නුඹ ඍතුවක්🌼🌼(✅...)

By DEESHAPONNAMPERUMAGE

448K 61.5K 32.3K

ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!.... More

01කොටස.....🌼
02 වන කොටස...🌼
03 වන කොටස🌼
04 වන කොටස🌼
05 වන කොටස🌼
06වන කොටස🌼
07 වන කොටස🌼
08වන කොටස🌼
09වන කොටස..🌼
10 වන කොටස..🌼
11වන කොටස🌼
12වන කොටස🌼
13 වන කොටස..🌼
14 වන කොටස..🌼
15 වනකොටස...🌼
16 වන කොටස...
17 වන කොටස.....🌼
18 වන කොටස.....🌼
19වන කොටස....🌼
20 වන කොටස...🌼
21 වන කොටස..🌼
22 වන කොටස...🌼
23 වන කොටස...🌼
24 වන කොටස....🌼
26 වන කොටස....🌼
27 වන කොටස.....🌼
28වන කොටස....🌼
29 වන කොටස.....🌼
30 වනකොස...🌼
31 වන කොටස...🌼
32 වන කොටස...🌼
33වන කොටස...🌼
34වන කොටස.....🌼
35 වන කොටස......🌼
36 වන කොටස...🌼
37 වන කොටස....🌼
38 වන කොටස......🌼
39වන කොටස...🌼
40 ඍතුවක අවසානෙට....!🌼
හදපිරි ස්තූතිය ‼️

25 වන කොටස....🌼

10.5K 1.4K 1.2K
By DEESHAPONNAMPERUMAGE

ඇසලයො.....

අපෙ මැනිකෙ......

වලව්වට යන්න හදපු මං ආයම නැවතුනා...නැන්දම්මගෙ මුන තනිකරම තනිකරම ණය මැරුන අහිකුන්ටකයා ගානයි දැන්.....අයියෝ....ඉතින් මේ මහතැන නහින නැහිල්ලක්......
.

මෙහෙ වරෙන්......

මං ලගට ගියා..ගිහින් මැනිකෙ ගාවින් හිටගත්තා .......

ආ ඇසලයො.......දැන් උඹලගෙ මගුල කෙරිලා දවස් දෙකක් ගෙවුනා ...

එහෙමයි...අපෙ මැනිකෙ....

මං පුරුදු විදිහටම ඇස් හීනි කෙරුවා .....මහතැන කියනවා මගුල කෙරිලා දවස් දෙකක් ගෙවුනයි කියලා ..ඊලගට කියන්ඩ හදන්නෙ .....උඹ කවදද මට උනුබුරෙක් දෙන්නෙ කියලද දන්නෙ නෑ......අනේ...අනේ....මහතැන මේ......උඹගෙ බිබික්කමගෙ බර දරාගන්නෙත් හරි අමාරුවෙන් ..........

බේබි හාමු ...ඔය දවස් දෙකට කොහොමද උන්නෙ......රෑට.......??

ර්...රෑට......

ඔව් බන් රෑට තමයි.......කන නැද්ද උඹට

මේ ගෑනි මක්ක අහනවද.... බේබි හාමු රෑට උන්නෙ කොහොමද අහන්නෙ...රෑට උන්න හැටි ඇහුවා නම්...අනිවාර්යයෙන්ම බිබික්කමට බාල සහෝදරයෙක් මේ දැන් හම්බෙනවා...ඒතරම් වලත්ත වැඩ ගොඩක් බේබි හාමු කෙරුවෙ......දවස් දෙකටම මට ස්වර්න විමානෙ පෙන්නුවා කියන්නද........නැත්තන් ...ඇද වියල මිරිකන් දෙයියන්ට කෙදිරි ගාන්න ඉගැන්නුවා කියන්නද......

රෑට..කියන්නෙ මැනිකෙ....

උඹට ඕකට ඔච්චර තටමන්න දෙයක් තියනවද ඇසලයො මං අහන්නෙ දරුවා මොනවා ගැනද කියෙව්වෙ කියලා ......ඉස්සර වගෙ විකාර කියෙව්වද.....

ආ...ආ...එහෙම නෑ අපෙ මැනිකෙ...අනේ...බේබි හාමුගෙ කටේ තියෙන්නෙම දිවිය විමාන ගැන....ස්වර්ග දොරටු ගැන..........

හැබෑට......

අනේ එහෙමයි අපෙ මැනිකෙ......රෑ එලිවෙනකම්ම...ඉතින් හද ගැනයි....කවියො හැනයි.........ස්වර්න විමානෙන් එහා ලෝකෙ පවා පෙන්නුවනෙ මැනිකෙ මට......

හැබෑට......එහෙමද.......ඉතින්....උඹ මක්කද කිව්වෙ ඔව්වා කියලා දෙනකොට ....හොදට අහගන ඉදපන් ඉස්කෝලෙත් නොයන එකෙ...උඹලා නොදන්නවා උනාට බේබි හාමු උගතා...අනේ ඉතින් ...මයෙ කොල්ලගෙ බුද්දියක මහිමෙ...!

මහ තැන කම්මුලට අත ගහගත්තා ...........අනේ අම්මෙ...බලාපල්ලකො...බිබික්කමගෙ දැනුම් සම්භාරෙ ගැන කියනකොට සුගලගෙ ඔලුවෙන් රැස් වලල්ලකුත් එලියට පැන්නා.......
මං කියන්නෙ එක දිවිය විමානයක් .....මැනිකෙ හිතන්නෙ තව එකක්........මහ තැන දන්නවා නම්.....ඒ ව්මානෙ මවන්නෙ මගෙ බෙල්ලෙන් පහලය කියලා ..මේකිගෙ බුද්දි මට්ටම හීනි වෙනවා සීනි  මට්ටම පහල බහිනවා වගේ......

දැන් උඹ කියන්නෙ.....බේබි හාමු දැන් කේන්ති ගන්නෙ නෑ.....අර තෛලෙ එහෙම ඔලුවට ඉලුවද.....??ඔව්වා හරියට හොයලා බලලා කරපන් ඇසල........මගෙ එකා මනාප නෑ මන් ඔව්වා ගැන හිතලා  ලෙඩා දුකා වෙනවට.....

අපෙ..අප්පෙ...ඔව් මැනිකෙ....මං ගාන්නම්......මොකද මට බැරි.....මැනිකෙ බයවෙන්ඩ කාරියක් නෑ.......ඉන්ධර් හාමුට දැන් ගුනයි....

හ්ම්...හ්ම්....යමන්කො යමන්කො ....ගිහින්  අර මං කියාපු කාරනාව කරලා ඔය දූවිලි එහෙම පිහලා ගනින්.....නන්දට කියාප වී තම්බන්ඩ තියනව කියලා දවල් බත ඕන් නෑ.....මං පාන්දර ඉව්වනෙ......

එහෙමයි අපෙ මැනිකෙ......

හ්ම්.......ලොකු හාමුගෙ කාමරෙ ඇද රෙද්දට තද පාට නොදා ලා පාටක් දාපන්.....කිරි එකක් හලාගන ඇද රෙද්දෙන් එකයි සුදු තිත්....ඇද රෙද්ද අර රෙදි කූඩෙ ඇති එහෙම්ම ගිහි පෙගෙන්ඩ දාපන් සිනිගදයි......අතුලන්ඩ කරන්ඩ කලියෙන් පෙගෙන්ඩ දාපන්.......

එහෙමයි මැනිකෙ.......

මං එන්න ආවා....ඒ උනාට මට අවසානෙදි මගෙ හිතට මහ මොකක්ද දැනුනා.   කිරි එක හලාගත්තා කියන්නෙ...නාකියට ලාදුරුද දැන්??.....???අනේ මන්දා...මේ යකාට හලාගන්නෙ නැතුව මොන මගුලවත් බොන්න බෑනෙ.....පව්....අග බිසවගෙ ලොට තනෙ වගේ නෙවෙනෙ කෝප්පෙ....

චිහ්...කොච්චර උනත් මගෙ හිත පිලිගන්නෙම නෑනෙ කිරි එක හලාගත්තා කියලා ...වෙන කිරි ජාතියක්වත් හැලුනදෝ.......අනික බින්දු බින්දු කිව්වා.....

ශික්කේහ්..........

එක පාරම හත්තිය ගේන ගුලිය මතක් උන මගෙ මගෙ කන් දෙකෙම්ම දුන් විසිවෙන්න ගත්තා ....මගෙ අතපයත් එක්කම   හිරිවැටිලා ගියා....බින්දු බින්දු වැටුනා නම්...ඉතින්.......ආය හොදම කිරි එක තමයි හලන් තියෙන්නෙ....චිහ්...නාකි කමට......මටයි මගෙ මිනිහටවත් ඔහොම විසයක් නෑ......... 

කියන්න පුලුවන් ඔක්කොම කුප්ප කුපාඩි කතා කියපු මන්  අරකගෙ එලාර්ම් එක තුනටත් නැතුව කෙලිම්ම දෙකයි හතලිස් පහට තිබ්බා.....බේබි හාමු මගෙන් අහන්න එනවද...නෑනෙ........

මේක යකො හරක් පොර අල්ලපු තැනක් වගේනෙ ...මේ බලපල්ලකො.....වියනුත් ගැලවිලා.....අනේ අම්මපා....ඊයෙ රෑ නම් හොදටම දොදොලෙ හැදි ගාලා තියනව වගෙ...... .කොච්චර හැදිගෑවත් ඔච්චර තමයි මොකද ඕක ආය මස්කට් වෙනවද...නෑනෙ.......

.මං මහ උන් දෙන්නගෙ ඇද දිහස් බැලුවා....තදපාට ඇද රෙද්ද දැනටමත් ගුලි කරලා ගුලිකරලා රෙදි කූඩෙට ඔබලා තියනකොට යටට දාන කපු රෙද්ද ගුලි වෙලා ගිහුන් තිබුනා...හතර පැත්තෙම්ම බෝරිච්චි කරාපු සුදු කපු රෙද්දට උඩින් තමයි දාන ඕන මගුලක් දාන්නෙ.....

..ඇදට් නැගපු මං මෙට්ටෙ පාගන්නෙ නැතුව දාරවල හිටගන ඇද වියල ආපහු ගැටගැහුවා...ඇයි ඉතින් අපි වගෙ පැදුරු වල බුදියන උන් මෙව්වල නැග්ගම මහ මැනිකෙ හිතන්නෙ රොඩියෙක් නැග්ග ගානටනෙ....   .....

ඉන්ධර් හාමු පපුවෙ තියන් හැදුවා උනත්...වලව්ව අස්සෙ සමහර තැන්වලදි තැලෙනෙ තැලිල්ලට මගෙ පපුව හැමදාකම ඇදුම් කෑවා.....   මහ තැන.....තම්මැට්‍ටම.....බිබික්කම මේ හැමෝම සාලෙ ඉදන් ටීවි බලනකොට අපිට උරුම උනේම දොරකොඩින් එහා පිල් කඩේ වෙනකොට මාව මෙහෙට එක්ක ආවදාම ඉන්ධර් මට ටීවි බැලිල්ල තහනම් කෙරුවා ............

අපිට ඉතින් කොහෙන්ද වාසනාවක්...........කබලෙන් ලිපට වත් වැටෙනවා....ඒත්...පැදුරෙන් වැටෙන්න වත් තැනක් තියනවද............මන්දා.....ඉන්ධර් කියනවා මනාප නෑලු....ඔව්...හාමු...උඹගෙ පැත්තෙන් බැලුවම...මං විදින දුක එක්ක උඹට මනාපයක් නැතුව ඇති...ඒත්....මට්ටමෝලෙ අර ලියන මහත්තයගෙ තැන මට???

සුගලා මැනිකෙ මට කනක් ඇහෙන්ඩ දෙන එකක් නෑ...........මහ හාමුවා.....මහ හාමුවාට නම් මොලේ තියන හන්දා මොකක් හරි කියන්ඩ පුලුවන් ඒත්...අරක...........

මට හුස්මක් පිට උනා.....මුලු වලව්ව පුරාවටම බාගෙට බාගයක්ම තියෙන්නෙම කලුවර ලීයෙන් හදාපු ලී බඩු වෙනකොට මං මහ මැනිකෙලාගෙ ඇදන් රෙදි...තුවා...මේස රෙදි වගේ දේවල් දාන ඒකටම වෙන් උන අල්මාරිය ඇරියා ......

මල් වැල්...දිය වැල්...ලිය වැල් කපාපු අල්මාරිය රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ ඉදන් එන එකක් තරමට පරන උනත්......තන්හාවෙන් රකින හන්දමදො.....තවමත් ඒ හැම දේම අලුත් පනා පිට තිබුනා....ඒ විතරක් නෙවෙ   ඉන්ධර් පවා හරි පරිස්සම්....හරි පිලිවලයි....කොටිම්ම....මගෙ ඉන්ධර් කියන්නෙම විස්තර කරන්න අමාරුම මනුස්සයෙක් ..... කාමරේ දූවිලි තුඩක් රැදෙන්න නොදෙන ඒ මනුස්සයමයි.....ඊයෙ රෑ සිමෙන්ති පොලවෙ නිදාගත්තෙ......

තෙ බොන කෝප්පෙ.....කිරි බොන වීදුරුව..දහ වතාවක් වත් හෝදන්න කියන මනුස්සයමයි මගෙ පතුරු ගියපු බෙලෙක් කෝප්පෙන් සීනි අල්ලක් අතට අරන් කහට බිව්වෙ...මසක් මාලුවෙක් නැතුව කන්නෙ නැති මනුස්සයමයි මැටි මඩක්කුවෙ කකා උන්න  මගෙ  අතින් බත් කටක් කවා ගත්තෙ.... . 

මට තේරුම් ගන්න බෑ ඉන්ධර් උඹගෙ ආදරේ තරම........

මහ මැනිකෙගෙ අල්මාරිය ඇරන් උන්න මං  ගනින්න බැරි තරමක් තිබුන ඇද රෙදි දිහා බැලුවා....ඇදලා ඇදලා අහක දාන එකක් නන්දා ඉදා ගනින් මේක කියල දුන්නොත් මිසක්කා....කවදාවත් මහ මැනිකෙ අලුත් ඇද රෙද්දක් දුන්නෙ නෑමයි......මොනවා උනත්....ඒ දුන්න ඒවමයි..අදටත් අපි පොරවන්නෙ....

මහ එකා ඇවිදින් අවසානෙදි කීතු කීතු කෙරුවෙත් ඒවමයි............මොන තරම් හිත පෑරුවත්........අවාරෙක වහින වැහි වගේ...ඉදලා හිටලා මහ තැන ආදරේ පෙන්නුවෙ නැතුවත් නෙවෙ......ඒත් ඉතින්...ඉදුල් හෝදන ඒකා.....ඒකමනෙ............ වෙනස් වෙන්නෙ නෑනෙ.........

මොනවා උනත් මායි අම්මයි...සුද්දියයි...එකට  ඉදන් පව් කරලා තියනවා...ඒකයි අපි මේ තරමට විදවන්නෙ.....ඉන්ධර් හන්දා මං ටිකක් හරි සැපක්.විදිනවා...ඒත්...අම්මගෙ දියවෙලා තියන ශරීර කූඩුව දැක්කම මට මාවම එපා වෙනවා....

ඇරත්...ඔය කොච්චර ගියා උනත්...අප්පච්චි ආපහු එනවා...ආයම ඇවිදින් අම්මට ආයම තලනවා.......

ඇද රෙද්දක් අරන් ආයම ඇදට දාපු මං හිමින් හිමින් කාමරෙ බඩු මූට්ටු පිහ පිහ අතුගානකොට මන් අහගන සාලෙ තිබුන ග්‍රැමෆෝන් එකෙන් සින්දුවක් යනවා....

මගෙ ඉන්ධර් .....!

එච්චරයි මට මිමිනුනෙ...අතෙ තිබුන කොස්සත් දාපු මං සාලෙට දිව්වා......    

එත්...මගෙ හිනාව එතනම මැරිලා ගියා......ධර්මේන්ද්‍රන් හාමු.........කලු සරම ඇදන්....මේස් යට බැනියම පිටින් උන්නෙ ධර්මේන්ද්‍රන් හාමු....ගිය තැනකින් ආපිට ඇවිදින් උන්න ධර්මේන්ද්‍රන් හාමු මහන්සිය යන්න එක්ක සින්දුවක් ඇහුවා උනත් . හාමු නොදන්නවා උනාට....ඉන්ධර්ගෙ කාමරෙ අස් කර කර උන්න මගෙ පපුවටමයි ඒ සින්දුව වැදුනේ.......

මට හුස්මක් පිට උනා. ...යන තැනවත් නොකියා ගියෙ මං මුරන්ඩු කම් කරපු හන්දද  මගෙ ඉන්ධර්.......

කොස්ස අතේ තියන් ඇද කනුවකට ඔලුව හේත්තු කරගත්තු මං එයාගෙ කාමරේ පුරාවටම මගෙ ඇස් යැව්වා.....රතු තුවාය ඇද විට්ටම උඩ...අද ඒකවත් දාන්න අමතක වෙලා ගිහින්........ධර්මේන්ද්‍රන් හාමු ඇවිදින්  කෙරුවෙ නන්දසිරි මහත්තයව ගෙන්නවලා මගෙ පපුව.කොනිති ගහපු එක වෙනකොට මන් ඉන්ධර් ගෙ සුවද තිබුන තෙත තුවාය තුරුල් කරගත්තා .......එහෙන් නන්දසිරි මහත්තයා වේදනාවෙන් උන්න මාවම පෑරුවා....

නුඹෙ සුවද පිරුන පුංචි කාමරේ....
රතු රෝස මලක පෙති හැලී තියෙ......
මට නපුරු උනේ ඇයි දයාවියෙ....
මේ කදුලු බින්දු ප්‍රතම ප්‍රේමයේ.........

මට දුකයි ඉන්ධර් .....මම උන්නෙ මගෙ පැත්තෙන් හරියි කියන තැන......ඒත්......අනේ මන්දා......කොනිති ගහන පපුව වාවන් මම හරි අමාරුවෙන් හාමුගෙ සුවද පිරුන කාමරේ අතුගාගන කෙලින්ම කෑම.කාමරේට ආවා.....

ඇසල.......

අපෙ මැනිකෙ........

ආන් අර වී මුට්ටිය ලිප තියාපන්...බොලාගෙ අම්මට ඒක වාවන්ඩ බෑ.....

එහෙමයි මැනිකෙ........

ඇත්ත මගෙ දර ඉපල වගෙ ඉන්න අම්මා කොහොම ඒක වාවන්ද........

අන් කොස්ස බිත්තියට හේත්තු කරලා කුසියට ගියා..    අම්මා ඉන්නවා...දවල් බත ඕනෙ නෑය කිව්වත්..මහ එකා ආයම මස් වගයක් උස්සන් ඇවිල්ලා....වල් ඌරුමස්ද කොහෙද ....තවමත් අර හබරල කොලේ පිටින්ම.......

අම්මෙ.......

පුතේ... ....

ඉදින් ඔහොම....වැටෙයි උඹව දැන් ලිප් බොක්කටම....

පහල කුසියෙ මිදුලෙ බ්ලොක් ගල්  වලින් හදාපු ලිපට දර දදා උන්න අම්මා බැරි බැරි ගාතෙම  මුට්ටිය උස්සන්න හදනකොට මං  ගිහින් වී මුට්ටිය ලිපට තිබ්බා........

කෙල්ල ගියාද  පුතෙ.....

හ්ම්ම්ම්...බාගයක් දුර මායි එක්ක ගියෙ.. ...අර පාරට වැටෙනකන් ඒකි තනියෙන් මට බය හිතුනා මහ එකා මග රැකන් ඉදලා කෙල්ලට මොකක් හරි කරයි කියලා ...ඒකට අපේ අප්පා කියන එක මතකයක් වත් නැ අම්මෙ.......

ලිප වටේට හනසු දදා උන්න මට අම්මා අලු පිරුන පොල් කටුවකට බූමිතෙල් දාලා දුන්නා.........අලුවලට භූමිතෙල් වැටුනම හරි සුවදයි...සමහරු කියනව එහෙම වෙන්නෙ පාන්ඩුවට ආවාම කියලා ...ඒත් මට නම් එහෙම නෑ...බොරලු පාරට වැහිපොදක් යනකොට එන සුවදට මං පුදුම තරම් ආසයි........

අම්මා දුන්න අලු පොල් කටුව ඇතුලෙන් තියලා ලිප අවුලපු මං අම්මා දිහා බැලුව...අර ඇහේ නිල එහෙම්මමයි.....යටි තොලෙ ඉදුමම එහෙම්මයි....

මට ඇත්ත කියපන් අම්මෙ......තව කොහෙට හරි ඕකා ගැහුවද......

ඇවිදිනකොට ලාවට නොන්ඩියක් ගැහුවත්..මාව දකින වාරයක් ගානෙම අම්මා කෙරුවෙ  ඇවිදින්ඩ පුලුවන් එකා වගේ ඇවිදපු එක වෙනකොට මං අම්මගෙ කෙට්ටු අත මගෙ  ගොරහැඩි අතින් අල්ල ගත්තා ......

නෑ පුතෙ.....වෙන කොහෙවත් නෑ....කෝ ඉතින් අතැරපන්කො......අරකය අර ගෙනාව එක හදන්ඩ....

උඹ බොරු කරනවා නන්දා.....

ඇසල....

මට බහතේරෙන දා ඉදම්ම උඹ බොරු කරනවා........ඔහොම බොරු කර කර වේදනාව හංගන්නෙ ඇයි අම්මෙ.....මොන හේතුවටද......

මං අම්මගෙ අත් දෙකම අල්ලගත්තා .......බේබද්දෙක් හන්දා නොවිදිනා දුක් විදපු මගෙ අම්මට මං නම කියලා කතා කරනකොට ඒ ඇස් ගැස්සිලා ගියා මං හොදටම දැක්කා......

මං අම්මගෙ පුතා අම්මෙ.....මොන අඩු පාඩු තිබ්බා උනත්  ...කොච්චර කොහොම  හිගන්නා උනත්...මං අම්මගෙ පුතානෙ........මට කියපන්කො....ඒකගෙ පාරවල් තව කොහෙටද වැදුනෙ කියලා ........අරකිටයි මටයි ඉන්නෙ උඹ විතරනෙ අම්මෙ.......ඇයි ඔය තරම්ම අරකව තව රකින්නෙ........

මට අම්මව හොලවන්න හිතුනා...ඒත් . .  ගනින්න පුලුවන් ඇටකටු ගොඩ හොලවල වේදනාවක් දෙන්න බැරි හන්ද  මං ඉවසුවා...........

උඹව මට හිරේ විලන්ගුවෙ වැටෙනවා බලන්න බෑ ඇසල.......මට මොකක් හරි උනත්   අරකිව බලන්ඩ ඉන්නෙ උඹ විතරයි පුතෙ

ඇයි...ඇයි උඹට මක්ක වෙන්නද....??උඹ හදන්නෙ හැමදාම ඒකගෙන් ගුටි කකා ඉදලා අවසානෙදි මැරිලා යන්නද.......??එතකොට අර අරකිට මක්කද වෙන්නෙ....ඔව්..උඹළා මැරිලා ගියහම උඹ නිදහස්...එතකොට අරකි....මාව පැත්තක දාපන්කො...අරකි....ඒකිට.......ඒකි නහ එකා ගැන වෛර බදින්නෙ නැතුවද.....උඹ නිස්කාරනේ ගුටි කකා ඌව රකින එකයි මට දුක අපෙ අම්මෙ.......

මට තරහා ගියා මට මහ වේදනාවක් දැනුනා...අප්පච්චිගෙ ඇතේ පයෙ හයිය බලන අම්ම දැන් ජීවත් වෙන්නෙ ඕනාවට එපාවට කියන්න මට හොදටම දැනෙකොට මගෙන් ඇස් හංගන් අඩන ඇස් තද කරපු අම්මා නොහිතපු වෙලාවක මීට අවුරුදු ගානකට කලින් අහසෙ නිල්පාට තිබුනත්....ඇදලා ඇදලමයි ...හෝදලා හෝදලමයි    ලින් වතුර  ඒ සායෙ අහසෙ නිල් පාට උදුරන් ගිහින් මහ පාන්ඩු පාටක් විතරක් ඉතිරි කරලා තිබුන සාය ඉස්සුවා ...මගෙ ඉහමොලත් එක්ක රත් වෙලා ගියා....

මේක ....මේක....

අනෙ පුතෙ...නිකන් ඉදපන්කො ඇසල.....

මේක...මට කියපන්...

මං අත් දෙකෙම්ම ඔලුව කැසුවා ...අම්මගෙ දකුනු කලවෙ නිල්කටරොලු පාට ගහලා .........

මට කියපන්කො මොකෙන්ද ගැහුවෙ කියලවත් ...අනෙ අම්මෙ පින් අයිතිවෙයි ......

අනෙ පුතෙ ....දැන් ඒක ඉවරනෙ...නවත්තපන්කො...ඇසල....

මගෙ ඇස්වලට කදුලු ආවා....මස් කලදක් දත් නැති අම්මගෙ සුදු කකුලෙ දම්පාට පාරක් තියනව දැකපු මට හිතුනෙම අප්පච්චිව බෙල්ලෙන් ඇදන් ඇවිත් අම්මගෙ කකුල් ගාව දනගස්සවන්න උනත් අම්මගෙ ඇස් මාව හැමදාම වගෙ නැවැත්තුවා....... 

උඹ මාව නවත්තන හැමදාකම මට මහ එකා ගැන ඉතුරු වෙන්නෙ මහ මූසලම හැගීමක් අම්මෙ........... උඹම හිතලා බලපන්....අපිට පැදුරෙනුත් වැටෙන්න තැනක් තියනවද තව......

මං ඊට එහා තව  මොකුත් නොකියම එන්න අවා..ඇස්වල කදුලු බින්දු මගෙ ගොරෝසු අත් වලින් පිහාගන ගේ අතු ගාන එකත් බාගෙට නවත්තලා හිතේ වෙදනාවටම මම එතන තිබ්බ පොල් ගොඩ ලෙලි ගහන්න ගත්තා .....

.අම්මගෙ සර්වාංගෙම පුරාවටම තිබුනෙම අප්පච්චි අත්වල හයිය පෙන්නපු පාරවල් වෙනකොට මට ඒ පාරවල් මතක් වෙන මතක් වෙන වාරයක් ගානෙමමන් කෙරුවෙ පොල් ගෙඩිය පිටින් ඒ වේදනාව පිට කරාපු එක.....

.අර මක්කද නන්දා අරූ අර පොල් ලෙලි ගහන්නෙ...ආන් බලාපන්...ආන් බලාපන්..මේක..දැන් අත උලේ ඇනගන්නවා........

අනේ මැනිකෙ...ඒකා මගෙ...කකුල දැක්කා.........

නෙදෝකින් මේ බේබද්දා.......හන්දා......අරකට කියපන් ඔය මගුල නවත්තන්ඩ කියලා..මක්ක උනත් ඒකා උඹට පන ඇරලනෙ........පේනවනෙ අපේ එකාගෙ හැටි....

මගෙ නාස් පොල්ල දිගෙ කදුලු කැටයක් රූටන් පහලට ආවා...හැබැයි ඒ කදුලු බින්දුවට බිමට වැටෙන්න හම්බුන් නෑ  කරුමෙක මහත කියන්නෙ.....පන පිටින්ම උල උඩට වැටුන කදුලු බින්දුව මගෙ ඇස් පනාපිටම උලෙ ඇනිළා මැරිලා ගියා.....හරියටම මම වගේම..අප්පච්චි  කියන්නෙ උලක් නම්...මං කෙලින්ම පපුව පලගත්තු කදුලු බින්දුව වගෙ.....

ඇත්ත...ඉන්ධර් කිව්වා හරි...මං වැරදි වත්තක පිපිලා තියෙන්නෙ....

අන් විතරක් නෙවෙ..මගෙ අම්මා පවා........

සුද්දි පවා...අම්මගෙ අම්මා අප්පච්චි ලවත්....අනුකම්පා හිතිලා අපිව බාර ගත්තා නම්......මේ අපායෙන් ගැලවෙන්න තිබ්බා...ඒත් .......නෑයට වේයට ඔක්කොටම ඉන්නෙ ඉරුගල්බන්ඩාර වලව්වෙ උන් විතරක් වෙනකොට මං පොල් උලේ ඇනෙන්න ගිහින් නූලෙන් බේරුන අත දිහා බලාගන උන්නා.......

අප්පච්චි ...උඹ අවිත් අපිට පව් පුරවන්ඩ ආව එකෙක් අප්පච්චි ....උඹ තනිකරම දේව දත්තයෙක්....බුදුන්ගෙ පවා ලේ හොලවපු දේවදත්තලා  එදා විතරක් නෙවෙ අදත් ඉන්නවා...ඒ උඹලා වගෙ උන්ගෙ වේසෙන්...මගෙ අහිංසක අම්මා උඹව දරාගන්න දරාගන්න කරන්නෙම උඹ අම්මව මරවන එක...උඹට ඕනෙ මාව අංගුලි මාලෙක් කරවන්න...අම්මගෙන් බීපු කිරිවල ණය ගෙවන්ඩ මාව අංගුලි මාලෙක් කරන්ඩ.......දෙයියො බුදුන් පල්ලයි අප්පච්චි ...ජාතක කරන්ඩ ධාතුව දුන්නට මොකද ...මේ ඇසල අංගුලි මාලෙක් උනොත්....මං කපන්නෙ ඇගිල්ල නෙවෙ අප්පච්චි උඹගෙ බෙල්ල.........

ඇස්වලින් වැටෙන කදුලු බින්දු පෝලිමේ ඇවිත් නාස් පොල්ල දිහෙ රූටලා ගිහින් බිමට වැටෙනකොට මන් හිතෙ දුක හිදෙනකන්ම පොල් ලෙලි ගැහුවා......

.නාඹර අවු රැල්ල ටිකෙන් ටික  මැදි වයසෙ එකෙක් ගානට තද වෙනකොට මන් මේ වෙනකොට කන්දක් තරමට පොල් ලෙලි ගහලා තිබුනා...කොන්ද කැක්කුමයි...අත් දෙකම කැක්කුමයි...ඒත්...හිතේ වේදනාව කප්පරක් තරම් වෙනකොට මට කොන්දෙ කැක්කුම කියන්නම නිකන්ම නිකන් දෙයක් වෙද්දි නලලට මතු උන දාඩිය බින්දුව මහපට  ඇගිල්ලෙන් අරගන පැත්තට කරනකොට මටත් නොකියා මා එක්ක තරහා වෙලා ගියපු ඉන්ධර් හාමුගෙ කාර් එක ඇවිදින් ඉස්සරහින් නැවැත්තුවා .....අම්මා ගාව ඉදන් වී මුට්ටිය පතුගාපු මහ තැන බේබි හාමු ගාවට දිව්වා......

..මයෙ පුතා.. 

අපෙ අම්මා....

මයෙ පුතා උඹලා වාසිටි ගියෙ නැතුවද අද......ඇරත් පාන්දර ජාමෙම අතුරුදහන් වෙලා.....කොහෙද ගියෙ.......

මං උන්නෙ පොල් ගෙඩියක් අතේ තියාගන....ඉන්ධර් හාමු නෙවෙ මා දිහා බැලුවෙ වත්........හාමු මා එක්ක තවම තරහද.......?

මන් අතේ තිබුන පොල් ගෙඩිය දාලා ඉස්සරහට ගියා  මගෙ දිහාව බලපන් කියන්න....ඒත්..........එත්..මට නොසෑහෙන්න ආදරේ දෙන ඉන්ධර් හාමු නෙවෙ මගෙ දිහා බැලුවෙ....මං ඉන්නවද කියලවත් බැලුවෙ......

අපෙ අම්මා මට තේ එකක් හැදුවා නම්.....

මට මොකක්ද වෙලා ගියා....දෙකක ඉදන් මගෙන් තේ ඉල්ලපු ඉන්ධර් සද්දෙට මැනිකෙගෙම්ම තේ එකක් ඉල්ලනකොට ඉස්සරහට තියාපු අඩිය මං ආපස්සට ගත්තා .....

ඔව් ඉතින් මං මොකාද ........

ඇසල මෙහෙට අවා නම්.....

තේ එකක් ඉල්ලපු පමාවට  තේ හදන්ඩ දුවපු මහ මැනිකෙ දිහා බලන් උන්න ඉන්ධර් ආපහු පොල් උල ගාවට ගිහින් පොල් ලෙලි ගහන මට ආයම අඩ ගැහුවා .....

බේබි හාමු ..

ඉන්ධර් උන්නෙ මට පිටිපස්ස හරවගන....
කලු පාට අලුත්ම සරමක් ඇදන් අත් දෙකම පිටිපස්සට බැදගන පොල් වත්ත දිහා බලාගන උන්නා....

ගෙදර ගිහින් ආවා නම්......ගෙදරට බඩුවගයක් ගෙනාව.....

මං අහගන උන්නා ..........බඩුවගයක් ගෙනාවලු   ..ඒත්.....ඇයි ඕක මගෙ මූන දිහා බලන් කියන්ඩ අමාරු??මං මොකක් කෙරුවටද මාව මග අරින්නෙ.............

හොදමයි හාමු..........

මං කනට වත් නෑහෙන ගානට මුමුනලා එතනින් එන්න ආවා...ඒත් ඉන්ධර් නෙවෙ නිකන් වත් මාත් එන්නම් කිව්වෙ වත්...අඩුම ගානෙ එහෙම නොකියා ආවෙ වත්............

යන්න හදාපු මං ඉන්ධර් දිහා හැරිලා බැලුවා........

එයා නෑ.........

වෙනදට මං යනකන් රෑ කලුවරේ පවා බලන් ඉන්න ඉන්ධර් හාමු අද කෙලින්ම අම්මව හොයන් ගිහින් තිබුනා....

මට අඩන්න ඕනා උනත් ....අඩන්න හිතක් තිබුනෙත් නෑ....හාමු.දෙන වේදනාවයි ..අම්මගෙ වේදනාවයි දෙකම එකතු වෙලා කෙරුවෙ පුලුවන් තරම් හිතට වේදනාවක් දුන්න එක  වගේම ඇස් වල කදුලු නවතපු එක වෙනකොට අඩන්න කදුලු නැති ඇස් වලට බලෙන් වත් කදුලක් ගන්න බැරි තැන මං ආපහු හැරිලා නොබලම ගෙදර ගියා.....

"දග්......"

වලව්වෙ ඉදලා මග දුරක් ආවා විතරයි හෙන පොල්ගෙඩියක් වැටුනා...අත්ත දිගේ රෝල් වෙලා ආව පොල්ගෙඩිය පස්සෙන් හනස්සකුත් ඇවිදින් තිබුනා.........මං එහෙම්ම පොල් ගෙඩිය ඇහින්දා.....ගෙදර පොල් වල්ලක් වත් නෑ................

පොල් ගෙඩිය අතට ගත්තු මන් හොලවලා බැලුවා...

කලටි ගෙඩියක්.....

රොටි පුච්චන්න නම් හොදයි........

මම.තනියම මාත් එක්කම කියවන් කලටි ගෙඩිය තුරුල් කරන් අනිත් අතින් හනස්සත් ඇදන් ගෙදර ආවා...

"දග්"

දෙවනි පාර....පොල් අත්ත දිගෙ රූටන් ආව පොල් ගෙඩිය වැටුන දෙවනි පාර ....පොල්ගෙඩිය මිදුලෙ අතෑරපු මං එහෙම්ම කුසිය පහු කරන් ගෙයි ඉස්සරහින් ආවත් එක්කම මගෙ කකුල් දෙක එකම තැන නැවතුනා......

ඇදක්.......

තතොඅර ගානකට මට කතා කරගන්න බැරි උනා....ඊයෙ මමයි එයයි නිදා ගත්තු තැන තිබුනෙ ඇදක්.............

දෙවියනේ..........

මන්දා මට අත ගාන්නත් ලෝභ හිතුනා ...අලුත්ම මෙට්ටයක්  ඒ උඩම ඇදන් රෙදි විතරක් නෙවෙ....අනේ මගෙ පත්තර පිටුවක් තරම් වත් ගනකම් නැති කොට්ටෙ වෙනුවට කිරි පාට කොට්ට දෙකක්..........

එක අතකට හාමුගෙ ඔලුව ඊයෙ කැක්කුම් කරන්න ඇති මට නොකිව්වට.......මට තියෙන්නෙ කොට්ටයක් නෙවෙනෙ....වලව්වෙ අහක් කරපු කුශන් පුටුවක කුශන් එකක්නෙ කොට්‍ටා කවරෙකට බස්සන් තිබුනෙ... අච්චර සැප ඇදක....සැප කොට්ටෙක නිදියාපු ඉන්ධර් හාමුට මෙහෙ ඇවිත්  එක රැයෙන් කොදු අමාරුව ඔලුවෙ අමාරුව ඇල්ලුවෙ නැතිනම් තමයි පුදුමෙ......

ඒත්.....

මේක ඇතුලට දැම්මා නම්.......අම්මටයි සුද්දියටයි නිදා ගන්න තිබ්බා.........අනේ ඔය සුද්දියා ආසාවට ඇදක ඉදගන වත් නැතුව ඇති........

වැඩි විස්තර නැතු ඇද දිහා වගෙම නිදා ගත්තම ඇදේ ඉදන් සුරලෝකෙ පේන තරම් සැප මෙට්ටෙ ඉඩ ඉදගත්ත මං ඇද ඇතුලට දාන්න පුලුවන්ද බලන්න යනකොට මගෙ පපුව ගැලවෙන්න ආවා......ඒවගේමයි......

අනේ බේබි හාමු.....උඹ උදෙම්ම අතුරුදහන් උනේ මේ හිගන්නට ඇදක් ගේන්නද.......

මට මහ අසරන කමක් දැනුනා..හිතේ වේදනාවට පොල් ලෙලි ගහලා  පුපුරු ගහන අත් වලින් මං ඒ මෙට්ටෙ කොට්ටා...අලුත් ඇද රෙදිඅත ගාලා බැලුවා මදිවට..........මම ඒවල සුවදත් බැලුවා....

ඇසල මනාපද ඔව්වට.........

මම උන්නෙ කදුලු වල ලුනු රසත් එක්ක අලුත් මෙට්ටෙ ඉව කරන ගමන් වෙනකොට මගෙ පිටිපස්සෙන් ඇහුන කටහඩත් එක්ක මං ගැස්සිලා ගියා..

ඉන්ධර් හාමු.....

ඔව්....ඒ ඇවිදින් උන්නෙ ඉන්ධර් හාමු..............

මං හැරුනා......ඒ මූනෙ වෙනදට තියන ආදරේ නෑ ඒ ඇස්වල වෙනදට තියන ආදරෙ නැ.......මං හිතන්නෙ කවියෙක් හඳක් එක්ක් තරහවුන පලවෙනි පාරද කොහෙද ....  

උඩු අතට  කරකවාපු කලු රැවුලයි ... චුට්ටක් විතර වැවුන කොන්ඩෙ බැන්දත් කන පිටිපස්සෙන් වැටෙන කෙස් අහුරුයි... ..දාහය හන්දම උඩ බොත්තම් දෙක තුනක් ඇරපු ශර්ට් එකයි...තනින්පාට සරමයි...කොස්පට්ටා සෙරෙප්පු දෙකයි එක්ක..පිටිපස්සට අත් දෙක බැදන් උන්න ඉන්ධර් ඉරුගල්බන්ඩාර කියන්නෙම තනිකරම කඩවසම් කමේ ප්‍රතිමූර්තිය වෙනකොට ආදරේ පුරවන මහ මුහුද තරම් ගැඹුරු ඇස් අද මා එක්ක උරන වෙලා උන්නා.............

මට හුස්මක් පිට උනා............වලව්වෙ ඇත්තන්ගෙන් උදහසට ලක්වෙච්ච පලවෙනි දවස අද නෙවෙනෙ......

බේබිහාමු....මා එක්ක තරහෙන්.............කාරියක්  නෑ හාමු......හාමුලාගෙ උදහසට ලක් උන පලවෙනි දවස අද නෙවෙනෙ...............ඒත් ... බේබි හාමුට....බුදු බව ලැබෙන්ඩ ඕනෙ...හිගන පැටව් වගේ ඉන්න

විකාර නිදොඩා ගිහින් වාහනේට නැගපන්....බුදු බන අහන්ඩ ආවෙ නෑ

මට කියා ගන්න බැරි උනා...ඉන්ධර් හාමු එන්න එන්නම මගෙන් තරහව පිරිමහන්න ගත්තා .........වෙනදට මං කියන ඕන එකක් අහන් ඉන්න බේබි හාමු එන්නත් කලියෙන් ආපිට හැරිලා යනකොට මට මහ වේදනාවක් දැනෙන්න ගත්තා .....

තවත් පාරක් ඇද දිහා බලපු මං හිමින් හිමින් එලියට ගිහින් වැටකඩුල්ල ගාව නවත්තලා තිබුන ඉන්ධර් හාමුගෙ කලු පාටින් දිලිසන කාර් එක දිහා බලන් ඉදලා අවසානෙදි ඉස්සරහට නැගලා ඉදගත්තා .....

..අද මගෙ මැනික...මගෙ ඇහැල මල..මගෙ හුස්ම ගන්න මල..මේ මොකුත් නෑ...මාව දකින වාරයක් ගානෙම ආදරේ පුරවලා කියන එක වචනයක් වත් නෑ.........

බ්..බේබි හාමු........

මං මිමිනුවා..........ඉන්ධර් නෙවෙ ඇයි කියලා ඇහුවෙ.....වෙනදට ම්ම්ම්...වත් ගාන බේබි හාමු අද ඒ වෙනුවට කෙරුවෙ මං කියන ඒවා නෑහුනා වගෙ ඉදන් කාර් එකේ රේඩියෝ එක දාලා සින්දුවක් දාපු එක....

මේක සින්දු අහන වෙලාවක්ද බෙබි හාමු......?

මං ආයම කතා කෙරුවා ...ඒත්...ඉන්ධර් නෙවෙ මාව ගනන් ගත්තෙ......

මං කරපු වැරද්ද මොකක්ද බේබි හාමු....ඇයි මට මෙහෙම කරන්නෙ.........

..................

තරහා පිරිමහන්න .....මං මොකක්ද කෙරුවෙ බේබි හාමු....??

....................

මං..වැරද්දක් කෙරුවා නම්.....ඇයි....ඇයි මට ඒක නොකියා මෙහෙම කට පියන් මාව ගනන් නොගෙන ඉන්නෙ .......??

දාපු කැසට් එකෙන් එලියට ආව හරුන් ලන්ත්‍රා මහත්තයා මගෙ නාමලී ගැන කියනකොට ඉන්ධර් ගෙ නාමලි උන මං කදුලු පුරවන් මගෙ දිහා වත් ඇහැක් ඇරලා නොබලන කොච්චර කතා කෙරුවත් මාව ගනන් නොගන්න ඉන්ධර්ට කතා කරලා කරලම අවසානෙදි මගෙ ඇසුත් කතා කරන්න ගත්තා ....ඇස් ඇඩුවා...........බොරලු පාරෙ රතුපාට දූවිලි ඇවිස්සෙනකොට ඉන්ධර් කෙරුවෙ මීක් නොගා උන්න එක වෙනකොට අවසානෙදි මං ඒ අත් ගොබේට අත තිබ්බා.....

මට රිදෙනවා ඉන්ධර්......

..............

මට...ඔහොම කරනකොට ....අනේ රිදෙනවා අපෙ මහත්තයා ......

  මං ඇඩුවා...ඔහොම කරනකොට රිදෙනවා කියපු මං ඉන්ධර් හාමුට අපෙ මහත්තයා කියලා කියනවත් එක්කම ඉන්ධර් කාර් එක නැවැත්තුවා...............එහෙන් ලාන්ත්‍ර මහත්තයා නාමලීට තියන ආදරේ ගැන කියනකොට ඉන්ධර් මගෙ දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා...  

උඹට විතරමද රිදෙන්නෙ ඇසල.......එතකොට මට රිදෙන්නෙ නැද්ද ම්ම්ම්ම්

   

බේ..බි..හාමු........

මං අහන්නෙ  ..උඹට විතරද රිදෙන්නෙ......එතකොට මට රිදෙන්නෙ නැද්ද....ම්ම්ම්...... මට තියෙන්නෙ හිතක් පපුවක් නෙවෙද......ඒ ඔක්කොම තියෙන්නෙ උඹට විතරද......

..............

අහක බලන්නෙ නැතුව...ඔය ඇස් වහන් නොකර මගෙ ඇස් දිහා බලන් උත්තර දීපන් මගෙ ඇසල......රිදෙන තැන් ඔක්කොම රිදෙන්නෙ උඹට විතරද ම්ම්ම්ම්...

මං කදුලු පිරුන ඇස් බිමට හැරෙව්වත් ඉන්ධර් හාමු මගෙ මූන උස්සලා ඇස් වහන් නොකර හාමුගෙ ඇස් දිහා බලන්න කියනවත් එක්කම මගෙ ඇස් වලින් කදුලු පේලියක් කඩන් වැටුනා.   .

කදුලු ඉස්සරහට දාන්න කලියෙන් ඔහොම්ම බෙල්ල හරවලා බලාපන් අර ගුනපාලයා අවු කාටකේ නහින හැටි  ...මට මොකූත් නොකිය බලන් ඉදපන්....ම්ම්ම්...මං කියන්නෙ ඌ වැඩ කරන හැටි බලන් ඉන්ඩ මිසක්.....කියවන්ඩ නෙවෙ....

ගුනේ මාමා........ඉන්ධර් හාමු කිව්වෙ ගුනපාලයා වැඩ කරන හැටි බලන් ඉන්ඩ කියලා .......ඉන්ධර්ගෙ සිහියෙන් ආව මට මේ මොන පාරද කියන්නවත් නිනව්වක් නැතිවෙලා යද්දි ඉන්ධර් හාමු මට ගුනේ මාමා වැඩ කරන දිහා බලන් උන්නා.....

ගිනි ගහන අව්වෙ ඉදන් දාඩිය නාගන ගල් ඇද ඇද නහින ගුනේ මාමව දැක්කම මට දුක හිතුනා..........ඉර අව්ව හන්දාම ඒ මූනෙන් බාගෙට පන ගිහින් තියෙනකොට එක ගලක් බැදලා සිය වතාවක් මූන පිහන ඒ මනුස්සගෙ මූන දැක්කම මට සන්සාරෙම එපා උනා....

බේබි...හාමු.....

මොකද....වේදනයිද....ම්ම්ම්ම්ම්ම්

............

මං අහන්නෙ උඹට වේදනයිද........??එතකොට උඹ හිතපන්...මං මෙතන පහු වෙන වාරයක් ගානෙම උඹත් මෙහෙම නහිනකොට මට දුක නැද්ද ඇසල....

බ්.. බ්

ශ්ශ්ශ්....වරෙන් මෙතනට.....

ඉන්ධර් මට ලගට අඩගැහුවා....ලගට අඩගැහුවා කියන්නෙ....කෙලිම්ම මාව ඇදලා අරන් හාමුගෙ උකුල උඩින්ම ඉන්දව ගත්තා ......

දැන්  තියාපන් මේ පපුවට උඹෙ කන....අහලා බලපන්....මගෙ පපුව කියාවි..........මට කොච්චර රිදුනද කියලා.......

උකුල උඩ ඉන්දව ගත්ත මාව පපුවට හේත්තු කරගත්තු මට ඒ පපුව කොච්චර රිදුනද අහලා බලන්න කියනකොට පපුවය හේත්තු උන මං හරි බර හුස්මක් අරන් ආපිට කෙලින් උනා....

ඇයි මයෙ අම්මා මුරන්ඩු කම් කරන්නෙ ම්ම්ම්......මනාප නෑ ඇසල....උඹ ඔහොම දුක් විදිනවට......ම්ම්ම්ම්ම්..කෝ පෙන්නපන් අත් දෙක....මහ එකා එක්ක තියන තරහවට අත් දෙකෙන් පලි ගන්නෙ ඇයි ම්ම්ම්....

.................

..රතු වෙලා............ඇයි මෙහෙම කරන්නෙ ම්ම්ම්......උඹගෙ බේබි හාමුගෙ අත්නෙ මේවා.....අමනාපයක් නැතිනම්......හාදුවක් තියන්නද ම්ම්ම්ම්.......

මං මීක් නොකියා උන්නා....ඉන්ධර් හාමු මගෙ රතු වෙච්ච අත් දෙක අත ගගා මේවා උඹගෙ බේබි හාමුගෙ අත්නෙ කියනකොට ...හාදුවක් තියන්න අහනකොට  මං හරි වේදනාවෙන් බලන් උන්නා......නපුරු පාට වෙලා තිබුන ඇස් ආයමත් ආදරෙන් පිරෙනකොට  මෙච්චර වෙලාම නාමලියෙක් ගැන කිය කිය මට වද දුන්න ලන්ත්‍රා මහත්තයගෙ කටහඩ ආයමත් ලස්සනට ඇහෙන්න ගන්නකොට මං ඉන්ධර් හාමු දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා.....ඒ එක්කම ඉන්ධර් මගෙ අත් දෙක් අරගන හරි ආදරෙන් හාදුවක් තිබ්බා........

මා එක්ක තරහා වෙන්න එපා මගෙ ඉන්ධර් ......

මගෙ ඉන්ධර් වෙනුවට.....එක පාරක් ...අපෙ මහත්තයා කියනවා අහන්ඩ මනාපයි......අපෙ මැනිකෙට කියන්ඩ පුලුවන්ද ම්ම්ම්ම්........මගෙ ඇහල මල උඹ.......ආදරේ පිරුන ඇස් දෙකක් තියාගන.......මගෙ ඉන්ධර් කියනවට වඩා.....මනාපයි .....අහම්බෙන් හරි....උඹගෙන් එහෙම අහන්න..........මයෙ අම්මට පුලුවන්ද ......බැරි නම්..කාරියක් නෑ....මට....

මං....ආදරෙයි....අපෙ මහත්තයා.........

මගෙ නාමලි බැදි ආදරේ...
මනමාලියයි මැණිකේ ඔයා......
ඔරුවේ නැගී.....එහි පාවෙවී....
අමනාපයෙන් පිට වී ගියා......
බැඳි ආදරේ...සුකුමාලියෙ
පෙම් පණිවිඩෙ පා වේ ගඟේ.......

මැනිකට යන්න් ඕනෙද.....නැත්තන් තව ඩිංගක් මෙහෙම ඉන්න ඕනෙද.....

මං උන්නෙ තවමත් හාමුගෙ උකුල උඩ.... මෙහෙම ඉන්න ඕනෙද යන්න ඕනෙද ඇහුවත්..ඒ අත් දෙක කෙරුවෙ මාව තව තව කිටි කිටියට බදා ගත්තු එක වෙනකොට මං ඉන්ධර්ගෙ උරහිසට ඔලුව හේත්තු කරන් හාමු දාලා තිබුන සින්දු වලට කන්දීගන උන්නා....ඒවා සින්දු නෙවෙ...ඒවා....තනිකරම අධි මාත්‍රා.......

මගෙ ඇහැල මල උඹ...කෝ..ඉතින්...මූන වහන් කරන් මක්ක කරනවද ම්ම්ම්........

මං.මගෙ මුන ඒ උරහිස් අස්සෙ හැංගුවා.....මට ලැජ්ජයි.....තරහා වෙලා ඉදලා ආයම යාලු උනාට පස්සෙ ඉන්ධර් හාමු මට කලින්ටත් වඩා ආදරෙන් කතා කරනකොට සමහර වචන එක්ක මගෙ මූනත් රතු වෙලා ගිය හන්දම මං මූන හංගගත්තා ....

කෝ ඉතින්...නැගිටපල්ලා....හුරතල් වෙන්ඩ තියාගත්තම කොහොමද මේ මුන දිහා බලන්නෙ ම්ම්ම්.......

...........

ඇසල මනාපද ඇදට ම්ම්ම්ම්

අනේ...බේබි..හාමු......පින්...අයිති වෙනවා......හාමුට....

ඇයි පින්...ම්ම්ම්....මෙච්චර ලස්සන මලක් මැනිකා මට දුන්න එකම මදැයි........ඇරත්....දැන් ඉතින් ...මහ රෑක උනත්...මට බැරියෑ හොයන් ඇවිත් හිතු මනාපෙට මැනික එක්ක නිදි වදින්ඩ.....බයක් තිබුනෙ කට්ට පොලව රිදවාවි කියලනෙ....ම්ම්ම්.....මං බලාගන......මැනොකගෙ පැල්කොටේ පිරෙන්ඩම කෝපි මල් සුවදයිනෙ ම්ම්ම්...මනාපයි ඒ සුවදට.....මගෙඇහල මල ගාවින් එන්නෙත් ඒ සුවද......

මට ලැජ්ජා හිතුනා.........ඉන්ධර් හාමු ඉදලා ඉදලා කියපු කතාව එක්ක මට බඩ රිදෙන්න ගත්තා .........

ඇයි ඉතින් මේ ම්ම්ම්.....මුනත් එක්ක රතු කරන්.....ඔන්න ඉතින් ගැහෙන්න ගන්නවා......මයෙ අම්මට බේබි හාමුගෙ වචනත් බර වැඩිද ම්ම්ම්ම්......

මට...මේ වචන...හරි..බරයි......හාමු

ම්ම්....ආදරේ කරනකොට එහෙම නේන්නම්....ම්ම්ම් ......ඔන්න ඉතින්....ඇස් දෙකත් එක්ක අමුතු උනා.....ඔය තරන් ගැහෙන්නෙ ඇයි...ම්ම්ම්...මගෙනෙ උඹ......පේනවද...මේ ඇස් තනිකරම මුව පැටියෙක් වගේ.....බලන්ඩ ලෝබයි......කාරි නෑ......උඹ මේවා දාලමයි...මගෙ සීලෙ බින්දෙත්......චුට්ට ඇත්නම් බය වෙන ඇස් දෙක එක්ක......මේ පපුව ගැස්සෙනකොට ...දන්නවද මැනික...මට හිතුනෙම....අපලේ ආවෙ....මගෙ හොදට කියලා ........

රැයක් දවාලක් නින්දක් තිබුනේ නෑ.......මයෙ අම්මව වලව්වට ගේනකන්......රෑ එලිවෙනකම්ම ...ඇහල ගහ දිහා බලන් ඉදල ඉදලම පිස්සු වගේ...මන් උන්නෙ  මගෙ ඇහල මලව කාමරේ පිපෙනකන්.......

උඹ දන්නවද ඇසල....උඹව කොච්චර දැක්කත්.....එක දවසක....උඹ ඇවිදින්....මාව නැත්තටම නැති කෙරුවා .......බෙහෙත් තෙල් ටිකක් අතට අරගන මගෙ ගාව හිටගන්නකොට ....උඹ හැමදාම මගෙ පලල් ඇග ගාව අසරන වෙන හැටි මං හරි ආසාවෙන් බලන් උන්නා....බයෙන් බයෙන් වගේ.....බේබි හාමු...ගගා ගොත ගහනකොට ...සත්තයි ..මට වරුවක් විතර උඹගෙ මේ ළපටි...දෙතොල් රස බලන්න හිතුනා.......උඹ හන්දම බිදුන සීලෙට...උඹව වරු ගානක් යට කරන්...වාඩුව අල්ලන්න හිතුනා.......

ඒත්...මැනික.....කවියො කවදාවත් ...අයාලෙ ගියෙ නෑ....තේරුනාද....ම්ම්ම්....අයිති කරගත්තෙත් හරි ආදරෙන්.....ඉතින්..මං බලන් උන්නා...මේ හුස්ම ගන්න ඇහල මල....හතර වියන අස්සෙ අඩනකන්.......මං බලන් උන්නා...මේ හුස්ම ගන්න මල......සුදු පිරුවට උඩ පිපෙනකන්..........මං මානපයි උඹගෙ දාංගලේට...............උඹ හීනියට අඩන්න හදනකොට ......උඹ ඇවිදින්......තනිකරම අමු ස්වර්ගයක් ඇසල...........

මං උන්නෙ යටි බඩ අකුලගන........ඉන්ධර් හාමු ඇද උඩදි වෙන  මගෙ හපන් කම් කියනකොට අනේ හාමු දැන් ඔය මදැයි කියන්න හිතුනත්...මට කතා කරන්න පනක් නැති උනා.....

මන් උඹට හරි ආදරෙයි ඇසල............මහ මැනිකෙ  අරියාඩු කරවලා..මේ හිත තලලා උඹව මට නැති කරයි කියල හිතලමයි මං නැවතුනෙ.......

බේබි..හාමු....

ඇයි.....පුදුමද......උඹ හිතන්නෙ....මෙච්චර කාලෙකට පස්සෙ....අතට අහු උන මැනික නිස්කාරනෙ විසි කරන්න මං  මෝඩයෙක් කියලද ඇසල......ම්ම්...මේ ඔක්කොම කරන්නෙ උඹ හන්දා.....මැනිකට තියන ආදරේ හන්දා....තේරුනාද ම්ම්ම්....

හ්ම්ම්ම්.....

යන්නත් හදිසි නැති එකේ...මයෙ මලට හාදුවක් තියන්නද ම්ම්ම්.......

ඉ..ඉන්ධර්....හාමු...

උඹ හිතන්නෙ ..උඹගෙ ඇස් මට මොකුත් කියන්නෙ නෑ කියලද ...ඔන්න බලපන් ඒ ඇස් ඉල්ලන්නෙ උඹගෙ වාහෙව ...ම්ම්ම්...එච්චර ඉල්ලන එකේ....හාදුවක් නොදී කොහොමද .....ඉතින් කියපන්......මගෙ හෝපලු මල.....තියන්නද හාදුවක් .........හැබැයි    ඉතින්  ....මෙන්න මෙතනට.....උඹ කර්න්නෙ කොච්චරවත් මගෙ සිල්බිදින එක....මට කියපන් ඇසල.....ඇයි උඹට බැරි උනෙ.....ඇහල මලක් නොවී....ලියතඹරාවක් වෙන්න ම්ම්ම්ම්...........නොදන්නවා උනාට.....මගෙ හුස්ම ගන්න මලත් ...නාරිලතාවක් තමයි....හද එලියට .....

මාව සීතල උනා   ....තවත් නමක්.......ඉන්ධර් ජ්ස්ස්මුගෙ ආදරේ තනිකරම ගන්වතුරක් වෙනකොට කියන්න පුලුවන් උපරිම ජාති කියලා මගෙ සිහිවිකල් කරන ඉනදර් හාමු මට අනිත් පාර නාරිලතාවක් කියන ගමන් හාදුව තියන්න ඉල්ලුවෙ ඇදන් උන්න ඇදුමෙන් එහා මෙහා වෙලා එලියට පැනපු යටි බඩ ගාව වෙනකොට කරුමෙටම අවේලාවක මහවැලිය වාන් දාන්න හැදුවා ..මං අත් දෙකෙම්ම මගෙ යටි බඩ වැහුවා ..මොකද මං දන්නවා හාමු හදන්නෙ අද රෑ ගැන කියලා කෝපි මල් සුවද ගැන කියලා මාව පිස්සෙක් කරන්න  වෙනකොට මන් අත් දෙකෙම්ම ස්වර්න විමානෙට යන ද්වාරය හංග ගත්තා   ....

අ..අනේ...හාමු....ක්..කවුරු...හරි......ද්....ද්

මක්ක වෙනවද.....දැක්කා කියලා ම්ම්ම්...මගෙනෙ.......ඇරත්  .හාදුවක් තිබ්බයි කියලා ...කවුරුත් මට නඩු දාන්නද......මගෙනෙ....මැනිකෙව තලන්නෙ වාහෙ නම්...ආය මොනවද...ම්ම්ම්ම්.......ඉන්ධර් ඉරුගල්බණ්ඩාරගෙ ලමා තැනී උඹ......

අනේ දෙයි හාමුදුරුවනේ....තවත් නමක්.......!!!!

යටි බඩ පුරාවටම වැඩුන උඩු රැවුල හන්දම නිවන් යන්න ආව වගේ හැගීමක් දැනුන මං හරි අමාරුවෙන්  මගෙ කකුල් දෙක පූට්ටු කරන් ඉන්නකොට මන් බලාගන ඉන්ධර් කට කොටනින් හිනා වෙනවා.......මේ ක මහ අසාධරනයි ..ඉන්ධර් කරන්නෙ...මට අලුත් රැයක් ගැන ඉගි දෙන එක....

අනේ ඉන්ධර් උඹ හන්දා මට දැන් පිස්සු වගේ.........

හ්ම්ම්....දැන් ඇතිද ඔය උන්නා....

හ්ම්ම්............

අහක බලන් හිනා උන ඉන්ධර් හාමු ආයම මගෙ දිහා බැලුවා.....

නන්දට කියාපන්....රෑ බතට මං අද එහෙ එනවයි කියලා . ...

අනේ...හ්..හාමු...අපේ...ගෙදර

ම්ම්...ඇයි...නරකද ............වැඩි විස්තර මොකුත් එපා.........කාරි නෑ....මේ අත් වලින් කවනවා නම්....එක හොද්දයි බතයි උනත් ගිලින්ඩ මනාපයි මම..........

හ්ම්ම්ම්...

මන් බිම බලාගත්තා ........එක හොද්දයි බතයි උනත් මනාපයි කියනවට හූ මිටි තිබ්බ මං ඉනධර්ගෙ කමිසෙ බොත්තමක් කරකව කරකව උන්න මගෙ අතින් බොත්තම් පදාසයක්ම ගැලවිලා යනකොට මටත් නොදැනිම මගෙ කට උල් උනා.......

තියන හුරතලේ......මක්කද බලන්නෙ ම්ම්ම්......

ම්....ම්..මං....නෑ...මං..බැලුවෙ....නෑ හාමු.........

බැලුවත් කාරි නෑ...උඹගෙනෙ ම්ම්ම්......උඹ හරි සිරියාවන්තයි ඇසල.........මට ලෝබ කමෙ බෑ වෙලාවකට...........නන්දා මට දීලා තියෙන්නෙම....තනිකරම හුස්ම ගන්න මලක්මයි............මොන නැකතෙ එලියට ආවත් මොකද......උඹව නම් මවලා තියෙන්නෙම මට............මං එන්නම අද උඹගෙ පැලට.....ම්ම්....හද එලියයි....ලාම්පු එලියයි කියන්නෙත්   ....රේඛා උලුප්පලා පෙන්නන එලිම තමයි ඇසල........

වලාකුලක් ඇවිදින් හද වහගන්නකොට ..කහපාට ලාම්පු එලියට පුලුවන් ...මට  මං හොයන නිවනට පාර පෙන්නන්න........විනාඩියක් දෙකක් උනත්..මොකද.....ඒ විනාඩියට දෙකට.....නිවනට දුර හත් ගව්වක් වෙනකොට .........ම්ම්ම්

වලාකුලු අස්සෙ බාගෙට  හැංගුන හදයි.......කෝපි මල් සුවද ගුලි කරන් යන හුලන් අතට ගැස්සෙන දැල්ලයි  ඇව්දින් හුණු ගාපු බිත්තියෙ....උස් පහත් වෙන හෙවනැලි හරි ලස්සනට අදින බව දන්නකොට  ...උඹම කියපන් මැනික...මං ......උඹට වහ වැටෙන එක පුදුමයක්ද..........ම්ම්ම්.......

මගෙ ඇහල මල උඹ.........ලස්සනම කවියක් කියවන්න ආසනම්....මට දීපන්.....ලස්සනම රමනයක්......මට පුලුවන් හැමදාකම...පොත් අස්සෙ උඹ වෙනුවෙන් සෙල්ලිපි තරම් දුර කවි ලියන්න........උඹට තියෙන්නෙ  .හැම රෑකම නොමැරි මැරෙන්න ......උඩු රැවුල හන්දා යටි උගුරෙන් බෙරිහන් දෙන්න.........ම්ම්......
ඇහල මල් ඔය දැක්කා ඇති උඹගෙ මගෙ ආලිංගන.....අදට විතරක් අපි කෝපි මල්වලටත් පෙන්නමු....උන්ගෙ ඇසලට මේ  හාමුගෙ ආදරෙ තරම කොච්චරද  .....මනාප මල් උනත් උඹ හන්දා ඊරිසියාවෙ පැලෙනවා බලන්න........

දැන් තේරෙනවද මයෙ අම්මට.........මේ වයසක එකාගෙ සිල් බිදලා උඹ කරගත්තු මෝඩකමක තරම.....ම්ම්...කාරි නෑ..........මනාපයි....වයසට ගියා උනත්....මැනිකට වඩා මන් හයියයි...නන්දට කියපන්.....මං එනවයි කියලා තේරුනාද.....ම්ම්ම්.....

මන් උන්නෙ වෙන ලෝකෙක.....දෙන්න උත්තර මොකුත් නැතුව උන්න මන් අසරන වෙලා යන එන එමන් නැතුව ඉන්නකොට වාසනාවට වගේ මහ තැනව මතක් උනා......

බේබි හාමු......ලොකු මැනිකෙ කිව්වනෙ....ගෙදර යන්න එපාය කියලා ....හාමුගෙ බත් බදින්ඩ මැනිකෙට ඇහැරෙන්නෙ නෑය කියලා .....කූද්දන්ඩ මං ඉන්ඩ එපැයිනෙ......

හැබෑට........ඒ හන්දද උඹලා වෙලාව මහ පාන්දර තුනට තියන්ඩ ඇහුවා කියන්නෙ.....ම්ම්ම්..අනේ...අනේ........දග වැඩත් පටන් අරගන....ම්ම්ම්.....

මන් මගෙ මුන හංගගත්තා ....ඉන්ධර් දැනගන....මට දුවන්න හිතුනා........මෙච්චර වෙලාම කමිසෙ බොත්තමක් කරකව කරකව  උන්න මන් මූන හංගන් හොරා වගේ හොරාවට මන් බලාගන ඉන්ධර් හාමු හිනා වෙනවා....

කෝ මුන ඉස්සුවා නම්.....

අ..අනේ....හ්...ම්හුක්......හිතලා.....කෙරුවෙ ......නෑ....නේ...........ඉන්තර්.........👉👈

කෝ ඉතින්........මුන.....

එපානෙ........බ්...බේබි...හාමු....මනාප....නෑනෙ.......ඇරත්...මං හිතලා කෙරුවෙ නෑනෙ....

ම්ම්.....ඇත්තට.......හිතලා නෙවෙද කෙරුවෙ.......නොදරුවා මගෙ...... තියන හුරතලේ මේකගෙ......චන්ඩ කම් කරන්ඩ හොදයි.....මම ඩිංගක් හුරතල් කෙරුවම බොරු අමනාපෙ....කපටි කොලුවෙක් වෙලා උඹ.....කවදා ඉදන්ද මගෙ පන මෙ දග වැඩ ඉගන ගත්තෙ ම්ම්ම්........

කාරි නෑ.......දගලපන්...මන් ඉතින් වෙලාවකට මගෙ අම්මට  අප්පච්චි කෙනෙක්කුත් වගේනෙ ම්ම්.......හැබැයි ඉතින් ආය ඔය චන්ඩ වැඩ කරලා මහ අම්මන්ඩිගෙන් බැනුම් අහන් අඩාගන මාව හොයන් එනවා නෙවෙ....ම්ම්ම්.....ඒත් මනාපයි......උඹ ඔහොම දග වෙනවට.....ඇදේදි.....මාව පිස්සු වට්ටපන්.........එලියෙදි නොදරුවෙක් වෙයන්.....එතකොට මට පුලුවන් මගෙ මලට පිපිරෙන්න ආදරේ කරන්න......තේරුනාද.......කෝ......දැන් එහෙනම් අහකට යමං...අද රාජකාරි බෝමයි ඇසල.......

මන් ආපහු ශීට් එකට ගියා.....තරාහා වෙලා  ආව මං දැන්  උන්නෙ  උතුරන සතුටකින් වෙනකොට හාමු දාල තිබුම අධිමාත්‍රාවක් එක්ක මං මගෙ ලෝකෙක තනි උනා.....ඒකත්....හාමුගෙ ආදරෙ පිටාර ගලන වෙලාවක.......





පොඩි හාමු....

ම්න්.....අප්පු උන්නැහැ.......කෝ....පොල් කඩන්ඩ  උන් ආවද.....?

එහෙමයි අපෙ හාමු.........

එතකොට ලියන මහත්තයා .......මෝලෙ ඉදන් තාම ආවෙ නෑ??

නෑනෙ හාමු.......අපිත් මේ බලන් ඉන්නෙ....

මෝලෙ ඉදන් හැට වංගියක් එන්ඩ වෙලානෙ.....ආ අප්පු හාමු.........

..............

ම්ම්..කාරි නෑ..කියාපන් මේ පාර මුරේ කියද....උඹලා පොතේ ලියාපු ගාන කීයද?


මම උන්නෙ ඈත තියන වෙල් යාය දිහා බලාගන...මෙතන ඉදන් හතර දිග් බාගෙම ඉරුගල්බන්ඩාර වලවේ........

සැරින් සැරේ එන හුලගයි...ගන සැරේට හැදුන ගහකොලන් එක්ක එන හෙවනයි නිසා ගිනි පූටකේට සිද්ද උනා කරබාගන ඉන්ඩ........

මාත් එක්ක ආව ඉන්ධර් හාමුව දැක්කා විතරයි එතන උන්න සමහරක් තක්කු මුක්කු වෙලා යනකොට ඉන්ධර් අර පුරුදු අහන්කාර ගමනින්ම  ගිහින් අප්පුවා ගාවින් හිටගන දුම් පයිප්පයක් අව්ලවන් කඩාපු පොල් ගැන අහ අහ ප්‍රශ්න කරනකොට මන් බලාගන අප්පුවා හිර ගල් ඇහිදිනවා...........

අනිවාර්යයෙන්ම මේකලා අර ලියන එකා එක්ක එකතු වෙලා හොර වැඩ කරනවා වගේ......

බේබි හාමුට වෑවරයක් දෙන්ඩද......

හ්ම්....කපාපන්කො වෑවරයක්.....ඒකට කලියෙන් කියාපන් අද මුරේ කියද....තේරුන ඒවා කීයද...කලටි කීයද...කියලා ......ලියන මහත්තයා ගනන් මිමි ලියන්ඩ ආවද......අප්පුවා....අප්පච්චි නෑවිදින් මං ආවෙ උඹලගෙ බොරු අහන්ඩ නෙවෙ......ධර්මේන්ද්‍රන් හාමුගෙ කනෙන් රිංගුවට මගෙ කනෙන් රිංගන්ඩ බෑ....කලින් මූරෙ ගුනයක් දෙගුනයක් මේ මුරෙ........හ්ම් හ්ම්...කියාපන්....කියාපන්......උඹලා පුරුදු වෙන්ඩ ඉරුගල්බන්ඩාරලාට පොල් කඩනවා නෙවෙනෙ....ම්ම්ම්.......

අනේ හාමු.......ඔව්වා ඔක්කොම බැලුවෙ ලියන මහත්තයා ..........මේවල ගනන් මිමි දන්නෙ ඒ මහත්තයා .......

ඒකත් එහෙමද....ගැනපන් ඔක්කොම ගෙඩි මුලක  ඉදන්...........

බේබි...හාමු...අනෙ...කරත්ත කීයක් නම් පටවලා ඉවරද......

හරි    ....අප්පු උන්නැහට බැරි නම් මම ගනින්නම්......අහකට වෙයන්...

මං බලාගන උන්නා........තරහෙන් වහෙ උන්න ඉන්ධර්  ඇදන් උන්න සරම කැහැපට ගහගන්නව එක්කම අප්පුවා කොදු කඩාගන අනේ හාමු ගානකොට වෑවරයක් කපන් ආව එකෙක් අත් දෙකෙම්ම වෑවරේ ඉන්ධර්ට දුන්නා.....

තව එකක් කපාපන්....

තව එකක්......

මං උන්නෙ ඈතින්.......එතන උන්න එකා ඈතින් උන්න මා දිහා බලලා හාමු දිහා බැලුවා  හරියටම වලව්වෙ බත් තම්බන එකීගෙ එකාටත් අපිද කපන්නෙ වගේ බැල්මකින්......

හාමු....තව වෑවරයක් ඉල්ලුවෙ...අර නන්දගෙ කොල්ලටද....??කොල්ලා  වර මෙහාට මේක කපාගනින්.........

.................??

ඉන්ධර්ගෙ ඇස් දෙක හීනි උනා....අනේ දෙයියනේ...මේ මිනිස්සු දන්නෙ නෑනෙ ඉතින්...........

පැත්තක උන්න මං ඉක්මන් අඩි තියන ගමන් ඉන්ධර් ගාවට ගියත් මට වචනයක් කතා කරන්ඩ නොදීම ඉන්ධර් හාමු මාව එතනම අලුවෙන බැල්මක් දැම්මා විතරයි මට වැදි බාසාවෙන් කතා කරපු අප්පුවා ගැන මට කතා කඑඅන්න අයිතියක් නැති උනා.....

නන්දගෙ කොල්ලා....?ආ අප්පු උන්නැහැ...උඹට මේකව පේන්නෙ වැද්දෙක් වගේද.....ආ....?උඹටම මං අප්පුවා නොකියා අපොඋ උන්නැහැ කියනවා......මේ කොලුවට වර පල කියනවා....

අනේ....බේබි හාමු.......මූට ඉතින් පුරුදු බාසාවනෙ......ඇරත්...මේකා..වලව්වෙ ඉදුලනෙ.........ඉතින්...ගරු නම්බු

අප්පුවා.....!!!!ඒ ඉස්සර......නන්දගෙ කොල්ලා......තොපි නොදන්න හන්දා අදට සමාව දෙනවා....

.අනේ..බ්..බේබි හාමු....අප්පු සීයා....

මං අතේ එල්ලුනා....උන් හැමෝම දන්නවා...වලව්වෙ ඉදුලා අපි කියලා ....ඉන්ධර් හාමු පපුවෙ තියන් ආදරේ දුන්නත්...උන්ට මං පුරුදු ඉදුලම වෙනකොට මං හාමුගෙ අත් ගොබෙන් ඇල්ලුවා විතරයි අතේ තිබුන වෑවරෙව් ආපිට අප්පුවගෙ අතට තද කරපු ඉන්ධර් මටත් එක්ක ගිගිරුවා.......

අපෙ මැනිකෙ පැත්තකට උනා නම්......උඹගෙ වාහෙ ඉස්සරහ මොකාද බොල වැදි බාසාවෙන් කතා කරන්ඩ එඩිතර උනෙ............අහගනියව්....මෙතන ඇති නන්දගෙ කොල්ලෙක්වත්... ඉදුලෙක් වත් නෑ බොලව්......ඇසල කියන්නෙ වදාපු අම්මා දාපු නම......මොකාද ඉදුලා...ආ අප්පුවා???මොකාද බොල ඉදුලා....අප්පු සීයා කියලා කට පුරාවටම කතා කරනකොට ඉදුලා කියන්නෙ....?

අනේ..හාන්දුරුවනෙ..........එහෙම දෙයක් නෙවෙ......

එහෙම දෙයක් නෙවෙ නම්..කොහොම දෙයක්ද......නොදන්න කමට ගැරහුවට අදට සමාව දෙනවා......නොදන්න උන් අහගනියව්...මේ ඉන්නෙ වලව්වෙ පොඩි මැනිකෙ.....ඉන්ධර් ඉරුගල්බන්ඩාර ගෙ මැනිකෙ.........ඉරුගල්බන්ඩාර වලව්වෙ අනාගත මැනිකෙ....

.හ්....හාමු...මහත්තයා...මේකා....මේ.....න.....ඇසල....කො....

මේ ඉන්නෙ මගෙ මැනිකෙ බොලව්!මැනිකෙ කියන්ඩ තොපිට මදි කමක් නම්....ඇසල කියාපියව්..........

මං බිම බලාගන උන්නා...එක පැත්තකින් සරම උස්සන් ඇගිල්ලක් උරුක් කරන් එතන උන්න මිනිස්සු දුසිම් දෙක තුනට විතරක් නෙවෙ....මුලු පොල් අක්කර දහය දොලහටම ඇහෙන්ඩ කෑ ගහපු ඉන්ධර් හාමු අප්පුවව අලු කරන්ඩ හදලා මගෙ දිහා බැලුවා..........හරියටම ....උඹ මගෙ මැනිකෙ මිසක් ඉදුලෙක් නෙවෙ කියන්ඩ වගෙ වෙනකොට බය බීරන්ත උන අප්පුවා වෙව්ල වෙව්ල තවත් වෑවරයක් කපන් ඇවිත් අත් දෙකෙම්ම දෙනකොට මේ සත්කාර පුරුදු නැති මං හරි අසරන විදිහට ඉන්ධර් දිහා බලනකොට ඉන්ධර් ආයම රැව්වා....


මන් හිතන්නෙ අපෙ මැනිකෙගෙත් අත්දෙක නෑ වගෙ දැන් වලවේ වගෙ උකුලෙ තියන් පොවන්ඩ හුරතල් කරන්ඩ බෑ.....හ්ම් හ්ම්.........ඕක අර ගත්තා නම්.......!






....















🌼.ඔව්...අරන් බීපන් ඇසල.....ලමාතැනි වෙන්ඩ එනවා මෙතන.....


🌼වෑවරයක් වත් දීපල්ල මටත්....😩😩

ආයම එනකන්....පයිස්සමින් ඉන්ඩෝ....

ආතරෙයි.....ලමාතැනීලා.ටිකටයි......ලමා තැනීගෙ පුරුස නාම පද දෙක තුනටයි.....🤭🤭🤭💛❤❤


මම ජොබී.....




Nedeesha ....

Continue Reading

You'll Also Like

480K 40.8K 33
ရိုးရိုးအချစ်ဇာတ်လမ်းလေးတစ်ပုဒ်ပါပဲ
338K 35.3K 173
English Name: After Retiring from Marriage, I became the Favorite of a Powerful Minister Associated Names: 退婚后我成了权臣心尖宠 Chinese Author: Lan Bai Ge Ji ...
1.2M 64.4K 51
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
3K 650 5
ඒ පිපිරුවේ , බොයිලේරුව ද ? නැත්තන් මගේ කන් අඩිද ? එහෙමත් නැත්තන් ඒ අළු ඇස් දෙකේ හිර වෙලා තිබ්බ මගේ හදවත ද ? - සයිවර් කඩේ -