර් හාමු කතා කරනවා කියාපන්.......

දොර රෙද්දෙ එල්ලීගන ඇස් දෙක විතරක් ඇතුලට ඔබාගන උන්න මං මීක් නොගා අහන් උන්නා ...වෙද ගෙදරට  අරන් තියෙන්නෙ.......ඇයි දන්නෙ නෑ.......

හෙලො.......ගලෙ බන්ඩාර අප්පච්චි.......මං මේ.....ඉන්ධර්........ඉන්ධර් ඉරුගල්බන්ඩාර........මට සාත්තුවක් එක්ක ආරක්ශාවක්  කරගන්ඩ පුලුවන්ද බලන්ඩ මේ ගත්තෙ......

මට නෙවෙ.....මයෙ මැනිකෙට...........

මටත් වඩා වයසින් නොසෑහෙන්න බාල පැටියෙක් ඒකා .........අප්පච්චිට පුලුවනිද....මට ආරක්ශාවක් කරල දෙන්ඩ....කීය ගියත් කාරි නෑ.....මට වැඩෙ තිතට වෙන්ඩ ඕනෙ....

හ්ම්....හ්ම්......කියන්ඩ නම් කරුනු කාරනා බෝමයි..........වෙලාවක් දුන්නොත්...මට පුලුවන් මයෙ මැනිකෙ එක්කෙ ඇවිදින් යන්ඩ.............මේක උඩු දුවන්ඩ කලියෙන් මුලින්ම කපන්ඩ ඕනා කාරනාවක්.......ලේ සනුහරෙ උනත්  විනකටිනවා නම්...මං ආය  අමු යකා තමයි ගලෙ බන්ඩාර අප්පච්චි ඒක උඹලත් දන්නවා..........

සාත්තුව මටලු..........කීයක් ගියත් කමක් නෑලු........

තනි අන්ඩෙන් හිටන් උන්න මං ඉන්ධර් කියන වචනයක් ගානෙම  අහන් උන්නා....අවසානෙදි ඉන්දර් අච්චර වටින ඵෝන් එක දඩස් ගාලාමේසෙට අතෑරියා.......

මයෙ මැනිකෙ...ඔය දොර රෙද්දෙ එල්ලිලා වැටෙන්ඩද ....ආවා නම බලන්ඩ මෙහාට......

ඉ...ඉන්...

මට උඹලගෙ සුවදත් දැනෙනවා...කෝ.....වරෙල්ලකො........ලගට...ඕකෙ එල්ලිලා වැටෙන්ඩ තමයි උඹලා....

මගෙ ඇස් ලොකු උනා...ඉන්දර් මාව කොහොම නම් දැක්කද....මගෙ ඇස් දෙක විතරනෙ පෙනුනෙ............එයාට මාව ඒ තරම්ම දැනෙනවද............

මං දොර රෙද්ද අතෑරලා ඉන්දර් ගාවට දිව්වා...

හෙමින් හෙමින් .....මක්කටද ඔය ඉක්මන් අඩි..........නිවාඩුව වරෙල්ලකො.....උඹලව නම් හදන්ඩම බෑ මයෙ ඇසල......කෝ.....වරෙල්ලා....එන්ඩ එන්ඩම චන්ඩ වෙනවා.......මොකද.....ඔය ඇතුලෙ ඉන්න මයෙ පැටියා චන්ඩයෙක්ද ම්ම්ම්ම්ම්.......

..අනේ...තෙහස්........නිකන් ..ඉන්ඩකො..........

මං උන්නෙ ඉන්ධර්ගෙ උකුල උඩ  ...උකුල උඩ කියන්නෙ මම ලගට එනවත් එක්කමයි ඉනදර් මාව උස්සලා අරන් උකුල උඩ ඉන්දව ගත්තෙ......

හරහට උන්න මං මගෙ එක අතක් ඉන්ධර්ගෙ බෙල්ල වටේ  ඔතාගන්නකොට ඉනදර් අර කරකවාපු උඩු රැවුලෙන් මයෙ මූනට කිචි කවාගනම හාදුවක් තිබ්බා....

මයෙ අම්මයි....පැටියයි සනීපෙන්ද ම්ම්ම්ම්ම්...............උඹලා ඔය තන තැන දුවන්නෙ හිස් බඩනේ මැනිකෙ  ............

සනීපයි............

මට මිමිනුනා........

ඉන්ධර්ගෙ සිනිදු අතින් හරි සීරුවට මගෙ බඩ අත ගානකොට මං ඉන්දර්ගෙ උරහිසට ඔලුව තියා ගත්තා.........කිව්වත්වගේ මං හිස් බඩ  ..ඒත් මට ඇල්වතුර උගුරක් වත් කටට ගන්ඩ අපුලයි.........

කට අපු...ලයි......නෙ....

..අපුලයි කියලා බෑනෙ මයෙ රත්තරනෙ..........උඹලා හාමත් වේවි...........දැන් ඉතින් දෙන්නෙක්ට හරියන්ඩ කන්ඩ ඕන කාලෙනෙ ම්ම්ම්......නොකා ඉදලා කොහොමද  ...වරෙල්ලා..මං කවන්ඩ.....උඹලව දැන් නම් මං බඩගින්නෙ තියන්ඩ දෙන්නෙ නෑ මයෙ ඇසල.......මං දුන්න පොරොන්දු ටක්කෙටම රකින මිනිහෙක්....ඇස් දෙක වගෙ රකිනා කිව්වොත්....එක ස්තිරයි..........

ඉනදර් මාව අත ගගා මුමුනනකොට මං හිමින් සීරුවෙ මගෙ මුන උස්සලා ඉන්ධර් දිහාව බලාගන උන්නා....තතපරයක්...දෙකක්......තුනක්......අවසානෙදි මං හිනා උනා...ඉන්ධර්ට හුස්මක් පිට උනා.....මගෙ මුන අත් දෙකෙම්ම අල්ල ගත්තා.....


..උඹලා හරි පින් කාරයි මයෙ අම්මෙ.......මේ හිනාව හරි සාරසොභාවයි       ...මෙ දැන් පිපුන පිච්ච මලක් වගේ...........මේ හිනාව හරි පින් පාටයි මයෙ ඇසල...........උඹල දන්නවද...මේ හිත මයෙ මැනිකෙට මොන තරන් ආදරේද කියලා .......ම්ම්ම්ම්ම්ම්ම්....මයෙ ආදරෙ තරම අකුරු කරන්ඩ වචනත් මදි ඇසල...මං මයෙ රස්සාවට පවා පයින් ගැහුවෙ...... උඹල හන්දා......මට උඹලව වටිනවා රත්තරනේ.........මං මුලින්ම දරුවෙක්ට කියල අතට ගත්තු පැටියා උඹ.... ඒ පැටියම අද මයෙ මැනිකෙ......එහෙම උනහම මං උඹලට මොන තරන් නම් ආදරෙයිද කියාපල්ලකො.......ම්ම්ම්
..

මං හරි ලෝබ කමින් අහන් උන්නා...ඉන්ධර්ගෙ ඇස් වල ආදරේ උතුරනවා......එව් ආදරෙ වචන කරන තැන්වල හුස්ම ගන්න එක පවා අපරාදෙ කියලා හිතුන මම වචන මග ඇරෙයි කියලා හුස්මත් හිරකරන් අහන් උන්නා......මූන අත ගාපු අත ඒ ක්ශනිකවම ආයම ඉන්දර් පැටියා ගාව නවතිනකොට මං අහන් උන්නා......

..මේ මූන කට තව ඉස්සරහට තව වෙනස් වේවි...කෝපි සුවද කිරි කෝපි වේවි......

මයෙ මැනිකෙ හරියටම  බෝලයක් වගේ වේව්......කාරි නෑ...උඹලා මොන තරන් ලොකු උනත්...මේ අත් අස්සෙ උඹලට හැංගෙන්නඩ හැමදාම ඉඩ තියෙනවා මයෙ  ඇසල......හැමදාම හිනා වෙලා ඉදපන් මයෙ රත්තරන්...මේ ඉන්දර් ඉරුගල් බන්ඩාරගෙ ජීවිතේම උඹයි...මේන් මේ  ඉන්ධර් පැටියයි........මයෙ රත්තරන් ...උඹලා පරිස්සම් වෙන්ඩ ඕනෙ තේරුනාද.....මං උඹලා ගැන ඇහැ ගහන් ඉන්නෙ............යකුන්ට තරහා යනවා වගේ නෙවෙ මයෙ  රත්තරනෙ...දෙයියො කෝප උනහම.......මකවනවා මං ඔවුන් ඔක්කොමව....ආය....වචන දෙකක් නෑ...උන්  නැති කරන්ඩ හදන්නෙ මයෙ ලේ..........මං ආය නරක මිනිහා උනොත් උනමයි ........

තෙ..හස්.....එපානෙ....තරහා ගන්ඩ....

හ්ම්...මයෙ පැටියා උඹ.........වරෙල්ලා....මයෙ රත්තරන්ට මොනවා හරි කවලා ඉන්ඩ.......හවස් වෙලා පන්සලට යන්ඩ ඕනෙ......ඇසලෙත් පටන් අරගනී අද හෙටම...මං මයෙ මැනිකෙව දලදාවටත් අරන් යන්නම්........

................

උඹල දන්නවද මැනිකෙ.......මේ පැංචා...හරි පින්කාරයි ඇසල......මං නව මහක් ගනන් ඇල්ලුවා......ඇසලෙක බඩට ආව මයෙ පැටියා..එලි බහින්නෙ  වෙසකක....ඉතින්....එහෙව් පැටියා පින්කාර නැද්ද මයෙ ඇසල........උඹලම කියාපන්....ඒකගෙ අප්පච්චි උන මට හර්ද වස්තුව පැලෙන්ඩ තරම් සතුටු නැද්ද........මගෙ ඉන්ධර් පැටියා.....ඒකට මං තියාපු නම හරි.....ස්නේහ....මේ කන්නෙම ස්නේහෙන් පිරෙන කන්නයක් ඇසල.....සරුසාර කන්නයක්...ස්නේහෙකින් පිරෙනවා කියන්නෙම....සුභ නැද්ද.......ම්ම්ම්.........හ්ම්....කෝ...
බැහැපල්ලා....චන්ඩ කමට ගස් ලබු ඉල්ලලා නිසාරනේ බැනුන් ඇහුවා.......

ඉන්දර් මගෙ ඔලුව අත ගාලා මාව බස්සවන්න හැදුවා...ඒත් මට නෙවෙ බහින්ඩ ඕන උනේ..මට ඕන උනේම ඉන්දර් ගාව ඉන්ඩ් වෙනකොට ඇරපු ජනෙල් පියන් වලින් එන හුලගයි....ඇහල මල් සුවද වෙනුවට එන අරලිය මල්සුවදයි....ඉන්ධර්ගෙ ආදරෙනුයි මත් උන මට බහින්ඩ ලෝබ හිතෙනකොට  මං ඉනදර් දිහව ඇස් පිල්ලම වත් නොගහම බලන් ඉන්නකොට ඉන්දර් මිමිනුවා...

මක්කද ම්ම්ම්ම්..........

මම ඔලුව හෙල්ලුවා...ඒත්.....ඉන්ධර්ගෙ ඇස් දෙක දිලිසුනා......හිමින් සැරෙ මගෙ මුනට ලන් උන  ඉන්ධර් දැනෙන නොදැනෙන ගානට යටි තොලට පුංචි හාදුවක් තිබ්බා...ආයම උඩු තොලට....අවසානෙදි  ඒ කෙටි හාදුව ආදරයත් උනුහුමත් පිරුන ගැඹුරුම හාදුවක් වෙනකොට මං ඒ බෙල්ල අත් දෙකෙම්ම බදගත්තා........ඉන්ධර්ට හාදු තියන්න පුලුවන් .........හෙම්බත් වෙනකම්ම හාදු තියන්න පුලුවන් ...හාදුවෙ ගැඹුර කියන්නෙම නිරුවත කියන අවසානෙටම ඉන්ධර්ට හාදු තියන්න පුලුවන් ...ඒත්...අද එහෙම නෑ...ඒත්....ඒ හාදුව ආදරනීයයි...........උඩු රැවුල මගෙ මුන පුරාවටම ඇනුනත්...ආදරෙ වෑස්සෙන හාදුවට වහ වැටුන මං ඇස් පියාගන උන්නා....

උඹලා මහ...හාදු පෙරේතයෙක්.........වරෙල්ලා..මගෙ චන්ඩයා...කියාපන්..දවාලෙට මක්කද ඕනෙ.....

.
ඉන්ධර් මාව බැස්සුවා..බස්සලා ඉන්ධරුත් හිටගත්තා.... ඇදන්  උන්න්න් සරම් ගැටේ බුරුල් කරලා ආයම තදකරලා ගැටගහත්තු ඉන්දර් මගෙ කොන්ඩෙ ඇගිලි තුඩු වලින් හදල මන් මනාප දේ කියන කන් බලාගන උන්නා...

ම්ම්ම්...පපඩම්.....

පපඩම්....?

ඒමැදට   බත්..දාලා..රසයිනෙ....තෙහස්...හදා දෙන්නකො........

හුරතලේ.....තියන...කෝලම......වරෙල්ලා.....

මං ඉන්ධර්ගෙ අතේ එල්ලුනා...පපඩමක් මැදට බත් ඔබලා කන්ඩ පෙරේතකම සහගහන් එනකොට ඉන්දර්ගෙ අතේ එල්ලුන මම ඉන්ධර් එක්කම කුසියට එන්න එනවත් එක්කම වලව්ව ඉස්සරහින් වාහනයක් නවත්තන සද්දයක් ඇහුනා.....

...ඉනධර්....

වාහනයක් නේද.......මේ අවේලාවෙ........ම්ම්ම්ම්....ඔහොම ඉදිල්ලකො......

හ්ම්.........

මං ඉන්ධර්ගෙ අත අතෑරියා වගේම ඉන්ධර් ඉස්සරහට යන්න හැරුනා........ඒත්...මටත් බලන්න ඕනමයි හිතෙනකොට මම ඉන්දර් එක්කම වලව්ව ඉස්සරහට ගියා.......

මහ නාකියගෙ කාර් එක.........

මට ඉබේම ඉන්ධර්ගෙ අත මිරිකුනා.......ඒ එක්කම පිටිපස්සෙ දොර ඇරුනා....


මයෙ පුතා...........

මං හිතුවා හරි....දොදොලි.......නිකන් නෙවෙ........වලව්වෙ වැඩට උන්න ඩ්‍රයිවර් උන්දා රෙදි බෑග් එකකුත් බිමින් තිබ්බා.......ඒකි මෙහෙ නවතින්ඩ ද ඇවිත් තියෙන්නෙ

කැතරින්.....කෙලියේ බැහැපන්........මේන් තියනව....මයෙ පුතාගෙ මහවලව්ව..............

මයෙ පුතා ගාන් බොරූවට බෙරිහන් දීපු දොදොලි අනිත් පාර තවත් එකියෙක්ට බහින්ඩ කියනවත් එක්කම කාර් එකේ අනිත් පිටිපස්සෙ දොරත් ඇරුනා...........මං ඉන්ධර් දිහා බැලුවා....ඉන්ධර්ගෙ ඇස් රතු වෙලා හීනි වෙලා තිබුනා....... ඒ එක්කම කාර් එකේ පිටිපස්සෙන් දොරෙන් තවත් නාඹර ගැටිස්සියෙක් බැස්සා...!මට ඉන්ධර්ගෙ අත තවත් හයියෙන් මිරිකුනා.....මේකි මේ ගෑනු පරානයක් එක්ක ආවෙ..............මොන මගුලටද.....

මේකි මෙ  ගෑනු පරානයක් උස්සන් ආවෙ මයෙ ඉන්ධර්ගෙ හිත වෙනස් කරන්ඩද......හ්ම්...හ්ම්........එහෙනම්...මා එක්ක හැප්පිලා බලපන් දොදොලි......දැන් ඉතින්.මයෙ වාහෙට අයිති වාසිකම් කියන ලොකුම හේතුව ගැහෙන්නෙ මගෙ ගාව.........

ඇස් හීනි කරාගන උන්න මං මහ දොදොලි දිහා බැලුවා...ඒකිත් උන්නෙ මගෙ දිහාව බලාගන වෙනකොට ඒ මුනෙ මහ නක්කල් හිනාවක් තිබ්බා.....

ඇසල....මෙ බෑග් එක ඇතුලට දාපන්......මේ කැතරින් කෙලීගෙ එකත් එක්කම....උඹ මක්කද ඔතනට වෙලා බලන් ඉන්නෙ....... වලව්වෙ මහ කුමාරි හාමි ආවම ඔහොමද බොල පිලිගන්නෙ ...හ්ම්..හ්ම්...ගනින් ගනින් මේක.....කිව්වම අහලා අරගන් මේක.....



ඇයි .....කැතරින්ට අතපය නැතුවද.... ඇරත්.......අපෙ අම්මා කුමාඑඉ හාමි.....ඒ වලව්වට මිසක්කා...මහ වලව්වට නෙවෙනෙ....ම්ම්ම්ම්ම්ම්ම්....මහ වලව්වෙ කුමාරි හාමි....මයෙ මැනිකෙ........වෙන කවුරුත් නෙවෙ......අපෙ මැනිකෙ ඇසල.........ඔහොම්ම කාමරේට ගිහින් ඇල උනා නම්.........උඹලගෙත් දැන් හුරුතලේ එන්ඩ එන්ඩෝම වැඩි වෙනවා.........පරිස්සමින්......යමල්ලා...මම්.දන්නවා...උඹලට මං නැතුව ඇහැපියවෙන්ඩ හොර බව..ඒත් මේ ආව මිනිස්සු ගැන බලන්ඩ එපැයිනෙ.......ම්ම්ම්ම්ම්......

ඔය කැතරින් කෙල්ල අම්මන්ඩිගෙ බඩු මුට්ටුත් අරන් ඇතුලට ගියා නම්.......මෙහෙ ආව තේව කාරයො නෑ ඕන්.....









🌼අතරින් පතරින්...නටයිද....කැතරින්......!

🌼සුගා...ආවා.....හ්

🌼ආයම කොටසකින් එනකන්....පයිස්සමින් ඉදිල්ලා.මයෙ රත්තරනේ     ......

🌼මම ජොබී පුතුකියා

Nedeesha....

Continue Reading

You'll Also Like

480K 40.8K 33
ရိုးရိုးအချစ်ဇာတ်လမ်းလေးတစ်ပုဒ်ပါပဲ
350K 8.7K 80
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
377K 7.7K 32
အထန္ေကာင္ေလးနဲ႕ အရမ္းအလို လိုက္တဲ့ daddyႀကီးကို ျမင္ရမဲ့ ficေလးပါ ‌အေမွာင္ ficပါ 25+လို႔ေျပာလို႔ရပါတယ္ ခေလးေတြ မဖက္ရဲ႕ရင္ ဝင္မဖတ္ပါနဲ႕ (အထန်ကောင်လေး...
441K 16.5K 44
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...