නුඹ ඍතුවක්🌼🌼(✅...)

By ANDRYRAFAELLO

579K 70.6K 36.3K

ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!.... More

01කොටස.....🌼
02 වන කොටස...🌼
03 වන කොටස🌼
04 වන කොටස🌼
05 වන කොටස🌼
06වන කොටස🌼
07 වන කොටස🌼
08වන කොටස🌼
09වන කොටස..🌼
10 වන කොටස..🌼
11වන කොටස🌼
12වන කොටස🌼
13 වන කොටස..🌼
14 වන කොටස..🌼
15 වනකොටස...🌼
16 වන කොටස...
17 වන කොටස.....🌼
18 වන කොටස.....🌼
19වන කොටස....🌼
20 වන කොටස...🌼
21 වන කොටස..🌼
22 වන කොටස...🌼
23 වන කොටස...🌼
24 වන කොටස....🌼
25 වන කොටස....🌼
26 වන කොටස....🌼
27 වන කොටස.....🌼
29 වන කොටස.....🌼
30 වනකොස...🌼
31 වන කොටස...🌼
32 වන කොටස...🌼
33වන කොටස...🌼
34වන කොටස.....🌼
35 වන කොටස......🌼
36 වන කොටස...🌼
37 වන කොටස....🌼
38 වන කොටස......🌼
39වන කොටස...🌼
40 ඍතුවක අවසානෙට....!🌼
හදපිරි ස්තූතිය ‼️

28වන කොටස....🌼

13K 1.6K 1.4K
By ANDRYRAFAELLO

මට හුස්ම අල්ලන්න බැරි උනා....අරුන්ධති මහාමායා ඉරුගල්බන්ඩාර කියන්නෙ ධර්මසේන හාමුගෙ එකම දෝනියැන්දා මගෙ අම්මා කියලා කියනවත් එක්කම මට සිහි විකල් වෙන්ඩ ආවා...

ඉ..ඉන්...බේබි....හාමු....

මගෙ ඇසල ඇයි මේ....මං උඹලට කියලමනෙ මැනික කිව්වෙ ම්ම්ම්.......කෝ ඉතින් හුස්ම ගනින්කො...ඔය  ඉතින් තියන චන්ඩ කමක තරම.......මැනික......රත්තරනෙ....උඹලා ඔය කරන්ඩ හදන්නෙ නිස්කාරනේ මං ඩිංගක් ඇහ පියවන්ඩ තුරුල් වෙන පපුවට රිදවන්ඩ .........කෝ ඉතින්......

ඉන්ධර් මගෙ ඔලුව අත ගෑවා...මං හිතන්නෙ ඉන්ධරුත් බය උනා ඉන්ධර් කිව්වා උනාට...අහපු මගෙ පන යන්ඩ ආවා..කප්පරක් තරන් දුක් විද විද අහස පොලව නූහුලන කතා අහ අහ විදවන්නෙ  අච්චර ගම්බීරෙට ඉන්න ධර්මසේන හාමුගෙ දෝනියැන්දා උන මගෙ අම්මා කියනකොට අනේ දෙයියනෙ මට පන යන්න ආවා...අනුලා මැනිකෙ ධර්මසේන හාමුයි ඔය රහ කර කර බුක්තිවිදින්නෙ මගෙ අම්මගෙ උරුමෙද......ආසාවට බොන්ඩ වතුරපොඩියක් නැතුව අවුරුදු ගනන් අත් කැඩෙනකන් වලව්වෙන් වතුර ඇද්දා . . කවදාවත් පාඩම් කරන්ඩ තියා ඇදුමක හැඩ බලන්ඩ වත් ලයිට් එලියක් නැතුවා......

ඉන්..ධර්...හාමු...මගෙ...අම්මා...මගෙ...අම්මා...කියන්නෙ......මැනිකෙ...කෙනෙක්ද...කියාපන්......තෙහස්...නේ....මගෙ....පපුව පුපුරන්ඩ වගේ.....හාමු

ම්න්..කෝ වරෙල්ලා උකුලට...මං හිතුවා මයෙ අම්මට ඕක ඇහුවම් ඇඩුම් ඒවි කියලා කෝ ඉතින් වරෙල්ලා...

ඉන්ධර් මාව ඇදලා ඒ කකුල් උඩට ගත්තා...මට ඇඩෙන්න වගේ....හිගන කතා අහ අහ....එක එකාගෙ ඉදුල් හෝද හෝද මහ මැනිකෙගෙ රැවුම් ගෙරවුම් වලට යට වෙලා මේ බලු වෙන්නෙ වලව්වක මලක් වගේ ඉන්ඩ ඕනා ගෑනු පරානයක් නේද කියලා මතක් වෙනකොට මට ඇඩෙන්න ආවා....

ඇසල........කෝ...මයෙ දිහා බලපන්කො.....

මං උන්නෙ ඒ උකුල උඩ ඉදගන ඉලක්කයක් නැතුවම කොහේවත් බලාගන....හිතට දැනෙන වේදනාවට අඩාගන්න බැරිව මං උන්නෙ කදුළු වැල් හිරකරගන වෙනකොට බේබින්හාමුගෙන්  මට බේරුමක් නැති උනා....ඒ මුන දිහා බලපන් ගගා තනියෙන් විදවන්ඩ හදන මගෙ ඇස් වලින් එලි බහින්ඩ හදන කදුළු වලට තරවටු කරන්ඩ හිතාගනද කොහෙද මට ආය ආයම ඒ පැත්ත බලන්ඩ කියනකොට මං උගුර පලාගන එලියට එන්ඩ හදන ඉකිය තද කරන් හරි අමාරුවෙන් ඉන්ධර් දිහා බැලුවා ......

මයෙ කොලු පැටියා උඹ.........

බ්..බේබි....හාමු...මගෙ...අම්...මා...අනේ...

දන්නවා.....උඹලට දුකයි කියලා .......අඩන්න ඕනෙම නම්...අඩපන් රත්තරන් ...හැබැයි ගෙට ගොඩ වෙන්ඩ කලියෙන් කදුලු පිහදගනින් තේරුනාද....ඒකිත් තාම කදුලු බිබී හූල්ලනවා......

අනේ..ඇයි...හාමු.......අපි විදින දුක බලලා වත්.....ධර්මසේන හාමුට ......

මට ඉකි ගැහුනා....තවත් නම් උහුලන් ඉන්ඩ බෑමයි හිතුනා......මෙච්චර දුක් විදිනවා බලලත් ඇයි ධර්මසේන හාමුලට අපිට පිහිට වෙන්ඩ බැරි අහන්න හදපු මට එතනින් එහා කියා ගන්ඩ බැරිව ඉකි ගැහිලම අඩනකොට අනේ ඉන්ධර් මාව ඒ පලල් පපුවට තෙරපගත්තා...

හ්ම්....ඇති තරමක් අඩාපල්ලකො...මං මොකුත් කියන් නෑ....මං දන්නවා..මහ එකෙක් වගේ  පවුල් බර ඉහට ගත්තට මේ ඉන්නෙත් තාම දුවන පනින වයසෙ කොලුවෙක් කියලා ....කාරි නෑ...අඩාපන් මයෙ රත්තරන් ...උඹගෙ ඉන්ධර් ඉන්නවනෙ මයෙ අම්මට ම්ම්ම්.......ආදරෙයි මගෙ ඇහල මලට.....

මම ඇඩුවා...අප්පච්චි හන්දා නර දුක් විදින මම  දුක මතක් කර කර ඇඩුවා...එක එකාගෙන් අහන්න පුලුවන් වෙට්ට කතා පට්ට කතා බලු කතා ඔක්කොම අහ අහ හුස්ම ගන්න අම්මා කුමාරි හාමි කෙනෙක් කිව්වම මගෙ පපුවට වාවන්නෙ නැතිව ගියා...

අනේ...ඇයි...බේබි..හා...මු......මගෙ...අම්මා....ඒ.ගැන...කටක්...වත්...අරින්...නැත්තෙ....අනේ...ඇයි...හාමු....අම්මා....අපිව දාලා වත් නොගියෙ.....වෙන..ගෑනියෙ.....

මට ඉකි ගැහුනා.....මං අඩ අඩම ප්‍රශ්න ඇහුවා...ඇයි බේබි හාමු ගගා ඉන්ධර්ගෙන් ප්‍රශ්න කෙරුවා ...ඒත් එයා කෙරුවෙ  මම අහන දේවල් අහන් උන්නා මිසක්කා උත්තර නොදී ඇති පදම් මට අඩන්න දුන්න එක වෙනකොට අවසානෙදි මං අඩලා...අඩලා....හෙම්බත් වෙලා ඔහේ  ඒ පපුවට ඔලුව ගහන් උන්නා....

මයෙ මැනිකට ඇතිද දැන් ඇඩුවා....ම්ම්ම්ම්...මේ බලාපන්...මේ ඔක්කොම තෙමිලා උඹගෙ ඇස්වලින් ආව කදුලු වලටම....අපරාදෙනෙ රත්තරනෙ...

ඇත්ත ඉන්ධර් කියපු හැම කතාවම ඇත්ත.....මං එයාගෙ මුලු ශර්ට් එකම තෙමිලා තිබුනා....ඒ මගෙ  ලුණු රස කදුලු වලින්.......

ඇසල........

මං ඉන්ධර් දිහා බැලුවා..අනිවාර්යයෙන්ම මගෙ ඇස් ඉදිමිලා රතු වෙලා ඇති.........එයා තත්පර ගානක් විතර මගෙ මූන දිහා බලාගන ඉදලා ඉදලා අවසානෙදි ඇගිලි තුඩු වලින්  මගෙ ඇස්   පිහ දැම්මා විතරක් නෙවෙ...අනේ අප්පච්චි කෙනෙක් වගෙ කිසිම හිරිකිතයක් නැතුවම මගෙ නහය පවා පිහ දැම්මා.....

මේ ඇස් දෙක ඔච්චර අඩවන්න එපා මගෙ රත්තරනෙ....උඹගෙ වයසට වඩා දුක් කදක් ඉහිලුවට...මයෙ අම්මව මේ ඇස්වලට වෙලාවකට නොදරුවෙක් වගේනෙ රත්තරන් ....අපරාදෙ ...මේ තරම් කදුලු නාස්ති කරන එක.........මං උඹලට කිව්වා විතරයි.........හැබැයි සම්පූරන කරන්න නොදීම  උඹලා අඩන්න කට හැදුවා .............නාඩා ඉදපන්...

මගෙ ඇහල මලගෙ ජීවිතේට මේ ඉන්ධර් ආවා කියන්නෙම........මේ ඇස්වලට කදුලු තහනම් කියන එකනෙ ම්ම්ම්........නාඩා ඉදින්...තාම වසන්තය එන්න පටන් ගත්තා විතරයි .......උඹගෙ ඉන්ධර්ට තව චුට්ට දවසක් දීපන්...මං මයෙ අම්මව...ආයම වලව්වට ගෙන්නනවා..නිකන් නෙවෙ...හත් දොහක් මගුල් කාලම...එ...ධර්මසේන ලොකු අප්පච්චි ගෙ වලව්වෙ ඉදම්ම.....ඔසරි නැතුවට...අගස්ති මාල නැතුවට නලල්පට නැතුවට කාරි නෑ..මයෙ අම්මව මං ආයම කැන්ද එනව නිකන් නෙවෙ.. හරියටම ඇහැල මලක් වගේම.........තේරුනාද.......

බෙ..බි..හාමු....

ඒවා ඇවිත්.....උඹගෙ උරුමෙ රත්තරන් .......ඒවා ඇවිදින්.....උඹගෙයි ...සුද්දියගෙයි උරුම....මයෙ රත්තරන් නොදන්නවා උනාට......මගෙ මැනික තමයි විමලසුරේන්ද්‍රන් මහ හාමුගෙ පලවෙනි මී මුනුබුරා....උන්දගෙ ඇස් දෙක දැක්කෙ..මාවයි උඹලගෙ අම්මවයි විතරයි....ඉන් එහා දරු මල්ලො වදන්ඩ මයෙ අප්පච්චිට වත්.......ලොකු අප්පච්චිටවත් බැරි උනා....මට ඉතින් කොහොමත් දරු පැටියෙක් ගැන හිතන්ඩ බෑනෙ රත්තරනෙ . ඒත්...නන්දා මටත් එක්කම දෙකක් වැදුවා.......

මයෙ රත්තරන් දන්නවද....නනදා වදාපු උඹව....මමයි එකටම අත් දෙකට ගත්තෙ ....මහ වැස්සක ඒකි ගෙදරම උඹව වදලා තිබ්බා....වින්නඹුවො මොකෙක් වත් නෑ......මහ වරුසාවක.....උඹලගෙ අප්පා වින්නඹුවො හොයන්ඩ දුවලා තිබ්බත් මයෙ අම්මගෙ දාංගලේටයි තියන මුරන්ඩු කමටයි  එලියට ඇවිදින් උන්නා....මොන තහංචි දැම්මා උනත්....ඒකි මට නෑනා වෙච්ච ...බඩින් උන්න වැස්සි බලන්ඩ යන මුවාවෙන් ඇසල මං උඹලගෙ පැල් කොටේට දිව්වෙ. ..අනේ ඒ යනකොට ...මේන්.....මෙච්චරකට නැති කිරිමස් කුට්ටියක් කිරි උරනවා........

ඉන්ධර්.....

මගෙ පපුවත් එක්ක මොකක්ද උනා.....දෙවියනෙ..මං මේ පැල්බැදන් ආදරේ කරන ...ලෝබ කම ඉහ වහ ගිහින් මාව යට කරගන වරු ගනන් ස්වර්ග සැපසම්පත් විදින්ඩ දෙන මේ අසමසම මනුස්සයා මාව දැකලා තියෙන්නෙ අදක ඊයෙක නෙවෙ කියනකොට මගෙ පපුව ඇදුම් කන්න ගත්තා.... .

මගෙ තෙහස්......

ඒ ඇස් වල කදුලු පටලයක් බැදිලා තිබුනා..මහ වැස්සක ගෙදරදිම එලියට ආව මං ගැන කියපු ඉන්දර්ගෙ ඇස් වලට කදුලු උනලා තිබුනා.....

උඹලගෙ අම්මා..තනිකරම පටාචාරාවක් ඇසල.....රජ සැප තිබිලා......අර වැඩකරන්ඩ ඉන්න එකා එක්ක පැනලා යන්ඩ ඒකි මොන තරන් දහන් ගැට දැම්මද........වැසකාරියෙක්ට වගේ ඇදගන....දූව්ලි නාගන...සත්මහල්ප්‍රාසාදෙක දාන් රැක්කත්....ඒකිගෙ හිතට අර වැඩකාරයගෙ රූපෙ වද දුන්නා වගේම.....අරුන්ධතිටත්    වලව්වෙ හාමුගෙ ඩ්‍රයිවර් කොල්ලා නොසෑහෙන්න වද දෙන්න ඇති..ගෑනු හිත් ආදරේ ගාවදි හරි මෙලෙකයි ඇසල......වචන දාහකින් බැනලා...ඒ උඩටම හරි ආදරෙන් මැනික කියණ වචනෙ  කියපු ගමන් නිවෙන හිත් තියන ගෑනු හරි මෙලෙකයි ඇසල......

උඹගෙ අම්මට වැරදුනා.......ඒකිව කත කරලා තිබුනෙ  .උඩරට හොද බස්නායක කෙනෙක්ට...ඒත්....ඒකිගෙ කරුමෙට...ඒකි රත්නපාලයා එක්ක පැනලා ගියා..මුලු වලව්වම මලගෙයක් උනා..........මහ හාමු......සීයා.....ඒකි මැරුනයි කියලා හිතා ගනිල්ලා කියලා එදා දාපු තහංචි අදටත් එහෙමයි ඇසල.........බඩට හය මාසෙ යනකොට ඒකිට යන එනමන් නැති උනා.....උඹලගෙ අප්පට රස්සාව දෙන්ඩ එකෙක් නැති උනා......මොන හේතුවට හරි...අප්පච්චි ගෙ හිත උනු වෙලා උඹලට අර පහල කෑල්ල දුන්නත් මැනිකෙ....නෑ කම් ඔක්කොම මරලා දැම්මා..හරියටම ..........රාජ සලුපිලි පටලන්.....අන්ත්පුර බිසවක් වෙලා සැප විදපු පුන්නි.....තන වහන්නවත් අවසර නැති රොඩි කුප්පෑයමට වැටුනා වගෙ...නන්දා කියන නමත් එක්ක ඒකි වැඩකාර කමට වැටුනා .....

මොන දේ උනත් ....මගෙ මැනිකව මන් දන්නෙ......ඉපදිලා විසි හතර පැයක් යන්ඩත් කලින් ඉදන්............මහ උන්ගෙ කෙරුම් හන්දා....උඹ පිපුනෙ වැරදි වත්තක උනත් ......මං උඹගෙ වාහෙ වෙච්ච කොට...හැමදාම මට ඒ වත්තෙම උඹට මුල්  අදින්ඩ දෙන්ඩ බෑ ඇසල........උඹලගෙ උරුමෙ උඹලා ගන්ඩ ඕනා......ඒවා උඹලගෙ .........තේරුනාද මයෙ අම්මට....ආය ඉතින් මහ මැනිකෙගෙ කනට අප්පච්චි කොහොමත් මේක  තියනව කාරි නෑ.....මං ඉන්නව  උඹව රකින්ඩ තේරුනාද ම්ම්ම්ම්ම්ම්ම්

ඉන්ධර් හරියටම මංජුසාවක් වගෙ...ආදරේ පිටාර ගලන්ඩ තියන මංජුසාවක් වගෙ...මාවත් පපුවෙ තියාගන කියාපු දේවල් එක්ක...බේබි හාමු මාව දන්නෙ ඉපදුන තැන ඉදන් වෙනකොට මම ඒ මූන දිහා බලාගන උන්නා...

.මක්කද ඒ පාර ම්ම්ම්....මේ ඉන්නෙ උඹලගෙ කව්ද කියලා හිතනවද.......

මං මීක් නොගා උන්නා....ඇත්තටම ...ඉන්ධර්ට පුලුවන් හිත් කියවන්න...   ..ඉන්ධර්ට පුලුවන් කාගෙ නැතත් මගෙ හිත කියවන්න..............

හ්ම්ම්ම්.......

නෑ කමට මං උඹගෙ මාමන්ඩි....ඒත්...මනාප වාහෙ කියනවට...........මාමන්ඩි වෙන්න පුලුවන් වෙලේට වඩා..මට වාහෙ වෙලා උඹලට ආදරෙ කරන්න පුලුවන් මගෙ ඇසල.....සමහර නෑකම් ගාවදි.....ආදරේට සීමා වැටෙනවා.......උඹ හිතන්නෙ...මේ මල දැක්කම මේ ඉන්ධර්ට සීමා මායිම් රැක රැක ඉන්න පුලුවන් කියලද ම්ම්ම්.....ඇත්ත දැනගත්තට කාරි නෑ...පුරුදු විදිහටම උඹ මගෙ මැනිකෙ වෙයන් ඇසල.....

හ්ම්ම්ම්...

වරෙන් ඉතින් හාදුවක් තියලම එහා පැත්තෙන් ඉන්දවන්ඩ .........

.එයා මගෙ ඔලුව අත ගෑවා...අඩපු නිසාමද කොහෙදෝ හාදුවක් තියන්ඩ ලගට අඩගහපු මගෙ ඉන්ධර් කම්මුලක් එබෙන තරම් ගැඹුරින් හාදුවක් තියලා ආපිට මාව ඉන්දෙව්වා ..........

දැන් ඉතින් ආපිට වලව්වට යන්ඩ තියෙන්නෙ.........

බේබි හාමු.......

ම්ම්ම්ම්....මයෙ ඇසලට පුරුද්ද අත් අරින්ඩම බෑනෙ......තාමත් බේබි හාමු......හැමදාම බලන් ඉන්නවා...අද කියයි හෙට කියයි කියලා .....හිත පිරෙන්ඩ කතා කරපල්ලකො ම්ම්ම්ම්ම්...........මං උඹගෙ වාහෙනෙ රත්තරනෙ.........මක්කටද තවමත් හාමු කෑල්ලක් ම්ම්ම්ම්........අපෙ මහත්තයා කියාපන්...පිරිමි පපුව අහන්ඩ මනාපම එහෙමනෙ ම්ම්ම්.......

...................

මං බිම බලාගත්තා ..අහන්න ගිය දේ  පවා මට ඉන්ධර්ගෙ වචන හන්ද අහගන්ඩ බැරිව යනකොට මගෙ මූලු මුනම රතු වෙලා ගියා   ...........ඒ තරම් හාමුගෙ වචන මට බර වැඩි උනා...

.ඔන්න ඉතින් රතු කරගත්තා නේද මූන....ම්ම්ම්..මගෙ චන්ඩයා උඹ.....මහ මැනිකෙට දගවැඩ කරන්ඩ උඩ ගෙඩි දෙන්ඩ නම් කට පනයි.....ඒත්....මෙච්චර ආදරේ කරන මට පොඩ්ඩක් ආදරෙන් කතා කරන්ඩ අමාරුයි....හ්ම්...හ්ම්....කාරි නෑ කාරි නෑ...මගෙ නොදරුවනෙ කියලා මාත් ඉතින් හැමදාම හිත හදාගන්නවා අඩුම ගානෙ මට යට උනහම හරි අපෙ මහත්තයා කියලා හරි අමාරුවෙන් කෙදිරි ගානවනෙ.....ඒකත් මදැයි....මනාපයි උඹ හරි අමාරුවෙන් කෙදිරිගානවා අහන් ඉන්ඩ.......එතකොට බලන්ඩ ඕනෙ මේ ඇස් දෙක.....චුට්ට බැරිවෙනකොට ගැස්සෙන ඇස්වල ආදරේ පිරෙන තරම........

දන්නවද ඇසල....උඹ ඇවිදින් හුස්ම ගන්න චිත්‍රයක් ...එකම පින්සල් පාරක් වත් වැරදියට නොවැදුන...උඹ ඇවිදින් තනිකරම පිස්සුවක්..... .....උඹගෙ නිරුවත කියන්නෙම සිත්තරු පවා බඩ වෙන චිත්‍රයක්.........මං උඹට හරි පෙරේතයි ඇසල....ඒක ආදරේටත් එහා ගියපු හැගීමක්........දුහුල් ඇදුම බාගෙට ගැලවෙනකොට ...විදින්ඩ අයිතිය ඕනාවටත් වඩා තිබුනත්....ලෝබ කම හන්දම මට හිතෙ හැටියට උඹව තලාගන්න බැරි එකත් මහ කරුමයක් ඇසල.........

සැරින් සැරේම උස් පහත් වෙන පපුව කියන්නෙම මට වරුවක් උනත් නිදිවදින්න පුලුවන් භවනක් ඇසල...... මන්දා.......පේන නොපෙනන ගානට තියන දුහුල පහු කරන් දකින නිරුවත කියන්නෙම ඉදුරන් පහම පිස්සු වට්‍ටවන මෝහනයක්.....

මන්දා  ...උඹ නම් දෙවියො දවස් ගානක් හිතලා හිතලා මවපු මැවිල්ලක් මැනික.......කොහොම කල් ගත්තා උනත් ..කව්ද දන්නෙ....එදා වැහිවෙලාවක පපුවට තුරුල් කරගත්තු මේ කොලු පැටියා මගෙ පන වෙයි කියලා ....ම්ම්ම්....නන්දා නංගි උනත් මොකද....වෙලාවකට ඒකිට පඩුරක් දෙන්ඩ ඕනෙ මගෙ නැන්දම්මනෙ කියලා හිතලා...මේ වගෙ රන්කදක් වැදුවට.........

අනෙ දෙයියනෙ  සමහර තැන් වලදි මට වහ කන්න හිතුනා.....ඇගට පතට නොදැනි කිසි ලැජ්ජාවක් නැතුව මගෙ හපන් කම් කියනකොට මං මගෙ ටී ශර්ට් එක තදිම්ම මිරිකගන අහන් උන්නා.... ඒත්...පහුවෙන්න පහු වෙන්න ඉන්ධර්ගෙ වචන වල තිබුනෙ රාගයක් වත්  ...කාමයක් වත්.. ආසාවක් වත්.....දස වලත්ත කමක් වත් නෙවෙ.......මිනිහෙක් විදිහට තමන්ගෙ මැනිකෙගෙ හෙලුවට තදිම්ම ආදරේ කරන මනුස්ස හැගීම් කියලා තේරුම් යනකොට මං අහන් උන්නා ......

ඒ වචන සන්වරයි.........ඉන්ධර් බර වචනවලින් මාව නම්ම ගත්තා  මිසක්...කොයිම වෙලාවක වත්  බලෙන් මගෙ ඇගට අතක් තිබ්බෙම නැති තරන් උනා.......ඉන්ධර් කෙරුවෙ ඉන්ධර් දන්න ලස්සනම වචන වලින් රමනයක් අස්සෙ තියන රස  අහන් ඉන්න එකාව පිස්සු වැටෙන තරම් විස්තර කරපු එක වෙනකොට ....ඒක අහන් උන්න මනුස්සයගෙ අවසානම ආසාව වෙන්නෙ...එකම හීනෙ වෙන්නෙ  ඉන්ධර් වගේ ආදරනීය පපුවකට යට වෙලා හති අරින්න බලන් ඉන්න එක.......

හරියටම ....ඉන්ධර්ගෙ වචන වලට හැමදාම නැවෙන මං වගේ..............

ඇසල....

බ්..බ්බ්      බේබි හාමු

මෙහෙම්ම වලව්වට යනවද...ගෙදර ගියා කියලා නන්දා උයලත් නැතුව ඇතිනෙ.....ම්ම්ම්.....මන් කන්ඩයි....උඹලා බඩගින්නෙ ඉන්නයි දෙකක් බෑනෙ...ම්ම්ම්.....

මං ඔලුව වැනුවා........ඉන්ධර්ගෙ ආදරේ අකුරු කරන්න ගන්නකොට මුලු ලෝකෙම අමතක වෙලා යන්නෙ සිහි විකල් වෙච්ච එකෙක් ගානට වෙනකොට අටේ කෑල්ලෙ ඉදන් වලව්වට එනකන් මට නිච්චියක් නැති උනා......

ඉන්ධර් අද රෑට අපේ ගෙදර එනවා කිව්වා ..අනේ සුද්දියටයි අම්මටයි අද මැරුනා වගේ නින්ද යයි ......මෙච්චර කල් කට්ට පොලවෙ නිදාගත්තු ...ඇදක   සැප මොකක්ද කියන්නවත් නොදන්න සුද්දියට ඇද දැක්කම පන යන්න එයි....අනේ අවුරුදු ගානකට පස්සෙ මගෙ දුප්පත් "කුමාරි"හාමිට අද නින්ද යාවි......

ඇසල.......

...........

ඇසල.......

.බ්..බේබි හාමු....

බහින් නැද්ද ...මක්කද අහස පොලව ගැටලන්ඩ  වගේ කල්පනා කරන්නෙ.........

බේබි හාමු...අද රෑ බතට එනවා කිව්වනෙ......

ම්න්...එන්ඩම එපැයිනෙ.....කෝ ඉතින්...වෙන තැන් වල නම් මගුලෙන් පස්සෙ බතක් වත් දෙනවා.....

අනේ...හාමු

විහිලුවක් කෙරුවෙ මයෙ අම්මෙ.........රෑ බතට විතරක් නෙවෙ...රෑ එලි වෙනකම්ම මං උඹලා ගාව ඉන්නවා.......මෙච්චර කාලෙකට ලාම්පු එලියයි කෝපි මල් සුවදයි මැද නිදියෑව මගෙ මැනික එක්ක මාත් ඒ සුවදට තුරුල් වෙලා නිදියන්ඩ එනවා........

මං හිනා උනා......සැප පහසු කාමරෙ දාලා ඉරිතැලුන පිල් කඩේ දාපු ඇදේ නිදියන්ඩ ඉන්ධර් හාමු එනවා කිව්වම මං ලාවට හිනා උනා වගේම එහෙම්ම වලව්ව දිහා බැලුවා .........

මේ වලව්වෙ පොඩි මැනිකෙ මමනෙ.........තවත් තත්පරයක් දෙකක් වලව්ව දිහා බලන් උන්න මං ජනෙල් පියන් අරලා තිබුන අපේ කාමරෙ දිහා බැලුවා......

ඒක ඇවිදින්.....මගෙ ඉන්ධර්ගෙ ස්වර්න විමානෙ......මිහිපිට ස්වර්ගෙකට හුස්ම පිඹින තැන.....රමනයක් කියන්නෙත් එක්තරා මරනයක් කියන්න අමු අමුවට තේරුම් අරන ස්වර්න විමානෙ වෙනකොට ඒ හැම ස්වර්ග සැපකම අයිති කාරයා මම නේද හිතන ගමං මන් හරි ලෝබ කමින් ඒ දිහා බලන් ඉදලා ඉන්ධර් දිහාවට හැරුනා.....

බේබි හාමු...කන්ඩ මනාප මොනවද කිව්ව නම්.....මට ....පුලුවන් ......

.

මැනිකට   පුලුවන්ද මේ අත් දෙකෙන් රෑ බත හදන්ඩ...හැමදාම නන්දගෙ අත් වලින් කෑවනෙ....ම්ම්ම්ම්.....මනාපයි.......මේ අත් වලිනුත් රහ බලන්ඩ...වලලු දාපු අතක් නොවුනට...ඇස් වහක් කටවහක් නෑ...මං දන්නවා....මගෙ ඇසලට ඒ සාස්තරෙත් හොදට පුලුවන් බව....ඕන එකක් උඹ දෙන්නෙ දිය බත්ද.....මට ඒකත් කාරි නෑ ඇසල.......මං කන්නම්........මන් එනවයි කියලා මහා විස්තර වත්  ...සුවදැල් හාලෙ බත් හදන්ඩ වත් මහන්සි වෙන්ඩ එපා ඇසල......

තියෙන්නෙ හුන්සාලද ඒත් කමක් නෑ...මගෙ ඇසලට තියන විදිහට හදාපන්.....ම්ම්ම්...පොඩි එකීට කියපන්කො ගෙදර අඩුපාඩු ඒකිගෙ අඩුපාඩු මොනවද කියලා ලියලා තියන්ඩ කියලා ...ම්ම්ම්.....හෙට එමින් ගමන් වෙලාවක් තිබුනොත් අරන් එන්ඩ....අරකගෙ කඩේට ආපහු නොගියට කාරි නෑ ඇසල......

ඒකා පොඩි එකීට අරියාදු කරනවලු ..නන්දට ලගට අඩගහනවලු....ඕකා අද හෙටම පතුරන් තුවක්කුවෙ දුම් සැර නහයට වද්ද ගනී ඔහොම ගියෝතින් ....

අනේ...බේබි හාමු...........

මනාප නෑ බොල  මගෙ එවුන්ගෙ ඇගට පිට මැස්සො වහනවට....මගෙ මැනිකෙත් තාම දැක්කෙ මේ හාමුගෙ එක පැත්තක් විතරයි කියලා මතක තියාගත්තොත් ඒකටත් මං බොහෝම මනාපයි .......

මාව ගැස්සිලා ගියා  .  .ඉන්ධර්ගෙ වචනත් එක්ක මට නිකන් මොකක්ද වෙලා ගියා...මං ලව්වම දවසක් මද්දව ගත්තු දඩයම් තුවක්කුව මතක් උන මගෙ ඇගේ හිරියක් ගියා.....කොච්චර කොහොම මාව හුරතල් කෙරුවත් මට දිය වෙන්ඩ තරන් ආදරේ දුන්නත් ඉන්ධර් කියන්නෙ එක පැත්තකින් යකෙක් විත්තිය කියන්ඩ ඉන්ධර් මට ලකුනු දුන්නා......

මං කාර් එකෙන් බැස්සා ........වලව්වෙ කුසියෙ පෝරනෙන් තාම දුම යනවා   ඒ කියන්නෙ අම්මා තාම උයනවා.............ඉන්ධර් හාමු වලව්වෙ ඉස්සරහින් යනකොට මහ ඒජන්ත තනතුර දුන්නත් පුරුදු අත අරින්ඩ බැරි මං පිටිපස්සෙ කුසියෙන් යනකොට අම්මා ඇස් පොට්ට කරන් ලිපට පිඹිනවා....

අම්මා කියන්ඩද...නන්දා කියන්ඩද....අරුන්ධති කියන්ඩද...පොඩි මැනිකෙ කියන්ඩද??

ඇයි අම්මෙ රජ සැපට පයින් ගහලා අප්පච්චි වගෙ එකෙක් එක්ක ආවෙ......

ඇයි අම්මෙ අපිව දාලා ආපිට නොයා නරදුක් විදින්නෙ . .......

අනෙ උඹ වහල් කම් කෙරුවට උඹත් මැනිකෙක්ලුනෙ අම්මෙ......

දුම කාගන ලිපට පිබින අම්මා දිහා බලාගන මම කල්පනා කෙරුවා ....මගෙ හිතින් මං අම්මට ලා පාට ඔසරියක් අන්දලා අගස්‍ති මාලයක් දම්මලා බැලුවා.....

හවරිය බැදලා ගෙඩිය ගහපු කොන්ඩයක් එක්ක ලාපාට ඔසරියක් ඇන්දම අම්මා කොච්චර ලස්සන ඇතිද හිතුවා...බෝරිච්චි අත දාපු හැට්ටයක් ඇන්දම අම්මගෙ කෙට්‍ටු ඉපල්.ගතිය යාවි......

ඇසල......පුතේ......

අ..අම්මා.......

මං උන්නෙ අම්මව හිත යටින් කුමාරි හාමි කෙනෙක් කර කර වෙනකොට අම්මා ඇවිත් මගෙ දැහැන බින්දා.......

ධර්මසේන හාමුගෙ දෝනියැන්දා දැලි නාගන දුන් කාගන උන්ගෙම පරම්පරාවෙ ඉදුල් හෝදනවා..........

කමක් නෑ අම්මෙ....මගෙ ඉන්ධර් ආපිට අපේ උරුමෙ අරන් දේවි ......මගෙ ඉන්ධර් ආපිට අම්මව වලව්වෙ ලමාතැනී කරාවි.........අගස්ති මාල..නලල් පට නැතුවට කමක් නෑ .හත් දොහක් මගුල් කාලා...ඒ වලව්වෙන් මේ වලව්වට මාව එක්කන්  එන්නම් කිව්ව වගේම....නැති උන අපේ උරුමෙ ආපිට අපිට අරන් දේවි...එතකොට මගෙ අම්මට ආය කවදාවත් මහ තැනගෙ දැලි නාන්ඩ ඕන් නැති වේවි අම්මෙ............

මේ හැම දේම හිතින් හිතාපු මං වහලා තිබුන හට්ටි මුට්ටි වලට ඔලුව දැම්මා...කොල මැල්ලුමයි.......ලූල් මාලුවයි.....තුන්සිය හැට පස් දවසම ගිලින පරිප්පුවයි ඊයෙ පෙරේදා ගෙනාව දඩයම් මසයි එක්ක සම්බා හාලෙ බතක්.....තව මහ නාකියටයි බිබික්කමටයි මිරිස් කරල් බැදුමක්.....

අම්මෙ.......

ලුනු උරාගත්තු දෙකට පලාපු වේලුන මිරිස් කරල් අහුරක්ම තාච්චියට වැටුනා...ඒ එක්කම තාච්චිය උඩිනුත් රතු පාට ගිනිදර කදක් මතුවෙලා ඒ එක්කම නැති උනා.......

බේබි හාමු රෑ බතට අපේ ගෙදර එනවා කියලා කිව්වා......

බේබි හාමු...අපේ ගෙදර???

හ්..ම්ම්.....අපේ ගෙදර ....සමහර විට....රෑ.නවතීවි....

මොකක්...නවතීවි...ඇයි....පුතේ ඒ.......

මං අම්මා දිහා ඇස් කොන්වලින් බැලුවා...ඉන්ධර් හාමු මහ නාකියට කිව්ව එකෙ...මං මොකටද හන්ගන්නෙ..........කොහොමත් අද හෙටම දොදොලිත් දැනගනී....ඇරත් මං මාමට ආදරෙ කෙරුවා කියලා මැරෙනවද......

ඇසල......

ම්ම්ම්ම්....

ඇත්ත කියපන් පුතෙ.......ඉන්ධර් හාමු ගෙදරට ඇදන් දෙකක් ගෙනත් දාල....විඩින් විඩටම  මහ අම්මන්ඩිට  හොරාවට ඇවිත් අහනවා නන්දා අඩුපාඩු තියනව නම් ලියාපන් කියලා ......

මං අම්මා දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා...අම්ම මේ ඉන්නෙ තමන්ගෙ අයියා නොකියා බේබි හාමුය කියනකොට ..මේ ඉන්නෙ තමන්ගෙ නැන්දා මාමන්ඩි නොකියා වලව්වෙ මහ හාමු මහ මැනිකෙ කියනකොට මොන තරම් වේදනාවක් ඇතිද..........

අම්මට කැමති විදිහට අම්මා තේරුම් ගන්ඩ......අම්මගෙ හිතට හොදයි කියන විදිහ අම්ම හිතා ගන්ඩ....ඇරත්......ඉන්ධර් මේ කසාදෙ කටු ගාන්නෙ නෑය කියලා අහසපොලව නමින් දිවුරලා මහ හාමුට පරසක්වල ගැහුවා කියලත් අම්මා දැනගන ඉන්ඩ ...ඒ ඇති මගෙ අම්මෙ........

මම අම්මගෙ කෙට්ටු අත හරි හිමීට අත ගෑවා..මොකද මට බයයි...ඒ අත රිදේවි කියලා .......
මගෙ ඉන්ධර්ව මට විස්වාසයි අම්මෙ....බොහෝම ඉක්මනට අම්මලගෙ කන් වල තියන කරපිංචා නැටි වෙනුවට බර අරුංගල් එල්ලේවි.....ඒ වෙනකන් මෙ ඉවසුවා වගේ දරාගන ඉමු.....

මං හිතින් කියන ගමන් අම්මගෙ නහර පැදුන අත අත ගෑවා....

ආ මයෙ පුතා...උඹලා මක්කද මේ කෙරුවයි කියන්නෙ.........වා සිටි යන්නෙ නෑලු......ලියන මහත්තයගෙ පට්ටම ඇසලයට දෙනවලු.........

හරි.....හරියටම හරි...මහ නාකියා ලැව් ගින්න අවුලල......

කුසියෙ උන්න මායි අම්මයි තක් බීර් වෙලා  වලව්ව ඇතුලෙන් ඇහෙන සද්දෙට කන් හැරෙව්වා....

මක්කද පුතේ අර කියන්නෙ....ලියන පට්ටම උඹට දුන්නා කියලා ...හැබෑවද ඒක..නැතිනම්...මහ මැනිකෙට විසප්පුවද

ආ ඇසලයො......මක්කද බොල මේ බේබි හාමු කියන්නෙ මෙහාට වර....... ...

මං අම්ම  දිහා බැලුවා...තම්මැට්ටමී තනිකරම  රතු රෙදි කඩක් දැකලා කුලප්පු උන මී හරකියෙක් වගෙ....හුස්ම ගන්න ගැනිල්ලට දැන් කොයි වෙලේ හරි ඔසරි කර ඉරාගන තම්මැට්ටන් දෙක එලියට පනිනවා.........

අපෙ අම්මා.........මක්කටද ඔය ඔච්චර තපුල්ලන්නෙ කිව්වා නම්.......ඇරත් අල්පෝන්සුවා අවුරුදු ගානක ඉදන් එක දිගට කරලා තියෙන්නෙ මේ වංචාව.....එහෙව් එකෙ උඹ කියන්නෙ මට වංචා කාරයෙක්ට මේවා කාබාසිනියා කරන්ඩ දීලා බලාගන ඉන්ඩ කියලද ??

දෙවියනේ ඉන්ධර් ........

තත්පරයක් ගියෙ නෑ..පහල කුසියම වලව්වෙ ඇත්තන්ගෙන් පිරුනා...අම්මා ගාව මම වගේම දොදොලයි දොදොලියි එක තැන ඉන්නකොට පොල් බිබික්කම අපි දෙගොල්ලන්ටම මැදින් උන්නා...

මයෙ පුතා...උඹ මක්කටද අර අච්චර තානාන්තරයක් අත ඇරලා මෝලට හේත්තු උනෙ..ඒක අප්පොච්චා කරගන යනවනෙ......සුලු පටු තානාන්තරයකටද උඹ පයින් ගහලා තියෙන්නෙ ඉන්ධර් ...ආයම දිගයක් යනකොට මැනිකෙලාට කියන්ඩද උඹ එච්චර ලොකු තානාන්තරේකට පයින් ගහලා මෝලක් කරනවා කියලා ....ආ ඉන්ධර් .....

ධර්මේන්ද්‍රන් හාමු......උඹලගෙ මැනිකෙව පරක් කරගත්තොතින් හොදයි ම්ම්ම්ම්ම්ම්......මං අප්පච්චිට කලිනුත් කිව්වා....මං ඇවිත් දැන් අවුරුදු පනහට ළඟ මනුස්සයෙක්..මගෙ තීන්දු තීරන ගන්ඩ බැරි වෙන්ඩ මොලේ මෝරපු නැති අඩු පාඩු නෑ.....ඇරත්.....අම්මන්ඩි ඔය නහින්නෙ මං රජකමට පයින් ඇන්නා වගේනෙ ආ......

මං බලාගන උන්නා...මහ තැන කුලප්පු වේවි නැටුවට ඉන්ධර් වත් මහ නාකියවත් නෙවෙ සන්නි නැටුවෙ..දෙන්නම උන්නෙ අත් දෙක පිටිපස්සට බැදගන වෙනකොට  මමයි අම්මයි විතරක් හුස්ම අල්ලන් උන්නා.........

ඇරත්....ආයම කසාදයක් කරගන්ඩ මගෙ හිතෙ කිසිම මනාපයක් නෑ......ඒක මං උඹලට කියලමයි මේකට කැමති උනේ....

මගෙ පුතා...උඹලා හදන්නෙ හැමදාම මේකත් එක්ක පවුල් කන්ඩද......??මේ නන්දගෙ එකා අපේ වලව්වෙ දැලි වලන් අල්ලන එකා.....මර බේබද්දට ජාතක උන එකා....නෑ ඉන්ධර් ...ඒක වෙන්නෙ නෑ.......ඒක වෙන්නෙ නෑ........ඒක කොහොමත් වෙන්නෙ නෑ.......මන් ජීවත් වෙලා ඉන්න්න් තාක් ඒක වෙන්නෙ නෑ ඉන්ධර් .....ඒක මතක තියාගනින් මගෙ පුතා...උඹ ගේන්ඩ ඕනෙ හත් කෝරලෙන් මැනිකෙක්.......

මම අම්මගෙ අත මිරිකගත්තා ...කොච්චර උනත් මහ මැනිකෙගෙ වචන වලට මගෙ පපුව ගැහෙන්න ගන්නකොට මං ඉබේටම අම්මගෙ අත මිරිකගත්තා   හරියටම අනේ අම්මෙ...ඉන්ධර්ව මට නැතිවෙයිද කියලා අහන්න වගේ..........

ඇස්වලට කදුලු පිරුනා.....අද දවස කියන්නෙම  හිත පාරවන දවසක් වෙනකොට මගෙ ඇස් වලට කදුලු පිරුනා.....කදුලු පිරුන ඇස් දෙක ඉන්ධර් දැක්කා....ඒ ඇස් දෙක හීනි උනා....අනෙ දෙවියනෙ ඉන්ධර්ට තරහා ගියා......

හත් කෝරලෙන් මැනිකෙක්....ඒ අහවල් එකටද කිව්වා නම්........ඇරත්....ඇසල මගෙ මායියා උනාම මක්ක වෙනවද ම්ම්ම්.......

ඇයි  වැරද්දක් තියනවද අම්මන්ඩි ??වැරද්දකට තියෙන්නෙ එකම දෙයයි...ඒ මයෙ මැනිකෙට බඩවෙන්ඩ බැරි එක විතරයි ඒ  ඇරෙන්ඩ......මං හිතන්නෙ නෑ ඇසලගෙ අඩුපාඩු ඇති කියලා ....ඒකා දන්නවා වාහෙව සතුටු කරන්ඩ...ඒකා දන්නවා වාහෙව බලාගන්ඩ....සමහර තැන්වල නොදරු කම් කරනවා...චන්ඩ කම් කරනවා....ඒක ඒකගෙ කොලු ගතිය...මං මෝරපු එකෙක් උනාට...මයෙ මැනිකෙ තාම ලපටියා........ඒ ඇරුනම.....මට කියාපන් බලන්ඩ මගෙ අඹුවගෙ අඩුවක්.......

මං අම්මා දිහා බැලුවා...අනේ දෙයියනේ බිබිකමා ඒ අස්සෙන් මගෙ සායම යවනවා....අනේ බේබි හාමු...මගෙ රෙදි ඉතුරු කරපන් දෙයියො.....උඹට තරහා ගියා කියන්නෙ බැනුම් අහන එකා මැරෙනකම්ම බනින එක....ඒත්....ඔය දමාගන අපුල්ලන්නෙ හතර වියන අස්සෙ මං නටන නාඩගම් ගැනනෙ.....

ඇරත්....රන තිසර තන නැති උනාට කාරි නෑ.....මට සෑහෙන්ඩ පුලුවන් දේවල් ඒකා ගාව තියනවා...අම්මන්ඩි ඔය හදන්නෙ ගෑනු රූපෙක වරුන ගැන කියන්ඩයි ..ළමයි ළපටි ගැන කියන්ඩයි නම්......ගෑනු රූපෙකට වඩා මං ඒකා ගාව සතුටු වෙනවා.......ආය මට හංග හංග නටන්ඩ දෙයක් නෑ.......ඒකට පුලුවන් රැයක් ගෙවිලා එලිවෙනකොට මගෙ මූනෙ හිනාවක් ඉතිරි කරන්ඩ........ම්ම්ම්ම්ම්......ඇරත්..මං මායියෙක් ගේන්ඩ ඕනෙ මට සතුටු වෙන්ඩද  නැත්තන්  උඹලව සතුටු කොරන්ඩද කිව්වා නම්....?

මගෙ පුතා....

අම්මන්ඩි ...මං තාම අහවර නෑ කතාව.....ඇරත් උඹලා කිව්වා මේකව මගෙ මායියා කමට ගන්ඩ නම් උඹල මැරෙනකන් ඉන්ඩ වෙයි කියලා ....ඔව් අපි හැමෝම මේ සංසාර කන්නෙ අහවර උනාම මැරිලා යන්ඩ ඕනෙ......අලුත් කුඹුරු අස් වද්දඩ නම්....කරල් කපලා අවසානෙදි පිදුරු ගොයම මුලින්ම කපලා දාන්ඩ ඕනෙ.......උඹලා අවුරුදු හැට හැත්තෑවක් දැන් ජීවත් උන එකේ....මෙච්චර කල් ඉවසපු මට තව කල් ඉවසන්ඩ බැරි නෑ...

ඉන්ධර්.....උඹ ඔය කතා කරන්නෙ අම්මට

ඔව්...දන්නවා...එහෙමයි කියලා...මගෙ සතුට කැපකරන්ඩ කියලද මගෙ අප්පොච්චා ඔය කියන්ඩ හදන්නෙ.......උඹලව සතුටු කරන්ඩ මට මගෙ සතුට දිය කරන්ඩ බෑ........ඒක මතක තියාගත්තොත් මං මනාපයි...ඇරත් මං අප්පොච්ච්ට අටේ කෑල්ලෙදි වෙන්ඩ ඕන වත් පිළිවෙත් කිව්වා එහෙමයි නේ ....ලේ කෝප වෙලා තියන වෙලේ..මහ හාමුගෙත් පට්ටන්දරේ නිස්කාරනේ දිගෑරෙනවට වඩා.....අප්පච්චි නරකද...අම්මන්ඩිව පරක් කරගන්ඩ  බැලුවා නම් ම්ම්ම්ම්ම්.......

මට නිකන් සීනි අමාරුවට වගේ.......දොදොලිගෙ ඇස් දෙක තිබුනෙම මගෙ දිහාවට......අම්ම නම් උන්නෙම බිම බලාගන.............මගෙ ඉන්ධර් බනින්ඩ ගත්තම අනක් ගුනක් නැතුව බනිනකොට අටේ කෑල්ල මතක් කෙරුවා විතරයි මහ නාකියා බලාගන ඉද්දි අකුලගත්තා නැට්ට....

ආ බොල....තෝ එහෙනම් මයෙ එකාව දැලේ දාගත්තා.......

අනේ...ම්..මැනිකෙ.........

මැනිකෙ..........තොගෙ ඔය කටින් මට මැනිකෙ කියලා ආව්හ්.....ම්...මගෙ....

උඹලට බනින්ඩ ඕන තරම බැනපන් අම්මන්ඩි හැබැයි...මගෙ එකාට මගෙ ඉස්සරහා අත පය  උස්සන්ඩ නම් හිතන්ඩ වත් එපා...උඹලා හොදටෝම දන්නවා මේ ඉන්ධර් මොකාද කියලා .........

උඹලා රැවටිලා පුතා....උඹලා රැවටිලා....උඹලා මෙහෙම කරන්නෙ උඹලට කරාපු අනවිනේ හන්දා මයෙ පුත....නැත්තන් උඹ කොහොමද මේ ඉදුලව මායියා කමට ඉල්ලන්නෙ........

.බේබි හාමු...අපි...අපි යන්නම්...හාමු.....නිස්කාරනේ.....අපි......

මං ගොත ගැහුවා...අඩියට දෙකට මගෙ ගාවට ආව මහ තැන මගෙ කන පුපුරන්ඩ ගහන්ඩ හදනවා එක්කම   ඉන්ධර් ඇවිදින් මහ තැනගෙ අත මිරිකලම අල්ලගත්තා ...මගෙ අම්මා පපුවට අත තියාගත්තා ........

අපෙ මැනිකෙ...මගෙ ගාවට ඇවිදින් හිටගත්තා නම්.....

බේබි...හාමු

මං හිතන්නෙ...උඹලට දැන් සිංහලත් තේරුම් ගන්ඩ බෑ වගේ...මං කිව්වෙ මගෙ ගාවට එන්ඩ කියලා බොල....මං තොගෙ වාහෙ...තො මගෙ මැනිකෙ...මෙතන ප්‍රශ්නෙ යන්නෙ තොගෙ මගෙ කසාදෙ ගැන වෙනකොට මෙතනින් පැනල යන්නෙ අහවල් එකටද...වර මෙහාට මගෙ ගාවට ...

මාව සීතල වෙලා ගියා...මගෙ ඇහල මල කියන කටින්ම  තෝ වර පල කියලා ඉන්ධර් වලව්ව දෙක වෙන්න ගුගුරනකොට මං අඩියට දෙකට ඉන්ධර් හාමු ගාවට ගිහි හිට ගත්තා ...මහ එකීව පුපුරන්ඩ ආවා....කොහොමත් මං යන්නම් කියලා කිව්වෙත් බොරුවට...මෙච්චර කල්  අපි මේකිලාගෙ ඉදුල් හේදුවා ..ඒත් ඇත්ත දැනගත්තට පස්සෙ මොකට නැවෙනවද...බලන් ඉදපන් තම්මැට්ටමි...වදන්ඩ බැරි බව කිය කිය මාව හෑලු කරලා මගෙ ඉන්ධර්වයි මාවයි වෙන් කරන්ඩ හැදුවොත් මං නව මාසයක් කොට්ට හරි බඩ බැදලා ළමයෙක් අරන් එනවා......

ඇස් වල කදුලු පුරවන් උන්නත් හිත යටින් පුපුර පුපුර උන්න මං ඉන්ධර් පිටිපස්සෙන්  හිටගන බලාගන උන්නා.....

මයෙ පුතා......

අම්මන්ඩි ..මං හිතන්නෙ....උඹලා අද මට කතා කරන්ඩ ඉඩ දීලා කටවල් පියෙව්වොත් මං හරි මනාපයි......උඹලා ඉදුලා කියල ගැරහුවෙ මයෙ මැනිකෙට...ඒකගෙ අප්පා බේබද්දා තමා...ඒත්...ඒකගෙ අප්පගෙ ලේ විතරක් මදිනෙ මේකව ජාතක කරන්ඩ.....ඒකා ධාතුව දුන්නට මදිනෙ මේකව හදන්ඩ ...එහෙම නේද අප්පච්චි ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........

මං අම්මා දිහා බැලුවා...අම්මගෙ මූන එක තත්පරෙන් සුදු මැලි වෙලා යනකොට පුරුද්දක් විදිහට හැම වෙලාම කත කරන අතර මැදට ම්ම්ම් ගාන ඉන්ධර්ගෙ අවසානම ම්ම්ම් එක දිගටම ඇදිලා ගියා විතරක් නෙවෙ....ඒ ඇස් හීනි වෙලා....ඒ මුනෙ නපුරු පාට තවත් ඉලිප්පෙනකොට මං බලාගන මහ නාකියා උඩු රැවුල කරකව කරකව ඒකගෙ සායම යයිද කියලා බයේ ගැහෙනවා...මේකා දොදොලිට බයයිද කොහෙද ..........

මං හිතන්නෙ....අම්මන්ඩිට දැන් වැරද්ද තියෙන්නෙ ඇසලගෙ ජාතකෙ ගැනද කොහෙද ...එහෙම නේ ම්ම්ම්ම්....?

අනිතුන් හැමෝම තක් බීර් වෙලා වගේම තරහෙන් බලාගන ඉන්නකොට බේබි හාමු මහ තැනගෙන් ප්‍රශ්නයක් අහන ගමන් එතන තිබුන ලී පුටුව මහ සද්දෙට ඇදලා ඉදගන දොදොලි දිහාව බලාගන උන්නා......

හරි....උඹලට තියෙන්නෙ ජාතකේ ගැන වංශෙ ගැන රුදාවක් නම්.....මං මනාපයි...අම්මන්ඩිත් උඩරට මැනිකෙක් නෙවෙ...අරක්කු රේන්දකාරයෙක්ගෙ දුවෙක්ය කියලා මතක් කරන්ඩ.........

..ඉන්ධර්.....!!.

අම්මන්ඩි !!!මං අහවර නෑ......උඹලා පාත රටේ උන්......වලව් නොවුනට.....උඹලට තිබුන සල්ලි ආකරේ හන්දයි විමලසුරේන්ද්‍රන් හාමු.... මගෙ සීයා  උඹලට ඉරුගල්බන්ඩාර වලව්වෙ මැනිකෙ පට්ටම දුන්නෙ ඒක මං අමුතුවෙන් මතක් කරන්ඩ ඔන් නෑ........මගෙ මායියගෙ අප්පා අරක්කු ගුබ්බෑයම් අස්සෙ රිංගනවා ....ඒත්...උඹලගෙ මහ එකාම අරක්කු රේන්ද කාරයෙක්........එතකොට අම්මන්ඩිගෙ කුලෙ කොහෙද තිබුනෙ ......උඹලා වීරසේකර ලා.....දැන් අගස්ති මාල දාල ඔසරි පටලවන් උන්නට....ඒක මතක තියාගනි අම්මන්ඩි ......

.ඇරත්....මං අටේ කෑල්ලෙදි මයෙ අප්පච්චිට කරුනු කාරනා බොහෝමයක් දිගෑරියා ඇසල මගෙ මැනිකෙ උනාට වරදක් නැය කියන්ඩ.....මං හිතනවා.....මයෙ අප්පච්චි ඔය සිරියහන් ගබඩාවෙ නහින වෙලෙක....නහින එක පැත්තක තියලා අම්මන්ඩිව තුරුල් පහදල දෙයිය කියලා ....එහෙමනෙ අප්පච්චි ම්ම්ම්ම්ම්ම්???

මං අම්මගෙ මුන දිහ බැලුවා...අම්මා මගෙ ඉන්ධර් හාමුගෙ මුන දිහා බලාගන උන්නෙ හරියටම අයියන්ඩි උඹ කවදාවත් එලි කරන්නෙ නෑය කියපුවා කොහොමද මෙහෙම පිටදාන්නෙ කියලා වෙනකොට මං අම්මා දිහා බලන් ඉදලා ඉදලා අවසානෙදි මහ එකී දිහා බැලුවා........ආන් බලාපියව්...ආන් බලාපියව්.....තම්මැට්ටම දැන් එලියට පනිනවා....හැට්ට කටුවලට කතා කරන්ඩ පුලුවන් නම් ඔවුන් අඩනවා

මයෙ පුතා....උඹලා දැන් ඔය කියන්ඩ හදන්නෙ......මේකව කටු ගාන්නෙ නෑය කියලා නම්.....හොදට මතක තියාගනිල්ලා ඉන්ධර්.....උඹලට උරුම..කිසිම දෙයක් දෙන්නෙ නෑය කියලා මතක තියාගත්තොත් හොදයි....

හහ්....මං හිතන්නෙ...මගෙ අම්මන්ඩිට අමතක වෙලා........උඹලට මතක නැතුව ඇති.........මේ වලව්වත් මගෙ බව.....මගෙ අප්පච්චිට උඹව බදින්ඩ අවසර දුන්නට...සීයා තාත්තා ......විමලසුරේන්ද්‍රන් හාමු...සම්පූරනම බූදලේම ලිව්වෙ මටයි.....සීයගෙ එකම මිනිබිරීටයි බව මතක නැතිව ඇති....උඹලා ඔය කවුරු කවුරුත් බුකිති විදින්නෙ.........කාගෙ දේවල්ද කියලා දන්නෙ නැත්තන්...ආන් අර මහ වලව්වෙ.....පෙට්ටගමෙ ඇති පත්තිරු....ගිහින් බලාපල්ලා......ම්ම්ම්ම්ම්ම්....මගෙ උරුමෙ මට උරුම උනේ අදක ඊයෙක නෙවෙ අම්මන්ඩ් ....නිස්කාරනේ වචන වියදම් නොකර දවල්බත  ලෑස්ති කරපන්.......

අදින් පස්සෙ මේ වලව්ව ඇතුලෙ..මගෙ කසාදෙ ගැන කියවිලි මෙතනින් අහවරයි....මන් මෙ උඹලට කියන්නෙ....මේ ඉන්නෙ මගෙ මැනිකෙ........ආය ආය මට උඹලගෙ ඉස්සරහා ලේ පුච්චගන්ඩ ඉඩ තියන්නෙ නැතිනම් මං මනාපයි..........අර මං නොකියපු දේවල්....අප්පච්චි ගෙන් අහගත්තා නම් මන් මනාපයි...කතාව මෙතනින් අහවරයි.........

මං මීක් නොකියා බලාගන උන්නා........ඉන්ධර් තව කියවනවා ...ඉවරයක් නෑ මහ එකීගෙ මූනට තිරිගු අහුරක් විසිකෙරුවොත් පොරි හැලියක් ගන්ඩ පුලුවන් වෙනකොට  ඒකි මාව ඇස් වලින් හමගහන ගමම් උන්නා වගේම කරුමෙට මේ මොකවත් ඉන්ධර්ගෙ උකුසු ඇස්වලින් වහන් කරන්ඩ බැරි උනා........

හ්ම්..හ්ම්...දැන් ඉතින් මයෙ අම්මන්ඩි ඔය තරම් මගෙ මැනික දිහා බලන් රවන්ඩ ඕන් නෑ....කතාව අහවරයිනෙ.......ආය මන් මේවා තේරුම් කරන්ඩ ඕනෙ නෑනෙ.....ආය ආය තව මැනිකෙලා ගැන කතා මේ වලව්වෙ සම්පූරනම තහනම් .....ඇසල කියන්නෙ මේ වලව්වෙ පොඩි මැනිකෙ......

ඇරත් ..මං මනාපයි......දැන් ඉතින් මගෙ වැඩ කටයුතු මගෙ මායියා අතින් වෙනවා නම්...උඹලට පුලුවන් අප්පච්චි දේවල් බලන් ඉන්ඩ........

ඒවගේම වෙන ගෙවල් වල වගේ....නැන්දම්මා ලේලි ලා වගේ බහින් බස් උනාට කාරි නෑ...ඔව්වා සාමාන්‍යයිනෙ.......හැබැයි මගෙ ඔලුව නොකා....තේරුනාද මගෙ ඇසල උඹටත්......උඹලගෙ රන්ඩු කුසියෙදි කරපල්ලා නිදි ඇදට ගේන්නෙ නැතුව ...ධර්මේන්ද්‍රන් හාමු....මං මනාපයි ඔය කාරනාව උඹලගෙ මායියටත් කිව්වා නම් බොහෝම වටිනවා.....

මං බිම බලාගත්තා ...මගෙ මූනත් එක්ක රතු උනා ...නැන්දම්ම ලේලි වලි ගැන කියනකොට අරකි ඒකිගෙ ඔසරිපට ගැසුවා ....උඹට ගසන්ඩ බැරි නම් ඕකෙන් එල්ලියන් මට රිදෙයිද බලන්ඩ......

මෙච්චර දේවල් කියලත් නාකියා නම් කටක් අරින්නෙ නැතිවෙන්න එකම හේතුව   පිට පරිප්පු හොද්ද ගැන එලිවෙයි කියලා වගේම මැනිකෙගෙ හුලන් බහින්ඩ එකම කාරනාව ඉරුගල්බන්ඩාර උරුමෙ ඇත්ත අයිතිය ගැන මගෙ ඉන්ධර් නොකියා කියාපු කාරනාව වෙද්දි මං බලාගන මහ තැන අම්මා දිහාත් සැරින් සැරේම බල බල අහක බලනවා.........

නන්දා ....දවල් බත ඇරපන් මේසෙට....ලොකු හාමුට බඩගිනි ඇති....ඔය අනිත් උන්ට නම් මගෙ මෙසෙ ඉඩ නෑ ඒක මතක තියාගනිල්ලා ...මහ හාමුට ඒකව පොඩි මැනිකෙ උනත්....මට ඒකා පොඩි මැනිකෙ නෙවෙ.....

කිව්වත් වගෙ නැන්දම්මා යුද්දෙ පටන් ගත්තා ....මගෙ මුන දිහා බලන් මට ඒ කෑම මේසෙ ඉඩ නෑ කිව්වත් එක්කම මන් ඉන්දර් දිහා බලලා කමක් නෑ බේබි හාමු කියන්ඩ හැදුවත් අද යකා ආරුඩ වෙලා උන්න බිබික්කමා මට පොලව පලන් යන්ඩ හිතෙන කතාවක් කිව්වා ...

නන්දා......දවල් බත එවාපන් කාමරේට ......ඇසල....ගිහින් නාගන කරගන ආවා නම්......මනාපයි දවල් බතෙන් පස්සෙ මයෙ මැනිකේ එක්ක බුදියගන්ඩ......මන් හිතනවා කාමරෙ දොර වැහුවට පස්සෙ අම්මන්ඩිට හදිසි උවමනාවන් එන්නෙ නැතිවෙයි කියලා ....එහෙම කියන්ඩ තියනවා නම් තේ වෙලාවට එලි බැස්සම කියන්නම්. ...

මන් අම්මා දිහා බැලුවා ...මාව නිකන් දිය උනා වගෙ......ඉන්ධර් කෙලිම්ම කිව්වෙ බුදියන්ඩ කියලා ....නිදියන්ඩවත් ඇහැ පියවන්ඩවත් නෙවෙ...කෙලිම්ම බුදියන්ඩ කියල වෙද්දි මහ එකීගෙ මූන බලන් ඉන්නකොට ඟෑව් වෙලා ගියා.......බයක් හැකක් නැතුවම ඉන්දර් මා එක්ක නිදිවදිනව කිව්වත් මන් උන්නෙම ඉටිපන්දමක් වෙලා වෙද්දි මට තත්පර ගානකට හොද සිහිය නැති උනා....

මැනිකෙ .......

........

ඇසල......

බ්බ්...බ්..බේ....

අපෙ මහත්තයා කියාපන්....වාහෙට මොකාද බේබි හාමු කියන්නෙ.... ..ම්ම්ම්ම්

...........ම්..මං....දැ....

මන් හිතන්නෙ මයෙ මැනිකට තේරුන් නෑ වගෙ.........මන් කිව්වෙ නා කියාගන ලෑස්තිවෙයන් කියලා ....හ්ම්......හ්ම්......යමල්ලා ඉතින්   . නන්දා බත් පත කාමරේට එව්වා නම්....

එහෙමයි....බේබි...හාමු.....

මන් හැප්පි හැප්පි  කාමරේට ආවා ...අම්මා වගෙම දොදොලියි පරිප්පුවයි එතන මගෙ දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නකොට මං  දියවුන ඉටිපන්දම වගේ කාමරේට ආවා විතරයි ඉන්ධර් ඇවිදින් දොර වැහුවා.....

මැනික....

අනේ ....බේබි..හාමු......මොනවද...ඒ කිව්වෙ.....

මයෙ අම්මට ලැජ්ජද ඉතින්  ..ම්ම්ම්ම්ම්ම්ම්ම්....මොකට ලැජ්ජා වෙන්ඩද ඉතින්    .අම්මන්ඩි හිතන් ඉන්නෙ මගෙ ඇහල මලට මාව සතුටු කරන්ඩ බෑ කියලා නම්...මට සිද්ද වෙනවා ලැජ්ජා නහර කපන් හරි කියන්ඩ......

හරි..නරකයි.......බේබි..හා..මු

ඔන්න ඉතින්....ආයමත් කිව්ව.....මේ චන්ඩ කොල්ලා......ආසාවට වත් කියාපන්කො රත්තරනේ ම්ම්ම්ම්ම්...

මන් ඉන්ධර්ගෙ පපුවට හිමීට පාරක් ගැහුවා  . ..කුසියෙදි උන්න ඉන්ධර් හාමුට මොනා උනාද හිතන්න බැරි තරමට එයා ආයම වෙනස් වෙද්දි අර මහමුහුද වගෙ ගැඹුරු ඇස් දෙක අස්සෙන් ආදරේ සුනාමි ගැහුවා  ....

මැනිකෙ මගෙ තුවාය දුන්නා නම්.....දාහයයි හරියට...

මගෙ නිකට චුට්ටක් මිරිකපු ඉන්ධර් හාමු මොකුත් නොවුන ගානට ඇදන් උන්න කමිසෙ ගලවන ගමන් මට පිටිපස්ස  හරවන් ඉදලා මම දුන්න තුවාය ඉනට පටලවන් ඇදන් උන්න සරම ගලවලා අතට අරගන පුටුවට දැම්මා.....

පලල් පිටයි ..පලල් පපුවයි....උකුල් ඇට වලින් පහලට ඇදපු සරම හන්දා පිරිමි ඇගට යන  වී අකුරෙ හැඩේ පාරවල් දෙකයි හයිය අත් ගොබයි දැකපු මට සාගරයක් තරන් ආදරයක් ලෝබ කමක් නැතුවම දෙන ඉන්ධර්ව දැකපු මට ලෝබ හිතුනා...මං ගිහින් පිටිපස්සෙන් තුරුල් උනා....

මැනික........ඇයි මේ ම්ම්ම්ම

චුට්ටක්..මෙහෙම ඉන්නද තෙහස්....

කව්ද ඉතින් උඹලට තහනම් කෙරුවෙ ම්ම්ම්...කෝ...වරෙල්ලා ඉස්සරහට........

පිටිපස්සෙන් තුරුල් උන මාව ඉස්සරගට ඇදලා ගත්තු ඉන්ධර් හාමු මාව එ පලල් පපුවට තෙරපගන්නකොට මං ඒ මූන දිහා බලාගන උන්නා...

.මගෙ ඇහල මල උඹ...කියාපන්....මොනවද හිතේ හන්ගන් ඉන්නෙ ම්ම්ම්ම්.....

මොකුත් නෑ....

මොකුත් නැති වෙන්ඩ බෑ.......මේ ඇස් නම් කියන්නෙ මයෙ අම්මට කියන්ඩ මොනවම හරි තියනවා කියලා ......

.......එහෙම නෑ.....

එහෙනම්....උඹ බයවෙලාද ඉන්නෙ...මේ පූටකෙ තියන වෙලෙ මං උඹව යට කරයි කියලා ..ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මැනික මනාපම්...නිදි වදිමු...අමනාපනම්....මං කිව්වා වගේම...ඉතින්....කෝපි මල් සුවදට යට වෙමු.......මැනිකගෙ ආසාව...මිසක්....මගෙ බලහත්කාර කමක් නෑ........

මට ලැජ්ජා හිතුනා...ඉන්ධර් මහ කපටියා...ඉනදර් හදන්නෙ රෑත්‍ දවල් දෙකේම යට වෙන්න මගෙ හිත නම්මන්ඩ වෙනකොට මං මුන රතු කරන් අහක බලාගත්තා .....

.

ඔන්න ඉතින් රතු උනා.......මැයි මල මගෙ....හ්ම්....කියාපල්ලකො...මක්කද මගෙ කොලු පැටියා ටැග් ගැහෙන කාරනාව......උඹලට බය වෙන්ඩ කාරි නෑ ඇසල..මං හිමින් හිමින් හැම දේම හරි ගස්සන්නම්......අදට ඔය කට පියෙව්වට අම්මන්ඩි උඹ එක්ක දැන් අර සාම්ප්‍රදායික නැන්දම්මා ලේලි වලි අල්ලාවි......ගනන් ගන්ඩ එපා.....මං උඹගෙ පැත්තෙ   ඇරත්...ඔය නැන්දම්මල ලේලිලා කොහෙත් කාකොටා ගන්නවානෙ මයෙ අම්මෙ ම්ම්ම්......ණය නොවී ඉදින් මගෙ ලමාතැනීට මන් ඉන්නවා ම්ම්ම්....

හ්ම්......

කියන්ඩ දෙයක් නැති නම් අත ඇරපල්ලකො නාගන එන්ඩ...පූටකෙ හන්දා හරි දාහයයි මැනිකෙ.......නාගන ආවා මයෙ අම්මව ඇති තරම් හුරතල් කරන්නම්...කෝ...දැන් අහකට වෙයල්ලා ඉතින් දග නොවී.....

මන් නෙවෙ අහක් උනේ....ඉන්ධර්ගෙ හැම වචනයක් අස්සෙම තිබුනෙ මනුස්සයෙක්ට උහුලන්ඩ බැරිව  මැරෙන්න  තරම් ආදරයක් වෙනකොට තත්පර ගානක් ඉදලා ඉදල මං ඇගිලි තුඩු වලින් ඉස්සිලා ඉන්ධරගෙ බෙල්ල ගාවට හාදුවක් තිබ්බා....

මැනික......

බේබි..හාමු....

හාදුවක් තියපු මං.....මගෙ ගොරෝසු අත් වලින්  ඉන්ධර් හාමුගෙ අත් දෙක අල්ලන් පිට අල්ලටත් හාදුවක් තියනකොට අනේ ඒ ඇස් හරි ආදරෙන් හිනා උනා......

හාමු කිව්වා වගේ....මේ සංසාර කන්නෙ කොයි තරම් දිගද කියන්න මම දන්නෙත් නෑ මගෙ තෙහස්.......හැබැයි....මං දන්නවා...ඒ සංසාර කන්නෙ අහවර වෙනකන්....උඹ මගෙ ගාව ඉන්නවයි කියලා ........මං ඉල්ලන්නෙ මෙච්චරයි මගෙ ඉන්ධර්......මේ සංසාර කන්නෙ අහවර වෙලා.....ඊලග සංසාර කන්නෙදිත්...මාවම පතපන් මගෙ හාමු....මාත්...උඹවම ඉල්ලන්නම්.....හැබැයි.....අමතක නොකර....එතකොට ඉල්ලපන් ..උඹගෙ ඇහල මලව...ගෑනු පරානයක් කරන්ඩය කියලා ...........ඒ සංසාර කන්නෙදි මං උඹගෙ ලේ වලට ලෝබ කමක් නැතුවම පන දෙන්නම් මගෙ ඉන්ධර් .........ඒ සංසාර  කන්නෙදි මං දුසිමක් හරි උඹගෙ නමින් වදන්නම් මගෙ මහත්තයා .......

මගෙ රන්කද උඹ...මං ඉල්ලන්නම්....ඊලග කන්නෙදිත්....උඹව මගෙම කරන්ඩ...මේ කන්නෙ බැරි උනත්...ඊලග කන්නෙ හත් මාල බැදල මයෙ අම්මව ගෙට ගන්ඩ පින් ලැබෙන්ඩ කියලා ........

මං ආදරෙයි තෙහස්.............

මාත්....ආදරෙයි ධනුද්දර !















🌼.............ආයම එනකන් පයිස්සමින් ඉන්ඩලා පුතුකියොනෙ.......

🌼සැලා එක්ක එන්නම්.....

ආතරෙයි රත්තරනේ.......උතුරන්ඩ...මේ කන්නෙ ව්තරක් නෙවෙ...ඊළඟ කන්නෙටත්!

මම

ජොබී

Nedeesha

Continue Reading

You'll Also Like

9.5K 832 21
ඉදහිට ඇවිත් යන්න නොදැක මට ඔබ පාලුයි...
1.9M 91.4K 57
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
628K 5.2K 23
လိင်နှစ်မျိုးပါတဲ့ဒွိလိင်ကောင်လေးကို မွေးစားထားသည့်အဖေနှင့်အစ်ကိုကြီးက စားသည့်ဇာတ်လမ်း သုံးကြိမ်မြောက်ပြန်တင်ချင်း အသက်မပြည့်သေးရင်မဖတ်ပါနဲ့ရှင် crd...
149K 20.8K 65
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?