අලුත් දවසක්...
නැවුම් බලාපොරොත්තු වලින් පිරිච්ච දවසක්...
ඒත්,
අද දවස තම ජීවිතය වෙනස් වෙන දවසක් කියලා කොල්ලෝ දෙන්නාගෙන් එක්කෙනෙක්වත් දැනගෙන හිටියේ නෑ.
හවස දෙකයි තිහ වෙනකොට කම්පැනි එකට ආපු ජන්ග්කුක්,ටේහියුන්ග් බුක් කරපු හෝල් එකට තවත් ගෑනු ලමයි කීප දෙනෙක් එක්ක ගියේ decorations වලට.
එයාලා හැමෝම ඒ දේවල් කලේ ගොඩක් සතුටින්.කාලෙකට පස්සේ මේ වගේ අමතර වැඩක් කරන්න ලැබුන එකට ජන්ග්කුක්නුත් හිටියේ ලොකු සතුටකින්.
එයාට අද ටේහියුන්ග්ව මතක් වෙනවා වැඩිද මන්දා.
එයාට සැරසිලි කරන ගමන්ම හිනා ගියේ උදේ වෙච්ච දේට
ටේහියුන්ග් අද උදේ ඉදන්ම ජන්ග්කුක් එක්ක වචනයක්වත් කතා කලේ නෑ.මූන බලාගන්න තිබ්බේ හරියට නිකන් බෙරි වෙච්ච තක්කාලි ගෙඩියක් වගේ...
එයා ඊයේ දවසම ජන්ග්කුක්ට තුරුල් වෙලා නිදා ගත්තේ කියලා තේරුනාම තත්පරයක්වත් ජන්ග්කුක්ට මුහුණ දුන්නේ නෑ.
එයාටත් හිතාගන්න බෑ එයා ඇයි නින්දෙන් ජන්ග්කුක්වම හොයන්නෙ කියලා.
එදා නැවේදිත් අද උදේ වගේම එයා නැගිට්ටේ ජන්ග්කුක්ගේ තුරුලේ...
ජන්ග්කුක්ව කම්පැනි එක ලගින් දාලා ටේහියුන්ග් එයාට බාර වැඩේ කරන්න පිටත් වුනේ වචනයක්වත් නොකියා...
ජන්ග්කුක් තෑගි ඔතන ගමන් තනියෙන් හිනාවෙනවා දැක්ක එතන හිටිය එක කෙල්ලෙක්,
"ආව් ආව් අපේ ජන්ග්කුක්ට කාවදෝ මතක් වෙනවා වගේ"
මින්ජි එහෙම කිව්ව විතරයි ජන්ග්කුක්ව රතු වෙලා ගියා.
"අම්බෝ අම්බේ මෙන්න මෙයා රතුත් වෙලා"
"අනේ යන්න තරූ ! එහෙම දෙයක් නෑ."
"මොකද මොකද නැත්තේ පේන හැටියට අපේ හා පැටියට මල්සරා විදලා වගේ "
"යාආආආආආ ඉන්නකෝ ටේහි පාඩුවේ .
දැන්නම් මහන්සියි කෙල්ලේ . මොනාහරි කාලා එමුද?"
ජන්ග්කුක් කිව්වේ බඩත් අත ගගා
"අන්න අන්න දැක්කද කතාව අනිත් පැත්තට හරෝනවා"
"නෑ මින්ජි මටත් කියාගන්න බැරුව බං හිටියේ.ඒත් ඉතින් කෑම මුකුත් ගෙනාවේ නෑනේ අපි"
තරූ එහෙම කිව්වම ටිකක් කල්පනා කරපු ජන්ග්කුක්,
"යං බලන්න එලියට.ඉස්සරහ තිබ්බ ශොප් එකෙන්වත් මොනාහරි ගමු "
ජන්ග්කුක්ගේ අදහසට අනුව අනිත් කෙල්ලො තුන්දෙනාත් ජන්ග්කුක් එක්ක හෝල් එකෙන් එලියට ඇවිත් පාර පැන්නේ ඉස්සරහ තිබ්බ කඩේට යන්න.
හෙමින් හෙමින් කතා කර කර ඇවිදින කෙල්ලෝ තුන්දෙනයි ජන්ග්කුක් නුයි දිහා තවත් නපුරු දෑස් හතරක් බලන් ඉන්නවා කියලා එයාලා දැනගෙන හිටියේ නෑ.
කෑම ටිකකුයි බීම ටිකකුයි අවශ්‍ය තරම් ගත්ත ජන්ග්කුක් කෙල්ලො තුන් දෙනත් එක්ක පාර පනින්න කියලා ලෑස්ති වුනා.
ඒත් එක්කම එයාලාගේ පාර හරස් කරලා නැවැත්තුවේ සුදු පාට වෑන් එකක්.ඒකෙන් බැස්ස හැඩි දැඩි පිරිමි තුන් දෙනෙක් ජන්ග්කුක්ලව වට කරගත්තා.
"ආ...නංගිලා කෑම ගන්න ගිහිං වගේ නේද "
එහෙම කිව්ව එක්කෙනෙක් තරූගේ මැණික් කටුව ලගින් තදින් අල්ලගත්තේ තරූ කෑ ගහද්දි... එතකොට තරහ ගියපු ජන්ග්කුක් ඒ මිනිහව එහාට තල්ලු කරලා දැම්මේ ඒ මිනිස්සුන්ගේ තරහ අවුස්සලා
ඒත් එක්කම කෙල්ලන් දිහා බලපු ජන්ග්කුක්,
"ටේහි ඉක්මනට එයාලා එහෙට යන්න.මං මේක බලාගන්නම්."
කියලා කෙල්ලෝ තුන් දෙනාව පැත්තකට කලා.
ඒත් එයාලා කොහොමද ජන්ග්කුක්ව තනියෙන් දාලා යන්නේ? එයාලා කෑ ගගහ උදව් ඉල්ලන්න ගත්තා.
"අඩෝ අල්ලපන් ඕකව"
කියමින් තවත් හැඩි දැඩි මිනිහෙක් ජන්ග්කුක්ව අල්ලගන්න පැන්නත් ජන්ග්කුක් උඩ පැනලා ඒ මිනිහට පාරක් ගැහුවේ බලන් හිටිපු හැමෝවම පුදුම කරවලා.
ඒ මිනිහාව විසික් වෙලා ගියේ මූණෙන් ලේත් පෙරාගෙන
"යකෝ බලන් ඉන්නේ ඕකාව ඇදලා දා ගනින් වෑන් එකට.ඉක්මන් කරපන් සෙනග පිරෙන්න කලින්"
ඒ මිනිහා තරහින් වගේම වේදනාවෙන් කෑ ගහලා කිව්වාම අනිත් මිනිහෝ දෙන්නත් ජන්ග්කුක්ගේ ඇගට පැන්නා.ඒත් ඊට කලින් ක්‍රියාත්මක වුන ජන්ග්කුක්නුත් ඒ දෙන්නට ගහගෙන ගහගෙන ගියේ හරියට නිකන් ටැමිල් ෆිල්ම් එකක් වගේ.
ඒ අතරේ මින්ජි හොරෙන්ම එයාගේ ෆෝන් එක අරගෙන පොලීසීයේ ඉන්න එයාගේ අයියට කතා කලේ කාටත් හොරෙන්.
ජන්ග්කුක් ඒ මිනිස්සුත් එක්ක හරි හරියට ගහගත්තේ පාරේ හිටපු මිනිස්සු පවා දුවගෙන මේ දිහාවට එද්දී
"යකෝ ඉක්මන් කරල වාහනේ හරව ගනින්"
"උඔ අද බේරුනට හිතන්න එපා හැමදාම බේරෙන්න පුලුවන් වෙයි කියලා.තමුසෙව උස්සලාම තමයි අපි පස්ස බලන්නේ "
එහෙම කිව්ව එක මිනිහෙක් වෑන් එකට නැග්ගම වෑන් එක ගියේ හෙන වේගෙන්.
"මොකද ලමයිනේ වුනේ ? කවුද උන් මීට කලින් දැකලා තියෙනවාද ?"
වටේට රැස් වුන මිනිස්සු එක දිගට ප්‍රශ්න අහද්දි කෙල්ලෝ තුන් දෙනා ඇවිත් ජන්ග්කුක්ට තුරුල් වුනා.
"හරි හරි ඉතින් ! දැන් මට මුකුත් වුනේ නෑනේ"
ජන්ග්කුක් කෙල්ලෝ තුන්දෙනාව නලවද්දි එතන හිටිය එක වයසක් මනුස්සයෙක්,
"පුතේ...අත හීරලා වගේ නේද ! ලේත් ගලනවා.බෙහෙත් ටිකක් දා ගන්න වෙයි වගේ "
එතකොට තමා ජන්ග්කුක් දැක්කේ අත් තුවාල වෙලා ලේ ගලනවා කියලා.
"තැන්ක්යූ අංකල්"
ඒත් එක්කම එයාලා ලගට වේගෙන් ආවේ පොලිස් ජීප් එකක්.
"කවුරුහරි පොලීසියට කියලා වගේ "
"මමයි කතා කලේ ටේහි.මට හිතාගන්න බැරි වුනා මොකද්ද එකපාරටම කරන්නේ කියලා.පස්සේ තමා මතක් වුනේ අනේ දෙයියනේ හියුන්ග් ඉන්නවනේ කියලා"
පොලිස් ජීප් එකෙන් බැහැලා කලබලයෙන් ඇවිදන් එන කඩවසම් පොලිස් නිලධාරියා ළග හැමෝගෙම ඇස් නතර වුනා.
තමන්ගේ නංගි තවත් කොල්ලෙකුයි කෙල්ලෝ දෙන්නෙක් එක්ක මහපාරේ අඩනවා දැකලා බය වුන අභිෂේක්,
"නංගි මොකද වුනේ"
"අනේ හියුන්ග්"
මින්ජි අඩාගෙනම අභිෂේක්ගේ තුරුල් වුනාම අභිෂේකුත් මින්ජිව පපුවට තුරුල් කරගත්තේ එයා ඉන්නේ නිල ඇදුමින් කියලා හිතන්නේ නැතුව
"ඇයි බබෝ මොකද වුනේ ? ඔයාලා කාටවත් කරදරයක් නෑනේ"
"නැහැ හියුන්ග් , ඒත් එයාලා ජන්ග්කුක්ව අරන් යන්න හැදුවා"
මින්ජි කිව්වේ තාමත් අඩන ගමන්.
"හරි දැන් අඩන්නේ නැතුව මට වෙච්ච දේ කියන්නකෝ "
මින්ජිව ඈත් කරපු අභිෂේක් ඇහුවේ ටේහියි,තරූයි,ජන්ග්කුක්නුයි දිහාට හැරිලා.
ටේහි වෙච්ච හැමදේම අභිෂේක්ට අකුරක් නෑර කිව්වා.ජන්ග්කුක් එයාලට ගහපු හැටි කියද්දිනම් අභිෂේක්ට හිනත් ගියා.
කතාව කිව්වට පස්සේ ජන්ග්කුක් දිහා බලපු අභිෂේක්,
"ඔයා කොහොමද මල්ලි එයාලට ගැහුවේ ?"
"පොඩි කාලේ ඉස්කෝලේදී කරාටේ ඉගෙනගත්තා.ඒත් මං පොඩ්ඩක්වත් හිතුවේ නෑ මේ වගේ වෙලාවකට ඒක උදව් වෙයි කියලා"
"Well done මල්ලි. ඔයාලා කවුරුහරි ආපු වෑන් එකේ නම්බර් එක ලියාගත්තද ?"
තාමත් එතන හිටන් හිටපු කීප දෙනෙක්ගෙන් අභිෂේක් ඇහුවා.
"ඒ වෑන් එකේ නම්බර් ප්ලේට් එක තිබ්බේ නෑ"
ඒ මිනිස්සු දුන්න උත්තරයම තමයි මින්ජිත් දුන්නේ.ඒක ගලවලා තිබ්බේ
"හරි මේ මල්ලිගෙ අතට බෙහෙත් දා ගන්න ඕන.පැමිණිල්ලක් ලියා ගන්නත් ඕන"
අභිෂේක් එහෙම කිව්වම නම් ජන්ග්කුක්ව දෙලෝ රත් වුනා.
"ඇයි ඔයාට හිතෙනවද පැමිණිල්ලක් දාන්න ඕන නෑ කියලා"
"නෑ හියුන්ග් මේකයි ඔම්මයි අප්පයි දැනගත්තොත් මම ඉදලා ඉවරයි "
"සොරි මල්ලි , මේක සුළුවෙන් හිතන්න බෑ.උන් කියලා තියෙන දේවල් අනුව ඔයාට මීට පස්සේ ගොඩක් පරිස්සම් වෙන්න වෙයි.අනික උන් දන්නව ඇති ඔයා මෙහෙ කොහෙ හරි වැඩට යනවා කියලා.ඉතින් කොහොමත් අපිට රිස්ක් එකක් ගන්න බෑ තේරුණාද "
අභිෂේක් ගොඩක් හොදට ජන්ග්කුක්ට තේරුම් කරලා දුන්නම ජන්ග්කුක් ඔලුව වැනුවා.
කෙල්ලෝ තුනදෙනාවත් එක්කම ජන්ග්කුක්වත් පොලිස් ජීප් එකට නග්ග ගත්තු අභිෂේක් ස්ටේෂන් එකට ගියා
________________________________
හවස තුනයි තිහට වගේ හැම වැඩක්ම ඉවර කරලා ආපව් හෝල් එකට ආපු ටේහියුන්ග්ගේ ඇස් හොයන්න ගත්තේ එයාගේ ගුකීව.
ඒත් එයා හෙව්ව ඒ රුව එයාට හොයාගන්න බැරි වුනා.අනිත් කෙල්ලෝ තුන් දෙනත් පේන්න හිටියේ නැහැ.
වැඩ ටික හරිද කියලා බල බල හිටිපු ජොන්ග් සුක්ට කතා කරපු ටේහියුන්ග්,
"කෝ ජන්ග්කුක්ලා , ?"
"ආ...එයාලා සර් එයාලට දුන්න වැඩේ ඉවර කලා කියලා සර්ට කියන්න කිව්වා. "
"හරි ජොන්ග් සුක් ඔයා යන්න.මං බලන්නම්"
"ඕකේ සර්
එහෙම්ම ෆෝන් එක අතට ගත්තු ටේහියුන්ග් ජන්ග්කුක්ට කෝල් කලා.ඒත් ෆෝන් එක ස්විච් ඕෆ් ! ජන්ග්කුක්වත් දන්නේ නෑ එයා ගහගන්න කොට එයාගේ අතින් ෆෝන් එක බිමට වැටුණා කියලා.එතන හිටපු ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් ෆෝන් එක අරන් ඕෆ් කලා.
ඉතින් කොල්ලා කොච්චර ගත්තත් වැඩක් වුනේ නෑ.
________________________________
"තරූ ඔෆිස් එකට කෝල් එකක් ගන්න වෙයි නේද.එයාලා බය වෙයි අපි නැති වුනොත්"
ටේහි කියනකන්ම ඒක කාටවත් මතක් වුනේ නෑ.
"ඉන්න මං ගන්නම්"
මින්ජි එයාගේ ෆෝන් එක අතට ගත්තේ නම්බර් එකක් ඩයල් කරන්න.
"අපි කාටද කියන්නේ? අපි සේෆ් නිසා මුකුත් කරදරකාරයක් නෑනේ.අපි තව ටිකකින් එනවා කියමු නේද ?"
මින්ජි ඇහුවේ කට්ටියගෙන්
"ඔව් ලමයි ! ඔයාලා ඔෆිස් එකට අනිවාර්යයෙන්ම මේ ගැන ඉන්ෆෝම් කරන්න ඕන.මේක ඔෆිස් ටයිම් එකේ වෙච්ච දෙයක් නේ"
අභිෂේක් කිව්වම ඔලුව වනපු මින්ජි welcome officer ට කතා කරලා එයාලා එන්න පරක්කු වෙනවා කියලා කිව්වා.
________________________________
"බොස්....? "
"වැඩේ හරි නේද "
"නෑ බොස් පොඩ්ඩක් ගැස්සිලා ගියා.."
"මොනවා.. තොපි ඔච්චර ලේසියෙන් ඒකව උස්සන්න තිබ්බ චාන්ස් එක මිස් කර ගත්තේ කොහොමද යකුනේ.."
" බොස් මඟුලක් කතා කරනව. ඒකා යස්සයෙක් වගේ අපේ එවුන්ට නෙලුවා..
කරන්න දෙයක් නැහැ බොස්.. පොඩ්ඩක් ඉවසන් ඉන්න.. අපි ඕකාව අත අරින්නේ නැහැ බොස්. බොස් අත ඇරියත් මේ මින්හෝ අත අරින්නේ නැහැ .. ඉස්සරහ ඇන්දේ දත් දෙකක් කැඩිලා ඒකේ වාඩුව ගන්න අනිවාර්යෙන්ම අපි කොල්ලව උස්සනව බොස්.."
"තොපේ කට විතරයි යකෝ.. බලපන් මගේ ප්ලෑන්ස් ඔක්කොම වතුරේ යනවා "
කියලා කෑ ගහලා ෆෝන් එක කට් කරපු චෑන්,
" ජන්ග්කුක්.. ඔහොම ඉදපන්න්කෝ කොල්ලෝ.. මං කොහොමහරි උඹට පාඩමක් උගන්නල තමයි පස්ස බලන්නෙ' ඊට පස්සෙ මං තෝව අල්ලගන් නම් ටේහියුන්ග්.. උඹ පොඩි කාලේ ඉඳන් මට හරහටමයි හිටියේ.. උඹට මං කවදාවත් සමාවක් දෙන්නෙ නෑ යකෝ.."
දත් මිටි කමින් ඔහුටම කියාගන්නට වුණේ ලොකු වෛරයකින්...
ජන්ග්කුක්ගේ තොල්වල රස විඳින්න ඔන්න මෙන්න තියෙද්දී හැමදේම අවුල් වුනා.
"මං උඹෙන් පළි ගන්නේ කොහොමද කියල බලන් ඉදපන්කෝ ටේහියුන්ග්.උඹ ආදරය කරන හැමෝවම මං එකා එකා ගානේ උදුර ගන්නවා"
________________________________________
"හෙලෝ.....Is this mister Kim Taehyung ?"
"Yes.. speaking..."
"Mister Taehyung, මම Abishek !
පොලිස් ඉස්පෙක්ටර් Mingu Abishek"
"ඔව්.. කියන්න මොනවද මගෙන් කෙරෙන්න ඕනේ..."
"මේකයි මගේ නංගි වැඩ කරන්නෙ KIM brand එකේ. Minji...creative section එකේ වැඩ කරන්නෙ..."
" ඔව් කියන්න මිස්ටර් අභිෂේක් .. මොකක්ද ප්‍රශ්නේ ? Is everything okay ? .."
ටේහියුන්ග්ගේ හිත මොකක්දෝ දෙයකට ගොඩක් බය වුනා.
" ම්ම්ම් well ! "
කියමින් පටන් ගත්ත අභිෂේක් අද දවසේ වෙච්ච හැමදේම ටේහියුන්ග්ට කිව්වා.
"Oh my god !"
ටේහියුන්ග් උපරිමයෙන්ම ට්‍රයි කලේ එයා කලබල වෙලා ඉන්නේ කියන එක අභිෂේක්ට නොදැනෙන්න හැසිරෙන්න.
"දැන් කොහෙද එයාලා ඉන්නේ?"
"බය වෙන්න දෙයක් නෑ . මං එයාලව පොලිස් ස්ටේෂන් එකට එක් කරන් ආවා.පැමිණිල්ලක් ලොග් කරන්න "
"ඕකේ මිස්ටර් අභිෂේක් එහෙනම් ! මං වෙහිකල් එකක් එවන්නම්.එයලාව ඒකේ එවන්න.අද අපේ ඔෆිස් එකේ පාර්ටි එකක්.
මං එයලාව පරිස්සමට ගෙවල් වලින් ඇරලවන්නම් "
"ඕකේ then මං එයලාට කියන්නම් "
කෝල් එක කට් වුන ගමන් ටේහියුන්ග් රූම් එකෙන් එලියට ආවේ එයාගේ කා කී එකත් අරගෙන
"ජොන්ග් සුක් "
ට කතා කරන ගමන්.
"මං පොඩ්ඩකට එලියට යනවා.අප්පා ඇහුවොත් කියන්න මං ඉක්මනට එනවා කියලා."
ටේහියුන්ග් එහෙම කියාගෙනම දුවනවා වඩා වේගෙන් පඩිපෙල බැස්සේ කලබලයෙන්.සමහර පඩි මග ඇරුන නිසා එයාව කීප සැරයක්ම වැටෙන්නත් ගියා.
එයා කොහොමද වෙහිකල් එකක් යවලා බලන් ඉන්නේ දැනටමත් ඒ හදවත හුස්ම මග අරින්න පටන් අරන් තියෙද්දී
"හේජි ගෙස්ට්ලව හෝල් එක ඇතුලට යවන්න.
මං ඉක්මනට එනවා."
Welcome officer ට කියාගෙනම ආපු ටේහියුන්ග් ආපු වේගෙන්ම කාර් පාර්කින් එකට ගිහින් කා එක ස්ටාර්ට් කරන් ඩ්‍රයිව් කරන්න ගත්තේ හුලගටත් වඩා වේගෙන්.
විනාඩි දහයක් !
ඕන්නම් විනාඩි දහයක් යන්න ඇති එයාට ස්ටේෂන් එකට එන්න.
වේගයෙන් ඇවිත් ඉස්සරහින් නැවතුන සුදු බුගාටි එකෙන් බැස්ස කලබලකාරී කඩවසම් තරුණයා දිහාට පොලිසීයේ හිටපු හැමෝගෙම ඇස් ගියා.ඒ අතරේ අභිෂේක්ගේ ඇසුත් තිබ්බේ එයා එවලේ ජනේලයෙන් එලිය බලපු නිසා.
ඒත් එයා නිකමටවත් හිතන්න නැතුව ඇති ඒ කලබලයෙන් දුවන් එන ඉලන්දාරියා ලෝකයක්ම දන්න කිම් ටේහියුන්ග් කියලා.
ඔව් එයා හිටියේ ගැහෙන හදවතෙන්.
ජන්ග්කුක්ට අමාරු ඇති කියලා ඒ පිරිමි හිත හයියෙන් කෑ ගැහුවා.
ජන්ග්කුක්ලා දිහා බලපු අභිෂේක්,
"ඔයාලාට ආයෙ ඔෆිස් එකට යන්න අමාරුයි වගේ නම් මං ඔයාලව ඩ්‍රොප් කරන්නම්"
"නෑ නෑ හියුන්ග් අපි පාර්ටි එකට ඉන්නම් නේද ! හරි නෑනේ "
මින්ජි කිව්වේ ටිකක් විතර බයෙන් 'අද කොහෙවත් යන්න ඕන නෑ ගෙදරට වෙලා ඉන්න කියලා කිව්වොත් එහෙම'
එතකොටම කාමරය ඇතුලට ඔලුව දාපු කොස්තාපල් කෙනෙක්,
"සර් , ටේහියුන්ග් කියලා කෙනෙක් සර්ව හොයනවා"
ඒ කොස්තාපල් එහෙම කියනවත් එක්කම අභිෂේක්ව ගැස්සිලා ගියා.
"ටේහියුන්ග් ? මේ කිම් ටේහියුන්ග්?"
"ඔව් සර්.ඒ එයා තමයි"
එහෙම කියනවත් එක්කම ජන්ග්කුක් පුදුම වුනා.හියුන්ගි සර් ? ඇවිත් ? වෙන්න බෑනේ.
ඔයා දන්නේ නැති වුනාට ජන්ග්කුක් මේ වෙනකොට ටේහියුන්ග්ගේ හැමදේම ඔයා වෙලා.
"එ..එයාට එන්න කියන්න සාජන් ! "
අභිෂේක් කිව්වේ ටිකක් පහත් හඩකින්
එයාට දෙයක් හිතුනා නෙමෙයි තේරුණා.
ඒත් එයා ඒක හිත ඇතුලෙම හංග ගත්තා.
ඒ පොලිස් ඉව
සාජන් හා කියලා ඔලුව වනලා යන්න හැරෙද්දිම ටේහියුන්ග් ඇතුලට කඩාගෙන පැන්නේ හති දාන ගමන්
"මිස්ටර් ටේහියුන්ග්,මං හිතුවේ නෑ ඔයා පොලීසීයට එයි කියලා.
ඇයි නිකන් කරදර වුනේ?
කිව්වනම් මං ගිහින් දානවනේ"
අභිෂේක් ගේ වචන විලාසේ ටේහියුන්ග් ගැන ලොකු ගෞරවයක් ගැබ් වෙලා තිබුනා.
එයාට තිබුණ ප්‍රශ්නේ මේ වගේ එක්කෙනෙක් තමන් ලග වැඩ කරන නිකන්ම නිකන් සේවකයෝ කීප දෙනෙක් වෙනුවෙන් පොලීසියකට එයිද කියලා.ඒකත් අඩුම මීඩියා ඉස්සරහටවත් යන්නේ නැති කෙනෙක් .
ඒක අභිෂේක්ව ගොඩක් පුදුම කලා.
"ඒකට මොකද ඉන්ස්පෙක්ටර් "
"Please call me Abishek"
"Ok then you have to call me just Taehyung as well"
"වෙච්ච දේ මොකක් වුනත් මේක හිතා මතාම කරපු දෙයක් කියලා හොදටම පැහැදිලියි පැහැදිලියි ටේහියුන්ග්...උන් යද්දී කියලා තියෙන ස්ටේට්මන්ට එකට අනුව අනිවාර්යෙන්ම මේක ප්ලෑන් එකක් තමයි.. මෙහේ ෆෝමැලිටීස් නම් ඔක්කොම හරි.. ඔයාට මෙයාලව එක්කන් යන්න පුළුවන්.. හැබැයි මොනා හරි සැක කටයුතු යමක් වුණොත් මට වහාම දැනුම් දීමක් කරන්න ඔනේ... තේරුණාද ළමයි"
අභිෂේක් කිව්වේ ඇත්තටම ටේහියුන්ග් වගේ කෙනෙක් සාමාන්‍ය හතර දෙනෙක් නිසා එයාගේ වටිනා කාලය තියලා පොලිසියට ආපු එක ගැන සැක හිතෙද්දි
" ඔව් සර් තේරුනා..
කොල්ලන් දෙන්නට හිනා ගියේ අනිත් හතර දෙනාම එකට ඒක කිව්ව නිසා.
"Thank you so much Abishek ! එහෙනම් අපි ආයෙමත් හමුවෙමුකෝ දවසක.."
අභිෂේක්ට අතට අත දුන්න ටේහියුන්ග්ගේ පිටිපස්සෙන් ජන්ග්කුක් වගේම අනිත් කෙල්ලො තුන් දෙනත් හෙමින් ගෑටුවා.
මේ සම්පූර්ණ වෙලාවෙදි ටේහියුන්ග් එක තත්පරයක් වැරදීමකින්වත් ජන්ග්කුක් දිහා බලන්නේ නැතුව ඉන්න තරම් පරිස්සම් වුනේ ඒ නපුරු හිතේ තියෙන වේදනාව,තරහව කාටහරි පෙනෙයි කියලා බයෙන්...
එක පැත්තකින් ජන්ග්කුක්ගේ තුවාල වුන අතට වඩා හදවත රිදුම් දුන්නේ ටේහියුන්ග්ගේ හැසිරීමට.
කිසිම කතාවක් නැතුව කාර් එක හෝල් එක ලගට අරන් ආව ටේහියුන්ග් පිටිපස්සේ ශීට් එක දිහා බලලා,
"මින්ජි තරූවයි ටේහිවයි එක්කන් හෝල් එකට යන්න. මං ජන්ග්කුක්ව ඩොක්ටර් කෙනෙක් ළඟට අරන් ගිහින් එන්නම්..... "
කිව්වේ ජන්ග්කුක්ට හුස්ම ගන්න අමතක කරවලා
ජන්ග්කුක් බය වෙලා බලන් ඉද්දී අනිත් කෙල්ලො තුන් දෙනා කාර් එකෙන් බැහැලා ටේහියුන්ග්ට ස්තූති කරලා ජන්ග්කුක්ටද අත වනලා හෝල් එක පැත්තට ගියා.
මේ වෙනකන් වචනයක්වත් කතා කරන්නේ නැතුව තමන් දිහා අඩුම එක සැරයක්වත් බලන්නේ නැතුව ඩ්‍රයිව් කරන ටේහියුන්ග් දිහා ජන්ග්කුක් කීප සැරයක්ම බැලුවත් ටේහියුන්ග් නිකමටවත් ජන්ග්කුක් දිහා බැලුවේ නෑ
විනාඩි පහලොවකින් විතර කාර් එක නතර වුනේ private hospital එකක් ළග.යන්තමට ඇස් කොනෙන් ජන්ග්කුක් දිහා බලපු ටේහියුන්ග් කාර් එකෙන් බැහැලා කෙනෙක්ට කෝල් එකක් ගත්තා.
"කියපන් මචං.මං හවස් වෙලා පාර්ටි එක පැත්තේ එන්න ඉන්නේ."
ජේහොප් හිනාවෙලා කිව්වා.
"කොල්ලෝ උඔ හොස්පිටල් එකේද ඉන්නේ"
ජේහොප්ට තේරුණා ඒ කටහඩේ තිබ්බ කලබලකාරීත්වය
"ඔව් ! කියපන් මොකක්ද අවුල"
"හරි මං දැන් ඇතුලට එනවා.දැන්ම උඹ පොඩ්ඩක් එලියට වරෙන්.ප්ලීස් මචං "
ජේහොප් ගොඩක්ම පුදුම වුනා වුන දේ නම් ටේහියුන්ග්ගේ වචන වල තිබ්බ පහත්බව වගේම ආයාචනය
මේ ජේහොප් පොඩි කාලේ ඉදන් දන්න කිම් ටේහියුන්ග් නෙමෙයි.මේ..මේ ඉන්නේ ටේ.
කෝල් එක කට් කරපු ටේහියුන්ග්,
"ජන්ග්කුක් බහින්න"
"හි..හියුන්ගි...සර්..මං මෙහෙම...ඉන්නම්කෝ"
"හොස්පිටල් එකේ බලලා යන්න නෙමෙයිනේ අපි ආවේ ජන්ග්කුක් ! ප්ලීස් මගේ යකා අවුස්සගන්නේ නැතුව බහින්න වාහනයෙන්.
ඔයාගේ තුවාල වලට බෙහෙත් දාගෙන අපි ආපව් හෝල් එකට යමු"
ජන්ග්කුක්ට ඕන වුනේ නෑ ටේහියුන්ග්ව තවත් තරහ ගස්සන්න.ඔලුවත් පහත් කරගෙන බැස්ස ජන්ග්කුක් ටේහියුන්ග්ගේ පිටිපස්සෙන් හීමීට ඇවිදගෙන ආවා.
අභිෂේක් කොච්චර කිව්වත් ජන්ග්කුක් කැමති වුනේ නෑ බෙහෙත් දා ගන්න.ඒ නිසාම එතන හිටපු එක නිලධාරිනියක් උඩින් පල්ලෙන් ඒ තුවාලෙට බැන්ඩේජ් එකක් දැම්මා.ජන්ගකුක් දැනන් හිටියේ නෑ ඒක පැරිලා හොදම ලේ ගලනවා කියලා
ටේහියුන්ග් ලොකු උත්සහයක් ගත්තා එයා හොදින් කියලා පෙන්නන්න.ඒත් ඒ හිතේ තිබ්බ දුක,වේදනාව,කේන්තිය ඒ තියුණු පැහැදිලි ඇස් දිහා බලන ඕන කෙනෙක්ට තේරුම් ගන්න යන්නේ තත්පරයයි..
අන්න ඒ නිසාම තමයි කවදාවත් නැතුව තමන් දිහාවට පිස්සෙක් වගේ ඇවිදන් එන ටේහියුන්ග්ව දැකලා ජේහොප් කලබල වුනේ
"ඇයි බං මොකද වුනේ ? ඇයි උබ හොස්පිටල් එකට ආවේ"
ඒත් ටේහියුන්ග් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න මහන්සි වුනේ නෑ
"හොබා මේ ඉන්නේ ජන්ග්කුක්.ප්ලීස් ඉක්මනට මෙයාට treat කරන්න පුළුවන් ද?"
ටේහියූන්ග් කිව්වේ එයාගේ පිටිපස්සෙ ඔළුවත් බිමට හරවන් හිටපු ජන්ග්කුක්ව පෙන්නලා
"ඕ what happen ?
එන්නකෝ ජන්ග්කුක් අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා"
කිව්ව ජේහෝප් ටේහියුන්ග්ට සන් කලේ ජන්ග්කුක්වත් අරන් ඇතුලට එන්න කියලා
"නර්ස් පොඩ්ඩක් ඇතුලට එන්න "
ජේහොප් එයාලව එක්කන් ගියේ එයාගේ ප්‍රයිවට් රූම් එකට
හරි ලස්සන ආස හිතෙන නර්ස් කෙනෙක් ඇතුලට ආවා.
"කෝ බලමු මේ කියුට් බනීට මොකද වෙලා තියෙන්නේ කියලා"
නර්ස් ලස්සනට කිව්වම ජන්ග්කුක් ලාවට හිනා වුනා.
"අපි බලමු ඔයාගේ තුවාල කොච්චර ලොකුද කියලා"
නර්ස් එහෙම කියනවත් එක්කම ජන්ග්කුක් ටේහියුන්ග් දිහා බැලුවේ හරියට උදව් ඉල්ලනවා වගේ...
ඒ බෝල ඇස් වල කදුළුත් පුරවගෙන තොල් දෙකත් තද කරන් තමන් දිහා බලන් ඉන්න කොල්ලව දැක්කම ටේහියුන්ග්ගේ පපුව පැලෙන්න වගේ ආවා.
ජන්ග්කුක්ට වඩා වේදනා ටේහියුන්ග්ගේ හදවත..!
එතකොටම ජේහොප්ව විතරක් නෙමෙයි ජන්ග්කුක්වත් පුදුම කරවලා , ජන්ග්කුක් ලගට ඇවිදන් ආපු ටේහියුන්ග් ජන්ග්කුක්ගේ තුවාල නැති අතින් අල්ලගත්තේ එයාගේ අනිත් නිදහස් අතින් ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන්.
"බයවෙන්න එපා.මේ මගේ පොඩි කාලේ ඉදන්ම ඉන්න යාළුවා.යුන්ගි වගේම තමයි මට හොබාත් . එයා ඔයාට රිද්දන්නේ නැහැ.මගේ හොද කොල්ල වගේ දැන් පොඩ්ඩක් ඉවසන් ඉන්නකෝ ම්ම්ම්"
ටේහියුන්ග්ගේ කටින් පිටවෙන වචනවල බරක් පතලක් ටේහියුන්ග්ටත් තේරුණේ නැති වුනාට ඒ පපුව හූරගෙන යන ආදරණීය වචනවල බර යකඩ කිලෝ ගාණක් වගේ ජන්ග්කුක්ගෙ චූටි පපුවට දැනුණා.
අනේ දෙවියනේ මොකක්ද මේ වෙන්න යන්නේ
හියුන්ගි සර් මට ආදරේ කරනවද ?
එහෙම හිතෙද්දිම ජන්ග්කුක්ගේ ඇස් වලින් උණු කදුලු වැටෙන්න ගත්තා.
අඩුම ජන්ග්කුක්ට එයාගේ තුවාලය කොහොමද උනේ කියලාවත් මතක නෑ.මෙච්චර වෙලා ඒක ඉවසන් හිටිය ජන්ග්කුක්ට තවත් නම් ඉවසගන්න බැරුව ඉකිගහන්න ගත්තේ ජේහොප් තුවාලේ පිරිසිදු කරන්න ගත්ත නිසා.
එකපාරටම ජන්ග්කුක් ඉකිගහනවා ඇහුන ටේහියුන්ග්,
"අනේ ඇයි මැණික ගොඩක් රිදෙනවද"
කිව්ව ටේහියුන්ග් මෙච්චර වෙලා ජන්ග්කුක්ගේ ඔලුව උඩ තිබ්බ අත ජන්ග්කුක්ගේ පිට දිගේ ගෙනියලා එයාව පපුවට තුරුල් කර ගත්තා
"අනේ ප්ලීස් මචං රිද්දන්න එපා"
"ටේ...මට තුවාලේ ක්ලීන් කරන්න ඕන.මොනා වෙලාද මෙහෙම උනේ.මේක පොඩි පිහි පාරක් වගේ අනික මෙයාට පිටගැස්මට බෙහෙත් දෙන්න වෙයි. so please let me do my duty කොල්ලා "
ජේහෝප් කිව්වේ එයාගේ හිතේ ටේහියුන්ග් ගැන දැනුනු අනුකම්පාව හංගගෙන.
ටේහියුන්ගේ පපුවෙන් එන සුවද විදින ගමන් ජන්ග්කුක් තුවාලයට බෙහෙත් දාන එක ඉවසන් හිටියේ හරියට පිස්සුවෙන් වගේ...
එයා ඒක එච්චර ගණන් ගත්තේ නැති වුනාට ඇත්තටම ඒක ගැඹුරු පිහි ඇනුමක්
එක මිනිහෙක් පිහිය පෙන්නලා බය කලාම ඒකට පහරක් ගහන්න යද්දියි කැපුනේ කියලා තාම ජන්ග්කුක්ට මතක් වුනේ නෑ
ජන්ග්කුක්ගේ කදුලු වලට ටේහියූන්ග්ගේ කමිසය තෙත් වෙලා ගිහින් තිබුණා.
එතනින් සීතලක් දැනුණේ ඒසී එක නිසා වෙන්න ඕන.විනාඩි දහයකින් විතර බොහොම පරිස්සමෙන් බෙහෙත් දාලා ඉවර කරපු ජේහොප් නර්ස් දිහා බැලුවා.
"මිස් මට ටෙටනස්වලට ගහන ඉන්ජෙක්ෂන් එක අරන් එනවද ප්ලීස්"
"ඕකේ ඩොක්ටර්"
"අනේ අනේ ප්ලීස් මට බෑ ! මට බෑ ඉන්ජෙක්ෂන් ගහන්න බෑ ! අනේ...හි...හියුන්ගි සර්...මාව..බේරගන්න ප්ලීස්..සර්"
එකපාරටම ජන්ග්කුක් මහ හයියෙන් කකුල් ගස ගස අඩන්න පටන් ගත්තා.
"සොරි ජන්ග්කුක්.මේක ගහන්නම වෙනවා...මොකද ඔයාගේ තුවාලේ ඕපන් වෙලා තිබුනා ගොඩක් වෙලා.ඉතින් අපිට රිස්ක් එකක් ගන්න බෑ...ඒක නිසා මේක ගහන්නම වෙනවා..."
ඉන්ජෙක්ෂන් එක ට්‍රේ එකක තියලා අරන් එන නර්ස්ව දැක්කම ජන්ග්කුක් තව හයියෙන් අඩන්න ගත්තා.
මේ එදා තමන්ට බෙහෙත් බොන්නේ නෑ කියලා කෑ ගහපු ජන්ග්කුක්ම අද ඉන්ජෙක්ෂන් එකකට බය වෙලා.ටේහියුන්ග්ට හිතුනේ එහෙම
"අනේ නූනා ප්ලීස් එපා.මට යන්න දෙන්න ප්ලීස්"
"අනේ අනේ මේ මොකද.. පුංචි පැටව් යස අගේට ගහගෙන යනවා.ඉලන්දාරියෙක් වෙලත් මොකෝ මේ බය වෙලා.බයවෙන්න එපා අනේ.චූටි මදුරුවෙක් කනවා වගේ දැනෙන්නේ"
නර්ස් කිව්වේ හිනාවෙලා
ජේහොප් කටුව හයි කරගෙන ජන්ග්කුක් ලගට එනවත් එක්කම ජන්ග්කුක්ට සිහි නැති වුනා.
"අනේ හොබී ! මගේ කොල්ලා..."
කෑගහන ගමන් ඉස්සරහට පැන්න ටේහියුන්ග් ජන්ග්කුක්ව අත් අතරට ගත්තේ දෙපාරක් හිතන්නේ නැතුව.සිහි නැතිවෙලා ඉන්න ජන්ග්කුක්ගෙ සුදුමැලි වෙච්ච මූන අතගාන ගමන් ජේහෝප් දිහා බලපු ටේහියුන්ග්,
"අනේ මචං ප්ලීස් මොකද වුනේ මගේ කොල්ලට"
"බය වෙන්න එපා ටේ...කොල්ලට බය හිතුන නිසයි සිහි නැති වුනේ එහෙම නැතුව වෙන දෙයක් නෙමෙයි.කොහොම උනත් ඒකෙන් වුනෙත් හොදක්..."
ජේහොප් ජන්ග්කුක්ගේ දකුණු අතට ඉන්ජෙක්ෂන් එක ගැහුවා
"එහෙම නැත්නම් මෙයා මේක ගහන්න දෙනවා බොරු . දැන් උඹත් කලබල වෙන්නෙ නැතුව කොල්ලව ඔහොම ඇදෙන් හාන්සි කරවලා මෙන්න මෙහෙ වරෙන් මට තියෙනවා උඹෙන් දැනගන්න දේවල් ටිකක් "
ජේහොප් එහෙම කියන ගමන්ම ගිහින් එයාගේ පුටුවෙන් ඉදගත්තා.
"වරෙන් ඉතින් කිව්වම අහලා"
ජේහොප් කිව්වේ තාමත් ජන්ග්කුක්ව තුරුල් කරන් ඉන්න ටේහියුන්ග්ට හඩ ටිකක් සැර කරලා.
ජේහොප් ලගට ඔලුව පහත් කරන් ආපු ටේහියුන්ග්,
"මං දන්නව උඹ මගෙන් මොනාද අහන්න යන්නේ කියලා...ඒත් මට කියන්න තරම් දෙයක් නෑ හොබා"
ජේහොප් ඒක අහලා සමච්චලේට හිනාවුනා.
"Really ? උඹට ශුවර්ද කියන්න තරම් දෙයක් නැහැ කියලා.ඒත් මට නම් හිතෙන්නේ උඹට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ කියලා."
ජේහොප් කතා කලේ ටිකක් විතර දුකින්
ඒක ටේහියුන්ග්ට තේරුණා.
"සොරි මචං.seriously මට කියන්න තරම් දෙයක් නෑ.උඹ හිතනවා නම් මං මොනා හරි හංගන් හිටියා කියලා..නෑ බන් ! මං මේ තරම් ඒ පිස්සු කොල්ලට ආදරේ කරනවා කියලා අඩුම ඒකවත් දන්නේ නෑ"
ජේහොප් බැලුවේ ටේහියුන්ග්ගේ කදුලු පිරිච්ච දිගටි ඇස් දිහා
"ඒ කියන්නේ.."
හුස්මක් ඉහලට ගත්ත ටේහියුන්ග්, ජන්ග්කුක්ව දැක්ක වෙලේ ඉදන් මේ වෙනකන් හැමදේම ජේහොප්ට කිව්වා.
"දැන් උඹට තේරනවද ඇයි මං එහෙම කිව්වේ කියලා"
"සොරි ටේහියුන්ග්.ඇත්තටම මට දුක හිතුනා උඹ මගෙන් මේ දේවල් හංගලා කියලා.ඇයි බං පොඩි කාලේ ඉදන් හැමදේම එකට කරපු උඹ එකපාරටම කොල්ලෙක් අරන් ඇවිත් ඒ අස්සේ ඒකට මැණික කියලා කිව්වම ඕන හරකෙක්ට හිතෙන්නේ නැද්ද බන් ඒ උබේ කොල්ලා කියලා.
ඔන්න උඹට මල්ලි කෙනෙක් හරි මස්සිනා කෙනෙක් හරි හිටියනං ඒක වෙනම කතාවක් "
ජේහොප් කිව්වම ටේහියුන්ග් එයාට හිනාවකින් සංග්‍රහ කලා.
"ජන්ග්කුක් නැගිටින්න වගේ යන්නේ "
ජේහොප් ඉක්මනට දුවලා ඇදලා ලගට ගියා.
ඒත් එක්කම ටේහියුන්ග්නුත් පුටුවත් පෙරලගෙන ජන්ග්කුක් ලගට ආවේ වේගයෙන්
"ඔ..ඔම්ම්මා...ම්ම්..ම්ම්"
කෙදිරි ගාන ගමන් ජන්ග්කුක් හිමින් ඇස් ඇරලා වටේ බැලුවා.
"ජන්ග්කුක්?"
ජේහොප් හීමීට එයාට කතා කලා.
"ඔයාට දැන් හොදයි නේද ?"
ඇස්වලට කුරුළුත් පුරවගෙන ජන්ග්කුක් එන්නත් කරපු තැන අත ගාන්න ගියත් වැඩේ හරි ගියේ නැත්තේ නම් අතත් තුවාල වෙලා නිසා.ඒක තේරුම් ගත්ත ටේහියුන්ග් මුකුත්ම නොකියා ජන්ග්කුක් ලගට ඇවිත් ඒ එන්නත විදපු තැන මෘදුව අතගාන්න ගත්තා.
"ටෙටනස් එක ටිකක් painful.පැය කීපෙකින් අඩු වෙයි
හරි එහෙනම් දැන් ගෙදර යන්න පූළුවන් මේ ළමයට"
ජේහොප් කිව්වේ ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන්
"හි..හියුන්ගි...ස්..සර්.."
අමාරුවෙන් ඇදෙන් නැගිට ගත්ත ජන්ග්කුක්,
"මාව ප්ලීස් හෝල් එකට එක්කරන් යන්නද"
ඒත් ටේහියුන්ග් මුකුත්ම කිව්වේ නෑ
"එහෙනම් මචං තැන්ක්යූ සෝ මච්.උඹ එනවනේ රෑ වෙලා පාර්ටි එකට"
"අනිවා ටේ ! යුන්ගි එන්නේ කීයටද ?"
"ඌත් එනවා කිව්වා අට වෙද්දි"
"හරි එහෙනම් ජන්ග්කුක්ට අර ලියල දුන්න බෙහෙත් ටික අරන් දෙන්න.වරද්දන්න එපා පැය අටකට පාරක් බොන්න ඕනෙ. For seven days"
"හරි කොල්ලෝ . මං දැන් යන ගමන් ගන්නම්"
ජේහොප් දිහා බලපු ජන්ග්කුක්,
"තැන්ක්යූ සෝ මච් ඩොක්ටර්"
"යුවර් වෙල්කම් ජන්ග්කුකී "
හොස්පිටල් එකටම එහා පැත්තේ තිබ්බ ෆාමසි එකෙන් ජන්ග්කුක්ගේ බෙහෙත් ටික වගේම ලේ වඩන්නේ බොන විටමින් එකක්ද අර ගත්ත ටේහියුන්ග් ජන්ග්කුක්වත් අරන් වාහනයට නැගලා ඩ්‍රයිව් කලේ කිසිම විදියක කතා බහක් නැතුව.
එයාගේ ෆෝන් එක ගත්ත ටේහියුන්ග් යුන්ගිට කෝල් එකක් ගත්තා.
"මචං උඹ කොහෙද ඉන්නේ?"
"මං දැන් ඔහෙට ලගයි"
"උඹ එහෙනම් green palace hotel එක ගාවට වරෙන්.මම තව පැය කාලෙන් ඔතන"
"මේ වෙලාවේ ? ඇයි මොකද උනේ ? දැන් තව පැයකින් විතර පාර්ටි එකත් පටන් ගන්නවා නේද . මං උඹට කෝල් එකක්වත් ගත්තේ නැත්තේ බිසී ඇති කියලා "
"හරි බං.! මං දන්නවා උඹ වරෙන්කෝ මං කියන්නම් "
තවත් මුකුත්ම කියන්නේ නැතුව කෝල් එක කට් කරපු ටේහියුන්ග් ඊලගට කල්පනා කලේ දැන් මොකද කරන්නේ කියලා.
ඉන්ජෙක්ෂන් එක නිසයි තුවාලේ වේදනාව නිසයි ජන්ග්කුක්ට නින්ද ගිහින් තිබුනා.
එයා දිහා බලපු ටේහියුන්ග්ගේ ඇස් වලට අහු වුනේ දූවිල්ලෙන් වගේම ලෙයින් කිලුටු වෙලා තිබ්බ සුදු ශර්ට් එක.
ජන්ග්කුක් දිහා බලපු ටේහියුන්ග් තත්පර කීපයක් ඇතුලත පාරෙන් එහා පැත්තේ තිබුන ෂනෙල් එකට දාලා පාර්කින්ග් එකෙන් නැවත්තලා සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න කාර් door එක ඇරගෙන එලියට බැස්සේ ජන්ග්කුක් ඇහැරෙන්නේ නැති වෙන්න.
ටේහියුන්ග් ඉක්මනට ඇතුලට දිව්වේ ජන්ග්කුක්ට අදින්න ඇදුමක් ගන්න.ඒකත් ජන්ග්කුක් ඇහැරෙන්න කලින් ගන්න ඕන.
විනාඩි දහයක් පහලොවක් අතර තුර ටේහියුන්ග්ට පුලුවන් වුනා ඇදුම් ටික අරන්
ආපව් එන්න.එයා එනකොටත් ජන්ග්කුක් ඇහැරන් හිටියේ නැති එක ගැන ටේහියුන්ග් දෙවියන්ට ස්තූති කළා.
ටේහියුන්ග් ඊලගට ඩ්‍රයිව් කලේ green palace hotel එකට.එයා කාර් එක ඇතුලෙන් නතර කලා.
ආපව් යුන්ගිට කෝල් එකක් ගත්ත ටේහියුන්ග්,
"කොල්ලෝ උඔ ආවද ?"
"ඔව් entrance එකේ ඉන්නේ"
"ප්ලීස් ඔහොම්මම පාර්කින් එකට වරෙන් කොල්ලෝ "
යුන්ගිට මුකුත් කියන්න දෙන්නේ නැතුවම කෝල් එක කට් කරපු ටේහියුන්ග් බලන් හිටියේ යුන්ගි එනකන්
කාර් ශටර් එකට යුන්ගි තට්ටු කලත් අනිත් ශීට් එකේ ඉන්න ජන්ග්කුක්ව දැකලා ගොඩක් බය වුනා.
"යකෝ ! තෝ මොනාද මේ කරන්නේ!!"
යුන්ගි ඇහුවේ තරහින් වගේම පහත් හඩින්
"ප්ලීස් මචං මට කොල්ලව රූම් එකට ගෙනියන්න හෙල්ප් කරපන්.මං උඹට ඔක්කොම විස්තරේ කියන්නම්"
නලල තදින් මිරිකගත්ත යුන්ගි,
"හරි දැන් මේ කොල්ලා නිදිද මේ"
"මං හිතන්නේ ඔව්"
"යකෝ මං හිතන්නේ කියන්නේ ! තෝ මාර බඩුවක් නේ "
යුන්ගි කෑ ගැහුවේ තරහින්
"ජන්ග්කුක්.. ජන්ග්කුක් ! ජන්ග්කුක් මල්ලි..
නැගිටින්න "
යුන්ගි එහෙම කියන ගමන් ජන්ග්කුක්ගේ උරහිස් වලින් හොලවන්න ගත්තා.
හෙමින් ඇස් ඇරිය ජන්ග්කුක් එයාගේ මූන ලගම හිටපු යුන්ගි නිසා බයවෙලා කෑ ගැහුවා.
"බය වෙන්න එපා ජන්ග්කුක්.මේ මම...යුන්ගි"
එකපාරටම ජන්ග්කුක්ගේ අත අල්ලගත්ත ටේහියුන්ග්,
"ජන්ග්කුක් ප්ලීස් බය වෙන්න එපා "
"හි..හියුන්ගි...සර් අපි මේ කොහෙද ඉන්නේ "
"අහන්න අපි ඉන්නේ හොටෙල් එකක පාර්කින් එකේ.ඔයාට මාව විශ්වාස කරන්න පුලුවන් නේද"
ජන්ග්කුක් හීමීට ඔලුව වැනුවා.
"හරි එහෙනම් දැන් හොද ලමයා වගේ යුන්ගියි මායි එකක් යං වාහනයෙන් බැහැලා.කෝ හෙමීට බහින්න ! අත පාරගන්න එපා..."
ටේහියුන්ග් කිව්වේ ගොඩක් ආදරණීයව
ඔලුව වනපු ජන්ග්කුක් වාහනයෙන් බැස්සම ටේහියුන්ග් එයාගේ අතේ තිබ්බ ශෝල් එකකින් ජන්ග්කුක්ගේ මුලු උඩුකයම වහලා දැම්මා.
යුන්ගි මේ දිහා බලන් හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරුව.'මේ යකා මොන මගුලක් කරන්න හිතන් ඉන්නවද මන්දා" කියලා ටේහියුන්ග්ට හිතින් බනින ගමන්.
"හරි යන් යුන්ගි
ජන්ග්කුක් බය වෙන්න එපා අපි ඉක්මනට පාර්ටි එකට යනවා"
එහෙම කිව්ව ටේහියුන්ග්ගේ ජන්ග්කුක්ගේ අත යන්තන් ස්පර්ශ කලා.
ටේහියුන්ග් යුන්ගි එක්ක හොටෙල් එක ඇතුලට ආපු ජන්ග්කුක්ව එක පාරටම ඇකිලිලා ගියේ ඒසී එකෙන් දැනෙන සීතලට.
අද ඒ සීතල දරන්න තරම් ජන්ග්කුක් ශක්තිමත් නෑ.
එක රූම් එකක් ඉස්සරහ නතර වුන ටේහියුන්ග් එයාගේ wallet එකෙන් කාර්ඩ් එකක් අරගෙන ඒකෙන් රූම් ඩ්‍රො එක ඇරගත්තා.ටේහියුන්ග් අනිත් දෙන්නත් ඇතුලට ආවට පස්සේ දොර වහලා දැම්මා.
ගොඩක් සැප පහසුකම් වලින් පිරිලා තිබ්බ රූම් එක දැක්කම ජන්ග්කුක්ට හීල්ලුනා.අප්පච්චි කවදාවත් එයාව මේ වගේ ලොකු හොටෙල් එකකට අරන් ඇවිත් නෑ කියලා එයාට හොදටම මතකයි.
ජන්ග්කුක් මේ වෙලාවේ හිටියේ වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ.අද දවසේ වෙච්ච හැමදේම කොල්ලගේ ශක්තිමත් හිත හොල්ලලා තිබ්බේ.
මොනා වුනත් ටේහියුන්ග් එක්ක මේ ආව ගමන ගැන ජන්ග්කුක්ගේ හිතේ පුංචි හරි සැකයක් තිබුණේ නැහැ..ටේහියුන්ග්ට ඕනේ නම් පුලුවන්කම තිබ්බා එයත් එක්ක තනියෙම මේ හෝටල් කාමරයට එන්න ඒත් ටේහියුන්ග් එහෙම කළේ නැත්තේ තමන් ගැන හිතන හින්දා කියලා ජන්ග්කුක්ට තේරුණා....
"ජන්ග්කුක් ඔයා හොඳ ළමයා වගේ ඔක්කොටම කලින් බාත්රුම් එකට ගිහින් වොශ් එකක් දාන් මෙතන තියෙන ඇදුම්වලින් ඔයාට කැමති එකක් ඇඳගන්න.. එතකන් මම යුන්ගිට කතා කරන්නම්"
එහෙම කිව්ව ටේහියුන්ග් ෂනෙල් බෑග් ටික ජන්ග්කුක්ට දුන්නා.
"යන්න ජන්ග්කුක් අපිට ගොඩක් පරක්කු වෙන්න බැහැ..ඉක්මන් කරන්න"
යුන්ගි කිව්වේ මුකුත් කරන්නේ නැතුව බලන් ඉන්න කොල්ලට.. තත්පරයක් දෙකක් බලන් හිටිය ජන්ග්කුක් ඔලුව වනලා බාත්රූම් එකට ගිහින් දොර වහ ගත්තා...
ඒත් එක්කම දෙයක් මතක් වුන ටේහියුන්ග්.,
"බනී.... ඇඟ තෙමන්න එපා.
තුවාල අතයි ඉන්ජෙක්ෂන් ගහපු තැනයි දෙකම තෙමන්න එපා.."
දොර ළඟට ගිහින් ටිකක් සද්දෙන් කිව්වා.
"හරි දැන් කියපන්කෝ මොකක්ද වුණේ කියලා.."
යුන්ගි බැරෑරුම් මුහුණක් මවා ගන්න ගමන් ඇහුවා.......
මේ වෙනකන් වුන හැමදෙයක්ම යුන්ගිට කියන ගමන් කෑම ඕඩර් කරපු ටේහියුන්ග් අන්තිමට යුන්ගි දිහා බැලුවා.
" උඹ හිතන්නෙ මං වැරැද්දක් කළා කියලද..?"
"නැහැ බං මං හීනෙකින්වත් උඹ ගැන එහෙම හිතන්නෙ නැහැ.. ඒත් මං උඹට මේක නම් කියන්නම ඕනේ.. "
"මොකක්ද.."
ටේහියුන්ග් ඇහුවේ පුදුමෙන්....
"උඹට මේ ගමන කොල්ලත් එක්ක යන්න පුළුවන් නම් විතරක් ඒකට අඩි තාලම තියපන්.මං ඕනේ දේකට උඹත් එක්ක ඉන්නවා.ඒත් කොල්ලව අතරමග හලලා යන්න වැඩ සිද්ධ වෙනව නම් මේව මෙතනින්ම නවත්තලා දාපන් ටේ.ඒකා කටකාර වුනාට හරි අහිංසකයි බං."
හොද හුස්මක් ගත්ත ටේහියුන්ග්,
දෙයක් කියන්නත් කලින් වේටර් ඇතුලට ආපු නිසා එයාට ඒ දේ කියාගන්න බැරි වුනා.
"මං ටිකක් එලියට යන්නම්.උඹ හොදට හිතලා තීරණය ගනින්.ඉක්මනට කරන දෙයක් කරලා කියන්න තියෙන දෙයක් කියපන්.මට රින්ග් එකක් දීපන්.මං ලොබි එකේ ඉන්නේ"
යුන්ගි එලියට ගියේ ටේහියුන්ග්ට හිතන්න වෙලාව දීලා.
ලොබි එකට යනගමන් හිටපු යුන්ගිට දෙයක් මතක් වුනා.ඒ වෙලාවෙම ඒක ටේහියුන්ග්ටත් මතක් වුනා.
Flashback 💫
"නැත්තේ මොකෝ ? බොට මොකක් හරි සිරාවටම වෙලා තියෙන්නේ බලපන් පැය බාගයක් තිස්සේ උඹ බියර් එකෙන් කාලක්වත් බීලා නෑ.කල්පනා කරනවා විතරයි?"
"සොරි මචං මන්වත් දන්නේ නෑ"
"උඔ කලබල වෙලා තියෙන්නේ බිස්නස් එක ගැනද එහෙමත් නැත්නම් වෙන දෙයක්ද ?"
තමන්ට දැනෙන හැගීම් යුන්ගි එක්ක බෙදාගන්න ටේහියුන්ග්ට දැනුණේ ලැජ්ජාවක්.ඒත් ලැජ්ජාව පැත්තකින් තියලා මේ ගැන කතා කරන්න හොදම කෙනත් යුන්ගි කියලා ටේහියුන්ග් දන්නවා.
"මචං මට ජන්ග්කුක්ව දැක්ක වෙලේ ඉදන් පිස්සු වගේ."
බොහොම අමාරුවෙන් ටේහියුන්ග් හොරෙන් කියලා දැම්මා.
"අම්මපා සිරාවට"
එකපාරටම ඉස්සරහට පැන්න යුන්ගි ටේහියුන්ග්ව බදා ගත්තා
"මට මාර සතුටුයි.අවුරුදු කීයක් ගියාද උඹේ කටින් ඔහොම අහගන්න.ඇත්තමයි ටේයියෝ.බියර් එකක් දීලා ශේප් වෙන්න හිතුවා මදි පුතෝ.දවස් ගානක් පාටි දාන්න ඕන වැඩක් මේක "
යුන්ගි කිව්වේ ලොකු සතුටකින් ඒත් ටේහියුන්ග් හිටියේ සතුටින් නෙමෙයි.
"දැන් මට කියපන් කොල්ලා මේක දන්නවද කියලා"
"නෑ බං එයා දන්නවා තියා මං වත් දන්නේ නෑ මේ ෆීලිං එක මොකක්ද කියලා"
ටේහියුන්ග් ලොකු හුස්මක් පහලට දැම්මා
"ඉතින් පොල් බූරුවෝ උඹට ඕක තේරෙන්නේ නැද්ද ! හරි මං අහන දේවල්වලට මට උඹ කෙලින් උත්තර දීපන්කෝ"
"හ්ම් "
"හරි දැන් මට කියහන් උඹට කොල්ලව දැක්කම මොකද හිතෙන්නේ"
මොහොතක් ඇස් පියා ගත්ත ටේහියුන්ග්,
"මගේ පපුව උඩින් ලොකු බරක් තියලා වගේ හිර වෙනවා...තව.. ම්ම්ම් හුස්ම ගන්න වේගේ වැඩි වෙනවා."
"හරි තව මොනාද වෙන්නේ"
ටේහියුන්ග්ට ජන්ග්කුක්ව මැවිලා ආපව් නොපෙනී ගියා
"එයාව ලගට කරන් තියන් ඉන්න හිතෙනවා.එයාගේ අතින් අල්ලන් ඔහේ ඇවිද ගෙන යන්න හිතෙනවා.එයාගේ ලගට වෙලා කතා කරන ඒ බෝල ඇස් දෙක දිහා බලන් ඉන්න හිතෙනවා."
"හරි හරි නවත්තපන්.තව ටිකක් ගියොත් එහෙම උබ මෙතන ඒකත් එක්ක හනිමනුත් යනවා"
යුන්ගි එහෙම කිව්වම ටේහියුන්ග් එයාගෙම තොල් හපා ගත්තා.එයාට දැණුන ලැජ්ජාව කොච්චරද කියනවනම් එයාගේ කම්මුල් කන් වල ලේ පිරෙනවා එයාටම දැනුණා.
"සොරි මචං"
ටේහියුන්ග් ඒක කිව්ව විදියට යුන්ගිට හිනත් ගියා.
"උඹ මට කියන්නේ මේ ආදරය නෙමේ කියලද.. ටේහියුන්ග්.. මේ අහපන් මං අවංකවම උඹ ගැන දුක් වුණා. මෙච්චර කල් ගිහිල්ලත් උඹ කෙල්ලෙක් දිහා බලන්නේ නැති කොට.පපා ජින් කොයි තරම් නම් වොරි වෙනවද කියල උඹ දන්නේ නැහැ කොල්ලෝ... ඒ මිනිස්සු කී පාරක් මඟුල් හෙවුවද? එත් උඹ කවදාවත් කැමති වුණේ නෑනේ. සමහර විට මේ ඉන්නේ උඹේ හස්බන්ඩ් වෙන්න ඉන්න කොල්ල වෙන්න පුළුවන්.. ඒක එහෙම නම් අර අහිංසක පපාටයි අප්පාටයි ඇති වෙන සතුට මට හිතා ගන්න බැහැ.
යුන්ගි එයාගේ වීදුරුව හිස් කරලා දැම්මා.
මෙච්චර වෙලා හැමදේම අහගෙන හිටිය කොල්ල හෙමිට ඔලුව උස්සලා ..
"උඹ කියන්නේ මං ඇත්තටම කොල්ලෙක්ට ආදරය කරනවා කියලද?"
"මේ අහපත් ටේයියෝ... ආදරය මේකයි කියල ඔන්න පෙන්නන්න පුළුවන් දෙයක් නම් මම උඹට ගෙනල්ලම පෙන්නලා දෙනවා"
"විහිළු නෙමෙයි yoongi"
"මාත් විහිළු නෙමෙයි කරන්නේ. උඹ ඇත්තටම ඒකාට ආදරේ කරනවා කියලයි මට හිතෙන්නේ. තවත් පරක්කු නොවී ඉක්මනට කොල්ල එක්ක කතා කරපං ජන්ග්කුක් කියන්නේ ලස්සන කොල්ලෙක් ඒ වගේ කොල්ලෙක්ට කෙල්ලෙක් නෑ කියල හිතන්නත් බැහැ."
යුන්ගිගේ කටින් ඒ වචන පිටවෙනවාත් එක්කම කොල්ලගේ මූණ දුකෙන් කළු වුණා.
"කොහොම උනත් උඹ මේක සිරියස්ව හිතනවා නම් අද හෙටම කොල්ලට කතා කරන්න ඕනේ. ඒකට සුබ නැකතක් කියල හිතාගෙන අහල බලපන්.එහෙනම් මං යන්නම් මට හෙට උදෙන්ම අලුත් ඕඩර්ස් වගයක් බලන්න බුසාන් යන්න ඕනේ.."
කියපු යුන්ගි ටේහියුන්ග්ගෙන් සමු ගත්තා...
Flashback end 💫
"මං ඔයාට අද ඒක කියනවා ගුකී ! "
_________________________________________
අම්බෝ වචන 4470 ! යි.
ඔන්න ඔයලා බලන් හිටිය දවස එනවා.💗
අනේ අදනම් වෝට් එකකුයි කමෙන්ට් එකකුයි දාගෙන යන්න හොදද
ඔය හොරෙන් යන අයට කියන්නේ 🤣
අද ඇත්තටම මං ගොඩාක් මහන්සි වුනා.
අනේ ටේහියුන්ග් ගොඩක් ආදරණීයයි නේද !
මංම කකුල් තද කරගත්තා ඉවසගන්න බැරුව...
AHHH !!!
මං කියවපු නවල් එකක් කෑලිත් දැම්මා.ඒක ලස්සන නිසා.මං හිතනවා අවුලක් නෑ කියලා.
DON'T FORGET TO VOTE & COMMENT
🐞❤️