නුඹ ඍතුවක්🌼🌼(✅...)

By DEESHAPONNAMPERUMAGE

448K 61.5K 32.3K

ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!.... More

01කොටස.....🌼
02 වන කොටස...🌼
03 වන කොටස🌼
04 වන කොටස🌼
05 වන කොටස🌼
06වන කොටස🌼
07 වන කොටස🌼
08වන කොටස🌼
09වන කොටස..🌼
10 වන කොටස..🌼
11වන කොටස🌼
12වන කොටස🌼
13 වන කොටස..🌼
14 වන කොටස..🌼
15 වනකොටස...🌼
16 වන කොටස...
17 වන කොටස.....🌼
18 වන කොටස.....🌼
19වන කොටස....🌼
20 වන කොටස...🌼
21 වන කොටස..🌼
22 වන කොටස...🌼
23 වන කොටස...🌼
24 වන කොටස....🌼
25 වන කොටස....🌼
26 වන කොටස....🌼
28වන කොටස....🌼
29 වන කොටස.....🌼
30 වනකොස...🌼
31 වන කොටස...🌼
32 වන කොටස...🌼
33වන කොටස...🌼
34වන කොටස.....🌼
35 වන කොටස......🌼
36 වන කොටස...🌼
37 වන කොටස....🌼
38 වන කොටස......🌼
39වන කොටස...🌼
40 ඍතුවක අවසානෙට....!🌼
හදපිරි ස්තූතිය ‼️

27 වන කොටස.....🌼

10.7K 1.4K 966
By DEESHAPONNAMPERUMAGE

ධර්මේන්ද්‍රන් හාමු යන්න ගියා.  යන්න ගියා කිව්වට...යන්නම ගියෙ නෑ....පොල් වත්ත වටේ ඇවිද ඇවිද ඒ අවට ඉන්න සත සීපාවට පවා බනින්න ගත්තා .....අල්පෝන්සුවට කුනු බැනුම් බැන්නා......ඒ බනින බැනිලි වලටද මන්දා අප්පුවගෙ කුදු උනෙ කොන්දෙ කුද්ද ගහින් අවසානෙදි ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙල උන්නා....

බේබි හාමු.....

ම්න්......මක්කද ඒ පාර....

ලොකු හාමු පිට කරන්නෙ...මගෙන් පිරිමහන්න බැරි තරහද මන්දා ...මගෙ හිතට බයයි හාමු....මහ මැනිකෙ දැනගත්තොතින්.....අනේ

බය නොවී ඉදපල්ලා....මං ඉන්නෙ මක්කටද් එතකොට ම්ම්ම්.....මං ඉන්නෙ උඹලව රකින්ඩ නෙවෙ නම්...මං ඔය තරම් ගම්බීරෙට ඕක කියන්නෙ නෑ අපෙ මැනිකෙ....

ඉන්ධර් මං බාගෙට බීලා තිබුන වෑවරේ අරගන බොනකොට මං එයාගෙ කමිසෙ පියවන් නොඋන්න බොත්තම් ටික පියවන්න ගත්තා ......පලල් පපුව ගාව හැමදාමත් තිබුනෙ මට වචනවලට පෙරලන්න අමාරුම නිවනක් වෙනකොට අනේ සත්තයි කාත් කවුරුත් නැතින්නම් මට  ඒ පපු මැදට හාදුවක් තියන්ඩ පුදුම පෙරේතකමක් ආවා...කාරි නෑ.....රෑ වෙන්න රෑ වෙන්න....මේ සර්වාංගෙ අයිති මටමනෙ.......

ආ ඉන්ධර් ....

අප්පච්චි .....

අරකා කී වංගියක් හොර කරලද?

අල්පෝන්සු ද.....

ඔව් ඔව්...ඒ කැනහිලා තමයි....මේකලාට මං විස්වාසවන්ත කමට කොච්චර රාජකාරි නම් බාර කෙරුවද........ඩැසිකට් ලොරි ගනන් ඕකාගෙ අතේ  යැව්වෙ........මට්‍ටා ලොරි ගනන්....ආය....දෙකක් නෑ..ඕකා අනිවාර්යයෙන්ම හැම එකෙම්ම මඩි ගැහුවා..........පඩත්තර හිකනලා.....

මං පැත්තකට උනා...ඉන්ධර් හාමුගෙ කමිසෙ බොත්තම් පිය විල්ල පැත්තකට දාපු මං  කරන්ට් වැදුන එකා වගේ මාරු වෙලා හාමුලා හාමුලාට කතා අරගන්ඩ ඉඩ දෙනකොට ඉන්ධර් එයාගෙ අතේ තිබුන වෑවරෙ මගෙ අතට දෙන ගමන් ඇස් වලින් " තව ඇතුලෙ තියනවා" කිව්වා...ඒක දැකපු මහ නාකියා ඇස් අකුලන් මා දිහා බලන් උන්නා....මං මක්ක කරන්නද ඉන්ධර්නෙ දුන්නෙ...මොකද උඹ තම්මැට්ටන් ගහනකොට අපිත් එනවද අපිටත් ගහන්ඩ දියන් කියාගන...නෑනෙ...මේක හරි මගුලක්නෙ.......

හෙට ඉදන් මෝල මන් කරන්නම්........

උඹලා කොරන්නෙ කොහොමද....වා සිටි යන්ඩයි    මෝල් අස්සෙ රිංගන්ඩයි දෙකක් කොහෙ කරන්ඩද මගෙ පුතා....ඇරත්.....අයියන්ඩිගෙන් බේරුමක් නෑ ඒකගෙ බූදලේ ආපිට පවරන්ඩ කියලා .....ඒකට ඔඅවරන්ඩ ඒකගෙ ඉඩම් කොහෙද අපි ගාව....ආ...අර පහෙ කෑල්ලම ඒකගෙ.......පහෙ කෑල්ල මේක වගෙ තව එකහමාරක් ලොකුයි......ඇරත් අර පහල නියර කෑල්ල එක්ක තියන කොටහ.......ඒක අප්පච්චි ඉන්න කාලෙමයි උඹලගෙ නමට හැරෙව්වෙ...කොටහක් උඹට..අනික් කොටහා ඒකගෙ කෙලීට.......අවසානෙදි ඒකා බයිරවයා වගේ කෙලීගෙ කොටහත් අරගත්තා .....ඒකා එ ටික දුන්නා නම්.....

අප්පච්චි .....මදැයි ඔය දෙඩෙව්වා.........මං ආය උගන්නඩ යන්නෙ නෑ.....

මං වෑවරේ තිබුන වතුර ඔක්කොම.බීලා දැම්මා....මේක දෙකට පැලුවා නම්....ලොදේ වත් කන්න තිබ්බා...ඒත් ලොදේට වඩා අර කහට හරිය රහයි......ඒත් ඉතින් දත් කහට බදින් නැති නම් හොදයි....

බිමට දාන්නත් ලෝබ කමේ ඒක කාගන්නත් පෙරේත කමේ උන්න මම ගෙඩිය බදාගනම බකන් ඉන්නකොට අපෙ මනුස්සයා උගන්නන්ඩ යන්නෙ නෑ කිව්වා විතරයි මාමන්ඩියගෙ දකුනු ඇටෙ පන පිටින් ගැලෙව්වා වගෙ උනා....

..යනෙනෙ නෑ .. අරමක්කටද....හහ්...උඹ මේ පොඩි බිසවව රකින්ඩ ඒ තනාන්තරත් අත ඇරියද .....උඹගෙ අම්මා බලන් ඉන්නෙ උඹ මහ තැන ගන්නකන්...බ්සව් රකින්ඩ ඕන නම් අර හත් කෝරලේ කෑල්ලෙන් හදපන් ගිහින් එක් ටැම්ගෙයක්.....එතකොට හරිනෙ...උඹ මේකට මේ විගහට වහ වැටුනද ඉන්ධර් ???

මොකක්..කුලපති කම........මට ඔව්වලින් වැඩක් නෑ.....අපෙ අප්පච්චි ..පවුලක් පන්සලක් උන එකේ මට ඕනෙ දැන් ගෙදර බින්න බහින්ඩ....තානාන්තර පස්සෙ දිව්වයි කියලා මට හම්බෙන ලබ්බ මොකක්ද....අම්මා හදන්නෙ මගෙ හම ගහල හරි මහන්තත්තෙන් ඉන්ඩ....මනාප නෑ ඔච්චර නහින්ඩ.....මට කියලා ජීවිතයක් නැතුවද......ඇරත්......මට තියන වස්තුව ළගින් ..මයෙ මැනිකෙ තිබ්බොත්...උඹ කිව්ව වගෙ මට මේකව එක්ටැම් ගෙදරක දාලා රකින්ඩ තරම් වටිනවා තමයි.......ඒතරම් වටිනවා මෙකව මට.....

අනේ බේබි හාමූ...ඔය මදැයි දෙයියනේ..මාව ඉතිරි කරපන්කො ඉන්ධර් .....මාව මැරෙන්න කවදා හරි උණගෙ ආදරෙ දරාගන්න බැරිව පපුව පැලිලා ඉන්ධර් ....මාව මැරෙන්නෙ උඹගෙ බර වචන උහුලලා.......

මං බෙබි හාමු දිහා බැලුවා..මහ හාමු කියන්නෙ මොකක්ද..ඒකට බයක් හැකක් නැතුවම උත්තර බදින ඉන්ධර්ගෙ ඇස් තිබුනෙ කලටි කන්න පෙරේත කමින් වෑවරයක් බදන් ඉන්න මගෙ දිහාවට වෙනකොට මං ඒ ඇස් දෙක දිහා බලන් ..අනේ හාමු ඔය මදැයි කිව්වා....

ඒකත් එහෙමද දැන්.....යසයි උඹගෙ කෙරුවාව...ඇයි බයද උඹගෙ ලමාතැනීව මොක්කු හරි කුදලන් යයි කියලා ??නැත්තන් .......උඹ හිතන්ඩ එපා ඉන්ධර් ..මහ මැනිකෙ මං වගේ ලේසියකට මේක කැමැත්ත දෙයි කියලා ..උඹ අපලෙ ගෙවුනම සදහටම තනිකව උන්නත්......සෙවිරත්නයෙක් එක්ක පවුල් කන්ඩ  නම් උඹට අම්මන්ඩි මැරෙනකන් ඉන්ඩ වෙනවා......

මං මගෙ කකුලෙ ඇගිලි දහයෙම්ම මහපොලව බදා ගත්තා......අනෙ  ඇයි ඉන්ධර් අපි ආදරේ කරන්න ගත්තෙ....කිව්වත් වගේ...මාව පුරුදු තැනම තියලා මගෙන් වහල් කම් කරගන අවසානෙදි එලි පත්තට දැම්මා නම් අහවරයි බේබි හාමු.....දරන්ඩ බැරි තරම් ආදරයක් දීලා අනේ උඹ මට මොකක්ද ඉන්ධර් මේ කරන්නෙ........

මං බිම බලාගත්තා ....ඒත්   ඉන්ධර් හාමුගෙ තියන මුරන්ඩු කමටම මගෙ නිකටින් අල්ලලා  මූන  කෙලින් කෙරුවා ....

මැනිකෙලා කවදාවත් මොන ගින්න ආවත් බිම බලන්නෙ නෑ ඇසල....කෙලින් බලපන්....ඉනට හවඩි නොබැන්දට.....ඔලුවට හවරි නොතිබ්බට...අගස්ති හත්මාල නොදැම්මට උඹ ඇවිදින් මගෙ මැනිකෙ බොල......වාහෙව පාතට නොදා කෙලින් බලපිය ..මාමන්ඩි උනා මොකද ......කෙලින් ඉදපිය....මයෙ මැනිකෙ උඹ මිසක් අහවල් ගෑනුද?

ඉ..ඉන්ධර්....හ්..හාමු.....

මං ධර්මේන්ද්‍රන් හාමු දිහා  බලලා හරි අමාරුවෙන් ඉන්ධර්ට කතා කරද්දි  අත් දෙක පස්සට බැදන් උන්න මටත් දෙස් තිබ්බ   ඉන්ධර් ආයම උගුර පෑදුවා....

මයෙ අප්පච්චිට තිබ්බ බයම තමා මටත් තියෙන්නෙ.....පිට චීත්ත පටවල් දැකලා දැකලා මහ මැනිකෙත් මදි හන්දනෙ පිට හොදි ගිලින්ඩ දුවන්නෙ ...පිට උන්නොත් මගෙ හිතත් උඹගෙ වගේ දඩාවතේ ගිහින් මගෙ මැනිකෙට අසාදාරනයක් වෙයි කියලයි මටත් බය .....එක පාරක් ඔබපු මල්ලෙ රහ දන්න පිරිමි හැමදාම සිද්දාර්තලා උනෙ නෑ අප්පච්චි ..එහෙම උනා  නම්......උඹ මහ මැනිකෙගෙන් පිට යන්නෙ නෑනෙ.....ම්ම්ම්..හැබැයි ඉතින් මෙහෙමයි ...උඹට ජාතක උනාට...මට එහෙම චපල පපු කැහුත්තක් නැති බව උඩ ඉන්න දෙයියො පවා දන්නවා...ඒකට උඩ  ඉන්න  තිස්තුන් කෝටියම දිවුරුම් දේවි...මොකද....පනහකටත් කිට්ටු වෙන්ඩ එනකන්.......සන්නි නටන්න නොගියපු මං  ....දැන් ඉතින් කොහොමත් යන්නෙ නෑ.......

ම්ම්ම්ම්ම්.....ඇරත් උඹ දිව්වෙත් වතු පිටි පස්සෙ..සල්ලි පස්සෙ......ගෙදර මැනිකෙව දකින්නෙ අවාරෙට.......හදි ගැහුනෙම අනුන්ගෙ ගෑනු එක්ක......මට මේ කෙරුවාව ඇති මදැයි දැන් පනහකුත් ලබන්ඩ ලන් වෙනවා...දැන් ඇති ඔය නැහුනා........මෙච්චර කල් ගිහින් ගෙනාව මැනිකෙව මට රකින්ඩ ඕනෙ උඹගෙන් කෙසේ වෙතත්   අම්මන්ඩිගෙන්    ..........අනික ....උඹලට පරහට හිටින්ඩ එකම කාරනාව ඒකගෙ පෙලපතයි...මං නමින් වදන්ඩ බැරි කමයි නම්....ඉරුගල්බන්ඩාර ලාගෙ ළමයි නැති එකම හාමු මං නෙවෙනෙ අපෙ අප්පච්චි .....ම්ම්ම්....ඉරුගල්බන්ඩාරලාගෙ...බඩ නොවුන එකම මැනිකෙ මගෙ මැනිකෙ විතරක් නෙවෙනෙ අප්පච්චි ........

ඉන්ධර්

අප්පච්චි .......!මං කියන්නෙ ඇත්ත......උඹලා ඇවිත් සීයගෙ දෙවනි කසාදෙ උන්...පාත දුම්බරින් ගෙනාව මැනිකෙ වදාපු උන්....නුවරින් වඩම්මපු ලොකු කුමාරි හාමිට පුලුවන් උනාද සීයාගෙ නමින් පැටව් ගහන්ඩ...ඒ අම්මන්ඩි කෙරුවෙ  පොඩි කුමාරිගෙ කැඩෙන වලලු දිහා බල බල හූල්ලපු එක...සීයා පොඩි කුමාරිහාමිගෙ කාමරේ ඉදන් හති දාන එක අහන් හූල්ලපු එම
ක.......එහෙව් එකේ...මයෙ මැනිකෙට වදාගන්ඩ  බැරි උනාම මක්ක වෙනවද කිව්වා නම්....!!මට ඒක කාරියක් නෑය කියලා කියනවනම්...ආය මොනාද කිව්වානම්!

අනෙ දෙයියනෙ....ඉන්ධර්..අනේ ඉන්ධර්...දැන් ඔය ඇති මගෙ බේබි හාමු...අනේ...ඇති........උඹලා කා කොටා ගන්නෙ කොහෙවත් නැති ඉදුලෙක් හන්දනෙ ඉන්දර්.........

මගෙ යටි හිත ඉන්ධර්ව නවත්තන්න හදනවා.....ඒත් ඉන්ධර් නෙවෙ නවත්තන්නෙ...පලල් පපුව පුම්බගන කේසර සිංහයෙක් ආරුඪ කරන් ඉන්ධර් කරන්නෙ මාව මහ හාමුගෙ වචනවලින් ගලවන්න හදන එක වෙද්දි මන් හුස්ම අල්ලන් අහන් උන්නා...මොකද ..මට අහන් ඉන්න එක විතරක් උරුම හන්දා....

ඇරත්....මයෙ අප්පච්චි කියනවා මයෙ මැනිකෙ සෙනවිරත්න කියලා ......ඒක පහත් නෑ...හැබැයි..මේකගෙ අප්පා බෙබද්ද හන්දා ඒකව පහත් උනා...එහෙමයි කියලා ...මේකගෙ අප්ප විතරනෙ සෙනවිරත්න ......ඒක් උඹලා හොදාකාරවම දන්නවා.......එහෙම නේ ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

ඉන්ධර් .......!

ධර්මේන්ද්‍රන් මහ හාමු....මං මේ කතා කරන්නෙ උඹලගෙ පුතන්ඩියා විදිහට නෙවෙ..මයෙ මැනිකෙගෙ වාහෙ විදිහට කියලා හිතලා බැලුවොත් ......මහ අම්මන්ඩිත් ඉරුගල්බන්ඩාර නම ගත්තා වගෙ..මට බැරි කමක් නෑනෙ මගෙ එකාට මගෙ නම දෙන්ඩ.....අම්මන්ඩි පාත රට උන්ට අද දෙහි කැපුවට මොකද.....අම්මන්ඩිත් පාත රට මැනිකෙක්නෙ.......වීරසේකර නෙ........අනිත් කාරනාව...උඹලටත් දරු සම්පත ගැන ඔච්චර කැක්කුම් නම්...කෝ මට කියලා තව නංගිලා මල්ලිලා ඉන්ඩ ගියානෙ......ඔව්..මට අමතක උනා....මහ මැනිකෙ සරු මදිනෙ...ඒකනෙ උඹලා ඔය අහු මුලු ගානෙ ජාතක කර කර දුවන්නෙ....

ඉන්ධර් නවත්තපන්.....

නවත්තන්ඩ කලින් අහන් ඉදින් මයෙ අප්පච්චි ..උඹ මට තහංචි පටව පටව ඉදින්...ඔය උඹ තැන් තැන්වල වදාපු උන් කර දඩු කෙඉන් කරනාව දාට....උඹට උන්ට බෙදන්ඩ ඉරුගල්බන්ඩාර වලව්වත් වෙන්දේසි දාන්ඩ වේවී..ඒක මතක තියන් ඉන්නව නම් මං බොහෝම මනාපයි...උඹලා ඕන දෙයක් කරපන්..මගෙ උරුමෙ මට තියපන්...මගෙන් පස්සෙ ඒවා.මේ වලව්වෙ පොඩි මැනිකෙට!මයෙ ඇසලට!!!

මම මීක් නොගා අහන් උන්නා....ඉන්ධර්ගෙ කටහඩ හතර දිග් බාගෙට නොගියත්....මහ හාමුවගෙ කන් බෙර නම් පලන්ඩ ඇති......
මගෙ ගාව උන්න ලොකු හාමු ඇනුම් පදේකට අරන්ද කොහෙදෝ මට ලමා තැනි පොඩි බිසව කියනකොට ඒ තරහව පිරිමහන්න බේබි හාමුත් සැරින් සැරේම  මහ නාකියට ඇනුම් පද කිව්වා...දොදොලිව දකින්නෙ අවාරෙට වගේ කියාපු ඉන්ධර්ම පිට ගෑනු හදි ගැහුනා කියන එක හරි බරේට කියනකොට නාකියගෙ මූන  බලාගන ඉන්නකොට ඇකිලිලා ගියා......ඒ විතරක්ද ඒකගෙ දරු සම්පත කොයි වෙලෙ හරි උරුමෙ ඉල්ලන් ඒවි කියනකොට ඒකගෙ පපු කැහුතු එලියට එන්ඩ හැදුවා......

මේකත් හොද අංගම්පොර කාරයද කොහෙද ජාතක කරන්ඩ කියලා දොදොල් පත්ත බස්සපු ගෑනියෙක් නැතිතරම්ද කොහෙද ...ඔය පේනවනෙ මගෙ මිනිහා ඔය කියන්නෙ......

ඊටත් හපන් මෙච්චර මේ කාගන්නවා......

ඒ අස්සෙන් මගෙ නාකි මනමාල මාමන්ඩියා කියනවා දොදොලාවති බලන් උන්නෙ කුලපති වෙනකන්ලු..... ඒක බලපල්ලකො...උප කුලපති කම කිව්වා නම් ඉවසන්ඩ පුලුවන් ...කෙලිම්ම පේරෙ අයිතිකාරයා.....මේකට එසේමෙසේ මාන්නයක් නෙවෙ තියෙන්නෙ...ඔය අල්ලපනල්ලෙ...මගෙ නාකි මාමන්ඩියට කර කියා ගන්ඩ දෙයක් නැතුව පිට පරිප්පු හට්ටි  අත ඇරගන්න බැරි කමට මට කැමැත්ත දුන්නා කියලා දන්නව නම්....දොදොලාවති  මාව තම්මැට්ටමෙන් යටකරලා මරනවා......

චූර්න බිබී ඩක්කු පදින දොදොලව එක පාරින් නිවන් අරිනවා.........

උඹලගෙ මනාපයක්.......නාකි මට උඹලා එක්ක හෙට්ටුවෙන්ඩ හයිය නෑ ඉන්ධර්.....මෝල් කෙරුවාවට දැන් උඹගෙ අග බිසව අත ගහනවා.....කියලා දැන ගත්තොත් අපෙ මැනිකෙ ඩෙගා නටාවි....

පෙනේද දොදොලගෙ බොරුව...ඒකට හෙට්ටු වෙන්න  හයිය නෑලු....ඒකගෙ හයිය තරම බලන්ඩ තිබ්බා මේකගෙ දොදොල් පත්ත මොට්ට වෙලා තියන හැටි බැලුවා නම්.....ඕන දෙයක් කියන්නෙ...මගෙ ඉන්ධර් මාව අතාරිනවද.....රැ අහසට හද පෑව්වෙ නැති උනෝතින් තොයිල් නටලා හරි හද ගෙන්නඩ ඩෙගා නටන මිනිහෙක් මට ඉන්නෙ.........

මං හුස්මක් ගත්තා ......වට පරිප්පු කාලා අහු උන දොදොලෙ හමුව දැන් කතාව වෙන පැත්තකට හරවනකොට මගෙ ඉන්ධර්ට ඒවටත් දෙන්න උත්තර තිබුනා.....

අරමොකටද.....?ලියන පට්ටම ගත්ත කියලා මොකො මෝලෙ ආදායම මයෙ මැනිකෙගෙ පොතට යනවද.....එතකොට උඹලා වගේ වගක් නැතුව උන්ගෙ තිබුන නූල්පටෙ ඉදන් උදුරගත්තෙ.........ඒවා...ඒවා හොදද?

මං කියන්නෙ උඹලගෙ අම්මණ්ඩිගෙ හැටි ඉන්ධර්......

ම්න්......මං බලාගන්නම්කො ඒක...මොකද උඹලා මෙව්වා යන තැනකට පොදි ගහන් යනවද නෑනෙ...ලෝබ නැතුව මගෙ උරුමෙ මට දීලා පැත්තකට උනා නම් මනාපයි........මට හයිය තියනවා ඔව්ව කරන් යන්ඩ...උඹලට පුලුවන් දැන් බනක් බාවනාවක් කරන් පාඩුවෙ පැත්තකට වෙන්ඩ.....

අවසානෙදි ධර්මේන්ද්‍රන් හාමු යන්න ගියා...යන්න ගියා කියන්නෙ..මුලු අටේ කෑල්ලටම එයාවයි මාවයි විතරක් ඉතිරි කරල යන්න ගියා........මං එහෙම්ම ඉන්ධර් දිහාවට හැරුනා....

පෙනේද    පොල්බිබික්කමත් ලේසි නෑ.......වෙන උන් නම් මට ඉඩ කඩන් ඕන් නැ කියනවා...ඒත් මේකා.....මේකා ඒවා ඕනෙමයි කිව්වා..මං කිව්වෙ...මං.කිව්වෙ බිබික්කමාව ජාතක කරලා  තියෙන්නෙ පොල් ගස් යට ඉදන් කියලා ....අනෙ අම්මෙ....පොල්.මලුත් අතට දෙන්ඩ ඇති හම්බුන හමන්...ඇරත් බිබික්කමාගෙ පලවෙනි වචනෙත් අම්මා නෙවෙද කව්ද දන්නෙ....

අම්මා කියනවා වෙනුවට පොල් කියලා කිව්වද කව්ද දන්නෙ........වෙන්න ඇති...අකුරු කියවන වෙලෙත් මේකා මුලිම්ම ලියන්න ඇත්තෙ පොල් කියලා .....     

මයෙ මැනික මක්කද ඔය බීපු වැවරෙ බදාගන කරන්නෙ ම්ම්ම්.....

මං හිනා උනා........මට මග ඇඑඋන බොත්තම් දෙක තුන තවමත් එහෙම්ම වෙනකොට වෑවරෙ බදාගන උන්න මගෙ දිහාවට හැරිලා ඉන්ධර් මගෙන් අහනව ඇයි වෑවරෙ බදාගන කියලා .....

මොකුත්....නෑ..බේබි...හාමු.....

මොකුත් නැතුව නෙවෙ....දන්නවා...උඹලට ලොද කන්න දොලදුක හැදිලා කියලා ...කෝ දියන් ඉතින් ඕක....තුරුල් කරන් උන්නම මං දන්නවද ම්ම්ම්ම්ම්ම් කෝ දියල්ලා....ඒකත් තුරුල් කරන් ඉන්න හුරතලේ මයෙ අම්මගෙ.....

ඉන්ධර් මගෙ අතේ තිබුන වෑවරෙ අතට අරගත්තා .......මුලු අටේ කෑල්ලම පාලුවට ගියා.....වෙලාවට කලාවට කලියෙන් පඩි ගත්තු ලියන මහත්තයා යන්ඩ ගියෙ දෙපත් නයෙක් ගානට වෙනකොට ලැජ්ජාව කියන දේ බෙදන වෙලෙත් අනුන්ට පද හද හද  උන්න අප්පුවා නම් අඥෙ හාමු...පඥේ හාමු ගගා අල්පෝන්සුවා ව පව දිදි අවසානෙදි කරත්තෙක නැගලා යන්න ගියා ....

ම්ම්ම්..ඉදල්ලා.......ආසාවනෙ ඉතින් නොදරුවා මගෙ.........කියන්නෙ නැතුව මක්කට ටැග් ගැහෙනවද ම්ම්ම්......

මං දෙබෑ කරපු වෑවරෙ අත් දෙකෙම්ම ගත්තා.........අනේ ඉතින් ඒකට ඒකෙම්ම හැන්දකුත් කපලා.........

පූටකෙ උනත් මොකද    ......ගහ කොල හන්දා  එන හුලග නම්....ඩිංගිත්තක් ගහක් යටින් ඇහැ පියාගන්ඩ කියාපු හුලගක්.........

මං උන්නෙ මොකාද වගේ වෑවර ගිලින ගමන් අත් දෙක පිටිපස්සට බැදන් උන්න ඉන්ධර් නමක් නොදන්න මහා රුඉස්ස ගහ යටට ගිහින් ඇදන් උන්න කම්සේ ආපිට ගලවන් ඒක උරහෙට දාගන වට පිට බලලා ආයම කාර් එක ගාවට ගියා.......

අපෙ මැනිකෙ මෙහෙට ආවා නම්.....

ඒ ඉන්ධර් .......ආයම පාරක් රූස්ස ගහ යටට ගිහින් උන්න ඉන්ධර් මට කතා කරනකොට වෑවර ලෙල්ලෙම්ම කපාගත්තු හැන්දට මස් තියන හරියෙන් ලොද සූරගත්තු මං ඉන්ධර් ලගට ගිහින් හැන්ද දික් කෙරුවා .....

බේබි හාමු........මේන්....

ම්ම්ම්......

මනාපද......

කවාපන් ඉතින් ...උඹල දෙන ඇල්වතුර කෝප්පෙ පවා ආසාවෙන් බොන මගෙන් මක්කටද මනාපද අහන්නෙ ම්ම්ම්ම්......

මං හිනා උනා.....මං කවාපු වෑවර ලොදේ ලටේ ඔබාගත්තු ඉන්ධර් හාමු  හරි පර්ස්සමට මගෙ මූන අත ගාලා ලාවට හිනා උනා.....

මයෙ අම්මා වේදනාවෙන්ද.......

ඒ...ඇයි...හාමු....

උදේ තරහ පිරිමැහුවට......ම්ම්ම්

අනේ...නෑ..හාමු....මට...පුරුදුයි.....ඒත්....

ඒත්....ඒත් කියන්නෙ මොනවද.......කියාපන්...මයෙ ඇහල මලගෙ හිත රිදුනද......

මං බිම බලාගත්තා ....ඇත්තටම මට දුක හිතුනා...ඒක ආයම වහන් කරන්න දෙයක් තිබුන් නැති වෙනකොට මං වෑවරේ අතේ  තියන්ම හාමු දිහා බලන් උන්නා....

මක්කද ඔය ඇස් දෙක මගෙන් ඉල්ලන්නෙ...ම්ම්....වරෙල්ලා ඉතින්......මොකාද  වගේ ඒකත් බදාගන...ඒකත් ඕනා උඹට වාහෙත් ඕනා....හ්ම්ම්..හ්ම්...වරෙන් ඉතින්...ඔය දෙක කියන්නෙ මයෙ මැනිකව තුරුලට ගන්න කියලනෙ..........වරෙන් ඉතින්..........

..ඇත්ත...මට ඉන්ධර්ට තුරුල් වෙන්න ඕනා උනා.....මට මගෙ ඉන්ධර්ගෙ පිරුනු පපුවට තුරුල් වෙන්න ඕනා උනා...වෙන මොකටවත් නෙවෙ..මීට විනාඩි ගානකට කලියෙන් මේ අටෙ කෑල්ලෙ...ඉරුගල්බන්ඩාර හාමුලා බහෙන් බස් උන හැටි මතක් වෙලා බය හිතුන මට ඉන්දර්ට තුරුලු වෙන්න ඕනා උනා අනේ ඉන්ධර් මට බයයිනෙ කියන්න ඕනාඋනා...........

මයෙ ඇහල මල උඹ....දන්නවා..මයෙ අම්මා බයෙන් ඉන්නෙ කියලා ....බය වෙන්ඩ කාරි නෑ මයෙ ඇසල.....උඹගෙ බේබි හාමු...ආවට ගියාට වචන එලියට දන්නෙ නෑ ම්ම්ම්ම්..........ධර්මේන්ද්‍රන් හාමුව නම්මන වචනත් උඹගෙ වාහෙ ගාව තිබුන එකේ...... වලව්වෙ  මහ තැනගෙ කටින් උඹට පොඩි මැනිකෙ කියවන්ඩ පුලුවන් තුරුම්පුත් මගෙ ගාව නැතුව නෙවෙ ....ම්ම්ම්ම්

ඉන්ධර් ...හාමු ....

සිරි සිරියෙ එන හුලන් රැල්ල ඇගට ගෙනාව සනීපෙ එක්ක ඉන්ධර් ගෙ අත් වලට හිරවෙලා ඒ උනුහුමට තුරුල් වෙලා උන්න මං එහෙම මගෙ මුන උස්සලා ඒ මූන දිහා බැලුවා........මොකද ..ඒ වචන අස්සෙ මං නොදන්න හුගාක් දේවල් තියන බව මගෙ යටි හිත මට බල කර කරම කියනකොට මම නොදන්න හාමු දන්න තුරුම්පු මොනවද අහන්න මූන උස්සපු මා දිහා ඉන්ධර් බලාගන උන්නා......

කුරුලු පැංචෙක් වගේ.......

.............

බලාපන්කො ඉතින් මේ ඇස් වල තියන අහිංසක පාට........

මයෙ ඇහල මල........මං උඹට හරි ආදරෙයි මැනික.........නිස්කාරනේ බය නොවී ඉදහන්...තේරුනාද මං හැමදාම කියනවනෙ....උඹ මගෙ හඳ කියලා ...ම්ම්ම්.....කවියෙක්ගෙන් කවදාවත් හඳකට අවැඩක් උන් නෑනෙ මයෙ රත්තරනෙ...ම්ම්ම්ම්ම්ම් මක්කටද ඉතින් මේ පපුකඳ  උස්ස උස්ස ගැහෙන්නෙ ම්ම්ම්ම්.........මනාපද ගහ යටින් ඩිංගිතක් දිගාවෙන්ඩ........

මගෙ ඇස් පියවුනා....

මාව තුරුල් කරන් උන්න ඉන්ධර් හාමුගෙ ආදරේ පිරුන වචන අතර මැද තිබුන හාදු එක මගෙ ඇස් සමහර තැන් වලදි පියවුනා........අනේ ඒ හාදු ඒ තරම්ම ආදරනීයයි......

ඒ හාදු ඒ තරම්ම බරයි  .....

හිස් මුදුනට...නලලට තියාපු හදු කියන්නෙම ආදරේ බර උහුලනම හාදු වෙනකොට කතා කරන අතර මැද ආදරේ වැඩිවෙන නැවතුම් ගාවදි කෙරුවෙ ඉන්ධර් දැන් මගෙන් නාහම හාදු තියාපු එක.....

රෝස පාට වෙලා.....

මං එයාව මිරිකගත්තා .....උඩු තොල උඩ කොටු හැඩේට තියන සිනිදු මහපට ඇගිල්ල හරි ප්‍රවේසමට තියාපු බේබි හාමු මටත් නෑහෙන            ගානට රෝස පාට වෙලා කියනවත් එක්කම අර උගුරු  ගැටෙ ඉහල පහල ගියා .....

බ්...බේබි....හා..මු....

ම්ම්ම්....උඩු තොලට විතරක් හාදුවක් තියන්නද ම්ම්ම්ම්.....ඒත්  ...අද පායන රෑ ගැන මතක් උනහම ....එක හාදුවක් උනත් වියදම් කරන්න මට ලෝභයි මයෙ ඇසල .......අපරාදෙ කෝපි මල සුවද....ඒත්......මට උඹ හිතහදාගන ඇස් දෙක අහක් කරගන්ඩ දෙන්නෙත් නෑ......පෙනේද........මැනිකව.දැනටමත් ගැහෙන්න අරගන..........

හාමු කියනවා අද රෑ ගැන මතක් උනහම එක හාඩුවක් උනත් වියදම් කරන්න ලෝබයි කියලා ...අනේ හාමු උඹ එහෙන් එහෙම කියනවා..ගිලි තුඩු වලින් ඉස්සීගන පපුවය තෙරපීගන ඉන්න මට උඹගෙ වචන හන්දා එක හාදුවකින් නම් නවතින්ඩ බැහැයි හිතෙනවා......

අනේ ඉන්ධර් උඹ මිනිස්සුන්ට පවු පුරවනවා!

කාරි නැ...මේ හතර දිග් බාගෙටම ඉන්නෙ උඹයි මායි විතරයි .......මැනිකගෙ ඇස් මහ අකීකරු වෙලා.....මුව පැටියෙක් වගේ  කොච්චරවාත් ගැහෙන ඇස් අද චන්ඩ වෙලා.......මක්කද කියන්නෙ....ඉතින් කට ඇරලා කියාපන් මයෙ රන් කඳ.......කෝපි මල් සුවද යට වියදම් කරන්ඩ තියන හාදුවක් ..මෙතනම වියදම් කරමුද අහනකොට වචන හන්දම  ඉහිලුම් නැතිව ගියපු මන් ඉන්ධර්ගෙ අර ඉහල පහල යන උගුරු ගැටේ උඩම උනුසුම් හාදුවක් තියලා ලැජ්ජාවටම මූන හංගගත්තා ......අනේ දෙයියනෙ මං මොන මගුලටද ඉක්මන් උනේ....

..මැනික..........

..............

ඇයි ඉතින් මේ.....

...........

චන්ඩ කම් කරලා මුනත් වහන් කර ගන්නවා...කෝ ඉතින්...බලාපල්ලකො ම්ම්ම්ම්.......

අනේ...ඉන්...ධර්...

ම්ම්...ලැජ්ජද......මක්කටද ලැජ්ජා වෙන්නෙ මං උඹගෙනෙ ම්ම්ම්.......

මං තවත් මගෙ මූන හංග ගත්තා.....අනේ  මට ලැජ්ජයි දෙයියනෙ..මං මොකටද ඉක්මන් උනේ........මං තවත් මුන හැංගුවා....මට හැංගෙන්න ඉන්ධර්ගෙ පපුව ඉඩ මදි උනා...........ඒත් මගෙ ඉන්ධර්ගෙන් බේරුමක් නැති උනා....එයා මගෙ මගෙ මුන එයාගෙ පැත්තට හරව ගත්තා...    ..

ඇයි ඉතින් මේ...ම්ම්ම්......ඔය තරම්ම  ලැජ්ජා වෙන්නෙ ඇයි ...මේ...පේනවද.....මූනත් එක්ක රතු වෙලා.....මගෙ ඇහල මල උඹ......
මගෙ රන්කද උඹ....ඇබිත්තන් හාදුවක් තියලා මැනිකව අතාරින්නම්....නැත්තන්  ඉතින් මෙතනම ඔක්කොම වියදම් කරපුවාම මටම නෙ ලෝභ....කෝ ඉතින්..ලන් වෙයන්....තවත් හැංගෙනවා මගෙ හුරතලෙ.......

මං ඉන්ධර් දිහා ඇස් පිල්ලමක් වත් නොගහා බලාගන උන්නා...මෙච්චර වෙලාම මාව අත් දෙකෙම්ම තුරුල් කරන් උන්න ඉන්ධර් එක අතකින් මාව චුට්ටක් උස්ස ගත්තා .........ආදරේ පිරුන ඇස්  දිහා මං උන්නෙ හරි ලෝබ කමින් බලාගන වෙනකොට ඒ එක්කම මගෙ  මූන ඒ උඩු රැවුලෙන් වහගත්තා.......

ආදරේ වෑස්සෙන හාදුවක් ඇවිදින් මගෙ උඩු තොලම වහගන්නකොට යටි තොල හරි ඊරිසියාවෙන් බලාගන උන්නා...අච්චර ලස්සන රැයක් තියනකොට හැම හාදුවම මෙතන වියදම් කරන්න බෑය කියපු මගෙ ඉන්ධර් කෙරුවෙ මාව නොමරා මරපු එක.......මට බලාපොරොත්තු දිදී නැතිකරපු එක.......අවසානෙදි ඉන්ධර් ගෙ ආදරෙ උපරීමෙටම විදපු උඩු තොල විතරක් හරි සතුටින් ඒ උනුසුමෙන් ඈත් වෙනකොට මෙච්චර වෙලාම මාව  උස්සගන වගේ උන්න ඉන්ධර් හිමින් සීරුවෙ බිමින් තිබ්බා   ......



මෙතනින් මොකක්ද මැනිකට කියවන්න ඕන......

මේක....

ලොවීනද?

ම්ම්ම්....ඔව්......

මෝරපු ඉර  එලිය අහිතක් නැතිවම  පූටකෙ එවනකොට අටේ කෑල්ලටම තිබුන හැම ගහකොලක්ම එන් එන හුලන් පාරත් එක්ක නැලවීගන ගියා...පහල තිබුන කොල ගහන ගොයමෙ ළපටි කරල් හරි උජාරුවට නිල් අහස දිහා බලාගන උන්නෙ කවදාවත් උන් වයසට ගිහින් කොදු කඩාගන දෙකට නැවෙන උන් නෙවෙ ගානට වෙනකොට ළපටි ඇටවල රස බලන්න ආව මාල ගිරවියක් කාටදෝ මන්දා බැන බැන ඉගිලීගන් අයන්න ගියා......

ලස්සනයි   අටේ කෑල්ල කියන්නෙම  තනිකරම හුස්ම ගන්න චිත්‍රයක් ......නියර පුරාවටම ඉන්න්න් කොක් හාමිලා තනි කකුලෙන් හිටගන් කොච්චර තපස් රැක්කත් ඇහැට නොපෙනන තිත්ත පැටියෙක් ගාව උන්ගෙ හැම තපසම බිදිලා යනකොට යන්ඩ එන්ඩ තැනක් නැතුවද්ස් කොහෙදෝ පිලිහුඩුවෙක් බොරු උපාසක කම් කරන කොක්කු දිහා බලාගන උන්නා........

නිල්ම නිල් අහසෙ වලාකුලක් වත් නැතිව පාලුවට ගිහින් තියනකොට මගෙ ඉන්ධර් උන්නෙ අර නමක් නොදන්න හුස්ම ගන්න මහා රූස්ස ගහට පිට දීගන වෙනකොට  මම උන්නෙ ඉන්ධර්ගෙ කකුල් මැද ඉදගන  ඒ පපුවට හේත්තු වේගන.....

ඉතින් එහෙම බැලුවම මේක හුස්ම ගන්න  විතරක් නෙවෙ..ආදරේ ඉතිරෙන චිත්‍රයක් නෙවෙද.....??

මං ඉන්ධර්ගෙ අතේ තිබුන අලුත්ම පොත් දෙක දිහා බැලුවා...එකක්..මාගම්සෝලිය ..අනික...ලොවීනා..........

ඉදල්ලා.....

බේබි..හාමු.....

දන්නවද මගෙ ඇසල......පොතක් කියවනවා කියන්නෙ.....අකුරු කියවන එකම නෙවෙ...පොතක් අතට ගත්තම...මුලිම්ම කරන්ඩ ඕනෙම ඒකෙ පුසුඹ විදින එක......පොතක හදවත ගැහෙන හඩට කන් තියන එක........

මයෙ අම්මා දන්නවද .. පොත්වලත් නාඩි වැටෙන බව....ම්ම්ම්ම්........පොත් වලටත් නාඩි වැටෙනවා...නැත්තන් කොහොමද පන ගහන චරිත ගොඩක් මේ පිටු අස්සෙ හංගන් ඉන්නෙ.....

ඒ පපුවට හේත්තු වෙලා උන්න මට ඉන්ධර් ලොවීනගෙ සුවද බලන්න දුන්නා.....අලුත් සුවදයි......ඇත්තටම ....මේ පොත් වල සුවද කියන්නෙම කතාව කියවන්නත් කලියෙන් මිනිස්සුන්ව මුලා කරන සුවදක් වෙනකොට මගෙ ඉන්ධර් මට පොත තුරුල් කරන් නාඩි වැටෙන හැටි බලන්ඩ කිව්වා.....

ඇත්ත.....පොත්වලට නාඩි වැටෙනවා.......ඇත්ත...පොත් පන ගහනවා.....පොත්වල හදවත ඇහෙනවා............

මයෙ මැනික දන්නවද...පොතක් කියන්නෙම.....විශ්ව ගම්මානයක් ....පොතක් ලියන්ඩ ඕනෙ අකුරු අකුරු විතරක් උනාට...කියවන උඹට මට ලෝකයක් මවන්ඩ නම්.....ලියන මනුස්සයා මැනික ...සන්නි දහට අටම නටන්ඩ ඕනා.....

පොතක් කියන්නෙම යුද්දයක් .......රජකාලෙදි යුද්දයක් දිනන්ඩ නම්......ඇත්...අස්....පාබල සේනාවක්ම ඉන්ඩ ඕනා  ආන් වගේ......මේ යුද්දෙ ඉන්න එකම සේනාව කියන්නෙම " හැගීම්" දුක...සතුට. . බය .....තරහව......තව කොච්චර දේවල්ද .....ම්ම්....ඉතින් එහෙම එකේ...පොතක් කියන්නෙ නාඩි වැටෙන වස්තුවක් නෙවෙද මයෙ අම්මා......ම්ම්ම්......පොතක් කියන්නෙම යුද්දයක් නෙවේද......

මං ඉන්ධරගෙ පපුවට හේත්තු වෙලා දැහැන් ගත උනා...පොතේ නාඩිවැටෙන හැටි.....පොතක පුසුඹ දැනෙන හැටි විදින්න දුන්න මගෙ ඉන්ධර් අවසානෙදි පොත කියවන්න ගත්තා ....... .රතු පාටින් තන පුඩු පාට කාරපු රොඩී අත්තම්මා බුලත් කොට කොට කියවන හැටි ඉදන් මගෙ  ඉන්ධර් පුන්නි කියන කෙල්ල රාජමාලිගාවට යන හැටි කියලා දුන්නෙ මට හිතා ගන්න වත් බැරි විදිහෙන් වෙනකොට රොඩි කුප්පෑයමට එලවාපු පුන්නිට රාජ පුරුශයො අන්තපුර බිසව් කාලෙ ගරු නම්බු දීපු කටිම වෙසගන කිය කිය පරහපු හැටි අහනකොට අනේ මගෙ හදවත අඩන්න ගත්තා .........

අනේ බේබි හාමු....

ඇයි මයෙ රත්තරනේ ..............

පව්...බේ  බි  හමු......පුන්නි....වැරදි...නෑනෙ............

හ්ම්.....මයෙ අම්මට දුකද...........

ම්ම්.......ලොවීනා කියන්නෙම....අධිමාත්‍රාවක් මගෙ ඉන්ධර්.....ආදරේ මෙට්‍රික ටො එකක් විතර තනට යටින් ගැහෙන පපුවෙ තියන් හුස්ම ගත්තු පුන්නි කියන්නෙම...සංසාරයක් බේබි හාමු.......මට දුකයිනෙ බේබි හාමු.....

ඒකනෙ මගෙ ඇහල මලට මං කිව්වෙ....පොත් වලට නාඩි වැටෙනව කියලා ...කෝ....ඉතින්...තුරුල් වෙයන් එහෙනම්.....මගෙ රන්කද අඩනවනෙ ම්ම්ම්.......පුන්නිගෙ තන යට විතරද ආදරේ මෙට්‍රික ටොන් ගනන් තිබුනෙ....ම්ම්ම්...එතකොට මයෙ අම්මගෙ බේබි හාමුගෙ  තනට යට තිබුන් නැතුවද..............

බේබි...හාමු......

ආදරෙයි...රන්කඳට මගෙ........තුරුල් වෙයන් ඉතින්..මයෙ නොදරුවව මඩවල අඩවලානෙ......

මන් පැත්ත හැරුනා.....ඒ පපුවට තුරුල් උනා...මයෙ නොදරුවව මඩවල අඩවලනෙ කියාපු ඉන්ධර් මගෙ ජිස් මුදුනට හාදුවක් දීලා මට එහෙම්ම ඉන්ඩ අරිනකොට මං ආයම නාඩි වැටෙන පොත අස්සෙ හිතින් සක්මන් කරන්ඩ ගත්තා......

පුන්නිට වාහෙ කෙනෙක් තෝරපු විදිහ නම් මහම අමානුශික වෙනකොට ඒකිගෙ පලවෙනි රමනෙම මහ පිලිකුලක් ගෙනාවා පාසි බැදුන තටාකෙට විසි කරාපු ඒකිගෙ බඹසර කුඩු  මලක් වගේ උදුරනවා වෙනුවට කෙරුවෙම රමනයක් උනත් එපා කරවන විදිහෙන් වෙනකොට අනේ මට පුන්නි ගැන දුක හිතුනා........

මං ඉන්ධර් ගෙ පපුවට මගෙ කම්මුල තිබ්බා.........ආපිට වලව්වට යන්ඩ එයාටවත් මටවත් මහා උවමනාවක් නොවුන තැන මං ඉන්ධර් හාමුගෙ අතේ තිබුන ලොවීනට අත තිබ්බා.....

හැබැයි...මගෙ ඉන්ධර් පොත වහලා දැම්මා......හැබැයි එයා පොත කියලා දුන්නා මිසක...ආයම මට පොත අතට අරන් කියවන්න දුන්නෙ නෑ.....

ජීවිතේ පලවෙනි වතාවට මට දෙයක් හිතුනා.....

ඒ ඉන්ධර් කපටියි කියලා ...!!
ලෝබකමක් නැතුව පපුන්කැහුත්ත උනත් ඇදල දෙන ඉන්ධර් කපටියි කියලා හිතුනා.....

වෙන මොකටවත් නෙවෙ.......ඉන්ධර් මාව අධිමාත්‍රාවක් ගාවින් අහක් කරන හන්දා....!!!

....ලොවීනා.....උඹ ඇවිදින් මාත්‍රාව  පහු කරාපු අධිමාත්‍රාවක් !!...

මං ඉන්ධර් දිහා බැලුවා  ..ලොවීනගෙ රූපෙ කැටයම් කරාපු මඩවල මහත්තයගෙ අධිමාත්‍රාව දිහා බලන් උන්න ඉන්ධර් අවසානෙදි ලාවට හිනා උනා........

උඹට තවමත් මයෙ මැනිකෙ වෙන එක   දෙගිඩියාවක් නම්.....මගෙ ඇසල බලාපන්.....උඹ විතරක් නෙවෙ...මේ ඉන්ධර් ඉරුගල්බන්ඩාර විතරක් නෙවෙ  කුල හීනයන්ට පන ඇරගන ආදරේ කරාපු එකම මිනිස් පරානියා....

තිසර තන  වහන්න පවා තහනම් උන රොඩි කුප්පෑයමෙ මල උන ලොවීනට මෙට්ලන්ඩ් වහ වැටුනා නම්.......

චන්ඩාල කුලෙ ඉපදුන අසෝකමාලාට සාලිය වහ වැටුනා නම්......

වැරදි වත්තක පිපුන මගෙ ඇහල මල උඹට....මයෙ මැනිකෙ වෙන්ඩ බැරි මොකදැයි දෙගිඩියාවක් ම්ම්ම්ම්ම්.........කම්පාවෙන්ඩ කාරි නෑ මගෙ ඇසලට.........ආදරේ හිමියි නම්...ආය.....සක්කරයගෙ පුතා වයිමා ආවත්...ඒක අහක් කොරන්ඩ බෑ මැනික....ම්ම්ම්ම්.....කෝ...ලන් වෙයන්....හාදුවක් තියන්ඩ මයෙ පනට...

මන් ඇස් පිල්ලමක් ගැහුවා....රොඩී කුප්පෑයමෙ උන්න ලොවීනට ආදරේ කරන්න මෙට්ලන්ඩ් ට පුලුවන් උනා නම්...ඇයි හාමුට බැරි අහපු ඉන්ධර් හාමු මගෙ නලලට හාදුවක් තියලා අත් දෙකෙම්ම මගෙ මූන අල්ලන් මගෙ දිහා බලාගන උන්නා......

හිත හයිය කරගනින් මගෙ ලොවීනා.....මැනිකෙලා කවදාවත් පස්ස ගැහුවෙ නෑ.....මං උඹට හරි ආදරෙයි ඇසල....බලාපන්....උඹ මෙ නාකි හාමුවට කරලා තියන විනාසෙක තරම....ම්ම්ම්ම්....මං උඹලට වහ වැටිලා මයෙ දෙයියො.......උඹ ඇවිදින් මටම මවාපු මාත්‍රාවක්....තේරුනාද ම්ම්ම්ම්.....

මගෙ ලොවීනා........රත් තන පුඩු නැති උනාට කාරි නෑ...මැනිකගෙ කෝපි මල් මට දාහෙන් සම්පතයි.......

එයා මට ලොවීනා කිව්වා....තව අලුත් නමක්..........

ඉන්ධර්ගෙ ආදරෙ දවසින් දවසම මෝරනවා......මඩවල මහත්තයගෙ පොත් දෙක අතට ගත්තු ඉන්ධර් උන්න තැනින් නැගිටන්  සරම ගසාගන්නකොට මං ලග තිබුන ගල් කැටයක් දෙකකට පයින් ඇන්නා....

..ඇසල......

බේබි හාමු.......

මෙ අවුරුද්දෙන් පස්සෙ...උඹලගෙ දහනම වෙනි අවුරුද්ද හමාරයි....

එහෙමයි බේබි හාමු.....

මං ඉන්ධර් දිහා බැලුවා....සරම කොනක් අල්ලන් ඈත පේන ඉරුගල්බන්ඩාර වලව්වට අයිති හතර දිග් බාගෙ දිහා බලාගන උන්න ඉන්ධර් අනිත් අතින් උඩු රැවුල කරකව කරකව උගුර පෑදුවා.....

මනාපයි...තව අවුරුද්දකින් වත්....අපේ කාමරෙනුත් කිරි සුවද එනවට ම්ම්ම්...මගෙ මැනික මනාපද දරුවෙක් මල්ලෙක් හදන්ඩ.......?

මාව කරකවලා අතෑරියා වගෙ උනා......බිබික්කමාගෙ ඔලුවට පොල් වල්ලක් වත් වැටුනද....ඇරත්..මං ..මං කොහොමද ළමයි වදන්නෙ...........මං..කොල්ලෙක්නෙ...මට පුලුවන්ද බඩ වෙන්ඩ.....

බ්..බේබි හාමු......

මං ඉන්ධර් දිහා බලාගන ගොත ගැහුවා......අද දවස කියන්නෙම මගෙ ඉහ මොල රත්කරාපු  දවසක් වෙනකොට මහ නාකියා කරන්ඩ දෙයක් නැති කමට මාව ඉරුගල්බන්ඩාර පොඩි මැනිකෙ කියලා බාර ගත්තා ...ඒ අස්සෙන් මගෙ වාහෙ පොල් පිස්සුවෙන්  ඉදලා ඒ පාර කිරිසුවදක් ගැන කියනවා.....

මං උඹලාට බඩ වෙම්ඩ කියනවා නෙවෙ ඇසල......ඒ උනාට......දරු මල්ලෙක් ඉන්නවා නම් මනාපයි........ මගෙ මැනිකට පුලුවන්ද දරුපැටියෙක් බලාගන්ඩ ම්ම්ම්......

මං බයවෙලා වගෙ බලාගන ඉන්නකොට ඉන්ධර් හාමු මගෙ දිහාවට ආවා...ඇවිදින් ලාවට ඔලුව වැනුවා...

ඉතින් බලාපන්...මෙ ඇස් දැම්ම බය වෙලා......මුව පැටියෙක් වගේ...කොච්චරවාත් බය වෙනවා...ඇයි අම්මෙ ඔය තරම් අහිංසක ම්ම්ම්.....

මං කොහොමද ඉතින් දරු පැටියෙක් ගැන හිතන්නෙ මයෙ අම්මත් තාම නොදරුවෙක් ගානටනෙ ඉන්නෙ....හ්ම්..හ්ම්...හෙමීට හිතලා බලපල්ලකො...යමින් එමින් ගමන්...කිරි පබලු ටිකක් ගෙට කරන්ඩ........අමාරු නම් කියාපන්....කාරි නෑ.....උඹත් මට දරුවෙක් ගානයි...ඒත් ඉතින්...දරුවෙක් දරුවෙක් ගෑවට...දරුවො එක්ක නිදි වදින් නෑනෙ ඇසල ම්ම්ම්ම්.........හිතලා බලලා කියපල්ලා........දෙන්නා තුන්දෙනා වෙන්ඩ කැමතිද කියලා ම්ම්ම්ම්.......

හරහට හරන් කිරි නොදුන්නට...දසමසක් බඩ නොබැන්දට.....තරගෙට දුවාපු තිත්ත පැටව් ලේ  කැටි නොවුනට...පපුකැහුත්‍තෙ පැලෙන්ඩ තරන් ආදරේ තියනවා නම්..අම්මා වෙන්ඩ පිරිමි පපුවකටත් බැරි නෑ ඇසල...ම්ම්ම්.....

එහමයි ..බේබි හාමු........

මන්....නිවි හැනහිල්ලෙ හිතලා බලපල්ලා..දැන් නැගපල්ලා ගෙදර යන්ඩ...දාහයයි..දවල් බතෙන් පස්සෙ ඩිංගක් ඇහැපියවන්ඩ..මහ අම්මන්ඩි මොනවත් කිව්වොතින් මනාපයි උඹලා පපුව රිදවගන්නෙ නැතුව ඉන්නව නම්...ගෑනු පරාන කොහොමත් එකම දේ දස අවුරුද්දක් වත් කියනවා....ඇරත්....ඔය  ඉදල ඉදලා...අපෙ අප්පච්චිත් කොයි වෙලේක හරි..අම්මන්ඩිගෙ කනේ තියාවි මේක කටු ගෑවෙන කසාදයක් නෙවෙය....නන්දගෙ කොලුවව  පොඩු මැනිකෙ කරගන්ඩ කියලා......

මං හුස්ම අල්ලන් අහන් උන්නා.....මෙච්චර වෙලාම ආදර වදන් දොඩාපු ඉන්ධර්ගෙ මූන දැන් චුට්ටක් අමුතු වෙලා තිබුනා....

කොච්චර බය වෙන්න එපාය කියලා කිව්වත්....... මගෙ හිතට මහ බයක් දැනෙන්න ගත්තා......මහ හාමු කිව්වෙම අ සෙනවිරත්න කෙනෙක් කියලා ..කුල පහතයි කියලා .....

බේබි හාමු...........මහ මැනිකෙලා මාව බැන්දුවෙ..අපලෙකට....ඒකත්...හාමුට කරාපු කොඩි විනේකට......

දැන් අපෙ මැනිකෙ මක්කද කියන්ඩ හදන්නෙ.....උඹලත් ඔව්වා විස්වාස කරනවා කියලද...ඇසල...මං ඔය කොඩිවින ගැන නම් හිතන් නෑ..මොකද ....විස්වාස කෙරුවත් මං හිතන්නෙ එක දෙයයි.....තමුන්ගෙ සල්ලි වියදම් කරලා අනුන්ට හෙන ගස්සවන්ඩ තරම් කුහකයොත් මේ  ලෝකෙ ඉන්නවනෙ කියලා .........

අම්මා අප්පච්චි ලාට මමයි බල කෙරුවෙ....මගෙ කසාදෙ කරන්ඩ ඕනෙ උඹ එක්ක කියලා ...උන්දලා හිතන් උන්නට මං මේ අපලයක් හන්දයි උඹව ගෙනාවෙ කියලා ..මමනෙ දන්නෙ මම උඹට පිස්සුවෙන් වගේ තනි පංගලමේ ආදරේ කෙරුවා කියලා....ම්ම්ම්........අනික.......කුල මල ගැන කියනවා නම්.........හ්ම්..හ්ම්....වරෙල්ලකො යන්න.....

මං ඉන්ධර් දිහා බලාගන උන්නා..එයාට ඕනෙ මගෙ හිත හදන්ඩ...ඉන්ධර්ට ඕනෙ මහ හාමු කියාපු කුල මල බේදෙ හන්ද රිදුන මගෙ හිත හදන්ඩ වෙනකොට කියන්ඩ හදාපු දෙයක් මගින් නවත්තලා මාව කාර් එකෙන් ඉන්දෙව්වා ......

කාර් එකට නැගපු මං සීට් එකට ඕලුව තියන් ඔහෙ බලන් උන්නා......ඉන්ධර් හාමු අදත් වෙනදා වගේම සින්දුවක් දැම්මා...නිකන් නෙවෙ ඒක හද්ද පරන එකක්...... රුක්මනී දේවිගෙ සින්දුවක් ..........

ඇරපු ජනෙල් පියන් වලින් හුලන් රැල්ල එනකොට අවුරුදු ගානකට කලියෙන් ස්වරග ලෝකෙට ගියපු රුක්මනී දේවිගෙ සින්දුව මට ඇහුනත් මගෙ හිත තිබුනෙ මහ වේදනාවක...ඉන්ධර් කොච්චර හිත හදාගන්න කිව්වත්.......මට හිත හදාගන්න අමාරු උනා...මොකද ...මෙතනදි විත්ති කූඩුවය නග්ගන්නෙ මාව...දඩු කදේ ගස්සවන්නෙ මාව.........

ඇසල........

ඉ..ඉන්ධර් හාමු......

ආන් බලාපන්.........අර ඕලු මල් දිහා.......

මාව ගැස්සිලා ගියා.....මෙච්චර වෙලාම බර කල්පනාවක උන්න මම ඉන්ධර්ගෙ කටහඩ වගේම....ඒ අතේ උනුහුමත් එක්ක ගැස්සිලා ගියා.......

කාර් එක නවත්තලා...මට ඒ වත් දැනුන් නෑ...ඒ තරම් මගෙ කල්පනාවෙ තරම.......වැව පුරාවටම ඕලු පිපිලා...තනිකරම ඕලු වනාන්තරයක් වගේ........තත්පර ගානක් තිස්සෙ බලාගන උන්න මගෙ හිත හරි හිමීට නිවෙන්න ගත්තා..........

ඇසල...අහලා තියනවා..නෙලුමක් උනත්  පිපෙන්නෙ මඩ ගොහුරක කියලා ...ම්ම්ම්.....නෙලුමකට පුලුවන් නම්....මඩ ගොහුරක ඉපදිලා....මලකට ලබන්ඩ පුලුවන් ඉහලම තැන උන බුදුන්ගෙ මල් ආසනේට යන්න........මඩක පිපුන උඹට බැරි මොකද ඇසල......හැමදාම පැල්කොටෙ නොයිද...නියම හාමු කෙනෙක්ගෙ මැනිකෙක් වෙලා සැප විදින්ඩ ම්ම්ම්......

මං නෙවෙ කතා කෙරුවෙ..මගෙ ඇස් තිබුනෙ අර ඕලු විමානෙ ගාවට.......

මා දිහාව බලාපන් ඇසල........

.ඉන්ධර් හාමු අහක බලන් උන්න මට කතා කෙරුවා ....මං හාමු දිහා බලනවත් එක්කම ඉන්ධර් මගෙ පිට අල්ල පපුවට තද කරගත්තා .....

මයෙ ඇහල මල උඹ......

මේ අහපන් මයෙ ලොවීනා......

මං දන්නෙ නෑ...මේ සංසාර කන්නෙ කොයිතරම් නම් දිගද කියල.....හැබැයි..මං දන්නවා.... ඒ සංසාර කන්නෙ පුරාවටම මං උඹලා එක්ක ඉන්නවා.....

ඇසල කියන්නෙම.......
ඉන්ධර්ගෙ  එකම ඍතුව.........ඇසල කියන්නෙම....ඉන්ධර්ගෙ ආදරේ ලබන්ඩම පූදපු මල.........ඇසල කියන්නෙම...මේ ඉන්ධර්ගෙ නිවන..............

මගෙ මැනික...හුස්ම හිරකරගන්නෙ නැතිනම්..මං කාරනාවක් කියන්ඩද........

.බේබි..හාමු........

මං කිව්වා..මට උඹ රකින්ඩ තුරුම්පු තියනවා.කියලා ..නිකමට වත් මයෙ අම්මට හිතුන් නැද්ද...මහ හාමු වචනෙන් දෙකෙන් සැලන්ඩර් වෙන්න තව හේතුවක් ඇති කියලා ම්ම්ම්ම්......

...........

කාරි නෑ...උඹ බය වෙන තරමට ඔව්වා කොහෙ හිතෙන්නද......උඹ හෙට උදෙම්ම ඉදල්ගස් හින්නට යන්ඩ ලෑස්තිවෙයන්....නන්දා දැනගන්නෙ නැති නම්...මං මනාපයි....

මං හාමුගෙ අත් උඩින් මගෙ අත් තිබ්බා....බේබි හාමු කියානවා අම්මට වත් නොකියා ඉදල්ගස් හින්නට යන්ඩ ලෑස්ති වෙන්ඩලු...හැබැයි මං දන්නව...හාමු වහන් කරන කාරනාව නොකිව්වොත් මාව මැරිලා ඉදීව් රෑ එලිවෙනකම්ම ඕක ගැන හිතලම....

බේබි හාමු.....මට...මට කියන්නකො හාමු...කියන් ආව...එක..මගින් නවතපුවාම..අනේ හාමු මං අසරනයිනෙ.....

මෙච්චර කාලෙකට තැලුන හිතට පිච්චුන හිතට නිවනක් දුන්නෙ පිරිත් පැන් ඉස්සෙ උඹ විතරයි මගෙ ඉන්ධර්.......එහෙව්..එකේ....මේ හිත තව තව තලන්ඩ එපා මගෙ තෙහස්.......

ඉන්ධර්ගෙ ඇස් ගැස්සුනා.....මගෙ ඉන්ධර් කියන මමම...අද නමෙ මුල් හරිය කියනකොට ඒ ඇස් ගැස්සුනා.......ඉන්ධර් ලොකු හුස්මක් ගත්තා .........උඩු රැවුල කරකවාපු ඉන්ධර් අවසානෙදි උගුර පෑදුවා......

ඇසලගෙ මහ එකා සෙනවිරත්න උනාට.....නන්දාගෙ නම ඉරුගල්බන්ඩාර ....උඹලගෙ අම්මගෙ ඇත්ත නම......අරුන්දති මහමායා ඉරුගල්බන්ඩාර !!ධර්මසේන ඉරුගල්බන්ඩාර ගෙ දෝනියන්දා.......මයෙ ලොකු අප්පුච්ච්ගෙ දෝනියන්දා......

ඉදල්ගස් හින්න වලව්වෙ...පොඩි කුමාරි හාමි......

අරුන්ධති මහමායා ඉරුගල්බන්ඩාර කියන්නෙ..මයෙ අම්මගෙ අම්මා මැනික.......

ඉ...ඉ.....ඉනධර්.....


























😒ම්හුක්...මං යනවා අනේ....

ආය හෙට දිහාවට එන්නම්.ඈ.....

පයිස්සමින් ඉදිල්ලා මයෙ රත්තරනේ............

ආතරෙයි උතුරන්ඩ ඈ....

මම

ජොබී



Nedeesha

Continue Reading

You'll Also Like

3.7K 983 13
💜️ මිනිස්සු මිනියක් ඉස්සරහා අඬන්නෙ තමන් ගැන කියව කියව මිසක් ඔයා කොහොමද සොහොනට වෙලා තනියම ඉන්නෙ කියලා නෙවෙයි... 💜️ ආදරේ කරන්න හදිස්සි වෙන්නම ඕනෙද...
35.7K 1.1K 26
¡¡ DISCONTINUED !! (𝖋𝖊𝖒 𝖗𝖊𝖆𝖉𝖊𝖗, 𝖆𝖓𝖌𝖘𝖙, 𝖘𝖔𝖒𝖊 𝖋𝖑𝖚𝖋𝖋) 𝚢/𝚗 𝚑𝚊𝚍 𝚊 𝚍𝚒𝚏𝚏𝚒𝚌𝚞𝚕𝚝 𝚕𝚒𝚏𝚎. 𝚜𝚑𝚎...
350K 8.7K 80
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
268K 5.2K 16
Hinata had been having these weird feelings in his chest when he sees Kageyama but it feel good his face heats up and his heart starts beating a mile...